01 June, 2014

නුඹ තුටින් සිටිනු මැන නුඹට හිමි ලෝකයේ……



කඳුලු පිරී තෙරපෙන මගේ දෙනෙතට පෙනෙන ඒ බොඳ උන රුව ඇගේම දැයි හදුනාගැනීමට මට අපහසු නැත. මා රැවටුනාට මාගේ දෙනෙත රැවටී නැත. ඒ ඇයමය. මා පණසේ ආදරය කල ඇයමය, මා දෑසසේ ආරක්ෂා කල ඇයමය. මාගේ දෙනෙත රැවටී නැත නමුත් මා රැවටී ඇති බව මා දනිමි.

ඈත අනුරාධපුරයේ ඉපදි හැදීවැඩෙන මා කොළඹට පා තබන්නේ මෙයට වසර පහකට පමණ පෙරය. ඒද බියගම වෙළද කලාපයේ ඇගලුම් කම්හලක රැකියාවක් සොයාය.

"සුමිත්ගෙ වැඩ හොදයි කියලා මං බොස්ටත් කියලා තියෙන්නෙ. ඔහොම වැඩ කරන් ඉන්න. ඔයාට දියුණු වෙන්න පුලුවන්."

සහයකයකු ලෙස එක්වූ මා ක්‍රමයෙන් ලයින් ලීඩර් ලෙසත් පසුව වැඩ පරික්ෂකයකු ලෙසත් උසස් වීම් ලැබුවෙ මා තුල රැකියාව පිලිබඳ වූ උනන්දුව නිසාද මාගෙ හැකියාව නිසාද එසේත් නොමැතිනම් මාගේ අසරණ දෙමාපියන්ගේ වාසනා මහිමය නිසාදැයි මා අදටත් නොදනිමි.

උසස් වීම් වලට සමගාමීව ඉහල යන මාගේ වැටුපෙන් සෑහෙන්න කොටසක් වෙන් වූයෙ මාගෙ දුප්පත් දෙමාපියන් වෙනුවෙනි. මා මාගේ දෙමාපියන්ට එතරම්ම ආදරය කලෙමි. ඒ ආදරය බෙදාදීමට කෙනෙකු මට ඒ දිනය වනතෙක් මෙලොව සිටියෙ නැත. නමුත් එදිනෙන් පසු…………………

"ආ මෙන්න සුමිත්ගෙ ටීම් එකට අලුත් ළමයෙක්… නම කාව්‍යා… සුමේධාගෙ ලයින් එකට දාන්න හෙල්පර් කෙනෙක් විදියට. කලින් වැඩ නම් කරලා නෑ…"

"හරි මිස්… අපි හදලා ගමු…"

"මොකක්ද නංඟි නම කිවුවෙ?"

"සර්, මම කාව්‍යා…"

"මට සර් කියන්න එපා ළමයො මාත් ඔයාලා වගෙ හෙල්පර් තමා ආවෙ… මට සුමිත් කියන්න ඒ ඇති…"

ම්ම්ම් ඒ දිනය අදටත් මගේ මතකයේ ඉහලම ස්ථානයක තැන්පත්ව ඇත්තේ මාගෙ දිවියම වෙනස් කල දිනය එදින වන බැවිනි. නිතඹෙන් පහලට වැටුන දිගු වරලස තනි කරලට ගොතා, චීත්ත ගවුමක් ඇඳ සිටි ඇය මා දුටුවේ මා වෙනුවෙන්ම ඉපදුන එකියක ලෙසිනි.

මෘදු සිනහවෙන් කෝල කතාවෙන් දිනෙන් දින මා සිත් ගත් ඇය අවසානයෙ මගෙ අදරවන්තිය වූයේ මාගේ බලාපොරොත්තුවේ පහන් දල්වමිනි.

මා ගෙවමින් තිබූ සරල සැහැල්ලු ජීවිතය කෙමෙන් වෙනස් වෙමින් පුහු ආඨෝපයෙන් පිරි දිවියකට මා කෙමෙන් හැඩ ගැහෙමින් සිටියේ ඇගේ වුවමනාවටය.

කෙමෙන් කෙමෙන් ඈ තුල සිටි මල් මල් චීත්ත ගවුම් ඇදි අහිංසකාවිය පලාගොස් ඇත. ඒ තනිවම නොව වයසක දෙමාපියන්ට සලකමින් අහිංසක දිවි පෙවතක් ගෙවූ සුමිත් නම් මාගේ සැහැල්ලුවද රැගෙනය. නමුත් මට ඇයව අතහැර දැමීමටද නොහැක. මා එතරම්ම ඇයට බැඳී ඇත.

