25 May, 2014
සුපිරි ගණිකාව………
"වල්…ලවු වෙ ආමුට… කියන…වා මං…
පුංචි ආමුයි මග්ගෙ මන…මාලී
පුල්ලී ගොනා බැඳි…… ආ… අම්මේ……"
"මොකක්ද පුතේ මේකෙ තේරුම… උඹ අදත් බීලා නේද…??"
"බී… බීලා. මගෙ අම්මා මේ පිස්සු කතා කරනවද… මම බීලා නෑ…"
"මොකද බං මේ කවදාවත් නැතිව මා එක්ක හුරතල් වෙන්න එන්නෙ…?"
"මම අම්මගෙ හුරතල් පුතානෙ…"
"ඇයි මොනවත් ඕන වෙලාද මේ හොද පෙන්නන්නෙ…"
"පි… පි… පිස්සුද…??"
පැමිණි ලෙසම වැනි වැනී ගොස් කොටස් තුනකින් යුත් නිවසේ සාලය යැයි කිව හැකි ඉඩේ ඔහු වෙනුවෙන්ම දමා තිබූ රෙද්දේ වැතිර ගත් තම පුත් ජයන්ත දෙස සුමනා බලා සිටියේ සුසුම්ලමිනි. නිවසේ අඩු පාඩු වැඩි වන තරමටම ජයන්තගේ බීමද වැඩි වන්නේ තමාගෙත් තම දියණියගේත් අවාසනවට බව ඇය දැඩිසේ විශ්වාස කලාය.
උදෑසන අවදි වුවද නැඟිටීමට තරම් ශක්තියක් නොවූ ජයන්ත බලා ගත් අත බලා සිටියේ ඊයේ දින අවසන් සිදුවීම් පෙළ මතක් කර ගැනීමටය.
"උඹලගෙ ගමේ කිසි ෆන් එකක් නෑ බං…"
"ෆන් එකක්…???"
"ඔව් බං කිසිම ගතියක් නෑනෙ… කනවා බොනවා ඇර වෙන කිසිම මඟුලක් නෑ…"
"කෑමයි බීමයි තියෙනවා නම් වෙන මොනවද බං…???"
"යකෝ… කාලා බීලා සැපක් අරන් නිදා ගන්න එපෑ. අන්න ඒ වැඩේ…??"
"ආ… අන්න එහෙම සිංහලෙන් අහන්න එපෑ. හ්ම්ම් ඒකට නම් ඉතිං… අර මැරිච්ච කළු ඇල්බාගෙ ගෑණි තමා…… දරුවො දෙන්නෙක් හිටියට මොකෝ…… ඒකි තාම කෙල්ල වගේ බං…"
"කෙල්ලෙක් වගේ… ප්හු… වරකා කාලා නැති උඹලට නම් ඔය වැල ගෙඩිත් වරකා වගේ පේනවා ඇති. ඒත් රස දන්න මිනිහා වෙච්චි මට ඒවා කන්න බෑ බං.… නැත්ද හොද විස්සෙ විසිදෙකේ ඒවා…"
"එච්චර පොඩි කෑලි කොහෙන්ද බං මේවට… අරකිටත් 35කට කිට්ටුයිනෙ."
"එහෙනම් ඉතිං ඒ වැඩේට කොළඹ යන්නම වෙනවා…… එහෙ ඉන්න සුරංඟනා කෑලිත් එක්ක මේවයෙ උන්ට හැරෙන්නත් බෑ. අවුරුදු දාසයෙ ඉදන්. කෙට්ටුද මහතද ඕන එකක්…"
"එච්චර ලස්සන පොඩි උනුත් ඉන්නවද බං…??"
"ජයන්ත… ජයන්ත… ලස්සනයි වයසයි කන්නද බං සල්ලි තියෙනවා නම්… ඒවා සුපිරි බඩු බං…"
"කීයක් විතර වියදම් වෙනවද සුනිල්…??"
"හඃ හඃ හඃ… ඇයි උඹටත් හිතුනද වැල බැහැපුවා නොකා හොද වරකා කෑල්ලක් කන්න. හ්ම්ම්ම්…… මගෙ යහළුවෙක්ගෙ පොට් එකක් තියෙනවා… හෝටලේක… උඹ පන්දාහක් සෙට් කර ගනින්කො……"
ගමට පැමිණ තවමත් මාස දෙක තුනක් වුවද සුනිල් ජයන්තත් සමඟ එක් වූයේ කුණු එකතු වන්නේ කුණුගොඩකටම බව සනාථ කරමිනි. ව්‍යාපාරිකයෙක් යැයි පැවසුවද සුනිල්ගේ ව්‍යාපාර මොනවාදැයි ජයන්ත නොදැන සිටි මුත් ඔහු සමඟ එකතු වී සිටියේ ඔහුගේ මුදලින් ලැබෙන මත්පැන් පොද ගංජා සුරුට්ටුව… ලැබුනොත් පමණක් කුලී වැඩක් කර එයිනුත් බොන නොලැබුනොත් මවගෙන් ගසා කන රස්තියාදු කාරයෙකු වූ ජයන්තට මහමෙරක් වූ නිසාවෙනි.
"මොකෝ පුතේ, නිදි පැඳුරෙ ඉදන්ම කල්පනාව??"
"මුකුත් නෑ……හ්ම්… මේ… මට හෙට රුපියල් හත්දාහක් ඕන.…"
"හෙට…?? කොහෙ තියන සල්ලියක්ද පුතේ…"
කැඩී තිබූ සරම ගැට ගසා ගනිමින්ම නැගිට ගත් ජයන්ත මව දෙස බැලුවේ දවා හළු කරන බැල්මකි.
"කොහෙන් හරි කමක් නෑ මට ඕන.… හෙ…ට ඕ…නෙ. තේරුණානෙ. එච්චරයි."
