21 September, 2013

~~ඔබ නමින් මියෙමි මා~~

~~~ඔබ නමින් මියෙමි මා~~~



හැගුම් රළ කැළබිලා...
වදන් වැල ගොළු වෙලා...
නෙතින් නෙත පටලලා...
කෙසේ ඉමු සැනසිලා...

ලොවම අප දෙස බලා...
වැහැසි බස් දොඩවනා...
අප දෙදෙන එක් වීම...
ඔවුන් නොම ඉවසනා...

රුපු දෙනෙත් සිය ගනන්...
අප දෙසට යොමු වෙලා...
සියුම් ඉරියවු පවා...
ඔහුන් ලුහු බදින්නා...

මතු භවෙක අපි අපේ...
වී යලිත් ඉපදෙනා...
ඒ භවේ එනතුරා...
ඔබ නමින් මියෙ
ම් මා...
©චතුරංග ප්‍රියශාද්*

(11/04/2013)

8 comments:

  1. දිගටම ලියන්න... හරිම ලස්සනයි..

    ReplyDelete
  2. බොහොම ස්තූතියි Sahan. ඒ වගේම බ්ලොග් එකේ තව හදාගන්න තියෙන දෙවලුත් කියන්න. ඔයාලගෙ උපදෙස් බොහොම වැදගත් මොකද මං අලුතෙනුයි එකතු උනේ. Thanks

    ReplyDelete
  3. ////හැගුම් රළ කැළබිලා...
    වදන් වැල ගොළු වෙලා...
    නෙතින් නෙත පටලලා...
    කෙසේ ඉමු සැනසිලා...////

    ඔන්න ඔතන ඔය" නෙතින් නෙත පටලලා" කියන තැනට කොහොමද "දෙපා අපේ පටලලා" කියලා දැම්මනම්. මගේ ගොන් ජෝක්වලට තරහා ගන්න එපා. උඹ ලියපන් දිගටම. ජයෙන් ජය!!!!!

    ReplyDelete
    Replies
    1. නියමයි හැබැයි එතකොට 18+ වෙයිද දන්නෑනෙ.
      බොහොම ස්තූති‍යි Aru. මාත් දිගටම ඔයාලගෙ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

      Delete
  4. adarayata kohedo bada naththe.... lassanai aiye digatama liyanna..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි, කවිත් ලියන අදහසින් බ්ලොග් එක පටන් ගත්තත් කවි ලියවුනා අඩුයි. බලමු ඉස්සරහට. දිගටම කියවන්න ආරධනා කරනවා.

      Delete
  5. මතු භවේ... ඕක තමයි ෂුවර් නැත්තේ... මගේ පැතුම නම් මේ ආත්මෙදිම දිනන්න

    ReplyDelete
  6. ඔව් රයිටරේ, මාත් පතනවා මේ ආත්මෙම ඉටු වෙන පැතුමන් ඉටු වෙන්න කියලා.

    උඹට ජය !!

    ReplyDelete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................