18 May, 2014

දික්කසාඳය………


"ඔන්න මිසිස් සිරිවර්ධන… අපේ වැඩ ඉවරයි.…… ආ සොරි සොරි මිස් නිම්මි…"
"ඒකට කමක් නෑ මිස්ටර් ජගත්. මටත් ටික කාලයක් යයි දැන් ඕකට ආයෙ හුරු වෙන්න.… මට කරපු උදවු වලට තෑන්ක්ස් මිස්ටර් ජගත්."
"ඒක ඉතිං ලෝයර් කෙනෙක්ගෙ වගකීමනෙ… එහෙනම් මම ගිහින් එන්නම් මිස් නිම්මි… බායි බබා…"
"අංකල්ට බායි කියන්න දූ…"
"බායි අංකල්… … අන්න අම්මි තාත්තා එනවා… මම තාත්තා එන්න කලින් කාර් එකට දුවන්නම්…"
"මෙ..හෙ… ඉන්න ළමයො…… අපි බස් එකේ යමු…"
"ඒ මොකටද? කාර් එක කැඩිලත් නෑනෙ. ඔය තියෙන්නෙ හොදට… අපි යමු…"
"නිම්මි… යමු මාත් ගෙදර යන්නෙ. මට ඇඳුම් ටික ගන්න ඕන… ඔයා එක්ක ටිකක් කතා කරන්නත් ඕන……"
"අපි කතා කරන්න තියෙන හැමදේම කතා කරලා ඉවරයි මිස්ටර් සිරිවර්ධන…"
තිගැස්සී මදෙස බලා සිටි සහන්ගෙ දෙනෙත් යුවල මඟ හැර දමමින් පියවර එසවූ මා දියණියද රැගෙන බස්‍ රියට නැඟුනේ සහන් තවමත් උසාවි බිමේ සිට මදෙස බලා සිටියදීමය.

"මොකද උනේ නෝනා… ඇයි මේ බේබි අඬන්නෙ? තීන්දුවක් දුන්නද?"
"ඔළුව පුපුරන්න වගේ මැගලින්. මට වතුර විදුරුවක් ගෙනත් ඉන්නකො ඉස්සෙල්ලම…… මේ… මහත්තයා ආවද…?"
"ආ ඔව්… ඇවිත් ඇඳුම් ටික බෑග් එකක දාගෙන ගියා. මෙන්න මේ ලියමන නෝනට දෙන්න කිවුවා…"
"ඔන්න ඕක පැත්තකට දාන්න මැගලින්…!!! බේබි කාමරේට දිව්වා නේද පොඩ්ඩක් බලන්න… පවු දුකෙන් ඇත්තෙ…"
"හුම්… දෙමාපියන්ගෙ වැරදි වලට අහිංසක දරුවො තමා පවු ගෙවන්නෙ…"
මැගලින් ඇසෙන නෑසෙන ගානට පාකර එවුවේ මා හටත් කණේ පහරක් උවද මා නිශ්ශබ්දව සිටියේ ඇය පැවසූදේ සත්‍යක් බ්බව මගේ සිතම මට හඬගා කියූ බැවිනි.

හෙමිහිට ගොස් කාමරයට එබී බලත්දී දියණිය නිදිගත් ලීලාව දැක මා හට ඇයට කතා කර තව වරක් ඇය හැඬවීමට සිත් නොදුන් නිසාම උසාවියට උදයේ හැදි සුදු සාරිය පිටින්ම පැමිණ සැටියේ වැතිරුනේ හිසේ අමාරුවටද නොඑසේ නම් හිතේ අමාරුවටදැයි මා නොදනිමි.

පාසල් ප්‍රේමය නිසාම මාපියන්ද හැර දමා යුගදිවිය ඇරඹූ මාත් සහනුත් අතර ගැටුම් නම් නොවූ තරම්. ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක විධායක නිළධාරියකු වූ සහන් මව පියා අහිමි කරගෙන ඇත්තේ කුඩා කලදිමය. අපේම ලොවක තනිවූ අප දෙදෙනා අතරට මුලින්ම ප්‍රශ්ණ පැන නැඟුනේ මා මවක් වීමට සූදානම් වන අවදියේදිය.

ට්‍රීං… ට්‍රීං…
"හෙලෝ සහන් සිරිවර්ධනගෙ ගෙදරද?…"
"ඔව් මම එයාගෙ වයිෆ්… කවුද මේ…?"
"මම කවුද කියන එකට වඩා වැදගත්… ඔයාගෙ හස්බන්ඩ් අන්න වෙන ගෑණු එක්ක හෝටල් ගා රිංගනවා…"
"ඔය කවුද කියනවද පොඩ්ඩක්… හෙලෝ… හෙලෝ…"
නාඳුනන ඇමතුම ආ දිනයේම සහන් කෙදිනකවත් නොවූ තරම් පමා වීම මාතුල උපන් සැකය නම් ගින්නට වැටුන පිඳුරු ගොඩක් විය.
"කොහෙද අනේ ඔයා ගියේ…?"
"ඔෆිස්නෙ ළමයො…"
"එතකොට මෙච්චර රෑ උනේ…??"
"ආ ඒකයි මේ. බිස්නස් මීටින් එකක් තිබ්බා. සොරි සොරි බබා ඉතිං…"
"ආ දැන් මීටින් තියෙන්නෙ හොටෙල් වලද?"
"කවුද ඔයාට කිවුවෙ…?"
"කවුරු කිවුවත් ඇත්තනෙ…"
"කොහෙ තිබ්බත්, තිබ්බෙ මීටින් එකක් නම් එච්චරනෙ.…"
මෙසේ ඇරඹි ගැටුම් යම් සමථයකට පත් වූයේ අපගේ පුංචි දියණිය උපන් පසුය. නමුත් මාස කිහිපයකින් නැවත ගැටුම් ඇරඹුනේ අළුත් වටයකිනි. ඔහුගේ යම් යම් ගුප්ත වැඩ නිසාම අප අතර ගැටුම් ප්‍රමාණයද වැඩි විය.

"අද ඇයි රෑ උනේ…??"
"හුම්ම්… මට ගෙට එන්න දෙනවද ඉස්සෙල්ලම…"
"කතාව මඟ හරින්න එපා."
"මීටින් එකක් නිම්මි… මට මහන්සියි පස්සෙ කතා කරමු.… දුව කෝ නිදිද?"
"නැතුව ඒ ළමයා මෙච්චර රෑ වෙනකම් ඇහරන් ඉදලා ඒ ජෝගි බලන්නයෑ…"
"මමද ඔයාද ජෝගි දාන්නෙ නිම්මි…"
මෙසේ දිනපතා මාහට පෙනුනේ සහන්ගේ චපලකමම පමණි. ඔහුගේ වැරදි නිසාම අප අතර ගැටුම් නොවූ දිනක් නොවූ තරම්.
"මට දැන් මේක ඇති වෙලා සහන්… අපි වෙන් වෙමු, ප්ලීස්…"
ඉවසා ඉවසා අවසන ගංඟාවක් පිටාර යන්නා සේ මගේ මුවින් එවදන් පිට උනේද ගැටුමක් අතරදීය.

දින කිහිපයක්ම මාගෙ මුහුණවත් නොබැලූ සහන් දිනක හදීසියෙම මා හා කතා කිරීමට වූයේ සෑහෙන තරම් සංයමයකිනි.


