04 May, 2014

සිරිපාලගෙ සාස්තරේ……

"ඒයි…"
"හ්ම්ම්…"
"ඔහේ අද වැඩට යන්නැත්ද?"
"ගියා කියලත් වැඩක් තියෙන එකක්යෑ…"
"එහෙම කියලා කොහොමද? වෙන කරන්න දෙයක් තියනවැයි?"
"හරි හරි… පොඩ්ඩක් හිටින්කො මම ගමනක් ගිහින් එනකම්… ආ… ගේ ටිකක් අස් පස් කරලා අර ඉස්සරහා මඩුවත් ටිකක් අස් කරහන්…"
"ඒ මොකටද…?"
"වැඩක් කිවුවම කරලා හිටින්. රෙද්දෙ ප්‍රශ්ණ නාහා…"

උදේම ගෝරනාඩු කර පිටව යන සිරිපාල දෙස කුසුමා බලා සිටියෙ පුදුමයෙනි. දීග පැමිණි දින සිට වසර ගණනාවක් ඔහුගේ අසනීපෙකට දරුවෙකුගෙ අසනීපෙකට තබා තමාගේ දරු ප්‍රසූතියකදී වත් අවම වශයෙන් තමාගේ දෙමාපියන් දෙදෙනාගෙ මළගමදි වත් ඔහු ගෙදර නැවතුනේ නැති බව ඇයට හොදින්ම මතකය.

එයට බලපෑවෙ නිවසේ අඟහිගකම් නොව. යම් මුදලක් ඉතිරි කර තිබූ සිරිපාල තුල වූ තව තවත් මුදල් සෙවීමේ පිපාසාවය.

කියූ ලෙසම ඇය නිවසත් තෙවසරකින් පමණ ප්‍රයෝජනයක් නොගත් කඩාවැටෙමින් තිබූ හොල්මන් ගුහාවක් බඳු මඩුවත් අස්කර දැමූ අතර දහවල සිරිපාලත් ජගත් නම් ගමේම රස්තියාදු ගසමින් සිටි කොල්ලෙකුත් පැමිණියෙ අත් ටැක්ටරයක පටවා ගත් ලෑලි කිහිපයකුත් තවත් බෑග් කිහිපයක්ද සමගිනි.

"ඔය ඔය ලෑලි ටික පරිස්සමෙන් බාගන්න ඕන ජගත්… ටිකක් පරණ නිසා කැඩෙන්න පුළුවන්.…"
"හරි සිරිපාල අයියා…"

මඩුව ලෑලි ගසා ආවරණය කල කල සිරිපාල එය මැදින් රතු ‍රෙද්දක් එළ්ලා තවත් දේව රූප පින්තාරු කල රෙදිත් පහන් ආදී නොයෙක් දේත් පිළිවෙලකට සකසන්නට විය.

"මේ මොනවද ඒයි…?"
"මේ… දේවාලෙට බඩු…"
"දේවාලෙට…???!!!!"
"ඔව්… දේවාලෙට… මගෙ අළුත් බිස්නොස් එක…"
"දැන් එතකොට කපුවා කවුද…?"
"කපුවා…??? හැ… කපු මහත්තයා… ගුරුණ්නාන්සෙ… ඔක්කොම මම තමා.… මේ ඉන්න ජගත් ආවතේව ටික කරයි."
"දැන් එත්කොට ඔහේ ඔය වැඩ දන්නවැයි…??"
"දැන ගන්න දෙයක් නෑ… මට කොහොමත් පොඩි කාලෙ ඉදන් දේව බැල්මක් තිබුනා. මම පාවිච්චි නොකලට…"
"ඔහේ දැන් මොනවද කරන්නෙ?"
"හ්ම්ම් සාස්තර කියනවා.… මළවුන් ගෙන්නනවා… ආරක්ෂාවල් කරනවා… අණවින කොඩිවින උනත් බැරි කමක් නෑ…… ආ… දෙවි දේවතාවුන් වහන්සේලා වැඩියට පස්සෙ ඔහේ කිළි පිටින් එහෙම මේ පැත්තට එනවා නෙමෙයි……"
"හරි හරි… ඕන මඟුලක් කර ගන්න එකයි……"

මෙසේ ඇරඹි දින කිහිපයකින් පසු සිරිපාලගේ දේවාලය තවත් දියුණු වෙන්නට වූයේ පිට පළාත් වල අය අතර සිරිපාල විසින්ම පතුරවා හැරි කටකතා හේතුවෙනි.

"හරි අනුහස් තියෙන දේවාලයක්…… ගුරුණ්නාන්සෙගෙ තාත්තා තමාලු දේව වරමක් අරන් ඇවිත් තියෙන්නෙ…… වැඩි ගාණක් ගන්නෙත් නෑ සාස්තරේකට රුපියල් 101 යිලු…… වැඩක් කලොත් ඉතිං කිරි ගහට කෙටුවා වගේ තමා……" මෙසේ තටු ලැබූ කටකතා වලට පිංසිදු වන්නට දේවාලය බලා සිටියදී දියුණු වන්නට වූයේ වසර පහක් තුල සිරිපාලගෙ පැරණි නිවස වෙනුවට නවීන නිවසකුත් ඉදිකරගත හැකි වන තරමටය.

මේ වන විට ගමේ පවා ඇතමෙක්ට සිරිපාල, සිරිපාල ගුරුන්නාන්සේ වූ හැටි අමතක වෙමින් පැවතියේ දේවාලය වෙත පැමිණෙන සෙනඟ දිනෙන් දිනම වැඩි වෙමින් පවතින නිසාමය.

"ගුරුන්නාන්සෙ, මට මගේ රස්සාව ගැන බලාගන්න ඕන…"
"ඕං… රීං… තට රස්සාව කරන තැන හතුරො වැඩී… අහ්හා… යාදෙන්නෑ"
,,,,,,,,,,,,,,,,,,,,,,
"ගුරුන්නාන්සෙ, අපේ ගෙදර හැමෝටම ලෙඩ කරදර. ටිකක් ඒ ගැන බලාගන්නයි"
"හ්ම්ම් ඕඕඕන් ඒශ්වා… තගේ ළගම ලේ ඥාතියෙක්. උඹෙ සහෝදරයෙක්… යමක් කරලා තියෙනවා…"
"මට සහෝදරයො නෑනෙ ගුරුන්නාන්සෙ??"
"බොට බාප්පලා මහප්පලගෙ දරුවෝත් නැත්ද?"
"ඉන්නවා ඉන්නවා…"
"ඉතිං උන් ලේ ඥාති නෙමේද?"
"ආ ඔව් ඔව් අපෙ බාප්පගෙ පුතා දේපල ප්‍රශ්ණෙකට පොඩ්ඩක් හිත හොද නෑ මයෙ එක්ක…"
,,,,,,,,,,,,,,,,,,,,,,,
"කපු මහත්තයා මට අපෙ පවුල ගැන් පොඩ්ඩක් බලව ගන්න ඕන.…"
"ඕන්ං ‍රීන්ං ඕෂ්ෂ්… තොගෙ ගෑණිට තව මිනිහෙක් ඉන්නවා බොල… ඒකිව මට්ටු කර ගන්.…"

මෙවැනි වදනක් සෑම දිනකම පාහේ සිරිපාලගේ මුවින් පිට වූයේ ඔහුගෙ කාර්‍යබහුල බව මොනවට පෙන්වමිනි. පාරිභෝගිකයාගේ මුහුණ දුටු පමණින් ඔහුගෙ ගැටළුවත් එයට විසදුමත් කීමට තරම් ඔහු දියුණුවී සිටී.


තම සැමියාගේ රැකියාව දෙස උපේක්ෂාවෙන් බලා සිටි කුසුමා දේවාලය අසලකට වත් යාම නවතා දැමුවේ තම සිතේ සිරිපාලගෙ රැකියාව පිළිබද වූ නොසතුට නිසාත් එය වචනයෙන් පැවසුවාට පළක් නොවන නිසාත්ය.

සිරිපාලගේ දේව වරමින් තවත් දෙතුන් මසක් ඉගිල ගියේ කාටත් හොරෙනි.

"ඒයි මේ බලන්නකො පොඩ්ඩක් පත්තරේ…"
"මොකක්ද…??"
"මේ තියෙන්නෙ… මේ මා‍තර පැත්තෙ මිනිහෙක් දරුවො දෙන්නව ගඟට දාලා ඌත් පැනලාලු.… මහ පොළව උහුලන අප‍රාදද දෙයියනේ මේ…"
"ඉතිං ඕක කියන්නද මාව නවත්ත ගත්තෙ… මට දේවාලෙ අරින්න පරක්කු වෙනවා…"
"නෑ… නෑ… ඉන්නකො ටිකක්… ඒකට මුල ඒ මිනිහා අහපු සාස්තරයක් නිසා උන පවුල් ආරවුලක්ලු…"
"මොකක්……!!! කොහෙ මිනිහෙක්ද?"
"වැඩි ඈතක‍යෑ මාතරම තමා. බාබර් කෙනෙක්ලු…… මොකෑ ඔහේ ඔච්චර බය උනේ? ඔහේ වත්ද ඔය සාස්තරේ කිවුවෙ……??"
"පිස්සුද ගෑණියෙ… මම කවද්ද බොරු කිවුවෙ… මම ඔහොම දෙයක් කිවුවොත් කියන්නෙ දෙවි දේවතාවුන් වහන්සේලා පෙන්නුම් කලොත් විතරයි.…"
"අ…නෙ… මම නොදන්න ඔහේගෙ දෙවි දේවතාවුන් වහන්සේලා……"
"මට පරක්කු වෙනවා ඕයි දේවාලෙ අරින්න…" යි කියමින් පිටව යන සිරිපාල දෙස කුසුමා බලා සිටියෙ කේන්තියෙනි.

