09 October, 2014

වර්ෂාව සහ සහන්‍යා……


උදේ පටන් වැටෙමින් තිබූ වර්ශාව යන්තමින් අතුරුදන් වුවද වැහි අදුරත් ශීත කාළගුණයත් පරිසරයට එක් කර ඇත්තේ මහා ගුප්ත බවකි. අහසේ වර්ශාව නතර වී තිබුනත් බසයක් එනතුරු බස් නැවතුමක් නොමැති නැවතුමේ මඟ බලා සිටින ඇය නම් තවමත් කුඩය දිග හැරගත් ගමන්ය.

දිගු සායත් චාම් බ්ලවුසයත් හැඟීම් විරහිත මුහුණත් ඇයට එක් කර ඇත්තේ මහා පරිණත ගැහැණියකගේ පෙනුම මිස උසස් පෙළ සිසුවියකගේ පෙනුමක් නම් නොව… තරමක වේලාවකින් පසු පැමිණි බස් රියේ ආසනයක් නොමැතිව හිටගෙන යාමට සිදු වුවද ඇය තම අත රැදි පංති පොත් කිහිපය දමාගත් අත් බෑගය කිසිවෙකුටත් නොදී ඉදිරිය බලාගෙනම ගමන් කලහ.
********************

සහන්‍යා කුඩා කල සිටම ඉගෙනීමට ලැදි ඉතා නිවුනු චරිතයකි. රජයේ ආයතනයක ලිපිකරුවෙකු මූලික කරගෙන ගොඩ නැගී තිබූ පවුලේ එකම දරුවා නිසාවෙන්දෝ පවුලට වද දුන් කොතරම් අගහිග කම් තිබුනත් ඇයට හැකිතාක් ඉගැන්වීමට මවුපියනුත් අපමණ වෙහෙසක් දැරීය.… තම පවුලට තිබෙන අඩුපාඩු වල නිමක් දැකිය හැක්කේද තම අධ්‍යාපනයෙන් පමණක් බව හොදින් තේරුම් ගෙන සිටි සහන්‍යා තම යොවුන් සිතට එබී බැලූ සියළු පෙම් හීස‍රයන්ට පිටුපෑවේ තම හැඟීම් උපන් ගෙයිම මරා දමමිනි.

"චාමර ළමයා ගමේ ඇවිත්…!!"
"කවද්ද?"
"දන්නෙ නෑ… වැඩ ඇරිලා එත්දි හම්බ උනේ…"
"ඒක නෙමේ කෙල්ලගෙ සපත්තු දෙක දැන්නම් දාන්නම බැරි ගානයි,"
"හ්ම්ම්… බලමු මේ පඩියෙන් වත් මුකුත් කරන්න."
කාමරය තුලට වී පාඩම් කරමින් සිටි සහන්‍යාට චාමර ගමේ පැමිණි ආරංචිය අනියමින් කණ වැකුන මොහොතේ පටන් පාඩම් කීරිමට තරම් හිතේ නිදහසක් නම් තිබුනේ නැත.

චාමර ‍යනු නෑකමක් නොතිබුනත් සහන්‍යා සමඟ සහෝදරයෙක් මෙන් හැදී වැඩුනු තරුණයෙකි ආරක්ෂක අංශ සේවකයකු වන ඔහු ගම පැමිණෙන්නේ මාස කිහිපයකට වරකි. චාමරගේ මෙවර ගම පැමිණීම මේ තරම්ම සහන්‍යාගේ සිත සසල කර වූයේ චාමර ගියවර ගමේ පැමිණි විට සිදුවූ සිදුවීම හේතුවෙනි.…… මෙතෙක් කල් සහෝදරයන් මෙන් සිටි චාමරගේ සිත තුල තවදුරටත් තමා පිළිබඳව ඇත්තේ සහෝදර පෙමක් නොවන බව ඇය දැන ගත්තේ චාමරගෙන් ඉදිරිපත්වූ තමාගෙන් ප්‍රතික්ෂේපවූ යෝජනාව හේතුවෙනි. ඔහු ගියවර තම ආදරය අයදමින් පසුපස ආ හැටි මතක් වන විට තව දු‍රටත් පාඩම් කිරීමට තරම් නිදහසක් හිමි වූයේ නැත.
………………………………………

"ඔයත් එන්න දෝණි, මාමා ඔයාව බලන්නත් ආසාවෙන් හිටියෙ…"
"අනේ ඔය දෙන්නා ගිහින් එන්න අම්මෙ. මට අද පාඩම් වැඩ ගොඩ ගැහිලා අනේ."
"ඔය ළමයා හිටපුදෙන් ජයන්ති. අද වැස්සකුත් දෙන්න වගේ. තෙමිලා ලෙඩ උනොත් පාඩම් වැඩත් පාඩුයි.…"
රෝහල්ගතව ප්‍රතිකාර ලබන මවගේ සහෝදරයා බැලීමට මවත් පියත් පිටවූ පසු ඇය තම පාඩම් වැඩ සමඟ තනි විය.… සිදු නොවිය යුතු දෙ‍යක් සිදු වීමට යන විට ඊට එරෙහි වීමට නොහැකිව කඳුළු සලන්නාක්සේ ඇද වැටෙමින් තිබූ පොද වැස්ස මහ වැස්සක් බවට පත්වීමට ගත වූයේ නිමේෂයකි.…

ටොක්… ටොක්… ටොක්… ටොක්…
"මේ වෙලාවෙ කවුද?… අනික මේ මහ වැස්සෙ,,,,,, අහ්හ්හා!!! චාමර අයියා! අ..අයියෙ අම්මලා නම් ගෙදර නෑනෙ!!"
"අම්මලව නෙවේ මම ඔයාව හම්බවෙන්නයි ආවෙ…"
"ආ… කියන්න අයියෙ.!"
"මෙතන තෙමෙනවා ළමයො, පොඩ්ඩක් ගේ ඇතුලට එන්න්නද?"
"හ්ම්ම්… හ්හ් ඒත්… හුම් එන්න…"
"ඔයාගේ තීරණේ මොකක්ද නංගි?"
"කීපාරක් ඇහුවත් මට තියෙන්නෙ එකම උත්තරයයි අයියෙ"
"මගෙ මොකක්ද තියෙන අඩුව??"
"මට සමාවෙන්න අයියෙ!"
"කියනවා මට……"
"අනේ ඇයි මේ? කවදාවත් නැතුව මොකෝ චාමර අයියෙ මේ?"
"නෑ මට අද දෙකෙන් එකක් විසද ගන්න ඕන සහන්‍යා…"
"අනේ අයියෙ ළඟට එන්න එපා!! අනෙ ප්ලීස් මාව අත හරින්න…!"
"අද මේ අත අල්ල ගත්තෙ අත හරින්න නෙමේ කෙල්ලෙ…"
"අනේ එපා අයියෙ ප්ලීස්… අනේ අයියෙ දෙයියන්ගෙ නාමෙට මාව අත හරින්න අනේ…!!"

චාමර තුල දැවෙමින් තිබූ කාම ගින්න නිවා දැමීමට තරම් නිවසෙන් පිට ඇඳ හැලෙන මොර සූරන වර්ශාවවත් නිවස තුල සහන්‍යාගේ දෙනතින් ඇද වැටෙන කඳුළු වර්ශාවවත් ප්‍රභල වූයේ නැත.

ඇගේ අවසරයකින් තොරවම නිරුවත්කල ඇගේ සිරුරෙන් ඔහුගේ ගත සනසා ගත් චාමර මහ වර්ශාවේම පිටව ගියේ ඇයගේ සෝ සුසුම් කුණාටුවට මුහුණ දීමට මහ වර්ශාවට මුහුණ දීම පහසු නිසාවෙනි.…… කාන්තාවන්ගේ වටිනාම දෙය ‍යැයි බොහෝ දෙනා ලංසු තබන ඇගේ පිරිසිදුභාවය නම් කන්‍යා පටලය සොරාගත් සොරා පසුදාම ගමෙන් පිටව ගියේ කිසිවක් වූ බවක් නොදන්නා අයෙකු මෙනි. කාටත් හොරා ඔහු අතින් කෙළසුන ජීවිතයත් දරාගෙන සිටින ඇයට දින සති මාස ගෙවුනේ කල්ප කාලයෙනි.…

කිසිවක් නොදත් මවුපියන් නිසා අරමුණකින් තොරව කය පමණක් අධ්‍යාපන කටයුතු වල යොදවා සිටි සහන්‍යාට චාමර නගරයේ ලොකු මුදලාලි කෙනෙකුගේ දුවක විවාහ කර ගැනීමට යන ආරංචිය කණ වැකෙන්නේ චාමරගේ ඊළග ගම පැමිණීමෙදිය.
********************

"හරි මල්ලි. ඔය දිග සායක් ඇදලා බහින්නෙ, ඒ ළමයව තමා ගන්න ඕන. මතකනෙ කොල්ලො, වැඩිවෙලා රැදෙන්න නම් බෑ!"
"හරි මහත්තයා, ඔයාම ගෑණු ළමයට කතා කරන්න. නැත්නම් ත්‍රීවිල් එක කකුල් දෙක ගාව නතර කරත්දි ඒ ළමයත් බය වෙයි. හි…හි…"……………………………………
"නඟින්න ඉක්මනට…!"
"චාමර අයියා…"
…………………………………………