ඇය වැනිම තවත් කෙල්ලන් දෙදෙනකු සමග බෙදාගන්නා ඇගේ බෝඩිම් ගාස්තුවේ සිට ඇයගේ සියලු වියදම් පමණක් නොව ඇගේ දෙමාපියන්ට සහා අධ්‍යාපනය හදාරන සහෝදරයාට යන වියදම පවා පියවී ගියෙ මගෙ පඩි පතෙනි. එයට මා එතෙක් ආදරයෙන් බලාගත් දෙමාපියන්ගෙ කෑමට තිබූ මුදල් පවා අඩු වීම මට කොතෙක්ම ගැටළුවක් වූයේ නැත.

මා එතරම්ම ඇයට ආදරය කලෙමි. ඇය මාගේ පණ වීමට එතරම් කලක් ගත වූයේ නැත.

"මොනවද සුමිත් මේ වෙන්නෙ, බලන්න මේ පාරත් ඔයාගෙ ටීම් එකේ ප්‍රඩක්ෂන් අඩුයි. මේ පිට පිට දෙවනි වතාව. ටාගට් වත් කවර් කරගන්න බැරිනම් සුපවයිසර් කමෙන් වැඩක් නෑනෙ… අනික ඔයාලගෙ පෞද්ගලික සම්බන්ධකම් පිට තියා ගන්න. ඒවා මෙතනට ගෙනත් වැඩ පාඩුකරගන්න එපා…"

"සොරි මිස්… ආයෙ එහෙම වෙන්නෙ නෑ. මම බලා ගන්නම්…"

"එහෙම කියලා බැහැනෙ සුමිත්, මේ දෙවනි වතාව බොස්ලා මගෙනුයි අහන්නෙ. මම මේක ඇතුලෙ වෙන ඔක්කොම දන්නවා. මට කරන්න දෙයක් නෑ… කාව්‍යා ඔයා යන්න රුවන්ගෙ ටීම් එකට, රුවන්ගෙන් චන්ද්‍රලතාව දාන්නම් සුමිත්ගෙ ටීම් එකට."

මා එතෙක් උනන්දුවෙන් කල රැකියාවෙන්ද මා පසු බැස්සේ ඇය නිසාය. එදිනනම් මට දැනුනේ සියල්ලන් ඉදිරියේ මා නිරුවත් වූවා වැනි හැඟීමකි. එයටත් වඩා දුක කාව්‍යා මගෙ කණ්ඩායමෙන් වෙන් වීමය.

"මම සුමිත් අයියව හම්බ වෙන්නමයි හිටියෙ… මේක කොහොම කියන්නද මට තේරෙන්නෑ…"

"කියන්න උත්පලා, මොකක්ද ප්‍රශ්ණෙ…?"

"මම කියන දේ අහලා දුක් වෙන්න එපා, මං ගැන වැරදියට හිතන්නත් එපා!"

"හරි… හරි කියන්නකො."

"සුමිත් අයියා පොඩ්ඩක් හොයලා බලන්න කාව්‍යා ගැන…… අපිට දැන් එයාගෙ පොඩි වෙනසක් තේරෙනවා…"

"ඒ කිවුවේ……!!!"

"මේ…කයි…… කාව්‍යා රුවන් සර් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වගේ. පොඩ්ඩක් හොයලා බලන්න…"

"හ්ම්… ආ… හරි… හරි උත්පලා… මම බලන්නම්…"


කාව්‍යාගේ කාමරය බෙදාගත් මිතුරියකගේ පණිවිඩය හමුවේ මා කාව්‍යා සමග සැදූ සිහින මාලිගය බිඳ නොවැටුනේ මා එතරම්ම ඇයව විශ්වාස කල නිසාද, නැත්නම් මා ආදරයෙදි මෝඩ අඥානයෙකු වූ නිසාද?