"උඹට හිතක් පපුවක් නැත්ද බං. අර කෙල්ල අහරෙ දුක් මහන්සි වෙලා හම්බ කර කර එවනවා… උඹ ඒවා කාබාසිනියා කරනවා… උඹට නංඟියෙක් ඉන්නවා අම්මෙක් ඉන්නවා කියලා ගානක් වත් තියේද?… පව් මයෙ කෙල්ල.…"
"ඔයාට කවදත් කෙල්ලනෙ පව්.… මට ඒවා වැඩක් නෑ. මට හෙට හත්දාහක් දෙන්ඩ නැත්නම් ගෙදර නොහිටියට කමක් නෑ…"
කෝපයෙන් පහල ලිඳ දෙසට යන ජයන්ත දෙස සුමනා බලා සිටියේ ශෝකයෙන් සුසුම් ලමිනි. සැමියා මිය ගිය තම පවුලේ බර කරට ගැනීමට සිටින තම පුතා ගමටම බරක් වෙත්දි ඊට බාල දියණිය පවුලේ බර කරට ගත්තේ සුමනාට සැනසීමක් වෙමිනි.
දියණිය අවසන් මස එවූ මුදලෙන් ඉදිරි දින කිහිපයේ කෑමටත් ඇගේ හදීසි උවමනා සදහාත් කොයිදේටත් ඉතිරිව තිබුනේ සඟවා තිබූ රුපියල් හාරදහසක් පමණි. ඉතිරි තුන්දහස සොයා ගැනීමට නැතිම තැන ඇය සතු එකම රන් පළදනාව වූ දියණියම මිලට ගෙන දුන් කරාඹු ජෝඩුව හංදියේ මධ්‍යස්ථානයට දී මුදල් කර ගත්තේ ඉල්ලූ රුපියල් හත් දහසට සතයක් හෝ අඩු වුව හොත් ජයන්තගෙන් විසුමක් නොවන බව දන්නා නිසාමය.
"තව දුරද බං සුනිලො…?"
"තව පොඩ්ඩ දුරයි… හික්… බය නැතිව හිටින්. මම උඹටත් එක්ක කෑලි දෙකක්ම එවන්න කියලා තියෙන්නෙ…"
"මට මේ විදිහ පුරුදුත් නෑ බං…"
"ඇයි උඹ අර කළු ඇල්බාගෙ ගෑණි ගාවට……"
"ඒකි ගාවට ගියට මේ වගේ ඒවා……"
"අනෙ උඹ බබා… බය නැතිව හිටින්. උඹ දන්නැති ඒවත් මේකි පුරුදු කොරෝලා වැඩේ කර ගනී.… එහෙමට බඩු මේවා… මතක ඇතිව සල්ලි ඒකිට දෙන්නෙපා. ඩීල් එක කරන එකාටයි ඒක දෙන්නෙ…"
"එතකොට හෝටලේට…??"
"හෝටලේ මගෙ යාළුවෙක්ගෙ බං… සල්ලි ඕන් නෑ…"
"හ්ම්ම් හරි…"
"මේ… තියෙන්නෙ හෝටලේ… උඹ මෙතනම හිටපන්__________________________________________හරි ජයන්ත අර කාමරේට පලයන්. ඒකෙ බඩු ඇති. හඃ හඃ… මම ඉන්නෙ ඊළග එකේ. මතකනෙ පැය තුනයි. ඕන *ත්තක් කර ගනින්. ඒකිව කෑවත් කමක් නෑ. හැබැයි පැය තුනයි.…… එහෙනම් සුබ මංගලම්…… හඃ හඃ හඃ…"
විවෘත වූ දොරෙන් ඇතුලට වන් ජයන්ත දුටුවේ අවුරුදු විසිපහක පමණ සුරූපී යුවතියකි. තිස් පහේ ඇයත් සමඟ සංසන්දනය කර බලත්දී මැය සැබෑවටම සුරංඟනාවකි. තමා මෙතරම් පියකරු යුවතියක් සමඟ සිහිනයක දැයි ඔහු කල්පනා කරන්නට විය.… තම දෑස අදහා ගත නොහැකිව ඇය දෙස බලා සිටින ජයන්ත සිටින්නේ සබකෝළයෙන් බව වටහා ගත් ඇය ඇඳෙන් නැගිට විත් ජයන්තගේ අතින් අල්ලාගෙන කැඳවා ගියේ යහන මතින් දිවෙන ඇගේ නග්න සිරුර මතවූ සුර පුරවරයකටය.……
ඒ සුරලොව කම් සැප විදිමින් වින්දනයේ උපරිම තලයකට ලංව සිටි ජයන්ත පැය තුන අවසානයේ ඇයට අවසන් වරටද හාදුවක් දී පිටව පැමිණ හෝටලේ මිදුලේ නැවතී සිටි අතර සුනිල් පැමිණියේ මිනිත්තු දෙක තුනකට පසුය.…
"කොහොමද… හොදද…??"
"මරු සුනිලා… ශැහ්. නියම කෑල්ල බං."
"මම නම් ඔය ඔක්කොටම **ලා තියෙනවා බං… හඃ හඃ හඃ හඃ ආ අර යන්නෙ උඹ **පු එකත් එක්ක යන අනිත් එක තමා අද මාත් එක්ක හිටියෙ… ඔය සැට් එකේ සුපිරිම බඩුව… සැප දෙනවා කියන්නෙ… හුම්ම්ම් මතක් වෙත්දි ආයෙ පාරක් ඇදන් ගිහින් **න හිතෙනවා……"
සුනිල් කී පසු ජයන්ත හැරී බැලිවේ එතරම්ම සුපිරි යුවතිය බලා ගැනීමේ අටියෙනි… ඉදිරියට පැමිණෙන ඇගේත් ජයන්තගේත් නෙතු ගැටුනේ එකම මොහොතකය… ඇගේ දෑසෙන් ඇරඹි විදුලියක් ජයන්තගේ ශරීරය පුරා ගමන් කර නතර වූයේ හදවතට ආසන්න ස්ථානයකය.…… ඔහුන් දෙස බලා සුදුමැලිව පිටව යන යුවතිය දෙස සුනිල් බලා සිටියේ කාමය වෑහෙන දෙනෙතනි……
………………………………………
"ජයන්ත ළමයො… ජයන්ත ළමයො……"
"ආ ඇයි කුසුමාවතී නැන්දෙ…?"