"කවදා හරි ඕවා ගෙවන්න ගත්තම කොහෙන් ඉවර වෙයිද බලමුකො… අර අහිංසක දරුවොත් මේ කරුම ගෙවයි…" සුසුම් හෙළමින් දැහැන් ගත වූ කුසුමාගෙ දැහැන බිඳ දැමුවෙ සිරිපාලගෙ දේවාලයෙ දෙසින් එකිනෙක පරයමින් ඇසෙන යාතීකා හඬින් සහා සීනු හඬිනි………………………

© ප්‍රියා.

(පින්තූරයට ස්තූතිය……
http://www.silumina.lk)

195 comments:

  1. මං දන්න උන් කිහිප දෙනෙක්ම ඉන්නව බං . තනිකරම බොරුව

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා අයියෙ, ගොඩක් උන් කරන්නෙ බොරුව වංචාව. ඒත් ඕවට අහුවෙන උනුත් ඉන්නවනෙ.

      Delete
    2. අර ෙපාඩි සිය එෙහමත් ඉන්ෙන් ඔය පැත්ෙත් ෙන්ද අටම්මලෙයා්

      Delete
    3. @ නලින් අයියා, ඔව් ඒ සීයාලා ඉන්නෙ ඒ පැත්තෙ නේද?

      Delete
    4. නලියා බීලා.. කොම්බු ඇල වෙලා.. හැක්..

      Delete
    5. @ දේශාකයා, හි… නලින් අයියත් කෝක් බොනවද? :)

      Delete
    6. අද ඉරිදනේ බං.අද තමා නලියා වස් දොස් අරින දවස :D

      Delete
    7. අද ඉරිදද? :o මට දැනුනෙවත් නෑ බොල. :)

      Delete
  2. මේකනේ බං අපේ ගොන් හැත්ත විස්වාස කරනවනේ ඔක්කොම!

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා බං ලොකුම ප්‍රශ්ණෙ… උන් පිඳුරු පෙන්නලා මේ බත් කිවුවොත් පිඳුරුත් කයි හොදි එක්කම.

      Delete
  3. ඔහෙත් මාර කතා නේ පංගර්තු කරන්නේ හැබෑට. මොකෑ කිව්වත් ඔය මාතර පැත්තේ තමා යන්තර මන්තර ගුරුකම් සීනි මතුරණ, කොඩිවිණ කරන, දෙහි කපන උන්දැල ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔහෙ මේ මක්කැයි දොඩන්නේ.. මාතර පැත්තෙ විතරයිය එ් ගොල්ලා ඉන්නේ. අර මැනික්හින්නෙත් ඉන්නෙ. ඔහේ දන්නෙ නැතෙයි..

      Delete
    2. මේ ගොයියෝ මං මක්කටෙයි මැනික්හින්නේ රැස්පෝල් බලන්නේ.. බොට ඇහැකි නං ඒ ගැන වස්තරයක් කියහං ඈ...

      Delete
    3. ඔහෙත් ඒ පැත්තෙම නේද ආයි බොවං

      Delete
    4. දේශක උන්නැගෙට වදින්න කියලා අද රෑට වස් කවියක් කියනව ඔ්ං..

      Delete
    5. @ දේශකයා, ඇත්තට ඔය මාතර පැත්ත ඒ දවස් වල ටිකක් ඔය වැඩ වලට ප්‍රසිද්ධයි නේද? ඒත් ඉතිං කරුමෙ කියන්නෙ මේ විශබීජ රට පුරාම පැතිරිලයි තියෙන්නෙ.

      Delete
    6. @ විදානෙ, දැන් නම් ඕකුන් රට පුරාම ඉන්නවා බං.

      Delete
    7. @ නලින් අයියා, අපෙ දේශකයා ඉන්නෙ ඒ පැත්තෙද? ඇත්තද දේශො? :)

      Delete
    8. @ දේශා & විදානෙ, හරි හරි බොලා දෙන්නා වස් කවි කියා ගනිල්ලා. අපි හොදම වස් කවිය තෝරන්නම් හැක්. :) :)

      Delete
    9. මම පස් පාහග්නෑ ඔය පැති වල මොකද පස් වලටත් මතුරනවලු... විදානේ නං ඔය පැත්තේ තමා..

      Delete
    10. හරියට හරි මතුරලා පොලවේ ඉරක් අඳිනවා ඔය දේශකයට අඩියක් ඉස්සරහට එන්න බැරි වෙන්න..
      දෙයියම්පා..(පාවහන්)

      Delete
    11. කෝමද උඹගේ ඇදුමෙන් නූලක් ඇදල අරන් ඒකට වශියක් කරාම ආචිචියෙක් සැට් වෙන්න..

      Delete
    12. හැක් හැක්..
      අාච්චියෙක් කමක් නෑ මම පෝනියෙක්ගෙ මයිල් ගහක් අරන් මතුරනවා දේශකට සැට් වෙන්න කියලා...

      දේශකගේ පොස්ට් එකේ කොමෙන්ට් පබ්ලිස් වෙන් නෑ.. ගිහිං බැලුවනං (අපරාදේ මම *ක විකාගෙන ලියපු කවිය)

      Delete
    13. පබිල්ස් වෙනවා බං 200+ ප්‍රශ්නය ඇවිත් ඒකයි මං නිහඩව ඉන්නේ. කව්රු හරි උපදෙසක් දියල්ලා ඒකට.. ලෝ්ඩ් මෝර් වැඩ කරන්නෙ නෑ උපන් දවසේ ඉදලම බං...

      Delete
    14. @ දේශකයා, නොවරදින නීච කුල බන්ධන රොඩී රැහැනේ වශී ගුරුකමකින්ද විදානෙට ආච්චි කෙනෙක් බන්දන්න හදන්නෙ.

      නරකද ඔය ලෝඩ් මෝර් පුරශ්නෙ අපේ හොද තාක්ෂණික වෙදෙක්ට පෙන්නලා බැලුවොත්.

      Delete
    15. @ විදානෙ, දේශාට පෝනියා පිටේ ගමනුත් යතෑකි.

      දේශගෙ බ්ලොගේ කොටපු කමෙන්ට්ස් පබ්ලිෂ් වෙලා නැත්තෙ උඹ තරුවක් හපාගෙනනෙ කොටලා තියෙන්නෙ ඒකනෙ. හැක්.

      Delete
    16. දේශක, මං මේ හිතවත් කමටයි විස්සාස වන්ත කමටයි ඔහෙට දොඩන්නේ..
      (කනටකර රහසින්) අර අලුකුත්තේරු පත්තරයගෙ කොමන්ට් ටික මකලදාන්න එතකොට තව 75ක් විතර දාගන්න පුළුවන්.. මේ මං එහම කිව්ව කියල කියන්න එපා..

      ජය වේවා!!!

      Delete
    17. ගෑනු පෝනි සතෙක් බන්දපං යකෝ .. නැත්තං දේශ ගේ $% පලයි. .. ඕ යේස් !!!

      Delete
    18. විදානේ , 75 නෙමෙයි මචෝ සීයකට එහා මගේ.. :D

      Delete
    19. පත්තරේ, එක්කො අපිම එකෙක් හොයා දෙමු. නැත්නම් මූ හදීසියට පිරිමි සතෙක්ගෙ මයිල් කපා ගනී. :)

      Delete
    20. @ විදානෙ, උඹ රහසෙන් කිවුවට මෙන්න මූ අහන් ඉදලා මේන් :)

      Delete
    21. @ පත්තරේ ~ අනේ උඹ 100 දැම්මට ඊළග උන්ට දාන්න අනික් 100 ඉතුරු කරලා තියපන් හොදේ.

      Delete
  4. අපි එක්ක වැඩකරන බුවෙක් ඉන්නව මිනිහත් ඔය ශාන්ති කර්ම වගේ එ්වා කරනව....

    ඔ්ං නමෝ....... වර වර.. ඔඩ්ඩි සූනිනියං වර වර.. එස්වා.. හො:
    කියල ලොකු දුම්මල ටිකකුත් ගහල වැඩේ පටන් ගන්නවා....

    හෙ: අපි නොදන්න යාතිකා....

    සිරා කථාව ප්‍රියා..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් පිස්සු හැදෙන්නෙ ඔය හෑලි ඇහෙත්දි තමයි බං. පුදුමෙ අළුත් පරම්පරාවෙ උනුත් ඉන්නවනෙ මේවා මත්තෙ නහින.

      ස්තූතියි විදානෙ.
      ජය වේවා……!!!

      Delete
  5. පට්ටම පට්ටයි ප්‍රියා මේක.... මේ ගොං වාහෙලාට අහුවෙනවානේ බං ලක්ෂගාණක් මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියෙ.…ඇත්ත දැන දැනත් අපේ සමහරක් මේවට අහු වෙනවනෙ අයියෙ. ඒකනෙ කරුමෙ.