නමුත් අද… අද… අද සවස මා දැක්කේ සිහිනයක්ද… නැත මා දුටුවේ සිහිනයක් නම් නොවේ…

මා අද සවස කාව්‍යාගේ බෝඩිමට ගියේ ඇය සමග නිදහසේ කතා කිරීමට ඇයත් සමග කොහේ හෝ යාමටය. ඒ ඇයගේ බෝඩිම් සහයිකාවන් දෙදෙනාම වැඩට ගොස් බැවින් කාව්‍යා තනියෙන් සිටින නිසාවෙනි. නමුත් ඇය අද සිටියේ තනිව නම් නොවේ. මා පණ සේ ආදරය කල ඈ මා දෑස මෙන් රැක ගත් ඈ මාගේ දෑස ඉදි‍රිපිටම සිටියේ රුවන්ගේ තුරුලේය.

සිටි තැනම ගල් ගැසුන මා දුටු ඇයව මා දුටුවේ දඩයම්කරුවෙකු දැක සැඟවෙන මුවැත්තියක මෙනි. මා හට මුහුණ දී ගත නොහැකිව රුවන්ද ඇයද මුහුණ බිමට බර කරන් සිටි අයුරු මට දැනුදු මැවී පෙනේ.

එකඳු වදනක් හෝ පිටකරගත නොහැකිව මා අසරණ උන තරමක් දන්නේ මා පමණකි. අවසාන‍යේ වචනයක් හෝ නොදොඬා කඳුලු පිරි දෙනතින්ම මා මාගෙ නවාතැන් පලට පැමිණි අයුරු කෙසේ දැයි මට මතකයක් නැත.

මා දැන් කලයුත්තේ කුමක්ද? වසර පහක් පමණ තිස්සෙ දුක් මහන්සි වී හම්බ කල සතයක්වත් මා හට නැත. මාගේ රැකියාව පවා ඇත්තේ අවිනිශ්චිත තත්වයකි. ඒ සියල්ල ඇයට පිංසිදු වීමටය.

නමුදු මා එකම එක කාරණයක් දනිමි. එනම් මා පණසේ ආදරය කල ඇයට වෛර කිරීමට නම් මා සිත එකඟ නොවන බව පමණි.


දුක් සුසුම් තෙරක් නැත පෙළු මා පෙර දිනේ……
නිමක් නැත කඳුළු වැල් ගලා ගිය මා නෙතේ……
කමක් නෑ ඉවසන්න හැකිය මට මේ ලෙසේ……
'නුඹ තුටින් සිටිනු මැන නුඹට හිමි ලෝකයේ……'

© ප්‍රියා.
*13/11/2013

ප. ලි. ~  ලියවී මාස ගණනක් පසු උවද පබ්ලිෂ් කි‍රීමට සිත නොදුන් එකම කතාව මෙයය. ඒ සැබැවින්ම මෙවන් පෙම්වතුන් මේ කාලෙයේ මෙළොව සිටීද යන පැනය නිසාය.
(පින්තූරයට ස්තූතිය……pastorchrisjordan.wordpress.com)

66 comments:

  1. ආදරේ අන්ධයි කියන්නේ ඕක නොවැ..
    ඇත්තටම මෙහෙම පෙම්වතුන් නං අද නැතුව ඇති..
    එක්කො කෙල්ලව මරයි..නැත්තං වෙන මොන මඟුලක් හරි කරනවනෙ..
    කතාව ලස්සනයි ප්‍රියා..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන් මෙහෙම හිත හදා ගන්න උන් නැත්තටම නැති තරම්.

      ස්තූතියි මචෝ.
      ජය වේවා…!!

      Delete
  2. පිහියක් නැද්ද බන් සුමිත්ට දෙන්න :-D

    එල කතාව මචෝ, තවමත් අපේ සමජයේ ඔහොම දේවල් වෙනවනෙ, ගාර්මන්ට් වලදිනම් ගොඩක් වෙලාවට වෙන්නෙ අහින්සක කෙල්ලො රැවටෙන එක තමා මම දන්නා තරමින්, කොල්ලො රැවටෙන අවස්තාත් නැත්තෙ නෑ...
    අදරයෙන් අන්ද උනාම ඔහොම තමා මොනා කරන්ඩද ඉතින්...

    ReplyDelete
    Replies
    1. දෙමුද ඌටත් හොද මන්නයක්. ;)

      ඇත්තටම ගාමන්ට් වල මේ වගේ රැවටිලි සිද්ධි අනන්තවත් සිද්ධ වෙනවා.

      ආදරේ නම් සිරාවටම අන්ධයි බං.

      Delete
  3. ලස්සන කතාව ප්‍රියා.....