"අන්න උඹලෑ ගෙවල් පැත්තෙ කළබලයක්…"
"මොකක්ද…??"
"උඹත් කළබල වෙන්න එපා… උඹලෑ නංගි කෝච්චියට හැප්පිලාලු… උඩහා ගෙදරට පොලෝසියෙන් කෝල් කරලා පවුලෙ කෙනෙක්ට එන්න කියලා.… බලහන්කෝ හිටි හැටියෙ හොරු අරන් ගියා වගේනෙ.… උඹලෑ අම්මා පස් කනවා… පොඩ්ඩක් ඉක්මන් කරලා පලයන් කොල්ලො……"
කොළඹ පැය ගානක් ඔහේ ඇවිද ගොස් ගමට පා තැබූ මොහොතේම ජයන්තගේ කණ වැකුණ ආරංචිය එයය. ඉදිරියටම ගමන් ගත් ජයන්ත මදකට නතර වූයේ කුඩා තුංමන් හංදියකය. ඉන් එක් මගක් තමා දැන් පැමිණි මගය. දකුණු පස තම නිවසට ඇදෙන මගය…… නමුත් ජයන්ත ගමන් ගත්තේ වම් පස මග දිගේය…… එනම් කසිප්පු විමලෙගෙ නිවස දෙසට විහිදෙන මඟේය…………………
© ප්‍රියා.
*** 17/05/2014
(පින්තූරයට ස්තූතිය……
dineshumagiliya.blogspot.com)
ප. ලි. ~ සිදුවූ දෝෂයක් නිසා එකම දවසෙ පෝස්ට් දෙකක් පබ්ලිෂ් විය. පෙරළුන පිට හොදයි කියා. මෙසේම ඉමි. :) :) සිදුවූ ප්‍රමාද දෝෂයට මාගේ කණගාටුව
Subscribe to:
Post Comments (Atom)
කෂියා පොලට යන්නේ දුකට ෂොට් එකක් දාගන්න වෙන්නැති.
ReplyDeleteදුක නැද්ද, දැන් කාගෙන්ද සල්ලි කඩා ගන්නේ?
ඇත්ත කකා. ඒත් ඔයි වගේ උන්නම් නංගි නැත්නම් අම්මව රස්සාවට දාලා හරි හම්බ කරන් කයි.
Deleteඒකට තමයි කකා. වෙන මොනවද ඉතිං, ගාන කඩාගන්න තිබිච්ච එකම මගත් නැති වුණාම හරියට දුක හිතෙන්න ඇති. පව්!!!
Deleteශික් මෙහෙමත් කාල කණ්ණි ජීවිත!! නේහ්??
ආයෙම. ඌ දුක වැඩි කමටම කෂියා පාරක් දාන්න යන්න ඇති. මොනවා කරන්නද මෙහෙම සත්තුත් ඉන්නවා බං.
Deleteදුක් විදින තමන්ගේ බිරිද ගැන හැගීමක් නැති මිනිහෙක්ගෙන් ඊටත් වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නට බෑ. සල්ලාලයෙක් කියන එකේ නියම ප්‍රතිමූර්තියක් ගැන නේද අද කතාව.
ReplyDeleteකතාව ලියලා තියෙන විදිහනම් හරිම රසවත්. කියවන කෙනෙක්ට හරිම සිත් ඇදගන්නා ආරකට ලියලා තියෙනවා... හරිම අගෙයි...
ඇත්ත, නංගිටම ඔහොම වෙනකම් හිටපු එකා බැන්දොත් ඒ ගෑණිත් අමාරුවෙ. ඇත්තටම මේ සල්ලාලයෙක්ම තමා.
Deleteස්තූතියි කුරුටු.
අන්න...... ඒක තමා ප්‍රියා...... මගේ post එකකින් කිව්වේ ගණිකාවට ඇගිල්ල දිගු කරනකොට අනෙක් ඇගිලි හතරම දික් වෙන්නේ තමන්ගේ දිහාවට .... කියල. මං දාන්නම් link එක.
ReplyDeletehttp://nihinsa777.blogspot.com/2014/05/blog-post_16.html
ඇය ගණිකාවක්ද .......?
කවුද ඇය ගණිකාවක් කලේ තමන්ගේ උදවියමනේ....
ඒ පෝස්ට් එක කියවපු දවස් වලම වගේ තමා මේකත් ලියවුනේ නිහංසා.
Deleteඇත්තෙන්ම ඇයව ගණිකාවක් කලේ ඇගේම සහෝදරයගෙ ක්‍රියා කලාපයයි.
ජයන්තගෙ නන්ගිව මරාගත්තෙ ජයන්තමයි බන් , ජයන්ත පවුල වෙනුවෙන් දෙයක් හරිහම්බ කලානම් නන්ගි ඔය තත්වෙටඇද වැටෙන් නෑනෙ...
ReplyDeleteඔව් බං. ඌම තමා ඔය විනාසෙ කලෙ. ඌ වගකීමක් දරන්න පුළුවන් එකෙක් නම් ඕක වෙන්නෙ නෑ.
Deleteමට කියන්න තියෙන්නෙත් ,මේකම තමා
Deleteඒකම තමා ඩොකෝ ඇත්ත.
Deleteගණිකාවන් ගැන වෛරයක්නම් අපට නෑ. ඒත් අර ආතක් පාතක් නැති සාර්ථකව පවුලේ ආර්ථිකය හදන්න කිසිම උත්සහයක් නොකරන පිරිමි චරිතයනම් කාලකන්ණිම එකක්.
ReplyDeleteඇත්තෙන්ම මෙතන මේ ජයන්ත කියන චටිතෙ තමා වක්‍රාකාරව උනත් මේ සියල්ලටම වගකිවයුතු.
