15 December, 2013

උසස් වීම…


"ආ කල්ප… අන්න උඹට ලොක්කා එන්න කිවුවා."

"ලොක්කා කිවුවෙ මෙ පතිරණ මහත්ත‍යා?. ඒ ගමන මොන ම‍රාල‍යක්ද දන්නෑ."

"මග ඉදන් පේන බලන්නැතුව ගිහින් බලපන්කො."

නාමල් ගෙනා හදීසි පණිවිඩය ඇසූ මා පුදුම වූයේ වසරව් එකොලහක් වූ මාගේ සේවා කාලය තුල මා අප ආයතනයෙ කළමණාකරු පෞද්ගලිකව මුන ගැසී තිබුනේ නැති තරම්.

"සර්… මට එන්න කියලා තිබුනා."

"ආ කල්ප එන්න.. එන්න.. වාඩි වෙන්නකො ඉස්සෙල්ලම."

"තැන්ක් යූ සර්."

"මන් කල්පට එන්න කිවුවෙ වැදගත් වැඩකට. කල්පට දෙන්න ගුඩ් නිවුස් එකක් තියෙනවා."

"ඒ මොකක්ද සර්?"

"දන්නවානෙ මිස්ට‍ර් ගුණවර්ධණ ගියාට පස්සෙ අපි තීරණය කලා ඒ පෝස්ට් එකට පිටින් කෙනෙක් නොගෙන ඇතුලෙ කෙනෙක්ව එතන්ට දාන්න.
ඉතිං අපි තීරණ‍ය කලා මාර්කටිං මැනේජර් විදියට ප්‍රොමෝශන් එකක් දීලා කල්පව එතන්ට දාන්න… නිකම්ම නෙමේ හොද ඉන්ක්‍රිමන්ට් එකකුත් එක්ක."

හදිසියේ ලද පණිවිඩ‍ය නිසා කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ මා විනාඩි කිහිපයක් කළමණාකාරතුමාගෙ මුහුණ දෙස බලා නිහඩව සිටියෙමි.

"බොහොම ස්තූතියි සර්…"

"හරි දැන් ගිහින් HR මැනේජර් මිස්ටර් පියුමාල්ව හම්බ වෙන්න. මම කල්පට විශ් කරනවා. ඒ වගේම ඉදිරියට වෙන්න ඕන දේවල් ගැන පියුමාල් කල්පට තේරුම් කරලා දෙයි."

"තැන්ක් යූ සර්. මං දැන්ම ගිහින් හම්බ වෙන්නම්."

…………………………………………………

"ආ මේ ඉන්නෙ. මොකෝ උඹට ලොක්කා එන්න කියලා තියෙන්නෙ?" මානව සම්පත් කළමණාකරුගේ කුටියෙන් පිටතට පැමිණි විගස මුණ ගැසුන නාමක් ඇසීය.

නාමල් යනු මාගේ පාසල් වියේ සිටම මිතුරෙකි. මෙම රැකියාව මා හට ලැබුනේද මෙම ආයතනයේ මට වඩා වසර තුනක අත්දැකීම් ඇති ඔහුගේ උදවුවෙනි.

"උඹ දන්නවද? මට ප්‍රොමෝශන් එකක් ඇවිත් මාර්කටිං මැනේජර් විදියට"

"ආ ඇත්තද?.. මගේ සුභ පැතුම්"

මා ඔහුගෙන් බලාපොරොත්තු වූයේ මෙවන් ප්‍රතිචාරයක් නොවේ. පාසල් වියේ සිටම අප ඇසුරු කල හැටියට ඔහු මේ ආරංචිය අසා සතුටින් පිනා යා යුතුය. නමුත් නිකම්ම නිකම් සුභ පැතුමක්.

මිනිස් සිත පුදුමාකාරය. ඇතම් විට නාමල් මට ඉරිසියා කරනවා වත්ද? ඔව් එයට බොහෝ ඉඩ ඇත. ආයතනය තුල ඔහු මට වඩා වසර තුනක්ම පැරණිය. මාව වැඩට දැම්මේද ඔහුය. එසේ තිබියදීත් ඔහුට හිමි නොවූ අවස්ථාවක් මට හිමිව තිබීමම ඉරිසියාවට කරුණකි. 'බලමුකො මොකද වෙන්නෙ කියලා' මගේ යටි සිත මා සනසවයි.

