23 March, 2014
ස්ත්‍රී දූෂකයා………
දෙනෙතින් ගිලිහී මගේම දෑතට කඩා වැටුන කඳුළු බිඳ මා තවමත් මියගොස් නැතයි කියා මා හටම මතක් කර දේ. අළුයම දෙක පසු වුවත් නින්ද අසලටවත් නොආ දෙනතට කඳුළු උනන්නේ සවස උන සිදුවීම මටත් හොරෙන් මාගේ සිත මෙනෙහි කරන නිසාවෙන් විය යුතුය. සිතත් නෙතත් අතර ඇත්තේ පුදුමාකාර බැඳීමකි.
අළුයමද ගෙවමින් සිටියත් තවමත් වෙනසක් නොමැතිව වාහන ගමන් කරන ගුවන් පාලම යට අඳුරු කොනකට වී මා රාත්‍රිය ගෙවමින් සිටිමි. මා මෙතනින් නැඟිටිය යුත්තේ අලුත් මිනිසකු ලෙස නමුත් එම සිදුවීම කෙලස අමතක කරන්නද…?
මා දන්නා පරිදි මෙයට වසර 25කට පෙර මා උපත ලබා ඇත්තේ මේ ගෙන්දගම් පොළවේමය. දරුවන් බිහි කිරීමට මිස ඔහුන් රැකීමට නොදත්තාවූ මගේ පියාට දාව උපන් දරුවන් හය දෙනෙකුගෙන් අංක හය හිමි වූයේ මටය. මට පෙර සහෝදරයින් දෙදෙනකු සිටින මුත් ඔහුන් මා දෑහටවත් දැක නැත්තේ ඒ පියාගෙන් වෙන්වූ ඔහුගේ පෙර බිරියගේ දරුවන් බැවිනි. මගේ මවගේ පළමු දරුවා වූ මට පසුව සොහොයුරෙකුත් ඔහුටත් පසු සොයුරියන් දෙදෙනෙකුත් උපන් මුත් වැඩි වන සාමාජික ප්‍රමාණයට සරිලන ලෙස ඉහල නොගිය අප පැල්පත් නිවසේ අඩි ප්‍රමාණයත්, පහල නොගිය අප පියාගේ බීමත්ත නිසා සැපවත් දිවියක් යන්න අපට සිහිනයක් පමණක්ම විය.
යන්තම් වසර තුනක් පමණ පාසල් භූමියක පහස ලැබූ මා අවුරුදු 11 වන විටම විවිධ රැකියාවන් සොයමින් යන්නට වූයේ තදින්ම බීමට ඇබ්බැහි වී සිටි පියා දිවි ගමනට නවතා දැමූ බැවිනි. එදින පටන් අද දිනයේ සවස වනතුරු මා දිවිගෙවූයේ මාගේ පවුල වෙනුවෙන්ම පමණි.
මට මගේ ජීවිතය අහිමි වූවාට මට අවැසි වූයේ මාගේ සොයුරියන්ට හිමි ලොව ඔහුන්ට සොයා දීමටය. මගේ පණ වූයේ මගේ නැගණියන් දෙදෙනාය. නමුත් මගේ ආශාව සුන් වූයේ ලොකු නැගණියගේ පෙම්වතා යැයි කියමින් තරුණයෙක් පැමිණි දිනය.
"ඔයා කොහෙද මල්ලි පදිංචි…?"
"මම දහඅටේ වත්තෙ…"
"ලොකූ තාම ඉගෙන ගන්නවනෙ… අනික මේ වගේ දේවල් අපි කතා කරන්න ඕන වැඩිහිටියො එක්කනෙ…"
"අපේ අම්මලා නම් මේකට කැමති වෙන්නෑ. ඒත් මම කල්පනාව බඳිනවා…"
"ඒක හරිනෑනෙ මල්ලි. මේවා පිළිවෙලකට කෙරෙන්න ඕන. එක්කො ඔයා දෙමාපියො එක්ක එන්න නැත්නම් නංඟිගෙ ඉගෙනීමෙන් පස්සෙ බලමු…" මාගේ දැඩි බව හමුවේ සිත් අමනාපයට පත් වූයේ කේන්තියෙන් පිටව ගිය ඔහුත් ලොකු නංගිත් පමණක් නොව අම්මා පවා මා සමඟ අමනාප වී ඇති බවක් දැනුනි.
ඒ අදට දින පහකට පෙරය. අද දින හවස මා වැඩ ඇරී නිවසට පැමිණෙන මොහොතේ කුඩා පැල්පත් නිවසේ කුඩා කල සිට හුරතලේට හැදුන ලොකු නැගණිය පෙම්වතා තුරුලේ හුරතල් වනු දැකීමට තරම් මා සොයුරෙකු ලෙස අවාසනාවන්ත විය.
"ලොකූ… මම උඹලට කිවුවා නේද බඳිනකම් ඉන්න කියලා…… කො… කෝ… අම්මා…"
"ඇයි… ඇයි මේ කෙල්ලව කන්න හදන්නෙ…?" එවිටම කොහේදෝ සිට නිවසට කඩා වැදුන මවගේ කෝපය නොසිතූ ලෙස මා දෙසට යොමු වෙත්දී නැගණියගේ පෙම්වතාද හොර රහසේම පලා ගොස් අවසන්ය.
"ඔයා මුන් හිටපු විදිය දැක්කෙ නෑනෙ. තාම මුන් බැඳලත් නෑ… මේවා හරිද…?"
"අම්මා වෙච්චි මට නැති අමාරුවක් උඹට කොහෙන්ද…?"
"මොකක්ද ඒකෙ තේරුම…?"
"මගේ මඟුල් තමුසෙට වැඩක් නෑ. තමුසෙට ලවු ගැන තේරෙන්න තමුසෙ ජීවිතේට කාටවත් ලවු කරලා තියෙන එකක්යෑ…"
"ඔව් මම උඹලා ගැන බැලුවා මිසක් මම ගැන බැලුවෙ නෑ තමා…"
"තෝ කාළකණ්නියා කන්න දීපුවා කියලා පෙන්නනවද යකෝ…" එතනින් එහාට මට හිමි වූයේ මවගේ ගුටි බැට පූජාවක්ය. එය මාහට අමතක කර දැමිය හැක. ඒ මාගේ මවය. නමුත් මා ඉගැන්නූ මා ආදරයෙන් හදාගත් මගේම නැඟණිය මා හට අත එසවීම මා කෙසේ ඉවසන්නද? මා ඇය හට අත් එසවූයේ ඇයට ගැසීමට නොව ඇය ගැසූ පහරක් වැළක්වීමටය.
"මෙන්න මූ මගේ කෙල්ලව මරන්න හදනවා. බේරගනියෝ……" එතනින් එහාට සිදුවූ සියල්ල සිහිනයක්ම පමණි. නිවසෙන් එලියට බට මා දුටුවේ නිවාස පේළියේ කට හැකර ගැහැණුන්, අබිලිං වැනි පිරිමින් එලියට බැස බලා සිටිනාකාරයය. මා පිස්සෙකු මෙන් ඇවිද ගොස් නැවතුනේ වත්ත කෙළවර පිහිටි මාගේ මිතුරෙකුගේ නිවසේය.
"මම ගිහින් ඒ පැත්ත බැලුවා… දැන්නම් ෂේප්. ඒ…ත්…… උඹලගෙ අම්මා පොලිසියෙ ඇන්ට්‍රියක් දාලා…"
"මම ගිහින් බාර වෙනවා බං…"
"උඹ දන්නවනෙ අලුත් OIC කාරයගෙ හැටි… අනික…… අනික උඹලෑ අම්මා ඇන්ට්‍රිය දාලා තියෙන්නෙ උඹ නංඟිව දූෂණය කරන්න ආවා කියලා……… ඔය දැන් උඹ කොහෙද යන්න හදන්නෙ…"
"……බලමුකො මොකද වෙන්නෙ කියලා… මම වැරදී නෑ කියලා මගෙ පපුව දන්නවනෙ…"
"පිස්සු නොකෙළ මෙහෙන් හිටපං… උඹට ස්ත්‍රී දූෂණ කේස් එකක් තියෙන්නෙ… තොගෙ අඬු කඩයි යකෝ…"
"ඒ රෑට බාර උනොත්නෙ… උඹ බය වෙන්න එපා……" ඔහුගේ නිවසෙන් එළියට බට මා අවසානයේ නතර උනේ ගුවන් පාළම යටය. හෙට උදෑසනම මා පොලිසියට බාර විය යුතුය. පැල්පත් පේළි නිවාසයක මුඩුක්කු ජීවිතයක් ගත කල අප පවුලට යහපත් හෙට දිනක් උදා කරලීමට උඩුගම් බලා පිහිනූ මට ඒ ගත් වෙහෙස වෙනුවෙන් ස්ත්‍රී දූෂකයා නම් ගෞරව නාමය ලැබී ඇත. දුක මා මෙලොවට බිහිකල අම්මාම මට එම නාමය ලබා දීමය.