Deleteඔය ජයන්ත වගේ මිනිස්සු අද වෙනකොට ලංකාවේ වැඩි වෙමින් පවතිනවා. මේ වගේ මිනිස්සුන්ගේ අයපත් කල්ක්‍රියාවෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න බටහිර කාන්තා විමුක්තිවාදී සංවිධාන රටේම පිරිමින්ව මේ ගොඩට දාලා කාන්තාවන් ඔවුන්ගේ විකුර්ති මතවාදය තුලට ගැටගසාගන්න උත්සහ කරනවා.
ReplyDeleteඇත්ත. පුරුෂ අවයව තිබූ පමණින් යමෙක් පිරිමියෙක් වෙන්නෑ. මෙවන් ගැටළු දිහා බැලිට යුත්තෙ මානුශීය ඇසිනුයි. නමුත් නොවන්නේද එයයි.
Deleteකාලකන්නියා කියන එකා මොනවා උනත් කාලකන්නියා තමා.. ඌව හදන්න බෑ ඉතින්..
ReplyDeleteඋන්ව හදවන එක අර බල්ලන්ගෙ නැට්ටෙ ඇද හරින වැඩේ වගේ තමා.
Deleteමේ කතාවට නම් කැමැති ,එකම දවසේ පොස්ටු දෙකක් දැම්මත් මොකද අපි දෙකම කියෙව්වා හැක් හැක් ....මේ අපේ සමාජේ එක පැති කඩක් ,කතාව තව අදින්න තිබුණා ...
ReplyDeleteඕ යේස්
Deleteප්‍රියා නිකං කතන්දර ආත වගේ වෙලා ,හෙට තුනක් දාපං ඈ.. :D
දනිස් පන නැතිවෙනකං දාපං
Deleteකිව්වත් වගේ ඕකා තුනම දායිද
Deleteදායි දායි.. අතිං පයිං යනවෑ :D
Deleteසහෝ..
Deleteමට මේ සමාජේ පැති කඩවල් දැකල එපාවෙලා තියන්නේ නැද්ද හොද දික් කඩක් ?
ඕ යේස් ..
Deleteදික් කඩවල් කියල හිතාගෙන හරියට බැලුවම වක් කඩවල් වගේ නෙ.. අතරිං පතර මෝය කට්වලුත් අහුවෙනව, කව්දෑ දන්නෙ :D
විදානේ ..& ...පත්තරේ
Deleteමට පොඩී කතාවක් මතක් වුනා සූජී කියලා කතක් ගැන හැක් ,මං නම් දන්නෙ නැ කස්ටිය කියන්නෙ නම් මෝය කටක් කියලා ඔය විදානේව එකට දැම්මා නම් හරි දික් ,පැති හරස් සේරම එවා පෙන්නයි ,
ඇත්තටම උඩ කමෙන්ටු වේ පැතිකඩ කතාව මං ප්‍රියාට ම කියපු එකක් ,ප්‍රියා ගැන .....හැක් ...(ප්‍රියාටත් කමෙන්ටු 200 ය පන්නන්න ද හදන්නෙ එනකන් )
ආ විදානෙයට ඒව තමා හරියන්නෙ බං. ඌ නූල් ඇදල අර කූරු තුනක් උඩ හිටෝන අටමගලෙ හිටෝල ලෙවල් බලල පිඹුර ඇඳල මායිං ගල් දාල තිතට වැඩේ කරයි .. මෝයෙ තප්පරේට ගැලුං ගානත් කියයි ඕන්නං !!!! :D
Delete@ සහෝ ~ නෑ බං වැරදීමකින් වැටුනේ. මොකක්ද බං අර පැතිකඩේ කතාව? මට ඒක තේරුන්නෑ බොල. :)
Delete@ විදානෙ ~ අපේ දනිස් පණ නැතිවෙන්නෑ බොල අපිත් හොද වැල්පෙනෙල බොන කොල්ලො තමා. ;)
Delete@ පතතරේ ~ ආයෙම අහලා. හිටු අද දානවා හතරක්. හැක්. ;)
Deleteමෝය කටවල් ගැන කියන්නෙපා බන් බය හිතෙනවා. :)
@ හැලප අයියා ~ හැක්. තුනම දැම්මොත් නරක් වෙලා තියේවි නේද? :)
Deleteමොය කටක් නං ටිකක් අමාරුවෙයි හතිහලාගෙන නැගිටිනකොට අහයිද් දන්නෑ "එ් මොනවත් කළාද?" කියලා
Delete"මල්ලි මේ කිති කවන්නැතුව නැඟිටලා යන්න" කියයිද දන්නෙත් නෑ බං. හැක්. ;)
Deleteඅද දවසට දෙකයි නේද ප්‍රියා,ඔන්න අපි දෙකම කියෙව්වා උදේ එකට වඩා මේ කතාව හොඳයි.
ReplyDeleteස්තූතියි අයියෙ. වැරදිලා පබ්ලිෂ් බටන් එක එබුනා.
Deleteහිතෙන විදියට අර අන්තිමට යන්නේ උගේ නංගි වෙන්නෝනි...මේකත් නියමයි...
ReplyDeleteඔව් බං මල්ලියා. සුනිලා ඉදලා තියෙන්නෙ උගෙම නංගි එක්ක.
Deleteඕ යේස් .. .. හදිස්සි වෙන් නැතුව .පොඩ්ඩක් කිව්ව නං හතරකට කරල දෙන්න තිබුනා . කාගෙ උනත් සල්ලිනෙ බං :D උඹ තුන්දාහක් වංගු ගැහුවා නේ ?? කැතයි ආ , හැක්
ReplyDeleteනංගව මුණගැහීම අහඹුවක් උනත් ඉතුරු කතාව නං බොහොම සාමාන්‍යයි අද වෙද්දි නේ බං..ගණිකාවක් එතනට තල්ලු කරන්නෙ සමාජය විසින්මයි..
ළැම පමණක් ලොවට පෙනෙන - ළය නොපෙනෙන ළඳුනේ !!!
