06 April, 2014

අහිමි රැකියාව………



කර්‍යබහුල නගරයේ තවත් වෙහෙසකර දිනක නිමාව සනිටුහන් කරමින් නිවෙස් කරා ඇදෙන දෙනොදහක් අතර අතරමං වෙමින් මා ඉදිරියටම ඇදෙන්නෙ නිවසට නම් නොව. සියළු දෙනා රාජකාරි අවසන් කරන මොහොතේ මා ගමන් කරන්නෙ සුපුරුදු ලෙස රාජකාරි ඇරඹීමටය.

"හප්පට සිරි…අදත් උඹද බං නයිට…? මොකෝ සංඛ… මේ දවස් වල උඹටද දැඩි දඬුවම්?"

"අනේ මන්දා බං මඟුල… දවල්ට වැඩ කරලා නිදහසේ ගෙදර ගිය කාලයක් මතක නෑ…"

"ඇයි උඹත් ලොක්කත් එක්ක කොක්කක් දාගත්තද…?"

"අපෝ නෑ බං… එහෙම මුකුත් උනෙත් නෑ…"

"ඒකත් එහෙමද? මේ මම උඹෙන් අහන්නමයි හිටියෙ. මොකක්ද බං අර සීනි සීන් එක? මට එහෙන් මෙහෙන් ආරංචි උනා විතරයි."

ආනයනික සහ අපනයනික භාණ්ඩ වලට තත්ව සහතික නිකුත් කරන ආයතනයක පරීක්ෂකවරයෙකු ලෙස රාජකාරියට එක්වී වසර දෙකක කාලයක් තුල සෑම අවස්ථාවකම රටවල් දෙකක සමාගම් දෙකකට වගකිව යුතු රැකියාව කිසිමාකාරයක පැමිණිල්ලකින් තොරව කල නිසාම බොහෝ ප්‍රධානින්ගෙ පැසසුමත් තම සම තත්වයෙ මිතුරන්ගෙ නොමද ඉරිසියාවටත් සමසේ භාජනය වෙමින් දිවි ගෙවූ මා අවසන් මාස කිහිපය ගෙවා දැමුවෙ කවදාකවත් නොමැති තරම් වෙහෙසක‍රවය.

එය කිසිසේත්ම ස්වාභාවිකවූ කාර්‍යබහුලත්වයක් නොවීය. කොටින්ම අවසන් මස මා නිවසේ රාත්‍රිය ගත කොට ඇත්තේ දින 3ක් පමණි. ඉතිරි දින 27ම රාත්‍රී සේවය එක් එක් තැන්වලය. මා කිසියම් අදූෂමාණ හස්තයක සියුම් පලිගැනීමකට ලක් වෙන බව මා හට රහසක් නොවීය.

සේවා ස්ථානයේ එකාකාරීව ක්‍රියාත්මක වන යන්ත්‍ර‍යක් දිගේ මගේ මතකය ආපස්සට ගමන් ඇරඹූයේ කොතෙක් සැඟවුවද මා සිතට වද දෙන සිදුවීම යලිදු මතක් කිරීමටය.

සීනි ආනයනය කරන සමාගමක කලක සිට ආනයනයේදී බහලුම තුලම සිදුවූ සීනි තොග අතුරුදන් වීමක් නිසා එය පරික්ෂා කිරීමට අප ආයතනයට භාරවූ අතර නොසිතූ ලෙස එය භාර වූයේ මෙවැනි පරීක්ෂණ වලට නම් දරා සිටි පතාක යෝධයින් අතර ලිලිපුට්ටෙකු බදු වූ මා හටය.

"සංඛ… පොඩි අප්සට් එකක්…"

"ඒ මොකක්ද…"

"ඊයෙ ආපු ටැංකි 5න් දෙකක් ඔයා එන්න කලින් අපේ උන් දන්නැතිව අන්ලෝඩ් කරලා…"

"මොකක්…!! දැන් අනිත් ටැංකි තුන කෝ…?"

"ඒවානම් තියෙනවා… අර ටැංකි දෙකේ කේස් එක…… ඒවයෙ දෙකේම බෑග් 30කට වැඩිය අඩුයි."

"විනාසයි…!! ඒ කියන්නෙ කිලෝ 1500කට වැඩී.… දැන් මොකද කරන්නෙ…?"

"හ්ම්ම් කරන්න පුළුවන් දේ නම් තියෙන්නෙ සංඛගෙ අතේ තමා…"

"ඒ මොකක්ද…?"

"මෙහෙමයි…ඔයාට… ටැංකි පහටම රිපෝට් දෙන්න පුළුවන්නම්……"

"එහෙම කොහොමද…? ටැංකි තුනනෙ. අනික මට පහම බලන්න ඕන. ඒවයෙ ෆොටෝස් ඕන."

"ඒක අවුලක් නෑ. ඔයාට රිපෝට් දෙන්න පුළුවන්නම් මම යාඩ් එකෙන් ටැංකිය පැය දෙකකට අරන් දෙන්නම්.… මගෙ රස්සාව බේර ගන්න වියදම් නොකරන සල්ලිද…? ප්ලීස් සංඛ… මට මේ උදවුව කරන්න… මම… ඔයාටත්… සළකනවා.…"

"බැහැ බැහැ… ඒක නම් කරන්න විදියක් නෑ. ටැංකි 3ක් චෙක් කරලා මම කොහොමද 5කට ‍රිපෝට් දෙන්නෙ…?"

"ප්ලීස් සංඛ… මගෙ රස්සාව උනත් මේකෙන් ගහලා යන්න පුළුවන්…!!"

අවසානයේ වූයේ මා පරික්ෂා කල බහලුම් 3ට පමණක් වාර්ථා ලබා දීමෙනි. ඔහු වංචා කරුවෙකුද නැත්ද යන්න කෙසේ වෙතත් ඔහුගෙ රැකියාමය වගකීම නිසියාකාරව ඉටු නොකිරීමේ වරදට ඔහුට තම රැකියාවෙන් වන්දි‍ය ගෙවා දැමීමට සිදු විය.

යන්ත්‍රයක් සමඟ තරඟ වදිමින් සිතුවිලි රැහැනේ වෙලී සිටි මා ඉන් මිදුනේ ජංගම දුරකථනයෙ කම්පනය ශරීරයට දැනීමෙනි.

"හෙලෝ…"

"සංඛ මල්ලියා… මම… මාර වැඩේ බං. NNS එකෙන් ඩැමේජ් වගයක් ගිහින්. අන්න කේස් එක ෆයිල් වෙලා… උඹෙන් තමා කේස් එක වෙලා තියෙන්නෙ…"

"මොකක්…!! කවද්ද…??"

"ගිය මාසෙ දාහත් වෙන්දා.…"

"පෝඩ්ඩක් ඉන්න………… නෑ නෑ. මම එදා NNS එක පැත්තෙ ගියෙ නෑ… මා ගාව ඩයිරියත් තියෙනවා…"

"අනේ මන්දා බං… කේස් එක තියෙන්නෙ නම් උඹේ නමට… හෙට උදේම ඔෆිස් එකට එන්න කියලා ලොක්කා කිවුවා…"

"හ්ම්ම්… හරි මම ගිහින් බලන්නම්. තෑන්ක්ස් අයියා…"

………………………………………


"ගුඩ් මෝනින් සර්…"

"ආ සංඛ… මොනවද මනුස්සයො මේ කරන වැඩ…??"