      Delete
    2. පට්ටම පට්ටයිද නැත්නං තට්ටම පට්ටයිද නලියෝ...

      Delete
    3. හැක්. තට්ටම පට්ටටයි. :) බොගෙ කට තමා කට. :)

      Delete
    4. සිරාවට ප්‍රියා නියම කතාව.. හොඳ නිලයක් ඇල්ලුවේ !! පට්ටයි.

      Delete
  6. මටත් මරු අත්දැකීමක් දෙකක් තියනව බං.. අපේ අම්මට එක ගෑණියෙක් හෙන බෝලයක් බස්සලා මැරෙන්න හැදුව බං ..කීවට අහනවැයි එක්කං ගියා .. පංසලක් යකෝ පංසලක් .. ඒක ඇවිල්ලා අමුතුම ජාතියෙ පොට් එකක් බං .එතන ගරා වැටිලා .ඉන්නෙ පංසල් වලින් රිජෙක්ට් වෙච්ච ලෝක ආඳො ටිකක්.. මං වාහනේට වෙලා ඉද්දි මටත් අඬගැහුවනේ අම්ම.. මාත් ගියා .

    එක විකාරයයි.ගෑණු සාත්තරේ හරියට කියවුනා කියල අඬනවා ආමිඑකේ කෙල්ලෙකුට එක ගණයෙක් ටෝක් කරනවා ආතල් කෝටියයි.. ඒ අස්සෙ යන්න ලෑස්ති වෙලා අපේ ගෑනි හාමුදුරු කෙනෙක්නේ කියල එකෙකුට වැන්දා..තව එකෙක් පස්සෙන් ඉඳන් ඩෙනිම පොඩ්ඩක් පහත් උනාම කන්ඩ වගේ බලාගෙන..මං පිටිපස්සෙන් බලාගෙන..මට යකා නැග්ග බං..අම්මපා.!! ..ලඟට ගිහිං කනට කරල ඇහුව මොනවද $ත්තෝ බලන්නෙ කියල.. මට හෙන බයිලයක් ගහගෙන ආවනෙ .මාව හැප්පිලා මැරෙන්න ගුරුකං කරනවා අරක මේක කියල.මං කීව කරපිය කියලා පුලුවන්නං ..හොර වේස හැත්ත ඕකුං.. කියපු දේවල් අමූලික බොරු .. අපෙං වචනෙ අල්ලං ගේම ගහනවා..ඕකයි සෑත්තරේ ..

    එනගමං මං කීවා අපේ අම්මටත් බං දාඩිය මහන්සියෙං හදාගත්ත දේවල් වලට බූතයො තියා මොකෙක්ටවත් කොරන්ඩ ඇහැක් ලබ්බක් නෑ කියලා..ඔව් පුතේලු.. එහෙනං ඇයි ආවෙ ඇහුවම xxxx කෙනා හොඳ තැනක් එක දවසක් ගිහිං බලන්නකො මං කියනවට කීවලු...

    ReplyDelete
  7. අන්න ඕක තමා බං ඇත්ත… ඔය ගොඩක් හැත්ත කරන්නෙ අපේ කටෙන්ම ඇත්ත ඇදලා අරගෙන අන්තිමේ අපිටම ගුලිය බස්සනවා.

    අනික ඕවයෙ ඉන්න තරමක් ඉන්නෙ ගෑණු හොරු. මතකනෙ අර රුවන්වැල්ලෙ සෝභිතයා එහෙම.

    ඔය අමරුවෙ දාන තරමක් දාන්නෙ ඔහොම තැන් වලට ගිය ඌන්ම තම බං "අනේ හොදයි, බලන් හිටියා වගේ කියනවා අරකයි මේකයි" කියල මිනිස්සු රවට්ටනවා.

    මේ නිකමට අහන්නෙ උඹ හැප්පිලා මැරියන් කිවුවම උඹ අර ටික විතරමද කිවුවෙ. හැක් අනේ අපි නොදන්න උඹේ කට. :) කියන්න ඇති ඌට කණේ ඇඟිලි ගහ ගන්න. :)

    ReplyDelete
    Replies
    1. :D ඒව පොඩි ළමයින්ට හොඳ නෑ .. හෙහෙ.. ප්‍රශ්න දාහක් ඔලුවෙ තියං එන අහිංසක මිනිස්සු අන්දනවා මාර ඇන්දිල්ලක් බං.. ළිදේ වතුර හත් පාරක් පෙරලා වීදුරු බෝතලේකට දාල වටාපත් දෙකක් දෙපැත්තෙං තියලා මාර කැටයමක් කැපුවෙ බොල.. මාත් දැක්කමයි එහෙම සීන් එකක්.. අපිටම කියනවා ඒකෙන් පේනවලු බලන්නලු.. අපේ හිතේ තියෙන්නෙ ගෙයක් නං ඉතිං පේන්නෙ ගෙයක් වගේනෙ ..අන්න පොයින්ට් එක .. ගේ එපා කරවනවා .:D හොර හැත්ත.

      Delete
    2. මම පොඩී තමා බොල. එහෙනම් ලොකු උනාම කියපිය. (මොකක් ලොකු උනාමද කියලා එහෙම අහන්නෑ ඕන්) :)

      සිරාවට බං ඕකුන් කතා කරන්නෙ අපේ මනසට. එතනට ඌට වෙන්න ඕනදෙ කාවැද්දුවට පස්සෙ මොන දේත් පේන්නේ ඒදේ වගේ තමා. මෑන්ලගෙ ඔය දක්ෂ කම වෙනදේකට ප්‍රයෝජනේට ගත්තා නම්… ලංකාවම ගොඩ… හොර හැත්ත…

      Delete
  8. හැබෑවටම ඔය සිද්ධිය අස්සේ ඔහොම් කතාවකුත් හැංගිලා තියෙන්න බැරි කමක් නෑ තමයි ....උඹේ පරිකල්පන හැකියාව උපරිමයි .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්, ඇත්තටම අපි සිද්ධියක් බොහෝ විට දකීන්නෙ එක කෝණයකින්… ඒ වගේ තව පැති කීයක් හැංඟිලා ඇත්ද? එකම කතාවට අර්ථකතන කීයක් තියෙන්න පුළුවන්ද?

      Delete
    2. මාත් සාත්තර කියන්ඩ ගන්නව .. හැබැයි නංගිලටයි ඇන්ටිලටයි විතරයි .. ඕ යේස්. කිරිගහට ඇන්න වගේ හරි .. ක්ෂනික දරුඵල..අත බලා සාත්තරකීම.

      Delete
    3. @ පත්තරේ
      නංගිලටයි අැන්ටිලටයි සාස්තර කියන කොට කිරි ගහට අනිනනව වගේ අැති නේ.

      Delete
    4. නැතුව නැතුව විදානෙ. කිරි ගහට ඇන්නම බේරෙන්නෙ පැණි .. :D

      Delete
    5. @ පත්තරේ ~ ක්ෂනික දරුඵල කියන්නෙ… එවලෙම දරුවව අතට දෙනවා වෙන්ටැ. ;)
      මට මතක් උනේ "දෙයියො දුන්න දරුවා- දරුවා දුන්න දෙයියා" කතාව :) :D

      දැන් අපි මුදවපු කිරි කන්න පැණි ගන්නෙත් කිරි ගහකට ඇනලා බං. ;)

      Delete
    6. @ විදානෙ ~ පත්තරේ ශාස්ත්‍රීයව හදාරලා තියෙනවලු බං ඇන්ටිලාටයි කෙල්ලෙන්ටයි සාස්තර කියන විදිහ ගැන තැපෑලෙන්.

      Delete
    7. ක්ෂණික දරු ඵල කියන්නෙ මචං අප්ලෝඩ් එක එවෙලෙම කරල දෙනව ..මාස 2 කින් යූරින් ටෙස්ට් එක කරල සෙටිපිකට් එකෙ දෙයියංගෙ සීල් එක ගහල තාත්තට හෑන්ඩ්ඕවර් කරනව.. අපේ රජකාරිය ඉවරයි. කට්ටිය ඉන්නවනං එවපං.. දෙයියො උඹටත් සලකයි

      Delete
    8. පත්තරේ, අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි වෙන්ටැ. හැක්. එතකොට තාත්තට තියෙන්නෙ උප්පැන්නෙට නම දෙන එක විතරයි. හරිම සිම්පල් ප්ලෑන් එකක්.

      අනෙ අම්මෝ ඔය දෙයියගෙ සැළකීම නම් එපෝ.

      (උඹෙ කට තමා බං කට) :)

      Delete
    9. ඕ යේස් :D තාත්තගෙ බැරිනං උඹේ නම් උනත් දාල දුන්නහැකි .. ඒ ඔප්ෂන් එක නොමිලේ.. වැඩ වැඩි උනොත් දෙයිය පල් වෙනවනේ බං.. ඊට කලිං එවපං.. මේක සමාජ සත්කාරයක්නේ .සත පහක් එපා ..

      Delete
    10. අර " පියාගෙ නම ඉරක් උනේ - කොහොමද අම්මේ " කියල සිංදුවක් තියෙන්නෙ.. ඒ මචං ඔයවගෙ සීන් එකක්..

