10 March, 2014

වඳ ගෑණී……….....


"ඇයි අනේ ඔයා තාමත් කතා නැත්තෙ…?"

"හ්ම් කතා කරන්නයි වාහන පදින්නයි දෙකක් බෑනෙ."

"ඔයා අකමැත්තෙන්ද මේ ගමන එන්නෙ…? ඔයාට දරුවෙක් එපාද?"

"මට දරුවෙක් ඕන. ඒත් ඒ දේ ඔහේගෙන් නොලැබෙන එක තමා ප්‍රශ්ණෙ…"

කේන්තියටම මාගේ දෑතට හිරවූ සුක්කානම තවත් තදට හසු වත්දී මාගේ දෑසම කුඩා විය.

"මොකක්ද සුමේධ… මට විශ්වාසයි අපි දෙන්නා ඒ තරම් අවාසනාවන්ත නෑ…"

"ඔව් ඔව් අපි අවාසනාවන්ත නෑ. තමුසෙ විතරයි අවාසනාවන්ත… මට දැනටත්……" මාගේ මුවින්ම පිට වීමට ගිය රහස ගිලගත්තේ ඉතාම අපහසුවෙනි.
………………………………………

"O.K. Mr. සුමේධ… දවස් තුනකින් රිපෝට් එයි. ඔයාලා Next Week එන්න."

"සොරි ඩොක්ටර්… සතියක් ඉන්නැතුව මට කලින් රිපෝට් ගන්න බැරිද…?"

"හ්ම්ම්ම් හරි… සාමාන්‍ය‍යෙන් අපි එහෙම කරන්නෑ. ඒත් Mr. සුමේධට උදවු කරන්නත් එපෑ… මම ඔයාට කෝල් කරන්නම්."

"තැන්ක් යූ ඩොක්ටර්…"
නවලෝක රෝහලෙන් පිටතට පැමිණි මා ගයනිව බස්නැවතුම් පලෙන් දමා මෝටර් රියට නැගී කාර්‍යාලය බලා ඉගිලුනේ හිතේ ආවේගය නිසාමය.

"ගුඩ් මෝර්නින් මචං"

"මොර්නින් බං… මෝර්නින්…"

"හි… ඇයි උඹට ගුඩ් නැත්ද?"

"මොන ගුඩ්ද බං? අර මළහෝන්තුවත් එක්ක උදේ පාන්දරම ටෙස්ට් එකකට ගියා"

"යකෝ… ගයනි කියන්නෙ තෝ ලවු කරලා බැඳපු කෙල්ල නේද? අනික් උඹලා දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් ටෙස්ට් එකකට යන එකේ වැරැද්ද මොකක්ද?"

"උඹත් හොදටම දන්නවනෙ මට එහෙම ආබාධයක් නැති බව. ශානිකාට පුලුවන් උනා මාව තාත්තා කෙනෙක් කරන්න. ගයනිට අවුරුදි 4ක් වෙලත් තාමත් බෑ…"

"මචං, ශානිකා ගැන නම් කතා කරන්න එපා. අනික උඹ කොහොමද හරියටම කියන්නෙ ඒ ළමයා උඹෙයි කියලා…"

"කැත කතා කියන්න එපා බං. ඒ දරුවා මගෙයි… මගේ කරුමෙට ශානිකාව හම්බවෙන්න කලින් ගයනිව කරගහා ගත්තෙ…"

"බැඳපු ගෑණි ඉත්දි තව ගෑණු එක්ක නිදියන එක හරි ලස්සන වැඩක්නෙ… හික්… උඹ ශානිකා පත්තිනි අම්මා කෙනෙක් කියලද හිතන්නෙ? බොල බූරුවො… මම පෙරේදත් දැක්කා ඒකිව ෆුඩ් සිටියෙ. නිකන් නෙමේ අර කොට තඩියගෙ අතේ එල්ලිලා…"

"ඒ ශානිකාගෙ මල්ලි කෙනෙක් යකෝ… ගෙදර කවුරුත් නැති නිසා මමයි ආරක්ෂාවට ඌව එහෙ නතර කලේ…"

"පුහ්හු… බලමුකො… ඒකි උඹේ කරේ එල්ලිලා ඉන්නෙ උඹෙ සල්ලි කඩා ගන්න කියන එක උඹට තේරෙන්නැ…?"

"උඹට විකාර බං…"

"ඒවා තේරෙත්දි උඹ පරක්කු වැඩි වෙයි මචං. මට බය එදාට උඹ ලග අර අහිංසකිත් නැති වෙයි කියලයි…"
………………………………………

"ඔයාට නාන්න උණු වතුර එකක් රත් කරන්නද?" මා කෙතරම් වෙනස්කම් කර මැයව හැර දමා ශානිකාවත් මගේ දරුවා වත් මාලගට ගැනීමට තැත් කලද ගයනිගෙ ගතිගුණ වෙනස් නොවීම මා හට හිසරදයකි.

"නාන්න ගෙනෙන් මට ගිනි වතුර එකක්."

"ඔයා තාමත් තරහින්ද අනේ…"

"නැතුව… තමුසෙට තියෙන අසනීප වලට මාව ටෙස්ට් වලට ඇඳගෙන යත්දි කේන්ති යන්නැත්ද ඕයි…"

"මොකක්ද අනේ ඔය කතා කරන කැත… අනික කාට අඩුපාඩුවක් තිබුනත් දැන් බෙහෙත් තියෙනවා…"

"තමුසෙම ඔය බෙහෙත් බී ගන්නවා."

"කාට උනත් බෙහෙත් තියෙනවා…"

"වහගනින් කට… මට බෙහෙත් බීලා ළමයි හදන්න දෙයක් නෑ ඕයි. මට දැනටත් ළමයෙක් ඉන්නවා." එතැන් පටන් මාගෙ මුවින් පිටවූ හැම වදනක්ම අසමින් ඇය මා දෙස බලා සිටියෙ කඳුලකින් තෙත්වූ දෙනෙතනි.

