09 February, 2014
ෆාමසියේ නංගි කෙල්ල……!!!
මම කලින් වැඩ කරපු ආයතනයෙ වෙච්ච පොඩි කතාවක් ලියලා දාන්න හිතුනා. එතන හිටපු මට අදටත් මතක් වෙත්දිත් හිනා ගියාට මේක කියවලා හිනා ගියේ නෑ කියලා මට බනින්නෙ එහෙම නෑ ඕන්.
ඔන්න එකෝමත් එක රටක නෙමේ ලංකාවෙම තමා. මීට අවුරුදු කිහිපයකට කලින් ප්‍රියා රැකියාව කලා නොවැ තත්ව සහතික නිකුත් කරන ආයතනයක. ඉතින් කලිනුත් කියලා තියෙනවා වගේ මගේ පින්මහිමය ප්‍රභල නිසාම මට කරගහන්න උනේම නයිටට. (නයිට යනු රාත්‍රී සේවය මිස නයිටිය නොවේය. හිකස්…) හැබැයි ඉතින් නයිට නිසාම අර සාය යටින් අත් දාලා ෆොටෝ ගහන එක වගේ අත්දැකීමුත් ලැබුවා නොවැ.
වටේ ගියා ඇති දැන් කතාවට එමුකො. මම ඔය කලිනුත් කතා දෙක තුනකම කියපු අර මහබාගෙ කිට්ටු ආයතනයෙ වැඩ කරපු රාත්‍රියක්. ඒකෙ රාත්‍රි සේවය කරත්දි මුරකරුවන්, නිශ්පාදන සේවකයින් හැරුනම ආයතනයෙ සුපවයිසර්වරු දෙදෙනෙක්, ආයතනික තත්ව පරීක්ෂකවරයෙක් සමග තමා මට වැඩ කරන්න වෙන්නෙ. ඔන්න ඉතින් අදාල දවසෙ වැඩ කරපු නසරානියො ටික කියනවා නම් එක සුපර්වයිසර් වරයෙක් අවුරුදු 35ක විතර ඔය පැත්තෙම එකෙක් අපි මෑන්ට සුනිමල් කියමු. අනෙක් සුපර්වයිසර් අවුරුදු 21ක විතර පොළොන්නරුව පැත්තෙ කොල්ලෙක් ඌට ජගත් කියමුකො. තත්ව පරීක්ෂක පෑලියගොඩ පැත්තෙ බුවෙක්. අර දරුවා මගෙ නොවෙද? කතාවෙ කසුන්ම තමා. අපි මෑන්ට කසුන් කියලම කියමු.
ඔය රාත්‍රී සේවය කරත්දි අපේ පුරුද්දක් තිබුනා සල්ලි දාලා කඩෙන් රෑ 8.30ට විතර කොත්තු, රයිස් එහෙම ගෙනත් තියන් ඉදලා යක්කු ගස් නගින වෙලාවට යක්කුත් එක්ක බෙදාගෙන කනවා. (ගෙදරින් ගෙනියන කෑමට අතරව) බඩජහරි කමට නෙමේ බොලවු බඩගින්නට… බඩගින්නට…
ඔය කඩේ යන වැඩේට හැමදාම වගේ සෙට්වෙන්නෙ ජගත් තමා මොකද ඌට බයික් එකක් නැති නිසා මෑන් හරි ආසයි බයික් පදින්න. කොල්ලාගෙ ආසාවනෙ කියලා අපිත් ඌටම වැඩේ භාර දීලා ශේප් වෙනවා.
ඔන්න ඔය කියපු දවසෙ සල්ලිත් අරන් යන්න ලෑස්ති වෙත්දිම කසුන් කොලයක් කුරුටු ගාලා මුගේ අතට දුන්නා.
"ජගත්, මේ බෙහෙත එන ගමන් ෆාමසියෙන් ගෙනෙන්. ඉන්න බෑ උදේ ඉදන් බඩ රිදෙනවා බං.…"
"පිස්සුද බං? මේ වෙලාවට කොහෙද ෆාමසි? අනික ඩොකෙක් සයින් නොකර බෙහෙත් දෙනවද බං?"