    තමන්ගේ සියල්ල අහිමි කරගෙන ඇය වෙනුවෙන් කැපවුණාට ඒ දේ ඔහුට නොලැබෙන තැන දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ තමයි.....

    කොහොම වුණත් අන්තිමට දාපු කවියනම් එලස්................. කියලා වැඩක් නෑ....

    දුක් සුසුම් තෙරක් නැත පෙළු මා පෙර දිනේ……
    නිමක් නැත කඳුළු වැල් ගලා ගිය මා නෙතේ……
    කමක් නෑ ඉවසන්න හැකිය මට මේ ලෙසේ……
    'නුඹ තුටින් සිටිනු මැන නුඹට හිමි ලෝකයේ……'

    හරිම අගෙයි... කතාවක් එක්කම කවියකුත් ගෙතුවා ම මොකක්දෝ එකක් දැනෙනවා නේද??????

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය විදවන තැනක්නෙ ආදරයේ විරහව.

      ගොඩක් ස්තූතියි අගය කිරීමට කුරුටු. ඇත්තටම කාලයක් මාත් ගොඩක් උත්සහ කලේ කතාවට කවියකුත් දාන්න. ඒත් වෙලාව තමා ප්‍රශ්ණෙ. මේ එහෙම ලි‍යපු තව කතාවක්
      මගේ කුසටම එන්න පුතුනේ……

      Delete
  4. ආදරය. එහෙම එකක් නෑ බං. උඹලා මං මුලා වෙලා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙලාවකට එහෙම හිතෙනවත් තමා මාතලන් අයියෙ.

      Delete
    2. මේ ලෝකේ තියෙන්නේ ගනුදෙනු විතරයි බන්.. හැමදේම ගැනු දෙනු . විශ්වාසවන්තව දුන්නොත් ගත්තොත් සාර්ථකයි

      Delete
    3. ඇත්ත. අනිවා වංචාවකින් තොරව ඒ ගණුදෙනුව සාර්ථක කර ගත්තොත් දිනුම්.

      Delete
  5. ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති
    නුඹ පෙන්නලා ආලේ හැටි මගේ ගැලෙව් දත හොඳටම මදි

    උපුල් නුවන් විදහා ඇය සිනා උනා මම ගොනා උනා
    පිස්සෙක් කල මා ලඳකි වාසනා නම මොනාලිසා

    //දුක් සුසුම් තෙරක් නැත පෙළු මා පෙර දිනේ……
    නිමක් නැත කඳුළු වැල් ගලා ගිය මා නෙතේ……
    කමක් නෑ ඉවසන්න හැකිය මට මේ ලෙසේ……
    'නුඹ තුටින් සිටිනු මැන නුඹට හිමි ලෝකයේ……'//

    ඔය පච ඔන්න මන් කියපුවා කියා කියා කාලක් ක්‍රියා කරකර ඇති සුමිත්. ආයේ එකෙන්ම.

    ReplyDelete
    Replies
    1. පට්ට බං ආයෙ. නියම පද ටික.

      //උපුල් නුවන් විදහා ඇය සිනා උනා මම ගොනා උනා
      පිස්සෙක් කල මා ලඳකි වාසනා නම මොනාලිසා//

      Delete
    2. ආදරියේ රුචිරානනියේ :D

      Delete
  6. මේ ඔබේම අත්දැකීමක්ද ප්‍රියා

    ReplyDelete
    Replies
    1. හප්පේ නෑ හැලප අයියෙ. නිර්මාණයක්ම විතරයි.

      Delete
    2. නෑ බං අවුලක් නෑ අපි ඉතිං පිට උංයැ.. නැද්ද හැලප අයියෙ.. ඇත්‍තට කෝ බං ඒ කෙල්ල තාම අතන වැඩද ??? :D

      Delete
    3. ඒකී ඌත් එක්ක පැනලා ගියා බොල. හැක්. :)

      Delete
  7. ඔහොම ඉවසන එවුන් ඉන්නවනං බැරියැ. සුමිත්ට කියහං කොටුවෙ රුපියල් තුන්සීයට තියන පිහි ගන්න එපා කියල. දෙපාර අනිද්දි ඇද වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔහොම උන් නම් ඉදියි කියලා විශ්වාස කරන්න බැහැ තමා බං.

      අනිවා මම අරූට කියන්නම්. හැක්.