…………………………………………………

"ආ කල්ප. කොහොමද මචං?"

"රුවන් මං කලින් ඔයාලත් එක්ක එකට වැඩ කරපු එක හරි. ඒත් මං දැන් මෙතන මැනේජර් කෙනෙක්. උඹ බං බොලන් කියලා කතා කරලා මාවත් ඔයාලගෙ ගොඩට දා ගන්න එපා. මාව වැරදයට තේරුම් ගන්න එපා."

මා එසේ පවසන ගමන් ඇසයටින් බැලුවේ නාමල් දෙසය. සැබවින්ම මා හට උවමනා රුවන්ට නොව නාමල්ට මා දැන් ලොක්කෙකු බව හැගවීමටය. ඔහු මට ඉරිසියා ක‍රනවා නම් මා ඔහුව කරේ තබාගෙන පලක් නැත. නමුත් ඔහුගේ හැගුම් විරහිත මුහුණ මා අධෛරයට පත් කල නිසාවෙන් මා ඒ ස්ථානයෙන් පිටවී ගියෙමි නමුත් මාගේ වෑයම සාර්ථක බව හැගුනේ සවස නාමල් මා ඇමතීමට 'සර්' යන වදන භාවිතා කල හෙයිනි. ඒ වදන ඇසෙන විට මා ලබන්නේ අහංකාර සතුටකි.

…………………………………………………

කාලය කෙමෙන් ගෙවමින් තිබේ. නමුත් මා පසු කරමින් පවතින්නේ ඉතා අපහසු කාල සීමාවකි. මා අළවි කළමණාකරු ලෙස වැඩ බාර ගත් දින සිට ආයතනයේ ලාභය පහල බසිමින් තිබේ. එයට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ නාමල්‍‍ය. ඔහුත් ඇතුලු අළවි අංශයේ සේවකයින් ඔහුන් සමග එකට වැඩකල මා ඔහුන්ගේ ප්‍රධානියා ලෙස පිලිගැනීමට අකමැතිය. ඒ සියලු දෙනා උසිගන්වන්නේ නාමල් බවට සැක නැත.

"සර්ගෙ හිත හොද නිසයි ඔය ඔක්කොම. නමල් කොහොමත් සර් එක්ක ඉරිසියයි. ඔහොම ඉන්න එපා සර් පතිරණ සර්ව හම්බ වෙලා ඔය ඔක්කොම කියන්න"

මුළු ආයතනයෙන්ම මා හට හිතවත් එකම සේවකයාවූ කාර්‍යාල කාර්‍ය සහයක පියල්ගේ උපදෙස් මත පතිරණ මහතා හමුවීමට හිත හදා ගත්තේ අමාරුවෙනි.

"සර් මට ටිකක් පර්සනල් කතා කරන්න ඕන."

"ඔව් කියන්න කල්ප."

"මං මෙහෙම කියනවට මං ගැන වැරදියට හිතන එපා සර්. පහුගිය ටිකේ කම්පැණි එකේ ලාභෙ අඩු උන එකට හේතුව මම දන්නවා."

"මොකක්…ඒ මොකක්ද ඒ?"

"මට මේක කියන්නත් මොකක්ද වගෙ සර්. මේ ඔක්කොටම මුල නාමල්. මම මාර්කටිං මැනේජර් උන එකට මෑන් ඉරිසියයි. මෑන්ම තමා අනිත් අයවත් උසි ගන්වලා මේකෙ පාඩු කරන්නෙ."

"ඉතිං නාමල් මේවා කරලා අන්තිමෙ මොනවද බලාපොරොත්තු වෙන්නෙ?"

"වෙන මුකුත් නෙමේ සර් මාව වට්ටන්න. මමනෙ දැන් මාර්කටිං මැනේජර්.."

"හ්ම්ම් හර්…හරි… මං මේකට ඇක්ෂන් එකක් ගන්නම් කල්ප"

"හරි සර්…තැන්ක් යූ."

සියල්ල කියා හිත නිදහස් කරගත් මුත් මාගේ ඔලුව හතරට පැලෙන තරම් වේදනාවක් ගෙන දුනි. මාගේ කැබිනයට පැමිණි මා මේසයට හිස ගසා ගත්තේ හිස කැක්කුම දරා ගත නොහැකිවය.