"පිස්සු කෙළින්න එපා යකෝ. අර ****යට එහා පැත්තෙ ෆාමසිය රෑ නමය වෙනකම් ඇරලා. අනික ඒකෙ චිට් එක අවුලක් නෑ."
"කෝ… දියන් එහෙනම්…"
ජගතා ඉතින් සල්ලියි චිට් එකයි අරන් ඉගිලුනා. මෙච්චර වෙලාවක් බඩ අල්ලන් ශිල්ප පෙන්නපු කසුන් මෙන්න මෙලෝ ගානක් නැතුව අපි දෙන්නත් එක්ක හිනා වෙවී කතාව. මූට ඉහෙන් බහින රෝගයක් නෑ කියලා තේරුනත් අපිටත් ගානක් උනේ නෑ.
කොහොම හරි විනාඩි විස්සකින් විතර ජගත් ආයෙ එනවා ඈත තියා දැකපු ගමන්ම කසුන් ආයෙ බඩ අල්ල ගත්තා.
"හම්මේ ඉන්න බෑ බං.… මම යනවා… මම යනවා…" මූ වැසිකිළිය පැත්තට දිවුවෙ අඩියට දෙකට. ඒත් එක්කම ජගතුත් එතනට ආවා. ඒත් උගෙ මූණ දැකපු ගමන් අපට තේරුනා මොකක් හරි අවුලක් බව.
"කෝ අරූ?……"
"ඌ අමාරු වෙලා ටොයිලට් එකට දිවුවා බං."
"ඕකා ආපුදෙන්කො ගලාආඳා. ඕකෙ පදිංචි වෙන්න නෙමේනෙ."
"තොට මොන යකෙක් වැහිලද යකෝ ඌව මරන් කන්න හදන්නෙ?"
"ඕකාද? ඕකා කරපු සක්කිලි වැඩේ උඹලා දෙන්නා දන්නෑ."
අනේ ඉතින් එතන ඉදන් දිග හැරෙන්නෙ ජගත්ගෙ වචන වලින්ම උගේ කඳුලු කතාවයි. හිකස්…
………………………………………
""""මම ගිහින් චිට් එක දුන්නා ෆාමසියෙ නංගි කෑල්ලට. ඒකි නිකන් අප්‍රසන්න බැල්මක් දාලා
"සොරි, මේ බ්‍රෑන්ඩ් එක නෑ. වෙන එකක් දෙන්නද" ඇහුවා බිම බලාගෙනම. මාත් ගොනා වගේ කිවුවා
"එපා නංගි දැන්නම් ටොයිලට් එකට යනවා එනවා විතරයි. ඔය වෙනස් ඒවා බීලා ටොයිලට් එකේ නතර වෙලාම ඉන්න වෙයි" කියලා හිනා වෙලාම. මෙන්න මේකි කටත් ඇරන් මයෙ දිහා බලා ඉදලා ගස්සගෙන ඇතුලට ගියා. ගිහින් එක්කගෙන ආවා හෙන දාර සයිස් බුවෙක් මූත් ඇහුවා මගෙ වෙන බ්‍රෑන්ඩ් එකක් දෙන්නද කියලා
"එපා අයියෙ, බඩේඅමාරුව මදිවට තව ලෙඩක් හැදුනොත්?"
"මල්ලි, මේ බෙහෙත කාටද?"
"මයෙ යහළුවෙක්ට. ඌට හොදටම බඩේ අමාරුව." කියපු ගමන් උන් දෙන්නා හැක හැක ගගා හිනා වෙන්න තියා ගත්තා. ඒ නංගි කෑල්ල හිනා වෙන ගමන් මහ කින්ඩි බැල්මක් දාලා ඇතුලට ගියා. ඊට පස්සෙ අරූ තමා මාට මේ රෙද්දෙ විස්තරේ කියලා දුන්නෙ.
