Showing posts with label කවි සිතුවිලි (kavi). Show all posts
Showing posts with label කවි සිතුවිලි (kavi). Show all posts

21 September, 2013

~~ඔබ නමින් මියෙමි මා~~

~~~ඔබ නමින් මියෙමි මා~~~



හැගුම් රළ කැළබිලා...
වදන් වැල ගොළු වෙලා...
නෙතින් නෙත පටලලා...
කෙසේ ඉමු සැනසිලා...

ලොවම අප දෙස බලා...
වැහැසි බස් දොඩවනා...
අප දෙදෙන එක් වීම...
ඔවුන් නොම ඉවසනා...

රුපු දෙනෙත් සිය ගනන්...
අප දෙසට යොමු වෙලා...
සියුම් ඉරියවු පවා...
ඔහුන් ලුහු බදින්නා...

මතු භවෙක අපි අපේ...
වී යලිත් ඉපදෙනා...
ඒ භවේ එනතුරා...
ඔබ නමින් මියෙ
ම් මා...
©චතුරංග ප්‍රියශාද්*

(11/04/2013)