"මට ඔයාගෙ ලේ කිරි කරලා පොවන්නැතිව ඔය ලේම වහ කරලා පොවලා පොඩි කාලෙම මරලා නොදැම්මෙ ඇයි අම්මෙ……………………………"
පසු සටහන ~~ ඇහුන්කන් දෙන්න ඔබ අවට සිටින රජතුමාගේ සිට යාචකයා දක්වා ඕනෑම තරාතිරමක අයෙකුට වෙනසක් නැතිවම… බලන්න නිරික්ෂණාත්මක දෑසින් ලෝකය දෙස…… දකීවී… ඇසේවි… මෙවන් දේ අනන්තවත්………
මෙයත් එවැනිම මේ පුණ්‍යවන්ත මිහිතලය මතම සිදුවූ තවත් එක් අවාසනාවන්ත සත්‍ය කතාවකි.
© ප්‍රියා.
(පින්තූරයට ස්තූතිය……
http://postgradproblems.com)
Subscribe to:
Post Comments (Atom)
දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ :) මම ලියන්න උන්නු කතාව මෙයා ලිව්ව ද කියලා බයේ හිටියේ. හොඳ වෙලාවට එහෙම වෙලා නෑ. මම ආපු නැති ටිකට බ්ලොග් කටුවත් වෙනස් කරලා නොවැ.
ReplyDeleteධාරත් මෙහෙම කතාවක් ලියන්නද හිටියේ. ලියමු ලියමු ඉක්මනට හැබැයි දෙයියන්ගෙ ලෙඩේ හොද උනාට පස්සෙ. :) මදෑ ඒකෙ එක කොටසක් කියවන්න මාස 3ක් බලන් හිටියා. :) :)
Deleteහැමදාම ඉරිදට මම මතක් කරලා කියවන්න බලන් ඉන්න ඔයාගේ අද කතාව හිතට මහා දුකක් එක්කරා.....අපි අම්මා ගැන කොච්චර ගුණ ගයනවද.....අම්මා බුදු වෙන්න පතන රටේ සමහර අම්මලා ඉබේ හැදෙනවට ළමයි මේ ලෝකෙට බිහි කරනවද පෙකනි වැල ගලකින් තලලා කුණු කූඩෙට කොච්චර දරුවෝ විසික් කරනවද තමන්ගේ ලෙයින් වදපු දරුවන්ගේ කසාද මිනිස්සු එක්ක පවුල් කන අම්මාහොරු කොච්චර ඉන්නවද?......මට මේ ඔක්කොම එක පාරට ඔළුවේ පෙල ගැහුනු නිසයි ලිව්වේ......මේ ඔක්කොම දිහා බලද්දි තමන්ගේ අම්මා දිහා ආදරෙන් බලන්න ,ආඩම්බරෙන් කතා කරන්න ඔයාලා,අපි වගේ කී දෙනාද අද සමාජයේ ඉන්නේ............තව ලියන්න ගියොත් පෝස්ට් ඒකක් වෙයි...:) ඊ ලග ලිපිය කියවන්න බලාපොරොත්තුවෙන් අදට නතර වෙනවා
ReplyDeleteඇත්තටම මේ කතාවෙත් අම්මා අම්මා කියන වචනෙ තේරුම වත් දන්නැති මනුස්සයෙක්. වෙලාවකට හිතෙනවා අපි කොයි තරම් නම් වාසනාවන්ත දරුවොද, අපි අපේ අම්මලාට ආදරේ කරන තරම මදිද කියලත්. මොකද මේ වගේ අම්මලා මැද අපේ ඔයාලගෙ අම්මලා ඇත්තෙන්ම දේවතාවියො.
Deleteමෙහෙමත් අම්මලා ඉන්නව කියන එකත් අහන්න තියෙන කාලකන්නි දෙයක්.
Deleteඇත්ත Dulantha, මටත් මේ කතාවෙන් කියන්න ඕන උනේ ඔය කතාව තමා.
Deleteතමන්ගෙම ලෙයින් උපන් දරුවන්ව මරලා දාන සමාජයක මේ වගේ අම්මලා ඉන්න බැරි නෑ තමයි..
ReplyDeleteකවුරු එහෙම දෙයක් කලත් තමන්ගෙම අම්මා එහෙම කරද්දි දරාගන්න පුලුවන් කාටද?
ඇත්ත චාම්ස්, මේ කොල්ලා මේ කතාව කිවුවෙ අඬ අඬ. ඒ කඳුළු වලින් හොදින්ම තේරුම් ගන්න පුලුවන් ඒ කොල්ලට ගොඩක්ම වේදනවා ඒ තමන්ගෙම අම්මා වීම.
Deleteඅම්මා කියන්නේ හැම විටම පරමාදර්ශී චරිතයක්වත් පූජනීය චරිතයක්වත් නෙමෙයි. මම මේ මෑතකදි දැක්කා නොරට රූපවාහිණී වැඩාටහනක් කාම්බෝජයේ මව් වරුන් ගැන, සිඟිති දැරියන් කාමාතුරයින්ට විකුණන. මෙහෙත් ඒ වගේ දේ අනන්තවත් සිද්ද වෙනවා.
ReplyDeleteඇත්ත මාතලන් අයියෙ, සෑම ක්ෂේත්රයකදී මෙන්ම ඔතනදි ගත්තත් මව කියන්නෙත් හැම විටම පූජනීය චරිතයක් නොවන බව හදුනා ගන්න මේ සිදුවීමත් මට ඉවහල් උනා.
Deleteබහුතරයක් පූජනීය මවුවරු අතර මෙවන් කාන්තාවන් නිසා බහුතරයේ ගෞරවයත් කෙලෙසෙනවා.
ස්ත්‍රී දූෂන චෝදනා වලින් 50% ක් ම බොරු චෝදනා. මේ ගැන සමාජය දැනුවත් නිසා පිරිමින්ගෙන් පලිගන්න මේ වගෙ දේවල් විශාල වශයෙන් සිදුවෙනව. මේව මේ විදියට පළ කරන එක වටින්නෙ එහෙම නොවුනොත් සමාජයට යන්නෙ එක පැත්තක අදහස් විතරයි. මේ වගෙ අයට සිද්ධ වෙන්නෙ සිය දිවිනසා ගැනීම විතරයි. නමුත් පැය 24 ම ඇහෙන්නෙ කාන්තා හිංසනේ කාන්තා හිංසනේ කිය කිය එන් ජී ඕ අදෝනාව පමනයි.
ReplyDeleteඇත්තෙන්ම කුම්බා, අපි කල යුත්තෙ එකිනෙකා පරයා යාමක් නොවේ. නමුත් බොහෝ විට සිදුවෙන්නෙ ස්ත්‍රිය පුරුෂයාට එරහිවත් පුරුෂයා ස්ත්‍රියට එරහිවත් අන්තවාදී ලෙස අවි අමෝරා ගැනීමයි.
Deleteඅපි දැනුවත් කල යුත්තේ සමාජයයි (හැකි පමණින්.)
ඔය ස්ත්‍රී දූශණ ගැන මාධ්‍ය කියන කතානම් ගොඩක් ඒවා විශ්වාස කරන්න බෑ. සමහර දේවල් ඔප්පු වෙන්න ඉස්සරවෙලා පත්තරේ දාල ඉවරයි.
Deleteඔව් නිදහස, බොහෝ විට ඔහුන් එක් පාර්ශවයක් පැත්ත ගන්නෙ අනිකා ගැන නොහිතා. ඔහුන් නොහිතන තවත් දෙයක් තමා චෝදනා ඔප්පු වන තුරු 'වැරදිකරු' නොව 'විත්තිකරු' පමණයි කියලා.
Deleteස්ත්‍රී දූෂණය කියන වචනේ කලත්ත කලත්ත ඉන්න මෝඩ මිනිස්සු ඔය වචනේ කොච්චර කුහක වචනයක්ද කියලා හිතන්නේ නෑ. ඕක අර්ථගැන්විලා තියෙන්නෙත් කාන්තාවන්ගේ උවමනාවට නෙවෙයි. එහෙම එකේ මේ වචන කරේ තියාගෙන යන ගමන් ඒවගේ එල්බගෙන පිස්සො වගේ හැසිරෙන්න මේ කාලේ පුලුවන්ද කියලත් විචාරයක් ඇතුව හිතලා බලන්නම ඕනේ.
Deleteමේකයි සහෝදරයා ඇත්ත කතාව. ගොඩක් අනමාධ්ය බටහිර කාන්තා විමුක්තියට පක්ෂපාතීයි. මේ ජනමාධ්‍ය බොහොමයක් බටහිර කාන්තා විමුක්තිය අනුව යන කාන්තා සංවිධාන හා එන්ජීඕ ආයතන එක්ක ගිවිසුමකට ගිහිල්ලා තියෙන්නේ. ප්‍රවුර්ති ඉදිරිපත් කිරීමේදී බටහිර කාන්තා විමුක්තියට පක්ෂපාතීව ප්‍රවුර්ති ඉදිරිපත් කරනවා කියලා. එතනදී විශේෂයෙන් ලිංගික අතවර සම්බන්ධ පුවත් උලුප්පලා පෙන්වන්න මේ අය ක්‍රියාකරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි බොරු චෝදනා, ඔප්පු කරන්න සාක්ෂි නැති චෝදනා ඇතුලුව තොර තෝංචියක් නැතිව අතවර ගැන ප්‍රවුර්ති මාද්‍ය වල දකින්න තියෙන්නේ.