"ඇත්තටම ඔයාට මගෙන් වෙන්වෙන්න ඕනද…?"
"ඔව් සහන් මෙහෙම ඉන්නවට වඩා අපි වෙන් වෙමු…!!"
ඉබ්බා දියේ දැම්මා සේ වැඩි කතා බහකින් තොරවම එය එකඟ තාවය පළ කල සහන් පසුදාම නිවසට මෙහෙකාරියක ගෙනා අතර පහසුවෙන්ම මාහට දික්කසාදය ලබා දුනි. කොටින්ම වෙනත් අය ගැටුම් ඇති කර ගන්නා දරුවා සම්බන්ධයෙන් පවා අප අතර වූයේ අමුතුම සිදුවීමකි. සහන් දරුවා කතාවකින් තොරවම මා හට ලබා දුනි. ඒත් ඇයි ඒ…??? සහන් මට කියන්න උත්සහා කලේ මොනවද…??

ඉබි ගමනින් ගෙවි කාලය තුල මට සහන්ව සිහි නොවූ දිනක් සිහි නොවූ රැයක් නොවූ තරම්… ඒත් මාගේ ආදරය මට අහිමිව අවසන්ය. ඔහුගේ චපල කම නිසාම මා දැන් තනිවූ ගැහැණියකි. මාහට සියල්ල ඉවසා ගත හැකි මුත් දියණිය විදින දුක ඉවසා ගත නොහැක. ඇය දැන් අපගේ නොව මාගෙ දියණියය.

ට්‍රීං… ට්‍රීං…
"හෙලෝ"
"මේ නිම්මිද කතා කරන්නෙ… මම සහන්ගෙ ඔෆිස් එකේ රුවනිගෙ හස්බන්ඩ්"
"හ්ම්ම් කියන්න…"
"මම ඔයාලගෙ ප්‍රශ්ණ ගැනනම් දන්නෑ. ඒත් සහන් විනාශ වෙනවා බලන් ඉන්නම බැරි තැනයි මේ කතා කලේ. කොටින්ම ඔෆිස් එකේ බීලා ඉදලා MDට අහු වෙලා මාසෙකට වැඩ තහනම් දැන්."
"ඇයි එයාගෙ ඔෆිස් එකේ සිහින කුමාරි…??"
"මම දන්න කුමාරි‍යෙක් නම් නෑ. එයාගෙ ඔෆිස් එකේ මගෙ වයිෆ් විතරයි ගෑණියෙක්ට ඉන්නෙත්. සහන් රුවනිගෙම සහෝදරයෙක් වගේ. කාත් කවුරුත් නැති අපිව බැන්ඳුවෙත් ඒ මනුස්සයා. එතකොට ඔයාලා බැඳලා වත් නෑ."
"එතකොට අර කෝල්… රෑ… වෙනකම්…"
"නවත්තගන්න නිම්මි… ගෑණියෙක් පිරිමියෙක් ආස්සරේ කරන්නෙ අහවල් වැඩේට විතරක් නෙමේ. ඊට වෙනස් සම්බන්ධකම් පවා මේ ලෝකෙ තියෙනවා. අන්න ඒක තේරුම් නොගත්ත පවට අද ඔයත් විඳවනවා, සහන්නුත් විඳවන්නවා, අර අහිංසක දරුවත් විඳවනවා." වේගයෙන් පැවසූ ඔහු දමා ගැසුවාක් මෙන් ඇමතුම විසන්ධි කලේ මාගෙ කණට ගසන්නාක් මෙනි.

සැබවින්ම මාගේ පවුල් දිවිය ආවුල් වූයේ මාගේ වරදින්ද……? සහන්……?? අදවත් ඔහුගේ ලිපිය කියවිය යුතුය. එයටවත් සිත සාදා ගත යුතුය.……

ආදරණීය නිම්මි,,,,,,,,,,,,,

අපි දෙන්නා ආදරේ කරපු කාලෙ ඔයාට මතකවත් තියෙනවද මම දන්නෑ ඒත්… මම ඔයාට කවදාවත් චපල උනේ නෑ. මම පණ වගේ ආදරේ කරපු ඔයාව තනි කරලා දුක් දෙන්න බැරි උනත් ඔයාගෙ සතුට ඒක නම් මම ඔයාගෙන් ඈතට යන්නම්. අපි දෙන්නගෙ ආදරය වෙච්චි දුවව ඔයාටම බාර දීලා යන්නෙ එයාවත් උදුරගෙන ඔයාට දුකක් දෙන්න බැරි නිසයි රත්තරනෙ. කවදා හරි ඔයා මාව තේරුම් ගනීවි.… මම හැමදාමත් ඔයාගෙ පරණ සහන්මයි. ඔයා මගෙම පරණ නිම්මි උන දාට මාව හොයන් එන්න.…… අපේ දුවව බලා ගන්න.………………………………………

දෙයියනේ සහන්. නැවතත් රුවනිගෙ සැමියාට ඇමතා ඔහුගෙන් සහන්ගෙ නවාතැන අසාගත් මා දුවවද ගෙන එතනට ආවේ කෙසේදැයි මට සිහියක් නැත.
"තාත්තී……"
"දුව… එන්න මගේ රත්තරනේ… මගෙ පැටියා අද ඉස්කෝලෙ ගියෙ නෑ…??"
"ම..ට.. ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන සහන්… "
"දූ පොඩ්ඩක් ඉන්න පැටියෝ… හ්ම්ම් කියන්න…"
"ඔයා තාමත් මා එක්ක තරහෙන්…"
"මට මා එක්ක තරහ උනත් ඔයා එක්ක තරහ වෙන්න බෑ."
"රුවනිගෙ හස්බන්ඩ් කතා කලා. එයා හැමදේම කිවුවා. ඇයි එයා ගැන කලින් නොකීවෙ මට…?"
"මට කියන්න අවස්ථාවක් ලැබුන්නෑනෙ නිම්මි.…"
"මට සමාවෙන්න සහන්… මම ඔයාගෙ පරණ නිම්මිමයි…" මෙතෙක් සඟවාගෙන සිටි කඳුළු වැළ පිටාර ගැළුවේ මටද නොදැනීමය. කවදත් මාගේ කඳුළු හමුවේ තෙත්වන ඒ දෙනතද සුපුරුදු ලෙස තෙත්වී කියා පාන්නේ ඒ තාමත් මගේ සහන් බවය.
"අම්මා අඬන්නෙ ඇයි…??"
"නෑ දූ අම්මා අඬනවා නෙමේ මේ හිනාවෙනවා. අපි හැමෝම හිනා වෙමු.… තාත්තිට ගෙදර යමු කියන්න දුව…"
"ඒත් නිම්මි…"
"නීති නෙමේ හදවතින් කියන්නෙ. ඔයාගෙ නිම්මිට සමාව දෙනවා නේද? ඔයා එනවා නේද?"
දුවවත් මාවත් දෑත් දෙකෙන් ඒ උණුසුම් පපු තුරුලට ගත් සහන් දුවගේ නලලට හාදුවක්දී සුපුරුදු සැහැල්ලු ලෙස සිනහා වෙන්නට විය.

"අපි ආයෙ බඳිමුද…………?"

© ප්‍රියා.

(පින්තූරයට ස්තූතිය……
http://www.lawattorneyct.com)

113 comments:

  1. ප්‍රියා ඇත්තටම මචන් එකිනෙකා තෙරුම් නොගැනිම මතයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ .



    ගෑණියෙක් පිරිමියෙක් ආස්සරේ කරන්නෙ අහවල් වැඩේට විතරක් නෙමේ. ඊට වෙනස් සම්බන්ධකම් පවා මේ ලෝකෙ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචෝ. පොත් දහසක ලියලා කසාඳෙ බැඳගත්තත් දෙදෙනා අතර තේරුම් ගැනීම නැත්නම් විනාසය තමා.

