13 April, 2014
නෑණන්ඩිය…………
ට්‍රීං… ට්‍රීං… ට්‍රීං………
"හෙලෝ…"
"ලොකු අයියෙ… මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන…"
"අද නම් මම නයිට් එක පොඩි මල්ලි… හෙට ඉන්නවා. මම එන්නද ඔයාගෙ බෝඩිමට…?"
"එපා ලොකූ ඔයා මහන්සි වෙන්න එපා… මම එන්නම් ඔයාගෙ බෝඩිමට…"
"හා පොඩී ඔයා එන්න එහෙනම්…"
………………………………………
"ආ එන්න පොඩී… කාලද ඉන්නෙ…?"
"ඔව් ලොකූ… කොත්තුවක් කෑවා එන ගමන්. ඔයා කෑවද…?"
"නෑ පොඩී, මම තව ටිකකින් කන්නම්. සුගත්ලා නයිට් මම විතරයි ඩේ එක නිසා අද උයා ගත්තෙත් නෑ.… ඔයා මොනවද කියන්න තියෙනවා කිවුවෙ…?"
"ඔයාගෙන් පොඩි උදවුවක් ඕන ලොකූ…"
"මොකක්ද…??"
"මේ…මේ… මේ ගෑණු ළමයෙක් ගැන ගෙදරට කියන්න ඕන… ඔයා හිමීට අම්මට කිවුවොත් අම්මා අහයි, නැත්නම් දන්නවනෙ අම්මගෙ හැටි…"
"හ්ම්ම්… ඒකත් එහෙමද…? කොහෙ ළමයෙක්ද…?"
"අපේ කැම්පස් ළමයෙක්, අපෙ වගේම ටිකක් දුප්පත් පවුලක්…"
"පවුලෙ දුප්පත් පොහොසත් කම නෙමේ වටින්නෙ, හැදියාවයි වැදගත්කමයි."
"එයා හොද ළමයෙක් අයියෙ…"
"හ්ම්… දැන් කොච්චර කල්ද…?"
"මාස හයක් විතර ඇති…"
"ඉතිං… ඔයත් තාම කැම්පස්නෙ…"
"නෑ අයියෙ… මම කැමති නෑ මේවා ඔයාලට හංඟන් ඉන්න… ඒකයි…"
"හරි මම අම්මාට කියන්නම්… එයාලගෙ ගෙදරින් මේක දන්නවද…?"
"එයත් ඒක ඉක්මනටම කියන්න ඉන්නෙ… ඒ ගෙදරිනුත් අකමැතිවෙන්නෑ…"
පොඩි මල්ලි පිටව යන විට ඔහුත් සමඟම ගොස් මිරිස් හොදිත් සමඟ පාන් භාගයක් කා ප්ලේන්ටිකුත් බී බෝඩිමට පැමිණි මා ලෑලි ඇඳ මත දමා තිබූ දිරාගිය කොහු මෙට්ටයට මත නිදි දෙවු දුව සෙවූ මුත් මොහොතකට හෝ ඇය හමු නොවූ දෑස් පියන් අඬවන් කර අයාලේ දුවන සිතුවිලි දැහැන ගමන් අරඹමින් සිටී.
ිදෛවය නම් පුදුමාකාර දෙයකි. අධ්‍යාපනය යන සාධකය මත ආදරය අහිමිවූ මාහට අධ්‍යාපනයෙන් ඉහලට ගිය දෙදෙනකුගෙ ආදරයට උදවු කිරීමට වරම් ලැබී ඇත. කුරුණෑගල ගම්පෙදෙස කරගෙන දුප්පත් පවුලක උපන් පිරිමි දරුවන් තිදෙනෙකුගේ වැඩිමලා වූයේ මමය. ශිෂ්‍යත්ව විභාගය සමත් වුවද ගමේ පාසලේම හයේ පංතියේ අධ්‍යාපනය ලබමින් සිටියදී උපත ලද පොඩි මල්ලි ඉපදී මාස කිහිපයකට පසු අප පියා මිය ගියේ ඔහුගේ ආයුෂ ඉවරවීද…? අපගේ අවාසනාවන්ත භාවය නිසා දැයි තෝරා ගැනීමට තරම් මා දිවි ගමනේ පරිණත වී සිටියේ නැත.
දරුවන් තිදෙනෙකුගේ බර කරට ගත් මවගේ සියුමැලි දෑතට බරක් වන්නට මට සිත් නොදුන් නිසාම ඔළුවට නොව පපුවට ඉඩදී අකමැත්තෙන් උවද අධ්‍යාපනයට තිත තබා රැකියා පසුපස හඹායාමට වූයේ දොලොස්වැනි වියේ සිටමය. නමුත් මට අහිමිවූ සම්පත මාගෙ බාල සොයුරන් දෙදෙනාට ලබා දීම මාගේ ඒකායන අරමුණ වී තිබුනි. බඩගිනි දැනෙන කුසවල් හතරක් පිරවීමට මව වෙහෙසෙත්දී දැනුම සොයන ඔළුගෙඩි දෙකක් පිරවීමට මා වෙහෙසිනි.