පසුදා උදෑසන දෙනෙත හැර බලනවිට සුපුරුදු තේ කෝප්පය ඇති මුත් ඒ තේ කෝප්පය හැදූ තැනැත්තිය පේන්නට නැත.… ඇය ඇගේ මහ ගෙදර යන්නට ඇත. හ්ම්ම් කමක් නැත මා ඇගේ බන්ධනයෙන් නිදහස්වීමම ලොකු දෙයකි.
………………………………………

ට්‍රීං ට්‍රීං… ට්‍රීං ට්‍රීං…
"හෙලෝ…"

"සුමේධ පුතා…"

"ආ… ඔව්… ඔව් අංකල් කියන්න…"

"පුතා පොඩි කරදරයක්… ගයනිව ජෙනරල් එකේ ඇඩ්මිට් කලා…"

"ගයනි එහෙද හිටියෙ…?"

"ඇ‍යි පුතා, දුව කිවුවෙ පුතා ඔෆිස් වැඩකට පිට යන නිසා පුතාම එයාව එවුවා කියලනෙ…"

"ආ… ආ… ඕ… ඔව්… ගයනිට මොකද අංකල්…?"

"මේ පිස්සි කෙල්ලෙ නිදි පෙති වගයක් බීලා පුතා… හේතුවක් දන්නෑ…ඔයා ටිකක් එනවද පුතා…"

"හ හරි… හරි අංකල් මම් දැන් එන්නම්…"
………………………………………

"කෝ අංකල්… ගයනි"

"එන්න එන්න අමාරු වෙනවා පුතා… දැන් ICU දැම්මා… මේ ලිවුම ඔයාගෙ නම ලියලා කවරෙ අලවලා තිබුනෙ…"


ඇලවූ ලිවුමද අතින් ගෙන මා පසෙකට වූයේ ගැහෙන හදිනි.

'මගෙ සුමේධ,,,,,,,,
මම ජාති ජාතිත් ඔයා එක්ක තරහක් නෑ රත්තරන්. මම දන්නවා ඔයා ඔයාගෙම දරුවෙක්ට කොයි තරම් ආසද කියලා. ඔයාට ඒ සතුට දෙන්න මට බැරි උනා. මම මහ කාළකණ්නි ගෑණියෙක්. ඔයා ඔයාගෙ දරුවයි එයාගෙ අම්මයි එක්ක සතුටින් ඉන්න. මේ කාළකණ්න් වඳ ගෑණි ඔයාගෙන් සදහටම ඈතට යනවා………
ඔයාට තෙරුවණ් සරණයි රත්තරනේ……………………'

මට කිසිවක්ම සිතාගත නොහැක. පසුව කෙසේ වුවද මේ මා කලක් මගෙ පණ දෙවැනි කොට ආදරය කර බැඳගත් කෙල්ලය.

ට්‍රීං ට්‍රීං… ට්‍රීං ට්‍රීං… ට්‍රීං ට්‍රීං…
"හෙ..ලෝ…"

"හෙලෝ Mr. සුමේධ, මා ඩොක්ටර් ජයතිලක… ඔයාලගෙ රිපෝට් නම් ඇවිත්… හ්ම්ම්……"

"ප්‍රශ්ණයක් නෑ. කියන්න ඩොක්ටර්…"

"හ්ම්ම්… ඔයාගෙ වයිෆ්ගෙ රිපෝට් එකෙ හැටියට එයාට කිසිම ප්‍රශ්ණයක් නෑ… එයාට දරුවෙක් හදන්න පුලුවන්. ඒත්……"

"ඔව් ඩොක්ටර්……"

"ඔයාගෙ රිපෝට් එක ගොඩක් දුර්වලයි… මේකෙ හැටියට ඔයාට දරුවෙක් බලාපොරොත්තු වෙන්න අමරුයි. ඒත් දැම්ම ප්‍රතිකාර ගත්තොත්…………

මාගේ දෑතින් ගිලිහුන දුරකථනය තුලින් වෛද්‍යවරයාගෙ හඩ සිහින්ව ඇසේ. මා වියරුවෙන් මෙන් පිය නගා ඇත්තේ දැඩි සත්කාර ඒකකය දෙසටය.

"පුතේ… මගෙ දුව අපිව දාලා ගියා පුතේ… ඔයාගෙ ගයනි අපි ඔක්කොමව දාලා ගියා දරුවෝ………"

ගයනිගේ පියාගෙ විලාපය හමුවෙ මුළු රෝහලම මා වටා භ්‍රමණය වන්නක් සේ දැනෙන්නට විය. මීට දින තුනකට පෙ‍ර කපිල මා හමුවේ දෙඩූ වදන් නැවත මා දෙසවන රැවු පිළිරැවු දෙන්නට විය.

"""ඒවා තේරෙත්දි උඹ පරක්කු වැඩි වෙයි මචං… මට බය එදාට උඹේ ලඟ අර අහිංසකිත් නැති වෙයි කියලයි………"""

© ප්‍රියා.


(පින්තූරයට ස්තූතිය……
http://smoothfox-stock.deviantart.com)

80 comments:

  1. නියම නිර්මානයක් බන්, ගෑණියෙක්ට ළමයි නැති උනාම හැමෝම ඇගිල්ල දික් කරන්නෙ ගෑණී වදයි කියල ගෑණීට, ඒත් මිනිහගෙත් දුබලතා තියෙන්න පුලුවන් කියල පිරිමි හිතන් නෑ.අන්තිමට හිතින් දුක් විදලම පවුල් සංස්ථාව අවුල් වෙනවා.උබ මේ කතාවෙන් සමාජෙට දුන්න පණිවිඩය සෑහෙන්න වටිනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සසියො. සිරාවට අපේ ගොඩක් පිරිමි (ගැහැණු පවා) ඉන්නෙ කඩතුරාවකින් මුහුණ වහගෙන උන්දන්නෑ මේවයෙ ඇත්ත තත්වය. දන්නෑ නෙමේ දැක දැකත් නොදැක්කා වගේ ඉන්නවා.