"සර්… සර්… අන්න අරූ පතිරණ සර්ගෙ කැබින් එක පැත්තට ගියා. ඕකා ෂුවර් එකටම කතාව අනෙක් පැත්ත ගහලා සර්ව අමාරුවෙ දානවා." කැබින් එකට දුවගෙන පැමිණි පියල් පවසන්නෙ රහසිනි.

හිසේ කැක්කුමට කුමක් උවත් ඔහු කියන දේ අසා ගත යුතු නිසා මා පතිරණ මහතගෙ කැබිනය ආසන්නයට ගියේ දුවමිනි. වායුසමීක‍රණය නොකල අප ආයතනයේ කැබින් තුල කතා වෙන දේ පිටට ඇසීම මේ වේලාවට නම් ඇත්තෙන්ම වාසනාවකි.

"නෑ…නෑ…සර් මම කියන දේ පොඩ්ඩක් අහන්න."

"නෑ නාමල් අයි ඇම් වෙරි…සොරි."

"සර් ප්ලීස් එක චාන්ස් එකක් දෙන්න. ප්ලීස්…"

නාමල් පතිරණ මහතා ඉදිරියේ වැද වැටෙන ආකාරය අසා මගේ සතුට නිම් හිම් නැති විය.

"බලනවා අයිසෙ ඔය මනුස්සයට වඩා අත්දැකීම් වලිනුයි විශ්වාසවන්ත කමෙනුයි හැම එකෙන්ම ඔය පෝස්ට් එකට සුදුස්සා තමුසෙයි. කොටින්ම මේ කම්පැණි එකේ මං 100% විශ්වාස කරන එකම මනුස්සයා තමා නාමල්. අපි ඔක්කොම ඔය පෝස්ට් එකට තෝර ගත්තෙ නාමල්වයි. එදා ඒක දැනුම් දෙන දවසෙ නාමල්මයි මට කිවුවෙ ඔයාට වඩා කල්පයි ඒකට සුදුසු අනික කල්ගෙ ෆැමිලි ප්‍රොබ්ලම් වගයක් තියෙන නිසා ඉන්ක්‍රිමන්ට් ලැබෙන නිසා මේ චාන්ස් එක කල්පට දීලා බලන්න කියලා."

"හරි සර් ඒත්…"

"පොඩ්ඩක් ඉන්න නාමල් තාම ඉවර නෑ…… ඒ මනුස්සයව එතනට දැම්මා විතරයි ලොකුකම ඔලුවට ගැහුවා. ඔක්කොම උන්ට ගෑස් පෙන්නුවා. තමුසෙ ඒ යකාගෙ යහළුවා උනාට අනිත් මිනිස්සු එහෙම නෑනෙ. ඒක තමා මේ ටිකේ ප්‍රොපිට් අඩු උනේ."

"හරි සර් මං ඒ ඔක්කොම හ‍රිගස්සනම්. කල්පට තව එක චාන්ස් එකක් දෙන්න."

"වෙරි සොරි නාමල් මමයි ටොප් මැනේජ්මන්ට් එකට උත්තර දෙන්න ඕන. හරි ඒ ඔක්කොම පැත්තකට දාමු මිනිහා අද ක‍රපු වැඩේ. නෑ නෑ… නාමල් දන්නවනෙ මට කේලම් කාරයෝ පේන්න බෑ කියලා…"

"අනේ සර්… ප්ලීස් මේ වතාවට………"

ඔහුන් දෙදෙනා තවමත් කතා කරමින් සිටී. මා දැන් මගේම දෙකණින් ඇසූ දේවල් සත්‍යද? මා ඉබාගාතේ ඇවිදමින් පැමිණ ඇත්තේ ආයතනය ඉදිරිපස බුදු මැදුර ඉදිරියටය. බුදු මැදුර තුලට ගිය මට බුදුරජාණන් වහන්සේගේ පසෙකින් වැඩ සිටින දේව රූප තුලින් දුටුවේ නාමල්ගේ රුවය. මා දෙඅත නලලට ගියේ කෙසේ දැයි මා නොදනිමි.

"මට සමාවෙන්න නාමල්……
මට සමාවෙන්න දෙවියනේ…………"



© ප්‍රියා.