      Delete
    11. +++++++++++

      යකෝ උඹෙ කමෙන්ට් වලට තනියම හිනා වෙලා මේ ගෙදර මිනිස්සු මාව අංගොඩ යවනවා කොයි වෙලේ හරි.

      කොච්චර උනත් දෙයියා පල් වෙන්න දෙන්න නරකයි බං. අනාගත සනුහරේම අඳුරෙ තමා එහෙම උනොත්. :) ;) ;)

      Delete
    12. පත්තරේ,
      මටනං හිතෙන්නෙ තිලක් කියන කට්ටඩියගෙ වැඩක්..
      "පියාගෙ නම තිලක් උනේ කොහොමද අම්මේ..." උෟ තාත්ත වෙනුවට නම දීල

      Delete
    13. හෙහ් හෙහ්, උඹටත් මං සිස්ටම් එක කියල් දෙන්නං.. පොඩියට පටං ගනිං..දුවෙක්ද පුතෙක්ද ඕනෙ අහපං.. ක්ලච් එකෙයි බ්රේක් එකෙයි ගේම තියෙන්නෙ..අමාරු තැනදි හෑන්ඩ්බ්රේක් ඇදපං .ඉන්ටවල් :D

      Delete
    14. @ පත්තරේ ~ යකඩෝ… ඒ කියන්නෙ උඹ ඒ කාලෙත් ඔය දෙයියගෙන් වැඩ ගත්තද? :) නැත්නම් ඒ වෙන දෙයියෙක් වෙන්ටැ. :)

      Delete
    15. විදානෙ .උඹට ඇහෙන්නෙ ප්රියා කියල නෙමෙයිද :D

      Delete
    16. ප්‍රියෝ .. මං ෆස්ට් එකට දාල ඇක්ස්ලේටරේ පා .. . . . . ගගෙනම හිටියා .. ඇංජිමත් එක්ක කෙලවිලා පලයං කියලා :D

      Delete
    17. @ විදානෙ ~ හි… තිලක් ගුරුන්නාන්සෙ තමා හොරා.… දරුවා දුන්න දෙයියො… :)

      Delete
    18. @ පත්තරේ ~ ආඩම්බරයි මචෝ, උඹෙ බොක්ක හොදයි. බලපන් උඹ ගුරු මුට්ටිය තියාගන්නැතිව බොක්කෙන්ම උගන්නන හැටි. :)

      අනෙ අම්මෝ මං අහිංසක දරු පවුල් කාරයා බොල ඌට ඇහෙන්නෙ ප්‍රියා නෙමේ 'විදානෙ කියලලු. :)

      ඉතිං බොල පත්ත‍රේ ෆ්‍රස්ට් එකේ තියලා ඔච්චර පාගලා ඇංජිම බිමද තිබ්බෙ. ;) :)

      Delete
    19. //ප්‍රියෝ .. මං ෆස්ට් එකට දාල ඇක්ස්ලේටරේ පා .. . . . . ගගෙනම හිටියා .. ඇංජිමත් එක්ක කෙලවිලා පලයං කියලා :D//

      කෙළවිලා ගියොත් තව අැන්ජිං කබලක් හොයාගන්න වෙයි

      Delete
    20. ඇංජිමම තිබ්බෙ නැ.. බෝර් කරල ස්ලිව් එකක් ගැහුවා :D

      Delete
    21. @ විදානෙ ~ ආයෙ අහලා බං. මම මේ කල්පනා කලේ පත්තරේට ලර්නස් තුන හතරක් දා ගනින් කියන්න. :)

      Delete
    22. @ පත්තරේ ~ මම හිතුවා, ඇංජිම "ඇයන්න ජිංජි මයන්න" වෙන්න ඇති කියලා. :) :)

      Delete
    23. ඇංජිම තිතට වැඩ.. සෙන්ට්‍ර් දුන්න ගියා.. වාහනේ යන්නෙ හරහට .. හැක්

      Delete
    24. හරහට. ඉක්මනට පේටන්ට් බලපත්‍රෙ ගනින්. නැත්නම් ඔය තාක්ෂොණේ කවුරු හරි උස්සයි. ;)

      Delete
    25. හෙහෙ ..අද ඉරිදනේ .. කස්ටිය පොඩ්ඩක් ..... :D මං ගියා මචෝ ..

      Delete
  9. නියම කතාව ප්‍රියා....

    ඔතනදී වෙන්නේ බොරු කීයක් කියවුණත් එතනදී කියවෙන ඇත්ත විතරක් අපි මතක තියාගෙන ඉන්න එකයි. අපිත් දවසක් නැතිවුණ දෙයක් හොයන්න ගියා. ඒකට අකුරක් අල්ලලා බලං හිටියා. ඒකට වෙච්ච දේවල් 10 ක් විතර කිව්වා. ඒ අතරේ වුණා කියලා හිතන්න පුළුවන් දේවලුත් තිබුණා. ඉතින් ඕක තමයි සාස්තරේ..................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු,

      අන්න ඒක තමා ඇත්ත. අපි අඹ ගහකට ගල් දහයක් ගැහුවොත් එක ගලක් හරි වදින්න ඉඩ කඩ වැඩියි. අන්න ඒ වගේ මෙයාලත් ඔය ගේම ගහන්නෙ අමුතුම විදිහකට.

      Delete
    2. අනික ප්‍රියා අපේ මිනිස්සුන්ටත් තමන්ගේ ජීවිතය ගැන තමන්ට විශ්වාසයක් නෑ. තමන්ට තමන් ගැන ශක්තිමත් හැගීමක් නෑ. ඉතින් පාඩි දේටත් පේන, සාස්තර අහන්න යනවා. තමන්ට හෙට වෙන්නේ මොනවාද කියලා තීරණය වෙන්නේ තමන් කරන දෙයින් මිසක් කොහෙවත් ඉන්න මිනිහෙක් අනාගත බලලා කරන දෙයින් නෙමෙයි කියලා තේරුම් ගන්න තරම් මේ මිනිස්සුන්ට මොලේ නෑ, ඒක එක ආකාරයක පෞරුෂ දුර්වලතාවයක් ප්‍රියා...............

      Delete
    3. 200% එකඟයි කුරුටු, ඇත්තෙන්ම ඔතන තියෙන්නෙ පෞරෂය පිළිබද ප්‍රශ්ණයක්. තමන්ට දරා ගත නොහැකි ගැටළුවක් ආපු ගමන් කරන්නෙ කොහේ වත් ඉන්න දෙයිටෙකුටයි මිනිහෙකුටයි තමන්ගෙ ජීවිතේ භාර දෙන එක.

      Delete
  10. ඩ්ද්ෙේව් ව්ර්ම්ා ට්ත්ිය්ෙන් හ්ැම් එක්ාම් ක්ර්න්න්ෙේ බ්ොර්ුව් බ්න්

    ReplyDelete
    Replies
    1. Helakuru eken comment kale :/
      Ei ban mehema wenne?

      Delete
    2. මාත් දැන්නම් ෆෝන් එකෙන් බන් ඉන්නෙ. හෙළකුරු එකෙන් තමා මේ ටයිප් කලෙත්.

      හැබැයි උඩ නලින් අයියගෙ කමෙන්ට් එකකත් ටිකක් අප්සට් වෙලා තියෙනවා පේන විදිහ. මොකක් හරි අවුලක්ද දන්නෑ. :(

      Delete
    3. සෑමො
      /////ඩ්ද්ෙේව් ව්ර්ම්ා ට්ත්ිය්ෙන් හ්ැම් එක්ාම් ක්ර්න්න්ෙේ බ්ොර්ුව් බ්න් //
      හරියට හරි බං.. ඕකමයි මාත් කියන්නෙ....මුන්ට තේරෙනවයෑ !!!

      Delete
    4. ගැත්තාට සමා කරලා ආයෙ පාරක් හිංගලෙන් තේරුන් කරලා දියන් පත්තරේ. :) :)

      Delete
    5. ඔමාගෙ ෆොන්ට් එකටත් ඔහොම එකක් වෙලා තිබ්බ. :) හෙළකුරු බීලා.

