08 July, 2014

ඩෙංගු සුව කරන හොදම බෙහෙත මුත්‍රාද?


ගිය මාසෙ අන්තිම හරියෙදි අපෙ මල්ලිට ඩෙංගු මදුරුවෙක් පොඩි පහේ තෑග්ගක් දීලා රෝහල් ගත වෙන්න උනා නොවැ. කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඩෙංගු ශ‍රීරගත වී ඇත‍යි හදුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලෙත් කිහිප දිනක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ අතර ඒ දින තුනක් එක දිගට ඔහු ලග ඉන්න උනෙත් මටයි.…

කොහෙද ඉතිං ආචාරියතුමා ගස් බැදීමේ සහා ගස් බැදගැනීමේ සංදර්ශණ දැක්වුවට ඕවැයෙ ඇත්ත ප්‍රථිපල විදින්නෙ අපි නොවැ…… ඒවා කතා කොරලා වැඩක් නැහැ. කොහොම උනත් ඒ රෝහලේ ඉන්න ටිකෙත් අපරාදෙ කියන හොද අත්දැකීම් ටිකක් නම් ලැබුනා…… ඒකම මදෑ…

පඳුරකට පයින් ගැහුවත් වැඩිහිටි නිවාස හත අටක් විසිවෙන කාලෙක අපි රෝහලට ගිය වෙලාවෙ පටන් පිටව යන තුරුම එක දිගට එක වයසක සීයා කෙනෙක් අසනීපෙ අමාරුව නිසාම ඉවක් බවක් නැතිව දොස්තරලට, හෙදියන්ට, තමුන්ට තමන්ලගෙ අම්මට, බිරියන්ට, දරුවන්ට පමණක් නොව දකින දකින සියල්ලන්ට සිංහල හොදම සභ්‍ය වචනයෙන් සංග්‍රහා කරමින් ඒ මදිවට ලෝකෙ නැති දස වධ දෙත්දිත් කිසිම වෙනසක් නොපෙන්වා ආදරෙන් බොහොම පරිස්සමට ඔහුගේ පුතුන් දෙදෙනා මාරුවෙන් මාරුවට පියාව බලා ගන්න හැටි දුටු වාරයක් වාරයක් පාසා මගෙ සිතට දැනුන හැඟීම කියා ගන්න බැරි තරම්……

එය එසේ වෙත්දී ඇතම් පිරිස් රෝගීන් අසල නතර කරවන පිස්සු චරිත පිස්සු වැඩ දැක්කම නම් කළකිරුණු අවස්ථා අනන්තයි. විශේෂෙන්ම මුදල් දී කුලියට අයකු තබන අවස්ථා පිළිබදව නම් කතා කර වැඩක්ම නැති තරමය.… එක් අයෙකු දෙදෙනකු හැර අන් සියල්ල වැඩ 'හොරු'ය.

තමන්ගේ කෙනෙකු අසනීප වූ විට ළග තැබීමට කෙනෙකු සොයා ගත නොහැකිම අවස්ථාවක් උදාවුව හොත් කුලියට අයකු තබයි නම් ඒ පවුලේ උදවියට වගකීමක් ඇත විශ්වාස වන්ත වගකීමක් ඇති තැනකින් සේවය ලබා ගැනීමට.

කුලියට රෝගීන් බලා ගන්නා බොහෝ අය කරන්නේ රාත්‍රී 7.30 වන විට නාගෙන 8.30 නමය වන විට කෑමට කියා ගොස් 10.30 / 11.00 වන විට පැමිණ වටේ රවුමක් දෙකක් කැරකී 12.00 / 12.30 වන විට නිදා ගැනීමය.… අවශ්‍ය සියල්ල රෝගීයා කෙසේ හෝ කරගත යුතුය…

තවත් පිරිසක් වාට්ටුවේ සියළු රෝගීන් අසලට ගොස් ඒ ඒ රෝගියාගෙ විස්තර සොයමින් ඇවිදියි. තවත් සම හ‍රක් පැය ගණනම රෝගියා අසලම සිටියත් ශත පහක වැඩක් ඇති පිරිසක් වත් අඩුම තරමෙ රෝගියා පිළිබඳව අනුකම්පාවක් වත් ඇති උන් නොවේ. එයට හොදම උදාහරණයද ඒ රෝහලෙන්ම ලැබුනි.

28 වන සෙනසුරාදා දින උදෑසන අවුරුදු දහතුනක දරුවෙකු ඩෙංගු වැළදී ඇති බවට හඳුනාගෙන රෝහල් ගත කල අතර ඔහු සිටියේ මගෙ බාල සොයුරාගෙ ඇඳට එහා ඇඳේය. වාට්ටුවට ඇතුලත් කරන සියළු ඩෙංගු රෝගීන්ට පැයකට වරක් බීමට නියම කරන ප්‍රමාණයක් ඇති අතර පොතක පැයකට වරක් බීමට ගත් ප්‍රමාණය, වේලාව සහ වර්ගය සටහන් කල යුතුය. එසේම පැය දෙකකට වරක් පිටවන මුත්‍රා ප්‍රමාණය සටහන් කල යුතුය. එ‍ය විටින් විට හෙදියන් පැමිණ ඇඳ ඉහ වාර්ථාවේ සටහන් ක‍ර තබයි.… මේ දෙක ඉතාම වැදගත් අතර අනිවාර්‍යෙයෙන්ම කල ‍යුතුය.