දින සති මාස ගණන් වලට පෙරලමින් ඉගිලෙමින් සිටී, මා කරමින් සිටි රැකියාවට ආයුබෝවන් කියා නව රැකියාවකට බියගමට පැමිණෙත්දී මා තරුණෙකි. බියගම ප්‍රදේශයේම බෝඩිමක තනි වූ මා හදවත ජීවිතයේ ප්‍රථම වරට ආදරයකින් පිබිදෙන්නේ එම බෝඩිමේ හිමිකරුගේ දියණිය සමඟය.
//රුවන් අයියේ,
මට අපි ගැන ටිකක් කතාකරන්න ඕන. අද මට Econ පංති 6.00ට ඉවරයි. ඔයා හය වෙත්දි වාසිටිය ළගට එන්න.
--සචී.… //
"කියන්න සචී…"
"බස් එකට නැගලම කතා කරමුද…?"
ි"ඉස්සරැහෙන් ගැඟපු අප සල්ලි ගන්න…"
"සියඹලාපෙ හංදිය දෙකක්…………… ආ හරි. දැන් ඉතිං කියන්න…"
"මේකයි… ඔයා මම කියන දෙයින් අවුල් වෙන්න නම් එපා. මම මේක ගොඩක් කල්පනා කලා…"
"කියන්න දරුවෝ…"
"හ්ම්ම් මේකයි රුවන් අයියෙ, අපී… අපි මේ කරන දේ වැරදියි.…"
"මොකක්ද සචී…"
"අපි… අපි මේ සම්බන්දෙ නවත්තමු අයියෙ… අපි දෙන්නා ගැළපෙන්නෑ… මම තාමත් ඉගෙන ගන්නවා…"
"මොකක්……!! ඉතිං සචී මම ඔයාට ඉගෙනගන්න එපා කිවුවයෑ… අනෙක මා තාම ඔයාගෙ අතකින් වත් අල්ලලා තියෙනවද…??"
"නෑ ඔයා වැරදි කෙනෙක් නෙමේ දෙවියනේ… මම ඔයාට ආදරෙයි… ඒත් අපි ගැළපෙන්නෑ කියලා මට හිතෙනවා…"
"ඒ ඇයි…?"
"නෑ… ඒවා ඕන්නෑ. අපි වෙන් වෙමු… එච්චරයි" ඇඟේ කටහඩ පෙර නොවූ විරු තරම් ආයාචනාත්මක බවකුත් තර්ජනාත්මක බවකුත් අතර අතරමන් වෙමින් පවතී.
"නෑ සචී මට දැනගන්න ඕන හේතුව…"
"නැහැ අයියෙ අපි ගැළපෙන්නෑ දෙවියනේ…"
"මො..ක..ක්..ද.. හේතුව…"
"කෑ ගහන්නඑපා දෙයියනේ… මේක බස් එක… මම කියන්නම්……… ඔය හයට විතරයි ඉඟෙන ගෙන තියෙන්නෙ මම තාමත් ඉඟෙන ගන්නවා.… ඕවා කවදා හරි ප්‍රශ්ණ…"
"ඔයාට දැන්ද දෙවියනේ ඕවා මතක් වෙන්නේ…? අහක හිටපු මට බලාපොරොත්තු දීලා මේක පටන් ගත්දී ඔයාට මේවා හිතුන් නැත්ද…?"
"මට… මට සමාවෙන්න… රුවන් අයියෙ……!!"
පසුදිනම එම නවාතැනට සමු දුන් මා මාගේ ප්‍රථම ප්‍රේමය වූ සචීට සමු දුන්නේ නම් හදවතින් නොවේ. කෙටි කලකින් දැනගන්නට ලැබුනේ සචීලාද නිවාස මාරුකර ගොස් ඇති බවය.
මේ වන විටද මම මගේ ප්‍රධාන අරමුණ යම්තාක් දුරකට ඉටුකර ගනිමින් සිටිමි. මද්දු මල්ලි උසස් පෙළ සමත්වී රට රැකියාවකට ඉගිල ගිය අතර පොඩි මල්ලි උසස් පෙළ සමත්ව කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරමින් සිටී. කෙසේ හෝ මා මාගේ බාලම සොයුරාගේ ආදරයට අනුමැතිය මවගෙන් ලබාදිය යුතුය.
………………………………………
බීප්… බිප්… බීප්…
"හෙලෝ ලොකූ… කියන්න…"
"පොඩී මම ඊයෙ අම්මට කතා කලා… අර ගැන…"
"අම්මා මොකද කියන්නෙ…?"
"හප්පේ… මුලින් බැනලා බැනලා පස්සෙ යන්තම් හරි"
"බැන්නද……??"
"හ්ම්ම්… ඔව් ටිකක්… දැන් ඒවා හරි… අර ළමයගෙ ගෙදර මොකද…?"