Deleteඇත්ත ප්‍රතිවාදී මිත්‍රයා, දැන් මාධ්‍ය වාර්ථා ප්රවෘත්ති ආදිය බැලූ විට ඔහුන් මරණයන්, දූෂණයන් ආදිය ඔහුන්ට අවැසි ලෙස මාකට් කිරීමම තමා පෙනෙන්න තියෙන්නෙ.
Deleteප්‍රතිවාදියා සහෝදරයාගේ කතාවනම් හරි. ජනමාධ්‍ය වලින් අතොරක් නැතිව ඇහෙන ස්ත්‍රී දූෂණ සම්බන්ධ ප්‍රවුර්ති කාන්තා සංවිධාන වල බොරු මවාපෑම් එක්ක සම්බන්ධයක් තියෙනවා. ලංකාවේ වෙන ස්ත්‍රී දූෂණ හා අතවර ගැන බොරු සමීක්ෂණ කරන්නේ බටහිරින් සල්ලි හම්බවෙන NGOආයතනයි ඒවගේ සහය ලබන කාන්තා සංවිධානයි.
Deleteඇත්ත නැති ප්‍රශ්ණ මැවීමෙන් සිදුවෙන්නෙ කතා කලයුතු සැබෑ ගැටළු යට යාමයි. ඔය මාධ්‍ය ආයතන කරන්නෙත් ඒකයි.
Deleteෂුවර් එකට බන් අර ගෑණී බෑණගෙන් කනව, ඒකයි බෑණගෙ පැත්තට අදින්නෙ, වේ*කම් පුරුදු උන ගෑණීට තමන්ගෙ ළමයින්ට වඩා තමන්ගෙ ආතල් එක වැදගත් බන්...
ReplyDeleteඅඩේ උඹට කේන්ති ගිහින් අද?? :o
Deleteඔය කොල්ලා මට ඔය මුළු කතාවම කියලා අන්තිමට මම ඇහුවෙ "ඇයි බං අම්මා එහෙම කලේ?" කියලා. ඌ කතාව ගිල්ලා. මටත් හිතුනෙ නම් උඹ කියපු හේතුවම තමා. ඒත් ඒක ස්ථීර නැති නිසයි කතාවට නොදැම්මෙ.
පිස්සුද බන් මන් මොකටද කේන්ති ගන්නෙ :D
Deleteහිතට ආපු විදිහෙන්ම වචන වලට පෙරලුව විතරයි ;)
හි… හි… ඒ ටික කියන්න පුලුවන් ඒ වචන ටිකෙන්ම තමා බං. ඇත්තටම ඒ ගැන මට හිතෙන්නෙත් උඹට හිතුන විදිහටම තමයි. (y) :))
Deleteහැක් හැක් :)
Deleteහි… ;))
Deleteඅනිවා සසිදු ඒක තමා වෙලා තියෙන්නෙ
Deleteඔතන මටත් ඔය උපකල්පනේම තමා තියෙන්නෙ වැව්.
Deleteමේ කේස් එකේදි කොල්ලව පොලීසියෙන් පෝරියල් එක වදිනව අන්බානට . මොකද පැමිනිල්ල කරල තියෙන්නෙ අම්ම. කීමටත් කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව කියල. උසාවියෙනුත් කිසිම සමාවක් නෑ. දූෂනය කරන්න තැත් කළා කියන එක ඔප්පු වෙනව. මිනිහත් එක්ක ඉන්න කොට මූ ඇවිත් තියෙන්නෙ. එතකොටනෙ මූව අල්ලගත්ත කියන්නෙ සොරිම තමයි.
ReplyDeleteමිනීමැරුම් වුන තැන් වලට ඇවිත් මිනිය අතපත ගාල ඉස්පිරිතාලෙ ගෙනියන්න හදල ඇඟිලි සලකුනු වැටිල එල්ලුම් ගස් ගිය අසරණයොත් ඉන්නව.
දැන් චන්ද්‍රිකා යුගයෙ දාල තියන පිරිමි විරෝධී නීතිත් එක්ක හරිම පරිස්සමකින් තමයි පාරෙ තොටේ වුනත් යන්න වෙන්නෙ. කඩේට යන්න වෙන්නෙත් ලෝයර් කෙනෙක් එක්ක.
ඇත්ත මිතුරු මෙයා දැනටත් රක්ෂිත බන්ධනාගාරෙ. නඩුව යනවා. වැඩේ මූ එදා උදෙත් බාර උනේ නෑ දවස් තුනකට විතර පස්සෙයි බාර උනේ.
Deleteකොහොමටත් අපේ රටේ දුර්වල නඩු ඇසීමේ ක්‍රමය නිසා මෙයාට බේරුමක් වෙයි කියලා හිතන්න අමාරුයි.
අපේ රටේ නීතිහෙනුත් හැමවිට සාධාරනය ඉෂ්ඨ වෙමව කියලනම් කොහෙත්ම හිතන්න බෑ. පෙරකදෝරුවො පෙරකදෝරුකම් කරන්නේ සල්ලි වලට. අනෙක ඔබ කියන විදිහට ස්ත්‍රී පුරුෂ විශම ලිංගික සම්බන්ධතා අනවශ්‍ය විදිහට අතවර වලට සම්බන්ධ කරන්න චන්ද්‍රිකා කියන පාහර ගෑනි ජනාධිපති උන කාලේ ක්‍රියා කළා. ඒවගේ ප්‍රතිඵලත් ඔය ස්ත්‍රී දූෂණ කේස් ඇතුලේ තියෙනවා. ඒ නිසා මේ වා සර්ව සාධාරන නෑ.
Deleteඑහෙනම් ඒකත් චෞර රැජිණගෙ තවත් සමාජ සත්කාරයක්.
Deleteඇත්තෙන්ම අපේ නීතියෙ අඩු පාඩුකම් මෙවැනි ගැටළු ඇතුලු බොහෝ අවස්ථා වල කැපිලා පේනවා.
ස්ත්‍රී දූෂණක් කියපු ගමන්ම පිරිමියාව එල්ලලා ඉවරයි.
ස්ත්‍රී දූෂණ වලට මරන දඬුවම දෙන්න ඕනේ කියලා කියන එවුන් හිතන්නේ එහෙම කියපුවාම තමන්ට පොර වෙන්න පුලුවන් කියලා. මේවගේ දේවල් වලින් ගොන් ආතල් ගන්න යන එක මෝස්තරයක් වෙලා. දූෂණය කරන එවුන්ටත් වඩා කාන්තාවන් සමාජයේ අපහසුතාවයට ලක්කරන්නේ ස්ත්‍රී දූෂණය කියන වචනේ.
Deleteඔය චන්ද්‍රිකා කුමාරතුංග කියන වසල ගෑනිට ලොකු උවමනාවක් තිබුණා බටහිර රටවල කාන්තා විමුක්තිවාදී කුහකයන්ගේ උවමනාවට හදපු පුරුෂ විරෝධී නීති මේ රට ඇතුලේත් පැලපදියම් කරන්න. චන්ද්‍රිකාගේ කාලේ තමයි බටහිර රටවල තියෙන විකුර්ති ලිංගික ක්‍රියාකාරක රටේ වර්ධනයකළේ අනෙක් පැත්තෙන්. මේ ගෑනි සමලිංගිකයන්ටත් කල්ලි ගැහෙන්න ඉඩ දුන්නා. මේ විකුර්ති කාමුක්තවය වර්ධනය කරමින් තමයි පුරුෂ විරෝධී අසාධාරන නීති හැදුවෙත්.
Deleteසම්පූර්ණයෙන්ම ඇත්ත… එක්වරක් අතවරයට ලක් වූ ඇය පොලීසියෙන් පැමිණිල්ල ලියා ගැනීමේදී, මාධ්‍යවේදින් සිද්ධිය වාර්ථා කිරීමෙදී, උසාවියෙදි ආදී ලෙස කිහිප පොලකදිම අසාධාරණ ලෙස අතවරයට ලක් වෙනවා (මානසිකවත්)
Deleteනීතියේ දුර්වලකමුයි සමාජයේ තියෙන වැරදි ආකල්පයි එකට එකතු උනහම අර චෝදනාවට ලක් වෙච්ච එකා අන්තිම කරුමක්කාරයෙක් වෙනවා.
Deleteඒකත් හරියට කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ තමා. ඔය දෙක එකතු උනාම.
Deleteහප්පා.. කොල්ලට ඉතින් ඒ චෝදනාවම, මරණීය දන්ඩණයට ත් එහා ගිය දඬුවමක් තමයි.
ReplyDeleteඔව් චන්දන අයියෙ, සමහර විට ඒ කොල්ලා නීතියෙන් නිර්දෝශී කියලා ඔප්පු උනත් ලෝකෙ ලොකුමදඬුවමක් ලැබිලා ඉවරයි.
Deleteකුහක මිනිස්සු වැඩිපුර ඉන්න කුහක ලෝකයෙන් තමයි ඒ දඬුවම් ලැබෙන්නේ.
Deleteඇත්ත, මේ කොල්ලා නිදහස් උනත් මේ සමාජෙ කුහක මිනිස්සු බලන්නෙ දිගටම 'ස්ත්‍රී දූෂක' විදිහට තමයි. ඒකම දඬුවමක්නෙ.
