16 February, 2014
තිත්ත කරවිල…!!
ක්රෑෂ්ෂ්… ගසා කෑ ගසමින් නැවතූ තවත් වාහනයක හඬ ඇසී මද්දුමී හඬාගෙන ගෙට දිව ගියේ බියපත් මුවැත්තියක ලෙසිනි. කෙදිනකවත් පාපැදියක් වත් නොපැමිණි මිදුලේ අද දිනයට නැවතූ තෙවනි වාහනයය. පෙර වාහන දෙකෙන් මෙන්ම මෙයින්ද බසින ලද කළු කලිසමත් සුදු පැහැ කමිසයත් හැදි හැඩි දැඩි මිනිසුන් දකින විට මද්දුමීට මෙන් සැගවිය හැකිනම් කියා සිතුනි.
"තමුන්ද ලසන්ත කියන්නෙ?"
"මමයි මහත්තයා"
"මොනවද මනුස්සයො මේ කරන වැඩ. තමුසෙලා කරන ඒවයෙන් අපෙ මන්ත්‍රීතුමාටයි අයිසෙ හොඳ නැත්තෙ… පාර්ලිමේන්තු මන්ත්‍රීකෙනෙක් යටතෙ තියෙන පළාතක මෙහෙම උනාම එතුමටයි හොඳ නැත්තෙ.…"
"අනේ බුදු මහත්තයෝ නොදැනුවත්කමට උන දේනෙ… අනේ මම දැන් මක් කරන්නද?…"
"ඒ මඟුල් හිතන්න තිබුනෙ ඔය පණ්ඩිත වැඩ කරන්න කලිනුයි."
ට්‍රීං… ට්‍රීං… ට්‍රීං…
"හෙලෝ… Yes සර්…හ්ම්ම් මම කියන්නම් සර්… ඕ කේ සර්… හරි ඒ ගැන හිතන්න එපා, චැනල් එකේ උන්ට එන්න කියන්න.…හරි" ඇමතුම විසන්ධි කල ඔහු නැවත මා දෙසට හැරුනි.
"හරි… තමුසෙට එක ක්‍රමයක් තියෙනවා. තව ටිකකින් TV චැනල් එකකින් කට්ටියක් එයි. එයාලට අපි දැන් කියලා දෙන විදියට කියන්න ඕන."
"හරි මහත්තයො… මන් ඕන දෙයක් කියන්නම්."
"කොහොමත් කියන්න ඕන තමා අයිසෙ. ඒකෙ අහන්න දෙයක් නෑ."
රූපවාහිනි ආයතනයෙන් එන පුද්ගලයින්ට කිවයුතු දේ ගැන උපදෙස් දුන් පිරිස පිටත්ව යන්නට විය. මගේ දෙනෙත බොඳ වෙත්දී ලොකු කෙලී මා අභියස විය.
"කෝ ලොක්කියෙ මද්දුමී…?"
"නංගි දුවන් ඇවිත් හැංඟුනා. දැන්නම් නිදි.… බඩගිනියි තාත්තෙ."
මගෙ පපුව පැත්තක් හිර වෙන්නාක් මෙන් දැනෙන්නට විය. දරුවෙකුගේ මුවින් පිටවෙනා බඩගිනියි යන වදන තරම් පියෙකු විදවනා තවත් වදනක් තිබිය නොහැක. නමුත් මාගේ අවාසනාවට එම වදනම මා දිනපතා කිහිප වරක්ම අසමි.
මාත් විනිතාත් එක වහලක් යටට වූයේ අවුරුදු 15කට පෙරය. ඉන් අවුරුදු 2කට පසු ලොකු දුවත් ඉන් ටික කලකට පසු එක්වූ මද්දුමිත් ඊයේ පෙරේදා එක්වූ නිවුන් දැරියන් දෙදෙනාත් අප නිවසම එළිය කලහ. එකම අවාසනාවට පිරවිය යුතු බඩවල් ගනන වැඩි වන ප්‍රමාණයට මාගේ අතමිට සරු වූයේ නැති නමුදු වැලේ ගෙඩි කෙදිනකවත් වැලට බර නොවූ නිසාම දියණියන් සිවුදෙනාත් බිරිඳත් කුලී වැඩෙන් දිවි සරිකරගත් මා හට බරක් වූයේ නැත.