"ඒ ගෙදර ශේප්… පුළුවන්නම් අම්මව ටිකක් එක්ක එන්න කිවුවලු. කතා කරන්න.…"
"ඇයි එයාලා ඉක්මන් කරනවද…?"
"නෑ…නෑ… එහෙම ඒකට නෙමේ… කතා කරලා තියන්න…"
"…… හරි මේ සෙනසුරාදා මාත් නිවාඩු දාන්නම්… දෙන්නම ගමේ යමු. ඉරිදට අම්මත් එක්කන් එහෙ යමු…"
"හා ලොකූ එහෙනම් එහෙම කරමු…"
මාගේ අරමුණු එකිනෙක ඉටු වෙමින් පවතී. අප වෙනුවෙන් මෑතක් වන තුරුම රැකියාවන් කරමින් වෙහෙසුන මවට හොඳ ලේලියක් මාගෙ අධ්‍යාපනය කැප කර ඉගැන්නූ සොයුරන් දෙදෙනාට යහපත් හෙට දිනකුත් මුණ ගැසෙමින් පවතී.
අප කුරුණෑගලින් පිටත්වී කිරිබත්ගොඩට පැම්ණ කරාඹුගස් හංදිය බලා පිටත් උනේ පොඩි මල්ලිගේ අනු දැනුමෙනි.
"තව දුරද පොඩි පුතේ……?"
"නෑ අම්මෙ තව ටිකයි… මේ ටික පයින් යන දුර…"
"මම කිවුවා මතකනෙ ලොකු පුතේ… මම උඹේ බල කිරීමටයි මේකට කැමති උනේ…"
"හරි අම්මෙ මේවා දැන්ම කතා කරලා තියන එක ලේසීනෙ.…" කවදත් ගමන් කිරීමේදි බිම බලා සෙමින් ගමන් කිරීම පුරුද්දක් කර ගත් මා මවට පිළිතුරු දුන්නේද බිමට බර කරගත් දෙනතින් යුතුවය.
"මේ වංගුවෙන් හතරවෙනි ගේ…"
"ඈ පොඩි පුතේ උඹට මෙච්චර මේවා මතක උඹ මෙහෙ නිතරම යනවා එනවද…?"
"මම ගේ දන්නවා උනාට අද තමා මුලින්ම යන්නෙම… මම හංදියෙන් බහිත්දි කෝල් එකක් දුන්නා…… ආ අර ඉන්නෙ ගේ දොරකඩ… අර එයයි අම්මයි තාත්තයි.…"
බිමට නැඹුරුවූ දෙනත ඉහලට එසවී ගමන් ඇරඹූයේ මාගෙ අනාගත නෑණන්ඩිය සොයාය.……… ඇගේ දෑසත් මගේ දෑසත් එකට පැටළුනේ එකම මොහොතකටය.… මාගේ දෑසින් ශරීර ගතවූ විදුලියක් මාගෙ රෝම කූප පවා දවාලනු දැනී මා සිටි තැනම සිට ගත්තේ ඇය කඳුළු පුරෝගත් දෙනත දරාගෙන නිවස තුලට දිව යත්දිමය.
"සචිත්‍රා………" යැයි කෑ ගසමින් ඇගේ මවද ඈ පිටුපස දිවයත්දී ඇගේ පියාත් මගේ මවත් පොඩි මල්ලිත් පුදුමයෙන් බලා සිටිනු සිහිනයෙන් මෙන් පෙනුනි……………………………
© ප්‍රියා.
පසු සටහන ~~ මතකනෙ දවස… ලබන ඉරිදා, ඒ කියන්නෙ හරියටම 2014 අප්‍රේල් 20 වෙනිදා උදේම හම්බවෙමු. හා හා මතක නැති කෙනෙක් ඉන්නවානම් මෙන්න මෙතනින් විස්තරේ බලා ගන්න………………
එතෙක් සිතුවිල්ල කියවන/නොකියවන සැමටම සුබ නව වසරක් වේවා…………!!!!!
(පින්තූරයට ස්තූතිය……
http://www.theatlantic.com)
Subscribe to:
Post Comments (Atom)
හිත හදා ගන්න බෑ .............
ReplyDeleteඔබෙන් ලද දුක දරා ගන්න බෑ..........
හිමි නෑතත මට ඔයා මගේමයි හෑමදා................
එදා උඹේ පෙම්වතිය වී අතිනත ගන්න හිටිය කෙල්ල අද උඹේ නැනන්ඩ්ය වෙන්න යන එක ගැන සතුටු වෙයන් මචං .
20 අනිවා හමු වෙමු
හිමි නැතත් මෙහෙම හිමි වෙන එකනම් දුක වැඩී බං.
Deleteඅනෙ අම්මෝ මේක නිර්මාණයක් විතරයි මචෝ, :) :)
විසි වෙන්දට අනිවා හම්බ වෙමු. (Y)
කතාවනම් හොඳයි ඒත් සම්ප්‍රදායික ගතියෙන් ඔබ්බට යන්න බැරිකම මේ ප්‍රේමය කසාදය වගේ දේවල් වලදී තවමත් කැපිල පේනව අපේ රටේ
Deleteඇත්‍ත වනිතා, තාමත් ප්‍රේමය සහ විශේෂෙන්ම කසාඳය කියන දේදි අපි සම්ප්‍රදායන් මත තමා බොහෝ විට රැදෙන්නෙ.