"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්නයි ඕන කිවුවෙ……!!" සමනළ ගෙස්ට් නාම පුවරුව පසුකර නැවැත්තූ ත්‍රීරෝද රථයෙන් බසිමින් ඇය පැවසුවෙ කේන්තියත්, කණගාටුවත් මුසු හැඟීමෙනි.
"හරි ළමයො, එහෙම කියලා අපිට පාරවල් ගානෙ කතා කරන්න බෑනෙ! මේ මගෙ යාළුවෙක්ගෙ තැනක්. බය නැතුව එන්න.… එන්න ඉතිං ඇතුලට."
"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්නයි ඕන චාමර අයියෙ…"
"හරි කෙල්ලෙ අපි ඒකටනෙ ආවෙ. අපි ටිකක් ඉදලා ඇති තරම් කතා කරමු.…" හැද සිටි ඉරි කමිසය උනා දමමින් සහන්‍යාට ලංවූ චාමර ඇඟේ තොල් පෙති සිප ගැනීමට අසාර්ථක වෑයමකය……
"මට පැය දෙකයි තියෙන්නෙ… මම ගෙදරට කිවුවෙ පංති කියලා… අනේ ප්ලීස් මාව තේරුම් ගන්න"
"ආ…පෝ… මේ වැඩේට පැය දෙකක් වැඩිත් එක්ක කෙල්ලෙ."
"දෙ‍යියන්ගෙ නාමෙට මේ සෙල්ලම දැන්වත් ඇති!! මට කියන්න, ඔයා බඳින්න යන්නෙ ඔයා අතින් උන වැරද්ද ඔයාට දැන් අමතකද? ඇයි මට මෙහෙම අපරාධයක් කලේ!! ඔයා දැන් ඔය මම වගේම තවත් කෙල්ලෙක්ව විනාශ කරන්න නේද යන්නෙ…??"
"මම ඔයාව කවදාවත් අමතක කරන්නෑ වස්තුව…"
"මම අහන්නෙ ඔහේ මට කරපු අපරාධෙ ගැන. දැන් අර තවත් කෙල්ලෙක්ට කරන්න යන අපරාධෙ ගැන!!"
"හම්මේ… පුංචි කෙල්ලගෙ සැර! මම ඉන්දීවරීව බැන්දත් ඔයාව අමතක කරන්නෑ වස්තු. මම ඔයාව රැජිණක් වගේ බලාගන්නවා."
"ඒ කියන්නෙ… ඒ කියන්නෙ මම ඔහේගෙ හොර,,,……" ඇගේ කේන්තිය හැඬුමක් සමග මුසු වීමට ගතවූයේ තත්පරෙන් පංගුවක කාලයකි.
"අපි හැමෝටම අපිට ඕන දේවල් අපිට ඕන විදිහට ලැබෙන්නෑ. ඒක තමා ඇත්ත. මම මුහුණ හෝදන් එන්නම්. ඔයා ‍රෙඩි වෙලා ඉන්න. නැත්නම් පැය දෙක අපරාදෙ! හ්ඃ හ්ඃ…" චාමර නානකාමරයට වැදුනේ නිරුවතින් සිටින උඩුකයට තුවාය දමා ගනිමිනි.

ශෝකය, කෝපය, ආත්මානුකම්පාව මුසු හැඟීමෙන් නානකාමරයේ දොර දෙස බලා සිටි ඇය නැඟී සිටියේ නිවසේ සිටම සැලසුම් කර පැමිණි ගතයුතු අවසන් තීරණය ස්ථීර කර ගැනීමෙන් පසුය.

මේසය මත තබා තිබූ ඔහුගේ ජංගම දුරකථනයෙන් ගත් යම් ඇමතුමකට මවාගත් කළබලයකින් යුතුව පණිවිඩයක් දී දුරකථනය තිබූ තැනම තැබූ ඇය නැවත ඇදේ වාඩි වූයේ තම අත්බෑගයද උකුලට ගෙනය.

නිදහසේ ඇරගත් උඩුකයත්, තුවායකින් පමණක් වසාගත් යටිකයත්, අතින්ගත් කලිසමත් ගෙන කාමය වෑහෙන දෙනතින් පැමිණි චාමර කලිසම ඇඳුම් රාක්කයේ එල්ලා සහන්‍යා දෙස බැලීය…….
තම උණුසුම පහකර ගැනීමට මදක් ලිහිල් කර තිබූ බ්ලවුසයෙන් පෙනෙන තිසර පටෙයෙන් වැසුන ඇගේ පිරිපුන් ළැම දුටුවේ තමන්ගේ රාගයට අත වනන හංස ජෝඩුවක් ලෙසිනි.… ඇයට අවශ්‍යව ඇත්තේද එයයි!

ඇද ආසන්නයටම පැමිණි චාමර හැඳ සිටි එකම වස්ත්‍රයවූ තුවාය ගලවා ඇය වෙත ලංවූයේ පෙර දින බලෙන් විඳි කම්සුව අදදින සිත්සේ විඳ ගැනීමටය……………

"මගෙ අම්මෝ…!! මොකක්ද යකෝ මේ කලේ?? අනේ මාව බේරගනියෝ…!" ඇගේ දකුණතේ නිවසේ සිටම ගෙනා අත්බෑගයේ සඟවාගෙන සිටි මුවහත් පිහියය. වමතේ මොහොතකට පෙර චාමර සතුව තිබූ ඇය අමාරුවේ දැමූ අවයව‍යය…!!!!!

"නෑ මම උඹව මරන්නෑ. මම මැරෙන්නෙත් නෑ. උඹ හිතුවද මම උඹට බයවෙලා උඹෙ හොරගෑණි වෙයි කියලා? තුක්ඃ! මම උඹට මැරෙන්න දෙන්නෑ. ඔය එන්නෙ කට්ටිය මම අවශ්‍ය තැන්වලට කතාකරලා තියෙන්නෙ. හහ් හහ් හාඃ…" ඈතින් ඇසෙන ගිලන් රථයේ හඬ පරයා ඇගේ රුදුරු හඬ ඇසෙන්නට විය.

සිහිසුන්ව වැටුන චාමරගේ ඇඟට උඩින් පැන නාන කාමරයට ගිය සහන්‍යා තම වමතේ සිරඟතව සිටින චාමරගේ ලිඟුව වැසිකිළියට මුදා හැරියේ කඳුළු පිරි දෙනෙතනි.…
"උඹ මාව විනාශ කලා. දැන් උඹත් ඉවරයි… අපි දෙන්නම ජීවත් වෙමු… විඳව විඳව ජීවත් වෙමු!!"
දඩාස්… දඩාස්…
"කරුණාකරලා මේ දොර අරින්න. නැත්නම් අපිට වෙනවා මේ දොර කඩන්න." සහන්‍යා පියවි සිහියට එළඹියේ කාමරයට පිටතින් ඇසෙන හඬත් සමඟිනි.

අහස නැවතත් දෙදරා යමින් තිබේ. ඇගේ ජීවිතයට තවත් මහ වැස්සක් වැටීමට නියමිතය. නමුත් ඕනෑම කුණාටුවකට මුහුණ දීමට ඇය දැන් සූදානම්ය.



©ප්‍රියා.

(පින්තූරයට ස්තූතිය……
http://tuyetdinhsinhvat.deviantart.com)

212 comments:

  1. ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ලා වරෙල්ලේ වැල්ලෙ පදිමු රන් ඔංචිල්ලා..

    වරේවා මෙන්න හාව හඳ දැකලා...

    පෝස්ට් එක කියවන්නත් කලින් කමෙන්ට් එක දැම්මේ උඹ මේක දාපු සතුටට. ඉඳහං කියවල එන්නම්.

    ReplyDelete
    Replies
    1. මෙන්න අර \\අද නෙවේ හෙට// කියපු එකේ මුලට කෑල්ලක් ඇඩ් වෙලා මේ පාර.

      මේකගේ බාල ගිරි ගෙවිලා.

      Delete
    2. ඈ බං සිංහල අවුරුදු දැන්මම එයිද? :)

      බාලගිරිය ගෙවුනා මචෝ දැන් ඉතිං ආයෙ දිගටම ලියනවා.

      ආයෙත් ලියවපු උඹලා ඔක්කෝටම තෑන්ක්ස් වේවා!!

      Delete
    3. අද නං ලගින එක ලගිනවාමයි කාණු පල්ලක !!!

      ප්‍රියා පෝස්ට් එකක් දාලා..

      මට උහුලන් නෑ…

      පපුව පත්‍තු වෙනවා - දණිස් වෙව්ලනවා !!!!!!

      Delete
    4. ඔහොම අපහාස කරන්න එපා බොලවු! ඇඬෙනවා තනි ඇහැට,, නෙමේ ඇස් දෙකටම. :D :D

      Delete
    5. වරේවා... මේකාට රැග් එකක් දෙන්නම ඕනි පත්තරයෝ...

      Delete
    6. ඕන දඬුවමක් දියන් චාමරයට හම්බ උන එක ඇර!! :D

      Delete
    7. මූට චාමර යනුවෙන් යෙදීම ගැන මාගේ බලවත් විරෝධය...

      (නැද්ද තිබ්බෙ වෙන හොද නමක්, නිකං ප්‍රගීත් වගේ...)

      Delete
    8. ඇයි විදානයාට ගෙදරට කියන නම චාමරද?

      නැත්නම් CJ කියන එකේ C චාමරද? ශුවර් එකට එහෙමද කොහෙද.

      Delete
    9. චාමර කියන්නේ හරි සිරියවන්ත නමක් නේද?????

      Delete
    10. විදානෙ ~ හැක්! ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට. චාමර නම හරි සිරියාවන්තයි නේන්නම්.

      මචෝ මේ චාමර කියන්නෙ උඹමද? තව විදිහකට අහනව නම් සහන්‍යා කැපුවෙ උඹෙ එකද? :D :D

      Delete
    11. මොනෝෂ්, ~ ආයේ හෝදන්න දෙයක් නෑ බං. බලහන් නොදැනුවත්ව හරි මම සත්‍ය කතාවක් ලියලා. :D

      Delete
    12. විදානේ...අතගාලා බලපන් ඉතිරි කෑල්ල සහන්‍යා ගාවද කියලා.