එම දරුවා රෝහලට ඇතුලත් කර දහාවල පියා ලග සිටි අතර රාත්‍රිය සිටීමට කුලියට අයෙකු පැමිණි හෙයින් ඔහුටද අර උපදෙස් සියල්ල දී පහදා දෙන ලදි.

මොහුද සුපුරුදු ලෙස වටේ ඇවිදිමින් පැයකට වරක් පමණ දරුවා අසලට පැමිණ යමින් සිටි අතර රාත්‍රී 11.30ට 12.00 ට පමණ හෙදියක් පැමිණ පොත ඉල්ලා සටහන් කිරීමේදී මුහුණ දුන්නෙ විශාල ගැටළුවකටය.

"මේ මුත්‍රා දිගටම එකම ගාණට යන්නෙ කොහොමද…?? අන්තිම හතර පාරම ගිහින් තියෙන්නෙ එකම ප්‍රමාණෙනෙ…"
"එහෙම තමා මිස් මෙයා දාන්නෙ එකම තරම…"
"මේවා හරියට මනින්න… වරද්දන්න නම් එපා… කෝ බීපුවා ලියපු ටික??"
"ඔය තියෙන්නෙ මිස් අනිත් පැත්තෙ…"
පානය කල දේ පරික්ෂා කල හෙදියගේ දෑස් නලලට යන්නට ගියෙ ඉබේමය.
"මේකෙ 10.15ට පෙවුවෙ මොනවද…????!!!!"
"ඕ…ඕකෙ තියෙන ජාති තමා මිස් පෙවුවෙ……"
"අනේ මේ ඔයාට මෙයාව බලා ගන්න බැරි නම් වෙන කාව හරි ති‍යන්න… පිස්සු කරන්න එන්න එපා මෙතන… දැන් ටිකට් එක බලලා ඩොක්ටර් අහන ඒවාට උත්තර දෙන්න බලාගෙන ඉන්න…"
හෙදිය පිටවූ වහාම කුටු කුටු ගසමින් බැනීමට පටන්ගත් ඔහුගෙන් මා පොත ඉල්ලාගෙන බැලුවේ කුතුහලය නිසාමය……
"අනේ බලන්න මල්ලි මේ ගෑණිට පිස්සුද කොහෙද? ඔක්කොම හරියට ලියලා තියෙත්දි……"
පොත බැලූ මටද දෙවියන් සිහි විය………

පැයට මිලිලීටර් අසූවක් (80ml) බීමට නියම නියම කර තිබූ දරුවාට ඒ ඒ පැයට පෙවූ වර්ගය ලියන තීරුවේ ජලය, ජීවනී, පළතුරු යුෂ අතර 10.15ට පානය කල බවට සටහන් කර තිබුනේ මුත්‍රාය.

© ප්‍රියා. {07/07/2014}

(පින්තූරයට ස්තූතිය……
http://www.madhyamam.com)

127 comments:

  1. එක ලෙඩෙක් බලාගන්න එන කුලී කාරයා ඒ වාට්ටුවේම තවත් ලෙඩ්ඩු 4ක් 5ක් බලාගන්න කොන්තරත් එක ගන්නවා. ඒ කොහොම වුණත් ඔය ලෙඩුන් බලාගන්නවාය කියන එක මහා අමාරු කාර්යයක් . විශේෂයෙන්ම පවුලෙ සාමාජිකයන් අඩු අයට.
    හදිසියකදී මා රෝහල් ගත කළොත් ළග ඉන්න ගෙදර කිසිම පිරිමියෙක් නැ. ඉතින් යාලුවන්ගේ පිහිට තමා පතන්න වෙන්නේ. මට එහෙම වෙලා තියනවා. රෝහලක නේවාසික දිවිය කියන්නේ කතා ගොඩක් ලියන්න හැකි දේවල් උකහා ගන්න හැකි තැනක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත නලින් අයියෙ… එහෙම මිතුරෙක් හෝ සොයා ගැනීමට නොහැකි අවස්ථා වල කුලියට අයෙකු තැබීම කල යුතුයි. ඒත් ඒ අවස්ථාවෙන් ඒ මිනිස්සු මුදල් අරං අර වගේ වංචා කරන එක වැරදී.

      රෝහලක් කියන්නෙ ලියනවා නම් ලියන්න්න මාතෘකා ගොඩක් තියෙන තැනක්. තව මීට කලින් ඒවත් තියෙනවා. බලමු

      Delete
    2. හිත කලකිරවනම මාතෘකාවක් බං.

      \\විශේෂයෙන්ම පවුලෙ සාමාජිකයන් අඩු අයට.//

      කියල වැඩක් නෑ නලීන් අයියේ ඒ වෙලාවටනම් දැනෙන අසරණකම.

      Delete
    3. සිරාවට බං. අපිටත් ඒ ටිකම තමා. ඒකනෙ දවස් තුනක් එක දිගට මල්ලි ලග මටම ඉන්න උනෙත්.