Deleteකෙනෙකුට විරුද්ධව ස්ත්‍රී දූෂණ චෝදනා බොරුවට එල්ල කරන එක තවත් එක භයානක අපරාධයක්.
Deleteඇත්තෙන්මඔව් සියලුම බොරු චෝදනා එල්ල කර්න්නන්ට දඬුවම් උපරිමයෙන් ලබා දිය යුතුයි.
Deleteබය නැතුව බාරවෙලා ඇත්තම කියපං ප්‍රියා.මොකුත් කචල් එකක් නෑ.
ReplyDeleteමූ බාර වෙලා ඉවරයි හැලප අයියෙ. දැන් නඩුව යනවා. අපිත් මොකක්ද වෙන්නෙ කියලා බලන් ඉන්නවා.
Deleteඋබ අදුරන කෙනෙක්ද බන් එතකොට මේ කතා නායකයා? :o
Deleteඔව් සසියා, මෑන්ව මම අවුරුදු 3ක් අදුරනවා. :))
Deleteඑතකොට අරක බොරු චෝදනාවක් කියල තාම ඔප්පු කරගන්න බැරි උනාද? දැන් එයා හිරේද?
Deleteඔව් බං බාර උනාම උසාවියට ඉදිරිපත් කරලා. දැන් රිමාන්ඩ්. නඩුව දින්නොත් ඇති.
Deleteමත්පැන්, මත්ද්‍රව්‍ය, ගණිකාවෘත්තිය, සහ ඒහා සම්බන්ධව ජාවාරම් කෙරෙන සමාජ පන්තිය තුල මේවගේ සිද්ධි සාමාන්‍යයි.. උන් අම්මා තාත්තා, දුවා, දරුවා, සහොදර සහෝදරියන් හඳුනන්නේ නැහැ
ReplyDeleteඒ සමාජය තුල ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ..
ජය වේවා!!!
ඇත්ත විදානෙ, ඒ වගේම ඔය සමාජයෙන් එළියට එන්න දඟලන, උත්සහ කරන උනුත් අතේ ඇඟිලි ගාන තරම් පොඩියට ඉන්නවා. මේ කොල්ලත් එහෙම එකෙක්. මම මෙයාව ආශ්‍රය අරපු අවුරුදු 3 මට ඒක හොදට තේරුණා. ඒ සමාජය වෙනස් විය යුතුමයි.
Deleteස්තූතියි.
හැමෝම එක ගොඩට දාන්න බෑ.
Deleteඒක ඇත්ත ඕකෙන් ගොඩ එන්න දඟලන අහිංසකය්යොත් ඉන්නවා.
Deleteහෙනගහන අපරාධයක් පට්ට සංවේදියි......... ප්‍රියා පොඩි ජොලි කතාවකුත් අතරින් පතර දාන්න
ReplyDeleteඇත්ත කෝරලේ මේක සංවේදී වැඩියි වගේ තමා. හ්ම්ම් ආයෙ පොඩි ජොලි කතා ටිකකුත් දාන්නම්. :)
Deleteමෙහෙම කතාවක් මමත් දැම්මා. ඒකත් මට ඊයකින් ආපු එකක්. ඉවානුත් දැම්ම ඒ දවස්වලම. සමකය වටේ නලිනුත් දාල තියනව ඒත් ටික දවසකට ඉස්සර. ඔහොම දේවල් මාර විදියට වෙනව. මෙතන සමාජමය වශයෙනුත් පිරිමියට ගැලවිල්ලක් නෑ.අත් අඩංගුවට ගන්න කොටම වැරදිකාරය වෙලා ඉවරයි.කිසිම මාධ්‍යයක මේව කතා කරන්නෙ නෑ. මේක සැඟවුන වේදනාවක්.
ReplyDeleteමගෙ බ්ලොග් එකේ පුරුෂ ස්වෝත්තමවාදයට වගේම ස්ත්‍රී ස්වෝත්තමවාදයට එරෙහිවත් ලියනව. පුරුෂ ස්වෝත්තමවාදයක් තිබෙනව කියල පිළිගන්න අය ඒකෙ අනික් පැත්ත තිබෙනව කියල පිළිගන්නෙ නෑ. අපි බලන්න ඕන රාමු ගහල නොවෙයි. සිද්ධියෙන් සිද්ධියටයි. බලවත් දුර්වල කියල නෑ හැම දෙයක්ම අවස්ථාවෙන් අවස්ථාවට සාපේක්ෂයි.
මම අර පෝස්ට් එක දැම්මෙත් මේව කිසිම මාධ්‍යයක කතා කරන්නෙවත් නෑ.
මගෙ පෝස්ට් එකේ ලින්ක් එක මෙන්න. එතන කතා කරන්නෙ විවාහක සැමියෙක් විසින් විවාහක බිරිදක් දූෂනය කිරීම ගැන බොරු චෝදනා නැගිය හැකි ආකාරයයි.
http://yakaageadaviya.blogspot.com/2014/01/blog-post_25.html
මේ ලින්ක් එක ඇඩ්රස් බා එකේ පේස්ට් කරල ක්ලික් කලාම මේ විදියට එනව.Sorry, the page you were looking for in this blog does not exist.
Deleteලිපිය බ්ලොග් එකේ තිබෙනව. ලිපිය2014 ජනවාරි මාසෙ පොස්ට් කළ එකක්. හෝම් පේජ් එකට ගිහින් හෝ වම් පැත්තෙ වැඩිම පිරිසක් බලපු ලිපි ලැයිස්තුවේ හෝ එය තිබෙනව. මාතෘකාව "යකෙක් වුනත් හූ හතේ හූ කියන කතන්දරයක් හෙහෙ හෙහ් හෙහෙ"
සීයට සීයක් එකඟයි යකා,
Deleteඇත්තෙන්ම මේකත් හරියට එක ජාතියක ජාතිවාදයක් විනාශ කරන්න තවත් ජාතියක ජාතිවාදයකට සහය දෙනවා වගේ තමයි. අපි විරුද්ධ විය යුත්තේ ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව ඔහුන් තුලින්ම ඉස්මතු වෙන අන්තවාදයටයි.
ඒ වගේම තමා ඔය අන්තවාදයන්ට විරුද්ධ වීමටනම් භේදයකින් තොරව ඕනම දෙයක අගතියට පත් පාර්ශ්වයෙ වගේම විත්තිකාර පාර්ශවයටත් ඇහුන්කම් දිය යුතුයි.
මම ලිංක් එකට ගිහින් බැලුවා යකා. ප්‍රශ්ණයක් නෑ කොපි පේස්ට් කරලා යන්න පුලුවන්. ඒක හොදට කියවලා බලන්න ඕන. (ඒකෙ උඩින්ම කමෙන්ට් කරලා තියෙන්නෙත් අංක එකේ ස්ත්‍රී වාදීනී හොල්මනක්නෙ. ;) නේද?)
සමාඅය කුහක වෙන්න වෙන්න මේ වගේ තැන් වලදී කවුද හරි කවුද වැරදි කියන එක හොයාගන්නත් අපහසු වෙනවා. අනෙක මේ කාලේ කාන්තාවන්ද හැම අතින්ම හරි කියන්න බෑ. ඉස්සරනම් කාන්තාවන් කාන්තාවන් හැටියට වෙනමම ස්ත්‍රී අනන්‍යතවය මත සමාඅයෙන් කොටසක් හැදීමේ වගකීම අරන් තියෙනවා අද එහෙම නෑ. අද කාන්තාවන් ගොඩකට තියෙනවා පිරිමින්ගේ ලිංගික ආශාවන් ගැන පවා යම් නොරිස්සුම්සහගත බවක්.
Deleteඇත්ත, ඒකත් බොහෝවිට ස්ත්‍රීවාදීව බැලීමේ ප්‍රථිපලයක් ලෙසයි මම දකින්නෙ. ඇත්තෙන්ම ඉදිරියට මේ වගේ ගැටළු වල නිවැරදි කරු වැරදි කරු වෙන් කර ගැනීම කල නොහැකි කාර්යයක් වෙයි.
Deleteඅද හැම රටකම යුදෙවු චින්තනය අනුව යමින් තාත්තලාට ඕන විදිහට පිරිමි ආරයට හදපු කාන්තා පරපුරක්ම ඉන්නවා. මේ ගෑනු කැමති නෑ සමාජයේ ස්ත්‍රීත්වය නියීජනය කරන්න. කාන්තාවන් පිරිමින්ගේ කාම වස්තු නෙවෙයි කියකියා බොරු අතවර මානසිකත්වයකුත් ඔලුවේ පුරවගෙන අතවර භීතිකාවෙන් සමාජය පීඩාවට පත් කරන්නේ වැඩිපුර මේ අය. මේ අයගෙන් බහුතරය හරියට පිරිමියෙක් එක්ක විවාහ වෙලා පවුල් ජීවිත ගෙනයන්නවත් ළමයි හදන්නවත් කැමති නෑ. ඒ උනාට අතවර මානසිකත්වය ඉහට උඩින්.
Deleteමම දකින ආකාරයටත් මොනම ක්‍රමයෙන් ආවත් අන්තවාදය හෙළා දැකිය යුතුයි. ස්ත්‍රීවාදයත් පුරුෂෝත්තමවාදයත් එක ලෙස හෙලා දැකිය යුතුයි.