නමුත් අවාසනාව අප සොයා පැමිණියේ නියඟයේ වෙසිනි. කුලීවැඩක් සොයාගත නොහැකිව දින සති මාස ගතවෙත්දී ඉරි තලා ගිය පොළව මතම අපේ ජීවිතද ඉරි තලා යන්නට විය.
"අදවත් හාල් හුණ්ඩුවක්වත් ගන්න බැරි උනාද ඒයි…"
"වැඩක් හොයා ගන්න බැරි උනා විනිතො… ලොකු උන් දෙන්නට මොකද කලේ…?"
"බලලා බලලා බැරිම තැන වත්ත පහලින් කරවිල ටිකක් කඩලා තම්බලා දුන්නා…"
"කරවිල විතරක්…!!! කෑවද ඒ දෙන්නා?"
"නෑ… කන්න බෑම කියලා හැඬුවා… අන්තිමේ මාත් කාපු නිසා කෑවා… චූටි දෙන්නට කිරිත් දෙන්න එපෑ…"
මෙසේ ඇරබි දින පහක්ම වේල් තුනටම අපගේ එකම ආහාරය වූයේ තම්බාගත් කරවිලය ගෙඩිය. පස්වන දිනයේ දෙවියන්ද අහක බැලූ හෙයින් විනිතාට අජීර්ණයක් සෑදී සිඟිති දියණියන් දෙදෙනාද සමග රෝහල් ගතවීමට සිදුවිය. ඒ අතර පැමිණි පුවත්පතකින් අපගේ සැබෑ ජීවන තත්වය මුළු රටටම හඩගා කීමෙන් වූ එකම සෙත වූයේ පළාතේ මන්ත්‍රීවරයාගේ හෙන්චයියන් විටින් විට පැමිණ අප පවුලටම තර්ජනයකර යාම පමණකි.
"තාත්…හ්හ්…තාත්තෙ…"
"මොකෝ බන් ලොක්කියෙ… උඹ කාට බයේද දුවන් ආවෙ…?"
"අන්න…තවත්…එකක් එනවා……"
ඒත් සමඟ ප්‍රසිද්ධ රජයේ රූපවාහිනී ආයතනයක සංඛේත ගසා ගත් වෑන්රියක් අප මිදුලේ දැක මා දිගු හුස්මකින් ළය පුරවා ගනිමි. මෙතෙක් අප පෙළුවේ දුප්පත් කම පමණකි. නමුත් අද දින ජීවිතය රැකගැනීම උදෙසා මාගේ දුප්පත් ආත්මය මරා දැමීමට මා සූදානම්ය.
………………………………………
………………………………………
දැන් තවත් දේශීය පුවතක්,……
විපක්ෂයේ තවත් අසාර්ථක කුමණ්ත්රණයක සුළ මුළ හෙළිවේ.
පසුගිය දින කිහිපය පුරා පැතිර ගිය කරවිල පමණක් ආහාරයට ගෙන දිවිගෙවූ පවුලේ කතාව රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් විපක්ෂය ගෙතූවක් බවත්. ****පක්ෂයේ ප්‍රභල නායකයෙකුගේ ආධාරකරුවෙකු වන තමා මේවන් කතාවක් කීවේ එම නායකයාගේ අනුදැනුම මත බවත් එම කරවිල පමණක් කා දිවිගෙවූ බව කී පවුලේ පියා ඊයේ දිනයේ පිළිගත්තේය.
මේ අතර චීන ආධාර මත රුපියල් ලක්ෂ 870ක වියදමින් ඉදිකල මානෙල් පොකුණ රංග පීටය විවෘත කිරීමට එක්වූ ගරු අතිඋත්තම ****** මැතිතුමාද මේ පිලිබඳව අදහස් දැක්වීය.