      Delete
  2. හිනා වෙන්නද අඩන්නද ??කොම වුණත් ලංකාවේ ඩෙංගු මර්ධනයට තවම වැඩපිළිවෙළක් තියෙද කියන එක ගැටලුවක් අර බැක්ටීරියාවක් ගෙන්වනවා කිව්වට,දැන් ප්‍රියා ගේ මලයා හොදයි ද ?

    ReplyDelete
    Replies
    1. මේවාට අඩ අඩ හිනාවෙන්න‍යි වෙන්නෙ සහෝ… ඩෙංගු මර්ධනය ගැන කතා කරලා වැඩක් නෑ. හොදටම දකිනවා බං ඒ ගැන නම්.

      දැන් නම් හොදයි සහෝ… ස්තූතියි ඇහුවට.

      Delete
  3. දෙයියෝ සාක්කි! පොඩි එකා ඉතුරු උනාද?

    ReplyDelete
    Replies
    1. පහුවදා හවස අපි එත්දිත් ඒ ළමයට ටිකක් අමාරුවෙන් හිටියෙ රාජ් අයියෙ. හොද වෙලා ඇති කියලා හිත හදා ගමු.

      Delete
  4. ඉතාමත්ම කටුක අත්දැකීම් තමයි ඉස්පිරිතාල ගැන නම් කියන්න තියෙන්නේ ප්‍රියා. අපේ මිනිස්සු හරි අසරණයි බන්. මට මෙහේ ඉස්පිරිතාලෙකට, සායනයකට ගියාම අපේ රටේ ඉන්න මිනිස්සු ගැන මහා දුකක් හිතෙනවා. ඒ මිනිස්සු කරලා තියෙන වැරැද්ද මොකක්ද කියලා ඉස්පිරිතාලවල මෙහෙම දුක් විඳින්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ මිනිස්සු ගොඩක් අසරණයි අරූ අයියෙ. ඒවට ගොඩක්ම වග කියන්න ඕනත් අපේ මිනිස්සුමයි.

      සායන ගැන නම් කතා කරත්දිත් කේන්තියක් විතරයි ඉතුරු වෙන්නෙ. අපෙ අම්මා මාසෙකට දෙපාරක් සායන දෙකකට යන නිසා ඔය ගැන හොදටම දන්නවා.

      Delete
    2. මට තියෙන ප්‍රශ්නෙ මේකයි. මේ අම්මගේ රටේ ඉන්න එවුන් පාරම්බානවානම් සෞඛ්‍යය සේවය නොමිලේ..නොමිලේ.. නොමිලේ කියලා, ඇයි දෙයියනේ මෙච්චර දුකක්. ලක්ශ පහක හයක ඔපරේෂන් එකක් කරන්න උනාම ඇයි අසරණ මිනිස්සුන්ට බස්වල හිඟාකන්න වෙන්නෙ. ලවුඩ්ස්පීකර් බැඳගෙන වෑන් වලට තෙල් ගහගෙන පොටෝ බැනර් එල්ලගෙන ඇයි පොළවල් ගානෙ යන්න වෙන්නෙ.

      Delete
    3. ජීවිතේම කළකිරෙන්නෙ ඒවා දකිත්දි තමා බං. ඒත් මදිවට අපෙම ඉන්න සමහරක් සක්කිලින්ගෙ වැඩ නිසා එහෙම එන අසරණ මිනිහෙක්ට වත් උදවුවක් වත් කරන්න ඇත්තටම අසරණ මනුස්සයව වෙන් කර ගන්නත් බැහැනෙ බං.

      Delete
    4. @ මනෝෂ්......ඕවාට උත්තර හොයන්න ගියාම දේශද්‍රෝහී වෙලා, පුකේ එස්ලෝන් යවාගෙන තමයි නවතින්න වෙන්නේ. පරිස්සමින්..එවන් කාලයක් අතේ දුරින් එනවා. සත්තයි මේ කියන දේ මට එහෙම හැඟෙනවා. මේ රෙජීමයේ ක්‍රියා මාර්ග මොකා දම්මලා හරි නැවැත්තුවේ නැත්නම්. එක වරක් ඔය වගේ කොළඹ නගර සභාවේ නගරාධිපති කරේ ඉම්ටියාස් කියලා ත්‍රීවීලර් ඩ්‍රයිවර් කෙනෙක්. මම ඉම්ටියාස්ගේ රස්සාවට නිගරු කරා නෙමේ.( එහෙම කරන්න මට අයිතියක් නැහැ.)

      Delete
    5. ඒකත් ඇත්ත අරූ අයියෙ. උඩුගම් බලා පිහිනීම, වැරද්දට එරහිව කතා කිරීම දේශද්‍රෝහී වීමේ සුදුසුකම්නෙ.

      Delete
    6. ඔන්න බලපන් මේ පෝස්ට් එක කියව කියව මාත් එක්ක අඩියක් ගගහා ඉන්නේ මෙහේ ඉන්න ලංකාවේ ඩොකෙක්. ඌ මගෙන් අහනවා...උඹ කියන්නේ රටේ ජනාධිපති වෙන්න ඕන ත්‍රීවීලර් රියදුරෙක්ද කියලා..මූ අහන්නේ හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන සීන් එකක්නේ.