      Delete
    2. රුපියල් දෙදාහක් විතර දීල අලවංගුවක් අරං ගියානං ඇද වෙන් නෑ මලාට :D

      Delete
    3. දෙදාහා අපරාදෙ කියල හිතෙන්න ඇති බං. :)

      Delete
  8. ඔහොම දේවල් වෙනවා කොල්ලන්ට හරියට, අවුරුදු 5ක් කියන්නේ ඉතින් කෙල්ල හොද තීරණයක් අරන්,, කොල්ලගේ ඔක්කොම කෙල්ලට වියදම් නේ. මට තේරෙන්නේ නැහැ බන් ආදරේට මිනිස්සු අන්ධ වෙන්නේ ඇයි කියලා, ඕකට හේතුව මෝඩ කම. උගත්කම කියන්නේ බුද්ධිමත් කමක් නෙමේ,

    ReplyDelete
    Replies
    1. අනිවා. උගත්කම කියන්නෙ බුද්ධිමත් කමට නෙමේ. මොක උනත් මොලේ තියන එකෙක් මෙහෙමට ගොන් වැඩ කර ගන්නෑ.

      කෙල්ලත් ගියෙ මුගෙ බහින කලාව නිසා වෙන්න ඇති.

      Delete
  9. එවැනි පෙම් වතුන් ඇත්තෙද නැත නැත්තෙද නැත... ඇල්පිටියෙ හමුදා පෙම්වතාත් මෙ වගෙ කතාවක් හරි කවියක් හරි ලියලා තමන්ගෙ කෝපය පිට කරගත්තා නම් ඇයත් බේරි ඔහුත් බේරි අලුත් නිර්මාණයකුත් ලෝකෙට දායාද වෙනවනෙ..

    ReplyDelete
    Replies
    1. අනිවා ඒක තමා වටින්නෙ ෂැගියො. මරාගෙන මැරෙන මිනී මරුවෙකුට වඩා බොළඳ උනත් සුමිත්ලා වටින්නෙ ඒකයි.

      Delete
  10. ඔය ඇන්නේ එහෙම මදි නොකියන්න මෙහෙම අය තමයි!

    ReplyDelete
    Replies
    1. මෙහෙම උන් එහෙම කරයි කියලා හිතන්න අමාරුයි බං නාඩි.

      Delete
  11. ඔහොම ඉවසන අය අඩුයිනෙ. මොනව උනත් අද කාලෙ ඉක්මන් තීරන ගන්න අය නම් මේක කියෙව්වොත් හොදයි.

    ReplyDelete
    Replies
    1. අඩුයි කියන්නෙ නංගි නැත්තටම නැති තරම්.

      එහෙම උන් මේවා දැක්කට හැදෙන උනුත් නෙමේ.

      Delete
  12. පත්තරේ වරෙන් කොන්ත්‍රාත් එකක් හම්බවුනා ... විචාරකගෙන් හොඳම භාණ්ඩයක් අරන් වරෙන්

    ReplyDelete
    Replies
    1. දෙන්නංකො කුඩු සූදුරු වෙලා කෑලි හුළඟෙ පාවෙන ගානට.. විචාරක සෑර් අපිට ඉෂූ කොරන් නෑ බං .. ඔය ගල්බෝර ගහන තැනකිං ඩයිනමයිට් කූරක් පන්නගත්තනං හත්මුතු පරම්පරාවටම එකයි !! ඕ යේස් .

      Delete
    2. ඉවාන්, LMG එකක් වැඩේට ගානට සෙට් වෙනවා බං. ජෝඩුවවම පෙනේර දෙකක් කරන්න තිබ්බා. :)

      Delete
    3. පත්තරේ, ඩයිනමයිට් ගැහුවම ආයෙ බඳාගෙන අඬන්න වත් කෑල්ලක් ඉතුරු වෙන්නෑනෙ බං. ඒකනෙ අවුල. :)

      Delete
    4. මලා ...!!! මුන් තුන්දෙනාගෙන් පරිස්සන් වෙලා ඉන්න ඕනේ....

      Delete
    5. ආයෙ අහලා නිමෝ. අපි එහෙමයි. හැක්. උඹටත් ඩයිනමයිට් පාරක්ද LMG පාරක්ද ඕන. ;) :)

      Delete
    6. ඔව් ඔව් අපෙන් පරිස්සං වෙලා ඉඳහං අපි උඹට ඩයිනමයිට් ගහන් නෑ නිමෝ.. කසාදයක් බන්දල දෙනවා .. කාපං ටොපිය :D

      Delete
    7. ඩයිනමයිට්, LMG බැරිනම් ගහපන් මට මල්ටි බැරල් එකක්....,
      මගේ දෙයියෝ... කසාද නම් බන්දන්න එපෝ....!