"සොරි ස‍ර්… ඔය කියන දවසෙ මම නෙමේ NNS එකේ ඩියුටි.…"

"නෑ කියන්නෙ කොහොමද…? මේ NNS එකේ Attendance බුක් එක තියෙන්නෙ… මේ බලනවා…"

"ඔහ්හෝ… !! සර් මේ මගෙ අකුරු නෙමේ. මේ සයින් එකත් මගෙ නෙමේ. බොරු නම් චෙක් කරවලා බලන්න."

"අයිසෙ සංඛ… තමුසෙ එතකොට දැන් කියන්නෙ එදා ඩියුටි හිටියෙ තමුසෙ නෙමේ කියලද…?"

"ඔව් සර්… මට ඒක ඔප්පු කරන්න පුළුවන්… NNS එකේ එදා මම නම් හිටියෙ එදා දවසට දාපු චෙක් ලිස්ට්, රිපෝට් දාලා තියෙන්නෙත් මම වෙන්න එපෑ. ඒවා කෝ……??"

"ඔහේ මගෙන් ප්‍රශ්ණ කරන්න හදනවද…?"

"එහෙම නෙමේ සර්… මේකේ සාධාරණේ…"

"කතා කරන්න එපා තමුසෙ… HR එකෙන් ලෙටර් එක අරන් යනවා. තමුසෙව මම සතියකට Interdict කරනවා. මාත් එක්ක කට ගැහුවට. සතියක පස්සෙ බලමු NNS එකේ කේස් එකට දෙන දඬුවම…"

"සොරි සර්… මම අදහස් කලේ එහෙම දෙයක් නෙමේ. ඒත් මම නොකල වරදකට මෙහෙම දඬුවමක් විදින්න ඕනද…??"

දිගින් දිගට ඇදී ගිය වාදය අවසන් වූයේ මානව සම්පත් කළමණාකරන අංශයෙන් වැඩ තහනමට ලක්වූ ලිපිය ලබාගෙන නොව මාගේ කැමත්තෙන්ම ඉල්ලා අස්වීමේ ලිපියක් එම අංශයට භාර දීමෙනි.

මා නොකල වරදකට දඬුවම් නියම වීම නිසා මා විසින්ම අහිමි කර ගත් රැකියාව වෙනුවෙන් මා නව රැකියාවක් සොයා ගත යුතුව ඇත. රැකියාව අහිමි වූවාට මාගෙ ආත්ම ශක්තිය අහිමිවී නැත.

නමුත් මගේ හිතට වද දෙන එකම ගැටළුව මා හට මෙසේ වූයේ මා කල කිනම් වරදක් නිසාද… අවංකකම උගසට තැබූ මිනිසුන් මැද උඩුගම් බලා පිහිනීමේ වරදද…??, මිනිසෙකුගේ රැකියාවක් අහිමි කිරීමේ පවද…??, රාජකාරිය දේවකාරිය ලෙස සිතා හැකි පමණ නිවැරදිව වැඩ කිරීමේ වරදද……?????


© ප්‍රියා.

(පින්තූරයට ස්තූතිය……
http://www.livingonadime.com)

121 comments:

  1. අවංකකම උගසට තැබූ මිනිසුන් මැද උඩුගම් බලා පිහිනීමේ වරද සහ රාජකාරිය දේවකාරිය ලෙස සිතා හැකි පමණ නිවැරදිව වැඩ කිරීමේ වරද

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං අයාල්. සංඛට බොහෝ විට වරදින්න ඇත්තෙ ඔතනදි. බොහෝ තැන් වල සිදුවෙන්නේද ඔය දේමයි. අවංක කමට තැනක් නෑ.

      Delete
  2. පෞද්ගලික අංශයෙ වැඩ කරන අයගෙ පීඩනය තමයි මේ කතාවෙන් කියන්නෙ. සමහර තැන්වල ලොකුපඩි දෙනනිසාත් ගාමන්ට් වගෙ ඒවගෙ වෙන කරන්න දෙයක් නැති නිසාත් (ඒවට යන්නෙ බැරිම එවුන් නෙ ඉතින් ) වෙන්න ඇති ඒ අය රැදෙන්නෙ. කොහොමටත් ප්‍රයිවෙට් සෙක්ටර් එකේ යම් වහල් ගතියක් තිබෙනව. වචනෙ වැරදුනා නම් ගෙදර.සේවිකාවො එහෙම ලොක්කගෙ අන්තහ්පුර වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඇත්ත යකා බොහෝ ස්ථාන වල ප්‍රයිවට් සෙක්ටර් එකේ යම් වහල් ගතියක් තියෙනවා. එසේම කොන්ද කෙලින් තබාගෙන වැඩ කරන සේවක සේවිකාවනුත් නොමැතිවම නොවේ.

      (වරහන ඇතුලෙ තියෙන ටිකට නම් 100% එකඟ වෙන්න අමාරුයි යකා.)

      Delete
    2. යකා ප්‍රයිවෙට් සෙක්ටර් එකට ගහපු සීල් එකට මාගේ බලවත් විරෝධය.

      Delete
    3. බස්සි සමග එකතු වී මමද විරෝධය පාමි

      Delete
    4. හ්ම්ම් ඔව් බස්සි, යකාගෙ කමෙන්ට් එක එක්ක මටත් එකඟ වෙන්න අමාරුයි මාත් ඒක‍යි රිප්ලයි එකේ කිවුවෙ "එසේ නොවන කොන්ද කෙලින් තබාගෙන වැඩ කරන සේවක සේවිකාවනුත් සිටිනවා" කියලා.

      Delete
    5. බලමු ඉවාන් යකා මේක දැක්කොත් උත්තරයක් දෙ‍යි. අපි බලන් ඉමු.

      Delete
    6. මෙහෙමයි සමහරක් ඉන්නවා පඩියක් අරන් ඔහේ ඉන්න කැමැති අය,ඒ වගේ උන් හරි කැමති ඔය රජයේ ජොබ් වලට,මං නම් කැමැති පෞද්ගලික පැත්තට එවායේ රජයේ එවාට වඩා ටිකක් හරි ස්වාධීන බව තියෙනවා,රජයේ ආයතනයේ ප්‍රධානියාට වඩා ලොකුයි ජන්දෙදි මන්තිරියාට වැඩ කරපු එකා,ගුරුවරුන් තව ඔය ප්‍රදෙශිය ලේඛම් කාර්‍යාල,පළාත් සභා ,ප්‍රදේශිය සභා වල ඉන්න අය දිහා බලන්න හිතෙන්නෙ මොනවද ?පුළුවන් නිසා ද එහෙම ඉන්නෙ ?ඒ මින්ස්සුන්ට ඉන්නෙ ඒ හරි තැන්ද ?
      අනික අපි අමාරුවෙන් ඉගෙන ගෙන එකට සරිලන පඩි තියෙන ජොබකට යන්න කොමත් කැමැති.,බස්සි ඉවාන් කියලා තියෙන දේට මාත් එකගයි,

      ඔය දෙපැත්තේ ගුණාත්මක බව බලන්න පුළුවන් එකම තනතුරක දෙන්නෙක් තියලා බැළුවාම ,
      (මං අවුරුදු 20ක් තිස්සෙ රජයේ සෙවය හොදට දැකලා තියෙනවා ,ප්‍රයිවට් එකත් දැකලා තියෙනවා)

      Delete
    7. ඕක කිවුවම මතක් උනේ සහෝ මම දන්න පවුලක් තියෙනවා එක ළමයෙක්ට වත් රජයෙ ජොබ් එකක් හම්බ උන්නෑ කියලා එකෙක්ටවත් ඡන්දයක් දෙන්නෑ. ඒත් ඉතින් උන් හොද පඩි ගන්න ප්‍රයිවට් ජොබ් කරන්නෙ. ඒත් කිසි අගයක් නෑ.