      මම මුට කිව්වා...ගෑණියෙක් හිනාවුනාම... ඒ ගෑණීගේ මූණ නොබලා ඒ ගෑණී චූ කරන තැන බලන්නේ ලෙඩ්ඩු කියලා. මූට මැරෙන්න හිනා. චූ කරන තැන කියලා නෙමේ මම කිව්වේ. මූ හොඳ එකා බන්.මූයි, අරූයි යාලුවෝ ඒක නිසා ගානක් නැහැ. මූ දන්නේ දොස්තර කම විතරයි.

      Delete
    7. හැක්… ඔහොම ඩයල් කොහෙත් ඉන්නවානෙ අරූ අයියෙ.

      //ගෑණියෙක් හිනාවුනාම... ඒ ගෑණීගේ මූණ නොබලා ඒ ගෑණී චූ කරන තැන බලන්නේ ලෙඩ්ඩු// +++++++++++++ පට්ට කියන්නෙ පට්ටෙත් පට්ට කතාව අරූ අයියා. :) :)

      අද මරු දවසක් වගේ. :D

      Delete
  5. ලෙඩාගෙ අයිතිකාරයොත් දැනගන්න ඕනෙ වගකීමක් දරන්න පුළුවං පුද්ගලයෙක්ව නවත්තන්න..

    ReplyDelete
    Replies
    1. අනිවා අසංක. ඒක මඟ හරින්න බැරි වගකීමක්. ඒත් බොහෝ උදවිය ඔතනදි අසරණයි.

      Delete
  6. ඉතින් ඔය කියන ස්පිරිතාලවල සේවකයන්ට ලෙඩුන් බලාගන්න බැරිද? අඩු ගණනේ අත්‍යාවශ්‍යය අවස්ථාවක වගේවත්. මොකද අසරණ වෙච්ච මිනිස්සු මිසක් වෙන කවුරුත් රෝහලකට එන්නේ නෑනේ. මාත් අර අරූ කියපු දේ තමයි කියන්න තියෙන්නේ මා නම් සර්ජරි කරලා, කකුල් කඩාගෙන ඇවිදින්න බැරිව රෝහල් වල නතර වෙලා ඉඳලා තියෙනවා. කවුරුත් මගේ ළඟ ඉඳලා නෑ. රෝහල් සේවකයෝ උවමනාවටත් වඩා කාරුණිකයි.
    එක පාරක් මම නවලෝක හොස්පිට්ල් එකේ හිටියා අපේ අක්කා එක්ක. අනේ ඔය ලක්ශ ගනන් ගෙවන රෝහල් වල තත්ත්වය ඊට ශෝචනීයයි. මම බැනපු පාර අපේ අක්කට පුදුම සැලකිල්ලක්. මට නම් හිතෙන්නේ රක්ශාවක් නැතිකමට මේ මිනිස්සු සෞඛ්‍ය සේවයට එකතු වෙනවා මිසක් වෙදකම හෙදකම ගැන දොස්තරගේ ඉඳන් පොඩි එකාට යනකම් අපේ රටේ දන්නේ බොහොම සීමිත පිරිසක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත රංගි අක්කෙ. නියම ක්‍රමයට සිදු වෙනවා නම් එය විය ‍යුතුයි. නමුත් අපේ ක්‍රමයේ පවතින මොකක් හෝ කාළකණ්නි කමක් නිසා එය එසේ නොවන එකත් අවුලක්. එක් අයෙක් දෙදෙනෙක් රෝහල් සේවකයින් හැර බොහෝ දෙනා හිතන් ඉන්නෙ රෝගියා කියන්නෙ කරදරයක් කියලා.

      පෞද්ගලික රෝහල් ගැන විශේෂෙන්ම ඔය හතු පිපෙන්නා වගේ පටන් ගන්න නර්සිං හෝම් ගැන එහෙම කතා කරන්න තව පෝස්ට් දෙක තුනක් ලියන්න වෙයි.

      දැන් සෞඛ්‍ය සේවය තවත් රැකියාවක් මිස සේවයක් නොවන තරමයි.

      Delete
    2. අන්න ඒකමයි මාත් කියන්නෙ සෞඛ්‍යය සේවාව නොමිලේ නම් ඉස්පිරිතාල වල ඉන්න සාත්තු සේවකයන්ට පුලුවන් වෙනෝනි මේ ලෙඩ්ඩු බලාගන්න.

      Delete
    3. ඒත් ප්‍රශ්ණෙත් එතනමයි මනෝ, සුළුතරයක් බලා ගනී එහෙම බහුතරය අස‍රණයන්ට අබ සරණයි තමා.