      සමාජෙට පණිවිඩයක් ගියා නම් මට ඒ ඇති බං.

      Delete
  2. මචන් සුපිරි.. බොක්කටම වැදුනා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචෝ. දැනෙන්නම ලියවිලා නම් මට සතුටුයි.

      Delete
  3. හොද ල්පියක් ප්‍රියෝ... අද කාලේ ගොඩක් අඹුසැමියන් දැනුවත් අය වුණත් මේ විදියේ ප්‍රශ්නෙකදී වැඩිපුර ගැහැණු කෙනාට වැඩි බරක් දෙන එක තියෙනවා.. මේ වගේ කතා අපි නොදන්නවට ඕනේ තරම් ඇති.. ඔයා මේ වගේ ලියපු ලිපි කීපයම ගොඩක් වැදගත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔමා, අපේ ගොඩක් අය මේවා ගැන දන්නවා ඒත් තමන්ගෙ දුර්වල කමක් ඇති කියලා හිතන්න තියෙන බයට බෝලෙ පාස් කරනවා වගේ අහිංසක ගෑණිගෙ පැත්තට වැරැද්ද දානවා.

      මතක ඇතිනෙ මම මීට කලින් සත්‍ය කතාවකින්ම කියපු දරුවා මගෙ නොවෙද…? කතාව.

      Delete
    2. ඔව් ඒක මටත් මතක් උනා

      Delete
    3. හ්ම්ම් ඇත්තම කියනවා නම් මේ අදහස හිතට ආවෙත් ඔය සිද්ධිය නිසාම තමා. එදා ඔය දේ නොවුනනම් සමහර විට මෙහෙම දේකුත් උනොත්.

      Delete
  4. හොඳ නිර්මාණයක්.
    කතාවෙ කෝණයෙන් බැලුවම වගේම ඉන් පිටතදි වුනත් ඉක්මන් වෙලා ගන්න තීරණ නිසා කොයි තරම් විනාශයන් සිද්ධ වෙනව ද. නම්‍යශීලිව ප්‍රශ්ණයක් දිහා බලන්න පුළුවන් නම් මිනිස්සුන්ගෙ ජීවිත මීට වඩා සුන්දර වේවි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන අයිය,
      වැදගත්ම දේ ඔයා කිවුවත් වගේ ඕන ප්‍රශ්ණයක් දිහා නම්‍යශීලීව බැලීම තමා. ඇත්තටම ඇය දරුවන් නොමැති තැනැත්තියක උවත් ඇයටඔහුගෙ ආදරය හිමිවිය යුතුයි.

      Delete
  5. ප්‍රියාත් දැන් මාර ලස්සනට කෙටිකතා ලියනව නෙ. මේවයින් සමාජයට පණිවුඩයක් දෙන්න පුලුවන් නම් අගෙයි. ඇත්තටම අදටත් ඔහොම ප්‍රශ්ණෙකදි ගැහැණියටම තමයි වරද පැවරෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බස්සියො,
      ඇත්තටම මේවා කියවලා සමාජෙ දෙතුන් දෙනෙක් වත් ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු උනොත් මේ පුංචි උත්සාහය සාර්ථකයි.
      ගැහැණියත් අසාධාරණයට එරහිව නැඟී සිටිය යුතුයි.

      Delete
  6. ඔව් ඔව් අපි අවාසනාවන්ත නෑ. තමුසෙ විතරයි අවාසනාවන්ත…
    දැන් කව්ද වඳ, පේනවා නේද,
    අනේ පවු අර අසරණ ජිවිතේ. පිරිමි හිතන් ඉන්නේ හැම තිස්සෙම සර්ව සම්පුර්ණයි කියලා. අන්තිමට බලන් ගියහම කුණු ගොඩක්.
    වැඩේ තියෙන්නේ කොයි පැත්තෙන් ගියත් අර අසරණ කාන්තාවට තමයි දෝස් මුරේ.
    හොඳයි නැද්ද මම අහන්නේ

    මල්ලි බොහොම හොඳ දෙයක් කියලා තියෙන්නේ,
    ඔයාගේ ගොඩක් අදහස සරලව හරියටම වදින්න ඕනේ තැනට ගහලා තියනවා

    සුපිරි වැඩක් මල්ලි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගැහැණියගෙ පැත්තෙන් වරදක් තිබුනත් පිරිමියා කියන චරිතය දැන ගන්න ඕන සමාජයෙන් එන අපවාද වලින් පවා තමන්ගෙ බිරිඳව ආරක්ෂා කර ගන්න. ඒත් කරුමෙට ඩොක් අයියෙ අපේ අටේ බිරිඳට මුල්ම ගල ගහන්නෙ සැමියා.

      මේ කමෙන්ට්ස් දකිත්දි සතුටුයි. බොහොම ස්තූතියි ඩොක් අයියෙ.

      Delete
  7. පට්ටනෙ බන්ස්... සෙද්ද කොයිතරං හොදට උඹ ලියනවද බං.... ඉලිතියාවෙ බෑ....
    ඇත්තටම අද වර්තමානය වෙන කොටත් හැම ඉටිගෙඩියටම ගැහැණියටම තමයි අත දික් වෙන්නෙ...
    ඇයි බං මිනිස්සු මේ තරං කුහක

    ReplyDelete
    Replies
    1. හි… හි… ඉස්තූතියි මචෝ. ඉලිතියා වෙන්න දෙයක් නෑ බොල උඹ මීට වඩා හොදට ලියනවා. තව අපේ කොච්චර හොද කතා කාරයො ඉන්නවද බන්. ඉවාන්, දේශා, ……… ලියාගෙන ගියොත් තව පෝස්ට් එකක් දාන්න පුලුවන් නම් වලින්ම.