      මම හිතන විදිහට රජයෙ මිනිස්සුන්ටත් හරියට රස්සාව කර ගන්න අමාරු අනවශ්‍ය ඇඟිලි ගැසීම් නිසයි.

      Delete
    8. එක තමා ප්‍රියා මං හිතන ප්‍රධානම දුර්වලකම රජයේ ආයතන සම්පුර්ණයෙන් ස්වාධීන වෙන්න ඕන කියන තැන නෙවෙයි මං ඉන්නෙ එත් පොදුවේ බලන කොට දේශපාලනය ඇඟිලි ගැසිම් වැඩි කියලා හිතනවා,ඔය අවසාන ටිකේ වෙනස ඕන තැනක දකින්න පුළුවන් ,එත් මෙතන මරා ගන්න ඕන නෑනේ හැක් ,

      //තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් -ගහන්න බැරි නම් කුඩු පට්ටම් //

      Delete
    9. ලිපිය ඇතුලෙ පුංචි සංවාදයක් ගිහින්.මට හරිම සතුටුයි ඒ ගැන. ඇත්තටම පෞද්ගලික අංශය ගැන මට තිබෙන්නෙ එහි වැඩ කරන අයගෙන් ලැබුන තොරතුරුයි.මට පෞද්ගලික අංශයෙ රැකියාවක් කරලම නෑ. ඇත්තටම මම රජයේ රැකියාව ලැබෙනකම් ටියුෂන් පංති කළේ.මට ඒ ගැන පෞද්ගලික අත්දැකීම් නෑ.

      ප්‍රයිවෙට් වල වෙනම සංස්කෘතියක්.කවුරුවත් පෙන්ෂන් බලාපොරොත්තුවෙන්නෙ නෑ. ලොකු වැටුපක් ලැබෙනව.එක තැනක නැත්නම් තව තැනක වැඩට යනව.කොම්පැණිය දියුණු වෙනතරමට තමන්ටත් හොඳයි. ඒක හරි.
      හැබැයි තමන්ගෙ සැලරිය නෙගෝෂියේට් කරන්න පුළුවන් අයට අවදානම අඩුවුනත් එසේ නොවන අයට නම් කිසිම පිහිටක් නෑ. සමහර තැන්වල ශ්‍රම සූරාකෑමක් තිබෙනව.පැය 24 ම වුනත් වැඩ කරන්න බල කෙරෙනව. ලිංගික සූරාකෑම් නම් ඉතින් උපරිමයි.වචනෙ වැරදුනොත් ගෙදර. යූනියන් නෑ. මම දන්න එක ලොකු කොම්පැනියක (රක්ෂන ) යූනියන් එකක් පිහිටවගත්තම ඔක්කොම ටික එකපාරම ගෙදර ඇරිය. ඇපීල්,අනේ අනේ කතා මොකවත් නෑ කෙළින්ම ගෙදර. රැකියා සුරක්ෂිතබවක් නෑ කියන්නෙ වහල්කමක් නොවෙයිද? ඒ වගේම ලොක්කට හිතුනොත් පඩි වැඩි කරනව.කේළම් කියලත් ඉන්ක්‍රිමන්ට් වැඩි කරනව.මේව වහල් භාවයන් නොවෙයිද? ලොක්කට ඕනනම් වෙන වැඩ පවරන්න පුළුවන්. තනතුර වෙනස් කරන්නත් පුළුවන්.සුදු කරපටි රැකියා නොකරන ප්‍රයිවෙට් අය ගැනයි කියන්නෙ

      මේ කියන්නෙ බස්සිල ඉවාන්ල දන්න ඩීසන්ට් ප්‍රයිවෙට් සෙක්ටර් එක ගැන නොවෙයි.ලොකු සමාගම් වල අල්පෙනෙත්තෙ ඉදන්ම හැම දෙයක්ම අන්තිම ඉහලයි. රජයේ අපිට ඒ අයගෙ අහලකින්වත් තබන්න බෑ.නමුත් මම මෙතන කියන්නෙ ලොකු කොම්පැනි ගැන නොවෙයි.

      රජයේ අපිත් වැඩ කරනව.රජය ලාභ ලබන තැනක් නොවෙයි. සේවා සපයන තැනක්.අපි කැමැත්තෙන් මිසක් දැඩි පීඩනයකින් නොවෙයි වැඩ කරන්නෙ. අපේ පඩි අඩුයි. නිදහස වැඩියි. සම්ප්‍රදායිකයි. අලුත් දෙයක් ඉගනගැනිල්ලක් නෑ කියන්න බෑ හැබැයි ප්‍රයිවෙට් එකට සාපේක්ෂව ප්‍රමාදයි.ඔහෙ ඉන්නව .හැබැයි අපේ රැකියා සුරක්ෂිතයි. කොම්පැනි කඩා වැටෙයි කියල අපට බයක් නෑ. රජය කඩා වැටෙන්නෙ නැහැනෙ.නමුත් රජයේ වැඩ පරිසරයයි පෞද්ගලික අංශයෙ වැඩ පරිසරයයි අහසට පොලව වගෙ. පෞද්ගලික අංශයෙ අහවල් වෙලාවට ටාගට් කවර් කරන්න ඕන නිසා.

      පෞද්ගලික අංශයෙ මොන තරම් ධනාත්මක දේවල් තිබුනත් ඒකෙ තියෙන ඍනාත්මක දේවල් වැඩියි කියලයි මට හිතෙන්නෙ. නෙගෝෂියේට් කරන්න පුළුවන් අය නම් ඉහ ගහල ඇති.අනික අය ඉන්නෙ ආතතියකින්නෙ. කොච්චර පඩි හම්බවුනත් මොකටද එහෙම රස්සා කරල.

      වෙන දෙයක් ඕන නෑ. මේ ලිපියෙ සිද්ධිය බලන්න. රජයෙ එහෙමනම් මොන තරම් විකල්ප මේ සේවකයට තිබෙනවද? එහෙම දුප් පරය කියල එලියට දාන්න බෑ."සෙනසුරාද වර ඉරිද වර පෝය දා වර ගෙදර මොන ප්‍රශ්න තිබුනත් වර ,මට ඕන ඉගිල්ලිලා හරි ඇවිත් වැඩ ටික කරන්න " ඔන්න ඔය වගෙ ටෝක් රජයේ නැහැ. රජයේ රැකියා සුන්දර ඒ නිසයි. දන්නවද ස්කීම් එකේ රු 6000 පඩියට ආව ප්‍රයිවෙට් ලොකු පඩි ගත්ත අය.අලුත් ස්කීම් එකේ 10,000 පඩියට ආව ප්‍රයිවෙට් 45,000 පඩි ගන්න අය.

      ප්‍රයිවෙට් වැඩකරන කාගෙ හරි හිත රිදුනනම් සමාවෙන්න. ඒ අයටත් කියන්නෙ පපුවට තට්ටු කරල බලන්න කතාව ඇත්ත නේද කියල.

      Delete
    10. @ සහෝදර ~ ඇත්ත සහෝ, 100% ක් ස්වාධීන වීමට රජයෙ ආයතන වලට නොහැකියි. නමුත් යම් තාක් දුරට හෝ ඒ ස්වාධීනත්වය පවත්වා ගත හැකිනම් එය මීට වඩා කාර්‍යක්ෂම වේවි.