"ඉදිරියේ පැවත්වෙන ජිනීවා සමුළුව ඉලක්ක කරන් රජය අපහසුතාවයට පත්කිරීම විපක්ෂය දැන්ම ආරම්භ කරපු බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහරු රටට විරුද්ධව කේළම් කියනවා. තවත් සමහරු කන්න නෑ කරවිල කාලා ජීවත් උනා කියලා බොරු කියනවා. මේ සියළු කුමණ්ත්‍රණ පරද්දලා ජිනීවා වලට හොඳ උත්තරයක් දෙන්න නම් බස්නාහිර, දකුණ දෙපළාතම නැවතත් රජයට දීමට ජනතාව බුද්ධිමත් විය යුතුමයි."
(පින්තූරයට ස්තූතිය……
http://www.bubblews.com)
© ප්‍රියා.
Subscribe to:
Post Comments (Atom)
තව කල් තියෙනවා බං නැත්නං අදම පටන් ගනීවි. ඡන්දෙට සති දෙකකට අඩු කාලයක් තියෙද්දී එන්න තියෙන හෙන සැට් එකක් තියෙනවා.. මුල ට්ක හොදට තියෙනවා..
ReplyDeleteමේකෙ මැද ටික වෙලා ඉදරයි දේශකයො. අවාසනාව අවාසනාවඇත්තටම කරවිල කාලා ජීවත් උන පවුලක් හිටියා ලංකාවෙ දැනට සති දෙක තුනකට කලින්. ඒත් එක පාරට එයාලම කියනවා එහෙම දෙයක් උන්නෑ කියලා. කාටද කියන්න පුලුවන් මෙහෙම දෙයක් නොවුනා කියලා.
Deleteමුල ටික ලියලා දවස් ගානක් ඉදලා අන්තිම ටික ඊයෙ හදිසියෙන් ලිව්වෙ. ස්තූති දේශො. ආයෙ ලියත්දි ඒ ගැනත් බලන්නම්.
ඔව් මං ඒ සිද්ධීය දැක්කා බං. හැබැයි දැං එහෙම කෑවෙ නැතෙයි කිව්ව විත්තියක් මං දැනං හිටියේ නැහැ නෙව.
Deleteඒකත් හරියට කවුරුත් මට ගැහුවෙ නෑ. මමම ගහ ගත්තා වගේ සිද්දියක් තමා. දේශකයො. කතා කරලා වැඩක් නෑ.
Deleteඑහෙම තමයි ප්‍රියා,ඉස්සෙල්ල වෙඩි තිබ්බ කියල පස්සෙ කියනව එයාම වෙඩි තියාගත්තා කියල,ඉස්සෙල්ල ගැහුව කියල පස්සෙ කියනව එයාම ගහගත්තා කියල,හරිහමං ජනතාවක් පත්කරගන්නතුරු රට මෙහෙමම තමයි.
ReplyDeleteහරියට හරි හැලප අයියෙ. වෙනස් විය යුත්තෙ පාලකයන් නොවේ ජනතාවයි. නැත්නම් හැමදාම මේවා දිගටම වෙයි. ඒත් මේවයෙ අවසානය???? ප්‍රශ්ණාර්ථයක් විතරයි. මොකද අපේ ජනතාව කවදාවත් වෙනස් වෙන්නෑ.
Deleteසිරාවටම ඔහොම සීන් එකක්ද බන් ගියෙ? මන් පහුගිය ටිකේ ප්රවෘත්ති බැලුවෙත් නෑ :)
ReplyDeleteකාටද බන් කියන්න පුළුවන් ඇත්තටම උනේ මේ සීන් එක නෙමේ කියලා. අපි අපිටම ගහගන්න කොට මෙහෙම දේවල් සිම්පල්. :-D
Deleteමාත් අවුරුද්දකින් ප්‍රවුර්ති බැලුවේ නැහැ ,,:)
Deleteසිරාවටම බන්, දේශපාළුවො එකෙක්වත් විශ්වාස නෑනෙ :D
Delete@අපූ ලංකාවට එනකන්ම බලන්න එපා එහෙනම්, බැලුවොත් ලංකාවට එන්න එපාවෙයි :D
@ සසිඳු ~ ඔව් බන් වෙලාවකට හිතෙනවා උන් අපේ සේවකයොද, අපි උන්ගෙ වහල්ලුද කියලා :-(
Delete@ ඔමා ~ හම්මෝ ලංකාවෙ ඒවානම් බලන්න එපා. ඔය සසිඳු කියපු එකම වෙයි. :-D
මේව්වා ඇවිත් අදිරාජ්ජියවාදී කුමන්ත්රොන ඔව් අම්මප!!