Deleteනමුත් බොහෝ තැන්වල සිදු වෙන්නෙ පුරුෂෝත්තම වාදයට පහර ගහන්න එන්නෙ ස්ත්‍රීවාදීන්. එයයි වැරැද්ද.
රත්තරන් මව්වරුන් අතර මෙහෙම අයත් ඉන්නවනෙ චතුරංග.කතාවට සාධාරණයක් වෙන විධියට බාහිර පාරිසරික සාධක ඔබ කදිමට ගලපාගෙන තියනවා.හරිම සංවේදී තේමාවක්..............
ReplyDeleteඔව් කුරුටු, ඇදහිය යුතු පූජනීය බහුතරයක් මවුවරු අතර මෙවන් දුෂඨ කාන්තාවනුත් ඉන්නවා.
Deleteස්තූතියි ඇගයීමට කුරුටු.
මම රැකියාව කරන්නෙ මේවට අදාල තැනක. මම මේ රස්සාවට එන්න ඉස්සර ස්ත්‍රී දූෂණය කියන වචනෙ ඇහුනත් දත්මිටිකන කෙනෙක්. මේ රැකියාවට ආවට පස්සෙ මට තේරුන දෙයක් තමයි ස්ත්‍රී දූෂණ චෝදනා වලින් ලොකු ප්‍රමාණයක් පට්ට පල් බොරු කියන එක.
ReplyDeleteමම එක ඇත්ත කතාවක් කියන්නම්. මේක අම්බලන්ගොඩ පැත්තෙ වුන දෙයක්. මිනිහට විරුද්ධව ගෑණි නඩු දාල දුව දූෂනය කළා කියල. අධිකරනයෙ දක්ෂතාව නිසාම මිනිහ බේරුනා. මිනිහ කැමතිවුනා ගෑණිට සමාව දෙන්නත්. හැබැයි වැඩි කල් මිනිහ ජීවත් වුනේ නෑ බොරු චෝදනාවට ලැබුන කායික මානසික පීඩනය නිසා.
බොරු පැමිණිලි කරන අයට එරෙහිව දන්ඩනීති සංග්‍රහයෙ ප්‍රමානවත් ප්‍රතිපාදන නැහැ. හැබැයි මරණ දඩුවමින් දඩුවම් කළ හැකි චෝදනාවක් බොරුවට එල්ල කර එහි ප්‍රතිපලයක් ලෙස මරණ දඩුවමට ලක් කළොත් එම බොරු සාක්ෂිකරුට මරන දඩුවමින් දඩුවම් කළ හැකියි.
මම කියන්නෙ ඕනෑම වරදකදි බොරු සාක්ෂිකරුවන්ට ,බොරු පැමිණිලිකරුවන්ට ඔවුන් කියන බොරු චෝදනාවට අදාල දඩුවමම දෙන්න ඕන කියන එක. ස්ත්‍රී දූෂනයට වසර 20 ක සිර දඩුවමක් දෙනවනම් බොරු පැමිණිලිකාරිටත් දෙන්න ඕන 20 අවුරුදු සිර දඩුවමක්. මෙතන එහෙම දෙයක් නැති නිසයි නීතිය ගෑනුන්ට සෙල්ලමක් වෙලා තියෙන්නෙ. අනික තමයි ගෑනියෙක් මොනවහරි කිව්ව පමනින් පිළිගන්න සූදානම් සමාජයක් තමයි අපට තියෙන්නෙ. ගෑනුන්ගෙ කදුලු වලට ලොකු දෙයක් කරන්න පුළුවන්නෙ . ඊයෙත් ගෑණු කෙනෙක් චන්ද රැස්වීමක අඩල. මේක බොරුවට බව ඕන කෙනෙකුට තේරෙනවනෙ.
බස් එකකදි නිකම් ගෑනු කෙනෙක් චෑස් චෑස් ගෑවොත්, එහෙම කෑගහල බොරුවට කවුරු හරි මිනිහෙක් පෙන්නුවත් ඒ මිනිහට ගුටි කන්න වෙනව. ඉතින් ඕක තමයි ප්‍රශ්නෙ.මම හිතන්නෙ බොරුකාරියන්ට දැඩි දඩුවම් දෙනවනම් මේ ප්‍රශ්නෙ විසදෙයි.
ඇත්ත ඇස,
Deleteවරදක් කල අයෙක්ට දඬුවම් කරන ලෙසම අහිංසකයෙක්ට බොරු චෝදනා කරන අයටත් දඬුවම් හිමි විය යුතුයි. මොකද කතාවකුත් තියෙනවනෙ වැරදිකරුවො දහයක් බේරුනත් එක නිවැරදි අයෙක්ට දඬුවම් නොකල යුතුයි කියලා.
ඔබ කියූ කතාවත් මේ කතාවත් චෝදනාවල හැටියට නඩුව විමසීමට පෙරම දඬුවම් හිමි වීම නම් බොහෝ විට අනිවාර්යයි.
මේ තත්වය බටහිර රටවලත් ටිකක් දරුනුවටම තියෙනවා. පිරිමි ලිංගික හැඟීම් නොරුස්සන කාන්තාවන් පිරිමින්ගෙන් පලිගන්න එක ක්‍රමයක් තමයි මේක. බටහිර ගොඩක් රටවල බොරු චෝදනා කරල අහු උනොත් ඔවුන්ටත් යම් දඬුවමක් දෙනවා නීතියෙන්. නමුත් අපේ රටේ එහෙම තත්වයක් නෑ.
Deleteබටහිරෙන් එන ඕන දෙයක් බාර ගැනීමට සූදානාම් අපි මේ වගේ ගත යුතුදේ නොගැනීමයි වරද. ඇත්තෙන්ම ඔය වගේ බොරුපැමිණිලි කරුවන් ඔප්පු වූ පසු දැඩි දඬුවම් ලබා දීමේ ක්‍රමයක් ඇති කල යුතුයි.
Deleteස්ත්‍රී දූෂණය තරමටම ඒ සම්බන්ධ බොරු පැමිණිලිත් භයානකයි.
Deleteඒ සියල්ලටම නීති තැනිය යුතුයි.
Deleteනීති තැනීම කෙසේ වුවත් පවතින නීතියවත් ක්‍රියාත්මක වෙන බව ජනතාවට ඒත්තු යායුතුයි. එහෙම නොවෙන නිසා නීතිය කෙරේ ජනතා විශ්වාසය බිඳ වැටිලා. ඒ නිසාම වින්දිතයා තවතවත් අසරණ වීමත්, වරදකරුවා තව තවත් ප්රභලවීමත් වලක්වා ගන්න බැහැ.
Deleteඒක ඇත්ත අරූ අයියෙ, දැන් තියෙන්නෙ විත්තිකාරයෙක් ලෙස තබා පැමිණිලි කාරයෙක් ලෙස වත් නීතිය ඉස්සරහට යන්න මිනිස්සු අකමැති වෙන තරම් අවනීතියක්.
Deleteමේ විදියෙ කතා කිපයක්ම ලියවුනා නේද.මෙක සමාජෙ මෙ තරමට ඔඩු දුවල ද
ReplyDeleteඔව් දමිත් අයියෙ, මාත් කතා කිහිපයක්ම කියෙවුවා. ඇත්තෙන්ම මේ ප්‍රශ්ණය ඇත්තටම සමාජ වියසනයක්ක්.
Deleteඅපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනව.. උගෙ ජීවිතේම ඉවරයි.. නිර්දෝෂි වුණත් ඔය වගේ උසාවි කේස් ලේසි නැහැ අප්ප..
ReplyDeleteසංවේදී කතාවක්..!!
ඇත්ත සංචාරක, මෙවැනි චෝදනා වලින් නිදහස් වීමත් නිදහස් උනත් තමන්ගෙ පෞරෂය ගොඩ නගා ගන්න එකත් ලේසි නෑ.
Deleteස්තූතියි…!!
අදත් සංවේදි කතාවක්.. අරූට ඉතින් උසාවි ගානේ ගිහින් සෑහෙන කට්ටක් කන්න වේවි.. ඒ ජීවිතේම අපරාදේ ඉතින්..
ReplyDeleteමගේ කරුමෙට ඇහැ ගැටෙන්නෙම සංවේදී කතා දිනේශ් :)) . ඇත්ත දිනේශ්, මේ කොල්ලා නිදහස් උනත් ජීවත් වෙන එක ලේසි නෑ.
Deleteමේ ලිපියයි කොමෙන්ට් ටිකයි කියෙව්ව. මගෙ අම්මෝ දැන් බයේ බෑනෙ. ගෑනියෙක් එක්ක කතා කරන්නත් දෙපාරක් හිතන්න වෙයි. මම නම් මේ හැමෝටම වඩා හුඟක්ම වයස කෙනෙක්.
ReplyDeleteමට හිතෙනව අපි වාසනාවන්තයො කියල. කොල්ලො විතරක් නොවෙයි කෙල්ලොත් මහ කාලකන්නි වේගන යනව.