      කුහක මේ මිනිස්සුන්ගෙ කරුමක්කාර හිත් බං.

      Delete
  8. අඩෝ ඇයි අරකට සුමේධ කියලා නමක් දැම්මේ! මී හරකා! අපේ කාලයේ පතිවත රකින මහා ලොකු පිරිමි තමයි මේ ...
    විශිෂ්ටයි බං

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩියො සිරාවටම ලෝකෙ තියන දහා ජරා වැඩ ඔක්කොම ගෙඩිය පිටින් කර කර ගෑණුන්ගෙ පතිවත හොයන එක තමා කැත වැඩේ.

      Delete
  9. ගැහැණිය පිට වරද පැටවීම අපේ සමාජයේ මුල ඉඳලම දකින්න ලැබෙන්නක්.මෙතනත් එහෙමයි.
    ලස්සනට ලියල තියෙනව ප්‍රියා,එතකොට ශානිකාට කවුරුහරි කොටුවක් පැනලද.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලප අයියෙ ඒක අපේ සමාජෙම වරදක්. කාළකණ්නි වරදක්. එක කොතනින් හරි නැවතිය යුතුයි.

      ඔව් ශානිකා අර මල්ලි කියලා ගෙදර නවත්ත ගත්තෙ පිට එකෙක් කියන්න තමා මටත් ඕන උනේ.

      ස්තූතියි හැලප අයියෙ.

      Delete
  10. ඔය ප්‍රශ්ණෙදි හැම විටම වරද පැටවෙන්නේ ගැහැණියට. ඒ අපේ තියෙන වෘෂභ ගති එලියට දාන තැන්. මෙය ප්‍රබන්ධයක් වුවත් මෙවැනි ගැහැණුන්ව වඩාත් අපහසුතාවයකට පත්කරන්නට මූලික පසුබිම සකස් කරන්නෙත් තවත් අම්මෙක්මවීම හෝ තවත් ගැහැණියක්ම වීම තමයි ඛේදවාචකය.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අරූ අයියෙ, බොහෝ තැන්වල පලමු ගල සැමියාගෙන් වැදුන සැනින් දෙවනි ගල වදින්නෙ නැන්දම්මගෙන් ඊලගට නෑනාලා. ඊටත් පස්සෙ අහල පහල ගෑණු. කොටින්ම අන්තිමට තමන්ගෙ අම්මා පවා අපහසුතාවයට පත් කරනවා. මේවා ඇත්තෙන්ම ඛේදවාචක. ස්තූතියි අයියෙ.

      Delete
  11. සෑහෙන හොද පණිවිඩයක් කතාවත් එක්ක ලියවිලා ප්‍රියා.. ඇත්ත, කවුරුවත් කටවත් වැරැද්ද පවරන එක නෙමෙයි කරන්න ඕන.. ඒකෙන් අන්තිමේ වෙන්නේ නිකන් මානසිකමට්ටම කඩාගෙන වැටෙන එක විතරයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්, ඇත්ත කාටවත් ඇඟිල්ල දික් කරකර ඉන්නවට වඩා වටින්නෙ ප්‍රථිකාර ලබා ගැනීම (දුර්වල කෙනා). ඒත් හරියන්නැත්නම්දැන් විකල්ප ක්‍රම කොච්චරක් තියෙනවද.

      Delete
  12. ඇත්තටම හොද නිර්මාණයක් මල්ලි.
    මෙවැනි ලිපි ලිවීමෙන් තරුණයන්ට හොද වැටහීමක් ලැබෙයි කියල හිතෙනව.
    අනිත් අයත් කරුණු ගොඩක් ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි අයියෙ. මේ කමෙන්ට්ස් වලින් ගොඩක් දේ අපිත් ඉගෙන ගන්නවා මොකද අපේ පරම්පරාවට කලින් ගොඩක් සමාජය දැකපු ගොඩක් දෙනාගෙ (ඔයත් ඇතුළුව) අදහස් මේවයෙ තියෙන නිසා.

      එක් තරුණයෙක් හරි මේවයෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් ඇති.

      Delete
    2. මොනවාද යකෝ...මාත් ඇතුළු....@!#@ ???? :) :)

      Delete
    3. හ‍රි ඉතිං කෙන්ජි අයියා ඒ තරම් වයස නැති උනාට හොදට සමාජය ගැන දැනුම් තේරුම් තියෙනවා කියලා කිවුවෙ.

      වයසයි කියලා කිවුවෙ නෑ ඕන්. ;)

      Delete
    4. :) :) :) (විහිළු හරිය)

      Delete
    5. අයියෝ විහිළු කියලා දන්නවා කෙන්ජි අයියෙ. ;) එළ තමා. :) :)

      Delete
  13. පොදු කතාවක් ප්‍රියා මේ , හැම වෙලෙම ගොබ්බ කමට ගැහැනියටම පහර ගහන්න බලන වුන් ඉන්නෙ .

    නිර්මාණ ගුණය හා කතා රසය නම් නියමයි ,බොක්කට වැදුණා . පොඩි මාතෘකා වෙනුවට ලස්සන කතා ලියන්න .දැන් නම් ලෙසටම ගොතනවා කතාව

    ජය

    ReplyDelete
    Replies
    1. ඇත්තට මෙහෙම මාතෘකා කොච්චර කතා කලත් ඇති නොවන නිසයි ආයෙම මෙහෙම එකක් ලිවුවෙ.