ජයන්ත වගේ පවුලට බරක් වෙන උන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා..ඔහොම උන් නිසා නන්නත්තාර උන පවුල් අනන්තයි..යාලුවොත් සෑහෙන්න වග කියන්න ඕන දෙමව්පියො සහෝදරියො විඳින ගින්දරට.. මම නං කියන්නෙ නංගි ඉතුරු වෙලා අරූ පැන්නනං අනිත් මිනිස්සු හරි සතුටින් ඉඳියි ..
ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් උනත් ගෑනි රට ඉඳන් එවන "ඊසි කෑෂ් " වලින් ඔය වගේ හැසිරෙන උනුත් නං ගම් වල අනන්තයි.. ඔය ජීවිතේට හුරු උන එකාට ගොඩ එන්න සෑහෙන්න අමාරුයි බං.. ඔහොම උං රවට්ටං එම ගෑනු කන්නෙත් ලෝක කුණක්..ඒක ඊට හපං.
හතරකට සිරාවටම පුලුවන්ද බං,සිරා කෑල්ලක්ද ලොන්තයක්ද
Deleteරෑට කොටුව බස්ටෑන්ඩ් එක ලගට ගිහිං බලපං 600ට ඉන්නවා, සුපිරි ම සුපිරි.. (නිදිමත යන්නද කොහෙද බාබුල් එකක් කකාම තමයි ඉන්නේ)
Deleteචැහ්
Delete.මක් කිව්ව ලොන්ත ??
ආයෙ මොනවද බත් දාං කත හැකි !!!! :D
විදානෙයො.. හැක්. පර්ස් එක ගෙදර තියල 600 විතරක් අරං යමං :D දන්නවනෙ ටොපිය..
Deleteඋඹ ඉතිං පුරුදු කස්ටෙක්නෙ .. ණයට උනත් බැරියෑ
ලයිට් කණුව යටට වෙලා හිටගෙන ඉන්කොට ලස්සනේ බෑ බං
Deleteවිදානේ...
Deleteමට මෙතන කියන්න බෑ අර 600යේ කතාවට තව ටිකක් ,අහල තියෙයි අඩුවට හස්ත කාර්මාන්තයේ යෙදෙන දිරිය කතුන් ගැන ...අනුරාධපුර යේ නුවර වැව පැත්ත ගැන එහෙම ගැන තව...... හැක් හැක්
සහෝදරයො .
Deleteමාකට් සයිඩ් එක පැත්තෙං පොඩ්ඩක් රේල් පාර පැත්තට ඇවිල්ල ටයර් කඩේ ළඟිං උඩහට නැගල අස්සෙං නුවර වැව් බැම්ම දිගේ රවුමක් ගියානං සිරි යහන ගිනි ගනී ආයිබෝං !!!!
@ පත්තරේ ~ ඇත්ත බං. පිටදි *සි කියලා ගොඩක් උන් ඇතුලෙදි නටන්නෙ අනඟ රැගුම්. ඒත් ඒ ගෑණි ඒ තත්වෙට පත් උනේ මොන හේතුවක් මතද කියන දේ කල්පනා කරන්න මොකෙක්ටවත් උවමනාවක් නෑ
Deleteමාත් කැමතියි මූව මරලා දාන්න. ඒත් ඇත්ත ජීවිතේ අරන් බැලුවොත් ඔය ජයන්තලෑ හැටියට කාමරේ මාරු වෙලා නංගි උගෙ කාමරේ හිටියත් වැඩේ කරගෙන එයි බං.
@ හැලප අයියා ~ ඉල්ලුමට අනුව නොවැ සැපයුම. ;)
Delete@ විදානෙ. ~ ඒකනෙ බං අපෙ බන්දුල මහත්තයා කිව්වෙ 2500න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. 600ට ෆන් කරලා 1900ට කාපල්ලා කියලා. :)
Delete@ සහෝ ~ හස්ත කරුමාන්තෙට දිරිදෙන කතුන් නම් කොළඹත් ඉන්නවා බං. රුපියල් 500 යි. ගිය එකෙක්ගෙන්ම තමා අහ ගත්තෙ. හැබැයි හොදම වැඩේ ඌ ඒකත් වැඩියි කියලා නිකන් ඇවිත්. :)
Delete@ පත්තරේ ~ රුපියල් 600ට ගිහින් අන්තිමේ අතේ තියන පිච්චියයි ෆෝන් කට්ටයි සබ්බ සකලමනාවටම කෙළෝගෙන එන්න වෙයිද දන්නෙත් නෑ තමා බං. ;)
Deleteමං බයේ හිටියෙ උට නංගිව සෙට් කරයි කියලා.. මොනව උනත් අහිංසක ජීවිතයක්.. . . . .
ReplyDeleteඋදේ එකට වඩා මෙව්වා එකක් තියනවා!!!!
ජය වේවා!!!
ඕ යේස් , මෙව්වා එකක් නං තියනවා තමා :D
Deleteවිදානේ මෙව්වා එක වැඩි වෙන්නෙ ප්‍රියා තව කතාවක් දැම්මාම ...
Delete@ විදානෙ ~ නංගිව සැට් උනත් උගේ හැටියට නම් විශ්වාස නෑ බං.
Deleteජය වේවා…!!
@ පත්තරේ ~ මෙව්වා එක යනු කොව්වා එකක්ද?
Delete@ සහෝ ~ මගෙ මෙව්වා එක වැඩි වෙලා කෙළ වෙලා බං.
Deleteදෙකක් දාල ලිව්වනං ඔය මුකුත් නෑ.... හැඩට ලියවෙනවා....
Deleteමටත් ඕක නොහිතෙනවා නෙමේ බං. ;)
Deleteසිරාවට හිටින්කො කොයි වෙලේ හරි ලියනවා මම නොබී ඉන්න හේතුවත්.
කොයි පැත්තෙං බැලුවත් ජයන්ත වැරදි කාරයා.