බුද්ධාගමේ කියනව සියළු රස නැතිවෙනව මෙහෙම විපරීත වෙලා ගිහින් නැත්තටම නැතිවෙනව කියල
මේකෙන් වෙන වෙන නරක දේවල් ( සමලිංගික වගෙ දේවල් ) ජනප්‍රිය වෙයි. කොල්ලො කොල්ලො එකට ඉඳියි කෙල්ලො කෙල්ලො එකට ඉඳියි. ඉස්සරහට ඒ වගෙ ලෝකයක් ඇති වෙයි. මෙහෙම නීති ආවොත්. අනාගතේ ගැන නම් හිතාගන්න බෑ.
මෙතන මේ කොල්ලගෙ කර්ම විපාකයක් පඩිසන් දෙන්නෙ. ඒක ඌට කවදහරි විපාක දෙන්න ඕන එකක්. ඒ විදියටයි අපි මේක දකින්න ඕන. ඌ පෙර ආත්මෙක නොහොබිනා වැඩක් කළාද දන්නෙ නෑනෙ. ඌට මේ ආත්මෙදි හිරිහැර කරපු ගෑනිට (උගෙ අම්මාට ) ඊලඟ භවයකදි විපාක ලැබෙයි. සමහර විට ඒ ගෑනි පිරිමියෙක් වෙලා මේ විදියටම බොරු නඩුවකට දඩුවම් ලබාවි.
මේ කතාවෙන් අපට ගන්න තියෙන උපදේසෙ වෙන මොකවත් නොවෙයි සංසාරෙ තියන භයානක කම.තමන්ට ලැබුන මනුස්ස ආත්මෙ පින් දහම් වලටමයි යොදවන්න ඕන.
ඇත්තෙන්ම හොදම දේ තමන්ට ලැනුන මිනිස් ආත්මෙ මිනිසෙකු ලෙසම ගෙවා නිම කරන එකයි. ඊලග ආත්මෙට නැතත් මේ ආත්මෙම තම්න්ගෙ අනාගතේ ගැන හිතලා ජීවත් වෙන එකයි.
Deleteමම ඉදිරියෙදි මගෙ බ්ලොග් එකේ අභිධර්මය ඉතා සරල සිංහලෙන් හැමෝටම තේරෙන විදියට ලිපි පෙළක් දානව. ඒක මම ටික දවසක ඉදන් හිත හිත ඉන්න එකක්. මමත් ධර්මය පැත්තට යන්න ප්‍රමාද වුනා හොඳටම වැඩියි.මම හිතනව ඒ වගෙ ලිපි හුඟක් ප්‍රයෝජනවත් වෙයි කාට කාටත්. අපි හොඳ ධර්ම සංවාද කරමු
ReplyDeleteඇත්තෙන්ම යහපත් කාර්යක්. බ්ලොග් අවකාශය තුල විවිධ ක්ෂේත්‍ර පිළිබද ඇල්මක් දක්වන විවිධාකාර පිරිස් සිටින නිසාවෙන් ආගම දහමට නැඹුරු අය විශාල පිරිසක් ඔබ වටා රොක් වේවි.
Deleteමාර කතාවක් ප්‍රියෝ. හ්ම්ම්ම්.... සත්‍ය කතාවක් වීමයි හිතට දුක
ReplyDeleteඇත්තට බස්සි, ගොඩක්ම දුක මේවා අපේ රටේම සිදුවීමයි.
Deleteවැටත් නියරත් ගොයම් කානම් කාට කියමුද ඒ අමාරුව????
Deleteඅහෝ මෙහෙව් ලොවක්!!!!!
නොපතමි මෙහෙව් ලොවක්……!!!
Deleteගෙදර ඉන්න මිනිහයි පාරෙ ඉන්න මිනිහයි හිරේ දාන්න චෞර රැජින නීති හැදුව. 2005 දි ගෙදර යන්න ඔන්න මෙන්න කියල මිනිස්සු ගෙදරින් එළවන්නත් නීති හැදුව.චෞර රැජින ආපු අළුත 1995.1996.1997 .1998 අවුරුදු වල එක ගිනි විජ්ජුම්බරයයි. දිවා රෑ ටී වී වල රේඩියෝ වල එන්ජීඕ ගෑනු විතරක් නොවෙයි නිවේදිකාවොත් වෛරෙන් පුපුර පුපුර සංවාද කළේ. පිරිමින්ට පලු යන්න බනිනව.හැබැයි 1998 න් පස්සෙ මේක අඩුවුනා. චෞර රැජින හැම ආයතනයකම ස්ත්‍රීවාදය වැපිරුවා.ඒක විකාරයක් වුනා. කාන්තාවන් බලෙන් මූදුත් ඇරියෙ ඒ කාලෙ
ReplyDeleteව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂන නීතිය,වෛවාහික ස්ත්‍රී දූෂන නීතිය,භාරකාරත්ව ස්ත්‍රී දූෂන නීතිය, 1995 දන්ඩ නීති සංග්‍රහයට ගෙනා සංශෝධන, 2005 දි ගෘහස්ත හිංසන පනත වගෙ නීති මේවට උදාහරන.සම අවස්ථා පනත කියල එකක් ගෙන්න ගිය වෙලාවෙ නම් ගිහි පැවිදි හැමෝම උන්දට විරුද්ධ වුනා.
රටේ වඩි දෙනෙක් මේ නීති දන්නෙ නෑ. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂන නීතියෙන් පවුල් පවා කඩල පිරිමිය හිරේදාල තියෙනව.කොල්ලො දස දහස් ගනනක් හිරේ උණු කදුලු බොනව චෞර රැජින නිසා.
වාසනාවකට ගෑනු මේ නීති දන්නෙ නෑ. දන්නවනම් ඔක්කොම පිරිමින්ට ඉන්න වෙන්නෙ වැලිකඩ බෝගම්බර තමයි.ගෑනියෙකුට පුළුවන් තමන්ගෙ මිනිහව බ්ලැක්මේල් කරන්න මම කියන විදියට හිටියෙ නැත්නම් අහවල් නීතිය යටතේ හිරේ යවනව කියල
මේක මහ රසවත් හිනායන කතාවක්. ගෑනි හොර මිනිහ එක්ක ඉදල අතටම අහුවුනා කියමු.එහෙම කළේ ඇයි කියල කසාද මිනිහ ඇහුවොත් ගෑනිට උසාවි යන්න පුළුවන් වාචික හිංසනයාට් ලක් කෙරුව කියල. ඔය ඔක්කොම සමලිංගිකත්වය ප්‍රොමෝට් කරන්න ත් කට්ටියක් පෝසත් කරවන්නත් හදපු නීති තමයි.
2005 ගෘහස්ත හිංසන පනත ගෙනාවම එන්ජීඕ ගෑනු හිතාගන හිටියෙ ගෑනු පොඩ්ඩ බැරිවෙනකොට උසාවි එයි කියල. හැබැයි එහෙම වුනේ නෑ.
මම දන්න විදියට 1995 සංශෝදනයෙන් වුනේ කැමත්ත කියන එක ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක් නැතිවීම.එතකොට ගෑනි කියන එක සත්‍යයි කියන එක පූර්ව නිගමනයක් වෙනව. මේ නීතියට අනුව ගෑනියෙකුට පුළුවන් මිනිහෙක් එක්ක ලිංගිකව එක්වෙලා ඒ ගමන්ම පොලීසි යන්න තමන්ව දූෂනය කළා කියල.
Deleteමේ නීතිය පවුල තුලට ගෙන ඒමයි වෛවාහික ස්ත්‍රී දූෂන නීතිය කියන්නෙ. ඒ අනුව විවාහක බිරිදට පුළුවන් තමන්ගෙ සැමියට එරෙහිව නඩු දාන්න. ස්ත්රීවාදීන්ගෙ මේ නීති ලෝකෙටම ප්‍රශ්නයක්.හුඟක් වෙබ් අඩවි තිබෙනව.මේ නීතියට අනුව කසාද මිනිහට තමන්ගෙ ගෑනිගෙ අතින් අල්ලන්නත් බැරි වෙනව.නීතිය කියන එක මහ කරදරයක් වෙනව මෙහෙම ගිහාම.
මේ නීති ලංකාවෙ තදින්ම ක්‍රියාත්මක නොවීම නිසයි මෙහෙම තිබෙන්නෙ .ක්‍රියාත්මක වෙන්න ගියා නම් සමාජ ව්‍යුහයම බිද වැටෙනව.
මේ නීති දන්නවනම් කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලනව නොවෙයි කෙල්ලෙක් යන පාරකින්වත් යන එකක් නෑ.
මේ නීති කොච්චර දරුණුද කියනවනම් ගෑනියෙක් දෙස බැලීම.ඇසිපිල්ලන් ගැසීම.කම්මුල් පුරවා ලිංගික ආරාධනා කිරීම වගේ මහ ගොඩක් තිබෙනව.
පිරිමියව මාර විදියට හිරකරන්න හදල තිබෙනව කියන්නෙ මේ නීති වලට පැමිනිලි කරන්න පිට කෙනෙකුට වුනත් පුළුවන්.නිර්නාමිකව වුනත් පුළුවන්.
ඔයිට වඩා හොඳයිනෙ චෞර රැජිනගේ විශේෂ නියෝගයයි.සියළුම පිරිමින් හිරේ දැමීමට හෝ එල්ලා මැරීමට නියෝග කරනු ලැබේ කියල එක පාරටම නීතියක් ගෙනාවනම්.