      බොහොම ස්තූතියි මචෝ. මාත් කැමති මෙහෙම ඒවා ලියන්න. ඒත් කියවන අ‍යට කම්මැලි වෙයි කියලයි මේවා ඉදලා හිටලා දාන්නෙ.

      Delete
    2. එහෙම නෑ මොනවා ලිව්වත් බනින්න හරි එනවා වෙලාව තියෙන විදිහට ,එක නිසා වෙනස් වෙනස් විදිහට ලියලා බලමු ...
      :)

      Delete
    3. සිරාවටම ස්තූතියි බං. ඔහොම කියත්දි නොලියා ඉන්න හිතෙයිද. ලියමු ලියමු. :)

      Delete
  14. සංවේදී වැඩියි... හිතටම වැදුනා.. ඒ වගේම ලස්සනයි.

    නිර්මාණය සාර්ථකයි..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මොණරි, කතාව සාර්ථකයි නම් ඇත්තටම සංතෝසයි.

      Delete
  15. ඇත්තටම ගයනි අවාසනාවන්තයි...වෙන මොනවත් නිසා නෙවෙයි සුමේධ වගේ කෙනෙක්ව කසාද බඳින්න උන නිසා. අවුරුදු ගාණක් ආදරේ කරලා බැඳපු කෙනාටත් මේ වගේ සිද්ධියක් නිසා මේ තරම් නපුරු දුෂ්ට කෙනෙක් වෙන්න පුලුවන් නම් සමාජයේ අනිත් මිනිස්සු ගැන මොන කථාද?

    මේ කථාව කියවගෙන යද්දි මේ චරිත එක්ක අපි බද්ධ වෙනවා. ගයනි ගැන අනුකම්පා හිතෙන අතරෙම සුමේධ කියන චරිතයත් එක්ක ඇති වෙන්නෙ ලොකු කේන්තියක්. ඒ හැඟීම කියවන කෙනාට දැනෙන්නෙ රචකයාගෙ තියෙන හැකියාව නිසා.

    කෙටියෙන්ම කිව්වොත් ඉතාම ලස්සනට ලියවුනු අපූරු කතාවක් ප්‍රියා
    ජය!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගයනි අවාසනාවන්තයි. ඒක එක අතකට මෙහෙමයි. ආදරය අන්ධයි කියනවනෙ. එහෙම අන්ධවෙලා ඉත්දි මිනිස්සුන්ගෙ යථා ස්වරූපය පේන්නෑ. එහෙම පෙනෙත්දි පෙරෙහර ගිහින් ඉවරයි.

      බොහොම ස්තූතියි චාම්ස්..

      Delete
  16. මගේ අවංක හැඟීම නම් ප්‍රියා, සුමේධ ඔය තරම් කුරිරුව කෙලින්ම ගයනිට චෝදනා නොකර ඊට වඩා සියුම්ව ගයනිගේ හිත රිද්දන හැටි පෙන්නුවා නම් මීට වඩා හොඳයි කියලා. අනික ගනනිත් ඔච්චර අහිංසකව යටහත් පහත්ව ප්‍රතිචාර දක්වන්නෙ නැතිවුනා නම් මීට වඩා ස්වභාවිකයි.

    මේ කිව්වේ උඹ වඩා හොඳ නිර්මාණශිල්පියෙක් කරන්නයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මේක ආයෙත් කියවත්දි මටත් හිතුනා ගයනිව මරපු එක වැරදියි කියලා. එහෙම කරලා මට ඕන උනේ අනියම් බිරිඳ තමන්ව රවට්ටත්දි නිත්‍යානුකූල බිරිඳ තමන්ගෙ සතුට වෙනුවෙන් පණ දෙන්න උනත් සූදානම් බවයි (තමුන් අච්චරම නපුරු වෙත්දිත්).

      ඒත් එතන අස්වාභාවිකයි වගේ නම් එතනදි මම අසාර්ථකයි.

      ගොඩාක් ස්තූතියි ඩූඩ් අයියෙ. මාත් බලාපොරොත්තු වෙන්නෙ ගොඩක්ම උපදෙස් තමයි. ඔයාලගෙ උපදෙස් ඇත්තෙන්ම වටිනවා.

      Delete
    2. මචං හෙන්රි ඒ වගෙ ව්‍යංගයෙන් කීම අපේ සමාජයේ ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි.. පිහියෙන් අනිනවා වගෙ මූණටම කියල දාන එක නැන්දම්මලගෙත් සමහරක් බූරු මිනිස්සුන්ගෙත් ඒ වගේම සමහරක් බූරිච්චි ගෑණුන්ගෙත් විදිහයි. ඔය විදිහට තමන්ගෙ අඩුපාඩුව පිළිනොගෙන මනුස්සයාට හතරවටේ අය එක්ක ආඩපාලි කියපු කෙනෙක් මම දැනගෙන හිටියා. අන්තිමට වයිද්‍යවරයාටත් කෑගහල පවුලත් කඩා ඉහිරවා ගත්තා.
      මගෙ එක මිතුරෙක් මුළු තරුණ කාලෙම තමුන්ගෙම දරුවෙක් හදාගන්න ගත කලා මං අනන්ත කිව්වා දරුවෙක් අරං හදා ගනින් කියල.. අන්තිමට ඒකට හිත හදාගන්නකොට වයස වැඩියි.. ඊට පස්සෙ දැං වයසයි කියල නිකං හිටියා.
      මට තේරෙන්නෙ නෑ ඇයි දරුවො නැති දෙමාපියන්ටයි දෙමාපියෝ නැති දරුවන්ටයි එකතුවෙලා ප්‍රශ්නෙ විසඳාගන්න බැරි කියලයි..