ReplyDeleteසිරාවටම මලයො, දේශද්‍රෝහී කුමණ්ත්‍රණ. අපි මේවා පරද්දන්න ඕන.
Deleteදේශපාලනේ ඔහොම තමයි ප්‍රියා
ReplyDeleteජරාජීර්ණ උන මඩවලක්. :-(
Deleteඅම්මපා කියහන් ප්‍රියා ,, ඕවා ඔහොම්මමය ,, දේශපාලනේ කියන්නේ අර අර වලිගෙ මේම මේම කරන් ඉන්න හොම්බ මේම මේම තියෙන සත්තු නටන වලක් නෙව ,, ලිපිය හොදට සෙට් කරලා තියෙනවා ,ප්‍රියා
ReplyDeleteස්තූති වේවා. ඇත්තම තමා ඔමා. එක අතකට දෙවිවරු පය ගහන්න බය තැන්වල යක්කු පිනුම් ගහනවලුනෙ.
Deleteහොදට ලියලා ප්‍රියා....
ReplyDeleteකියන්න ගියොත් දුර යනවා බං :)
ස්තූතියි කෙන්ජි අයියෙ.
Deleteමේවා ගැන කතා කරන එකත් ඇඟේ ලේ කෝප කර ගැනීමක් තමා නේද? :-)
මම ඔය මගුල් ලියන් නැතුව පිස්සු මගුල් ලියන්නේ ඒකයි මල්ලි...
Deleteකියවන එව්වො හිතින් හරි සතුටු වෙයි කියල...
කවුද ඒවාට 'පිස්සු මඟුල්' කියන්නෙ?
Deleteඇත්තටම එක මටත් එක වෙලාවක මේවා ලියන එක එපා වෙන වෙලාවල් තියෙනවා. කොච්චර කතා කලත් අපි අහන්නෙ දකින්නෙම වැරදි.
ඔයා ලියන ඒවා මම නම් කියවන්නෙ ආසාවෙන්. මොකද ප්‍රශ්ණ වලින් බර කට ගත්ත ඔළුවට සැහැල්ලුවක් ලැබෙන්නෙ ඒ වගේ කතා වලින්.
ලංකාවෙ දේශපාලනය වෙලාවකට ප්‍රෙඩී සිල්වලගෙ, ඩී ආර් නානායක්කාරලගෙ, ලිලියන් එදිරිසිංහලගෙ, ටෙනිසන් කුරේලගෙ විහිලු වලටත් වඩා විහිලුවක්....
ReplyDeleteඡන්දය ලං වෙනකම්ම හිටියා කියන්නෙ රතු පස්වල කම්හලේ කෑලි වෙනත් තැනකට අරන් යන්න...
ඇත්ත සිරා අයියෙ, අපේ දේශපාලනය තනිකර විහිළුවක්,
Deleteරතුපස්වල ගැන නම් කතා කරලා වැඩක් නෑ. අපේම මිනිස්සුනෙ.
හෑ.... නිවුස් නොබලන නිසා මට මේක මග ඇරිලා.... කරවිල කාල ලෙඩ උන කතාවනම් ඇහුනා. ඒත් ඒ මිනිස්සු එහෙම දෙයක් කිවුව කියල දන්නෙ දැන්.
ReplyDeleteආස්චර්ය හසන්ත මහත්තයෝ ආස්චර්ය!!
පත්තරෙත් ඔය කතාව ගියා බස්සියෙ මයෙ හිතේ. මාත් දැක්කෙ අර ගිරවු වගේ පත්තරේ කියෝන වැඩසටහනකින්.
Deleteආස්චර්ය නෙවේ නම් වෙන මොකක්ද හසන්ත මහත්තයෝ !!! :-D
කුමන්තරණ මචෝ කුමන්තරණ.. මෙව්වා ඔය රට රාජ්ජ වල ඇත්තෝ මේ පුණ්‍ය භූමිය අල්ලාගන්ට කොරන උප්පරවැට්ටි නෙව..