Deleteනෑනන්ඩිට එක සිතින් සුභ පතහං මචං...
ReplyDeleteඉස්සර දේවල් දැං ඉවරයිනේ..
සුපිරි කථාව..
20 මෙව්ව වෙමු..
(මාතලන් කිව්වා බයිට් පැකට් එකක් ගේන්න කියලා හැක්..)
ජය වේවා!!!
හි… ඇත්ත මඟුල් ලියලම දැන් නිර්මාණයක් වත් කරන්න බැරි හැටි බලහන් ඉතිං. ;)
Deleteස්තූතියි මචෝ.
අනිවා විස්ස හම්බ වෙමු. මාතලන් අයියා කිවුව නිසා අනිවා ගේනවා.
ජය වේවා…!!
සිතේ දුකට එතකොට මට බොග යනවා.... (ඒ කියන්නේ පෝස්ට් ලියවෙනවා කියන එක,)
ReplyDeleteඔහොම දෙයක් උනත් ඕක බොගක් දාලා අමතක කරලා දාන්න පුළුවන් එකා සිරා බුවෙක් මාතලන් අයියෙ.
Deleteනිර්මාණයක් උනත් .... මේක ඔයාගේ සිතුවිල්ලක ප්‍රතිනිර්මානයක්නේ.....හොදයි..... කතාව අහිංසකයි.....
ReplyDeleteහ්ම්ම් ලියන්න ගියෙ නම් වෙන එකක්. අන්තිමට ලිය උනේ මේක.
Deleteස්තූතියි නිහංසා.
හ්ම්ම්ම් දැන් මොකද කරන්නෙ :O
ReplyDeleteප්‍රියා ඇතුලු පවුලේ සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා
අනේ මන්දා චාම්ස්, මොකක් කරයිද කියලා බලන් ඉමු. :)
Deleteස්තූතියි චාම්ස් ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා…!!
අප්පච්චියේ වෙච්චි දේ! සුභ පතලා ඈතට යන්න තමා!
ReplyDeleteදුක තමා කියලා ඈතට වෙලා බලන් ඉන්නයි රුවන්ට තියෙන්නෙ.!!
Deleteමේ කථා සංකල්පය නම් මරු ප්‍රියා...මම කල්පනා කලේ මට ඔහොම සිද්ධියකට මුහුණ පාන්න උනොත් මොනවා හිතෙයිද කියලා... ජය !
ReplyDeleteමම නිහංසාටත් කිවුවා වගේ ලියන්න කියලා හිතපු කතාව නොලිය උන එකත් හොදයි එහෙනම්. ස්තූතියි අයියෙ.
Deleteමෙහෙම සිදුවීමක් නම් කාටත් නොවේවා කියලා පතනවා. කරකවලා අතහැරියා වගේනෙ වෙන්නෙ.
ජය…!!!
හම්මේ..... මොනා කොරන්නද මුන්දැ කතාවක් ලිවුවොත් දුක කතාවක්ම තමයි
ReplyDeleteහප්පේ… ප්‍රිතිමත් අවසානයක් තියන කතාවක් ලියන්න මාත් මාර ට්‍රයි එකක් දෙන්නෙ බස්සියෙ. කොහෙද ඉතිං මඟුල, ලියවෙන්නෙම කඳුළු කතා.
Deleteහ්ම්... මෙහෙම දෙයක් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති .... අපුරු සංකල්පනාවක් ...
ReplyDeleteඇත්තෙන්ම තුශානි, රුවන්වත් කවුරුම වත් මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවෙන්න ඇති. ඒත් අවාසනාවට උනේ ඒ දේමයි.
Deleteස්තූතියි තුශානි.
මගෙ අම්මෝ... මෙහෙම දෙයක් ඇත්තට වුණොත්.....??? සුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඑහෙම උනොත් නම් ඉතිං ??? ප්‍රශ්ණාර්ථයක්ම තමා
Deleteදිලිනිටත් සුබ නව වසරක් පැතුවා ඕන්.
ඕ යේස් ප්‍රියා මචං ඔය තියෙන්නේ ඇඬෙන්ඩ !!!
ReplyDeleteකමක් නෑ උඹ දැං බැඳල යහතිං ඉන්නවනේ .. හැක් හැක්
වේස කෙල්ලෙක් මටත් ඔහොම කීවනේ බං ..අයියෙ අපි යාලුවො වගේ ඉමුද මොකද්ද මගුලක් එෆෙයාර් එකට හයමාසයක් විතර ගියාම.. මට පාඩුත් නෑ එතුමියට හානියකුත් නෑ හැබැයි.. ඕ යේස්.. මං ඇහුවා එහෙනං අම්&% %$#ඩද යාලු උනේ මා එක්ක කියල..ඇහුව නෙමේ බං ඇහුන..