      Delete
    11. @ යකා ~ හ්ම්ම් නෑ යකා, මට නම් එකඟ වෙන්න අමාරුයි කිවුවෙ ඔය කරුණු ටිකටත් වඩා ඔබ සියළුම පෞද්ගලික සේවකයින් වහල්ලු ගානටත්, සියළුම සේවිකාවන් අන්තහ්පුර කාන්තාවන් ලෙස හැදින්වීමත්, ගාමන්ට් අංශයේ සේවක සේවිකාවන් වෙන කිසිවක් කර ගත නොහැකි උන් ලෙස හැදින්වීමටයි. මා සිතනා පරිදි ඉවාන් සහ බස්සිත් විරුද්ධ උනේ අදාල කාරණාවටයි.

      මෙතනදි මම හිතන්නෑ රජය සහ පෞද්ගලික අංශය සැසදීම හරියි කියලා. මොකද යම් යම් රජයේ රැකියාත් තියෙනවා වහල් බාවය සහිත. උදාහරණයක් විදිහට 'පොලිසිය'. පොලිසියෙ පොඩ්ඩන් ලොක්කන්ගෙත් දේශපාළුවන්ගෙත් වහ්ල් කම් කරන බවට රහසක් නෙමේ.

      ඒ වගේම රජයේ අංශයේ පවා යම් යම් අවස්ථා වල ලිංගික අඩන්තේට්ටම් පිලිබදව වාර්ථා නොවෙනවාද නොවේ.

      ඒ වගේම මම උඩම පිළිතුරේ කිවුවා වගේ කොන්ද කෙලින් තබාගෙන රැකියාව කරන පෞද්ගලික අංශයේ සේවක, සේවිකාවනුත් නැතිව නොවේ.

      Delete
    12. @ප්‍රියා.....1980 ඉඳන් තවම වැඩ කරන්නේ පෞද්ගලික ආයතන වල. අපිට නම් කෙලින් වැඩ කරන්න පහසුකම් තිබුනා. ඔය අතර අවුරුදු 12ක් අරාබි රටක රජයට සේවය කලා. එතන නම් නොයෙකුත් බාධක තිබුනා. ඒ අරාබිය නිසාත්...එය රාජ්‍ය ආරක්ෂක ආයතනයක් නිසාත් විය හැකියි. ආයතනයට වඩා තමන්ගේ පෞරුෂත්වයයි වැදගත් වෙන්නේ.

      Delete
    13. @ අරූ අයියා ~ හ්ම්ම් ඔය තියෙන්නෙ ජීවමාන සාක්ෂි. මාත් කොයන්නෙ ඔය දේම තමා අයියෙ. පෞද්ගලික අංශයෙත් තමන්ගෙ පෞරෂය රැකගෙන රැකියාව කරන පිරිසත් ඉන්නවා. 80 සිට කියන්නෙ අවුරුදු 34ක් විතර සෑහෙන්න කාලයක්… ඒ වගේ සිටීම ඇත්තෙන්ම පැසසිය යුතුයි.

      Delete
    14. මෙතන ප්‍රයිවට් සෙක්ටර් එක ගැන මවන බොරුව තමයි තනිකර තියෙන්නේ. මොකෝ බොරුකාරයන්ට ප්‍රයිවට් සෙක්ටර් එකේ තැනක් නෑ..

      Delete
    15. අම්මප මාතලං කන් දෙකෙං උස්සල පොලේ ගැහුව වගේ ..
      සහතික ඇත්ත.
      ""බොරුකා‍රයන්ට ප්‍රයිවට් සෙක්ටර් එකේ තැනක් නෑ ""

      Delete
    16. @ මාතලන් අයියා ~ ඇත්ත ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්න බොරු කාරයො තාවකාලිකව ජය ගත්තත් උන් උන්ගෙම හෘදයසාක්ෂියට පැරදිලා. ඇත්ත කියපු එකා පැරදුනා වගේ පෙනුනත් උගේ හෘදයසාකිෂිය දිනලා.

      Delete
    17. @ පත්තරෙ ~ මාතලන් අයියගෙ ඕක තමා බං වටින්නෙ. කියන්න තියන දේ පොල්ලෙන් ගැහුවා වගේ කියන එක.

      Delete
    18. රාජ්‍ය ආයතනන තුල වහල් භාවය කෙසේ වෙතත් දේශපාලන පළිගැනීම් නම් ඇති පදමට තියෙනවා...ඒ වගේද මැයි දින පෙළපාලි වලට ගියේ නැත්තං...පෝය දවසෙ බණ අහන්න ගියේ නැත්තං...සෑහෙන ප්‍රශ්න...

      Delete
    19. ඇත්ත සිරා අයියෙ, මාත් හිතන දේ පෞද්ගලික අංශයේ වගේම රාජ්‍ය අංශයෙත් සෑහෙන්න අඩු පාඩු තියෙනවා. දේශපාලන පළි ගැනීම් මත මාරු වීම් ආදිය සිදුවූ නිදසුන් කී දාහක් ඇත්ද?

      Delete
    20. හම්මේ මාතලන් ලොක්කා : ++++++++++++++++

      Delete
    21. මාතලන් සර් ගොඩක් වෙලාවට කරන්නෙත් උඩුගම් පීනීමක් කොමෙන්ටු වලින්
      +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  3. වංක මිනිස්සු ගොඩක් ඉන්න රැකියා ස්ථානෙකට අවංක මිනිස්සුන්ගෙන් ඇති වැඩක් නෑ. මොකද අර වංචා,දූෂණ ඔක්කොම පැටවෙන්නෙ සුළුතර අවංක මිනිස්සු කරපිට.
    එහෙම තැන්වලින් අයින් වෙන එකමයි හොඳ..

    //රැකියාව අහිමි වූවාට මාගෙ ආත්ම ශක්තිය අහිමිවී නැත//
    ++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඇත්ත සංචාරකයො, රෝගීන් මැද සිටින නිරෝගී පුදගලයින්ට වැඩිකල් ඉන්න බෑ. එක්කො ඌත් ලෙඩ වෙන්න ඕන. නැත් නම් ලෙඩේ බෝ වෙන්න කලින් යන්න ඕන.

      Delete
  4. මාර සීන් එකක්නෙ බන්, අර ටැංකි 5ක රිපෝට් ඉල්ලපු එකා උබට ගේම ඇද්දද දන්නෑ කට්ටිය එක්ක එකතු වෙලා, අවංකව වැඩ කරන්ඩ ගියාම සමහර වෙලාවට ඔහොම වෙනව බන් හිතන්ඩ එපා ඕව ගැන,
    මේ කේස් එක වෙලා කොච්චර කල්ද බන් දැන්, මේ කලින් ජොබ් එකේ කතාවක් නේද?

    ReplyDelete
    Replies
    1. හි… පිස්සුද බං උගෙ නම ප්‍රියා නෙමේ සංඛ. ;)

      ඔව බං මේක ඒ කතාව තමා මීට අවුරුදු දෙකාමාරකට විතර කලින් උන මගෙම කතාව. මම ආයෙ ඇත්ත කතා වලින් නිර්මාණ කරත්දි ඒදේ උලුප්පලා පෙන්නන්නෑ.