ReplyDeleteහි… ඇත්ත තමා අංජන, නැත්තන් කන්න නැතුව මලත් ඔය පවුලට රට වෙනුවෙන් ඉවසන්න තිබුනා. දේශද්‍රෝහියො ඔය පවුලම. :-D
Deleteකරවිල වැලක එල්ලන්ටෝනෑ දඬුවම් වශයෙන්! :P
Deleteඇත්තෙන්ම මචෝ, මුන්ට රටට වඩා බඩ ලොකු උනා. මොන ප්‍රශ්ණෙ උනත් අපි අපේ ලොක්කො වෙනුවෙන් ඉවසන්න ඕන. එහෙම බැරි උන් එල්ලන්න ඕන. :-P
Deleteඔහොම කියපු නිසා සමහර විට සතියක් කන්න බඩු මල්ලක් හම්බෙන්න ඇති.....
ReplyDeleteකමක් නෑ..ළමයින්ට තාත්ත කියන්න එකෙක් ඉතුරු උනානේ...
ඒ ගැන හිතල හිත හදාගනින්.
අන්තිම හරියේදී සුදු වෑන් එකක් උඹේ පස්සෙන් ආවද?කලබලේට ලියල දාල.
ඔව් අයාල් ඒකත් ඇත්ත. ඒ මනුස්සයාජීවත් වෙන එකත් මදෑ මේ වෙන දේවල් වල හැටියට.
Deleteහි… හි… දැනට නම් නෑ. ඉස්සරහට සුදුවෑන් එයිද දන්නෑ. :-D
කලින් කියන්න අමතක උනා...දැන් බ්ලොග් 1 පිළිවෙලයි...කලින් ආපු ගමන් පාත්ත පැටියෙක්නේ පෙනුනේ.... :D
Deleteස්තූතියි අයාල්. පාත්තයා පැනලා ගියා :-D
Deleteඔමා තමයි මේ තරම් පිළිවෙල කරගන්න විදිය කියලා දුන්නෙ.
මං ඔය සීන් එක දැක්ක බන්.එත් එච්චර ප්‍රසිද්දියක් ලැබුනේ නෑ ඕකට.රූපවාහිනියේ ලුහුඩු පුවත් වලාට ගිය නිසා.වැඩි අවදානයක් නෑනෙ.
ReplyDeleteඑහෙම තමා බන් හැම තැනම. වටින දේ යට යනවා. පුහුදේ උඩ එනවා.
Deleteමං කිව්වේ දෙවැනි ප්‍රවෘත්තිය.ඒක ආණ්ඩුවට හරියට් මාකට් කර බැරි වුණා.
DeleteTV එකේ නැත්ත පත්තර වල නම් ගියා බන් පිටු ගනන්.
Deleteමාත් පත්තරෙන් මේ කතාව දැක්කා...
ReplyDeleteමිනිස්සු දේශපාලනය , බලතල වෙනුවෙන් කරන දේවල් දැක්කහම පුදුම කලකිරීමත් ඇතිවෙනවා ...
ඒක ඇත්ත තුශානි, දැන් ඒ පොර කා ගැනීම හැම ක්ෂේත්රයකම පැතිරිලා.
Deleteනියම යි නො කියා වෙන මොනව කියන්න ද? මේක තමා අද ඇත්ත තත්ත්වය. ඒ ගැන නම් වෙලාවකට ඇති වෙන්නෙ කලකිරීමක්.
ReplyDeleteසිද්ද වෙන දේවල් දකිත්දි ඇත්තටම කළකිරෙනවා තමා දිලිනි.
Deleteමේ සොඳුරු අඹ්දිව තුළ ඕනෑම දෙයක් සිදු විය හැක.
ReplyDeleteසිදුවිය නොහැක්කේ යහපාලනය පමණයි සප්රි.
Deleteමේ කේතුමතී නුවරයි. මට නම් මේවා ගැන කියනකොට මතක් වෙන්නේ නන්දා මාලිනි ඒ කලේ කියල තියෙන සිංදු. අලුතින් ජනතාවක් තමයි ඇත්තටම පත්කර ගන්න තියෙන්නේ. මම දැක්ක rear gate ලියන චාමි ද කොහෙද මුණු පොතේ දාල තිබ්බ දැන් ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලනයට තියෙන හැගීම තියෙන්නේ වහලේ පරාල ගනින මට්ටමේ කියල.