අනෙ හප්පේ බන් උඹලට ඉතිං කිවුවට අහන්වැයි මේක මගේ සීන් එකක් නෙමෙයි කියලා හැක් හැක් :)
Deleteසිරාවට මටත් පේන්න බැරිදෙයක් තමා බං "සහෝදරයො වගේ ඉමු."
හරි "යහළුවො වගේ ඉමු" කියලා කියන එක. අනික තමා යහළු උනාට පස්සෙ බොරු මඟුල් කියලා බූට දෙන එක. යාළු උනා නම් මරාගෙන මැරෙන්න හරි ලවු කරන්න ඕන.
ඔය හය මාසෙට කලින් දන්නවනම් මං ඔය කෙල්ලට කියනවා ඔය පත්ත්රයා ඉන්න දිහා බලාගෙන බත් කන්දවත් එපා කියලා . ඕ යේස් අම්මපා සත්තයි
Deleteකෙල්ලො.අඬාගෙන හූ කියාගෙන ආවෙ බං මා එක්ක යාලුවෙන්න..මං ඉතිං හැන්ඩියනේ බං ..ඈ..ඒකිගෙ වදේටමයි යාලු උනේ .. !! ඕ යේස්.
Deleteදැං උනත් ඉතාලි කෙල්ලො පස්සෙංම එනවා.. මං කියනවා මම බැඳලා කියල බං.. හරි නෑනෙ එහෙම. නැද්ද බං !!!!
ඉවාන්… සිරාවටම ඔහොම කිවුවම ඒ කෙල්ල කියයිද දන්නෑ "නෑ ඉවාන් අයියා මම ඔය පත්තරයව බඳින්න ඉන්නෙ කවදා හරි මගෙ ළමයට බිල්ලො නොපෙන්නා මේ මිනිහවම පෙන්නලා කෑම කවා ගන්න පුළුවන්නෙ" කියලා. ඕ යේස්. හි… ;) :)
Deleteපත්තරේ,, හූ කියාගෙන ආවෙ යක්ෂාත්මයක්ද දන්නෑ. උඹ ආරක්ෂාවක්වත් කොර ගත්තෙ නැතැයි?
Deleteපවු බං ඔය එන ඉතාලි කෙල්ලෙ ඔය ටික කිවුවම කී දෙනෙක් සාරි හෙවුවද දන්නෑ. :)
හපොයි වෙච්ච දෙයක් !!! දුක තමා.
ReplyDeleteකතාව නම් ලස්සනයි ප්‍රියා.
සුබ අලුත් අවුරුද්දක් වේවා !
Deleteආයෙත් අහලා චන්දන අයියෙ, දුක කියන්නෙ ඌට මැරෙන්න හිතෙයි.
Deleteස්තූතියි අයියෙ.
ඔයාටත් සුබ අවුරුද්දක් වේවා…!!
ඔහ්ම් දෙයක් ඇත්තටම් වුනොත් මං මොනා කරයි ද කියලයි කලපනා කලේ , ...කතා සංකල්පය නම් නියමයි
ReplyDeleteමොනා කොරන්ඩද ..
Deleteඔහොම දෙයක් උනොත් කියහං.. ගල් බෝතලේකුයි ඩෝලෙයි ඇරං මං එන්නං ...මෝඩයා කියල මරන්ඩැයි.!!!!!
චැහ්.. ඕව ප්‍රශ්නද බං !!
ඉවාන්, සිරා අයියටත් කිවුවා වගේ මෙහෙම දෙයක් කාටත් නොවෙන තරමට හොඳයි. ඒත් මේවා වෙනවත් ඇති අනන්තවත්.
Deleteස්තූතියි බං.
පත්තරේ, චැහ්... කරුමෙට මම අමධ්‍යපයි බං. ඒත් අවුලක් නෑ. බොන තැන්වල සෙට් වෙලා බයිට් එකට කෙළලා අන්තිමේ බිපූ උන්ව පැක් කරලා ගෙවල් වලට බාර දීලා හොදට පුරුදුයි.
Deleteඅනිවා කියපන්. මාත් සෙට් වෙනවා ඕන්.
සම්ප්‍රදායෙන් ඔබ්බට මේ කතා ගෙනයන්න පුලුවන්නම් නූතන්ත්වය තුලත් මේවා රස විඳින්න පුලුවන් වෙයි. නමුත් ඉතින් කසාද හරි ප්‍රේම සම්බන්ධකම් වල හරි සම්ප්‍රදායිකකම කොහොමත් තියෙනවා.
ReplyDeleteහ්ම්ම් ඔව් වනිතා අපි තාමත් මේ කතා සාම්ප්‍රදායිකයි ලෙස හැඟුනත් නූතනත්වය ගලා නොගිය ගම් බිම් තුල තාමත් මෙවනි සිදුවීම් සිදු වෙනවත් ඇති. කසාඳය කියන එකනම් නගරෙ උනත් තාමත් බොහෝ විට සම්පදායිකයිනෙ.