ඔය ඔක්කොම කෙරිලත් දැන් මහින්දව එලවන්නත් ගේන්න යන්නෙ ඔය රැජිණවමනෙ. ඔබේ දිගු අදහස් දැක්වීමට ඇත්තෙන්ම ස්තූතියි.
Deleteඔය චෞර රැජින ගෙනාවේ ඔක්කොම බටහිර රටවල ක්‍රියාත්මක වෙන වෛරය පිරුන නීති.
Deleteඇත්ත, ඒ රටවල හැටියට අපේ රටට අනවශ්‍ය නීති ගෙන ඒමේ වරද තමා.
Deleteවැටත් නියරත් ගොයම් කානම් කාට කියමුද අවනඩුව
ReplyDeleteඇත්ත නාඩි දරුවො රකින මවුවරු මෙහෙම කරත්දි……????
Deleteඊයේ ඉදලම කම්පනා කොලා මොනවාද කොටන්න ඕන කියල.දැන් හැමෝම කියල නිසා වැඩක් නැහැ බං.
ReplyDeleteමගේ යාළුවො සෙට් එකේ අයියල රට ගිහිං නිවාඩුවට ලංකාවට ආවම ඇද උඩ සෙල්ලමට යනව සම හරක්.
ආවම රස කර කර කියනව.
බත්තරමුල්ලෙ තාත්ත කෙනෙක් තමන්ගෙ දුවල දෙන්න (ගැට...වයස 20 ට අඩු..දෙවසරක පරතරයලු දෙන්නගෙ)ගෙනත් දෙනවලු ඕන තැනට.
ඉස්සර ඉදන් එන දෙයක්.ලංකාවට අලුත් දෙයක් නොවේ.
ඇත්ත කෙන්ජි අයියෙ තමන්ගෙ වාහනේ ෆිනෑන්ස් එක ගෙවා ගන්න තමුන්ගෙම ගෑණිව වටේ යවන උන් ඉන්න රටක්… තමන්ගෙ දුවලට ගණුදෙනුකාරයො හොයන තාත්තලා ඉන්න රටක කවර කතාද?
Deleteමොනා කරන්න්ද බං අපිට තියෙන්නෙ මේවා කියන්න විතරයි. සීයට සීයක් අම්ම කෙනෙක් උනත් හරිමයි කියල කෝමද කියන්නේ.. කොතවවත් කවුරුවත් පරිපුර්ණ නැහැනේ..වෙලාවකට හිතෙනවා බං මේවා ගැන මොකට කතා කරනවද කියලත්..
ReplyDeleteඇත්තටම දේශො, කොතනවත් 100%ක් නිවැරදි පරිපූර්ණ චරිත නෑ. මවුවරුන්ට පවා එය අදාලයි.
Deleteහ්ම්ම්ම් මටත් හිතෙනවා මේ පෝස්ට් එක දාපු එක වැරදීදෝ කියලා :( බලමු. බොහොවිට ආයෙ මෙහෙම ඒවා ලියවෙන එකක් නෑ.
මොන රෙද්දෙ වැරැද්දක්ද...යකූ.... උඹ තමා මේ වගේ සංවේදී දේවල් පෙන්වන්නේ ගොඩක් වෙලාවට.... මගෙන් මොකුත් නොහා මෙවැනි සත්‍ය දේවල් ලියපන්... හරිය...
Deleteමම හිතුවෙ අයියෙ මේකෙන් දෙන්න හදපු පණිවිඩේ සමාජෙට ගියාදෝ කියලා.
Deleteකොහොමත් මේ වගේ සිද්ධියක් දැක්කම කට කහන ලෙඩේ නිසාම තමා මේ වගේ කතා ලිය වෙන්නෙ
ඔහොම කියනවානම් අනිවා ලියනවා. ස්තූතියි අයියෙ.
ප්‍රියා මව වුණත් ගැහැණියක් නේ ,සියලු කෙලෙස් දුරු කරා කියලා කතාවක් මවකට නෑනේ අපි පුජනිය විදිහට සැලකුවාට ,මොකද ගැහැනිය කියන තැනින් අම්මා කියන චරිතය වෙන් කරලා බලන්න ,හැම තැනම ඇන්ටි රැල්ලක් එකක් හැදෙන්නෙ ඔය නිසා,අහන්න දකින්න බැරි කතා මෙවා ,අපේන් නොවෙන්න වග බලා ගන්න එක විතරයි දැන් කරන්න පුළුවන්
ReplyDeleteඔය ස්ත්‍රී දුෂණය මෙච්චර වැඩි වෙලා තියෙන්නෙ අපේ රටේ වැරදි නිසාම තමා..
ඇත්ත සහෝ, මවක් කියන්නෙත් ගැහැණියක්ම තමා. තම තමන්ගෙ චර්යාව අනුව තමා හැම දේම තීරණය වෙන්නෙ.
Deleteආයෙත් සමාජයෙ මේවා නොවෙනවානම් එයම ඇති.
මේ කතාව කියවගෙන එනකොට පොඩි දුකකුත් හිතේ ඇති නොවුනාම නෙමෙයි...
ReplyDeleteහ්ම්… ඇත්තටම මම ලිවුවෙත් දුක නිසාමයි මධූ.
Deleteකාලෙක ඉඳලා පිරිමින්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන එකත් අපරාදයක් හැටියට සැලකෙන්න පටන් අරන් තියෙන්නේ. මට පුදුම සන්තෝසයක් තියෙන්නේ දැන් බස් වල යන්න ඕනේ නැති එක ගැන නම්. මම අන්තිමට බස් වල වැඩට ගිය අනූව දශකයෙත් ගෑණු ඉන්න බස් එකක ගියේ පුදුම අපහසුවකින්. හොඳ වෙලාවට මායි බිරිඳයි එකට ගියේ. එහෙම වෙලත් රැවුම් ගෙරවුම් වල ඉවරයක් නෑ.
ReplyDeleteඇත්ත ඩූඩ් අයියෙ, ගොඩක් වෙලාවට බස් එකේ යත්දි පුදුම තරම් පරිස්සමෙන් යන්න වෙලා තියෙන්නෙ. වැඩේ කියන්නෙ සමහර ගෑණු පරාණ ඇත්ත වනචරයො අත හැරලා අහිංසකයොන්ව අල්ල ගන්න එකනෙ.
Deleteමූළු ගැහැණු සංහතියම වෙලාවකට එපා වෙනවා. මේ ලොකේ හැටියි කියල හිතනවා. ඇත්තටම ගුවන් පාලම උඩට ගිහින් පැනල මැරෙන්න හිතෙයි. මොකටෙය් සියදිවි හානි කොර ගන්නෙ. මං නම් මරාගෙන මැරෙනවා. නැත්තම් මරල හැංගෙනව
ReplyDeleteහ්ම්ම් ඇත්තටම මේ වගේ සිදුවීමකින් පීඩාවට පත්වූ පසු බොහෝ දුරට ගත හැකි තීරණය ලෙස පෙනෙන්නෙ. අපි මිය යාම හෝ ඔහුන්වත් මරාගෙන මැරීමයි වැව්.
Deleteවෙනස් මානයකින් හිතපු වෙනස්ම කතාවක්... පට්ටය් ප්රිෙයා්...
ReplyDeleteඒත් අම්ම තෙනෙක් ඇයි ඔ වගෙ වෙන්නෙ
ස්තූතියි මහේෂ්,
Deleteඔය ප්‍රශ්ණෙ මටත් තිබුනත් මට ඒකට උත්තර ඒ කොල්ලගෙන් ලැබුන්නෑ. මගේ හිතේ තියෙන්නෙ උපකල්පනයක් විතරයි. කොහොම උනත් 'සියළු මව් වරු මව් වරු නොවේ'.
මම හිතුවෙ මේක ඇත්ත කතාවක් නෙවෙයි කියලා.. එත් ඇත්ත කතාවක් කියලා දැන ගත්තහම අද සමාජය කොයි තරම් නම් පිරිහිලාද කියලා හිතෙනවා..
ReplyDeleteඇත්ත තුශානි, මේ තරමටම සමාජෙ පිරිහිලාද කියලා හිතෙන්නෙ මේවාදකිත්දි තමා.
Deleteඅපි වැඩිහිටියන් පරමාදර්ශී චරිත අලෙස හිතාගෙන සිටි / සිටින ජාතියක් ,ඒ නිසා මෙවැන්නක් ලිවීම ඊනියා සුචරිතවාදී සමාජය කෝප් කරවන්නක් වියහැකිය . සාර්ථකයි එකහෙලාම ප්‍රියා . කතාව කියවගෙන් යද්දී මැද හරියේදී ඇඟේ හිරිගඩු පිපුනා
ReplyDeleteඇත්තටම 'වැඩිහිටි' කියන එකම සුදුසු කම මූලික කරගෙන ඔහුන් අතින් සිදු වන සියළු දේ(හරි හෝ වැරදි) ප්‍රශ්ණ කිරීමකින් තොරවම බාර ගැනීමට හුරුවූ ජාතියක්.
Deleteකතාව සාර්ථකයි කියා ඇසීමත් සතුටක් ඉවාන්. ස්තූතියි.
හැමෝටම ජීව විද්‍යාත්මකව අම්මා කෙනෙකු වෙන්න හැකි වේවි. නමුත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කියන අකුරු 3 ට නියම අරුතක් දෙන්න නම් නොහැකි වේවි.