යකො මට වෙච්ච ලැජ්ජාව…මට පොලොව පලන් යන්න හිතුනා බං… උන් දෙන්නා මම මුකුත් නොදන්න බබෙක්ගෙ ගානට දාලා හැසුරුනේ.
අර මූසලයා ආපුදෙන්කො එළියට……""""
………………………………………
ු
උගේ ඇඬියාව ඉවරවෙලත් මෑන් තාමත් දත්මිටි කනවා. අපි දෙන්නට කතාව තාමත් ග්‍රීක් වගේ මෙලෝ හසරක් තේරෙන්නෑ.
"කෝ දියන් බලන්න ඔය රෙද්ද……" මම උගෙ අතේ තිබ්බ චිට් එක උදුරන් බලත්දිම සුනිමලුත් ඒකට එබුනා. අන්න එතකොට තමා තොරණෙ කතන්දරේ අපි දෙන්නට පෙනුනෙ. හි… හි… ඒ චිට් එකේ ලියලා තිබුනෙ……………
// CUP** //
ප.ලි. ~~ කසුන් ලියා දී ඇත්තේ සුප්‍රසිද්ධ 'ලිංගික උත්තේජක ඕෂධයකි'. (එම ඕෂධයට ප්‍රචාරණයක් ලබාදීමේ අකමැත්ත නිසාම එහි නමේ කොටසක් පමණක් සඳහන් කරමි. -- දන්නෝ දනිති.)
ප.ප.ලි. ~~ කසුන් දරුවා මගෙ නොවෙද? කතාවටත් සම්බන්ද නිසාම ඔහුගේ අනන්‍යතාවය සැඟවීමේ අරමුණෙන් මා හැර අන් සියළු චරිත වල අනන්‍යතාවය සැඟවීමට සිදුවූ බව කරුණාවෙන් සළකන්න.
(පින්තූරයට ස්තූතිය……
http://www.healthenclave.com)
© ප්‍රියා.
Subscribe to:
Post Comments (Atom)
අනිව ඔය ජගත් කියල නම දාල කිව්වෙ උබට උනු වැඩක් :D
ReplyDeletecup** දාල මොනා හංගන්ඩද බන් කෙලින්ම cupid කිව්වනම් ඉවරනෙ, ඕක නොදන්න උන්යෑ මේකෙ ඉන්නෙ, අනික නොදන්න එකෙක් හිටියොත් ඌ ඉගෙනවත් ගනිනෙ :D
තෝ ******ගහන්න පෙර ගිලින්නේත් ඒවාද පොඩි කොල්ලෝ...?
Delete@ සසිඳු ~ අනෙ පලයන් බන් යන්න. :-D අපිත් ඕවා පාවිච්චි නොකලට දන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදන් හරිද?
Delete@ කෙන්ජි අයියා ~ අනේ හප්පේ **** ගහන්නත් ඕවා පාවිච්චි කරනවද මූ? :-o
Deleteහිටු සසිඳු. :-D
කෙන්ජයිය තමා ඕව පාවිච්චි කරන්නෙ දැන්... කොල්ල කාලෙ මල්ලියට දසවද දිල වයසට ගිහින් පවර් බැස්සම ඕව තමා පාවිච්චි කරන්නෙ කෙන්ජයිය :P
Delete@ප්‍රියා මන් ඕව පාවිච්චියක් නෑ බන් දෙයියන්ගෙ පිහිටෙන් තාම යස අගේට වැඩ කරනවා :D
දෙයියනේ කියලා ඕක වැඩ කොරනවා නම් ඇති. පළ ප්‍රොයෝජන ගනින් ඕකෙන් :-D
Deleteහෙහ් හෙහ් :D
Deleteහෙ… හෙ… :-D උඹට හරි හිනා.
Deleteනැතුව නැතුව :P
Deleteඑහෙනම් අවුලක් නෑ දෙයියනේ කියලා හිනා වෙයන් හි… හි… :-D
Deleteහෙහ්....හෙහ්....ලාබෙට තිබුනේ කියුපිඩ් නේද බන්....