Deleteපරණ අවුරුද්දෙ උන යම් යම් සිද්ධි අමතක කරලා දාන්න. බ්ලොගේකට පැමිණ ඔබේ මතය අනුව හතර අතේ නෙළනවට වැඩිය මේ වගේ පෝස්ටුව කියවා ඔබේ අවංක (විවේචන හෝ කම් නැත) හැඟීම පැවසීමෙන් ඔබව බොහෝ දෙනා හදුනා ගනීවි.සෑම බ්ලොගේකදිම ඔබ මේ ක්‍රමය අනුගමනය කරාවි යැයි බලාපොරොත්තු වෙනවා.
ජය වේවා…!!
වනිතා හඩට ප්‍රියා මල්ලි කිවූ දෙය ඔහු/ඇය හොදින් තේරුම් ගනීවි යැයි මා සිතනව.
Deleteමාත් හිතනවා කෙන්ජි අයියෙ එයා ඒවා තේරුම් ගනීවි කියලා. එහෙම තේරුම් ගත්තොත් ඔහුට/ඇයට බ්ලොග් තුල සෑහෙන්න දුරක් යාහැකිවේවි.
Deleteඅම්මපා නෑනා උනාම ඉතින් හිතෙන දේවල්.. අයෙ ඉතින් කියන්න ඕනද බං..
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා..
ආයෙත් අහලා බිරිඳ කියන ඇහෙන් බලපු කෙනාව නෑණා කියන ඇහෙන් බලන එක ගැන හිතන්නත් අමාරුයි බං
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා……!!
ටිකක් පරක්කු උනා බන් එන්න මේ පැත්තෙ,
ReplyDeleteකතාව එල මචෝ හොද නිර්මාණයක්, අයියගෙ පරණ කෑල්ල මල්ලිට සෙට් වීම පට්ට සීන් එක නේද :D
මගෙ බ්ලොගට ලින්කුවක් දැම්මට තැන්කිව් වේවා :)
සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ :)
ස්තූතියි බං අගය කිරීමට. හිතලා බලන්නවත් අමාරු තැනක් තුන් දෙනාම අමාරුවෙ වැටෙන පොටක්නෙ බං ඕක.
Deleteඅයියෝ ඕවා මොනවද බං රෙද්ද. :)
සුභ අලුත් අවුරුද්දක් වේවා……!!! :)
මගක් කියවගෙන එද්දී මෙහෙම කේස් එකක් වේවි කියල මට හිතුණා ප්‍රියා.
ReplyDeleteප්‍රියාටත් ප්‍රියාගේ ප්‍රියාවියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
හ්ම්ම් ස්තූතියි හැලප අයියෙ,
Deleteහැලප අයියටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා…!!
උඹලා තුන්දෙනා ඇතුලු පවුලේ සැමට සුභ නව වසරක් පතමි!!
ReplyDeleteමට මෙහෙම හිතෙනවා....උඹේ කතා තේමාවල් එක්තරා ආකාරයක කැටගරි එකකට කොටු වෙමින් පවතිනවා කියලා. මට උපදෙස් දෙන්න තරම් දැණුමක් නැහැ මේ ගැන. මට හිතෙන්නේ ප්‍රියා ...උඹ පරීස්සම් විය යුතුයි..එකම කැටගරියේ දිගින් දිගටම ලිවීම සම්බන්ධව. ලිවීම උඹේ අයිතියක් වගේම කියවීම අපේ අයිතියක්..මට හිතෙන දේ කිව්වේ..බුකියේ පිස්සු කෙලින වේලාවෙන් කාලයක් ඉතිරි කරගනින්..වෙනස් දෙයකට හිත යොමු කරගන්න (මම බුකි විරෝධියෙක් නොවේ). ඕන් ආපහු කිව්වා..මේ මට හිතෙන දේ පමණයි. අටම්ගේ පෝස්ට් එකක මගේ කමෙන්ට් එකක උඹ ගැනත් සඳහන් වුනා.
ඇත්තෙන්ම අරූ අයියෙ, මටත් ඔය ගැන පොඩ්ඩක් හිතිලා තියෙනවා. ඇත්තටම කියනවා නම් මම ඊළගට ලියන්න හිතන් හිටියෙත් මේ කැටගරියෙ කතාවක්. නෑ… නෑ… දැන්නම් ගොඩක් හිතන්න වෙනවා. ඇත්තෙන්ම ගොඩක් ස්‍තූතියි අරූ අයියෙ උපදෙසට. මම ඒ ගැන හිතන්නම්.
Deleteඅරූ අයියටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා…!!!
තියන තියන හැම පියවර සුභ වේවා
ReplyDeleteකරන කියන දේ රිසි ඵල ගෙන දේවා
හිතන පතන සැප සම්පත් ඉතිරේවා
නිතින සහන ලැබදෙන වසරක් වේවා
සුභ අලුත් අවුරුද්දක් වේවා!!