ReplyDeleteඇත්ත සිරා අයියෙ, සමහරු දරුවො නැති වත් තැවෙනවා. ඒත් ඇතමෙක් තමන්ගෙ දරුවන්වම විනාශ කරනවා.
Deleteඇත්තටම මෙහෙම දේවල් වෙනවද ප්‍රියා..හිතාගන්නවත් බැහැ බං.මිනිස්සු මෙච්චර පහත් තැනකට වැටිල තියෙන්නෙ කොහොමද කියල..
ReplyDeleteඇත්තටම උමේෂ්, මටත් මේ කතාව අදහගන්න බැරි උනා. මේක ඒ කොල්ලම කියපු නිසයි මාත් විශ්වාස කලේ. ඇත්තටම මෙහෙම මිනිස්සුත් ලෝකෙ ඉන්නවා.
Deleteප්‍රියා මේ වගේ ලිපි නිතර ලියනවට ස්තුති, අම්මා කියන චරිතය අද සමාජයේ එක්තරා චරිතයක් පමණක්ම වෙන තැන් අනන්තයි.. ගුණමකු කම පිරිලා .. දිගටම කියවන අයට යමක් ලැබෙන මේ වගේ වටිනා ලිපි ලියන්න අයියේ jay හෝ
ReplyDeletejai ho / jaya ho
Deleteහ්ම්ම්… ඇත්ත ඔමා සැබෑ මවුවරු අතරෙ මෙහෙම කාඩ්බෝඩ් චරිතත් ඉන්නවා මේ ලෝකෙ. මම කොහොමත් ගොඩක් කැමති මේ වගේ සත්‍ය කතා පාදක කරගෙන නිර්මාණ කරන්න නිසා දිගටම මේවා ලිය උනත් සත්‍ය කතාවක් බව විශේෂයෙන් නොකියවේවි ඇතම් විට. ජය හෝ…!!
DeleteJaya ho…!! අරූ අයියා.
Deleteමොනවා කියන්නද ප්‍රියා.....වැරැද්දම රජ කරන ලෝකේ ගෙදර බුදුන් අම්මා පවා වැරදි නොකර ඉඳියිද? දුවගේ මිනිහා එක්ක නිදාගන්න අම්මලා ගැනත් මම දන්න සත්‍ය කතා තියෙනවා.
ReplyDeleteහ්ම්ම් ඔව් අරූ අයියෙ වැරදි කරන සමාජයක අම්මා කියන චරිතෙන් පමණක් නිවැරදි කම බලාපොරොත්තු වෙන්නෙ කොහොමද…?
Deleteමේකත් මගේ අදහස ඔහොම සිද්ධියක් බව තමා අයියෙ.
ස්ත්‍රී දුෂකයා ..... වයස 16 ට අඩු තරුණියක් නම් ඕක තමා ලේබලය , ලංකාවේ නිතිය ඕක. වෙනස් කරන්න බැ. තව කල්පෙකටවත් නීතියට හැගීම් නැ.... හැගීම් වලට නීති නැ..... ඒක දන්නවද...?
ReplyDeleteහ්ම්ම් මෙතන තියෙන්නෙ මෙහෙම ප්‍රශ්ණයක්. ඇත්තෙන්ම ඔහු දූෂකයෙක් නොවේ. ඔබ කියූ කතාව සම්පූර්ණ ඇත්ත… නීතියට හැඟීම් නෑ… හැඟිම් වලට නීති නෑ…
Deleteනිහිංසා මේ නීතිය අස්වාභාවිකයි නේද? ඒක හිංසාවක් නේද? ඉස්සර 16 ට අඩු අය විවාහ වුනා. දූෂණයක් ලෙස හිතනවනම් අපේ සීයල ඔක්කොම හිරේ යවන්න ඕන නේද? අදටත් ග්‍රාමීය ප්‍රදේශ වල 16 ට අඩු ගෑණු මෙහෙම සාර්ථක ව පවුල් ජීවිත ගත කරනව නේද? මේක මර්ධනකාරී නීතියක් නේද? අන්තවාදී ස්ත්රීවාදීන්ගේ බලපෑමට දාපු එකක් නේද? මම මෙහෙම අහන්නෙ මේකෙන් ලොකු ප්‍රශ්න ඇති වෙලා නිසයි.
Deleteකල්පෙකටවත් වෙනස් වෙන්නෙ නෑ කීවට යුරෝපයෙ පවා ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂන නීතිය කියන පිරිමි විරෝධී නීතිය යම් තරමකට වෙනස් වෙලා නේද?
ඕක වෙනස් කරන්න හැදුවත් පිරිමින්ගේ ලේ මස් ඉල්ලන ස්ත්‍රීවාදී සංවිධාන ඊට විරෝධය පළ කළා.පොදු සමාජය මේ අන්තවාදීන් ගැන දැනුවත් නොවීම නිසා එය අසාර්ථක වුනා. දැන් නම් ටිකක් දැනුවත්. කල්පෙකටවත් කෙරෙන්නෙ නෑ කියල කියන්න එපා. එච්චර අන්තවාදී විදියට දකින්න එපා
නිතිය සමහර තැන් වලදී අස්වාභාවිකයි...... ප්‍රයෝගික නැ. ඒක බොහෝ අය දන්නව.මෙහෙ තියෙන්නේ රෝම ලන්දේසි නිතිය හා ඉංග්‍රීසි නිතිය ඊට අමතරව ව්‍යස්ථාපිත නීති, අන , පනත් හා රෙගුලාසි. මේ දේවලින් මනුස්සයා cover කරන්න බැ. නිවැරදි කාරයෝ අනන්තවත් වැරදිකාරයො වෙනවා.ඇත්ත දැන දැන වැරැද්ද පිළිගන්වනවා. ඒ වගේම මනුස්සයා සම්පුර්ණයෙන්ම නීති පොත ඉගෙන ගෙන නැ, තාමත් දන්නේ සම්ප්‍රධායන් හා සිරිත් විරිත් විතරයි......මෙහිදී ලංකාවේ ඇති මේ මිශ්‍ර නීතියට අපිට හිස නමන්න වෙනවා, දැනට ......නීතියට අභියෝග කරන්න පුළුවන් නම්, ලොකු දෙයක්, ඒත් මේ වැරද්දක් වූ වැරැද්දට කාන්තාවෝ අභියෝග කරන්න එන එකක් නැ....... හේතුව යාලුවන්ගෙන්ම අහල බලන්නකෝ,
Deleteඔබ තාත්විකව සිද්දිය ලියලා තියෙනවා. මෙහෙමත් අම්මලා
ReplyDeleteබොහොම ස්තූතියි සිංහලයො, ඇත්තට මෙහෙමත් අම්මලා ඉන්නවානෙ…
Deleteගොඩ දවසකින් බ්ලොග් වල දැක්කෙ.…
මාත් එක්ක ඉන්න යාලුවො ගොඩේ ඔයාගෙ මූනත් එකපාරම මතුවුනා. ඒ පාර හොයාගෙන ආව. කදිමයි ඔබේ බ්ලොග් අඩවියත්. ඔබේ තේමාවට මං ඉතාමත්ම කැමතියි.
ReplyDelete"එන්න නිරුවත් මනසින්, දකින්නට ලෝකය.."
බොහොම ස්තූතියි මනෝ, ඇත්තෙන්ම පාට කණ්නාඩි දමාගත් මනසකට නොපෙනෙන බොහෝ දේ නිරුවත් සැහැල්ලු මනසකට දැකිය හැකියි. මැදිහත් සිතින් ලෝකය දිහා බැලිය හැකි ඔහුන්ටයි.
Deleteඉතිං දිගටම එන්න නිරුවත් මනසින් දකින්නට ලෝකය.
අද රටේ සාරධ්ර්ම කියලා එකක් නෑ, අද ලෝකේම වෙනස් වෙලා. අම්මා කියන ගෞර්වරාර්ථ නාමය දෙන්නත් අද පැකිලෙන්න සිද්ධ වෙලා, ඒ වගේ පියා කියන නමත්. මම දන්න සත්‍ය සිද්ධියක් තියෙනවා. තමන්ගේම ලේ තියෙන තමන්ගේ දුවත් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වන කෙනෙක්. ඒ වගේ අද රටම විනාශ වෙලා ඉවරයි. නීතියත් දැන් රුපියල් සත, බෝතලයට වෙනස් වෙලා. ඒක සමාජයම කර ගත්ත විනාශයක්. නමුත් ඔය හැමෝම එකක් මතක තියාගන්න ඕන, කරුමය ස්වභාව ධර්මයෙන් පලා යන්න ඔය කිසිම ජගතෙක්ට බෑ
ReplyDeleteඅදයි මුලින්ම සහෝගේ ලිපි බැලුවේ. සුභ පතනවා අනාගත ලිපිවලට...
Deleteඇත්තෙන්ම. මොන තරම් උත්සහ කර සමාජයෙන් නීතියෙන් පාලනයෙන් ගැලවී ගියත් ඔවැනි පුද්ගලයින්ට තමන්ගෙ හෘදය සාක්ෂියෙන් ගැලවිය හැකි වේවිද.?
Deleteඔබේ සුබ පැතුමටත් බොහොම ස්තූතියි.