      මටත් හිතෙන්නෙ නම් ඌ ගේමක් ඇද්දා තමා බං. :(

      Delete
    2. ඇයි බන් සංඛ කියල දැම්මෙ මේකට? :D

      උබට ආයෙ ජොබ් එකකට යද්දි ඕකෙ පලපුරුද්ද ඉදිරිපත් කරන්නත් බැරිවෙන්න ඇති නේද බන් ඔය සීන් එක නිසා? :o

      Delete
    3. ඇයි බන් සංඛ කියල දැම්මෙ මේකට? :D

      උබට ආයෙ ජොබ් එකකට යද්දි ඕකෙ පලපුරුද්ද ඉදිරිපත් කරන්නත් බැරිවෙන්න ඇති නේද බන් ඔය සීන් එක නිසා? :o

      Delete
    4. නිකමට බං. හිතට ආපු නම දැම්මෙ කියවන කෙනාට ලේසි වෙන්න. :)

      සි‍රාවටම මට ආයෙත් මුල ඉදන් පටන් ගන්න උනා. මම ඕකෙන් එළියට බහිත්දි අතට ගත්තෙ මගෙ පර්සනල් ෆයිල් එකේ තිබ්බ සහතික කොපි ටික විතරයි. ඒත් ඒ තීරණේ ගැන මන් පසු තැවෙන්නෑ. :)

      Delete
    5. කොහොමහරි කමක්නෑ උබ ඒකෙන් වැටෙන් නැතුව ආයෙ තැනකට ආපු එක ගැන සතුටුයි :)

      Delete
    6. රිසයින් වෙන දවසෙ පර්සනල් මැනේජරයාට ටොක්කක් හ‍රි ඇනල නේද ආවෙ ?

      Delete
    7. අන්න එක නොකිව්වට කරන්න ඕනේ , රිසයින් වෙන දවසේ අනිවා ඌට රිටන් එකක් දීලම තමයි එන්න ඕනේ

      Delete
    8. @ සසිඳු ~ ඔව් බං. මෙතන මම වැඩට ආවෙ හිටියට වඩා අඩු පඩියකට. ඒත් මෙතන මගේ ආත්ම ශක්තිය වැඩි කලේ මගේ අම්මයි, වයිෆුයි. කොටින්ම ඒ මම බැඳපු අලුත.

      Delete
    9. @ පත්තරේ, ඉවාන් ~ නෑ බං මට ඒක නම් කරගන්න බැරි උනා. හැබැයි ඕකුන්ගෙ හැටියට ටොක්කක් ඇන්නා නම් මරන්න හැදුවා කියලා පොලීසිත් ගෙනියන්න බැරි නෑ. :)

      Delete
    10. බැදපු අලුත ඔහොම වෙනව කියන්නෙ ඉතින් පිස්සු හැදෙනවනෙ බන් :o

      Delete
    11. හ්ම්ම් දැන් කල්පනා කරලා බලත්දි නම් ඒ තීරේණේ ගැන පුදුමයි. ඒ වගේම සතුටුයි බං.

      Delete
    12. හම්මේ.... මේ ටික දැක්කට පස්සෙනම් ඇත්තටම මාර ආඩම්බරයි මචෝ උඹ ගැන.

      Delete
    13. ස්තූතියි බස්සියෙ, මටත් ඒ ගැන අවංකවම සතුටුයි. ඒකට ගොඩක් මතක් කරන්න ඕනමාව වැටෙන්න නොදුන්නු මගෙ අම්මාටයි ප්‍රියාවිටයි තමා.

      Delete
  5. Heta kotannam...
    Me badakaduththuwe sinhala be

    Jaya Wewa

    ReplyDelete
    Replies
    1. හරි මචෝ. හෙට බලලා කොටහන්. (y)

      ජය වේවා……!!

      Delete
  6. රැකියා ස්ථාන වල සිද්ධ වෙන කැපිලි කෙටිලි ටිකක් ටිකක් විතර මාත් දැකල තියනව ප්‍රියා. ඒවට කතා කරන්න යන එකාටම තමයි අන්තිමට කෙලවෙන්නෙ. කොහෙ හරි වැඩ කරනවා නම් හිතන්න ඕනෙ තමන්ට තමන් විතරයි කියල. ඒක තමයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මම නම් ටිකක් නෙමේ චන්දන අයියෙ කෙටි කාලයක් තුල ගොඩක් මේ වගේ අත්දැකීම් ලැබුනා. එක අතකට දැන් ඒ ගැන සංතෝසයි මොකද දැන් ජොබ් එකට ඒවා ගොඩක්ම වැදගත් නිසා.

      Delete
  7. මොනවා උනත් හරිදේ කරන්න ... හිතට එකගව, එතකොට ඉස්සරහට එන්න පුළුවන් ප්‍රශ්න අඩුයි.... අවංකකම වැදගත්......

    ReplyDelete
    Replies
    1. @ නිහංසා ~ ඔව් නිහංසා ගොඩක් වැදගත් අවංක කමයි. කවදා හරි ඇත්ත දැන ගන්නවා.

      Delete
    2. @ අටම් අයියා ~ ගොඩක් තැන්වලඔය කඩඉම පහු කරන්න වෙන්නෙ හීනෙන්ම තමා.

      Delete
    3. අත්දුටුයි ....... ප්‍රත්‍යක්ෂයි........... චතුරංග......සමහර තැන් හින දැක්ක වගේ අමතක කරන්න......ඉතුරුවන දේ වටිනවා.......

      Delete
    4. අන්න ඒ උපදෙස සෑහෙන්න වටිනවා ඇත්තෙන්ම. ඇත්ත වෙනුවෙන් හීන දැකීම.

      Delete
  8. නියම ලියැවිල්ලක්. කොන්ද කෙලින් තියෙන මිනිහට කොතන ගියත් වරදින්නෙ නෑ. ශීත කාලය පැමිනේවි. තද ශීත සුළං හමාවි. ඒත්, වසන්තය එනවා සත්තයි.

    ReplyDelete
    Replies
    1. මේ අන්තිම ටික කොහෙද තිබ්බෙ? අපූරු යි, ඒක යි. කවද හරි ඇත්ත ජය ගන්නවා!!!

      Delete
    2. @ බස්සි ~ ස්තූතියි බස්සි, වරද්දන්න උත්සහ කරපු උන්ටත් කවදා හරි පසු තැවෙන්න සිදු වේවි.

      Delete
    3. @ දිලිනි ~ ඔව් දිලිනි, බස්සි කියලා තියෙන අන්තිම ටිකට බස්සිගෙ කටේ සීනි දාන්න වටිනවා. නියම කතාව.

      Delete
    4. දිලිනියෝ - ඒක දුයිශේන් අල්තිනායිට කියන දෙබසක කොටසක්.

      Delete
    5. අඩේ සි‍රාවට යකෝ ගුරු ගීතෙ කට පාඩම්ද බං බස්සියෙ? :)

      කට පාඩම් කර ගත්තත් පාඩුවක් නැති පොතක් නම් තමා.

      Delete
  9. අවුලක් නෑ .. ඕව සාමාන්‍ය දේවල් මචං .. සංතෝස වෙයං සීනි ටික උඹ වංගු ගැහුවා කියල නොකියපු එකට !!
    මේ ලංකාව පුංචි රටක් .. සමහර විට උඹට කවදා හරි චාන්ස් එකක් එයි මැනේජරයට හරි ගෑවුන එකෙක්ට හරි ටොපිය දෙන්න..
    එදාට බුදු වෙන්න හදන්න එපා..මෛත්‍රී කරන්න එපා !!
    දීපං ඉස්ම යන්ඩ .. ජීවිතේ එහෙමයි බං.නිවන දුරයි අපිට.
    අපේ එකෙක්ට පොලිසියෙ ට්‍රැෆික් එකෙක් නිරපරාදෙ අල්ලල උසාවි දැම්මා. නඩු ඕනවට.
    සතියකට පසේ පොලිස් කාරයස් රෑ පයින් ගෙදර යද්දි බයික් එක එතන ස්ලෝ කරලා අනිත් අතේ තිබුන හෙල්මට් එකෙන් මූණ පුරෝල දුන්නා..දත් දෙකක් කැඩිලා..පව් තමා.
    ඒත් ඊට වැඩිය අපි පව් !!!!