ඔය සියල්ලම ඒ ආකාරයෙන්ම ඉටුවෙන සුබම සුබ නව වසරක් බස්සිටත් බස්සාටත් පවුල් දෙකේම පිරිසටත් පතනවා.
Deleteබෝධිසත්ව සහෝදරයෙක්. මේක ප්‍රබන්දයක් වුනත් මේ පුංචි ලංකාවෙ මේ ගෙවුන කාලයේ මේ වගේ අයියල, මේ වගේ මල්ලිලා, අම්මල සහ කෙල්ලො කොච්චරනම් ඇතිද. මෙහෙම නෙවයි, මං පුද්ගලිකව දන්න කිහිප දෙනෙක්ම ඉන්නවා, මේ කතාවෙ මේ සහෝදරයො වෙනුවෙන් 6වසරෙදිම අධ්‍යාපනයට සමුදුන්න වගේ, තමන්ගෙ ආදරණීය පෙම්වතිය වෙනුවෙන් මෙහෙම කරල, එයා සරසවි ගියාට පස්සෙ ඔයා දැන් මට ගැලපෙන්නෙ නෑ කියල කියපු කෙල්ලො. ඒ වගේ දුක් විඳින කොල්ලො. අනේ මංද බං, තේරුම්ගන්න බෑ මේ මනුෂ්‍ය ජීවියා.
ReplyDeleteඇත්ත මනෝ, මේක සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් උනාට මෙවැනි සත්‍ය කතාවන් අනන්තවත් ඇති. සහෝදර පෙම හා ප්‍රේමය වෙනුවෙන් හැමදේම කැප කරපූ කී දෙනෙක් ඇත්ද? කොහොමත් ඉතිං "මිනිසා තමා හදුනාගත් නොහැකි සතා" කියනවනෙ.
Deleteඅද කතාවෙනම් මැද හරිය කියවද්දි අවසානය තේරුනා මෙයා :(
ReplyDeleteහැබැයි මම මේ කතාවට පට්ට කැමතියි..සචී කියන්නෙ මගෙ හිතේ පැලපදියම් වෙච්ච නමක්..සචිත්‍රා...නෙමෙයි..
හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න කියල ඉන්න තිබුනෙ කොල්ලට
හ්ම්...කෙල්ලට උගන්නලා කෙල්ලව හොඳ තැනකට ගෙනල්ලා තමන්ගෙ අධ්‍යාපනේ,පවුල සේරම නැති කරගෙන අන්තිමට කෙල්ල වෙන එකෙක් එක්ක යනව බලාගෙන විඳවන අහිංසක කොල්ලො අචටත් හම්බවෙලා තියෙනවා මටත් :(
හෑ ඒ මොකෝ සාශෝ සචී කියන නම පැළපදියම් වෙලා තියෙන්නෙ? :o ආ ආ මට තේරුනා. :)
Deleteකොහොමත් මෙහෙම අසරණ උනු කොල්ලො කොච්චර ඇත්ද?
මාර කේස් එකක් තමයි. දැන් මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා මම කල්පනා කලේ.
ReplyDeleteඔය කියන තැන් මමත් කාලයක් උදේ හවස පහු කරගෙන ගියනිසා හරි සමීප බවක් දැනෙනවා
හ්ම්ම් ඔව් ඩූඩ් අයියෙ, මටත් හිතා ගන්න බෑ ඊළගට මොකද වෙන්නෙ කියන දේ නම්. ඒත් මොක උනත් තුන්දෙනාටම අවංක සතුටක් ලැබෙයිද කියලා සැකයි.
Deleteඔය පැත්ත අපිට ටිකක් කිට්ටුයිනෙ අයියෙ අනික කලාපෙ මේ වගේ කතා වලට තිඹිරිගෙයක් වගේ. කොටින්ම මම කලාපෙන්ම ලියපු තව එකක් තියෙනවා පබ්ලිෂ් නොකරපු. ගොඩක් කල් ලියපු එකක්.
අනේ මන්ද බං ලොකූ පව්.....
ReplyDeleteඋඹ එකම ආකාරයෙ ලිපි ලියාගෙන ආවත් ලියන අයුර සිතට වදින ලෙසට ලිවිම එන්න එන්නම දියුණු වෙමින් එන බවක් මට හැගෙනව ....
විවිද මාතෘකා තෝර ගන්න බලන්න මල්ලිය ....
ඇත්ත කෙන්ජි අයියෙ, ලොකූ ගොඩ කැපකිරීම් කරලා අවසානයෙ දුකම උරුම කර ගත්තා.
Deleteස්තූතියි අයියෙ. හ්ම්ම් කරුමෙටද මන්දා හිතට එන්නෙම මේ වගේ අදහස්. ඒත් බලමු ඉස්සරහට.
අපෝ නෑනන්ඩිලා නම් එපාමයි... !!! උන්ට සලකගෙන ඉන්නකන් හොඳයි.. පොඩ්ඩ මිස් උනොත් ඉවරයි !