ReplyDeleteඕවා එක වරට බොන්න ඕන පෙති දෙකයිනේ ...
මුහුදු තිරේ කොල්ලෝ ගංජා/ඇල්කොහොල් පාව්විච්චි කොරල ඔය පෙති හතර පහ ගහල සුද්දියන්ට ආතල් දෙන්න ගොහින් බඩ උඩ මැරිලා තියෙනවද මල්ලියෝ...
ඒ නිව්ස් කවදාවත් වාර්තාවෙලා තියෙනවා මම දැකල නැහැ.
සිරාවට එහෙමත් වෙලා තියෙනවද අයියෙ??
Deleteදෙකක් බොන්න ඕන තැන හතරක් බිවුවම?? සුද්දිත් මලාද දන්නෑ. හි… හි… :-D
අඩේ ජෝක් නෙමේ බන් එකෙක් 3ක් බීල මැරුන සීන් එකක් මන් අහල තියනවා..
Deleteකොහොමත් මම නම් විශ්වාස කරන විදියට ඕවයෙ අතුරු ආබාධ වැඩීයි බන්.
Deleteඕක වාජීකරණ ඹෞෂධයකුත් නෙමේලු බන්, බ්ලඩ් ප්‍රෙෂර් අඩුඅයට දෙන එකක්ලුනෙ :D
Deleteනෑ. සිරාවට ඔය කතාව ඇහුවෙ අදමයි. කොහොමත් අපේ මිනිස්සු එහෙමනෙ බන්. කොරෙක්ස් D විතරක් නෙමේ ජෙල් පවා මත් වෙන්න භාවිතා කල උදවියනේ.
Deleteබ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙන්න දෙන එකක් හින්දයි වැඩිය ගත්ත ගමන් කූරිය ගහන්නෙ ප්‍රෙෂර් වැඩි වෙලා :D
Deleteඒ ජෙල් කෑවම මැරෙනවනෙ බන් :O
ඒකත් එල ප්‍රෙශර් එකෙන්ම මිය යාම.
Deleteඔව් බන් ජෙල් කන උන් ඉන්නවා. කොච්චර ගොන්නුද කියනවානම් 'ඇල්කොහොල් ෆ්‍රී' කියලා ගහලා තියෙන ඕන මඟුලක් කයි බොයි. ඇයි දන්නවනෙ එහෙම විශේෂෙන් දාන්නෙ බඩු තියෙන ඒවායෙම බව. :-D
එහෙම මෝඩ මිනිස්සුනෙ බන් ලංකාවෙත් ඉන්නෙ :D
Deleteඅයේත් අහලා. :-D
Deleteලංකාවේ නම් මත් වෙන්න ජාති තිබිලත් මුන් ජරාව බොනවා..
Deleteබොහෝ ඉස්සර ඕමාන්වල ඕඩිකොලොන් බිව්වා, ශූ පොලිශ් ඉන්හේල් කරා, නිවියා ක්‍රීම් කෑවා. උන්ට මත්වෙන්න දේවල් තිබුනේ නැහැ. තව ජාති සහ ක්‍රම කීපයක් තිබුනා.මුන් වෙනුවෙන් බොන්නම ඕඩිකොලෝන් වර්ග හැදුවා ඉන්දියාව වගේ රටවල්. ඒවා සාමන්‍ය ඕඩිකොලොන් විදිහට ශේප් එකේ ආවා. පස්සේ එන්න එන්නම මේක ලොකු වාතයක් වුනා. ඇස්වල කළු ඉංගිරියාව සුදු පැහැයක් ගෙන ඇස් නොපෙනී යාමේ රෝගීන් බහුල වුනා. ඉන් පසු හෙමින් හෙමින් මත්පැන් නීති ලිහිල්වුනා. දැන් තත්වය කොහොමද දන්නේ නැහැ.
නීතී මගින් හැම දේමා පාලනය කල නොහැකියි. තහනම යනු මම දකින විදියට නම් ඒදේ තවත් ප්‍රචලිත කිරීමක්.