ReplyDeleteඅම්මා දුක් විඳින්නේත්, නංගි ගණිකාවක් වුණේත්, පවුලම පිරිහුණේත් ජයන්තගේ අවලං (වචනේ හරිද මංදා??) ක්‍රියා කලාපය නිසා කියලා හොඳටම පැහැදිලියි.
නංගි කෝච්චියට හැප්පුණේත් ඒ යකා දැකපු නිසා බව ඉතිං අමුතුවෙං අහන්න දෙයක් නෑනේ.
ප්‍රියා අයියා, ලස්සනට මේ කාලකණ්ණි චරිතයක කාලකණ්ණි කම ඉස්මතු කරලා තියෙනවා. සාර්ථක නිර්මාණයක්. වර්තමානයේ බොහෝ දෙනෙක් නොදකින (දැක්කත් මග හරින) පැතිකඩක්.
උගේ කාළකණ්නි කම තමා බං ඒ පවුලම විනාශ කලේ. නංගිව ඔය රස්සාවට තල්ලු කරලා අම්මගෙත් ජීවිතේ අපායක් කලේ ජයන්ත තමා.
Deleteස්තූතියි පීරෙ මලයා.
ඛේදයකි... මැද හරියට යද්දි මට හිතුණා ඔහොම වෙන්න ඇති කියලා. හැම දා ම වගේ කතාව ලියල තියන විදිහ නම් හරි ම නිර්මාණාත්මක යි. ඔය වගේ එක කාලකණ්ණියකු ගෙ හරි අතට මේ වගේ නිර්මාණ යනව නම් කොච්චර දෙයක් ද?
ReplyDeleteපත්තරයා කියවලා...
Deleteස්තූතියි දිලිනි.
Deleteඑහෙම කාළකණ්ණියෙකුගෙ අතට මේවා ගියත් වැඩක් වෙයි කියලා මම හිතන්නෑ. ඒකනෙ නංගි මලත් කසියා පොට් එකටම ගියෙ.
@ විදානෙ. ~ ඒකනෙ. ඒත් කිසි ප්‍රගතියක් නෑනෙ. :D
Deleteජයන්ත වගේ මිනිස්සු හන්දා ගණිකාවෝ වෙච්ච කී දෙනෙක් අද සමාජයේ ඇත්ද.. විශේෂයෙන්ම ඒ තමන්ගේ පවුලේ කෙනෙක් හේතුවක් වෙද්දී ඒ කෙනාට දැනෙන හිත් වේදනාව වැඩියි..
ReplyDeleteවිශේෂයි, ඔය පින්තූරේ මාත් නෙට් එකෙන් ගත්ත එකක් තමා බං.. ඔය මගේ ලින්ක් කෑල්ල මකලා දාපං..
මොකද මකල දාන්න කියන්නෙ ...?ළමය බනියි කියල බයටද....හෙක්...හෙක්... :)
Delete@ දිනේශ් ~ ඇත්ත බං බහුතරයක් තැන්වල ගැහැණුන්ව ඔය තත්වෙට තල්ලු කරන්නෙ පිරිමි මයි. විශේෂෙන්ම පවුල් වල ඉන්න මේ වගේ කාළකණ්නි.
Delete@ කෙන්ජි අයියා ~ ඔන්න ඔහේ තියෙන්න හරිමුනේ අයියෙ. :)
Deleteකිසියම් සාධාරණ හේතුවක් මිස ඇරෙන්න ගණිකාවක් වෙච්ච එවුන් ඇත්තෙම නැද්ද බං??
ReplyDeleteයකෝ දවසට පෝස්ට් දෙකක් දැම්මාද??
උබ මාර බුලට් එකක් නේ :)
ජය !
අනිවා ඉන්න පුළුවන් මචෝ. ඒත් මම හිතන විදිහට නම් බහුතරයට මොකක්ම හෝ හේතුවක් තියෙන්න පුළුවන්.
Deleteනෑ බං වැරදිලා දෙකක් පබ්ලිෂ් උනා. :)
ජය වේවා…!!
මචෝ ඕක ඇත්ත කතාවක් නේද බලං...
ReplyDeleteඋඹ අපූරුවට ප්‍රතිනිර්මාණය කරල තියෙනව...
ජයවේවො
නෑ මචෝ මේක නම් ඇත්ත කතාවක් නෙමේ.
Deleteස්තූතියි බං.
ජයවේවා!!
ඔය වගේ කාලකන්නියෝ තව තවත් වැඩි වෙනව ලංකාවෙ ...
ReplyDeleteඋදේ කතාවක් දැම්මද... මල්ලියො ..?මම දැක්කෙ නැහැ...ආයෙ දාන්න පස්සෙ ...
එන්න...එන්නම උඹේ නිර්මාණ රසයි....
ඒක ඇත්ත අයියෙ. මේ වගේ කාලකන්නි නිසා තමා රටම විනාශ වෙන්නෙ.
Deleteවැරදිලා පබ්ලිෂ් උනා එකක්. ආයෙ දාන්නම් පස්සෙ.
ස්තූතියි අයියෙ.
කොතනද කාටද වැරදිච්ච තැන කියලා හොයන එක තමයි අමාරුව
ReplyDeleteඅනිවා බං. ජයන්ත ගෙ මුල ඉදන්ම වැරද්දම තමා.