      Delete
    13. අතගාලා හම්බ උනොත් ගෙනෙන් විදානෙ, අපි කොහොම හරි ගෝනි මහන්න වගේ මහලා දෙන්නම්. :D

      Delete
    14. @ අරූ අයියා..,
      හැක් හැක්.... සහන්‍යා...

      @ ප්‍රියා .. පරිස්සමට අරන් තියන්න කියලා.. කපලා ගත්තේ අවුලක් නෑ.... ආයේ උවමනා දවසට දෙයි හෙක් හෙක්....

      Delete
    15. හැක්! බඩු අරන් තියන්න සුරක්ෂිතම තැන කොමඩ් එක කියලා මම දැනන් හිටියෙ නෑනෙ බං.

      උඹව මතක් වෙන්න ගෙනිච්චද දන්නෙත් නෑ. :D

      Delete
    16. පැන්න බළල මල්ලෙන් එළියට. ඒත් වැඩක් නෑ බළල පැනල එනකොට මීය මැරිල කොමඩ් එකක. හුකෑස්!!!

      Delete
    17. මීයා මලාට පස්සෙ ඉස්තාලෙ වහලා වැඩක් නෑ කියලා ඔය මනුස්සයට තේරුම් කරලා දෙන්න කවුරුත් නෑනෙ බං.!! :D

      Delete
    18. ඉස්තාලෙ නෙවෙයි බං සිප් එක.

      Delete
    19. සිප් එක ඇරන් ඉන්නෙ හුලන් වදින්නය කියලානෙ ඔය කියන්නෙ. :D

      Delete
    20. පස්සේ අහන්න එපා ඉතුරැ වෙච්ච කොට කැල්ලත්වත් නැද්ද කියලා?

      Delete
    21. කෑල්ලවත් ඉතුරු වෙන එකක් නෑ බං උදුරලම ගනී. :D

      Delete
  2. මචෝ... යටි පතුල් වලින් පටන් ගත්ත හිරි වැටිල්ල ඇඟ දිගේ ගිහින් ඔලුව කරකවල පිටවුනා වගේ උනා බං කතාව ඉවරවෙනකොට. මේ කියන්නෙ බොක්කෙන්මයි හොඳම එකෙත් උපරිමේ. පට්ටයි මචෝ..

    කෙටියෙන් ලස්සනට උඹ මහා දිග කතාවක් කියලා. සමහර තැන් වල අවස්ථා නිරූපණය සහ රූපක් භාවිතා කිරීම හිතාගන්නවත් බෑ. පටන් ගන්නකොටම එහෙම එක තැනක් හම්බුනා.

    \\අහසේ වර්ශාව නතර වී තිබුනත් බසයක් එනතුරු බස් නැවතුමක් නොමැති නැවතුමේ ...//

    මෙන්න මෙතන කොච්චර ලොකු කතාවක් තිබුනද බං.

    හදවතක් නැති නරුමයකු කෙරෙහි උපදින අසීමිත වෛරයත්, හා පැටියෙක් වගේ අහිංසකාවියක් කෙරෙහි ඇතිවෙන අසීමිත දයානුකම්පාවත් උඹ එක තැනකදි එක වරම අපේ හදවත් වලට දඩාස් ගාල අතෑරියා. විශිෂ්ඨයි මචෝ.. විශිෂ්ඨයි.

    කොහොම උනත් කෙල්ල දුන්නෙ නම් අපූරු දඬුවමක්. ඒ ගැන නම් මට පට්ට සතුටුයි.

    ReplyDelete
    Replies
    1. දෙවැනි පාරටත් ඉගිල්ලෙන මාළුවෝ බැලුවා වාගේ ...

      https://www.youtube.com/watch?v=ZSOp7PtmYO8

      Delete
    2. සින්දු ඇනෝ ++++++++++++++++++++++++++++++++

      Delete
    3. මනෝෂ්,

      ස්තූතියි මචෝ! හදවතක් නැති නරුමයෙක් නිසා ඌ උගෙ ජීවිතෙත් විනාශ ක‍රගෙන තව කෙල්ලෙක්ගෙ අහිංසක ජීවිතේකුත් විනාශ කලා.

      කෙල්ල දුන්න දඬුවම සැර වැඩියි. ඒත් සහන්‍යාව අන්තිමේ යකඩ කෙල්ලක් කරන්නයි මට ඕන උනේ.

      Delete
    4. සිංදු, ආචාර්‍යො,

      ඇත්තට මට අවසානය ලියත්දි ඔය ඉගිලෙන මාළු සීන් එක මතක තිබ්බෙම නෑ. මගෙ ඔළුවෙ තිබ්බෙ අර ඕක කපලා ආයෙ පාරක් හදාගත්තු සීන් එකයි. ඒකයි ඒක ආයෙ හයි කරන්න බැරිවෙන්න කොමඩ් එකට දැම්මෙ.

      Delete
    5. ඉගිලෙන මාළු බලන්න ගියාට :D මම බැලුවේ මේක, ඉගිලෙන මාළුන්ට වඩා මේක දැනුනා.
      https://www.youtube.com/watch?v=rEGT_vz5BhY

      Delete
    6. :D කමෙන්ට් කරන එකත් පැත්තකින් තියලා ගිහින් බලලා ආවා. :)

      Delete
    7. කෙල්ල දුන්න දඬුවම සැර නෑ මචන්. ඒකත් මදි.

      අඩේ ඇත්තටම අර කපාගෙන ආයෙ බට් කරපු කතාව අහනකල්ම මං හිතුවෙ ඕක කප දැම්ම ගමන් ස්වර්ගස්ත වෙනව කියලා.

      Delete
    8. ස්වර්ගස්ත වෙන් නැහැ, ස්වර්ගේ දොර පේනවා, එත් ඉතින් යතුර නැහැනේ ඔබලා කරකවන්න. :D

      Delete
    9. මාත් හිතන් හිටියෙ ඔහොමයි බං!

      නිකමට හිතලා බලහන් වැරදිලා හරි පාරක් වැදුනම තියෙන සනීපෙ. එහෙම එකේ ඕක කපාගෙන ඉන්න විනාඩියක් හරි ඉන්නවා කියලා හිතත්දි දැනුත් අත පය වෙවුලනවා. :D

      Delete
    10. සොමියා ++++++++++++++++++++++++++++++++ පට්ට කතාව බොල. හිනා කාලා බඩ පැලෙනවා. :D :D

      Delete
    11. මගෙ අම්මේ.. ඇඟ සීතල වෙනව බොල.

      Delete
    12. හැක්! මොකටද ස්වර්ගස්ථ වෙන්න බැරි එකටද? :D

      Delete
    13. නෑ යකෝ... අර දැනෙන සනීපෙ මතක් වෙලා.

      Delete
    14. ඒක මිසක්කා. උඹට ඕනම නම් පත්තරේගෙ කපලා බලමු. ඌට අවුලක් නැත්නම් උඹත් කපාගනින්. (මට නම් බෑ ඕන්!) :D

      Delete
    15. //දැනෙන සනීපෙ මතක් වෙලා.//
      හුටා උඹ කපාගත්තද මනොෂ්...

      Delete
    16. නෑ බොල කපන්නෙ නැතුව නිකන් පාරක් වැදුනම දෙනෙන අමාරුව එහෙම නම් අරම උනොත් දැනෙන සනීපෙ නිකං උඹට දැනෙනවා දැනෙනවා වගේ නැත්ද මං අහන්නෙ?

      Delete
    17. විදානෙ ~ අපරාදෙ නේද බං තරුණ ජීවිතේ? :D

      Delete
    18. මනෝෂ්. ~ උඹ පොඩ්ඩක් හිටින්. අපි ඊළග පාර සෙට් උන දවසට මූට ඒ වේදනාව පොඩි පා පහරකින් දන්වමු. :D

      Delete
    19. දෙමු බැටේ. ඉඳින්.

      Delete
  3. මේ වැහි කාලෙනෙ ප්‍රියා,ගංවතුර කුණාටු නාය යෑම් වගේ දේවල් හරියට සිද්දවෙනවා.බෙංගාල බොක්ක හරහාත් සුළි කුණාටුවක් වර්ධනය වෙමින් පවතිනවා ඒකෙ නම හූඩ් හූඩ් කියල ඊයෙ ටී වී නිව්ස් වලට කිව්වා මං අහගෙන.කුණාටුවලට මෙතෙක් කල් දාල තිබ්බෙ ගෑනු නම්.මේ සැරේ නම දැම්මෙ ඕමාන් රටෙන්ලු.මේක ගෑනු නමක් නෙවෙයි නේද?අපිට නමක් දාන්න දුන්න නං සහන්‍යා කියල දාන්න තිබ්බ නේද?
    හැබැයි අර කපපු කෑල්ල කොමෝඩ් එකට දාපු එක නං පව්,පැත්තක තියල තිබ්බ නං ආයෙම බට් කරගන්නවත් බලන්න තිබ්බ නේද?

    ReplyDelete
    Replies
    1. වහිනවා නේන්නම් හැලප අයියෙ විනාශ වෙන්නම! ඔය වැසි අස්සෙත් මේ වගේ කතා කොච්චර වෙනවා ඇත්ද?

      අරක නම් කරන්න අපිට දුන්නා නම් සහන්‍යා කියලා නම් කරයිද කාගෙ හරි දේශපාළුවෙක්ගෙ නමකින් නම් කරයිද දන්නැ.

      ඒ කෑල්ල කොමොඩ් එකට දැම්මෙම ආයෙ හයි කර ගනී කියලා තමා. :D

      Delete
    2. \\ඒ කෑල්ල කොමොඩ් එකට දැම්මෙම ආයෙ හයි කර ගනී කියලා තමා//

      හිනා කෝටියයි!!