      Delete
    3. @ සරත් අයියා ~ ඇත්ත සරත් අ‍යියෙ සමහර පවුල් වල පිරිමි සහ නැන්දම්මාවරු පමණක් නොව නෑනාලා පවා එක්වරම චෝදනා පත්‍ර ගොනු කරන අවස්ථාත් තියෙනවා.

      වැදගත්ම දේ ඔයා කියලා තියෙනවා වගේ දරුවො නිකම් අනාථ මඩම් වල නන්නත්තාර වෙන්න නොදී රැකවරණයක් දෙන්න පුලුවන් නම් කොයි තරම් දෙයක්ද?

      Delete
  17. කිසි කම්මැලිකමක් නැතුව කියෙවුවා..ලස්සනයි දුකයි.පතිවතයි වඳකමයි සේරම ගෑණුනන්ට විතරනෙ කොහොමත් ලංකාවෙ.ඇත්තටම එහෙම ආදරේ කරල ඔච්චර නපුරු වෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ආදරේ කරල ඔච්චර නපුරු වෙන්න පුළුවන්ද?///

      දෙකොටසටම මෙක වලංගුයි මං හිතන්නෙ ..හැක් හැක්

      Delete
    2. සාශා, ඇත්තටම අපේ රටත් ඇතුළුව මුළු දකුණු ආසියාවටම වගේ පොදු ප්‍රශ්ණ ටිකක් තමා ඔය.

      ඔයාගෙ ප්‍රශ්ණෙට උත්තරේ නම් හදවතින්ම ආදරේ කලා නම් නපුරු වෙන්න බෑ.

      Delete
    3. ඇත්තටම සහෝ, නපුරු වෙනව නම් කවුරු නපුරු උනත් වැරදී මම හිතන විදිහට. ඒත් සහෝ කියන විදිහට දෙගොලොලොම නපුරු වෙන අවස්ථා තියෙනවා.

      Delete
  18. පවු ඒ ගෑනු මනුස්සයා !
    කෙනෙක්ගේ අඩුපාඩුවක් අල්ලගෙන හැම වෙලේම පහර ගහන එක තිරිසන් වැඩක් !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මධූ තිබුනත් ඔය වගේ දුර්වල කමක් අල්ලන් පහර ගහන එක තිරිසන්ම වැඩක්.

      Delete
  19. සිරාවටම ප්‍රියා මිනිස්සු හැමවිටම තමුන් හරි කියන මතයේ ඉඳන් බලන නිසයි මේ වගේ ප්‍රශ්න එන්නේ හරිම සංවේදී කතාවක්. මේ ගැන වර්ණනා කරන්න මට හොයාගන්න පුළුවන් එකම වචනය Excellent (Y)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තම්න් අතිසාර්ථකයි අනිත් කෙනාගෙ පැත්තට හැම වැරැද්ද දාන එක තමා මේවට මුල.
      ස්තූතියි කෝරලේ. (y)

      Delete
  20. නියමයි ප්‍රියා.හැබැයි මාර දුකයි.ෆැක්ට් අන්ඩ් ෆිගර්ස් නොබල පුර්වනිගමන වලින් ජිවිත වැනසෙන හැටි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත් අ‍යියෙ, ඇත්තටම පූරවනිගමන නිසා ජීවිත කී‍යක් නම්විනාශ වෙලා තියෙනවද.

      Delete
  21. හරිම සංවේදීව දැනුන ලිපියක්.. අද සමාජයේ මේ වගේ දේවල් හුඟක් සිද්ධ වෙනවා ...

    පොස්ට් එක ගැන නම් කියන්න තියෙන්නෙ හරිම ලස්සනට , හරිම නිර්මාණාත්මකව , ලියලා තියෙනව කියලා.. හැමදාම වගේ අදත් හුඟක් ආසාවෙන් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි, ඇත්තටම මේ සමාජයෙ කොයි තරම් නම් මෙහෙම සිද්ධි වෙනවාඇත්ද? කොයි තරම් නම් ගැහැණු ඔය ප්‍රශ්ණෙදි අසරණ වෙනවද.

      Delete
  22. මිනිස්සු හරිම ආව්ගශීලි කොට්ටාශයක් බව මැනවින් විදහා දැකවීමට ඔබේ කෙටි කතාව සමත් බව මා ඉදුරා කියමි. නියමයි යකෝ නියමයි. ඒත් දුකයි

    ReplyDelete
    Replies
    1. ඔය ආවේගශීලීව ගන්න තීරණ ගොඩක් වෙලාවට වරදිනවා වැව්. ගොඩාක් ස්තූතියි මචෝ.

      Delete
  23. මිනිසුන් ආවේගශීලී වීම මෙන්ම පූර්ව තීරණ මටත් පිහිටා කටයුතු කිරීම අද සුලබව දකින දෙයක්, අප වුවත් බොහෝවිට ඒ හැසිරීමන් සම්පූර්ණයෙන් මිදී නැත. ඇත්තෙන්ම දරුවෙක් නොමැති පවුලක කාන්තාව දෙසට ඇඟිල්ල දිගුවන්නේ නිරායාසයෙන්. මෙම ප්‍රශ්නයේදී නම් කිසිම අවස්ථාවක පුරුෂයා දෙසට වරදක් කීමට කිසිවෙකු ඉදිරිපත් නොවේ.
    එහි අවසාන ප්‍රතිපලය වන්නේ කාන්තාව අනවශ්‍ය ලෙස පීඩාවට පත් වීමයි . අනෙක් කාරණය නම් මේ පිලිබඳ සත්‍යය කාන්තාව දැන සිටියත් නිහඩවම වැරැද්ද තමන් පිටට පටවාගන්න්වා හැර පුරුෂයා සමාජයට නිරාවරණය කිරීමට ඉදිරිපත් නොවේ. අවසානය්ව් එහි අවාසියද උරුම වන්නේ කාන්තාවටයි ..
    සාර්ථක කෙටි කතාවක් ප්‍රියා. ජය ..අපේ ඩූඩ් අයියා කියූ කාරණය ගැනත් මදක් සැලකිලිමත් වන්න .....(y)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඒක මෙහෙමයි ඉවාන්, ගොඩක් පිරිමි ඔය ප්‍රශ්ණෙදි ගැහැණියට ඇඟිල්ල දිග් කරන්නෙ මම හිතන විදිහට නම් ගැහැණියව පහත් කරලා තමන්ගෙ පුරුෂාදිපත්‍ය රැක ගන්නයි.