    ReplyDelete
    Replies
    1. මේක තමයි ලංකාවේ ජීවත් වෙන්න ඕන ක්‍රමය , හොද මිනිස්සුන්ට හොදට සලකන්න ඕන නරක මිනිසුන්ට නරකට සලකන්න ඕන , බල්ලන්ට ගහන්ඩ ඕන ගල් වලින් , හැබැයි පුතේ අපි හොරකමක් වංචාවක් කපටිකමක් නොකර ඉන්ඩ ඕන , එහෙම ඉන්නවානං අපිට අරින උන්ට අපිටත් ඇරිය හැකි ,

      මිනිස්සු හිතන්නේ හැමවෙලාවෙම තමන් ගැන විතරයි අනිකට හෙනගහල ගියත් කමක නැ ,

      ඉතින් අපි විතරක් හොදම වෙලා මොකටද.

      රස්සාව හරියට කරහම ඇති රස්සාවට ආදරේ කරන්ඩ ආයතනයට ආදරේ කරන්ඩ ඕන නැ.

      එහෙම කරහම තමයි අයිතිකාරයොයි , පාලකයොයි අපිට අරින්ඩ එන්නේ , අනික එහෙම හිටියහම , හිතට දුකක් නැතුව එලියට බැහැල එන්ඩ පුලුවන්

      Delete
    2. මගේ ගිය ආත්මේ ඉඳන් එන තරහා කාරයා වුනාට මේ වගේ සීන් වලදී මං ඉතින් පත්තර මලයාගේ පැත්තේ තමා ..... (Y)

      Delete
    3. @ පත්ත‍රේ ~ සිරාවටම බං එහෙම උනානම් 'මගේ කටෙත් පස්, මගේ කටෙත් පස් තමා'.

      කොහොම උනත් එහෙම චෑන්ස් එකක් ඇදුනොත් මින් ඉදිරියට මාත් අනුකම්පා කරන එකක් නෑ. එහෙම උනොත් මම අහන්නෙත් ඔය අන්තිම ප්‍රශ්ණ ටිකමයි.

      උඹලෑ එකා නම් කරපු දේ එළ. ඒවට පවු කියන්න ඕන්නෑ. කල යුතු දේ ඌ කරලා. ලෙසටම.

      Delete
    4. @ අටම් අයියා ~ ඔයා කියපු විදිහට ජීවත් වෙන්න නොදැන හිටපු නිසා තමා මට ඔතන කෙළ උනේ. මම අනවශ්‍ය තරමට රස්සාවට ආදරේ කරන්න ගත්තා.

      දැන්නම් ඔය ඔක්කොම අත්දැකීම් වලින් තමා ජොබ් එක ගෙනියන්නෙ. අවංක කම තියාගෙන අනවශ්‍ය යටහත් පහත් කම විසික් කරලා දැම්මා.

      කොහොමත් හොද නරක වෙන් කරලා හදුන ගත්තොත් වසන එක ලේසියි.

      Delete
    5. @ ඉවාන් ~ සි‍රාවට මාත් ඔන්න සෙට් උනා. (Y)

      Delete
    6. හරියට හරි අටමො.ේහෙම නැතුව ජීවත් වෙන්ඩ බෑ බං ..රැව්වොත් ගොරවන්න ඕන.නැත්තං අරිනවා..
      මට නං පලවැනි චෑන්ස් එක ආපු ගමං අරින්නේ ඉවානයට ඕං..
      ප්‍රියා..අනුංගෙ තැන් වල රස්සාව කරද්දි ලෝකෙ කොහෙත් ඔහොමයි බං..මම නං කියන්නේ පුලුවන් උන මුල්ම දවසෙ බුලත් විට බංකුවක් හරි අටෝගනිං තමන්ට කියලා..ඒක සැපයි බං !!

      Delete
    7. ඇත්තම තමා බං පත්තරේ. කතාවකුත් ති‍යෙනවා නෙ 'ගහන්න ගහන්න වදින එකත් මෝඩයා වදින්න වදින්න ගහන එකත් මෝඩයා' කියලා.

      අතේ සතේ නැති අපිට මොන බිස්නොස්ද කියලා අත හැරලා දාන්නැතිව බුලත් විට ලෑල්ලක් වත් දා ගන්න එක සැපයි තමා.

      Delete
    8. අතේ සල්ලි වලට වඩා හිතේ හ‍යිය ලොකුයි බං..අත ගහපං..සල්ලි එයි ඕන වෙලාවට.ගොඩ ඉඳං පීනන්න බෑනේ !!!

      Delete
    9. විහිළුවට නෙමේ සිරාවට මටත් ඔය අයිඩි‍යා එක ඇවිත් තියෙනවා. අතට ගාණක් එකතු වෙනකම්ි ඉදලා බලමු. (Y).

      තැන්කූ බන් දිරිගැන්වීමට. (Y)

      Delete
  10. හරි ඩේ කළා නම් කිසිදා වරදින්නේ නෑ බං. කවදා හරි ඇත්ත එලිවේවි.

    ReplyDelete
    Replies
    1. හරි දේ කරලා කෙළ උනත් දුකක් නෑ බං. මොකද කවදා හරි ඇත්ත හෙලි වෙයිනෙ කියන එක තියෙනවනෙ.

      Delete
  11. හරි දේ කරන්න නිවැරදි තීරණ ගන්න පස්ස ගහන්න හොද නෑ.. සමහරවිට ඒකෙන් රිදෙන මිනිස්සු හන්දා ප්‍රශ්ණ ඒවි.. ඒත් නිතරම හිතට එකඟව වැඩ කරන එකේ කවදාවත් වරදින්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනේශ්, ඕකෙන් රිදෙන මිනිස්සු නිසාම අනිවාර්‍යෙන් ප්‍රශ්ණ ඒවී. ඒත් නිවැරදි තීරණේ ගත්තොත් අපිට හැම දාම ඒ ගැන හිතලා සතුටු විය හැකියි.

      Delete
  12. රස්සාව කරගෙන ඉඳීමයි. රැකියාව අභිමානයෙන් කිරීමයි කියන්නේ දෙකක්. හැබැයි මුල ඉඳන් හදාගත්තොත් අභිමානයෙන් රසාව කිරීම අමාරු දෙයක් නෙවෙයි . ඒ වගේම කෙලින් කතා කරන්න මුල ඉඳන් පුරුදු වුනොත් එකත් වාසියක්, හැබැයි මේ කිසි දෙයක් මගදී හදන්න බෑ. ඊ මුල් ඉඳන්ම ඒ අනන්‍යතාවය ගොඩ නගගන්න් ඕනේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉවාන් මම ඒක පිළිගන්නවා. අත්දැකීම් අඩුකම නිසාම මට එතනදි වැරදුනා. මම අටම් අයියටත් කිවුවා වගේ මම අන්ධ භක්තියකින් ඔය ජොබ් එකට ආදරේ කලා.