      ගැහැණු පිරිමි සම්බන්දකම් තාමත් අපේ මිනිස්සු තේරුම් ගන්නවා අඩුයි.

      Delete
  2. //ගෑණියෙක් පිරිමියෙක් ආස්සරේ කරන්නෙ අහවල් වැඩේට විතරක් නෙමේ//
    මසුරං කතාව..
    වෙනද වගේම අදත් ස්ටෝරිය ලස්සනයි..
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය කතාව ගොඩක් හරක් තේරුම් නොගන්න කතාවක්නෙ බං.
      ස්තූතියි මචෝ.
      ජය වේවා…!!

      Delete
  3. හැමදාමත් වගෙ ඇසට කදුලු උනන කතාවක්...

    ReplyDelete
    Replies
    1. ගොඩ කාලෙකින් සප්‍රි දැක්කෙ. කඳුලක් තුලින් සතුටට.

      Delete
  4. "අපි ආයෙ බඳිමුද…………///
    බදිමු බදිමු...

    පට්ට මචෝ.... වෙනද වගේම පට්ටම ස්ටෝරියක්... මගෙම වචන වලිං කියනව නං මැක්ස....

    ReplyDelete
    Replies
    1. ගහක හරි බදිමු බං. මාත් කැළණියෙ බුවානෙ. :)

      ස්තූතියි මචෝ.

      Delete
  5. ඔය දික්කසාද /ගෙවල් වල රණ්ඩු නිසා ඇත්තටම විදවන්න වෙන්නෙ දරුවන්ට,එක ලොකු ඈයොන්ට තෙරෙන්නෙ නැති එකට හෙතුව දන්නෙ නෑ,මූළු ලොකෙන් කරන්න ඕන ලොකුම වැඩේ දික්කසාදය කියලා වැඩ කරන්නෙ ,

    දෙන්නා අකමැති නම් දික්කසාද වෙන්න ඕන ,දික්කසාද නඩු ඉක්මනින් විසදන්න ඕන වගේ තර්ක ඇති හැබැයි ප්‍රයොගික ලොකේ බලන්න අකමැතිම කතාවක් ඔය එත් උසාවි වලට ගිහින් බලන්න ඕන නඩු ගොඩ ....

    කතව රහයි ප්‍රියා අද නම් දිගත් ගානට ,එත් "ඇත්තටම ඔයාට අගෙන් වෙන්වෙන්න ඕනද…?//// මෙතන වැරැද්දක් නේද ???

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සහෝ, දික්කසාද නීති මම හරියටම දන්නෑ. ඒත් බං මම හිතන්නෙ දරුවො ඉදන් දික්කසාද වෙන ජෝඩු පළමුව උපදේශණ සේවාවකට යොමු කර පවුල ගොඩ ගැනීමට බැලිය යුතුයි. මොකද විශේෂෙන්ම මේවයෙන් දරුවො තමා වැඩිපුරම තැලෙන්නෙ.

      අරක හදලා දැම්මා. ස්තූතියි බං.

      Delete
    2. ප්‍රියා, දික්කසාදය ගැන කියුවාම නීති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තත්වය නම් අන්තිම කණගාටුයි කියන්නත්. ප්‍රශ්ණයක් වෙලා කීප පාරක් පොලීසියට ගිය ගමන් එතනින් කිසිම පවුල් උපදේශනයක් නැතුව ඔවුන් බිරිදට කියනවා උසාවි යන්න කියලා. කිසිම දෙයක් නොදන්න කාන්තාව නීතීඥයෙක් හමුවෙනවා. ඇත්තට ම නඩු නැතුව වේලෙන ලෝයර් ඉස්සල්ලාම දහදාහක් විතර මාසෙකට අරන් දෙන්නම් කියලා නඩත්තු නඩු දානවා. ඊට පස්සේ තමයි ඔවුන් ව උපදේශනයට යවන්නේ. හැම උසාවියක ම මනෝ උපදේශකවරු නැති අතර හැකියාව සහිත පිරිසත් ඉතා අඩුයි. කොහොම හරි උපදේශකයාගේ ලියුම බලෙන් හරි ගන්නා ලෝයර් කාන්තාවගෙන් පුළුවන් ගානක් ගලවා ගන්නවා. කොහොම හරි මාසෙට රුපියල් 1500 විතර නඩත්තු නියම වෙනවා. ඕක මාසිකව ගන්න ගියාම ලෝයර්ට 1000 ගෙවලා බස් ගාස්තුවයි කෑමටයි 500 ක් ගිහාම සතයක් අතට නෑ. වෙන්නේ දෙන්නා තවත් දුරස් වෙන එක විතරයි.

      අවුරුදු දෙකක් විතර මේ සෙල්ලම ගියාම දික්කසාද නඩුවක් දාලා ලක්ෂ ගානක් වන්දි ගනිමු කියලා ලෝයර් ම කියනවා. පස්සේ කොහොම හරි දෙන්නව වෙන් කරලාම තමයි ලෝයර් පස්ස බලන්නේ. මේ තහයි අද උසාවි වල පවුල් ප්‍රශ්ණ විසදෙන විදිහ....

      Delete
    3. කුරුටු ඇත්තෙන්ම තත්වෙ ඕක නම් අපිට මෙයට වඩා සුබවාදී බලාපොරොත්තුවක් කෙසේවත් තබාගත නොහැකී. කොහොමත් අපේ හැම ක්ෂේත්‍රයකම හැම තැනකම දකින්න පුළුවන් කාළකණ්නි පුරුද්දක්නෙ අසරණ වෙලා එන එකාගෙන් ප්‍රයෝජන ගන්න එක. විශේෂෙන්ම ගැහැණුන්ගෙන්.

      Delete
  6. යාන්තම් කතාවක් ලස්සනට ඉවර උනා..... :)

    ReplyDelete
    Replies
    1. හනෙ හප්පේ ඔව් බං. ලාවට ගොඩ දා ගත්තා. :)

      Delete
  7. නියමයි ප්‍රියා අයියා. ඒත් ගොඩක් සිද්ධි ඔය වගේ සුඛාන්ත නොවෙන එක තමා දුක.........

    ReplyDelete
    Replies
    1. ඇත්ත මල්ලි මෙතන අවසානය ‍යථාර්තයට ඈතයි. හැම කතාවක්ම මෙහෙම අවසන් වෙනවනම් මෙ ලෝකෙ කොයි ත‍රම් ලස්සන වෙයිද?

      Delete
    2. හැම දික්කසදයක අවසානය මෙහෙම වෙන්නේ නැහැ බන් .

      Delete
    3. අනිවා මචෝ මේක මම බලෙන් දාපු අවසානයක්ම විතරයි.

      Delete
  8. දික්කසාද නඩු ඉක්මනින් විසඳන්න ඕන කියන එකට නම් එකඟ වෙන්න බෑ. මොකද ඒ දික්කසාදය නිසා තවත් කීපදෙනෙකුගේම ජීවිත වලට බලපෑම් වෙන්න පුලුවන් නිසා. ඉක්මනින් දික්කසාදෙ ලැබෙනවානම් මීට වඩා දික්කසාද නඩු ගොඩගැහේවි. අපි පුලුවන් තරම් උත්සාහ කරන්න ඕන දික්කසාද වෙන්න යන දෙන්නව එකතු කරන්නයි.
    එකිනෙකා අතර අවබෝධය තියෙනවා නම් ඕනෑම ප්‍රශ්නයක් නිවැරදිව විසඳගන්න පුලුවනි.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම එකඟයි රොෂාන්, දික්කසාද වෙන්න යන යුවලකට සුවිශේෂී මානුෂීය හේතුන් මත දික්කසාදය දීම සෑහෙන්න කලක් සළකා බැලිය යුතුයි.