      Delete
    3. නැතුව බැහැනෙ බං, දැන් ඉන්න දොස්තරවරු අනිවා ඕක ආයෙ තිබ්බ තැනම තිබ්බට වඩා අපූරුවට හ‍යි කරයි. :D

      Delete
    4. හැලප අයියෙ, විදෙස් රටකදි, එහෙම බට් කරපු සිද්ධියක් වුනු බවක් පත්තරේක තිබුන මට මතකයි අවුරුදු කීපෙකට කලින්. ඒ මනුස්සයගෙ නෝනා ඕක කපල තාප්පෙන් අනිත් පැත්තට විසි කරල. මෑන් ඒක අහුලගෙන ඉස්පිරිතාලෙ ගිහින්. සනීප වුනාට පස්සෙ ඒ යකා බ්ලූ ෆිල්ම් එහෙකත් රඟපෑව ලු.

      Delete
    5. මේ ළගදි එහෙම එකක් අපේ ලංකාවෙත් උනා. ඒකෙත් ආයෙ යාන්තම් අමුණ ගත්තා. (හැබැයි මැෂිම වැඩද දන්නෑ.) :D

      අර යකා බ්ලූ ෆිල්ම් වලත් රඟපෑවා කියන්නෙ මිනිහා මරු බුවෙක්නෙ! :D

      Delete
    6. මීට අවුරුදු 20ට විතර කලින් ලොරේන් බොබිට් (BOBBIT)හස්බන්ඩ් ජෝන් බොබිට් ගේ ජුන්ඩා කැපුවා. මේ කේස් එක ලෝකෙම කතාවුනා. පස්සේ ජුන්ඩාව හොයාගෙන ජෝන්ට හයිකරා. ඉන් පස්සේ මේ ජුන්ඩා කපන සීන්වලට Bobbitting කියලා කිව්වා. පස්සේ කාලෙක ජෝනා බ්ලූ ෆිල්ම්ස්වල රඟපාන්න ගියා.
      ලොරේන් කිව්වේ එයාව සෙක්ස්ෂුවලි ඇබියුස් කරන නිසා එහෙම කරා කියලා. ඒ එක්කම කිව්වා..ජෝනාගේ orgasm කරගන්නවා මිසක් එයාගේ orgasm ගැන හිතන්නේ නැහැ කියලා. ඒකත් හරි වැරදි වැඩක්නේ නේද බං. මේ ගැන ඒ කාලේ මීඩියා එකේ හොඳ නිව්ස් තිබුනා.

      Delete
    7. John Bobbitt Uncut කියන බ්ලු ෆිල්ම් එකද කොහෙද ජෝනාගේ ෆස්ට් බ්ලූ එක. බලපන් ෆිල්ම් එකේ නමේ ලස්සන Uncut!!!!!!

      Delete
    8. ඔන්න ඔහොම කතන්දරයක් තමයි අරු අයියෙ. මං කියවපු විස්තරයෙ තිබුනෙ ඒ චිත්‍රපටියෙ ආදායම මොකක්දෝ අරමුදලකට දෙනව වගෙ කතාවක්.

      අරු අයිය කියපු නම සර්ච් කරල බැලුවා. John Wayne Bobbitt Uncut කියල ටොරන්ට් එකක් නම් තියනවා. අවුරුදු හතරක් පැරණියි ඒක. :)

      Delete
    9. මාර ඩයල් එකක්නෙ අරූ අයියෙ! පිස්සු හැදෙනවා, අර වගේ සීන් එකක් වෙලා ජුන්ඩා කපලා දැම්මා කිවුවම තියෙන සතුට. හප්පේ.

      ෆිල්ම් එකට නම දාලා තියෙන්නෙත් මාකටින් පාරවල් ගැන නියමෙට හිතලා. ඒ කාලෙ විකිණෙන්න ඇති උණු කැවුම් වගේ! :D

      Delete
    10. චන්දන අයියා, අඩෙ හප්පට මට ඒක මතක් නූන හැටි ඔය නම ඔහොම්ම ගූගල් දෙයියට දීලා බලන්න ඕන. :D

      Delete
    11. හරි චන්දන.. John Wayan Bobbitt තමයි ජෝනාගේ ෆුල් නම. John Wayne කියලා දක්ෂ හොලිවුඩ් නළුවෙකුත් හිටියා. ඔහු මිය ගිහින් ගොඩාක් කල්. පටලවා ගන්න එපා :D

      Delete
    12. sorry...John Wayne Bobbitt..not Wayan!

      Delete
    13. මොක උනත් මෑන්ට තව නූලෙන් මළා ජෝන් කොතලාවල තමා. මෑන්ට මත් නෙමේ මෑන්ගෙ ආයුදේට. :D :D

      තෑන්ක්ස් අයියලා. ඔය නම ගහලා බලන්න ඕන.

      Delete
    14. @ අරූ අයියා..
      //පස්සේ කාලෙක ජෝනා බ්ලූ ෆිල්ම්ස්වල රඟපාන්න ගියා.//

      බැරිද චාන්ස් එක...ක්.......

      Delete
    15. විදානේ....උඹ චාමර නිසා වරදක් නැහැ ට්‍රයි එකක් දීපන්. මටත් ඔය වයසක අංකල්ලා ඉන්න එහෙක පාට් එකක් හොයලා දීපන්..

      Delete
    16. චාමර සලන්න හැර වෙන මොක්කටවත්නම් ගන්නෙ නැතිවෙයි. ඒ නිසා එහෙම කොරල හරි සැනසියන්.

      Delete
    17. @ විදානෙ, බ්ලූ ෆිල්ම් එකක් දුෂ්ඨයගෙ චරිතෙ උඹට හරි යනවා. :)

      @ අරූ අයියා, ඒ චාමර ඇරුනම මේ චාමර ඉන්න නිසා අවුලක් නෑ. ඒත් මුගෙත් කපලනෙ අයියෙ. :)

      @ මනෝෂ්, චාමර සලන්න නෙමේ තේ අල්ලන්ම සෙට් කරලා දෙමු. :)

      Delete
  4. Replies
    1. මේං කෙන්ජි මාමා කෙඳිරි ගානවා. ශුවර් එකටම කපල දාලද කොහෙද.

      Delete
    2. කෙන්ජි අයියා,

      ම්ම්ම්…

      මනෝෂ්,

      ඇඟ හීතල වෙනවා බොල. කපන ඒවා මතක් වෙත්දිත්. :)

      Delete
    3. ශුවර් එකටම කපලා..

      Delete
    4. අඩේ සංචාරකයො, උඹත් ෆොටෝව මාරු කලාද බං? :)

      Delete
    5. හ්ම්! දැන් හොඳයි. කාලයක් ඔය සංචාරකයා තනිකර හිටියෙ නිබුඩෙන්. ඕ යේස්!!

      කෙන්ජිගේ කපලද කොහෙද තමයි බං. ඔය ෆොටෝ එකේ චූටියට පේන්නෙ අතේ තියන් ඉන්නවා, ඒකද කොහෙද.

      Delete
    6. දැන් නම් නිකන් ඉන්නවා නළු බට්ටා වගේ. :D

      ඒ අතේ තියෙන්නෙ කඩුවක්ද කොහෙද බොල. :D

      Delete
    7. එහෙනම් ෂුවර් එකටම ඒ කඩුවෙන් තමයි කපාගෙන තියෙන්නෙ.

      Delete
    8. එහෙනම් ෂුවර් එකටම ඒ කඩුවෙන් තමයි කපාගෙන තියෙන්නෙ.

      Delete
    9. ප්‍රියා මේක මාරු කරළ කොච්චර කල්ද බං..

      අඩෝ මනෝ බොට මං කියන්නෑ ඉතින්.. :D

      Delete
    10. මේ ෆොටෝ එක හොදයි බං, කලින් එකට වඩා.

      Delete
    11. කෙන්ජි අය්යා ඉන්දියාවේ නෙවෙයි නේ ඉන්නේ ?????????
      මේන් බලපල්ලා ...
      http://www.walpal.gossipelankanews.net/2014/10/tyqfa-mqrei-ndjh-lmd-uymdr-ueo-uis-lrhs.html

      Delete
    12. හැක්! ලෝකෙම උන් කපා ගනීද මන්දා බන් ඔහොම ගිහින්.! :)

      Delete
  5. හම්මේ මකුළු දැල් කඩලා වැඩ පටන් අරන් තියෙන්නේ, ප්‍රියා අයියගේ බැරි බැරියාව ඉවර වෙලා.

    //චාමර තුල දැවෙමින් තිබූ කාම ගින්න නිවා දැමීමට තරම් නිවසෙන් පිට ඇඳ හැලෙන මොර සූරන වර්ශාවවත් නිවස තුල සහන්‍යාගේ දෙනතින් ඇද වැටෙන කඳුළු වර්ශාවවත් ප්‍රභල වූයේ නැත.

    ඇගේ අවසරයකින් තොරවම නිරුවත්කල ඇගේ සිරුරෙන් ඔහුගේ ගත සනසා ගත් චාමර මහ වර්ශාවේම පිටව ගියේ ඇයගේ සෝ සුසුම් කුණාටුවට මුහුණ දීමට (වඩා) මහ වර්ශාවට මුහුණ දීම පහසු නිසාවෙනි.//

    ඒ ටික නම් පට්ට, මොකද කඳුළු වලට වැඩිය සෝ සුසුම් කොතරම් ප්‍රභලද නේ? හැබැයි කාපු බීබු තැන සතා සර්පයාත් ඉන්නේ නැහැනේ, මොකද හැම එකාම ඇන්න පැන්න.

    කෙල්ල අඬනවා බල බල වැඩේ කරපු එකාට කෙල්ලගේ හීල්ලීම නම් බලන් ඉන්න බැරිව ඇති නේද? කඳුලට වඩා ප්‍රභල දුකක් කතාවක තැනෙනවා ඉකි බිඳීමක, සෝ සුසුමක. ඒ ටික පට්ටේටම ලියලා.