      දැන් නම් ජොබ් එක තවත් ජොබ් එකක් පමණයි කියලා හිතලා වැඩ කරන් යන්නෙ.

      Delete
    2. ඒ දෙක දෙකක් නං තමා බං.. සහතික ඇත්ත.!!
      මුල ඉඳන්ම හදාගන්න ඕන..මගදි විජය වෙන්න ගියොත් නවතින්නෙ ටෙනිසන් කුරේ වෙලා !!

      Delete
    3. //"මගදි විජය වෙන්න ගියොත් නවතින්නෙ ටෙනිසන් කුරේ වෙලා"// පට්ට කතාව ,
      අඩෝ පත්ත්රයා මං තෝව මරන්න ඉන්නේ මෙතන හිනස්සන්න එන්න එපා හරිද ?

      Delete
    4. ඕ යේස් ,
      අපේ කොල්ලෙක් ඇන්ටි කෙනෙක් එක්ක ඇයි හොඳයීයක් තිබුනා ඈ .. ඇන්ටි කියනවලු
      "මාව මරාගෙන කාපං මල්ලියේ" කියලා . හැක් හැක් !!!

      Delete
    5. අඩේ සිරා කතාව බන් පත්තරේ, මැදදි වීරයා වෙන්න ගියොත් වෙන්නෙ ජෝකර් වෙන්නම තමා.… ;)

      ඉතිං අර කොල්ලා ඇන්ටිව මරාගෙන කන්න ඇති. පවුනෙ දෙයියනේ කාගෙ උනත් ජීවිතයක්නෙ.

      Delete
    6. :)) අවුලක් නෑ ඉවාන් මූව හිනා වෙවීම මරලා දාමු. අවුලක් නෑ. සතුටින් මැරෙන උන් පින් වන්තයි. :))

      Delete
    7. අපිත් එක්ක ඔබ ආවොත් - හිනා වෙනව හැමදාමත්
      මේ කියන්නෙ ඇත්තයි මල්ලී !!!!!!

      Delete
    8. හිනා වෙන්න… හිනා වෙන්න… එතකොට තර වෙන්නේ……!!!

      Delete
    9. ඉවාන් සමග 100% එකඟයි.. පර්සනැලටියේ තමයි ඔක්කෝම රැඳිලා තියෙන්නේ..

      Delete
    10. ඔව් මාතලන් අයියෙ, මුල ඉදන් පෞරෂය රැක ගෙන රැකියාව කොලොත් වරදින්නෑ. ඒක දැන් මම අත්දැකීමෙන්ම දන්නවා.

      Delete
  13. ගොඩක් තැන්වල සීන් එක ඕකයි... උඩුගං බලා යන මිනිස්සුන්ට කැපිල්ලමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි හරි පැත්තෙ හිට ගත්තොත් ඒ කැකිල්ලෙන් කැපිලා ගියත් හිතට එකඟව කවදා හෝ සතුටු විය හැකියි මධූ.

      Delete
  14. මේක මහ කාලකන්නි රටක් බං. කාලකන්නි නිසා කාලකන්නි වුන නැත්නම් හරි සුන්දර දිවයිනක්. මේකෙ උඩ ඉඳන් පහලටම තියෙන්නෙ අසාධාරණේ. ඒ ක්‍රමේට අනුගත් නොවෙන සාධාරණ මිනිස්සුන්ට කොතනත් අත්වෙන්නෙ ඔය ඉරණමම තමා. මේ කාලකන්නි රට කවදාවත් හදන්න බැරිවෙයි බං. සත්තයි, අන්තෙටම කලකිරෙනවා. ඇඟේ ලේ රත්වෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් මනෝ, මේක රටේ වැරැද්ද නෙමේ රටේ මිනිස්සුන්ගෙවැරද්ද. අපේ ‍රටේ අවංක මිනිස්සු ඇති තරම් ඉන්නවා ඒත් උන් බයයි එහෙම අවංක නැති උන්ට. ඒකයි තියෙන කරුමෙ.

      Delete
  15. ඕක හැම තැනම තියෙන දෙයක් ප්‍රියා, කතාව ලස්සනයි හිතන්න දෙයක් තියෙනවා ...දිග මදි වගේ මට නම් ,තව ටිකක් ලිව්වා නම් හරි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ, හ්ම්ම් තව ලියන්න සිද්ධි නම් තිබුනා. ඒත් මම බය උනේ පෝස්ට් එක අනවශ්‍ය තරමට දිග් වෙයි කියලයි.

      Delete
  16. මේ ඔය ක්‍රමයේ හැටි ප්‍රියා,එවැනි තැනක ඔවුන්ගේ ක්‍රමයට අනුගත නොවුනොත් සිදුවෙන දේ සිදුවෙලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලප අයියෙ, කතාවකුත් තියෙනවනෙ එක අත්තෙ වහන්න ඕන එක ජාතියෙ කුරුල්ලො කියලා. පිට ජාතියක කුරුල්ලෙක් ආවොත්සොරිම තමා.

      Delete
    2. //මේ ඔය ක්‍රමයේ හැටි ප්‍රියා,එවැනි තැනක ඔවුන්ගේ ක්‍රමයට අනුගත නොවුනොත් සිදුවෙන දේ සිදුවෙලා තියෙනව.//

      ඇ හැලපයියේ උඹ ඒක අනුමත කොරනවද

      Delete
    3. මම නම් හිතන්නෙ අටම් අයියෙ හැලප අයියා අදහස් කලේ සීස්ටොම් එකට අනුගත වෙලා ඉන්න උන්ගෙ වරද ගැන.

      Delete
  17. හැම තැනම ඔහොම තමයි.. හරි තීරණ ගන්න අයට ප්‍රශ්ණ ගොඩයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත තුශානි ගොඩක් තැන් වල ප්‍රශ්ණෙ ඕක තමයි.

      Delete
  18. මම දන්න ප්‍රයිවෙට් කෙනෙක් ඩෙංගු හැදිල මරනාසන්න යි. ලොක්කට එව්ව වැඩක් නෑ. උණෙන් මට වැඩක් නෑ හෙට වැඩට එන්න කියල කෝල් කරනව.කරන්න ඕන වඩ පවරනව.ඊට පස්සෙ ඒ මනුස්සය පෝන් එක පොලේ ගැහුව.
    රජයේ නම් මෙහෙම කෙළින්ම ඉවත් කරන්නෙ නැහැ. වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.හොරකම් කරල අතේ මාට්ටු වුන අය පවා ජොබ් හදාගෙන ඇරියස් එකත් අරන් තිබෙනව. ඒක හරි කියනව නොවෙයි.හොරු පවා එක තැනකින් තව තනකට පමිණිලි කර කර අන්තිමේදි ජොබ් එක හදාගන්නව.මෙතන මොකවත් නෑ .ගෙදර.

    පෞද්ගලික අයට තිබෙනව එක් පිහිටක්.ඒක ගැන මම යමක් කියන්නෙ නෑ.ඒක අධිකරණමය ආයතනයක් නිසා. මම හොදටම දන්න්ව එතනත් ගන්නෙ ලොක්කගෙ පැත්ත. පැමිනිල්ලක් ආවම කෙළින්ම කෝල් කරන්නෙ ලොක්කට.මෙහෙම එකක් ආව මොකද කරන්නෙ කියල. පොඩි මිනිහ අමාරුවෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඕකටත් මට හොද අත්දැකීම් තියනවා යකා, මම ඔය කම්පැණි එකේ වැඩ කරපු කාලෙ මට උණ හැදිලත් වැඩ කරපු දවස් අනන්තවත් තිබුනා. ඒ විතරක්ම නෙමේ නිවාඩු දාලා ගිහිල්ලත් කෝල් කරලා වැඩදීපු දවසුත් තිබුනා. ඒ විතරකුත් නෙමේ තවත් ඒවා තියෙනවා.