      ඒ වගේම බලන්න ගැහැණුන් ඔය චෝදනාව කරන්නෙ ගොඩක් වෙලාවට ළමයි ඉන්න ගැහැණු. ඒ අය එහෙම කරන්නෙ මම හිතන විදියට 'මට ළමයෙක් හදන්න පුළුවන් මේකිට ළමයි හදන්න බෑ'කියලා සමාජෙට පෙන්වන්නයි.
      අවසානයේ දුක උරුම වෙන්නෙ තවත් ගෑණියකටමයි.

      ඔව් ඉවාන් ඩූඩ් අයියා කියලා තියෙනවා වගේ තව තියෙන අඩුපාඩු පෙන්නන්න. ඒක තමා මාත් බලාපොරොත්තු වෙන්නෙ.

      ගොඩක් ස්තූතියි. (y)

      Delete
  24. ඊයෙම කියෙව්වා කොමන්ටුවක් ඔබන්න වෙලාව නැති උනා...ප්‍රියා කෙටි කතා දක්ෂයෙක් වෙලානේ...වෙනදා වගේම ලස්සනයි....තාමත් ඔහොම මිනිස්සු ඉන්නවනේ හැබෑට.

    ReplyDelete
    Replies
    1. ඊයෙත් හිටියා අදත් ඉන්නවා. අපි කොහොම හරි උත්සහ කරමු හෙට මේ වගේ මිනිසුන් නැති ලොවක් දකින්න. ගොඩක් ස්තූතියි ශානු.

      Delete
  25. අපූරු යි. සමාජයට කතා කරන නිර්මාණයක්. මට මැද හරියට එද්දි නිකමට හිතුණා රිපෝට් එක මෙහෙම වෙයි කියල. මේ වගේ වැදගත් නිර්මාණ තවතවත් බිහි වේවා!

    ReplyDelete
    Replies
    1. මට අවශ්‍ය උන්නෙත් සමාජයට පොඩියෙන් හෝ පණිවිඩයක් දීමම තමයි දිලිනි.

      ගොඩක් ස්තූතියි.

      Delete
    2. //"මචං, ශානිකා ගැන නම් කතා කරන්න එපා. අනික උඹ කොහොමද හරියටම කියන්නෙ ඒ ළමයා උඹෙයි කියලා…"

      "කැත කතා කියන්න එපා බං. ඒ දරුවා මගෙයි…// මෙන්න මේ ටික අයින් කරලා පාඨකයට හිතා ගන්න ම දුන්න නම් හොඳ යි මට හිතෙන හැටියට.

      Delete
    3. ඒ වගේ තැන් දෙක තුනක් නිසා පොඩි අස්වාභාවික ගතියක් ඇතිවෙලා වගේ තමා දිලිනි.

      ආයෙ ලියත්දි බලන්නම්. ස්තූතියි.

      Delete
  26. මේ වගේ මිනිස්ස්සු නැති තැන ලෝකයක් නෑ. හැම පිරිමියා තුලම ඉන්නේ මේ පිරිමියම තමයි, එත් එලියට මතුවෙන ප්‍රමාණය වෙනස්......

    අපුරු නිර්මාණයක් ජය.....

    ReplyDelete
    Replies
    1. හැම මනුස්සයෙක් තුලම සුදු චරිතයක් වගේම කළු චරිතෙකුත් ජීවත් වෙනවයි කියනවනෙ. වැදගත් වෙන්නෙ ඒ කළු චරිතය තමන්ට අවැසි ලෙස හසුරවා ගැනීමයි.

      ගොඩක් ස්තූතියි ජනක. ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  27. හොඳ කතාවක්. ගෑණු මිනිස්සු කසාද බඳින්නෙ ළමයි හදන්නම විතරක් කියල හිතන සමාජයක ජීවත් වෙන කොට මේ වගේ දේවල් ඇත්තටම උනත් සිද්ද වෙන එක පුදුමයක් නෙවෙයි. කසාද බඳින එකේ එක පරමාර්ථයක් තමයි ළමයි හදන එක. ඒත් ඒක එකම පරමාර්ථය නෙවේ. සත්තු අතර තමයි අනාගත පරපුර බෝ කිරීම එකම පරමාර්ථය කරගෙන එකතු විමක් තියෙන්නෙ. ඒත් මිනිස්සුන්ගෙ සම්බන්ධතාවය ඊට වඩා ගොඩාක් ශක්තිමත් වෙන්න ඕනෙ. තේරුමක් තියෙන දෙයක් වෙන්න ඕනෙ. ළමයි නැතුව උනත් වෙනසක් නැතුව ඉන්න පුලුවන් වෙන්න ඕනෙ. විවාහ උනාම දෙන්නගෙ සතුට ළමයි සිටීම නොසිටීම මත තීරණය වෙනව නම් එතන නියම ආදරය නෑ. අනික ළමයි හදන්න ඕනෙ සමාජය හරි පිට අයව හරි සතුටු කරන්න නෙවෙයි. ළමයි හදන්න ඕනෙ දෙන්නටම ළමයි ඕනෙ වෙනකොට. දෙන්නෙක් ළමයි දහ දෙනෙක් හැදුවත් ඒ දෙන්නගෙ ළඟ එකිනෙකා කෙරෙහි ආදරය අවබෝධය නැත්තම් ඒ සම්බන්ධතාවයෙන් වැඩක් නෑ. මේ කතාවෙත් මේ මනුස්සය වටිනාකමක් දෙන්නෙ තමන්ගෙ බලාපොරොත්තු වලට මිසක් තමන්ගෙ ජීවන සහකාරියට නෙවෙයි. සමහර පිරිමි මේ වගේ හිතාගන්න බැරිතරම් ආත්මාර්ථකාමීයි. අනේ මන්ද ඇයි කියල....