      Delete
    4. මෙහෙමනේ බං පුක ඉරාගන පාඩං කරනවා කකුල් එබාගන වතුර බේසං වල , දෙතුන් පාරක් ඒලෙවල් කරනව කැම්පස් යන්ඩ ,

      ‍ෆේල් වෙලා බැරි වෙනව

      එතකොට කියනව

      දැං ඉතින් ටීචිංවත් යනව
      එක්කෝ නර්සිංවත් යනව

      අන්තිමට ඉස්කෝලවල ලමයිනුත් ඉවරයි
      ඉස්පිරිතාලවල ලෙඩ්ඩුත් ඉවරයි

      ඉලග මෙලෝ මල මනුස්ස කමක් හැදියාවක් නැති බත් පැකට් වලට පෙලපාලිගිය ගෑණු ටිකයි , බැනර් බදින්ඩ ගස් බඩගැව කසිප්පු කාරයොයි ගංජා කාරයොයි බදව ගන්නවා දේසපාලුවෝ සාත්තු සේවයට

      ඉතින් කොහෙද ඉස්පිරිතාල හදන්නේ

      ඉටත් හපං දොස්තරල , පාං කාලක් පොගවගන්ඩ ලේ නැ මුනේ

      Delete
    5. මං මේ කල්පනා කරන්නේ හැමෝම හැමෝටම උදේ හවා මෛත්‍රී, කරුණා කරන, පැය විසි හතරම බණ අහන, ලෝකෙම්ම උතුම් රටේ මේ වගේ කොහොමද වෙන්නේ කියලායි!

      Delete
    6. ඇත්ත ඇති සැටියෙන්ම කියනවා නම් ඕක තමා ඇත්ත තත්වෙ අටම් අයියෙ.

      බහුතරයගෙ තත්වෙ ඕකම තමා. උන්ගෙ ඇරියස් අල්ලන්නෙත් අසරණ ලෙඩ්ඩුන්ගෙන්. අසරණ ළමයින් ගෙන්. ඔහොම කරලා ටීචිං ගිය උන් තමා අර එකා දෙන්නා මරා ගන්නෙ, අර දුප්පත් දරුවොන්ට සපත්තු මාල දාන්නෙ, අහිංසක පැටවු කන්න ගේන කෑම එක කුණු කූඩෙට දාන්නෙ.

      Delete
    7. කකා, කොහෙද මෛත්‍රී කරනවා තබා ඔහුන් ඔහුන්ගෙ සේවාව වත් ඉටු කරන්නෑ 'බොහෝ විට'. ඒ වෙලාවට අසරණ වෙන්නෙ අනුකම්පාව හිමි විය යුතු රෝගීන්.

      Delete
    8. සාත්තු සේවකයන්ට දාන්නෙම අටං අයියා කියන ජාතියේ බූරුවෝ රැලක් තමයි. ලක්ෂ එක හමාරක් තිබ්බනම් ජොබ් එක අතේ.

      ලංකාවෙ සෞඛ්‍යය සේවාව විතරක් නෙවෙයි, ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයත් වගකියන්නෝනි මේ ඛේදවාචකයට.

      Delete
    9. මුදල කියන සාදකේට සෞඛ්‍ය, අධ්‍යාපන කියන දෙකත් යටයි බං. දැන් ඒවා සේවාවන් නෙමෙයි.

      Delete
  7. Il mondo di una povera pazza ඔයා කියවන්නේ තෝරගත්ත බ්ලොග් කීපයක් විතරද

    ReplyDelete
    Replies
    1. අනේ නෑ. අහු වෙන එක කියවනවා. ඒත් කොමන්ට් කරන්නේ නම් කලාතුරකින්.

      Delete
    2. ඇනෝට උත්තරේ රංගි අක්කාගෙන්ම ලැබිලානෙ. :)

      Delete
  8. තමන්ගෙ කෙනෙක් රෝහල්ගත උනාම පවුලෙ අනික් අය ලබන මානසික පසුබෑම නම් කියල වැඩක් නෑ ප්‍රියා. ඒක මටනම් මහ මූසලම මූසල අසරණම හැඟීමක්. මට මතකයි මගේ තාත්තාට නියුමෝනියාව හැදුනා මං හතර වසරෙ ඉද්දි. එයා නතර කලේ බදුල්ලෙ ඉස්පිරිතාලෙ. දන්නවනෙ ඉතින් පවුලක කොඳුනාරටිය අඩපණ උනාම කියන්නෝනි නෑනේ අසරණ වෙන තරම. ගමන් බිමන් ප්‍රශ්න සල්ලි ප්‍රශ්න ඔක්කොම එකට ආවම ඒ ඇති මිනිහෙක් පිස්සු වට්ටන්න. බෙහෙත් හේත් පිටින් ගේන්න ඕනි.

    මේ වගේ වෙලාවලටනම් ලංකාවෙ සෞඛ්‍ය ක්ශේස්ත්‍රය ගැන විතරක් නෙවෙයි මුලු ලංකාව ගැනම ඇතිවෙන්නෙ මහම මහ කලකිරීමක්.තමන්ගෙ කෙනෙක් රෝහලක අසරණ උනාම ඒක ඉල්ලමක් කරගන්න කාලකණ්නින්ට නම් ජීවිතේට යාදින්නෙ නෑ. ඒ වෙලාව තමයි රෝගියාටත්, පවුලෙ අයටත් අමාරුම වෙලාව.

    බොහොම අමාරුවෙන් අරෙහෙට මෙහෙට ණයවෙලා මේ වගේ වෙලාවල හොයාගන්න තුට්ටු දෙක මහ අසාධාරණ විදියට හූරගෙන කන මේවගේ එවුන්ට මින් එහාට ලෝකයක් තියෙයිද. අර අසරණ දරුවට මොකක් හරි උනොත් අර මනුස්සයා නිසා ඌට හිත හදාගන්න පුලුවන් වෙයිද මංද.