ReplyDeleteඇත්ත චමින්ද නිකම්ම ඔළුගෙඩි මාරුවකින් මේවා වෙනස් කල නොහැකියි. විය යුත්තෙ අලුත් ජනතාවක් පත් කර ගැනීමම තමා. අපේ මිනිස්සුන්ගෙ දේශපාලන භාවිතය ගැන නම් කතා කරලා වැඩක් නෑ.
Deleteමාත් මේ සිද්දියනම් ලාවට වගේ දැක්කා.. ඒත් මේක අනිත් දේවල් වගේ එච්චරම දුර ඇදිලා ගියේ නෑ..
ReplyDeleteඅන්න ඒක තමා දිනේශ් වැරැද්ද. අපිට හැමදේම මතක සති දෙකයි. එක අතකට මේවා මොනවද රතුපස්වල දකිත්දි.
Deleteමෙවා වෙන්නෙ ඉන්දියාවේ අපේ රටේ කියන්නේ දේශ ද්‍රෝහීන් හරිය ,එවනවා සුදු වැන් එකක් ,මෙහෙම වෙන්න බෑනේ දැන් අපි සුඛිත මුදිත ජාතියක් ...
ReplyDeleteහඩේ මටත් එකක් ලියන්න හිතෙනවා ,,,,,,හැක් හැක්
වැන් පිට වැන් අවාත් ..... :)
ඇත්තටම බන් ඉන්දියාවෙයි, විශේෂෙන්ම අපේ රටෙයි මේවා කතා කරන්නෙම දේශද්‍රෝහින්. එහෙම එකෙ මම නම් කැමතිම දේශද්‍රෝහියෙක් වෙන්න.
Deleteලියහන් සහෝ, අවුලක් නෑ ලියලා යමන් සුදු වෑන් වල. :-)
ඔන්න දොරට තට්ටු කරනවා
Delete@ අටම් අයියා ~ ඔන්න එහෙනම් හැංඟුනා. :-)
Delete@ ප්‍රියා
Deleteවැන් එවලා වැඩක් නෑ පෙන විදිහට ...සුදු බස් එකක් එවන්න වෙයි ..ගොඩක් අය ඉන්නවා ..මේ බ්ගි කරන උන්ම ..ලෙසි ඈ .... හැක් හැක්
බොගි ලෙස සංස්කරණය විය යුතුය
Deleteසිරාවටම බන්. සමහර විට බස් එකකුත් මදි වෙයි කස්ටියවම නග්ගලා යවන්න. හි… :-D
Deleteමේව මේ අපේ අති උත්තම ආඩම්බර කරා අප්පට ගහන මඩ නෙව... කොච්චර මඩ ගැහුවත් දැං වැඩක් නෑ හුහ් ඔයාල දන්නවැයි... මහින්ද මාම දැං මඩ පෘෘෆ් කියල...
ReplyDeleteබ්ලා... බඩගින්නට වඩා ජීවිතාසාව වැඩී නෙව කවුරු හරි ඇවිත් කොකා ගස්සල තියොත් කාට කියන්නද ඈ...
ඇත්තට බන්. දැන් තියෙන්නෙ බඩ පිටටම ඇලුනත් ජීවිතාශාව වෙනුවෙන් බොරු කියන්න වෙන තත්වයක් තමා.
Deleteපවු... ඇති උන් ඉහටත් උඩින් සැප විඳිනවා.. නැති අයට බඩට බත් ටිකවත් නෑ.. ලංකාවේ ලක්ෂ ගණන් වියදම් කරල කරන එක එක විකාර නවත්තලා මේ වගේ පවුල් වලට කන්න ටිකක් දෙන්න පුලුවන් නම් ලොකු පිනක්.. ඒත් ඉතිං පිනට හිත යොමු කරගන්නත් පිනක් තියෙන්ඩෙපැයි..
ReplyDeleteඅන්න ඒක තමා මධූ අන්තිම ටිකෙන් මටත් කියන්න ඕන උනේ. අපි කරන විකාර අරුමෝසම් එකක් නැවත්තුවානම් මේ වගේ අහිංසකයො කීයකගෙ බඩ පිරෙයිද? අහිංසකයො කීදෙනෙක් ඉගෙන ගනීද?