Deleteඔයා කිවුවම මතක් උනේ අරූ අයියෙ. මෙහෙත් කස්ටිය ඉන්නවා ඕඩිකොලොනුත් බොන.
:-D
ReplyDeleteඅක්කෙ මොකද බන් ඇස් ගහන්නෙ? :D
ReplyDeleteඅනංගයාගේ ඊතලේ වදින්න කලින් ඉදන්මනේ කොල්ලෝ අනංගයාගේ පෙත්ත ගැන දන්නේ..ප්‍රසිද්ධ පෙත්ත..
ReplyDeleteපුලුවන් වෙලාවක ඇවිත් යන්න...http://driverkolla78.blogspot.com/
හප්පේ ඔව්, අපිත් ඕක ගැන දැන ගත්තෙ ඉස්කෝලෙ යන කාලෙමයි. ;-)
Deleteඅනිවාර්යෙන් එනවා ඔය පැත්තෙ.
චිට් එක බලන්නේ නැතුව ෆාමසියට දුන්නට හොද වැඩේ.....පජාත යාළුවෙක්නේ....හෙහ්...හෙහ්....
ReplyDeleteනෑ ශානු, ඌ චිට් එක බැලුවත් දන්නෑ. මේක ඒ බෙහෙත්ක් කියලා. පජාතයි කියන්නෙ අජූතයි අෆ්ෆා.
Delete@ සසිඳු බලන් හිටින් උත්තර දෙයි බොට.
ReplyDeleteමාර නෝන්ඩිය නේ උබට උනේ.. ඉතින් ඊට පස්සේ මොකෑ කලේ.. මලක් වත් ගැහුවද...?
ReplyDeleteහයියූ නෑ නෑ. මාතලන් අයියෙ මට නෙමේ උනේ. ශුවර්
Deleteමොකෑ බං මේ කෙල්ලෝ වගේ හයියූ ගාන්නේ..
Deleteමන්ම කින්ඩියට දාපු එක මටම කින්ඩියක් වෙනකොට කියවෙන වචන නොවැ මාතලන් අයියෙ. ගනන් ගන්න එපා.
Deleteහි හි පවු ඉදගෙන හූ ඈ
Deleteඒ ගමන මෙයත් මෙතන අපිට කින්ඩි දානවා 'ඉඳගෙන' :-P
Deleteහපොයි දෙයියනේ.ටොයිලට් එකට ගිය මහත්තයට ඇත්තටම බඩ යන්න දෙයක් මිනිහා කලේ නැද්ද??
ReplyDeleteඔව් බං මල්ලි ඌ එලියට ආවෙත් සෑහෙන්න වෙලාවකින් පස්සෙ. ගුටි නොකා බේරුනේ අපි නිසා.
Deleteඋබ පරිස්සමෙන් ඈ :P
ReplyDeleteලොවෙත් නෑ .හැබැයි මෙලෝහසරක් නොදන්නා ලාමක ටින් ටින් ඩයල් වලට ඔහොම ගේමක් දෙන්න ඕන එටකොට තම මොලේ පැදෙන්නේ සාමාන්‍ය දැනීම ගැන..
ReplyDeleteහි… හි… ඔව් ඔව් ඌට අපි දෙන්නා අල්ලන් එදා රෑ සම්පූර්ණ අධ්‍යාපනය ලබා දුන්නා. නියමෙට.
Deleteමාව බේර ගන්න උඹ ඉන්නවනෙ. හි… :-D
ReplyDeleteමේ කතාවේ උඹ බඩේ අමාරුව හැදිච්ච එකාද ..නැත්තං කඩේ ගිය එකාද?
ReplyDeleteකඩේ ගිය එකා තමා මූ :D
Delete@ ඉවාන් ~ නෑ නෑ බං. මම නියෝජනය කලේ තුන් වෙනි පාර්ශවය.