      Delete
    8. @ පත්තරේ ~ අඩේ මූට දෙන්න පුළුවන් ලොකුම දඬුවම ඒක. මාත් හිස නවා අනුමත කරනවා ඒක. ;)

      Delete
    9. @ නිමෝ ~ උඹ හොද එකා බව හැබෑව. ඒත් කරන්න දෙයක් නෑ මචෝ අපි තීරණයක් අරන් ඉවරයි. :D

      Delete
  13. ආදරේ වෙලාවකට එක එක පාට ගන්නවා..... වෙස් ගන්නවා..... ඉතින් මෙහෙම නොවී තියෙයිද.....?

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන් නිහංසා, ආදරේ හරි පාට හඳුන ගන්න එක ලේසි නෑ.

      Delete
  14. අත්දැකීම් තමයි ජීවිතේට පන්නරය අරන් එන්නෙ. මමත් පුද්ගලිකව ඔය වගේ ආදරය කරපු කාලයක් තිබුනා. නමුත් ඒ දේවලින් ගත්ත අත්දැකීම් මගේ ජීවිතයට පස්සෙ කාලෙක සෑහෙන්න වැදගත් උනා. මේ වගේ ඇලී ගැලී ආදරය කිරීම නරකයි කියනවා නෙමෙයි. නමුත් හදිසියේ හෝ වෙන්වෙන්න උනොත් හිත හදාගන්න පුලුවන් ද කියලා තමං තමන්ගෙන්ම අහන එක වැදගත්....එතැනට ඔව් කියලා පිළිතුර තියෙන පෙම්වතෙක් කවදාවත් පෙම්වතියට එරෙහිව පිහිය අමෝරාගෙන පනින්නෙ නෑ.

    ගාමන්ට් ලව් ගැන අහනවා නම් ඉතිං සුදුසුම කෙනා සංජීව මෙන්ඩිස් ලොකු මාමා තමයි ඔන්න...

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම අත්දැකීම් තමා ජීවිතේ ඉදිරියට ගෙනියන්නෙ අයියෙ. වැටි වැටි ඇවිදින දරුවෙක් උනත් ඒ ලබා ගන්න අත්දැකීම් තමානෙ තමා ඇවිදිත්දිත් පාවිච්චි කරන්නෙ.

      ඔය ප්‍රශ්ණෙට ඔව් කියලා කියන එක බොහෝ පෘත්ග්ජනයන්ට අසීරු‍යි (මාත් ඇතුළුව) අපි පුළුවන් තරම් ඔව් කියන තැනටම යන්න උත්සහ කලොත් මේ අවි අමෝරා ගැනීම් කෙළවර වේවි.

      Delete
  15. අද කාලේ ඉක්මන් තීරණ ගන්න සමරුන්ට වැඩිය එක අතකට මෙහෙම ඉවසලා බලන එකත් ලොකු දෙයක් බං..

    අදත් කතාව නම් නියමයි..

    ReplyDelete
    Replies
    1. අනිවා දිනේශ්. මේ ටික කාලෙට මූ පුදුමාකාර විදිහට දුක් උනත් ඉවසපු නිසාම දිගු කාලයක් සතුටින් නැතත් සැනසීමෙන් ඉදීවි.

      ස්තූතියි බං අගය කි‍රීමට.

      Delete
  16. //වසර පහක් පමණ තිස්සෙ දුක් මහන්සි වී හම්බ කල සතයක්වත් මා හට නැත. මාගේ රැකියාව පවා ඇත්තේ අවිනිශ්චිත තත්වයකි. ඒ සියල්ල ඇයට පිංසිදු වීමටය.// එහෙම වෙලත් අර කවියෙ තියන විදිහට හිතපු එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි, දැන්නම් ඉන්නෙ දවසක් යාළු වෙලා හිටපු කෙළ්ල හරි වෙනස් උන ගමන් මරන උන් නෙ.