    //කාන්තාවන්ගේ වටිනාම දෙය ‍යැයි බොහෝ දෙනා ලංසු තබන ඇගේ පිරිසිදුභාවය නම් කන්‍යා පටලය// මේ කොටස හැමෝම දන්නා තියරියනේ, කතාව අන්කොමන් කර ගන්න තිබුනා ඕක වෙන විදියකට කිව්වනම්, මොකක් හරි ව්‍යංගයෙන් කිව්වනම්. මොකද ඔය වගේ සිද්දි ගෙඩිය පිටින් කියනවට වැඩිය රසයි ව්‍යංගයෙන් කියන කොට.( මම මතු කරන්නේ ඔය සිද්දි කියව කියව විඳින කාල කන්නි රසය නෙවෙයි)

    //කාටත් හොරා ඔහු අතින් කෙළසුන ජීවිතයත් දරාගෙන සිටින ඇයට දින සති මාස ගෙවුනේ කල්ප කාලයෙනි.…

    කිසිවක් නොදත් මවුපියන් නිසා අරමුණකින් තොරව කය පමණක් අධ්‍යාපන කටයුතු වල යොදවා සිටි සහන්‍යාට//

    පෙර සිදුවීමත් එක්ක ඒ හරහා ගොඩ නැගෙන පසු සිද්දි දාමය නියමෙට කියලා තියෙනවා.
    එත් සාහන්යා කලිනුත් හිටියේ මල මිනියක වගේමයි කියලා හිතෙනවා පෙම් සිතුවිලි උපන් ගෙයිම මරා ඉගෙනීමට පවුල් පසු බිම ඇය ව පොලම්බවපු නිසා. ඉතින් ඇය මොනම හෝ මානසික ව්යාකුලත්වයක තමා ඉන්නේ මුල ඉඳන්ම, ඒ අස්සේ චාමරගේ මට කැමතිද ප්‍රශ්නෙත් ඇයව අවුල් කරනවා.

    හරි එතනින් පස්සේ කතාව වෙනස් වෙනවා මුල් කතාවෙන් කතාව මැද වෙන වන්ගුවක් දාල කතාව වෙනම පැත්තකට ඇදගෙන ගිහින්. මුල කොටසයි පසු කොටසයි වෙනමම විදියක්,

    කතාව ඉකමනට ඉවර කරන්න ඕන උන නිසා හිතක් නැති ගතක් ඇතිව සිටිය සාහන්යාගේ වෙනස් වීම විස්තර කරලා ය තුල කෝපය ගොඩ නැගෙන හැටි කිව්වා නම් පට්ට, මොකද ක්ෂණික කෝපයක් ආපු විදිය ආගන්තුකයි, සිද්දියත් එක්ක එහෙම දෙයක් සර්ව සාධාරණයි, මල මිනියක් වගේ හිටියයි කියපු සාහන්යාගේ වෙනස් වීමයි ආගන්තුක වෙන්නේ.

    හරි එතනින් එහාට සිද්දිය ඉතින් ඉගිලෙන මාලුනේ, මොකද ලිඟු කැපීමක් සමාජයට ආවේ ඒ හරහා, ඉතින් කතාවෙත් ඒ අවසානයක් ආවම එහෙම පිටින්ම අරකෙ කොපියක් කියලා හිතෙනවා. මීට කලින් එවැනි දේ වුනත් අපි අත්හරට ආවේ නැහැ, එත් කව්ද පොරක්නම් ගෑනිට තරහෙ කපාගෙන අයෙත් මස්ස ගත්තා මතකයි. ඒ හරහා නිර්මාණයට බලපෑමක් අවදා කියලා හිතෙනවා.

    //"මගෙ අම්මෝ…!! මොකක්ද යකෝ මේ කලේ?? අනේ මාව බේරගනියෝ…!" //
    ජුන්ඩා සිරුරෙන් අහිමි වෙච්ච එකෙක් මෙහෙම කා ගහයි කියලා හිතන්න නම් බැහැ. ඒ සිද්දියේ රසය ඔයිට වඩා ප්‍රියා අයියට ගන්න තිබ්බා.

    (අහාආආආආආආ..... මොහොතකට කලින් ලෝකස්වාදය රතිය ලබාදුන් රසඟ පිහිටි දෙසින් නැගෙන්නට වූ වේදනාව චාමරගේ මුළු මහත් සිරුර පුරාම සැනෙකින් දිව යන්නට විය. වුයේ කුමක්දවත් සිතාගත නොහැකි වූ චාමර දුටුවේ ලේ වැගිරෙන මස් කැබැල්ලක් සාහන්යා ඇත තිබිණ අයුරුය. තම ගත දෙස බැලු ඔහු දුටුවේ රුධිරය දසත ගලායන අයුරුය. එදා සහන්යාගේ දෙපා අතරින්ද රුදිරය ගලා ගියේ මෙලෙසින්මය. සියල්ල නොපිටට පෙරලී ඇතුවා සේය. දෑස් බොඳවී යන්නක් මෙන් ඔහුට දන්නේනට විය. මොහොතකින් කපා හෙලු සිරුරක් සාහන්යා ඉදිරියේබිම ඇද වැටුණි.)

    මම පොරක් නෙවෙයි ඉතින් හරිය. මට හිතුනු විදියට ඔන්න ලීවා. හරි ඊළඟට සාහන්යා දියාට හැරෙමු. එතනින් එහාට කතාවේ ගලා යාම සුපිරි, අගේ කෝපය නියමෙට විස්තර කරලා.

    එත් //"උඹ මාව විනාශ කලා. දැන් උඹත් ඉවරයි… අපි දෙන්නම ජීවත් වෙමු… විඳව විඳව ජීවත් වෙමු!!"// ඒ වගේ කෝපයෙන් ඉන්න කෙනෙක් මේ වගේ තීරණයක් ගනීද කියන අවුල මට අවා. ඔව් සමහර විට ඇය ජීවිතේ විඳින මානසික විඳවීම ඔහුටත් ඔරුම කරලා දෙන්න හිතෙන්න ඇති. ඒ විදියට බැලුවම එළකිරි.

    කතාවේ ෆ්ලයින් ෆිෂ් එන්ඩින් එක නාත්තන මාරු කතාව, ජය වේවා,

    යේ බැරි බැරියාව නැතිව ලියන්නෝ.

    ReplyDelete
    Replies
    1. \\අහාආආආආආආ..... මොහොතකට කලින් ලෝකස්වාදය රතිය ලබාදුන් රසඟ පිහිටි දෙසින් නැගෙන්නට වූ වේදනාව චාමරගේ මුළු මහත් සිරුර පුරාම සැනෙකින් දිව යන්නට විය. වුයේ කුමක්දවත් සිතාගත නොහැකි වූ චාමර දුටුවේ ලේ වැගිරෙන මස් කැබැල්ලක් සාහන්යා ඇත තිබිණ අයුරුය. තම ගත දෙස බැලු ඔහු දුටුවේ රුධිරය දසත ගලායන අයුරුය. එදා සහන්යාගේ දෙපා අතරින්ද රුදිරය ගලා ගියේ මෙලෙසින්මය. සියල්ල නොපිටට පෙරලී ඇතුවා සේය. දෑස් බොඳවී යන්නක් මෙන් ඔහුට දන්නේනට විය. මොහොතකින් කපා හෙලු සිරුරක් සාහන්යා ඉදිරියේබිම ඇද වැටුණි//

      මචෝ.. ඒ කොටසනම් පට්ට ඇ... සිරාවටම.

      Delete
    2. සොමියො,

      අනෙ හම්බේ බන් නොලියා ඉන්න පුරුදු උනාම ආයෙ ලියනවා කියන්නෙත් ඔය කපනවා වගේම දඬුවමක් තමා. මේක ලියා ගන්නත් පුදුම දුකක් වින්දෙ!! :D

      ගොඩක් ස්තූතියි මචෝ, උඹේ කමෙන්ට් එක මම බලාපොරොත්තුම උන එකක්.

      මචෝ අර වැරද්ද වෙලා තියෙන්නෙ මට තිබ්බ හදීසිය නිසාද කියලා මටත් හිතෙනවා. මොකොද මේක බාගයක් ලියලා ඉවර කර ගන්න බැරුව සති ගනක් කල්පනා කලා. මුලින් හිතුවෙ මූව මරලා දාන්නයි. ඒත් පස්සෙ තමා අර සිද්ධිය විදිහට කතාව ඉවර කරමු කියලා හිතුවෙ. එතනදි මම කොයි තරම් කළබලෙන් ඉව‍ර කරලද කියලා කල්පනා උනේ උඹේ කමෙන්ට් එකේන් පස්සෙයි.

      උඹලගෙ සපෝට් එකා මෙහෙම ලැබෙනාවා නම් ලියමු දිගටම.

      සිරාවටම අර කොටස අතනට නියමෙටම ගැලපෙනවා. +++++++++++++++++++

      Delete
    3. මනෝෂ්.,

      සිරාවටම ඒ කොටස කියවත්දි සිරාවටම ඒ දේ දැනෙනවා බං

      ආ‍යෙත් සොමියො +++++++++

      Delete
    4. කතාව කියවපු ගමන් බැලුවේ සොමියගේ කමෙන්ටුව කොහෙද කියලා .

      Delete
    5. සිරාවටම ඉවාන්. කතාවකට සොමියගෙ කමෙන්ට් එක එකතු කරන්නෙ පුදුම වටිනාකමක්.

      Delete
    6. ඕන්න කථාව කියවල ඉවරවෙලා සොමියගෙ කොමෙන්ට් එකත් කියෙව්වා ඉස්ඉස්සෙල්ලම.. සොමියෝ අගේ ඇති විවරණයක්.. කථාවක අපි නොදකින සියුම් තැන් උඹ ලස්සනට අල්ලගන්නවා.. ඒකයි උඹේ විශිෂ්ඨත්වය...