      Delete
    6. ප්‍රියා .. මමත් අද හෙලකුරු වලින් කෙටුවේ..කිසි අවුලක් නෑ මචං වැඩ නියමෙට.. ආ ඒක බං මට තේරුනාට උඹට තේරෙයිද දන්නෙ නෑ ..සෑම කියන්නෙ %##%* :"<¢| ¥^€€¥ ¥®® €^® ¢¢>><¡¡= කියල .. තේරුනා නේ :D

      Delete
    7. /////ඩ්ද්ෙේව් ව්ර්ම්ා ට්ත්ිය්ෙන් හ්ැම් එක්ාම් ක්ර්න්න්ෙේ බ්ොර්ුව් බ්න් //
      දැක්ක ගමන් මටත් මීටර් උනා පත්තරේ කාෙහද මුන් වගේ හරක්ට ඔව්වා තේරේන් නෑනේ

      Delete
    8. ඒක නේන්නං විදානෙ අද ඉරිදත් වෙච්චි මේ වෙද්දි ඉන්ඩෙපැයි බඹර වගේ.. අර පේන් නැද්ද නලින් අයියා.. කොම්බු ඇලපිලි බල්ටි ගහනවා..මුන්ට අපිම තේඑඋං කරල දෙන්ඩෝනැ හැම දේම

      Delete
    9. @ බස්සි ~ ඒ ඔමා හෙළකුරු වලට කෝක් පොවලා. උපදෙස් දීලා තියෙන්නෙ දේශා. :)

      Delete
    10. @ පත්තරේ ~ ආ හරි හරි මචන් මට දැන් ඕන් යාන්තමට තේරුනා. තැන්කූ ඈ තේරුම් කරලා දුන්නට. :)

      Delete
    11. @ විදානෙ ~ නෑ බං උඹට කියන්න මටත් ලාවට වගේ තේරුනා. අර උඹලට තේරෙයිද බලන්න තේරෙන්නෑ වයෙ හිටියා. ඕන්. :) ;)

      Delete
    12. පෝන් එක ඔමාට බය වෙලා නෙවෙයිද ??? :D

      Delete
    13. @ පත්තරේ ~ ආ ආ මේ දැන්නෙ බොල මගෙ ටිකිරි මොලේට යථාර්තය තේරුම් ගියෙ පොල්ලෙන් ගැහුවා වගේ. :) :) හෙළකුරු කෝක් බීලා. :)

      Delete
    14. පත්තරේ, ඔන්න දැන්ම ඔමා ආවොත් උඹම අහ ගනින්. හැක්. :)

      Delete
    15. පෝන් එක නෙමේ බං ඊස්‍රායල් අගමැතිත් බයයි ඒකිට..සීය ගැන හිතාගත්ත හැකිනේ :D

      Delete
    16. හි… සිරාවට උඹ වැඩිය ඔමාව කේන්ති අවුස්සන්න එපා. මේ උඹෙ කමෙන්ට් ටික දැකපි ගමන් උඹව හිතාගෙන සීයාට නෙළයි. :) :)

      Delete
    17. අාං අපූරි පැරකුම් නැතිකරං හොයනව *ක කැඩිච්ච කඩිය වගේ..

      Delete
    18. ඔව් බං අපරාදෙ ඒක නම්. විස්තර දන්නැති අය මෙතනින් බලන්න. :) :)

      Delete
    19. @ප්‍රියා, පත්තරේ, විදානේ,

      බොලන්ලගේ කොමෙන්ට් කියවලා බඩත් රිදෙනවා යකෝ.......
      කියන්න ඕන ඒවා ඔක්කොම උබලා කියලා.

      පොඩ්ඩක් කියහන් ඔය මොකක්ද 200+ ද, ලෝඩ් මෝර් ද, කියල ලෙඩක් ගැන කිව්වේ....!

      Delete
    20. නිමෝ...
      කොමෙන්ට් 200ට වැඩිනං එ්වා පෙන්නන් නැති කේස් එකක්.. දේශකයට වෙලා තියෙන්නේ..

      Delete
    21. @ නිමෝ ~ හැක් හැක්.… අපි ටික මේ මහත් වෙන්න ට්‍රයි එකක් දෙනවා බං හිනා වෙලා. ;) ;)
      බොට උත්තරේ විදානෙම දීලා තියෙන්නෙ. කමෙන්ට්ස් 200 පැනපු ගමන් කෙළෙවෙනව බං.

      @ විදානෙ ~ ඕක විතරක් නෙමේ බං කමෙන්ට්ස් වල තව ලෙඩ දෙක තුනක්ම තියෙනවා අළුතෙන්. බලපන්කො ඉවසලා බලලා බලලා මම කරනදේ බැරිම උනොත්. ;)

      Delete
  11. බොරුව රජයන සමාජයක ඕවා අහන්න වෙන එක පුදුමයක් නම් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මාතලන් අයියෙ. ඉහලම තැන ඉදන් දෙන ආදර්ශය බොරුව නම් පහල තැන්වල මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නම් නෙමෙයි.

      Delete
  12. අපේ මිනිස්සු අන්දන්න හරි ලේසී බන්.. මාත් හත් අට දෙනෙකුට සාත්තර කිවුවා වුන්ගේ කටින් අල්ලලම.. පස්සේ තෙරුන් කරාමයි වුන්ට තේරෙන්නේ සාත්තරේ කිවුවේ වුමයි කියලා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ෂැගියො, අපේ මිනිස්සු හරි ඉක්මනට රැවටෙනවා වගේම ඔය රැවටීම ඉක්මනින්ම අමතක වෙනවා. එතනයි වැරැද්ද.

      ෂැගියත් ලේසි නෑ. සාස්තර කාරයෙක් ආ.… :)

      Delete
  13. උඹල සාස්තරේට නිග්‍රහ කොරනව හෙම නෙවෙයි ඕන්,මාත් පොඩියටවත් පටන් ගන්න කියලයි ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හි… ලේසි වෙන්නෑ. ගැත්තාට සමා කල මැනවි හැලප අයියෙ අපි නම් නෙමේ ඕන් නිග්‍රහා කලේ.

      (අපිටත් බැරියෑ වශියක් එහෙම කර ගන්න ඉස්සරහට.) :)

      Delete
    2. ප්‍රියා
      හැලප කොල 21කුයි, පඩුරු විදියට රු 103.79 කුයි, තව ගල් බාගෙකුයි, ගෙනෙන්..

      Delete
    3. බිලි දෙන්ඩ රෝස් කුකුලෙකුයි හඳුංකූරු එපා ඩන්හිල් පැකට් එකයි ..

      Delete
    4. වැඩේ හරිගියොත් (1000% ක් ෂුවර්) වැල් පෙනල බැරල් එකක් බීලා වැඩ පටං ගනින්..
      එ්වා බොන්න බැරිනං කෙන්ජිගේ දූරියන් අැට සුප් එකෙන් බූලියක් බිහල වැඩ පටන් ගන්න පුළුවන්..

      Delete
    5. මොන දූරියංද අපේ හැලප අයියට .. බැටරි ඇසිඩ් වගේ තාම.. ගැවුනොත් පිච්චෙනවා :D

      Delete
    6. මං කිව්වේ Cupi* පිරියා ට

      Delete
    7. @ විදානෙ ~ හප්පට සිරි ඇත්තටම උඹත් ගියා නේද වශියක් කර ගන්න හැලප අයියා ගාවට. :)

      හප්පේ අපෙ නෑනෙ බං ඔය කෘතිම ජාති බාවිතයක්. අපි කොණක ඉදන් ශ්‍රී ලාංකිකයි. ;) ;)

      Delete
    8. @ පත්තරේ ~ රෝස් කුකුළෙක් එක්ක සුදු බීඩි මිටි දෙකක් දෙන්නම් බොට. :)

      වැල් පෙනේල බොනවා නම් එහෙම තමා බන්. ;) ;) ;)

      Delete
  14. ගාලතැන්නෙ වගේ හොරු යහතින් ඉන්න රටේ තව මොන කතාද!

    ReplyDelete
    Replies
    1. ඇත්ත Kandyan, අපේ මිනිස්සුන්ගෙ රැවටීමයි ඒ රැවටීම ඉක්මනින් අමතක වීමයි තමා ඔක්කොටම මුල.

      Delete
  15. ගොඩක් තැන්වල සිද්ධවෙන බොරුව නිසා ඇත්තත් යටපත් වෙන එක තමයි දුක. නියමයි ප්‍රියා අයියා............

    ReplyDelete
    Replies
    1. ඇත්ත මලයා. ටික දෙනෙක් ඇත්ත කිවුවත් වැඩක් නෑ අති බහුතරයො බොරු කාරයො නිසාම ඒ මිනිස්සත් කිච වෙනවා… ස්තූතියි මල්ලි.

      Delete
  16. දේවාල කවදාවත් නවත්වන්න බැ.....මිනිස්සු අහුවෙන බව දැන දැනම ..... යන්නේ එතෙන්ට.....මිත්‍යා විශ්වාශ පිලිගන්නවා....

    ReplyDelete
    Replies
    1. ඔව් නිහංසා, ගොඩක් මිනිස්සු ඔතනට බොරු බව දැන දැනත් යන්නෙ හිත සනස ගන්න වෙන්න පුළුවන්. ඒත් අන්තිමට වෙන්නෙ ඒකෙ අනික් පැත්ත.

      Delete
  17. කාලීනයි.සුපිරියි.

    ReplyDelete
  18. නොපෙනෙන දෙයියන්ට වඩා පෙනෙන යක්ෂයෝ අපිට හොඳයි බන්

    ReplyDelete
    Replies
    1. උඹට වඩා ඕන එකෙක් හොඳයි !!!

      Delete
    2. @ මැලේ ~ ආයෙම අහලා සිරා කතාව බං. දෙයියො උනත් ශුවර් නෑ බං.

      Delete
    3. @ පත්තරේ ~ එතකොට උඹේ සාදරණීය තරහා කාරයා ඉවාන්?? :) :) හැක් හැක් :) :)

      Delete
    4. ආ ඌ බැඳල නේ බං, ඊට වඩා හොඳ දඬුවමක් මට හිතාගන්ඩ බෑ .. :D

      Delete
    5. බඳිනවා කියන්නෙත් ලෝක දඬුවමක් නේන්නම්. හැක්. (මම නෙමේ කිවුවෙ ඕන්,) ;) :)

      Delete
  19. උඩ කමෙන්ටු කියවන්න බැරි උනා ..මෙන්න මං දන්න ඇත්ත කතාවක් රටේ ඔය මහ රජා පවා යන දේවාලේක කපුවා අපේ ගමේ සමුපකාරයේ බඩු කිරපු මනුස්සයා මනුස්සයාට රස්සාව නැති උනා පස්සෙ ඉබාගාතේ ගියා මෙන්න පස්සෙ කාලෙක දේවාලේ කපුවා ,අපරාදේ කියන්න බෑ දැනට දක්කත් කතා කරනවා ,ඕන නම් දේවාලේ නම් ප්‍රයිවෙට් එකේ කියන්නම් ගිය දවසක අහලා බලන්න ,කපු මහත්තය මෙහෙම කෙනෙක් අදුනනවාද කියලා ...හැක්

    ReplyDelete
    Replies
    1. අඩේ උෟට බඩේ පාර ගහන්න එපා සහෝ, අාණ්ඩුව පෙරලුණාම ගියපු අෑයොම වමාරයි...