      ඒත් දැන් වැඩ කරන තැන ඒ අතින් දාහෙන් සම්පතයි.

      Delete
    2. ඔහොම ඒවා මම කියන්න බ්ලොග් එකක් පිරෙන්ඩ ඔකුන්ගේ අම්මලට හැමිනෙන්ඩ ඔව්වා කතා කරල වැඩක් නැ මල්ලියා , වචනත් අපරාදේ

      Delete
    3. ඇත්ත අයියා ඕක ගොඩක් තැන්වල (සියළු තැන් නොව) යථාර්තය ඕකයි. එක අතකට ඒවා ගැන කතා කරන එක අපරාදෙ. උන් කරන අසාධාරණ වැඩ වල නම් නිමක් නෑ.

      Delete
  19. ඇත්ත කවදා හරි ජයගන්නවා පරක්කු වෙලා හරි. සත්තකින්ම.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අරූ අයියෙ දිය යට හංගපු රබර් බෝලෙ වගේ කොච්චර හැංඟුවත් ඇත්ත කවදා හෝ එළියට එනවා.

      Delete
    2. අටම් අත් දැකීමෙන් කියන්නේ නේද? සමහර තැන්නම් බොරුවෙන්ම වැහිලා තියෙනවා.

      Delete
    3. අනික උන්ට හරියනත් එකනේ බං වැඩේ !!!

      Delete
    4. @ අටම් අයියා, අරූ අයියා, පත්තරේ ~ මාත් හිතන විදිහට ඇත්ත බොරුවෙන්ම වැසිලා තියෙන තැන් නැතිව නෙමේ. ඒත් කවදාමහෝ ඇත්ත එළියට එනවා. ඒත් ප්‍රශ්ණෙ ඒ වෙත්දි ප්‍රමාද වැඩි වීමයි.

      උන්ට හරි ගියත් වැඩක් නෑ. උන්ගෙ හදවත ඉස්සරහ උන් සදහටම පරාදයි.

      Delete
  20. මං මේ දත් මිටි කකා බං ඉන්නේ , පෙති ගහන්ඩ හිතෙනවා හොයාගන ගිහින් හතක් අටක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මේක උන වෙලාවෙ මටත් තිබුනෙ ඇත්තටම පසු තැවීමක් ඊටත් පස්සෙ කේන්තියක්. ඒත් දැන් පොඩි දුකක් තියෙනවා බොරුව ඉස්සරහ මම පරාද උනාද කියලා. ඒත් ඊට වඩා සතුටු වෙනවා අද ඊට වඩා නිදහසේ ඉන්න නිසා.

      Delete
  21. අනේ මන්ද බං ....ඔය කතා නම් අනන්තවත් අහල තියෙනව.....
    අත්දැකීම් නම් නැහැ තාම රැකියාවක් නොකරන නිසා....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කෙන්ජි අයියෙ ජොබ් කරත්දි මේ වගේ ප්‍රශ්ණ අනන්තවත් එනවා. මම නම් දැනටම ජොබ් හතරක් විතර කරලා තියෙනවා. ඒත් මේ වගේ ප්‍රශ්ණයක් පිට අස් උන පලමු අවස්ථාව තමා ඔය. එකම අවස්ථාවත් ඕක කර ගන්න තමා බලාපොරොත්තුව.

      Delete
    2. @කෙන්ජි.......මම මේ ඇත්තටම අහන්නේ...උඹ කවදාවත් ජොබ් එකක් කරලා නැද්ද?

      Delete
  22. අප්පූ.... මං ඉස්සලෝම වැඩ කොරපු පයිවෙට් කම්පැණි එකෙන් අයින් වුනෙත්ඔය මගුලෙ කැපිලිකෙටිලි නිසානෙ....
    සෙද්ද...
    මම නිකං නෙවී ආවෙ කියන්න ඕන හොදම හබ්බ දෙක තුනකුත් කියල....
    කෝමත් අපි වගේ මූලග්ගිනි කාරයන්ට ප්‍රයියෙට් සෙක්ටර් හරියන්නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං මූලග්ගිනි කාරයන්ට ඔය ජොබ් හරියන්නෑ. ඒ වගේම ඕනෑවට වඩා නම්‍යශීලී වෙන උන්ට ඕවා හරියන්නෙත් නෑ.ඒකම නිසා දැන්නම් කැත්තට පොල්ල වගේ තමා වැඩ. කතා කල යුතු තැනදි කතා කරනවා.

      Delete
  23. මහ බුරු ඩිරෙක්ටරයෙක් නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත දේශෝ මේවගේ උන්ට ලේ දුන්නත් මොලේ දෙන්න බෑ කියනවනෙ. මහ බූරුවෙක්.

      Delete
  24. කථාව රස වින්දා ප්‍රියා...බොලාගෙ කථා එක පාරටම අවසන් වෙන ගතියක් මට දැනෙනවා...කථාව කොටස් දෙකකට යනවා නම් කොටස් දෙකකට ලියන්න...පළවෙනි එකෙන් ඉවර කරන්න කියලා කථාව අවසන් කරනන් හදිසි වෙන්න එපා...ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයි‍යෙ,
      මටත් හිතිලා තියෙනවා මගේ ගොඩක් කතා අවුල් උනේ හදීසිය වැඩි කම නිසා කියලා. ඒත් මම කොටස් පෝස්ට් දාලම නැති නිසයි කොට කරන්නෙ. හ්ම්ම් බලමු ටිකක් ට්‍රයි කරලා. ස්තූතියි.!

      Delete
  25. අඩේ හෙට එන්නං කිව්වට අාවේ දැං..
    මට හිතෙන විදියට පුද්ගලික අංශෙ ගොඩක් තැන්වල ඔහොම තමයි.
    රාජ්‍ය අංශෙ තවත් විදියක්,
    දෙකේම හොද නරක තියෙනවා..

    කථාව ගැන කිව්වොත් එල..

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත විදානෙ, ඔය දෙකේම සාපේක්ෂව යම් යම් අඩු පාඩුත් හොද පැතිත් තියෙනවා. බොහෝ තැන්වල තත්වය ඕක තමයි.

      ස්තූතියි විදානෙ.

      ජය වේවා…!!

      Delete
  26. මෙහෙදෙයක් වුනාම පරණ දේවල් මතක් වෙන එක කාටත් පොදුයි..ඒත් මෙහෙම දෙයක් වුනාම ඒ දේ මොන දේ නිසා එහෙම දෙයක් වෙන්න ඇතිද කියන දේ කියන්න අමාරුයි..පොඩ්ඩක් ප්‍රමාද වුනා කියවන්න..

    ReplyDelete
    Replies
    1. ඇත්ත උමේෂ් මටත් මේකමයි හේතුව කියලා 100% ක් ස්ථාවරව කියන්න බෑ. ඒක ගැටළුවක් පමණයි.

      Delete
  27. අවංකවම කණගාටුයි සහ ආඩම්බරයි පුතා!

    ReplyDelete
    Replies
    1. ආඩම්බරකාර ආච්චි!! ස්තූතියි සාශො.

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................