    ReplyDelete
    Replies
    1. ඇත්ත සඳා, ගොඩක් වෙලාවට දෙදෙනෙක් කසාඳ බඳින්නෙ වයසට ගිය කාලෙකට සළකගන්න අරමුණෙන් කියලා තමා හිතෙන්නෙ. ආදරය සෙනෙහස විවාහය තුලින් බලාපොරොත්තු වීම හෝ ලබා දීම අරමුණෙන් විවාහ නොවීම තමා මේ ගැටළුව.

      Delete
    2. @සඳා,
      ++++++++++++++++++++++

      Delete
  28. කථාව ටිකක් කියවෙන කොට මට හිතුනා ඔය සීන් එක වෙයි කියලා හැබැයි නිදිපෙත් බොයි කියලනම් හිතුවේනෑ..

    ලස්සට ලියල තියෙනවා....
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. නිදිපෙති බොන සීන් දැම්මෙ මට කියන්න ඕන උනේ අනියම් බිරිඳ රවට්ටත්දි තමන්ගෙ බිරිඳ තමන් වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම් බවයි.

      ස්තූතියි විදානෙ.

      Delete
  29. මෙවැනි සිද්ධි ඇත්තෙන්ම ලංකාවෙ වන බව කියමි. මා හට මෙවැනි අය සිය ගණන් හමු වී ඇත. මේක ඇත්ත කථාවක් වගෙයි. මට නම් මේ නම් ටිකට වෙන වෙන ඇත්ත නම් දාගන කියවන්නත් ඇහැකියි. හොද නිර්මාණයක්. පුරුෂ මඳසරුභාවය පිළිබඳ මගේ ලිපි කියවන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වෙද මහත්තයො,

      මෙවන් දේ ඇත්තටම අපේ රටේ සිද්ධ වෙනවා. මේ අසාධාරණයන්ට එරහිව භේදයකින් තොරව අප නැගී සිටිය යුතුයි.
      ඔබේ ලිපිත් මා කියවා බලන්නම්.

      Delete
  30. මිනිසුන් අතර සහජයෙන්ම පවතින පහත් කොට සලකන ගතිය නිසා මෙවන් සබඳතා පවතින්නේ පිට ඔපයට පමණයි..

    කොතරම් ඉගෙන ගත්තත් තමන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට ගැහැණුන්ට නොහැකිව ඇත්තේ ඇයිදැයි මට තවමත් ගැටළුවක්.. තමන්ටත් සාමාන්‍ය මනුස්සයෙකුට අයිති ගෞරවය ලැබිය යුතු යැයි ඉල්ලන්නට ගයනිගේ හිත නොනැමුනේ ඇයි? මෙතරම් කැප කිරීමක් කරන්නට ගැහැණියකගේ මොළ ශෝධනය කෙතරම්ද?

    කතාවෙන් දෙන්නට හදන පණිවිඩය ගැන මගේ අදහස එයයි.

    චතුරංග කතාව ලියද්දී කුතුහලය වින්දනය ගැනත් තව හිතන්න පුළුවන් නම් හොඳයි. පණිවිඩයක් දෙන්න කතාව ගොතද්දී ගොඩ නැගිය හැක්කේ පැතලි චරිත පමණයි. වින්දනය ගැන සිතුවා නම් මේ චරිත වලට ගැඹුරක් එක් කල හැකි වේවි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෙටි කතා චරිත වල මෙම සියුම් ගැඹුර මා අත් විද තියනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ස්තූතියි රෑ.…

      අපෙ ගොඩක් ගැහැණු උදවිය තාමත් අතිශය ගතානුගතිකයි. ඔහුන් තමන්ට සිදුවන අසාධාරණයකදීවට්ග් ඊට එරෙහි වෙන්න කැමති නෑ.

      ඔබේ උපදෙසුත් බොහොම ගෞරවයෙන් පිලිගන්නවා. ඒ වගේම ඒ ගැන සැළකිලිමත් වෙන්නම්.

      Delete
  31. සමාජ ප්‍රශ්ණයක් නියමෙට අකුරු කරලා ප්‍රියා....මේ වගේ වෙලාවකදී හරි වැරැද්ද කාගේ වුනත් ඇඟිල්ල දික් වෙන්නේ කාන්තාවට...දියුනු සමාජයේ හැටි..

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ, කොච්චර කතා බහ කලත් ඔය ගැන, ප්‍රශ්ණෙකදි ඇඟිල්ල දිග් වෙන්නෙම ගැහැනියටයි.
      ස්තුතියි.

      Delete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. වැදගත් පෝස්ටුවක්.
    ඇත්තටම බිරිඳට එහෙම ප්‍රශ්නයක් තියෙනවානම් ඇය සමාජ අපවාදයෙන් ගලවා ගැනීමේ යුතුකම තියෙන්න ස්වාමි පුරුෂයාට.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගී පවුර,

      ඇත්තෙන්ම එවන් වූ සමාජ අපවාදයෙන් බිරියක් මුදා ගත යුත්තා සැමියා උවත් බොහෝ අවස්තාවල ඇයව අපවාදයට වැඩි පුර ලක් කරන්නේද ඔහු වීම ඇත්තෙන්ම අවාසනාවක්.

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................