Delete@ සසිඳු ~ ඔහොම මඩ ගහන්න එපා බොල. එන ආත්මෙ උඹ මඩ බෝලයක් වෙයි. (අපිව බලලා හැදිය. :-D )
Deleteඋබලව බලල හැදුනොත් මාත් තව අවුරුදු 2කින් තාත්තෙක් ;)
Deleteහි… හි… ඒක තමා බොල බලලා හැදියන් අපිව. :-D :-D
Deleteහි...හි....හාකෝ...හාකෝ... :D
Deleteඅන්න එහෙමනෙ ඉන්න ඕන. හි… :-D
Deleteමන් නෑ ඔව්වට :D
ReplyDeleteඑහෙනම් ඉතින් මාත් නෑ ඕන්. :-D
ReplyDeleteමෙහෙව් යාළුවෝ ජාති ජාති වාසනාවන්...........
ReplyDeleteනැතුව නැතුව. ජාති ජාතිත් පතන්න වටිනවා.
Deleteආපහු ඉතිං ජගත් ඒ පාමසියෙ පස් පාගන්න නැතුව ඇති අසනීප වෙලා මේ දැන් මැරෙනවා කිව්වත් නේද.
ReplyDeleteඅපෝ ඔව් හැලප අයියෙ, ඊට පස්සෙ ඌට ෆාමසිය කියන වචනෙ ඇහෙත්දිත් මල පයිනවා.
Deleteෆාමසියේ නංගි හරි ලජ්ජාකාරියෙක් වගේ නේ?
ReplyDeleteඔව් තරි, එයා හරියට ලැජ්ජ වෙලා තිබුනේ…… එක්කෝ ඕන්නෑ. හි…… :-D
Deleteලැජ්ජා හිතෙන්නේ නැතිව තියෙයිද, කඩේ ගිය එකා කියනකොට "මේ පෙත්ත බිව්වොත් ඌ බාත් රූම් එකටම වෙලා ඉදියි" කියලා
Deleteකියවන්න ආස විදිහට ලියලා තියෙනවා..චතුරංග මල්ලියේ
@ Alban ~ ස්තූතියි අයියෙ. හි… ඒ ගෑණු ළමයා හිතන්න ඇති මූ හස්ත කර්මාන්තෙ යෙදෙන්න තමා මේක ඉල්ලන්නෙ කියලා. :-D
Deleteඑදා රෑ කොත්තු කෑවද ???????????
ReplyDeleteආයෙත් අහලා. මට ගෑවිච්ච එකෙක්වත් මොන ප්‍රශ්ණෙ උනත් කෑමත් එක්කනම් තරහා වෙන්නෑ. :-D
Deleteඅය්යෙ වෙන බ්‍රෑන්ඩ් එකක් දෙන්නද...
ReplyDeleteහිහි හුහු... පව් යකෝ අර ටිං ටිං...
අර ගල් ආද ගුටි කෑව නං තමා සුපිරි ආතල් එක...
මං හිතන්නෙ දැං නං ඒ බුවා මොකක් හරි ගේන්න කියල දෙනකොට හොදට හොයල බලනව ඇති නේ...
වෙන එකක් දෙන්නද කියලා ඇහුවම පඬියා නොවී ගෙනාවානම් මේක චාටර් වෙන්නෑ.
Deleteදැන් නම් උගෙ තත්වෙ කොහොමද දන්නෑ. අවුරුදු 4කින් විතර ඌව දැක්කෙවත් නෑ.
මට නම් කතාව මුල හරියෙම තෙරුණා ,අර මනුස්සයා පවු ,අර කෙල්ල ඉස්සරා නිකන් පිචං වෙලා යන්න ඇති ...අයියෝ උගේ මුණ කොහොම තියෙන්න ඇති ද ??මල+ලැජ්ජාව අයියෝ හිතා ගන්නවත් බෑ .......ලියපු කතා එක්ක වෙනස් කතාවක්.... එල
ReplyDeleteඔව් බං ඌ අර ෆාමසියෙඋන සීන් එක අපිට කිවුවෙ සිරාවටම අඬන ටෝන් එකකින්. මට තවමත් හිනා යන්නෙ ඌ ඒක කියපු විදියට තමා.