      ඒ වගේම දික්කසාද නඩුවක් පැවරූ පසුවත් ඒ දෙදෙනාටම අවස්ථාව දිය යුතුයි තම අඩුපාඩු හදාගෙන සමඟි වෙනවා නම් ඒ සඳහා.

      Delete
  9. ප්‍රියා...... මෙවැනි වැරදි වැටහීම් අඩු කරගන්න පුළුවන් ..... මෙයාලව මුලින් පවුල් උපදේශනයකට ලක් වුනා නම්, මෙවැනි ගැටළු ඔබ අතරේ ඉන්න කාට හරි උනොත් යොමු කරන්න එවැනි උපදේශන මද්‍යස්ථාන තියනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එය තමා නිහංසා වටින්නෙ. පවුල් අවුලක් උන ගමන් "හා එහෙනම් ඩිවෝස් වෙයන්." කියනවට වඩා උපදේශන සේවා මඟින් තව එක් දිනක් හෝ ඒ පවුල සමඟිව තැබීමයි වැදගත්.

      Delete
  10. ෆට්ට ඈ.............

    ReplyDelete
  11. වෙනද වගේම අදත් ස්ටෝරිය පට්ට .ගොඩක් පවුල් කෙලෙ වෙන්නෙ ඔන්න ඔය සීන් එක හින්දා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ. ගොඩක් තැන් වල තේරුම් නොගැනීම නිසාම පවුල් අවුල් කර ගැනීම් බහුලයි.

      Delete
  12. කතාව උපරිමයි. කියන්න වදන් නැ. ඒත් සහන් ගේ පමාව වෙනස ට හේතු අපට හිතාගන්නයි වෙන්නේ. එ ටිකත් යන්තම් හෝ ඉගි කළානම් මෙයිටත් වඩා හොදයිකියා හිතෙනවා. ජයවේවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එතන පොඩි අඩුවක් තියෙනවා තමා අයියෙ ස්තූතියි එතනත් පෙන්නුවාට.

      බොහොම ස්තූතියි අයියෙ

      Delete
    2. හි හි සහනයත් ඉතින් ඔයාලා වගේ නැතැයි ඈ

      Delete
    3. අයෙම අහලා සහන් කියන්නෙ පරම පවිත්‍ර පරම ශුද්ධ රියල් බුවෙක්. උගෙ එකම වැරද්ද ඌ හැම දේම කියන්න චාන්ස් එකක් දුන්නෑ කියලා හිතේ හිරකරන් හිටියා.
      නැත්ද නලින් අයියෙ. නැතුව :) ;)

      Delete
    4. මේ බතලිට පේන්නෙම අපේ වැරදි විතරමයි මලයා. කමක් නෑ හිත හොද එකිනේ

      Delete
    5. ඕ යේස්

      ඔව් හිත හොඳ ගෑණි හැමදාම … … :D

      Delete
    6. ගෑණු ඔක්කොම පත්තිනි අම්මලා . පිරිමි අපි _ _ _ පුතාලා

      Delete
    7. @ නලින් අයියා. ~ ආයෙම අහලා. මක් කරන්නද ඉතිං. කමක් නෑ අපි ඔන්න ඔහේ ඉමු.

      Delete
    8. @ පත්තරේ ~ හිත හොද උන්ට හැමදාම කරදරනෙ බං

      Delete
    9. @ sanda wenwee ~ ඔහොම හිතන ගෑණුත් ඉන්නවා බං. ඒත් ඔමා එහෙම නෑ. උඹට ඒකට හොදම උදාහරණෙ බ්ලොග් අවකාශෙන්ම දෙනවා නම් 'වනිතා හඬ' දෙන්නම්. :)

      Delete
  13. ගැහැණුන් පිරිමින් අතර ගැටුම හරිම ගැඹුරු දෙයක්. ගැහැණුන් වූ අපි නිතරම කියවන්න (කන්කරච්චල් කරන්න) තමයි වැඩිය කැමති ,පිරිමියාට කතා කරන්න ඉඩ දෙනවා ගොඩක් අඩුයි. ඒත් ඒකම තමයි අපේ ජිවිත වලට අවාසනාව ගේන සතුරා කියලා අපිම දන්නේ, නැහැ. පිරිමියා කියන චරිතය අපිට වඩා වෙනස් සහ ඔහු කැමති අපේ විදියට නොව පිරිමියාගේ විදියටය කියන එක තේරුම් ගන්න පුලුවන්නම් අපි දිනුම් පවුලත් දිනුම්, මගේ ජිවිතෙත් මේ දුර්වලකම තියෙනවා. ඒ වගේම ඒක හදාගනිමින් ඉන්නවා.. ,

    හොද ලිපියක් ප්‍රියා +

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්තම කතාව ඔමා. (බොහෝ විට) ඔය කන්කරච්චලේට පි‍රිමියත් ප්‍රියමනාපයි. ඒත් ඇතම් අවස්ථා වලදි සහ අත්‍යාවශ්‍යම අවස්ථා වලදි ගැහැණිය නිහඬ වී පිරිමියාට කතා කරන්න දීමත් වැදගත්. මෙය දෙපාර්ශවයටම ආදාලයි.

      ඒ වගේම ඔයා කියනවා වගේම ගැහැණිය සහ පිරිමියා කියන්නෙ චරිත දෙකක්. ඒ දෙගොල්ලොම දෙගොල්ලන්ව තේරුම් ගෙන ක්‍රියා ක්‍රි‍රීම වැදගත්.

      ඔය අඩු පාඩුව අඩු වැඩි වශයෙන් අපි හැමො ගාවම තියෙනවා. එය හැකි තාක් අවම කර ගැනීමයි වැදගත්.

      ස්තූතියි ඔමා.

      Delete
    2. ඔන්න ඔය උඩ උඹම කියපු ටික ක්‍රියාවේ යොදවපන්.

      Delete
    3. තව ටික කාලයක් ගිහින් සමිනයාට කතා කරලා බලන්න ඕනේ ....

      Delete
    4. @ නලින් අයියා ~ අනිවා ඒ ටික ක්‍රියාවෙ යෙදෙවුවනම් වැඩේ ගොඩ.

      Delete
    5. @ ඉවාන් ~ටික කාලයක් ගිහින් සමින්ගෙන්ම තමා ප්‍රගති වාර්ථාව අහන්න වෙන්නෙ.

      Delete
    6. කතාකරලා බලහල්ලා ඉන්නවද කියලා.

      Delete
    7. මං මේ දැනුත් කතා කොළා බොළ.

      Delete
    8. අවුරුදු 10ක් අාශ්‍රය කරල බැන්දත් අවුරුදු 02න් ඩිවොස් වෙනවා..
      (උඩ කොමන්ට් කරපු අය බය කරන්න නෙවෙයි)

      Delete
    9. දෙන්නා තේරුම් ගැනීමයි වැදගත්ම බං. සමහරක්ට දහයක් ආස්සරේ කලත් තේරුම් ගන්න බෑ. මොලේ තියන උන් උන් එක පැයට අදුර ගනී හරියටම.