      Delete
    2. @ සහෝ ~ සිරාවට බං. ඔය ගේමට බහින්නෙ ගොඩක්ම ඔහොම උන් තමා. අන්තිමේ උන්ගෙ පරණ ඇරියස් අහිංසකයො පිටින් යවනවා.

      Delete
    3. අපෙ රජතුමා නොයන දේවාල හොයන්නනං හම්බෙන් නෑ පුතේ.. මෙහෙ ඒව සේරම කවර් කරලා ඉන්දියාවෙත් යන්නෙ :D

      Delete
    4. @ ව්දානෙ ~ උන්ට ගහන්න දෙයක් සිරාවටම නෑ බං. ආණ්ඩුව පොඩ්ඩක් දෙදරපු ගමන් ඉස්සෙල්ලම විසි වෙන්නෙ ඕකුන්.

      Delete
    5. විදානේ නම් දේවාලේ මොකක්ද කියලා දන්නවා ඇති ,අර පොඩ්ඩිලා ගේ ගෙවල් වලට ලගම තියෙන ප්‍රසිද්ධ දේවාලේ ..බඩේ පාර ගහන්න දෙයක් නෑ තකතිරු ජෝතිෂ්‍යකාරයෝ ඉන්නකන්

      Delete
    6. "පත්තර මල්ලි

      මේ දේවාලේට තමා රජා වැඩියෙනම යන්නෙ මං දන්න විදියට

      Delete
    7. @ පත්තරේ ~ සිරාවටම බං. ඒ විතරක්යැ අලුතෙන් දේවාල හදෝලා හරි යනවා බං.

      Delete
    8. සහෝ ~ හප්පට සිරි විදානෙත් දන්න පොරක්, හරි හරි. :)

      රජා වත් රවට්ටන රජ වැඩ කාරයෙක් තමා මෑන්. බලන් ගියාම. :)

      Delete
    9. @ සහෝ,
      හරි හරි, දෙයියන්ට පස්තියන, පන දෙයියන්ගේ දේවාලේ නේද?

      Delete
    10. කෙළියා විදානෙ. +++++++++ ඔව් ඔව් බං ඒක වෙන්නැති. ;)

      Delete
  20. අපේ රටේ මිනිස්සු ඔව්වා ගැන හිතනවා ඕනෙවට වැඩියි බං ප්‍රියා අයියේ.
    මෙහෙමයි, ඔය වගේ දේවල් තිබිලා නැතුවත් නෙවෙයි, හැබැයි ඔහොම දේව වරං අරං මැරිච්ච මිනිස්සු ඇවිල්ල සාත්තර කියන එක මට හරි ප්‍රශ්නයක්. ඔතන තමයි බොරුව.
    ඉස්සර කාලේ වෙලා තියෙන දේවල් අපේ සීයලා-ආච්චිලා ගෙන අහන්න ලැබෙනකොට මට හිතෙන්නෙ එක්කො එයාල බොරු කියනවා, නැත්නම් ඇත්තටම එහෙම දෙයක් තිබිලා තියෙනව. ඒත් එයාල කවදාවත් ඔය සාත්තර ගැන විස්වාස කලේ නෑ. එයාලා කිව්වෙ, යන්තෘඅ මන්ත්‍ර ගුරුකම් වල යම් ප්‍රමානයක සඟවුණු හැකියාවක් අපේ රටේ සමහර පාරම්පරිකව පවත්වාගෙන ආපු කණ්ඩායම් ඉඳලා තියෙනවා. ඒත් එව්වා ඉගෙනගෙන පුරුදු පුහුණු වෙලා, කරපු දේවල් මිසක්, මරිච්ච මිනිහෙක් එක්ක එකතු වෙලා කරපු වංචාවල් නෙවේලු.

    ඒත් දැං කාලෙ වෙනකොට එව්වා ගොඩක් හේදිලා ගිහින් කියලයි කියන්නෙ. ඒනිසා බොරු කාරයො ඒ තැන අරගෙන.

    අනික, සාත්තර අහන්න යන්නෙ මොකක් හරි ප්‍රශ්ණයක් තියෙන මිනිහෙක් විතරයි. ඒ මනුස්සයගෙ හැසිරීමෙන් කතාබහෙන් අපිට ඒ ගැන සමහර හෝඩුවාවල් ගන්න පුලුවන්. එහෙම අරගෙන ලාවට වගේ, ඒ සමන ප්‍රශ්න තියෙන ඕනෑම කෙනෙකුට හරියන විදිහේ උත්තරයක් දෙන්න පුලුවන්. ඕක නියම බිස්නස් එකක් වෙලා තියෙන්නෙ ඒකයි. කටිනම උත්තරේ අරං වෙනස් වචාන ටිකකින් ඒකම ආපස්සට කියලා දාල සල්ලි ගරගන්නව.

    ඉස්සර කාලේ තිබුණා කියන දේවල් නිසා මෙව්වත් පිලිගන්න මිනිස්සු පෙලඹෙනවා. අනික, ගඟේ ගහගෙන යන මිනිහා ජීවිතේ බේරගන්න තනකොල ගහක උනත් එල්ලෙනවනේ. ඒ වගේ, කොහෙන්වත් උදව්වක් ගන්න බරුව අසරණ වෙනකොට සාත්තරයක් අහන්න හිතෙනවා ඇති. ඒක මේ වගේ බොරු වංචාකාරයන්ට ලොකු උදව්වක් වෙනවා. ඉතිං උංට සරු වෙන එක අහන්නත් දෙයක්ද??

    ReplyDelete
    Replies
    1. සිරා කතාව ගයාන් මලයා,

      ඒ කාලෙ ඕවා තිබ්බත් නැතත් දැන්නම් ඉන්න තරමක් ඉන්නෙ බොරු කාරයො බං.
      ඒ කාලෙ ඕවා තිබුනා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් උන් කරන්නෙ ඒ අතීතෙ විකුණගෙන ඒ උඩ පිනුම් ගහන එක.

      ඇත්තටම ඔය ගොඩක් උන් කරන්නෙ ශරීර ලක්ෂණ බලලා සාස්තර කියන එක.

      Delete
    2. //ඒ කාලෙ ඕවා තිබුනා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් උන් කරන්නෙ ඒ අතීතෙ විකුණගෙන ඒ උඩ පිනුම් ගහන එක.///
      සිරාවටම ඈ!!
      ශරීර ලක්ශණ, හැසිරීම් රටාව බලලා ගන්න පුලුවන් හෝඩුවාවල් වගේම, කටින්ම වචනෙ අල්ලාගෙන අනිත් පැත්තට ගැහිල්ලත් දරුණුවටම වෙනවනේ, ඒකනෙ තියෙන අවුල.

      ඒකාලේ තිබුණද නැද්ද කියන්න හරි, ඒවගේ දෙයක්ද නැද්ද කියන්න හරි හිතාගන්න බැරි නමුත් ටිකක් ගුප්තයි කියල හිතෙන දෙයක් නම් අපේ කට්ටියකට මේ ලඟදි මුහුණදෙන්න වුණා. මෙතන කියන්න බෑ. පස්සෙ වෙලාවක පෞද්ගලිකව කියන්නම්. ඒකත් පාරම්පරිකව යම් ශස්ත්‍රයක් පවත්වාගෙන යන තැනක වෙච්ච සිද්ධියක්. එයාලා තවම ඉන්න නිසා මෙහෙම ප්‍රසිද්ධියේ කියන එක එයාලට හොඳ නැති වෙන්න පුලුවන්. ඒකයි.

      Delete
    3. අනිවාර්‍යෙන් ගයාන් මලයා ඔය ගුප්ත දේවල් නැහැමයි කියලා එක පාරම මම උනත් විශ්වාස කරන්නෑ. මොකද එක්තරා ගුප්ත අත්දැකීමක් මටත් තියෙනවා ඒක මම බ්ලොගෙත් ලිව්වා.

      අර අත්දැකීම ගැනත් දැන ගන්න කැමතීයි ගයාන්. පුළුවන්නම් මගෙ මේලට හරි බුකියෙන් හරි කතා කරහන්.

      මේ මගෙ මේල. rscpriyashad@gmail.com

      මේ මම කලින් ලියපු අර අත් දැකීම

      බිල්ලට නොගත් බිල්ලෙක්

      Delete
    4. ඒක කියෙව්වා. ඒවුනාට ඒකාලේ කමෙන්ට් කොටන්න අවබෝධයක් තිබුනෙ නෑ. දැං පරණ එව්ව හොයහොයා කොටන්න කම්මැලි.
      අත්දැක්කිම මූණුපොතේ inbox එකට එව්වා.