Deleteමේ රටේ තියෙන්නේ අපිට හොරෙන් අපිව විකුනන සිස්ටම් එකක්...ඒ සිස්ටම් එකෙන් කවදා මිදෙයිද මන්දා...
ReplyDeleteමේ ඉන්න මිනිස්සු ඔක්කකොම අලුතෙන් මැරිලා ඉපදුන දවසක නම් මේ සිස්ටම් එකෙන් මිදෙන්න පුලුවන් වෙයි අමිල.
Deleteරටකට ගිය කල.......
ReplyDeleteමිනිස්සුනට ගිය කල තමා ශානුවො. :-(
Deleteපහුගිය කාලේ අහපු දැකපු දේවල් වල හැටියට මේ කතාව මෙහෙමම වුනා වෙන්න පුලුවන්..ඇයි ඉතින් තමන් තමන්ටම ගහගන්න,ගස් බැඳගන්න මිනිස්සු ඉන්න රටක්නේ මේක...
ReplyDeleteඇත්ත ඩ්රයිවරෝ තව ටික දවසකින් මැරෙන් ඔක්කොම මිනිස්සු නැගිටලා කියයි මමමයි මැරුනේ කවුරුත් මැරුවෙ නෑ කියලත්.
Deleteආඩම්බර ස්‍රී ලන්කාව. . .
ReplyDeleteආඩම්බරකාර පුරවැසියො…… :-D
Deleteකරවිල කතාවෙන් ඔබට ගත හැකි ආදරුසය - අපි වවමු.රට නගමු.අපි මැරෙමු
ReplyDeleteඅන්න වැදගත් දේශප්‍රේමී පුරවැසි උදාන පාඨයක්!
Deleteනිකන් නෙමේ බඩගින්නෙම මැරෙමු. :-D
චින්තනේ ඉදිරි ඉදිරි ඉදිරි දැක්මකදි ඕක දානවලු
Deleteහි… 2015 ජනාධිපතිවරණෙදි වෙන්ටැ. :-D
Deleteකාලෝචිතයි මචෝ...
ReplyDeleteතැන්ක්ස් උමේෂ්. :-D
Deleteඋඹ තුන්කල් දකින පොරක්නේ, ඔය කතාව ඔය විදිහට අවසාන වෙන්න බැරිකමකුත් නෑ හැබැයි
ReplyDeleteඔව් බන්. අපේ දේශපාළුවො ඔක්කොම කතා ගොතන්න පුදුම දක්ශයොනෙ. හි… :-D
Deleteඒ උත්තමයන්ට එහෙම කියනන් එපා ඉදගෙන
Deleteමා එය ටයිප් කොලේ 'ඉදගෙන' නොව හිටගෙනය. සත්තමයි. හි… :D
Deleteහැලපය කියපු දෙම තමයි කියන්න තියෙන්නෙ.හරක්ට තනකොල මිසක් බත් දීල වැඩක් නැ.
ReplyDeleteඒක ඇත්ත දමිත් අයියෙ. ඔය හරක් පුන්නක්කුයි. බත් නෙමේ. ගොන් හරක් නායකයන්.
Deleteකාලෙකින් ප්රවෘත්ති බැලුවෙ නැති නිසා මුලින් හිතුවෙ ප්‍රබන්ධයක් කියල...පස්සෙ තමයි ඇත්ත කථාවකුත් සම්බන්ධයි කියල තේරුනේ...
ReplyDelete//මෙතෙක් අප පෙළුවේ දුප්පත් කම පමණකි. නමුත් අද දින ජීවිතය රැකගැනීම උදෙසා මාගේ දුප්පත් ආත්මය මරා දැමීමට මා සූදානම්ය.//
මේ තමයි බොහෝ දෙනෙකුට මූනදෙන්න වෙලා තියෙන යථාර්තය
මේකට ඇත්ත කතාවකුත් සම්බන්ධයි Chams.
Deleteඇත්ත ගොඩක් අයට ජීවිතට රැක ගැනීම උදෙසා තම ආත්මය පාවා දීමට සිදුවෙනවා.