Deleteසීරියස් කතාම ලියලා හරියන්නෑ පොඩ්ඩක් ගත්ත ෆන් එකක් ගැනත් ලියන්න හිතුනා. ;-)
ඒ මනුස්සයට තමයි දැන් මේ ඔයා කීවේ මල්ලි පව් නේද ;)
Delete@ ඔමා ~ පවුදත් අහනවා. දැන්නම් ඇඬෙන්න වගේ. දුකේ බෑ.
Deleteසසිඳු මෙන්න මෙයා මෙතනත් ඇස් ගහලා බං. හි… හි… :-D
කඩේට ගිහිල්ල තෙත්තියං ඉල්ලුව වගේ!
ReplyDeleteඒ මොකක්ද රාජ් අයියෙ ඒ කතාව?
Deleteඒකනම් මම දන්නෙත් නෑ
තෙත්තියන් කියන්නේ කියතට පන පොවන විදිහ
Deleteස්තූතියි මධූ සිරාවට මම ඒක දැනන් හිටියෙ නෑ.
Deleteහික්ස් :)
ReplyDeleteඒකා හොඳට බයිට් වෙලා.....
පාමසියේ කට්ටිය හිතන්ඩ ඇති මූ අත මරන්ඩ තමා මේ බෙහෙත් හොයන්නේ කියලා. හෙහ් !
ඔව් බන් ඒකනේ අර කෙල්ල මූ දිහා පුදුම වෙලා බලා ඉදලා අර පොරව ඇතුලෙන් එක්කන් ඇවිත් තියෙන්නෙත්. හි… හි… :-)
Deleteඅපිත් ඉස්සර සමහර ටියුබ්ලයිට් වලට ඔහොම අණ්ඩරදෙනවා. සමහරු ඉල්ලං කන්නේ.
ReplyDeleteමූත් තනිකරම ඉල්ලන් කෑවෙ ඩූඩ් අයියෙ. හැබැයි එදා රෑ අපි ඌට නිසි අධ්‍යාපනය ලබා දුන්නා මදි නොකියන්න. හි… :-D
Deleteපව් අසරණ කොල්ලන්ට ඔහොම කොරනවද මන් අහන්නෙ..?
ReplyDeleteඒක තමා බං ඇත්තට මේවා සහාගහන අපරාධ. හි… හි… ඇත්තටම ඌ අහිංසක ඩයල් එකක් තමා බං. :-D
Deleteඋබට පොලු තියාපු එකාගේ නම පටන්ගන්නේ d අකුරෙන්ද ?? ;)
ReplyDeleteනෑ මචං ඇනෝ. උගෙ D අකුරෙන් නෙමේ.
Deleteඇයි උඹෙනුත් කවුරුහරි ණයක් ඉල්ලුවද? කාට උනත් දෙන්න එපා බං. අනිවා සල්ලියි යහළුවයි දෙකම නැති වෙනවා.
අනුන්ට කඩේ යන්න කලින් දෙපාරක් හිතන්න වෙනෝ වෙනෝ කියන්නේ ඕකට තමයි ඈ
ReplyDeleteහි… හි… කඩේ යන එකත් සෙල්ලම් වැඩක් නෙමේ බං. දැන් බලහන් ඔය ඇමතිවරුම කොච්චර මහන්සි වෙනවද කඩේ යන්න.
Deleteමූ නම් බලෙන් ගියේ. :-D
යේ ෆාමසියේ පැත්තේ ගියේ නැද්ද දන්නැ'
ReplyDeleteඅපෝ නෑ කුමා අයියෙ, ඌ නම් ආයෙ ෆාමසියක් පැත්තවත් බැලුවෙ නෑ.
Deleteහෙහ්, අනංගයෝ හොයන්න ගිහින් මදැයි කොලා.. එක අතකට ඉතින් ලංකාවේ ඕක ගන්න ලැජ්ජ වෙන එකයි විකුණන එවුන් කන්න වගේ බලන එකයි හරි වැරදියි කියලා තමයි කියන්න වෙන්නේ..