    ඒක නෙවෙයි මචෝ..ඉතින් කියහංකො දැන් කොහොමද කියල මලයට. රිපෝට් අවුලක් උනේ නෑනේ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියන්න වචන නෑ මනෝ, එහෙම අත්දැකීමක් මටත් තියෙනවා. අපේ තාත්තාට අපි පොඩිකාලෙ උන පොඩි අනතුරක් නිසා. කොටින්ම ඒකාලෙ අපේ පවුලම වැටුන වැටිල්ල තාමත් මට මතකයි බං.

      අපි කොයි තරම් කතා කලත් වැඩක් නෑ බං අපේම කාළකණ්නි ඒ අසරණ ලෙඩ්ඩුන්වත් ජීවිත ඇපේට තියන් හම්බ කරන එක නවත්තන්නෑ.

      උනුත් මචෝ දුප්පත් උන්ම තමා ඒත් උන්‍ට අමතකයි ඌ බෙල්ල පාගන්නෙ ඌ වගේම තවත් දුප්පතෙක්ගෙ කියලා.

      මල්ලිට දැන් හොදයි මචෝ. ගිය ඉරිදා බලපු එකත් නෝමල්. ඊයෙ ඉදන් ඉස්කෝලෙත් ‍යනවා.

      Delete
  9. එළකිරි මචෝ..එහෙනම් එච්චරයි.

    ReplyDelete
  10. ඔය සල්ලි වලට ලෙඩ්ඩු බලාගන්න කතන්දරේ ඒකාධිකාරයක් තියනව ලංකාවේ ,
    ලංකාව පුරාම ඒ සමාගම ක්‍රියාත්මක වෙනව ,
    අදාල පුද්ගලයට එරෙහිව යන්න රෝහල් පාලන අධිකාරියට බැරි තරමට වැඩේ දුරදිග ගිහිල්ලා
    ගෙදරින් කෙනෙක් හොයාගන ආවොත් මිසක් ඉස්පිරිතාලේ ලගට ඇවිත් කෙනෙක් හෙව්වොත් කැරකිලා ජොබ් එක යන්නේ අදාල කොම්පැනියට , මුදලින් බාගයක් බලාගන්න කෙනාට ඉතිරි බාගය අර ආයතනයට
    ඒක ඒකපුද්ගල ව්‍යපාරයක් ලංකාව පුරා දාහකට අධික සේවක සංඛ්‍යවක් ඉන්නව
    ඔයිට වඩා කියන්න බැ
    ඒතරම් තත්වය බැරැරුම්
    ඒක මාෆියාවක්

    ReplyDelete
    Replies
    1. තත්වේ ඒ තරම්ම උඬු දුවලා.
      ඔය සමාගම නිසි ප්‍රමිතියකින් තම සේවාව සේවාවක් ලෙස ලබා දෙනවා නම් තව ඉවසුවෑකි.

      රෝහල් පාලනාධිකාරිය එරෙහි වෙනවා තබා සහයෝගයනම් ලැබෙනවද කියලා සැකයි. මොකද ඇතම් රෝගීන් ඇතුලත් කරත්දි වෛද්‍යවරයා හෝ හෙදියක්මයි කියන්නෙ කාව හරි ලග තියන්න කියලා.

      බලන් ගියාම හිඟන මාෆියාවෙයි මේකෙයි වෙනසක් නෑ වගේ.

      Delete
  11. මං හිතන්නේ ලෙඩ්ඩුන් ගේ අයිතිකාරයෝත් සම්බන්ධයි මේ වැඩේට.

    ලෙඩෙක් රෝහලකට බාර දුන්නාම ඒ ලෙඩාගේ වගකීම තියෙන්නේ ඔවුන්ට. ලෙඩාගේ අයිතිකාරයෝ තමයි ඔය ලඟ නවත්තන්න යන්නේ. මේ කතාව කාලෙකට කලින් නං තිබුණේ නෑ.

    දැන් වුනත් දරුවන් ප්‍රසූත කිරීමට රෝහලට යන ගැබිණි මව්වරුන් ලඟ තනියට අය නවත්වන්නේ නෑ නේද? මගේ දුව සඳහා බිරිඳ දින දෙකක් පෙර සහ පසු රෝහලේ හිටියා. වෙනත් අය නතර වුණු සිටි බවක් නම් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. නැහැ කකා මාත් දන්නා තරමින් දරු ප්‍රසූතියකදි ලග ඉන්න දෙන්නෙ නෑ. මගේ දුව 2012 ඉපදෙත්දිත් ඉන්න දුන්නෑ.

      ඒත් ඇතම් අවස්ථා වල හෙදියක් හෝ වෛද්‍ය වරයාම කියනවා ලග ඉන්න කියලා මම හිතන්නෙ ඒ නම් එයා ලගෙ ලේසියට.

      මෙතනදි මල්ලිව ඇතුල් කරත්දි මටමයි හෙදිය කීවෙ "කවුරු හරි ලෙඩා ගාව තියලා යන්න." කියලා. එතකොට කාව වත් හොයා ගන්න බැරි මනුස්සයා පුදුම තරමට අසරණයි.