      ජ ය වේ වා !!! සොමියෝ....

      Delete
    7. විදානෙ, සිරාවටම බං කතාව ලියත්දි අපිටවත් නොතේරෙන සියුම් තැන් සොමියට අහුවෙන හැටි පුදුමාකාරයි බං!

      ඒක ඇත්තෙන්ම විශිෂ්ඨ දක්ෂකමක්!!

      සොමියා බ්ලොග් වලට අවශ්‍යම චරිතයක්!

      Delete
  6. අනේ බන්............ කියන්න වචන නෑ... මාරම හැඟීම් බරයි... සිරාවටම.... මුළු ඇඟම සීතල වෙලා ගියා..

    ReplyDelete
  7. මාත්‍තුරුකාවට අදාලව කොමන්ට් කරපියව් මගෙ යකා අවුස්සන් නැතුව !!!

    අද මාත්‍තුරුකාව වැස්ස සහ සහන්‍යා !!!

    වැස්ස වහිනවා - කළුතර ගඟ උතුරනවා :D

    ReplyDelete
    Replies
    1. පත්තරේ නානවා..
      උගේ ........ පේනවා...

      Delete
    2. වැස්ස වහිනවා චැස්සට ගඟ උතුරනවා
      (බට්ටි) නානවා බට්ටිගේ %@^# පේනවා
      (රාලහාමි) දකිනවා රාළහාමිගේ පො%ල නගිනවා
      බට්ටිට නෙලනෝ මදිවට ඒවා වීඩියෝ වෙනවෝ

      Delete
    3. බට්ටිට නෙලලා - ඒක වීඩියො කරලා
      ඌට එන්නයි කියලා - පොලිසියෙ ගිරවා කියලා

      ඌව ගෙනල්ලා - ආවුද කොයිදැයි අහලා
      මාංචු දාලා - ජිප් එකේ වටයක් ගහලා

      ගඟකට දාලා- පලයං පුතා පීනලා
      උගේ අ$$## %$ලා - ඒකා ගිලලා මැරිලා !!!

      Delete
    4. මම නම් නෑ ඔය මාතෘකාවට අදාළ නැති කමෙන්ට් වලට . ඕඕ යේස්

      Delete
    5. බට්ටි ගිහිල්ලා - කොහෙද අනේ හැංගිලා
      ඉන්නා තැනකින් - අයියෝ කෝල් දියල්ලා

      Delete
    6. පත්තරේ,

      හිටින් මාත් මාතෘකාවට කතා කරන්න.
      මෙහෙත් හරි වැස්ස - ඔහෙත් හෙම වෙන්ටැ?

      බට්ටි වීඩියෝ කරපු එකාව ගෙනැල්ලා…
      උගෙ හමෙන් මල් මහලා අදිනවා පොලිස් මාමලා.…

      Delete
    7. පත්තර, ඉවාන් ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    8. මනෝ,
      පත්තරේගෙත් ඔය පේන එක කපලා දාමු බං.

      සොමියා,
      බට්ටිත් සහන්‍යා කෙනෙක් උනා නම් අපිට බලන්න වෙන්නෙ අරම වීඩියෝ එකක් නෙමේ බං.!

      ඉවාන්,
      පොලොස් කොට්ටෝරුවන්ටත් හොයා ගන්න බැරි මිනිස්සු හොයාගන්න දැන් ඔය පෞද්ගලික TV චැනල් වලට හොයා ගන්න පුළුවන් බං.

      Delete
    9. සිරිපොද වැස්සට මම හරි ආසයි....

      Delete
    10. විදානෙ,

      වැස්සෙ තෙමිලා ලෙඩ උනොත්?

      "එහෙම වෙන්නෑ, මම කිරිත් එක්ක සමහන් බොනවනෙ!" හැක්. :D

      Delete
    11. බීපු පාර තමයි පහුගිය දවස් වල හිටියෙ. අනේ නිකං හිටු!

      Delete
    12. අනෙ අම්මෝ ඒ ටිකේ මම සමහන් ගහපු තොගයක් බං. මම හිතුවා සමහන් හිඟයක් ඇති වෙයි කියලා රටේ! මොන. ඕවට හොදක් නෑ බං.

      Delete
    13. හැලපයාට ටෙස්ට් එකට දෙසීය පන්නල දීපු එක අමතක වෙලා වගේ.. හැක්..

      Delete
    14. හැක්! කොච්චර කිවුවත් මාතෘකාවෙ ඉන්නෑ නෙ. :D

      Delete
  8. මට ප්‍රියාගෙ බ්ලොගේ විතරක් ෆොන්ට් අවුල්වෙලා පේන්නෙ ඇයි?????

    මොක උනත් මරේ මරු දඩුවම. ගෑලු ලමයි සේරම කියවන්න ඕන මේ කතාව. ඔව්!!

    ReplyDelete
    Replies
    1. ෆොන්ට් අවුල් වගේද? වහාම සොයා බැලීමක් කරන්නාම්!

      //මොක උනත් මරේ මරු දඩුවම. ගෑලු ලමයි සේරම කියවන්න ඕන මේ කතාව. ඔව්!!// මළා එන පොට හොද නෑ! වහාම මේකෙ හෙඩිමට දාන්න ඕන "අතීශයින්ම පිරිමින්ට පමණයි" කියලා. :D :D

      Delete
    2. //මට ප්‍රියාගෙ බ්ලොගේ විතරක් ෆොන්ට් අවුල්වෙලා පේන්නෙ ඇයි// දැං කිව්වා නේද කපල දාල කියලා

      Delete
    3. විදානෙ, ~ චාමරගෙද? ප්‍රියාගෙද? හැක් :D

      Delete
  9. ප්‍රියා සිතුවිලි නියඟය හමාර කරලා තියෙන්නේ නියම වැස්සක් එක්ක. උඹ නිවාඩුවක් අරගෙන කතා ලියන්නන ප්‍රක්ටිස් වුනා නේද?
    කොහොම වුනත් කතාව සුපිරි. ඇත්තටම ඔය වවාගෙ තත්වයකට මූණ දෙන්න වුනොත් ඌට ඊට පස්සේ මොනවා හිතෙයිද ?

    ReplyDelete
    Replies
    1. සිරාවටම නොලියා ඉදලා ලියන්න ගත්දි පුදුමාකාර කම්මැලි කමක් බං තියෙන්නෙ. ශැක් නොදකින්. වනේ වන හතුරෙක්ට වත් කම්මැලි කම ලෙඩේ නම් එන්න හොද නෑ.

      ස්තූතියි මචෝ අගය කිරීමට.

      මටත් හිතාගන්න බෑ අරම දෙයක් උනොත් වෙන දේ නම් බං.!!

      Delete
  10. යකෝ ෆ්ලයින් ෆිශ් සීසන් ටූ බැලුවා වගේ කිලිපොලා ගියා! මරු ඈ ආපහු ලියන්න පටන් ගත්තු එක! ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි‍යො!

      කාළකණ්නි කම්මැලි කම නැතුව ආයෙ නම් ලියනවා.

      ජයවේවා!

      Delete
    2. මගේ සිරිලක ගැන
      ලොවට කියමි මම
      සුර පුරයක්
      වෙන ලොවේ මෙවැනි නැත
      එඩිතරකම ඇති
      කම්මැලි කම නැති
      ළමයි සිටින රට
      මගේ මේ සිරි ලක ...................................

      Delete
    3. සින්දු ඇනෝ ඕක මගේ ආසම සින්දුවක් තැන්කු වේවා

      Delete
    4. සිංදු, අනිවා දැන් නම් දිගටම ලියනවා හොද ළමයෙක් වගේ. කම්මැලි වෙන්නෑ ආයේ. :)

      Delete
    5. සොමියො, සිංදුවා සම්පතක් කියන්නෙ නිකන්ද බං?

      Delete
    6. මං මේ කල්පනා කොරන්නේ බස්සි කෙල්ලෙක්ද ? කොල්ලෙක්ද කියලා. නැත්නම් අහවල් එකටෙයි කිලිපොලා යන්නේ.

      Delete
    7. හැක්! බස්සියො මෙන්න ප්‍රශ්ණෙ!! :D :D

      Delete
  11. ප්‍රියා.......................

    ඔබගේ පෝස්ටුව පළ කොට තවමත් පැය තුනක් පමණ ඇති. නමුත් අපි හැමෝම ඇවිත් කමෙන්ට් කරනවා. ඒය කියවනවා... ඒත් ඇයි පහුගිය ටිකේ ම නොලිව්වේ.... මං හිතන්නේ ප්‍රියා කියන්නේ අපි හැමෝගෙම බ්ලොග් නිතරම කියවන. අපි ව දිරිගන්වන කිහිපයෙන් කෙනෙක්..ඉතින් ඔබ ලියන දේවල් කියවන්නත් අපිට අවස්ථාව දෙන්න.. මෙය අපගේ කාරුණික ඉල්ලීමක්.....

    ප්‍රියා ඉගිලෙන මාලුවෝ එකෙත් අන්තිමට ඔහොම දෙයක් නේද වෙන්නේ??? මොනවා වුණත් කතාව නම් නියමයි. කියවන්න ආස හිතෙන රචනා විලාශයක්.... ලියැවිල්ල එළස්........

    ReplyDelete
    Replies
    1. නෑ කුරුටුස් මහ පුදුම කම්මැලිකමක් තිබ්බෙ පහුගිය ටිකේ! කොටින්ම මට මේ පෝස්ට් එක ලියන්නත් පුදුම දුකක් වින්දෙ. මේක ලිව්වා සති ගාණක්ම.

      මේ වෙලාවෙ ලියපන් ලියපන් කිය කිය බල කරපු යාහළුවො ටික නැත්නම් මේ ලියන්නෙත් නෑ.

      ස්තූතියි!