      Delete
    5. අත්දැකීම බෙදා ගත්තට ස්තූතියි ගයාන් මලයා.

      Delete
  21. මටත් ඔය ප්‍රවෘත්තිය කියවල හිනා ගියා ලෝකෙ මෙච්චර දියුණු වෙලත් මිනිස්සු මෝඩ ද කියල ඔය තරමට... එහෙම එකක් ඇත්තට ම වෙලා පැන්නනම් තව කමක් නෑ කියමුකෝ....

    ReplyDelete
    Replies
    1. මෝඩ කම කියන්නනෙ තියෙන ගොන් කමම තමා දිලිනි වෙන මොකක්ද? පිස්සු මිනිස්සු.

      Delete
  22. කාලීනයි ඈ... ඔය කියන සිද්දියට දැන් විරිඳුත් තියෙනව කිව්වම ඉතින් වෙන මොන කතාද???

    ReplyDelete
  23. පත්තරයාගේ ආච්චිට හාල් ගරන්ඩ :( කොමෙන්ට් එකක් දාන්න ත්‍රිවිල් අරන් එන්න ඕනෙනේ බන්. අර දේශකයාගේ එකේ කොමෙන්ට් එකක් දාන්න 180 ක දුර.


    අපේ රටේ මිනිස්සු තව අවුරුදු 1000 ක් ගියත් ඕවා නවත්තන්නේ නැහැ, අපේ ගමෙත් ඔහොම වරමක් ආවා කියලා පටන් ගත්තා, ගමේ ගෙවල් ලග ඉන්න කිසිම මනුස්සයෙක් ගියේ නැහැ , ඒත් බලන්න එපැයි දුර ඈත ඉදන් මිනිස්සු වෑන් වලින් එන හැටි, අපි පිස්සු වසන්ත කියපු මිනිහට "වසන්ත ගුරුන්නාන්සේ කීවා ඒ මිනිස්සු " පස්සේ පස්සේ වටේ මිනිස්සුත් කිවා, මොනාහරි හාස්කමක් ඇති නැත්තම් ඔය හැටි මිනිස්සු එනැවයි කිය කියා , පිස්සු වසන්ත කියන ඒකත් නැවැත්තුවා,, මිනිහා වෑන් එකක් ගත්තා , වයිෆ්ට ලයිසන් අරන් දුන්නා, දුවව හොද තැනකට බැඳලා දුන්නා.. පුතාව හොද ඉස්කොලේකටත් දාගත්තා දේශපාලුවෙක්ගේ වැඩක් කරලා ඒක හරිගිය එකට .. දැන් පවුලම ගොඩ අයියේ,,, ඔන්න කරනවානම් බිස්නස් ,, හැබැයි මෙලොවට විතරයි . ඔයා නියමෙට ලියනවා

    ReplyDelete
    Replies
    1. අද මං තොට බය නෑ ඩෝ !! චන්ඩිය බඩේ :D

      යනවනං අර ලොකු පියාජෝ ත්‍රීවිල් එකක යමං .. පොඩි බජාජ් වල යන්ඩෙපා .. චැසිය ඇදවෙයි ..දරු පවුල් ජීවත් කරන වාහන අහිංසකයන්ගෙ :D

      Delete
    2. @ ඔමා ~ ඔයා බය නැතිව ත්‍රීවිල් එහෙක නැඟලා හයර් එක ඉල්ලුවම පත්තරේගෙ නම කියන්න.

      ඇත්ටම ඔමා ඔහොන සිද්ධි වලදි ඇත්ත ඇති සැටියෙන්ම දන්න මිනිස්සු පවා කාලෙකදි ඕවට අහු වෙනවනෙ. ගමේ හිටපු මිනිහා කොහොමද සාස්තර කාර‍යෙක් උනේ කියලා දැන දැනත් උනුත් පස්සෙ කාලෙක අහු වෙන එකනෙ ප්‍රශ්ණෙ.

      පරක්කු වැඩියි ඔමා. මට කලින් හැලප අයියා බහින්න යන්නෙ බිස්නොස් එකට. :)

      Delete
    3. @ පත්තරේ, චන්ඩියා බඩෙන් බිමට බැස්සම උබට නෙලයි ඕන්, අපි නම් දන්නෑ. :)

      පියාජියෝ එකත් එපා බං ඩීමෝ බට්ටෙක් අරන් දාමුද? ;)

      Delete
    4. කාගේ බඩේද බොලව් ? මොකක්ද ඒ කතාව,, මල්ලි උබ ඊලග පාර ආවම අහුවෙයන් බත් නෙමේ කවන්නේ මිපාසන ටිකක්. පුතා අන්න එච්චරයි මම කියන්නේ ඉදගෙන :)

      Delete
    5. @ ඕමා,

      පත්තරේ අද හොදට ගහල ඉන්නේ, ඒකයි ඕක චන්ඩියා බඩේ කිය කිය කෑ ගහන්නේ,

      (@පත්තරේ, රහසින්. මම පොස්ටුව දැක්කේ දැන් නැත්තන් ප්‍රියා, විදානේ, දේශකයා, පත්තරේ එක්ක හරි හරියට මගේ කොමෙන්ටුත් තියෙයි,
      එහෙම උනානම්, ඕමාට කොමෙන්ට් කරන්න එන්න වෙන්නේ ඊශ්‍රායලෙන් ෆ්යිටින් ජෙට් එකක් අරගෙන... අම්මපා, මේ උබ ඕමාට කියනවා හෙම නෙමෙයි....)

      Delete
    6. හැක් .. ඕං දැං මම අහිංසකයා..!! මට පාසානං කවන්ඩ එපා බං මීය මැරෙයි

      ප්‍රියා මචං .. එල්ෆ් තට්ටුවක් අරං දෙමුද කපල් එකටම යන්ඩ ???

      නිමෝ මචං..එහෙනං උඹත් දැක්කෙ නෑ වගේ හිටපං.මේ මං ඉන්නේ :D

      Delete
    7. @ ඔමා ~ ඒ කතාව කියන්නෙ බෝතලේ දාල තිබ්බ චන්ඩියා බඩේ දා ගත්තලු පත්ත‍රේ.
      මීපාසානම් මූට සැර වැඩියි අප්පා. :)

      @ නිමෝ ~ ඔය තියෙන්නෙ සි‍රාවට. එළ.
      උඹ ඔය හොරෙන් කියපු එක ඇහුනොත්නම් පුතේ අපි දන්නෑ ඕන්. :) :)

      @ පත්තරේ ~ මැරෙයි කිවුවෙ උඹෙ මීයද? උඹ මීයද?

      එල්ෆ් තට්ටුවත් අවුලක් නෑ බං. බට්ටා ඉන්දියන් නෙ ලෙඩ ගොඩයි. :) :)

      Delete
  24. නොපෙනෙන දේවල් ගැන විශ්වාස කරන මිනිස්සු ඉද්දී ඉතින් මෙහෙම අයට වැඩ තමයි බං.. ඕවා ගැන කියනවනම් ඕන තරම් දේවල් කියන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං. මේ පේන්න ගහක් ගලක් වගේ ඉන්න මිනිස්සුන්ටත් වඩා සමහරක් විස්වාස කරන්නෙ නොපෙනෙන මඟුල්නෙ.

      Delete
  25. උඹ ඔය ගස් බල්ලො ගැන විස්තරව ලියපු ලියවිල්ල එල......
    මට ඕකුං එක්ක නෙමේ යන උන් එක්ක කේන්ති....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි අයියෙ.

      ඇත්තටම ඔය නසරානින්ටත් වඩා දැන දැනත් වලේ වැටෙන මීහරක්ට තමා තලන්න ඕන.

      Delete
  26. ඇත්ත මචං, ඔය සාස්තරේ හරියටම ප්‍රගුණ කරපු එකෙක් නැතිව ඇති දැන් මේ ලංකාවෙ. හිටියත් ඒ ඉන්න මිනිස්සු මේ විදියට ඒකෙන් හම්බකරගන්න උන් නෙවෙයි. ඒ මිනිස්සු හද්දා පිටිසර ගම්මානවල බොහොම නිහඬව දිවි ගෙවනවා ඇති. මං නම් කවදාවත් ඔය අඳුර පිටිපස්සෙ දුවන්නෙ නෑ ආලෝකයක් හොයාගෙන. මගේ ප්‍රශ්න වලට විසඳුම් තියෙන්නෙ මං ළඟමයි. එහෙම නැතිව කොහෙවත් යන යක්කු පෙරේතයො, පිසාචයො ළඟ නෙවෙයි. ඔය දේවාල ගානෙ යන, මං දන්න කියන හැමෝම අන්තිමේ අමාරුවේ වැටුන මිසක්, කවදාවත් සාර්ථක වුනේ නෑ. ඒත් අවාසනාවට තවමත් ටිකක් හයියෙන් අධෝ වාතයක් ගියත් අපේ බහුතරයක් දෙනාට මතක් වෙන්නෙ දේවාලෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා බං, දැන් ඕක හම්බකිරීමේ කලාවක් පමණයි. එතනින් එහාට සත්‍යක් දැන් නැති තරම්.

      ඒත් කරුමෙ කියන්නෙ මොනදේ මොන විදිහට උනත් ප්‍රශ්ණයක් උන ගමන් අපේ මිනිස්සුන්ට මතක් වෙන්නෙත් ඕවානෙ.