(පින්තූරය ගූගල් දෙවියන්ගෙන් ණයට ඉල්ලා ගත්තකි.)

44 comments:

  1. සමහර වෙලාවට අපි හිතන දේම අපිට පෙනෙන දේම නෙවේ ඇත්ත.හොදම දේ තමා හැම පැත්තක්ම බලන්න ඕන ලොකු තීරණයක් ගන්න කොට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මඟියො,

      ඇත්තම තමා. අපි ඇහෙන් දැකලා කණෙන් අහන දේවලුත් බොරු විය හැකියි. ඒක තී‍රණය වෙන්නෙ අපි ඒදේ තෙරුම් ගන්න විදිය අනුවයි.

      Delete
  2. අපූරු කතා පොඩ්ඩ ප්‍රියෝ... පාලකයන්ට හොඳ ආදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි,

      ඇත්තටම පාලකයින් පාලිතයින් දෙගොල්ලන්ම මේ පිලිබදව පොඩ්ඩක් කල්පනා කල යුතුයි. උසස් වෙන්න වෙන්න නිහතමානි විය යුතුයිනෙ.

      Delete
  3. හොදයි. ලස්සනයි.
    -නදි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නදී.

      Delete
  4. හොඳ කතාවක් ප්‍රියා අත්දකීමක්වත්ද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලප අයියෙ.

      හ්ම්ම් නෑ මේකනම් අත්දැකීමක් නෙමෙ. ඒත් ජොබ සම්බන්දව මගෙත් තියෙනව ඔයිට ටිකක් වෙනස් අත්දැකීමක්. හැබයි ඒකෙ අගතියට පත් පාර්ශවය මම.
      ඒ ගැනත් මං පස්සෙ වෙලාවක ලියන්නම්කො.

      Delete
    2. කියවගෙන යනකොට මමත් හිතුවෙ අත්දැකීමක් කියලා. ඒ කතාවත් ලියමු බලන්න.

      Delete
    3. හ්ම්ම්ම් හා දිලිනි ඒකත් ඉක්මනට ලියන්නම්කො.

      Delete
  5. නොගැලපෙන තැනක් ලැබුනහම මෙහෙම වෙනව.මම හොදට දන්න සිද්දියක් තියෙනව මෙ වගෙම

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දමිත් අයියෙ කියන්නෙ "කටුස්සගෙ කරෙ මාල බදින්න එපා" කියලා.
      මේවා නිකම්ම සිතුවිලි උනාට සමාජයෙ උන, වෙමින් පවතින, අනාගතයෙදිත් වෙන දේවල්නෙ දමිත් අයියෙ.

      Delete
  6. ප්‍රියා උඹේ නිර්මාණය සාර්ථකයි කියල මම හිතනවා.
    මේක බොට හෝ ලගම එකෙකු ගේ චරිතයකට වෙච්ච සංතාසියක් විය යුතුයි.
    කොහොමත් අර සෝට් & සුවිට් එකෙන් කියවන්නට හිතට කරදරයක් නොකර ලියල තිබීම සුපිරිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෙන්ජි අයියෙ.
      ඔව් මං හැලප අයියට කිවුවා වගෙ මටත් තියෙනවා ඔයිට ලගින් යන අත්දැකීමක්. ඒ නිසා තමා සමහර විට මේක ලියවෙන්න ඇත්තෙ.

      මම කොහොමත් කැමතියි කෙටියෙන් ලියන්න. ඒක කොයි තරම් සාර්ථක අසාර්ථක වෙයිද දන්නෑ. මං හිතන විදියට බ්ලොග් ගමන මං පටන් ගත්තා විතරයිනෙ. බලමු ඉස්සරහට.

      Delete
  7. ආදර්ශමත් කතාවක්...එළ ප්‍රියෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රෙහානි.

      Delete
  8. හොද කතාවක් ප්‍රියා.. අත්දැකීමක්ද කියලත් හිතුනා.. මොකද මේවා හුඟක් වෙලාවට වෙන දේවල් හන්දා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනෙශ්, ඔව් බං මේවා හැමතැනම හැමදාම උනා. දිගටම වෙයි ඒකයි දුක.