      මොකද ඒ අවස්ථාවෙ හැටියට එතන නීති කතා කරලා රෝගියාගෙ ජීවිතේ ඒ උන්දැලටම බාර දීලා එන එකත් බයයිනෙ.

      Delete
    2. දරුවන් ප්‍රසූත කිරීමට රෝහලට යන ගැබිණි මව්වරුන් ලඟ තනියට අය නවත්වන්නේ නෑ , ඒත් දැඩි අවධානම් තත්වයක් හරි මවට ඇවිද යාමට අපහසුවක් හරි තියනවානම් කෙනෙක් නවත්ත ගන්නව , වින්නඹු මාතාවන් ලෙස සේවයේ යෙදවු මිඩ්වයිප්ලා සහ හෙදියන් වාගේම සාත්තු සේවිකාවන් සියලු වැඩ කරනව

      දැඩි සත්කාර ඒකකයේ සහ එවැනි විශේෂ ඒකකවල ඇති තරම් හෙදියන් සිටින නිසා එවැනි තැන්වල නවත්ත ගන්නෙත් නැ , ඒ වාගෙම ඒ තැන්වල සාත්තු සේවකයන් පවා සේවයේ යොදවන්නේ අඩුවෙන්

      හෙදියන් තමයි සියලු කාර්යයන් කරන්නේ

      Delete
    3. ප්‍රසූත වාට්ටු වල නවතින්න දෙන්නෑ අවදානම් තත්වයක් නොවේ නම්.

      ඒත් මේ වගේ වාට්ටුවල රෝගීන් සංඛ්‍යාවට ශාපේක්ෂව හෙදියන්, සාත්තු සේවකයින් අඩුයි. ඉන්න ටික ගෙත් බහුතරය තම උපරිම සේවය දෙන්නෑ.

      Delete
  12. අම්මේ ඩෙංගු මමත් ගිය සතිදෙකේම ඔය ආතල් එක තමයි ගත්තේ

    ReplyDelete
    Replies
    1. අඩේ සිරාවටද ඉවාන්. අපි දන්නෙත් නෑ. දැන් බොට හොදද?

      Delete
    2. හෑ ඉවාන්ට ඩෙංගු...... විද්ද මදුරුවා ඊළඟට විදින එකාට අබ සරණයි

      Delete
    3. හැක්… "ඩෙංගු හැදුන ඉවාන්ට මැලේ කින්ඩි දානවා වගේ…"

      Delete
    4. අපරාදේ හොද උනානේ

      Delete
    5. ඩෙන් කුටු කුටු..ඩෙන්ගු ටුටුටු....ඉවානයෝ ලෙඩෙන් ගොඩ ගියා නම් පරිස්සම් වෙයන්. ලෙඩ ගැන ඕනවට වඩා හිතන එකත් ලෙඩක්.උඹ එහෙම වැඩිපුර හිතන්නේ නැති බව මට හැඟෙනවා. හැබැයි ඔය වාතෙන් පස්සේ ටිකක් රෙස්ට් කරන්න කියනවා නේද..

      Delete
    6. ඇත්තටම අරූ අයියෙ, ඉවාන් දැන් පරිස්සම් වෙයන්.

      රෙස්ට් කරන්න කියලා නම් කියනවා. අපේ මනුස්සයාව සෙල්ලම් කරන්න යන්න නොදී සතියක් ගෙදර තියා ගන්නත් අපි පුදුම ගේමක් දුන්නෙ. දැනටත් ඉස්කෝලෙ විතරයි පංති වත් යන්නෙ නෑ.

      Delete
    7. ඔව් ඔව් මිනිහ දැන් තට්ටු හතක බිල්ඩිමක හෙන පත දොඹකරෙකුත් හයි කරගෙන රෙස්ට් කරනව

      Delete
    8. එහෙනම් හිතා ගත්තෑකි නේද දමිත් අයියෙ. මේ ඉවාන්ගෙ රෙස්ට් කිරිල්ල.

      Delete
    9. මොන රෙස්ට්ද? හැබැයි වැඩිය අමාරුවුනේ නෑ, ලක්ෂෙන් පහලට බැස්සේ නෑ. දමිතයා ආවා බලන්න. එතකොට රෙස්ට් හොඳ එකෙන්

      Delete
    10. හැබැයි හැමදාම පය දෙකක් විතර තම වැඩ කලේ තවම උදේ නවයට විතර ඇවිත් එකොළහ දොළහ වෙනකොට යනවා .

      Delete
    11. හිතේ හයිය තිබ්බට ඇඟේ හයියත් සාමාන්‍ය තත්වෙට එනකම් පුළුවන් තරම් රෙස්ට් කරලා පරිස්සමෙන් හිටහන් මචෝ.

      Delete
    12. ඉවාන්ට _වන් සැප ලැබේවා!!!