ReplyDeleteඕවා විතරක් නෙමේ ආරක්ශාවට 'බැලුමක්' වත් ගන්න පුළුවන්ද බං කෙල්ලෙක් ඉන්න ලංකාවෙ ෆාමසියකින්. ශැක් ඒ අතින් නම් අන්තිමයි.
Deleteකෙල්ලන්ගෙන් බැලුම් ගද්දි කෙල්ල විතරක්නම් ඉන්නෙ පාවිච්චි කරන හැටිත් කියාදෙන්න කිව්වනම් හරි බන් :D
Delete@ සසිඳු ~ උඹ අදහස් කලේ ප්‍රායෝගික පුහුණුව වෙන්නැති. හැක්…:-P
Deleteතනියම හිටියට බන් මේ කතාවෙ වගේ ඇතුලෙන් එකෙක් කැන්දන් ආවොත් සොරි තමා. හි… :-D
ඉතින් උ තැන්ක්ස් කරන්න එපැයි ඔක කියල දුන්නට.මල පනින්න ඔනෙයි
ReplyDeleteඒක තමා දමිත් අයියෙ, පස්සෙ කාලෙක ඌට උනත් ප්‍රයෝජනයක් වෙයිනෙ.හි… හි… :-D
Deleteඅන්න ඒ වගේ විහිලු තමයි ආතල් විහිලු....ඉන් පස්සෙ දෙන්නා සාමදානෙන් කල් ගත කලාද ?
ReplyDeleteඔව් සිරා අයියෙ. එදා දවසෙ නම් හිටියෙ මී පැටියයි මහා පූසයි වගේ. පස්සෙනම් ආයෙ දෙන්නා සෙට් උනා.
Deleteමේ කතා දෙකේම කසුන් උඹ නේද :D
ReplyDelete200% ක්ම ශුවර් ඌ වෙනයි ප්‍රියා වෙනයි කියලා. :-D
Deleteමම කලින් වැඩ කරපු තැන පියන් කොල්ලට ඔය වගේ Condom (4) කියලා ලියලා දුන්නා ගෙන්න. ඌ ඇවිල්ලා කථා කරේ ඉංග්‍රීසි විතරයි. :)
ReplyDeleteඒ කියන්නෙ ඒ මනුස්සය ටත් ජගත්ට වගේම සුවිප් එක ඇදෙන්න ඇති. :-D
Deleteඔබට ඉන්නේ හරි යාළුවෝ ටිකක්!
ReplyDeleteහි … ඔය රස්සාවෙන් හම්බ උන යහළුවො. ඉස්කොලෙ යහළුවො ගැන කියන්න ගත්තොත් මට මේකෙ ඉන්න හම්බවෙන්නෑ. :-)
Deleteඇයි බං අර තිලක්මා එක ඇතුලේ තියන පාමසියත් රැ වෙනකං ඇරල තියනවනේ
ReplyDeleteඑහෙමද? අපෝ ඒ උනාට මඟුල සමහර පැතිවල ෆාමසි තියා 24 කියලා බෝඩ් දාලා තියන නර්සින් හෝම්වලත් ඔක්කොම රෑ වෙත්දි පස්ස උඩ දාන් නිදිනෙ. හි… හි… :-D
Deleteඅරූ එලියට ආවයින් පස්සේ ජගතට මොකෝ කිව්වේ ...?
ReplyDeleteඌ ගුටි නොකා බේරුනේ අපි නිසා. අන්තිමට කතා නොකරත් හිටියා.
Deleteජගත්ට පව් වැඩේ අනේ...... :D
ReplyDeleteපවු නේන්නම් බඩී. වස ලැජ්ජාවනෙ :-D
Deleteපව් නේද බං....උගේ නොදන්නා කම නිසානේ අපි අතල් ගන්නේ.කඩේ කෙල්ලත් බඩ අල්ලන් බඩ යන්න හිනා වෙන්න ඇති.......
ReplyDeleteහිනා යන්නැතිවය ! රෑ මැද ඕකක් ඉල්ලන් ආවම!
ReplyDelete