      Delete
  14. පට්ට කතාව අයියේ, එත් අනේ මන්ද නිකන් පොඩි කොමන් ගතියකුත් දැනුනා, එහෙම උනේ මේ වගේ දේවල් ගොඩක් අහන්න දකින්න වෙන නිසාද දැන් නෑ, මොකද ඔය වගේ ෆිල්ම් හිටන් තියෙනවනේ, එත් කතාව නම් එල, අවසානයේ යහපත් නිමාවක් කතාවට දීල තියෙන්නේ. ලියුම වත් බලන්න හිතෙන්නේ නෑනේ පැනපු මලේ හැටියට. හැබැයි පරණ නිම්මි ඇත්තටම සහනව තෙරුන්ම් ගෙන හිටියද යන්න ගැටලුවක්, මොකද නිර්නාමික කෝල් එකකින් වලිගෙට ගිනි තියාගන්න තරම් බොළඳ උනේ කොහොමද, එත් සහන්ගේ හැසිරීම එකට බලපාන ඇති, රා වෙලා ගෙදර එන එක වගේ, එත් මෙච්චර දෙයක් වෙනකන් රුවනිගේ මහත්තයට අයි කලින් කතා කරන්න බැරි උනේ, එහෙම දෙයක් වෙනකන් එතකොට රුවනි මොකද කරේ, අනේ මන්ද කතාව කියවද්දී පට්ට ගැටළු ගොඩයි හරිද, එත් කතාව එල, මන් ඇමැතියි ඒ අවසානයට. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. පිළි ගන්නවා බං ඔක්කොම ටික. ඕක සිරාවටම කියනව නම් මේ කතාවෙ මට ඕන උනේ මෙහෙම අවසානයක් දෙන්නයි. මම මුළු කතාවම ගෙතුවෙ අවසානය හිතේ තියාගෙන. වෙනදා වගේ කතාවට ඕන විදිහට කතාව ගලා යන්න නොදී, අවසානයට අවශ්‍ය විදිහටයි කතාව ගෙතුනෙ. අවසානය ප්‍රීතිමත් කරගන්න කතාවම අසාර්ථක කර ගත්තදෝ කියලත් හිතෙනවා බං. ස්තූතියි. ජය වේවා…!!

      Delete
  15. ආයෙ බඳිනවනං කියපං ප්‍රියා මං බන්දන්නං

    ReplyDelete
    Replies
    1. අනිවා. හැලප අයියලට නොකියා මඟුල් කනවැයි?

      Delete
  16. උබට මොකද බන් මේ වගේ ඒවම හිතෙන්නේ...... කොටුවක් පනින්න ගිහින් වැරදුනා වත්ද ????
    මොනවා උනත් ඇත්ත තේරුම් කරලා දෙන්න දික්කසාද වෙනකම්ම හිටිය එක මමනම් දකින්නේ පිරිමියාගේ දුර්වල කමක් හැටියට .... අපි කොච්චර හරි දේවල් කරත් වැඩක් නැ ඒ දේවල් දකින්නම ඕන අය ඒවා නොදකිනවානම්

    ReplyDelete
    Replies
    1. හැක්… කොට්ටක්. අපි හොද ශාන්ත ධාන්ත කොල්ලො බොල. :)

      ඇත්තටම මෙතනදි සහන් සාම්ප්‍රදායිකයි බං. ඌ අවස්ථාවක් නැති නිසා ජිවිතේම කෙළව ගත්ත එකෙක්. ඒත් මාත් හිතන්නෙ අවස්ථාවක් හදා ගැනීමත් දෙන්නා තේරුම් ගැනීම තුලින්මයි විය යුත්තෙ.

      Delete
  17. අනුන්ගේ ඕපාදූප කේලම් කිසි විමසීමක් නැතුව විශ්වාස කරන එක තමයි මේ විනාසෙට මුල. කේලම් අහන්න ඉස්සර වෙලා විචාර බුද්ධියක් ඇතුව හැසිරුනානම් මෙහෙම වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම අජිත්. කේළම් බස් අහගෙන තමන්ගෙ පවුල් අවුල් කරගන්නෙ තනිකරම මෝඩයො. විචාර බුද්ධියෙන් කල්පනා කරා නම් විසිරිච්ච පවුල් කීයක් රැකිලා ඇත්ද?

      Delete
  18. ෆට්ටයි බන්!! ඕක හැම පවුලක්ම තේරුම් ගන්නවා නම්.............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි. හැම පවුලම එකිනෙකා තේරුම් අරන් ජීවත් වෙනවනම් කොයි තරම් හොදද………

      Delete
  19. උඹේ ඔය අමුතු අමුතු කථා තේමාවන්ට මම හරිම මනාපයි...ඒත් මේ කථාවෙ මැද හරියෙදි සිදුවීම් වල විශ්වාසනීයත්වය බිද වැටුනු බවක් මම දකිනවා...දික්කසාදය වගේ දෙයක් හිටි ගමන් විභාගයට ගන්නෙ නෑනෙ...මේක ඉස්සෙල්ලාම යොමු කරන්නෙ සමථ මණ්ඩලයට...එතැනින් තීරණයක් ගන්න බැරි උනොත් තමයි ඉදිරියට අරගෙන එන්නෙ.

    ඉතින් දික්කසාදය පිළිබද තීරණය ලබා දෙන්නට කලියෙන් නිම්මිගේ සැමියා හෝ...නිම්මි වැනි කෙනෙක් මේ සිදුවීමට අනිවාර්යෙන් මැදිහත් වෙනවා...කඩා ඉහිරෙන්න යන දරු පවුල රැක ගන්න.

    උත්සාහය අගය කරනවා ප්‍රියා....මට දැනුන දේ ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්තෙන්ම සිරා අයියෙ මේ කතාවෙ ගෙතුවෙ අවසානය පමණක්ම හිතේ තියාගෙනයි. මට මූලිකවම ඕන උනේ මොන විදිහෙන් හරි මේ අවසානෙට කතාවක් ලිවීමයි. එතනදි මම අසාර්ථක බව දැන්නම් මටත් හැඟෙනවා.

      ඒ වගේම මගේ සුපුරුදු ලෙඩේ මේකෙත් ආවා. (කොටස් දෙකකට කඩන්න වෙයි කියලා කතාව හැකි ලෙස කෙටි කිරීම.) ආයෙ ඒක වෙන්නෑ කොටස් දෙකට කඩලා හරි. ලියන එක ලියනවා.

      ස්තූතියි අයියෙ අගය කිරීමට.

      Delete
    2. කතාවකට ඒ කොටස නැති එක ඒ හැටි ගැටළුවක් නෑ. හැබැයි කවුරු හරි සැබෑවට මේ සිද්ධිය වෙන්නේ මෙන්න මේ විදියට කියලා හිතනවානම් මුලාවක්. ඒක මේ වගේ කමෙන්ට් එකකින් කියවුණත් ඇති.

      Delete
    3. ඒකත් හරි සුදීක අයියෙ. කතාව තුලින් ඒ සියළු විස්තර කියන්න බැරි වෙච්චි එකත් අඩුවක්. ස්තූතියි අයියෙ.

      Delete
    4. කථාවක විශ්වාසනීයත්වය බිදුනාම...එය රසවින්දනයට බාධාවක්...චිත්‍රපටියකට උනත් මේ සිද්ධිය පොදුයි. මේ මනුස්සයා ඔය රහස රැකගෙන තමන්ගෙ පවුල දෙකඩ වෙනකං පොල් ගානවද කියලා පාඨක අපිට හිතෙනවා.

      Delete
    5. ඇත්තෙන්ම කතාවෙ විශ්වාසනීයත්වය බිඳ වැටීම කතාව ලියත්දි උන වැරද්දක්. එයත් හදාගන්නම්

      Delete
  20. අපූරු කතාවක්... අද කාලෙට ඔබින කතාවක්. මොකක් හරි කතාවක දෙබසක් මතක් වුණා මට ඔය රූපපෙට්ටියෙ නිතර දාන. “ බලාගෙන යනකොට බඳිනවට වඩා අමාරුයිනෙ දික්කසාද වෙන එක.“ “ඔය දෙක ම නෙමේ අමාරු, බැඳල ජීවත් වෙන එක“.