      Delete
  27. Replies
    1. ස්තූතියි.

      අනිවාර්‍යෙන් ඇවිත් බලන්නම්.

      Delete
  28. මුන්ට තමා කම්බ හොරු කියන්නෙ...
    ඔය සිරිපාලයද් බල අර මනුස්සයට සාසාතර කීවෙ...
    ගිහි ඇදගෙන දෙන්න දෙකක් සාත්තර දෙපිටිං යන්න...
    පට්ටයෝ....................
    රජටම ලියල තියේ

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. මුන් තමා බන් ‍කම්බ හොරු.

      සිරිපාලයා වෙන්නත් බැරි නෑ බං උගේ හැටියට.

      ස්තූතියි මචෝ.

      Delete
  29. එබ්‍රහම් ටී. කොවුර් මහත්මයාගේ පොතක් සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා දෙවියෝ සහ භූතයෝ කියලා. ඒකේ තියෙනවා මේ වගේ සාත්තර + හොරු ගැන එක එක විස්තර. මාතර අලුත් බස් නැවතුම් පල ලග තියෙනවා ලොකු නුග ගහක්. ඉස්සර එ්ක වටේට සාස්තර කාරයෝ, අතබලලා මූණ බලල අනාවැකි කියන අය පිරිලා හිටියලු. අදටත් ඒ ගහට කියන්නේ පච ගහ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි ඔය පොත මාත් කියවලා තියෙනවා හැබැයි සෑහෙන කාලෙකට කලින්. ආයෙ හොයා ගන්න ඕන. ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඒත් මුල් ටික විතරයි.

      ඔය මිනිස්සු පිරිච්ච තැන්වල පචම තමානෙ ඉතුරු වෙන්නෙ.

      Delete
  30. ගොඩක් සාත්තර කාරයොයි ටීවි එකේ ඉන්න ජෝතිෂ කාරයොයි තනිකරම ගෙනියන්නේ බොරුව. ඒ බොරුව පිලිගන්න කට්ටියක් ඉන්න තාක්කල් උන්ට ජීවත් වෙන්ඩ ආදායම අඩු වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මධූ, ඇයි එක පාරක් අර එක මනුස්සයෙක් කතරගම දෙයියො වඩිනවා කියලා ලක්ෂ ගානක් කතරගම ගෙන්නුවෙ.
      ඒ වගේ මිනිස්සු ඉන්නකම් ඒ හොරුන්ට ආදයම් අඩුවක් නම් නෑ.

      Delete
  31. මිනිස්සු සාත්තර අහන, දේවාල ගානේ යන තත්වයට පත්වෙනවා කරදරයකදි. එහෙම වින්නේ විකල්ප හිඟ වෙනකොට. හුඟ දෙනෙක් ඕක කරන්නේ හොරෙන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ් අයියෙ. මිනිස්සුන්ගෙ කරදර වලදි ඒ මිනිස්සුන්ව බිලි බා ගන්න බලන් ඉන්න උන්ට ඒ මිනිස්සුන්ගෙ දුර්වල කම හයියක්. හුඟ දෙනෙක් ඔය තැන් වලට යන්නෙ හොරෙන්. ඒ ඉතින් අමාරුවෙ වැටෙන්න බව දැන දැනනෙ.

      Delete
  32. \\අද මං තොට බය නෑ ඩෝ !! චන්ඩිය බඩේ :D

    යනවනං අර ලොකු පියාජෝ ත්‍රීවිල් එකක යමං .. පොඩි බජාජ් වල යන්ඩෙපා .. චැසිය ඇදවෙයි ..දරු පවුල් ජීවත් කරන වාහන අහිංසකයන්ගෙ :D\\

    පත්තරයාගේ මේ කොමෙන්ට් එක මතක් වෙවී හිනා යනවා බන්,

    ReplyDelete
    Replies
    1. සිරාවට බං නිමෝ.… ඕකා ඉන්න තැන හිනා වෙවී ඉන්න පුළුවන් පැලෙනකම්. ආයෙ කිසි පාළුවක් නෑ.

      Delete
  33. හරිම නිර්මාණශීලී අදහසක්.. නියමයි..

    ReplyDelete
  34. ඔය වංචා තාමත් පවතින්නෙ ඕවට තාමත් කට්ටිය යන එන හින්දනෙ..
    නියම කතාව..
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං… උන් ගහන්නෙ අපෙ උන් ගුටි කන නිසානෙ.
      ස්තූතියි මචෝ.
      ජය වේවා

      Delete
  35. හරී .කමෙන්ට් 174 යි.. ඉතුරු ටිකත් මංම ඇදලා දෙන්ඩද :D

    ReplyDelete
    Replies
    1. උඹ තමා බං දවසකටවත් මිනිහා. හි හි… ;)

      Delete
    2. ඈ!!!!
      මූ ඒකත් ගණං කරලා.
      ඈ බං පත්තර අයියේ, උඹ මාර මිනිහෙක්නේ බං.!!

      Delete
    3. ඒකනෙ බං මූට පත්තරයා කියන්නෙ. :D

      Delete
  36. සුපිරි කතාව ප්‍රියා.....

    ReplyDelete
  37. ඕව තහනං කරන්න ඕන හරිනං.... නමුත් මහ එකාගෙ ඉඳල හැම එකාම විශ්වාස කරනව.

    ReplyDelete
    Replies
    1. හ්ප්පෝ රාජ් ඕවා විශ්වාස කරන ප්‍රධානම එකාත් මහා එකාමනෙ.

      Delete
  38. අපො ඔවට අහුවෙන බත්කන හරක් විතරක් නෙමෙයි සොසෙජස් කන හරකුත් ඔනතරම් ලන්කාවෙ ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්ත දමිත් අයියෙ, පොෂ් කියාගෙන ජීවත්වෙන සොසේජස් කන උනුත් හොරෙන් යනවා.

      Delete
  39. පත්තරයක් අරගෙන බලහන් මැණික්හින්නෙ තමයි අම්බානක වශී ගුරුකම් කාරයෝ ටික ඉන්නෙ...හැම එකාගෙම දැන්වීමෙ යට දාන්නෙ වෙන තැන් වලට යොමු කරන්න පුලුවන් ඒ නිසා මගට ඇවිත් උගෙ නොම්බරේටම ඇමතුමක් ගන්න කියලා....බිස්නස් එකේ තරම පේනවනෙ....අනේ මටත් ලැබියන්කො දේව වරමක්...මාස දෙක තුනකින් ගොඩයන්න..

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා සිරා අයියෙ. ඔය වංචාවට යම් දුරකට පත්තරත් වග කියන්න ඕන. ඕකුන්ව උස්සලා තියන්නෙ පත්තරම තමා දැන්වීම් වගේම විශේෂාංග ලිපිත් ලියලා.

      Delete
    2. //ඔය වංචාවට යම් දුරකට පත්තරත් වග කියන්න ඕන.//

      පව් අහිංසකයා

      Delete
    3. ඒ පත්තරත් මේ පත්තරත් හැර තවත් පත්තර තිබේ බං. :)

      නමුත් පත්තර මල්ලි වගේ තවත් එකෙක්නම් නැත. :)

      Delete
  40. උඩ ඉඳලා පල්ලෙහාට වෙනකම්ම රැවටිල්ලනේ. අපිත් ඉතින් දෝත බදලා බාරගන්නවා. මට දේව වරමක් ලැබුනොත් මම ඔය හැත්ත බුරුත්තම දෙව්ලොව යවනවා.

    ReplyDelete
    Replies
    1. හප්පේ එහෙම දේව වරමක් ලැබිච්ච දවසට මටත් කියන්න අරූ අයියෙ. පුළු පුළුවන් විදිහට අපිත් ඕකුන්ගෙ නම් ලිස්ට් එකක් දෙන්නම්.

      Delete
  41. ඔය ටයිප් එකේ කපුවෙක් මම දන්නා පැත්තක හිටියා. මිනිහා ගිහින් කොඩිවිනයක් තියනවා කියල ගෙදරක කියවලා ඒක අරගෙන දාන්න ඕනේ නං රුපියල් 10000 ඉල්ලලා. පස්සේ ගෙදර මිනිස්සු කැමති වෙලා ඒක අරගෙන දාන්න. මිනිහා පස්සෙන්දා පාන්දර ඒ ගෙදර කෙහෙල් පඳුරක් යට රිංගල ඉඳල ගෙදර අයිතිකාරයාටම අහුවුනා ය කියමුකෝ පිත්තල සුරේකුයි පොඩි සෙම්බුවකුයි තියාගෙන..

    කපුවා දන්නේ නැතුවට ඒ ගෙදර මහා පත දඩෝරියෙක් ඉන්නවා. ඌ රෑ ලෙහල දාල ඉන්නේ. මේ මිනිහා රෑ අර බඩු වලලන්න වත්තට පැනල එද්දී බල්ලා පන්නලා. මු බයට කෙසෙල් පඳුරට රිංගලා. අයිතිකාරයා ලයිට් දාලා පොල්ලක් අරගෙන එද්දී මෙන්න කපුවා පඳුරේ ලූ.

    ඔන්න ඔහොමයි ඒ හොර කපුවා කපෝති වුනේ..

    ReplyDelete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................