ReplyDeleteහි… ඒ මොකෝ මධූ…? :)
Deleteඇත්ත මධූ ගොඩක් තැන්වල නෑනාලා මස්සිනාල අවුල් නම් තමා.
කතාව මාරම ලස්සනයි මචං..
ReplyDeleteපවුලෙ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
ස්තූතියි සංචාරකයො,
Deleteබොටත් පවුලේ සැමටත්. අර අළුත් මනාලිටත් සුභ නව වසරක් වේවා කියලා පතනවා.
:D
Deleteඅර ඉරි කෑලි පේලිය ගාවදේ අවසානේ වෙන්නේ මොනවද කියන එක තේරුණා. ඒත් හොඳ කතාවක්. මේ වගේ ඒවා නොවෙන්නෙම නෑ.
ReplyDeleteස්තූතියි සුදීක අයියෙ. ඇත්තෙන්ම මේ වගෙ කතා අනන්තවත් වෙනවා ඇති.
Deleteකතාවේ නොගැලපෙන තැන් කිපයක් තිබුණා ,එත් ලස්සනයි ...මේ වගේ එවා නොවෙනවා නෙවෙයි ,අවසානේ මට නම් අවුල්
ReplyDeleteස්තූතියි බං. හ්ම්ම් අන්තිම ටික ගැන පොඩ්ඩක් බලන්නම්. ඇත්තටම මේවා වෙනවා.
Deleteඅපේ පැත්තේ ඔය වගේ එකක් වෙලා අයියා යාලු වෙලා හිටිය ගැහැණු ලමයව තමා මල්ලී යාලු වෙලා බැන්දේ , අන්තිමට මල්ලී බදින දවසේ අයියා කෝච්චියට බෙල්ල තිබ්බා . මේක ගොඩක් අයියලා මල්ලිලා ඉන්න පවුල් වල මේක වෙනවා අයියෙ ............
ReplyDeleteඅනෙ අම්මෝ ඒ තරම් දරුණුවට වැඩේ උනාද? පව් අහිංසකයා. ආදරය ආදරය.
Deleteමුගෙ කතාව කිවුව හැටියෙ මට හිතුන මලයට සෙට්වුනෙ එයා කියල.එ ටික කෙල්ල ගෙට දිවුවට පස්සෙ කිවුවනම් හොදයි කියලත් හිතුන.කතාව ලස්සනයි
ReplyDeleteඔහුත් මමත් එක අම්මගෙ දරුවො
ඔබ හැදිනුවෙ නැතුවා කියල සින්දුවකුත් තිබුන
හ්ම්ම් ඔව් අයියෙ කමෙන්ට්ස් බැලුවම මටත් තේරුනේ මේ කතාවෙ කුතුහලේ ටිකක් මඟ හැරිලා.
Deleteඅජිත් මුතුකුමාරණගෙ සිංදුවක්. ලස්සනයි ඒ සිංදුව.
ඒ මේක මගෙ රෝලෙ අඩ්ඩේට් ටෙලා තිබ්බෙ නෑනෙ.... අඩේ...
ReplyDeleteකතාව නං වෙනදා වගේම පට්ටයි...
හිතන්න දේකුත් ඉතුරු කරපු නිර්මාණයක්...
ජයවේවා...
පරක්කු වුණාට සොලි ඈ
සොලි කියන්න ඩෙයක් නෑ බං. අපි අපිනෙ. සමහර රෝල් වල අප්ඩේට් වෙලා නෑ වගේ තමා බං. :(
Deleteස්තූතියි මචෝ. ජය වේවා…!!
කතාව නියමයි අයියා.
ReplyDelete//ඔහුත් මාත් එක අම්මගෙ දරුවෝ ඔබ හැදිනුවෙ නැතුවා..........// වගේ .
ස්තූතියි මල්ලි.
Deleteටිකක් ඒ සිංදුවට ළගයි තමා කතාව.
හම්මේ මොකක්ද බන් මේ කරේ ඇස් දෙකටම රොඩ්ඩක් වැටුනා ප්‍රියා.....මාත් මේ ටිකේ කෙටුවේ ඔය හා සම්බන්ද කතා....ජිවිතේ හැටි තමා ඔය....
ReplyDeleteසංසාරේ… සංසාරේ…… ශානුත් මේ ටිකේම සංවේදී කතාමනෙ කෙටුවෙ. දැන් ඉතිං නාඬා හිටින් කිවුවලු.…
Deleteඅඩේ මේ ලග පාත නොවැ කෙල්ල ඉදල තීන්නෙ.
ReplyDeleteආයෙ අහලා. පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්නම් හොදා සෑම්.
Deleteසුපිරි කතාවක්නේ....
ReplyDeleteදුක හිතෙනවා හැබැයි..
ස්තූතියි කැස්පර්.…
Deleteටිකක් දුකයිනම් තමා…
දුක හිතුණා අයියේ. සාර්ථකයි ,කියවන්න පරක්කු උනා .
ReplyDeleteස්තූතියි ඔමා. පරක්කු උනත් කියෙවුවනෙ.
Delete