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිලිනි. කොයි කාලෙදි උනත් බඳින එකත් අමාරුයි දික්කසාද වෙන එක ඊටත් අමාරුයි. ඒත් ඔය හැම දේටම වඩා හොදට පවුල ගෙනයන එක අමාරු‍යි. අපි උත්සහා කල යුත්තෙ ඉතාම අමාරු දේ කරගන්නයි.

      Delete
  21. ෆට්ට ප්‍රියෝ
    "ගෑණියෙක් පිරිමියෙක් ආස්සරේ කරන්නෙ අහවල් වැඩේට විතරක් නෙමේ. ඊට වෙනස් සම්බන්ධකම් පවා මේ ලෝකෙ තියෙනවා" ඕක කොහොම කිඋවත් ප්‍රශ්නයක් අපු වෙලාවට කෙල්ලෙක්ට පිළිගන්වනවා නම් සුම්මා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩොකෝ…

      කෙල්ලොන්ට විතරක්ම නෙමේ බං සම හරක් කොල්ලොත් ඉන්නවා ඔය ටික තේරුම් ගන්නැති. ඕක දෙගොල්ලොන්ටම පොල්ලෙන් ගහලා තේරුම් කරන්න ඕන තැනක්.

      Delete
  22. කියන්න තියෙන්නෙ ප්‍රියෝ උඹේ එතකොට මගේ ජාති ජාති හතුරා වෙච්ච ඉවානයගෙ මේ අමුතු තේමාවල් වලට මං කැමතියි..කතාවෙ අවසානයත් ඒ වගේම සුන්දරයි...

    මහ වරුසාවට පසුව නැගෙන සඳ
    වෙනදාටත් වැඩියෙන් එළියයි
    නෝක්කාඩුවට පසුව ඔබේ වත
    ඒ එළියට වැඩියෙන් එළියයි.

    හැබැයි ගොඩක් තැන් වල කතාව ඉවර වෙන්නේ ඔහොම නෙමෙයි, තමන් වැරදි නං වැරැදියි කියල පිලිගන්න බැරි මහ්න්තත්ත කම නිසා කෙලවගන්න තැන්..

    ReplyDelete
    Replies
    1. තෝ කැමතියි කිව්වට හිතුවද බොල මම තොත් එක්ක යාලුවෙයි කියලා , මං තෝව මරණ එක මරනවාමයි ආයේ එකේ දෙකක් නෑ ඕ...යේස්

      Delete
    2. @ පත්තරේ,

      අනෙ අම්මෝ බං අවසානය ඔහොම සුන්දර කරන්න මම කට්ටක්.
      අපේ ගොඩක් හරක් තමන්ගෙ වැරද්ද කියලා දැනත් පොඩ්ඩක් සෙකන්ඩ් වෙන්න කැමති නැති එකෙන්ම තමා කෙළව ගන්නෙ.

      //මහ වරුසාවට පසුව නැගෙන සඳ
      වෙනදාටත් වැඩියෙන් එළියයි
      නෝක්කාඩුවට පසුව ඔබේ වත
      ඒ එළියට වැඩියෙන් එළියයි.// +++++++++++++++ පට්ට එළ.

      Delete
    3. @ ඉවාන්. ~ ආයෙ කතා දෙකක් නෑ. මූ උඹට බය වෙලා. එක්කො කොච්චර උනත් අපේ එකානෙ බන්. ;)

      Delete
    4. මටත් ආසයි බං ඉවාන්...පත්තරයට දෙකක් ඇනලා මැරෙයිද බලන්න...මාවත් එක්ක පලයන් උඹ යන වෙලාවක ඕකව මරන්න...බොලාගෙ ඊ ලිපිනය එව්වා නම් ඡායාරූපයක් තියෙනවා එවන්ට...

      Delete
    5. මාත් පිරිසිදු චේතනාවෙන් බලන් ඉන්නෙ පත්තරේ ට දෙකක් ඇනලා ඉවාන් මරනවා බලන්න. සිරාවටම.
      අනිවා එවන්නම් මේල. rscpriyashad@gmail.com

      Delete
    6. cvpsur@gmail.com

      මේකටත් දාන්න.. මරණ දැන්වීමක් ගහන්න තියනවා!!!

      Delete
    7. හි… පත්ත‍රේගෙද? ගහනවනම් එකක් මටත් එවහන්.

      Delete
  23. කතාව මරු ප්‍රියා...සැකේ කියන ලෙඩේ බෝ උනොත් හොද කරනවා බොරු....අනේ බන් කලින් ලිපි කියෙව්වට කොමන්ටුවක් දාන්න බැරි උනා...තරහක් නෑනේ

    ReplyDelete
    Replies
    1. තරහයි තමයි මොකද යාලුවෙන්න උඹ හිතුවද ඌ කිඹුලෙක් කියලා උඹ වගේ ...පල මැටි කිඹුලි

      Delete
    2. @ ශානු ~ ආයෙම අහලා. කතාවකුත් තියෙනවනෙ 'ආදරයෙ මළගම සැකයයි' කියලා. ඒ වගේම 'සැකය ආදරයේ නිවුන් සොහොයුරයි' කියලත් කියනවනෙ. ඕකෙ මොක ඇත්ත උනත් සැකේ හොද දෙයක් නම් නෙමේ.

      බොලා ලත් එක්ක එහෙම තරහ වෙනවද බං. :)

      Delete
    3. @ ඉවාන්. ~ සිරාවට. එක්කො ඔන්න ඔය නිකන් ඉන්න එකනෙ බං. මේ කිඹුලිත් එක්ක තරහා වෙමු පොඩ්ඩකට. :) :)

      Delete
    4. කිඹුලියේ කො අර අවාසනා දැන් බ්ලොග ලියන්නෙත් නෑ. මං බුකියට යන්නෙත් නැ ඒ හන්දා මෙහෙම ඇහුවේ

      Delete
    5. කිඹුලි මේක දකීවිද දන්නෑ මං බුකියට මේක දාන්නම් නලින් අයියෙ. :)

      Delete
    6. @ගෙම්බා අනේ මේ ස්ප්‍රීන් ගෙම්බෝ තලනවා කට බලා ගන්........

      @නලින් අයියා අවාසනා ගැන දෙයියෝ දනී.....මම නොදනී කිව්වලු....අනේ මන්දා අයියා....අද ලියනවා හෙට ලියනවා කිය කිය ඉන්නවා....මගේ හිතේ වැඩ වැඩි වෙන්ටෑ....