Deleteඔය කතාවත් ඇත්තම කියනවනම් සමාජේ තවත් එක පැතිකඩක් විතරයි, ඔය වගේ කාල කන්නි හින්ද කොච්චර නම් කියල මේ සමාජයේම ජීවත් වෙන කී දාහක් අතරමවෙලා අසරණ වෙනවද? කතාවේ මුල කියවද්ධිම අවසානය මට වැටහුනා. මොකද ඔය වගේ කතා පට්ට පතුරු ගහල තියෙන හින්ද වෙන්නැති. එතරමට ඔය වගේ කතා ලියවුනත් සමාජය එතනමයි. ඔතන අහම්බයක් තිබුනට එක අහම්බයක්ම නෙමෙයි, ඔය වගේ කතාවක් මන් කියවලා තියෙනවා එකේ තියෙන්නේ උදේ අම්මගෙන් සල්ලි ඉල්ලන් රෑ පහස හොයාගෙන ගියාම එතනදි හම්බ වෙන්නේ තමන්ගේම අම්මව, එතකොට දෙන්නගෙම හැගීම මොනවගේ ඇද්ද? ඔය වගේම කතා ටයිප් එකක් තමා එල්ලලා මරන්න සෙට් වෙන්නේ තමාගේම පුතාව, පතාලයෙකුට තමන්ගේම අම්මව, තාත්තව , සහෝදරයාව මරන්න ඔදෙර් එකක් හම්බ වෙන එක, පොලිස් කාරයෙකුට හොරා අල්ලන් ගිහින් වෙඩි තියන්න වෙන්නේ තමන්ගේම සහෝදරයට, ඔය සිද්දි මේ සමාජේ එකකට එකක් දම්බල් පුරුක් වගේ බැඳිලා තියෙන්නේ. ඔය මොනදේ උනත් හැබැයි ඉතින් කාලකන්නියගේ හැගීම ඔබ අවසානයේ හරියටම විග්රහ කරලා තියෙනවා, ලෝකේ කඩන් වැටුනත්, ගෙදර හොරු අරන් ගියත්, ඌ උගේ ආතල් එකේම විතරක්, මන් අර වෙසක් දවසේ ලියපු පොස්ට් එකේ එන්න විදියේ ආතල් ගන්න කාලකන්නි තමා ඉතින් මේ.
ReplyDeleteඇත්ත සොමියා, මේ වගේ කතා සමාජෙම අනන්තවත් සිද්දවෙන එහිම පැතිකඩයන් තමා.
Deleteඒ ඔය වගේ කාලකන්නි කවදාවත් තමන්ගෙන් උන වැරදි ගැන පසුතැවෙන්නෑ බං
මෙතැන නංගි සිය දිවි නසාගන්නවද නැතිනම් අනතුරක්ද සිදුවන්නේ.
ReplyDeleteමට පෙන්නන උවමනා කලේ නම් නලින් අයියෙ දිවි නසා ගත්තා කියලා තමා.
Deleteඑතකොට අර ආව අනිත් එක්කෙනා නංගි ද..
ReplyDeleteමටත් හිතෙන්නෙ ඒම තමයි :D
Delete@ මොණරි ~ ඔව් මොණරියෙ. ඒ අනිත් ගෑණු ළමයා ජයන්තගෙ නංගි.
Delete@ ධනා ~ ධනා හිතුවා හරි :)
තමන්ගෙ ජීවිතේ කොතනකින්වත් සැනසීමක් ලබන්න බැරි මිනිස්සු අනුන්ගෙ ජීවිත වලින්වත් සැනසෙන්න බලනව...
ReplyDeleteඑහෙම අනුන් මතින් තමන්ගෙ සැනසීම හොයන මිනිස්සු අනුන්ගෙ සැනසීමත් නැති කරනවා ධනා.
Deleteමාර කේස් එකක් නෙහ්...
ReplyDeleteඑතකොට අරූ ඉදලා තියෙන්නේ නංගිත්තෙක්ක ද ? හුටා !
හ්ම්ම් ඔව් මධූ ජයන්තයගෙ යහළුවා සුනිල් ඉදලා තියෙන්නෙ ජයන්තගෙම නංගිත් එක්ක.
Deleteමං හිතුවෙ ජයන්තයා දොර ඇරගෙන කාමරේට යනකොට ඒකෙ උගේම නංගි ඉඳී කියල. තත්වෙ ඒ තරමටම දරුණු නොවුනත්, අන්තිමේදී හිතපු විදියට බොහොම ළඟින් කතාව ඉවර උනා. මේ තමයි අපේ ආශ්චර්යමත් රට. මේ වගේ අහිංසකාවියක් ගැන කියවුන හොඳ සිංදුවක් මතක් උනා ප්‍රියා. සුනිල් එදිරිසිංහයන් ගායනා කරන්නෙ.
ReplyDelete"ගම් දනවුවකය පිපුනේ කැලේ
දැන් සිදාදියේ නැවතුම් පොලේ...
ගමට හිටිය ලස්සනම එකී
ගමේ කැලෑ මල අහිංසකී"
හැමදාමත් වගේ ඉතාම විශිෂ්ඨ නිර්මාණයක් ප්‍රියෝ...
මම එහෙමත් හිතුවා බං. ඒත් එහෙම උනොත් නංගි දොර ඇරන් යන්නත් ඉඩ තියෙන නිසයි මෙහෙම ඉවර කලේ.
Deleteමට ඕන උනේ තමන්ගෙ නංගිත් එක්ක ලිංගිකව එකතු උන විදිහ තමන්ම අහන කාළකන්නි අවස්ථාව ජයන්තට දෙන්නයි.
ස්තූතියි බං අගය කිරීමට.
මේ වගේම ටෙලියක් ගියා වගේ මතකයි
ReplyDeleteමෙයත් සමාජයේ සෑහෙන්න කතා බහට ලක් වෙන තැනක්නෙ අකලංක.
Deleteඅනේ බං තව එකක් ඔහොම්මම දාපංකො.. :D
ReplyDeleteකිව්ව වගේ කතාව තව ගෙනියන්න තිබ්බනං මරු..
මටනං දුක අම්ම ගැනමයි...
දැන් මහන්සියි බං. දැන්ම නම් බෑ. :D
Deleteස්තූතියි මචෝ. කොහොමත් මෙතන අන්තිම ප්‍රථිපලේ අසරණ වෙන්නෙ අම්මා තමා.
නියමයි බං. ඇරැව්වල නන්දිමිත්‍රයන් ලියන හද කම්පා කරවන කෙටිකතා වල ආභාශය මේ කතාවෙත් මං දැක්ක.
ReplyDeleteතැන්කූ වේවා බස්සියෙ.