      Delete
  9. ප්‍රියා...මම හිතුවේ නාමල් උඹ කියලා...කමෙන්ට්ස් දැක්කාම හරි ගියා..ඔහොම දේවල් වෙනවා ප්‍රියා. මම ජීවිතේ ඉතාම ආසාවෙන් කරපු රැකියා දෙකකට වල කැපුනේ ඔය වගේ අයගෙන්. එක අවසතාවකදී ඒ රට අතහැරලා යන්න වුනා අපේ පවුලටම..මම ඒ ගැන පස්සේ ලියන්නම්.
    සාර්ථක රචනාවක්!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අරූ අයියෙ මටත් මීට ආසන්න සිදුවීමක් නිසා තමා කලින් ජොබ් එකෙන් මන් අයින් උනෙත්. ඒ‍ත් ඊට පස්සෙ මං ඒදෙ කරපු උන්ට ස්තූති වන්ත වෙනවා මොකද උන් ඒක කරලා එතනින් අයින් උන නිසයි ඊට වඩා හොද තැනක් මට ලැබුනෙ. මං දැන් එහෙම හිතලා හිත හදා ගන්නවා.

      අරූ අයියගෙ කතාවත් ලියන්න. අපි කියවන්න බලන් ඉන්නවා.

      Delete
  10. ඔලුව ඉදිමුවාගෙන වැඩ කරන්න ගියොත් ඉතින් ඔය ටික තමයි වෙන්නෙ..හැමදෙයක්ම නිහතමානීව බාර අරගෙන ජීවත් වුනොත් ලැබෙන හැමදේම සදාකාලිකව පවතිනව.අපි මැරුන දවසක හරි ඉන්න උන් කියයි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි රජ වීදියො මිනිස්සුන්ගෙ අහංකාර කම උඩඟුකම තමා මේ හැම දේටම මුල. මිනිස්සු නිහතමානී නෑ.

      Delete
  11. ප්‍රියා අයියේ සෑහෙන්න ලොකු පාඩමක් ඔයාගේ කතාව ඇතුලේ තියෙනවා.ඇත්තටම මනුස්සයොන්ගේ හැසිරීම් ගැන අපි මැරෙනකම්ම ඉගෙනගත්තත් මදි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්‍තූතියි නාමල් මල්ලි. ඇත්තටම මිනිස්සු තරම් හදුන ගන්න තේරුම් ගන්න අමාරු සතෙක් තවත් මෙ ලෝකෙ නෑ කියනවානෙ.

      Delete
  12. හිතට වදින්න ලියල තියනව, හොද ආදර්ශවත් ලිපියක් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සසිඳු. :-)

      Delete
  13. ඔය කථාව සහතික ඇත්ත මචං...කේලාම් වලින් නෙමෙයි වැඩ වලින් තමයි තමන්ගෙ තැන ආයතනයක් ඇතුලෙ හදා ගන්න ඕනෙ...කේලාම් කාරයන්ට කෙළවෙන්නෙ හිතන්නෙ නැති වෙලාවක...

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා. ඒත් අපේ ඉන්න කාළකන්නි හදන්නෙම එකෙක් කපාගෙන උඩට එන්නනෙ. ඒක තමා දුක.

      Delete
  14. ඔහොම තමන්ට ලැබෙන අව්තාව තව එකෙකුට දෙන උන් ඉනනවදබං මේ ලෝකේ

    ReplyDelete
    Replies
    1. ඔව් අටම් ඔහොම එකෙක්ව හොයා ගන්නවා කියන්නෙ කළුනික හොයා ගන්නවා වගේ තමා. ඒත් මං හිතන්නෙ ඔහොහ උනුත් ඉන්නවාමේ ලෝකෙ.

      Delete
  15. ආදර්ශමත් කතාවක්... මේක පුද්ගලික අත්දැකීමක් ද ?

    ReplyDelete
    Replies
    1. නෑ මධූ මේක කෙලින්ම මගේ අත්දැකීමක් නෙමේ. ඒත් මෙහා ටිකක් සමාන අත්දැකීමක් නම් තියෙනවා.

      Delete
  16. OMG, සමහර දේවල් කවදාවත් තේරුං ගන්න බෑ වගේම ආයේ හරවන්නත් බෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් දේශො අපි හුග දෙනෙක්ට වෙන්නෙ කල්පට උනා වනේ තේරුම් ගත්දි ප්‍රමාද වැඩී වෙන එක තමා.