      @ ප්‍රියා ටෝ කිඹුලි කියලා මගෙන් කන්ට තනන්නේ ඈ

      Delete
    7. හරි. බොට කිඹුලි කිවුවම කේන්ති යනවනම් අපි කිඹුල් හූනි කියන්නම්. මේ කාලෙ කොච්චරක් වටිනව කියලැයි. :) :) :D

      Delete
  24. කාලින මාතෘකාවක් .....මම පුවත් පතක දුටුව දිනකට ලංකාවෙ විශාල ප්‍රමානයක් දික්කසාදයට ඉල්ලුම් කරනව කියල.....
    අද කාර්යාල වල කොටු පැනිල්ල බහුලව වෙනව ....තමන්ගෙ උසස්වීම් ඇතුළු වෙනත් ඕන එපා කම් නිසා.....
    ලමයව පාසලට දාගන්න පිනාට රෙද්ද උස්සපු අම්ම......... ලමයව පාසලට යවල පාසල් වෑන් ඩ්‍රයිවර් එක්ක කාමරවල ලගිනව ....
    සම හරක් පිරිමි හිතනව තමන්ගෙ කසාද ගෑනි එක්ක වැඩ දාල සෙක්ස් කරන්න නරකයි...
    මොකද ඌ වයසට ගියාම ගෑනි පිට යයි කියල...වැඩ දාල සෙක්ස් කරන්න වෙන එකියෙක් සෙට් කරගන්නව.......ගෑනිටත් ආසයි වැඩි සෙල්ලම් වලට....ඒකිත් එකෙක් හොයා ගෙන කොටු පනිනව .....
    අනිත් කරුන ...හුගක් ගොබ්බයො කාර්යාලෙ වැඩත් ඔලුවෙ පුරවගෙන ගෙදර එනව ...පවුල් සංස්ථාව බිද වැටෙන්න එයත් එක කරුණක්.....
    කොහොමත් පිරිමිය වැඩි අවධානයක් යොමු කල යුතුයි තම පවුල ගැන......

    ReplyDelete
    Replies
    1. අමුතු ට්‍රෙන්ඩ් එකක් තියනව නේද කෙන්ජි මාමෙ ඔෆිස් වල නිකං ස්පෙයා වීල් එකක් නැතිකම මදිකමක් වගේ සීන් එහෙකුත් !!!

      Delete
    2. ඔව් බං .....ගෙදර අඩුපාඩු නැතිව ෂේප් එකේ කොටු පනින උන් කොච්චර ඉන්නවද.......
      හැබැයි ඉතිං "දත්" ගලවන්නෙ නැති එකියක් සෙට් වුනා නම් සැප කනේ.... හෙක්..හෙක්.....
      99.9% ක්ම ඉන්නෙ දත් දොස්තරිලා....

      Delete
    3. @ කෙන්ජි අයියා ~ ඔය වාර්ථාව හෝ ඊට සමාන වාර්ථාවක් මාත් දැක්කා අයියෙ. එයට අනුව නම් ඒ ගණන 400ක් වගේ වෙනවා මට මතක විදිහිට.

      //සම හරක් පිරිමි හිතනව තමන්ගෙ කසාද ගෑනි එක්ක වැඩ දාල සෙක්ස් කරන්න නරකයි...
      මොකද ඌ වයසට ගියාම ගෑනි පිට යයි කියල.// මේක සම්පූර්ණ ඇත්ත කෙන්ජි අයියෙ. ඕක ඇත්තටම කතා කල යුතුම මාතෘකාවක්. සම හරක් හිතන් ඉන්නෙ ලිංගික ආශාවන් තියෙන්නෙ, ලිංගිකව සතුටු වෙන්නෙ පිරිමියා පමණයි කියලා. අන්තිමේ ගෑණි පිට ගියාම එළ්ලිලා මැරෙනවා.

      අනිවාර්‍යෙන්ම ගැහැණිය සේම පිරිමියත් වැඩි අවධානය තම පවුලට දිය යුතුයි.


      ඒ වගේම ඔයා කියන්නක් වගේ පවුල අංක එකේ තියාගෙන හීනියට වැඩේ කරගන්න චරිත අනන්තවත් ඉන්නවා. හැබැයි අර වගේ දොස්තරියකට සෙට් උනොත්නම් සොරිම තමා

      Delete
    4. @ පත්තරේ, ~ සම හරක් තමන්ට අනවශ්‍ය උනත් ට්‍රෙන්ඩ් එකටත් ඔහොම ඒවා කරනවනෙ ආසාවට.

      Delete
    5. වාර්තා වලට අනුව 300 ක් දවසකට මල්ලි....

      Delete
    6. ස්තූතියි අයියෙ නිවැරදි කිරීමට. මාත් ශුවර් නැතිව කිව්වෙ.

      පවුල් 300ක් කියන්නෙ දරුවො කී දෙනෙක් ඔතන අසරණ වෙනවද? අහිංසක ජීවිත.

      Delete
  25. කතාව ,තේමාව වගේම ගොදන්ගීම අපූර්යි ,මට ගැටළුවක් ආව එකතැනකදී. මොකද අර ගෑනියෙක් එක්ක යාලුවෙන්නේ සෙක්ස් වලටම නෙවෙයි වගේ අදහසක් තියෙන කතාවක් යාළුවා කිව්වා සැනින් කෙල්ල ආපහු හිත වෙනස් කරගත්ත එක නිකන් අභව්‍ය ගතියක් දැනෙනවා මටනම්. මොකද යාළුවා හේතුව හරියට කියන්නේ නෑනේ, අන්න එතැනදී පොඩි සැකයක් ආවා උඹ මේ කතාවට සුබදායි අවසානයක් දෙන්න හිතා මතාම තැනක් ස්කිප් කරලද කියලා ..
    සමස්තයක් ලෙස ඒ අඩුව ඇරෙන්න මම දකින්නේ සාර්තක් නිර්මාණයක් හැටියටයි ප්‍රියා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බං අගය කි‍රීමට. ඇත්තෙන්ම සුබදායි අවසානය කියන කාරණය නිසාම ගොඩක් තැන් මඟ හැරිලා බව මට දැනුයි පේන්නෙ ඉවාන්. ආයෙ ඒ වැරද්ද නොවෙන්න උත්සහ කරන්නම්.

      Delete
  26. ප්‍රියා මචං, මං මේ උඹව මුරුංගා අත්තෙ තියන්න හදනවවත්, නැත්නම් නිර්මාණය ගැන අතිශයෝක්තියෙන් කතාකරනවත් නෙවෙයි. ඒ උනාට බං මේ කතාව කියවගෙන යනකොට් ඇස්වලට කඳුලු උනනවා බං. ඉතාම සර්ථකයි උඹේ රචනා ශෛලිය. බොක්කෙන්ම සුබ පතනවා මචං. ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බං අගය කිරීමට.

      ජයම වේවා…!!

      Delete
  27. සැකය කියන බීජය වැපුරුනාම එ්ක ගලවන්න හරි අමාරුයි.. සහන්ට තිබ්බා තමන්ගෙ නිර්දෝශී බවට වඩා දරුවාගේ අනාගතය, පවුලේ අනාගතය ගැන සිතා.. මෙයිට වඩා වගකීමෙන් කටයුතු කරන්න.. මෙතැනදී අැයට වෙනත් සම්බන්දයක් තිබී අැයම දික්කසාදය ඉල්ලුවානම් සහන්ගේ මේ හැසිරීම අනුමත කරන්න තිබුණා..
    මාෙනව උනත් අායෙත් බදිමු....

    ජ ය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. සැකය කියන්නෙ විශබීජයක් බං. ඇත්ත සහන් මෙතනදි වැරදී. පවුලෙ සමඟිය වෙනුවෙන් නිහඬව සිටීම වගේම අවශ්‍ය වෙලාවෙ කට ඇරීමත් කල යුතුමයි.

      බදිමු බදිමු… ආයෙ බදිමු.

      ජය වේවා…!!

      Delete
  28. කතාව සංවේදීව දැනෙන්න හරිම අපූරුවට ලියලා තිබුනා..... සැකය නිසා කොයිතරම් නම් විනාසයක් වෙන්න පුළුවන්ද...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සැකය කියන්නෙ විනාශයට මුලක් තුශානි.

      ස්තූතියි අගය කිරීමට.

