~~~ඔබ නමින් මියෙමි මා~~~
හැගුම් රළ කැළබිලා...
වදන් වැල ගොළු වෙලා...
නෙතින් නෙත පටලලා...
කෙසේ ඉමු සැනසිලා...
ලොවම අප දෙස බලා...
වැහැසි බස් දොඩවනා...
අප දෙදෙන එක් වීම...
ඔවුන් නොම ඉවසනා...
රුපු දෙනෙත් සිය ගනන්...
අප දෙසට යොමු වෙලා...
සියුම් ඉරියවු පවා...
ඔහුන් ලුහු බදින්නා...
මතු භවෙක අපි අපේ...
වී යලිත් ඉපදෙනා...
ඒ භවේ එනතුරා...
ඔබ නමින් මියෙම් මා...
©චතුරංග ප්රියශාද්*
(11/04/2013)
දිගටම ලියන්න... හරිම ලස්සනයි..
ReplyDeleteබොහොම ස්තූතියි Sahan. ඒ වගේම බ්ලොග් එකේ තව හදාගන්න තියෙන දෙවලුත් කියන්න. ඔයාලගෙ උපදෙස් බොහොම වැදගත් මොකද මං අලුතෙනුයි එකතු උනේ. Thanks
ReplyDelete////හැගුම් රළ කැළබිලා...
ReplyDeleteවදන් වැල ගොළු වෙලා...
නෙතින් නෙත පටලලා...
කෙසේ ඉමු සැනසිලා...////
ඔන්න ඔතන ඔය" නෙතින් නෙත පටලලා" කියන තැනට කොහොමද "දෙපා අපේ පටලලා" කියලා දැම්මනම්. මගේ ගොන් ජෝක්වලට තරහා ගන්න එපා. උඹ ලියපන් දිගටම. ජයෙන් ජය!!!!!
නියමයි හැබැයි එතකොට 18+ වෙයිද දන්නෑනෙ.
Deleteබොහොම ස්තූතියි Aru. මාත් දිගටම ඔයාලගෙ සහයෝගය බලාපොරොත්තු වෙනවා.
adarayata kohedo bada naththe.... lassanai aiye digatama liyanna..
ReplyDeleteබොහොම ස්තූතියි නංගි, කවිත් ලියන අදහසින් බ්ලොග් එක පටන් ගත්තත් කවි ලියවුනා අඩුයි. බලමු ඉස්සරහට. දිගටම කියවන්න ආරධනා කරනවා.
Deleteමතු භවේ... ඕක තමයි ෂුවර් නැත්තේ... මගේ පැතුම නම් මේ ආත්මෙදිම දිනන්න
ReplyDeleteඔව් රයිටරේ, මාත් පතනවා මේ ආත්මෙම ඉටු වෙන පැතුමන් ඉටු වෙන්න කියලා.
ReplyDeleteඋඹට ජය !!