      Delete
  17. ඈ බං.. චැහ්. ජරා වැඩේ නේ. මරන්ඩනං ඕන් නෑ නිකං කණේ පාරක් වගේ සාධාරණ නැද්ද ??? කාපු චාටරේට ? අවුරුදු පහක් කියන්නෙ සෙල්ලංද බං ළමයෙක් මොන්‍ටිසෝරි යන වයසනේ :D

    ReplyDelete
    Replies
    1. හරි කෙල්ලෙක් නම් මචං ගහන කණේ පහරකට වඩා අරූ උන් දෙන්නා දිහා බලලා වචනයක් වත් නාහා ගිය එක රිදෙනවා ලෙසටම.

      උගෙ අවුරුදු පහම හබක්නෙ ඉතිං. :)

      Delete
    2. පිස්සුද බන් උබ ගැනුගැන දන්න්නෙ නැ.යටි හිතින් "පොන්නය " කියල හිතන්න ඇති

      Delete
    3. හි… ඒකත් කියන්න නම් බෑ දමිත් අයියෙ. :)

      Delete
  18. ජීවිතේට මාගේ ආදරේ නැහැ ඕනෑ.............

    ReplyDelete
  19. අනේ ප්‍රියෝ.. එන්න නම් ගොඩක්ම ප්‍රමාද උනා. ඒත් පරක්කුවෙලා හරි උඹේ කෙටි කතාව කියවන්න පුලුවන් වෙච්ච එක ගැන සතුටුයි.

    උඹේ කලින් කෙටි කතා තරම්ම නැතත් මේකත් ඉතාම හොඳට ලියල තියෙනවා. කලින් කතා අතිවිශිෂ්ඨයි. කිසිම අඩුපාඩුවක් දැනුනේ නෑ. ඒත් මේකෙ මොකඛරි අඩුවක් දැනෙන නිසා එහෙම කීවෙ. ගනන් ගන්නෙපා හොඳේ. මාත් වැඩකරන්නෙ ගාමන්ට් ෆැක්ටරි එකක නිසා මේ වගේ දේවල් ඉතාම සුලබයි මචං.

    මෙහෙම කෙල්ලොත් ඉන්නවා. ටිකක් නෙවෙයි සීයට අනූවක්ම. ඒ වගේම මෙහෙම කොල්ලොත් ඉන්නවා. හැබැයි ටිකයි. ගොඩක්වෙලාවට වෙන්නෙ අඩියක් දෙකක් ගහල ඌ දුක තුනී කරගන්නවා. ඊළඟට බොහොම ලේසියෙන් වෙන් අතක් බලාගන්නවා. අර ජාතියේ කෙල්ලො "සර්" ලගේ අතින් අත යනවා. සර්ලා උන්ගේ මදිපාඩු පිරිමහගන්නවා. මුං උන්ගෙන් කාල ඇඳල ඉන්නවා. ඕක තමයි බං ගාමන්ට් ජීවිතවල තත්වෙ. මං අර "රෑ වැඩමුරය" ගීතයේ විචාරයේදිත් කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචෝ, මටත් මේ කතාව මොකක්දෝ හේතුවක් නිසා පබ්ලිෂ් කරන්න හිත නොදුන්නම කතාවක්. කොටින්ම මේක ලියවුනේ මාස හයකට කලින්.

      අනිවා මචන් මේ වගේ තැන්වල අසරණ වෙන කෙල්ලො වගේම කොල්ලොත් අනන්තයි අප්‍රමාණයි.

      Delete
  20. හැමදාමත් වගේ හිතට දැනුනු කතාවක්... ආදරේ පුදුමාකාරයි කියන්නේ ඔය නිසා වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ආදරේ කියන්නෙත් පුදුමාකාර දෙයක්. තේරුම් ගත නොහැකි

      Delete
  21. ආදරය කියන්නේ කරදරයක්....බොරුනම් පත්තරයාගෙන් අහපන්.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත අරූ අයියෙ. පත්තරේ දෙයි හොද දේශනයක් ඕකට.

      Delete
  22. ඔන්න සුමිත් උබට හොද පොයින්ට් එකක් නැගිටිනවනම් අරුන්ට පෙන්නත් එක්ක.

    ReplyDelete
    Replies
    1. අනිවා දමිත් අයියෙ. අන්න ඒක තමා විය යුත්තෙ.

      Delete

  23. මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින් http://mylifeasamuslimgirl.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මාත් අලුත් නම් තමා අකීෆා.

      මම ආවා ඒ පැත්තෙ.

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................