      Delete
    2. \\අපි ව දිරිගන්වන කිහිපයෙන් කෙනෙක්..ඉතින් ඔබ ලියන දේවල් කියවන්නත් අපිට අවස්ථාව දෙන්න.. මෙය අපගේ කාරුණික ඉල්ලීමක්.....//

      සම්පූර්ණයෙන්ම එකඟයි ගී පවුරේ...

      Delete
    3. කොටින්ම මේ පෝස්ට් එක දැන්ම දාපන් කියලා මරණ තර්ජන කලෙත් මූම තමයි.
      :D

      ආයෙ ලියපන් කියලා කතා කරපු ඔක්කෝටම බොක්කෙන්ම ස්තූතියි මචන්ලා. :)

      Delete
  12. මොනව වුණත් හොඳ පාඩම!

    ReplyDelete
  13. දඩුවම සධාරනය.ඇග කිලිපොලා ගියා බන්

    ReplyDelete
    Replies
    1. එහෙනම් මම සාර්ථකයි. ස්තූතියි අයියෙ!

      Delete
    2. //දඩුවම සධාරනය//
      ඔන්න ඔහේ නිකං තියන එකනේ කපලා දාමු දමිත් - මොකද සාධාරණයිනේ...

      Delete
    3. ඉවානයා නං වේලාසනිංම කපලා දැම්මා !!!!

      Delete
    4. විදානෙ, දැන් කපන්න ගෑල්ලමයෙක් හොයා ගන්නෙ කොහෙන්ද? :)

      පත්තරේ, අන්න ඒ ගෑණු ළමයව සෙට් කර ගෙන වැඩේ කරමුද? :)

      Delete
    5. මචං පත්තරේ, කොනද?

      Delete
    6. මෙහෙම අහපන් මචෝ, පටන් ගන්න කොනද? ඉවර වෙන කොනද? :D

      Delete
    7. බුදු අම්මො මම දුවනො

      Delete
  14. පිුයශාද් කතාවනම් හරිම විශිෂ්ඨයි. ඇත්තෙන්ම මනුස්ස පෙනුම විතරක් ඔයවගේ උන්ට තිරිසනුන් කියන වචනෙ හොඳ වැඩියි. දඩුවම නම් අගේට ගැළපෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගි.

      ඇත්තටම තිරිසන් සතුන්ටත් අන්ත මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා. එහෙම උන්‍ට නියම දඬුවමක්!

      Delete
    2. "වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද
      දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
      ඒ දේවතාවන්..දිව්‍යාංගනාවන්
      මනුලෝ තලයේ වාසනාවන්..."

      Delete
    3. චන්ද්‍රලේඛාගෙ මම කැමතිම සින්දුවක් මචෝ!

      Delete
  15. උඹ බලලා තියනවද "tooth" කියලා ෆිල්ම් එකක්? ඒකෙත් තියෙන්නේ මේ වගේ කතාවක්. හැබැයි ටිකක් මිට වඩා භයානකයි... බලපන්කො...
    මෙහෙම කරලා මදි බං මේ වගේ උන්ට....

    ReplyDelete
    Replies
    1. නාඩියෝ අම්මෝ මතක් වෙද්දී හිරි වැටෙනවා ...කිතුල් ලෑල්ලක බුරුස් පැද්දා වගේ .

      https://www.youtube.com/watch?v=J-qd-k0Vg7s

      Delete
    2. සිංදුවෝ !!!

      කිතුල් ලෑල්ලක බුරුස් පැද්දා වගේ !!

      හිනා වෙලා ඉල නෑ යකෝ !!!

      චුට්ටං එකා කාලෙ අපේ මහගෙදර තිබුණා කිතුල් දොර පොල්ලක්. එහේ ගිහිං අතෑරියම මගේ ආතල් එක ඔය දොර පොල්ලට යටිං බැටරි කෑලි දෙකක් තියලා ඒක උඩ වාඩිවෙලා කකුල් ගගහා යනවා !!!

      ඉතුරු ටික හිතාගනිං. හතුරෙකුටවත් වෙන්ඩ එපා !!!! :D

      Delete
    3. \\කිතුල් ලෑල්ලක බුරුස් පැද්දා වගේ .//

      යකෝ මෙතන ඉන්න අනිත් එවුන් අහනවා උඹ මොකද තනියෙන් හිනාවෙන්නෙ කියලා.

      Delete
    4. නාඩියා ~ නෑ බං ඒ ෆිල්ම් එක බලලා නෑ. ඒත් නිකමට බලන්න හිතුනා. මීට වඩා භයානකයි කියත්දි හිතාගන්න පුළුවන් මචෝ. අනෙ අම්මෝ!

      Delete
    5. සින්දු, //කිතුල් ලෑල්ලක බුරුස් පැද්දා වගේ .// හිනා ඉස්මුරුත්තාවෙ යවන්න එපා මචෝ! :D වීඩියෝ එක බැලුවා. ෆිල්ම් එකත් හොයා ගන්න ඕන.

      Delete
    6. පත්තරේ,

      බොට කරන්න වෙන සෙල්ලමක් තිබුනෙම නැත්ද මචෝ? උඹ චුට්ටං එකා නිසා අවුලක් නෑ. දැන්නම් පදින්න යන එපා මචෝ! 'පරිස්සමෙන්' :D :D

      Delete
    7. මනෝ, බලාගෙන උඹව අංගොඩ ගෙනත් අත හරියි.! :D

      Delete
    8. මචං ප්‍රියා, පත්තරයා දැන් පැද්දත් අවුලක් නෑ බං.

      Delete
    9. දැන් පැද්දොත??? එක්කො ඕන්නෑ බං! :D

      Delete
    10. උඹලා මොකද හිනා වෙන්නේ ...මට නම් කිතුල් ලෑල්ල මතක් වෙද්දීත් #ක හිරිවෙටෙනවා ...නැද්ද හා .... :D

      Delete
    11. මෙන්න teeth බගන්නවානම් ...

      http://thepiratebay.se/torrent/4480115/Teeth[2007]DvDrip[Eng]-aXXo

      Delete
    12. හිරිවැටෙනවදත් කියලා අහනවා බං. ආයෙ හොදි ඕන්නෑ.! අම්මෝ.

      ලිංක් එකට තෑන්ක්ස් මචෝ.

      Delete
  16. "අද නොවේ හෙට" කියල උළුවස්සෙ ගහල තිබුනු එකේ තේරුම දැනුයි හරියට තේරුනේ...

    කථාව සුපිරිය ප්‍රියා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ප්‍රියා.....

      විදානයා සහන්යාවයි චාමරයාවයි අපේ බ්ලොගයේ පටලන් පිස්සු කෙලිනවා... කාටවත් කියන්න එපා ඒ සිද්ධිය.. විදානයාට හරි නැහැනේ.. හැක්

      Delete
    2. විදානයා ඉතින් ටියුබ් ලයිට්නේ. මං නෙවෙයි රට්ටු කියන්නෙ.
      (මේං මං මාරු..හිකිස්!!)

      Delete
    3. ඹබරු ඇවිත්....
      පොස්ට් තුනකටම එකම තැන කොමෙන්ට් කරා මෙන්න ලින්ක් එක මෙව්වට කියන්නේ බිට් මැනනේජ්මන්ට් (බයිටි කලමණාකරණය) කියලා.. නැතුව වැරදිලා නෙවෙයි බොලව් හැක්

      Delete
    4. ටියුබ් ලයිට් නෙවෙයි CFL බල්බ් ගැන කථාවක් ලිව්වා http://cvpsur.blogspot.com/2014/07/blog-post_16.html මෙන්න ඒක

      බල්බ් වැලක් ගැන කථාවක් ලිව්වා http://cvpsur.blogspot.com/2014/05/blog-post_20.html මෙන්න ඒක

      Delete
    5. විදානෙ, //"අද නොවේ හෙට" කියල උළුවස්සෙ ගහල තිබුනු එකේ තේරුම දැනුයි හරියට තේරුනේ...// අහිංසක මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්නෙපා බොල.! අපි බෝ පැල වගේ කොලු පැටවු.

      මචන් ඔය කමෙන්ට් සිස්ටම් එකට අපි නමක් දාමු ඕක හොයාගත්තෙ උඹනෙ. ඒ නිසා විදාකමෙන්ට් කියලා දාමු.

      කොහොම හරි උඹට වැරදුන එක ඔන්න අපිට අමතක උනා ලූ. :D

      Delete
    6. කුරුටු, විදානෙත් ඉදලා ඉදලා මරු ක්‍රමයක් හොයන් තියෙන්නෙ කමෙන්ට් කරන්න. ලේසි නෑ. ත්‍රී ඉන් වන්. :D

      Delete
    7. මනෝෂ්, රට්ටුත් දත කට මැදන් ඉන්නෙ මේ අහිංසකයන්ට කතා හදන්නමනෙ බං. නැත්ද මම අහන්නෙ? :D

      Delete
    8. විදානෙ මචෝ, මොකෝ කියන්නෙ ඔය සුනේත්‍රට කේස් දාපු බලුප් කාරයාගෙත් කපලා දාමුද?

      දෙවනි ලිංක් එක වැඩ කරන්නෑ බං හරියට.
      බලුප් වැල

      Delete
    9. විදානයා අද තනියෙන් ගල් බෝතලයක් බීල සැන්ඩි නැතිව. ඊළඟට ඒ බෝතලෙන්ම හයියෙන් ඔලුවට ගහගෙන. ඔය තෝන්තුවා වෙලා ගනන් ගන්නෙපා මචංලා.

      අම්මප විදානයෝ, උඹනම් පට්ට බං. මං මීට කලින් මීට වඩා හිනා වූනේ, නන්දා අක්කා උඹ ලියපු සිංදුව ලයිට් එන්නත් කලින් කියල තිබ්බ කේස් එකට.

      (මං ටූ ඉන් වන් පාරක් දැම්මා. හැක්!)