Deleteඅද කථාව රහයි ප්‍රියා..මම හිතුවෙ බඩු පොට් එක අස්සෙ රස්සාවට ගිය නංගි රස්සාව කරනවා ඇති....අයියයි නංගියි එකට සම්මුඛ වෙයි කියලයි...දිගින් දිගටම යමක් හිතලා ලියන්න බොලා දක්වන කැමැත්ත ප්‍රශස්තයි....ඉතාම අගය කරනවා එය...
ReplyDeleteඅයියයි නංගියි එතනදි හම්බවුනොත් ජයන්තට රිදෙන ප්‍රමාණෙට වඩා වැඩි ප්‍රමාණෙකින් රිද්දන්නයි ඔතනදි දෙන්නව මුණගස්සන්න හිතුවෙ අයියෙ.
Deleteස්තූතියි අයියෙ අගය කිරීමට.
හපොයි මේ වගේ එව්වනුත් ඉන්නවනේ....නියමෙට ලියලා ප්‍රියෝ එන්න එන්නම උඹේ හැකියාව වැඩි වෙන ලියවිලි ඉදිරිපත් කරන්න ලැබේවා
ReplyDeleteමේවගේ ශක්කිලි හැම තැනම ඉන්නවා ශානුවො. කියලා වැඩක් නෑ.
Deleteස්තූති වේවා අගය කිරීමට.
මෙන්න මේ නරුම ජීවිත තමයි සමාජය විකෘතිකරන මූලිකම ප්‍රවාහය. ප්‍රියා......ජයන්තලා වැඩිවෙන්න වැඩිවෙන්න ඒහා සමානව ඔය වගේම නංගිලාත් වැඩිවෙනවා. මේක තදබල සමාජ ඛේදවාචකයක්.
ReplyDeleteඅනිවාර්යෙන් අරූ අයියෙ. මුන් තමා සමාජයෙ මුල් බැස ගත් විශබීජ. විනාශ නොකෙරුවොත් තමන්ගෙද පිටද නෑ මුළු සමාජෙම විනාශ කරලා තමා නවතින්නෙ.
Deleteහිතට වදින කථාව.
ReplyDeleteස්තූතියි මෙන්ඩිස් අයියෙ.
Deleteදැන් කෙටි කතා රැල්ලක් වගේ. හැබැයි නියමයි. මමත් කැමති නව කතා වලට වඩා කෙටි කතා වලටයි. බ්ලොග් වලට ගැලපෙන්නෙත් එහෙමයි.
ReplyDeleteමේකත් සමාජයේ පැතිකඩක් විවර කිරීමක් තමයි. මේ සිද්දියේ වෙනවා වගේ වැඩ, මෙහෙම එකට ඇමිණුවේ නැතත් හැමදාම වෙනවා.
අම්මලව නංගිලව පාගගෙන චන්ඩි කමින් ඉන්න පිරිමි
උන්ට බයේ ඉන්න ගෑණු
ගෑණු හම්බ කරන දෙයින් වල්කම් කරන පිරිමි
මේවා දිනපතා වෙන දේවල්.
අනිවාර්යෙන්ම ඩූඩ් අයියෙ. සමාජයෙ වැඩි අවධානයට ලක් නොවූවත් මෙවන් වූ සිද්ධි අනන්තවත් වෙනවා.
Deleteතමන් හම්බ කර පවුල නඩත්තු කරනවා ආරක්ෂා කරනවා වෙනුවට පවුලම විනාශ කරන සත්තු වගේ පිරිමිත් ගොඩක් ඉන්නවා.
මාත් වැඩිපුරම කියවන්න කැමතිත් කෙටි කතාම නිසා මේ රැල්ලට ටිකක් ඇදිලා යන ඉඩ වැඩියි.
ඔන්න කෙටි කථා.. සමහර කෙටි කථා කියවද්දී හිතෙන්නේ ඇත්තටම කෙටි කතාවක් ද නැත්තං කතාවක් කෙටි කරලද කියල..
ReplyDeleteනියමයි, මං හිතන්නේ අද වෙන්න ඇති මම මේ පැත්තේ ආව පලවෙනි වතාව.
බොහොම ස්තුතියි Alexander අගය කිරීමට.
Deleteමේ පළමු වතාව තමා. දිගටම එන්න අරාධනා කරනවා.
ජයන්ත , ජයන්තගේ නංගි අම්මා වගේ කි දෙන්නම් මෙ සමාජේ ඉන්නවද ............
ReplyDeleteමේකත් මේ සමාජේ එක් පැත්තක් තමයි මචන් . සිරා කතාව බන්
ඇත්තම තමා.
Deleteජයන්තලා වගේ චරිත නිසා පවුල් කීයක් අසරණ වෙනවා ඇත්ද?
වැඩත් එක්ක මේ පැත්තට එන්න නම් ටිකක් පමා වුනා...
ReplyDeleteහැමදාම වගේ කතාව නම් අපූරුයි.. ජයන්තට මොනව නම් හිතෙනව ඇත්ද...
ස්තූතියි තුශානි.
Deleteජයන්තට නම් දුකක් නම් හිතෙන්න නැතිව ඇති.
සක් එන්න පරක්කු වෙන ටිකට ඔක්කොමලා කියන්න තියෙන දේවල් කියලා , එල කිරි
ReplyDeleteස්තූතියි ඉවාන්.
Deleteඉවානය කියපු දෙම තමයි කියන්න තියෙන්නෙ.අරුයක පවු .දැන් ඉතින් කාගෙන්ද කියක් හරි ඉල්ල ගන්නෙ
ReplyDeleteස්තූතියි දමිත් අයියෙ.
Deleteඒත් ඕකුන් හැදෙන එකක් නම් නෑ.
හ්ම්ම්.. මේ වගේ ජරා මිනිස්සුත් ඉන්නවා මල්ලි. ඔයාගේ කථාව ලස්සනයි.
ReplyDeleteමේවා කියවද්දී තමයි ඉතින්............................
ReplyDeleteමෙහෙමත් මිනිස්සු ඉන්නවනේ....