      Delete
  29. ලස්සන කතාවක් චතුරංග. ගෑණියෙක් සහ පිරිමියෙක් අතර ඇතිවෙන සම්බන්ධකම් කොයිතරම්නම් ද සහෝදරකම්, යාලුකම් ඔය හැමදේම ඇතිවෙන්න පුලුවන්නේ. අනිත් කෙනාව තේරුම් ගන්න විශ්වාස කරන්න පුලුවන්නම් ගොඩක් පවුල් කුරුලු කූඩු වගේ සතුටින් තියෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිලිනි ගැහැණු පිරිමි අතර ඇති වෙන බොහෝ බැඳීම් වලට නම් නෑ. ඒවා පටු සම්බන්දතා නෙමේ. එය හැම කෙනෙක්ම තේරුම් ගන්නවා නම් හැම පවුලම කුරුළු කූඩුවක් වේවි.

      Delete
  30. මම දන්න ජෝඩුවක් හිටියා බං දික්කසාද වෙලා එකම බයික් එකේ නැගලා ගෙදර ඇවිත් තවම එකම ගෙදර ජීවත්වෙන. වෙනස ඌ කියන්නේ ඒ වයිෆ් කියලා නෙවෙයි මගේ දරුවගේ අම්මා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ දරුවා පාළමක් වෙලා ඒ ජෝඩුව එකතු උනොත් කොයි තරම් හොදද?.

      ඒත් අඩුම තරමෙ දෙන්නා එකම අරමුණක් වෙනුවෙන් එකම වහලක් යට ඉන්න එකත් පුදුමයි.

      Delete
  31. හම්මේ ^_^ අන්තිමේ දී නිම්මි යි සහනු යි ආයෙත් බැන්දානේ. ඒ ඇති මට!

    ReplyDelete
    Replies
    1. හනෙ අම්මේ ධාරා ඒ උනාට මුන් දෙන්නව ආයෙ බන්දන්න මම කාපු කට්ටක්. ^_^

      Delete
  32. සැකය වගේම භයානකයි සැක ඇතිවනසේ හැසිරීමත්. කොහොමත් කසාදයක් දික්කසාදයකින් අවසන්වීමේ අමිහිරි ප්‍රතිඵලය භුක්ති විඳින්නේ දරුවෝ. නමුත් සතුටක්, සැනසීමක් නැති ව්‍යාජයට වඩා වෙන්වීම බොහෝවිට හරි. එහෙම නැත්නම් ඊට වඩා දරුණු ප්‍රතිඵල දකින්න පුළුවන්.

    මට මේ ලඟදි සුදු පිරිමි කෙනෙක් හම්බවුනා කතාබහකට. මිනිහා පුදුම සතුටකින් හිටියේ. එදා තමයිලු ඩිවෝස් එක හම්බවුනේ. මගේ වයිෆ් ඇහුවා උඹ බැඳපු දවසෙත් ඔය විදිහටම සතුටින් ඉන්න ඇති නේද කියලා. මිනිහා අඬන්න පටන් ගත්තා. අපිට ඔය දේවල්වල හරි වැරදි කියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අරූ අයියෙ. මේකෙ සහන් වගේම සම හරක් ඉන්නවා උන්ගෙ ගොන් හැසීරීම ගැන තේරිලා ඉස්තාලෙ වහත්දි අස්සයා පැනලා ගිහින් ඉවරයි.

      ඒ වගේම ඔය වගේ අවස්ථා වල වැඩිම අසාධාරණයට ලක් වෙන්නෙ අහිංසක දරුවො. උන් ගිරේට අහු උන පුවක් ගෙඩි වගෙයි.

      අර සුදු මනුස්සයා ඩිවෝස් උනේ මොන මානසික තත්වෙකින් වෙන්න ඇත්ද. ඒවා හරිද වැරදිද කියන්න අපි ඉක්මන් වෙන්න න‍රකයි.

      Delete
    2. මොනවා වුනත් සැමියෙක් සහ බිරිඳක් තමන්ගේ ඔෆිස් වල දේවල් බිරිඳ සැමියා එක්ක අකුරක් නෑර බෙදා ගන්නවා නම් හොඳයි. ඒ වගේ වුණාම මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ නෑ.

      Delete
    3. අන්න ඒක ගොඩාක් ප්‍රශ්ණ වලට විසඳුමක් සුදීක අයියෙ. පුළුවන් තරම් දෙන්නට දෙන්නා විවෘත උනාම ප්‍රශ්ණ අඩුයි.

      Delete
  33. බොහෝ තැන් වල අව්ස්තාවාදීකම තමයි මේ තත්වය ඇති වෙන්න හේතුව,

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියෙ. ගොඩක් උන් පවුල් අවුල් කර ගන්නෙ අවස්ථාවාදි කම නිසයි.

      Delete
  34. ආයෙ බඳින්න කලින් බැඳල ඉන්න එපාය.

    හහ්! යන්තං සුඛාන්තයක්.පට්ට පට පට සුපුරුදු පරිදි ඈ

    ReplyDelete
    Replies
    1. පට්ට නම් ඇති. ආ‍යෙත් නම් කාලෙකට සුඛාන්ත වලට නහින් නෑ. :)

      Delete
  35. ///ගෑණියෙක් පිරිමියෙක් ආස්සරේ කරන්නෙ අහවල් වැඩේට විතරක් නෙමේ. ඊට වෙනස් සම්බන්ධකම් පවා මේ ලෝකෙ තියෙනවා///
    මේක නොදන්න එවුන් වැහි වැහැලා ඉන්න එක තමයි එපාම කරපු දේ.
    මට ඉන්න යාලුවන්ව ගැහැණු පිරිමි වශයෙන් වෙන් කලොත්, කණ්ඩායම් දෙකේම සම සමව ඉන්නවා. එතනිනුත් සමහරු මාව සලකන්නේ තමන්ගෙම සහෝදරයෙක් ගාණට.

    එහෙම කෙල්ලෙක් එක්ක කතා කලත් අපේ කැම්පස් එකේ එවුං අහන්නෙ "කෑල්ලද බං" කියලා.
    නැත්නම් නංගිලා (මට තමන්ගෙම අයියට වගේ සලකන පොඩි කෙල්ලො ටික) එක්ක කතා කලොත් සමහරු විහිළු කරනවා "කුකුළෙක්" කියලා.

    යාලුවංව හම්බවෙන්න, කතා බහ කරන්න, උං එක්ක කාලය ගත කරන්න, උං කිහිප දෙනෙක්ම ඉන්න පංතියකට නිතර ගියොත් අනිත් එවුං අහනවා, "කාටද බං ටෝක් කරන්නේ? කියපං ඉතිං, අපිත් ඒ පංතියෙනෙ, අපිටත් පුළුවං උඹට උදව් කරන්න" කියලා. ඒකත් කරමලේ ඉස්මුදුනෙනුත් චුට්ටක් උඩට උස්සලා පෙන්නන ගමං තමයි අහන්නේ.
    ශික්, පිස්සු යක්කු!!!


    කතාවනං බොක්කටම වැදුණා අයියේ, ඇත්තටම මේකනං බ්ලොගේ විතරක් තියලා හරියන්නේ නෑ.
    මුළු රටටම මුළු ලෝකෙටම දෙන්න ඕනේ වෙලා තියෙන, අද කාලෙට අත්‍යාවශ්‍යම පණිවිඩයක් මේ කතාවෙන් ඔයා දීලා තියෙන්නේ. මේක කොහොම හරි, පුළුවං හැම විදියකින්ම ලෝකෙට ගෙනියන්න ඕනේ.

    ReplyDelete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................