      Delete
    10. ඌට පදම වැරදිච්ච කසිප්පු වඩියක් පෙවිලා කියලයි මට හිතුනේ. හැක්!

      බොටත් ඒකෙන ටික්ක් පෙවුනද? :D

      Delete
  17. ප්‍රියා ගෙ පුනරාගමනය !!! :D

    කතාව එළ. අම්මප මුළු සරුවාංගෙම කිළිපොලා ගියා දුන්න දඬුවමට.
    සුපිරි ඈ..

    ReplyDelete
    Replies
    1. පුනරාගමනයක්ම තමා බන්. :D

      ස්තූතියි වේවා අගය කිරීමට මචෝ.

      Delete
  18. වෙනස් වෙනස් මානයන් ඔස්සේ අදහස් මෙහෙයවා ලිවීම තුලින් ප්‍රියා ට මේ නිර්මාණශීලි හැකියාව තවත් ඔප් නංවා ගන්න පුළුවන් කියන එකයි මගේ වැටහීම.

    නතර නොකර ලියන්න බලන්න. :)

    ReplyDelete
    Replies
    1. ///////වෙනස් වෙනස් මානයන් ඔස්සේ අදහස් මෙහෙයවා ලිවීම තුලින් ප්‍රියා ට මේ නිර්මාණශීලි හැකියාව තවත් ඔප් නංවා ගන්න පුළුවන් කියන එකයි මගේ වැටහීම./////////
      මටත් ප්‍රියා ගැන මේ විදිහට බොහෝ වෙලාවට හිතිලා තියෙනවා.

      Delete
    2. චන්දන අයියෙ, ගොඩක් ස්තූති‍යි. ලිවීමේ හැකියාව ඔප්නංවා ගන්න ලියන්නම ඕන කියන කතාව නම් ඇත්ත.

      දැන් නම් දිගටම ලියන්න තමා බලාපොරොත්තුව :)

      Delete
    3. අරූ අයියා, ගොඩක් ස්තූතියි අයියෙ. ඒක දි‍යුණු කර ගන්න මාත් උත්සහ කරන්නම්!

      Delete
  19. ජුන්ඩා ගැන ලිය ලිය හිටියා මිසක් උඹේ කතාව ගැන ලිව්වේ නැහැනේ.

    ප්‍රියාස් ස්ටයිල් එකේ කතාවක් කියෙව්වේ හුඟ දවසකින්. උඹත් සුනාමියට අහුවෙලා ඉන්න ඇතිනේ. සහන්‍යාට එහෙම ශක්තියක් ආවා කියන එක ලොකු දෙයක්. ඒ ශක්තිය නැති සහන්‍යලා තව කොච්චර ඇද්ද.. හැමෝටම ඒ ශක්තිය තිබුනා නම් රටෙන් භාගයක් විතර පිරිමින් පයිලෙස් (cock-less)වෙයි නේද බං.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා අරූ අයියෙ, මාර සුනාමියක් තමා ඒක. ඇත්තටම ලියනවා කියලා හිතත්දිත් ඇඟට අමාරුවක් තේරුණා පහුගිය ටිකේ!

      රටෙන් බාගෙකට වත් ආයුදේ ඉතිරි උනොත් නම් ඇති හප්පේ. :D

      Delete
  20. කාලේකින් ඇවිත් තියෙන්නේ...කතාව සුපිරි විදිහටම ලියලා තියෙනවා .. කතාව කියවලා මුළු ඇඟම සීතල වෙල ගියා..

    ReplyDelete
    Replies
    1. මොකක් ????

      Delete
    2. තුෂානි, ස්තූති වේවා තුෂානි අගය කිරීමට.

      විදානෙ, මොකක්???

      Delete
    3. ඇත්තටම මොකක්?

      Delete
    4. මහත් අහන්නෙ මොකක් කියලමයි!! :)

      Delete
    5. කෝ මේ විදානේ.. අහ් දැන් කියමු බලන්න මොකක් ???

      Delete
    6. කව්ද යකෝ ඊයේ මගේ එකෙන් ලොග් වෙලා මෙතැන පිස්සු කෙලල තියෙන්නේ

      Delete
    7. තුශානි, ඒකම තමා ආපිත් අහන්නෙ. මොකක්?? :)

      විදානෙ, ඕක අපිත් අහන්න හිටපු ප්‍රශ්ණයක් මචො! :)

      Delete
  21. රසවින්දා.. ස්තුතියි..

    ReplyDelete
  22. ලස්සන සංවේදී නිර්මාණයක්.. අපූරු කථා ආකෘතියක්. ඔබේ කථාව ඇතුලෙ තියෙන්නේ සංවේදී , තිත්ත ඇත්තක්.

    ReplyDelete
  23. මටත් මොකක්ද දෙයක් හිතෙනවා...

    ReplyDelete
  24. War Witch කියන ෆිල්ම් එකෙත් ටිකක් විතර සමාන අවසානයක් තියෙනවා. Flying Fish තමයි සමාන සිද්ධිය තියෙන්නේ. මමත් පහුගිය කාලේ අඩු ක්‍රියාකාරීත්වයකින් හිටි නිසා ප්‍රියාගේ බ්ලොග් වියෝව දැනුණේ නෑ. මෙහෙම ඉඳ හිට පොඩි පොඩි විවේක ගන්නවා තමයි. පස්සේ එන්නත් අපහසුයි. මටත් ඕක පහුගිය ටිකේ හොඳටම දැනුණා.

    මේ කතා ශෛලිය සිහිගන්වන්නේ කාලෙකට කලින් දිවයින මීවිතට කසුරි ලියපු තනි පිටුවේ කතා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම නොලියා හිටියට පස්සෙ ආයෙ ලියන්න ගන්න අපහසුයි සුදීක අයියෙ. ඊට වඩා හොදයි දිගටම ලියන එක.

      බොහොම ස්තූතියි අයියෙ.

      Delete
  25. හම්බේ කපලා ෆ්ලෂ් කරලත් දාල යකෝ...

    අපූරුයි කතාව.. තෝ වල් වෙලාද මන්දා..

    ReplyDelete
  26. මොන හුඃඥඥ්ඡ බං, මේකෙ කමෙන්ට් කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන පහලට ආවම කතාවත් මතක නෑ, දාන්න උන්නු කමෙන්ට් එකත් මතක නෑ.

    කමක් නෑ, උඹ ආයි ලියන එකත් ලොකු දෙයක් නෙ. ඒක නිසා ඒකටවත් ජයවේවා කියල යඤ්ඤං බං.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ආයෙ දිගටම ලියනවා ඉන්දික අයියෙ! ස්තූති වේවා!

      ජය වේවා…!!

      Delete
  27. කමෙන්ට් කියෝපුවාම කතාව මතකත් නෑ, දාන්න හිතාගත්ත කමෙන්ට් මතකත් නෑ!!!
    අායෙත් කතාව කියවන්න බෑ බං. වෙලාව මදි!! මොනා වුණත් අයියේ, සුපිරි කතාව!! නියම අාදර්ශයක්!!! අසාධාරණයක් වුණාට පස්සේ අඬ අඬා දුක් වෙවී පැත්තකට වෙලා ඉන්නෙ නැතුව ශක්තිමත් විදිහට ඔලුව උස්සලා ජීවත් වෙන එක හරි වටින දෙයක්!! නියම අවසානයක්!! අැත්තටම කිව්වොත්, අවසානයකටත් වඩා මට නං ඒක පේන්නේ අලුත් අැරඹුමක් වගේ!!

    මොකද බං මේ?? මං අතුරුදහං වෙලා උන්නු ටිකේ උඹත් අකුරුදහං වෙලා අන්නද බං ප්‍රියා අයියේ??? මක්කැයි බොලාට වුණේ අෑ??

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පීරේ මචෝ!

      මාත් හිතන්නෙ මේක අවසානෙකට වඩා ආරම්භයක් වේවි කියලා.

      ඔව් බං පහුගිය ටිකේ ලිවුවෙ නෑ. කපලා දාලම ආයෙ ලියන්න ගත්තා. :D

      Delete
  28. ප්‍රියා! නියම කතාව..ඒ කෙල්ලට එහෙම කරන්න නොහිතුණා නම් තමයි පුදුම..අනේ මන්දා...උදේ ඉවාන්ගේ කතාව දැකලා අකුණු ගැහුවා..මේක කියෝලා අන්දොස් වුණා..:D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරු! ඒ කෙල්ලට ඒ තරම ධෛර්‍යක් තිබීම ගැන සතුටුයි.

      ස්තූති වේවා…!! :)

      Delete
  29. මොන සෙද්දක් ද ????
    කතාව එල.. කොම වුණත් නැවැත ලියනවා දැකිම සතුටක් .ඔහොම පුණ්ඩාව කපලා දලා තිබුණා නෙ එකෙක් ගේ ඇත්තටම එක පස්සෙ සැට් කරලා තිබ්බා නේ හැක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ, ඌ සෙට් කරගත්තට මූට නම් සෙට් කරගන්න හම්බවෙන එකක් නෑ බං!

      ආයෙ ලියමු. ආයෙ ලියමු! :D

      Delete
  30. දැනට එල ද බ්‍රා..
    තේ එකයි ෂිගා එකයි බිලා ආ එන්නම්.

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා ම තමා.! :)


      හා හා බීලම වරෙන්කො.

      Delete
  31. කෝ යකූ මං දාපු කමෙන්ටුව...
    ඒකට මක්කද වුනේ කියන කං මං කමෙන්ට් වර්ජනයේ

    ReplyDelete
    Replies
    1. අනේ බැලුවා බැලුවා කොහෙවත් නෑ මහියො! ස්පෑම් වලත් නෑ.

      පොඩ්ඩක් හිටු, මම ඔය වර්ජනෙත් උසාවි නියෝගෙකින් නවත්තනවා! :D

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................