      Delete
  17. නියම කතාව ,හොඳ යාලුවො අදුන ගන්න ඕනි ,එ වගේම කේලම් කරයොත් .හොද යාලුවො අඩුයි මෙ කලේ ඉන්නෙ වාසි තියෙනකන් ඉන්න උන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝ ගොඩක් වෙලාවට ඉන්නෙ මිත්‍ර වේශයෙන් ඉන්න ද්‍රෝහීන්. හතුරට අනුකම්පා කලත් ඒ වගේ ද්‍රොහීන්ව හෙළා දැකිය යුතුයි.

      Delete
  18. නියමයි මචං. කරුමෙට නාමල්ල අඩු කල්පල වැඩි කාලයක් මේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා රාජ්, එක අතකට කල්පලා වැඩිවීමත් නාමල්ලගෙ කරුමයක් තමා.

      Delete
  19. ගොඩක් ආදර්ශමත් ලිපියක් අයියේ මං අදයි කියවුවේ ,,කොහොම මට මගහැරුනද මේක ,, ඔයා ගොඩක් හොදට ලියනවා දැන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගා.

      මං දැන් මෙහෙම ලියන්නෙ ඔයාලා ඔක්කොගෙම උදවු නිසා තමයි. ඒකටත් තෑන්ක්ස්

      Delete
  20. මේ වගේ පුද්ගලයින් අද අවශ්‍යතරම් රටේ නිශ්පාදනය වෙනවා. නිශ්පාදනය වෙනවා කියා කියුවේ කෙටි අදහසක් පමණයි.
    ම්.... එක නොවේ..... ඇත්තටම මේ ඔබට වූවක්වත්ද?

    ReplyDelete
    Replies
    1. ම්.... ඒ ඔබ විය නොහැකියි. ඔබගේ ප්‍රොෆයිලයේ දක්වා ඇත්තේ ඔබ සියළු සතුන්ට පවා ආදරය කරන බවයි.

      Delete
    2. ඔව් නිර්මළා හැබැයි මම සතුන්ට දක්වන්නෙ බොරු ආඨෝප ආදරයක් නම් නෙමේ

      හ්ම්ම්…… මේක මගෙ අත්දැකීමක් නෙමේ ඒත් ගොට්ට අල්ලන උන් නිසා ජොබ් පවා නැතිකර ගත්ත එකෙක්.

      Delete
  21. බොහෝ දෙනා මෙය මාගේ අත්දැකීමක් ලෙස තේරුම් ගත් නිසා මෙසේ සටහනක් තබමි.

    මෙහි කල්ප, නාමල් දෙදෙනාම මාගෙ චරිතය ඇසුරින් බිහි වූවන් නොවේ. මෙය මගෙ අත්දැකීමක්ද නොවේ. නමුත් මේහා යම් දුරකට සමාන අත්දැකීමක් නිසා මා පෙර රැකියාව අත්හැර දැමූවෙක්මි. එහි වංචාව සිදු වූයේ මටයි. එහිදි අප අංශය භාරව සිටි ප්‍රධානියගෙ පලි ගැනීමත් ‍රැකියාමය නීතී පවා නොසලකමින් මා මසකින් එක් දිනක් පමණක් රාත්‍රියේ නිදහස් කොට අන් සියලු දින වල එක දිගට රාත්‍රි සෙවයේ යොදවා පලි ගත් අයුරුත් මා පසුවට ලියන්නම්.

    මෙහි මා දකින ආකාරයට කල්ප කළු චරිතයකි. මම ලෙස කතාව විස්තර කරන්නාගේ චරිතයට කල්පව ගෙනාවේ මට අවශ්‍ය උනේ මා තුලින් කළු චරිතයක් දැකීමටයි. මා සිතන ආකාරයට ඒ අතින් මා සා‍ර්ථ්කයි. කිමද කමෙන්ට්ස් වල බහුතරයක් දෙනා අසා ඇත්තේ මෙය මගෙම අත්දැකීමකද? කියාය.

    අදහස් දැක්වූ සැමටත් කියවූ සැමටත් බොහොමත්ම ස්තූතියි.

    ReplyDelete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................