      Delete
    13. සිරාවටම මේ ගැන දැනගන හිටියේ නෑ ඉවාන් මලයා;

      Delete
    14. ඉවානයව විද්ද ඩෙංගු මදුරුවා අන්න ජලභීතිකාවට බෙහෙත් කරනවලු හිකිස්

      Delete
    15. මං ඩෙංගු මදුරුවෙක් ඇරියා අර ඉවානයට විදල වරෙං කියලා.. මදුරුවා බාගෙටනේ විදල තියෙන්නේ.. !!!! චැහ්

      Delete
    16. හැක්… මේවා දැක්කම ඉවාන් අර මදුරුවව හොයන් ගිහින් පළි ගනීද මන්දා බන්ලා.… :D :)

      Delete
    17. නොදොකින් පාප මිත්තරයෝ

      Delete
    18. ඉවාන් අයියේ දැං ටිකක් පරිස්සං වෙන්න වෙයි හොදේ...ඒ වගේම ප්‍රියාගේ මලයටත්.තව අවුරුදු 2ක් විතර යනකං රක්තපාත තත්වයක් ආයි හැදෙන්න සම්භාවිතාවේ වැඩී කියලා තමයි ආරංචිය

      Delete
    19. ඇත්ත නාමලෝ, පුළුවන් තරම් රෙස්ට් කරන එක තමා හොද.

      Delete
  13. හපොයි හොස්පිටල් ගැනනම් කථා එපා.. පහුගිය ටිකේ එපා උනා... දැං මලයට කොහොමද? සනීපද?

    ReplyDelete
    Replies
    1. පහු ගිය ටිකේ වෙච්ච දේවල් නිසා ලෙඩකට බෙහෙත් ගන්නත් බයයි බං.

      දැන් නම් හොදා. ඊයේ ඉදන් ඉස්කෝලෙත් යනවා මෑන්.

      Delete
  14. උබ මුත්රා පෙව්වට පස්සේ දැන් මලයට සනීපද බොලන් ????

    ReplyDelete
    Replies
    1. මම වගේ සාත්තු සේවකයෙක් ලැබෙන්න මෑන් පිං කරල තියෙනවා බං. හැක්. ;)

      Delete
  15. ඉස්පිරිතාල ගැන නම් කතා කරන්න එපා.ඒකෙ තියෙන්නෙ අමුතුම තාලයක් උන්ට මිනිහෙක්ගෙ ලෙඩක් කියන්නෙ මහලොකූ දෙයක් නෙමේ.එපා වෙනවා උන්ගෙ නරිවාදම් අහන්න ගියාම.පුදුමයි ඔය බලාගන්න ලග හිටපු එකා මුත්‍රා පොවලා නැවතුනා.මාත් ගියානෙ අපේ පියා ඔපරෙශොන් කරපු වෙලාවෙ ලග ඉන්න.එහා ඇදේ හිටපු අංකොල් ගාවත් හිටියා ඔය උපස්ථායකයෙක්. උගේ වැඩෙම අර ලෙඩා බලන්න එන එවුවො ගේන ගේන හැම එකම දෙසා බාන එක.අපරාදෙ කියන්න බෑ මටත් දීලා කෑවෙ. ඒ උනාට ඌට ලෙඩා ගැන මෙලෝ ගානක් නෑ.ඌත් එක්ක කතා කරද්දි තේරුනා මේවා කරන ඒජන්සි වලින් වැඩට ගන්න එවුවො ලෙඩ්ඩු නෙමේ හරක් බලා ගන්නවත් සුදුසු නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. සිරාවටම බං, ඔහොම උන් කන්න නම් පුදුම රුසියො…

      කන නිදියන ඒවාට කප් ගහපු උන්වයි බං ඕවට ගන්නෙ.

      අරක තමා පට්ටම කතාව //එවුවො ලෙඩ්ඩු නෙමේ හරක් බලා ගන්නවත් සුදුසු නෑ// ++++++++++++++

      Delete
  16. කුලියට අය ලෙඩ්ඩු ළඟ තියන එකනං සම්පුර්ණ මාපියාවක් ප්‍රියා අනික උන් එකෙක්වත් ලෙඩා ළඟ ඉන්නෙ නෑ.ඔය ඔබ කියා ඇති විදියමයි.බොරුවට සල්ලි ගෙවනවා.
    කතාවෙ අනවශ්‍ය මහප්‍රාණ බහුලයි.

    ReplyDelete
    Replies
    1. ////කතාවෙ අනවශ්‍ය මහප්‍රාණ බහුලයි.///////
      මචං හැලපේ ප්‍රියාත් මං වගේ එකෙක්. මූව හදලා ගනිං.

      Delete
    2. ඒක ඇත්ත හැලප අයියෙ. රෝගියව ඇපේට තියාගෙන පවුලෙ මිනිස්සුන්ව අස‍රණ කරලා උන් සල්ලි ගරා ගන්නවා. හැමෝම හිත් රවටා ගන්නවා විතරයි වෙන්නෙ.

      මහප්‍රාණ වැරදි ටික මම හිමින් හදා ගන්නම් අයියෙ. ස්තූතියි අයියෙ ඒ ටික මතක් කලාට.

      Delete
    3. @ අරූ අයියා, අනිවාර්‍යෙන් ඔයාලා හැමෝගෙම උපදෙස් මට රත්තරං වගේ.

      Delete
  17. මම කරාපිටිය රොහලෙදි මිට වෙනස දෙයක් දැක්ක.බිරිදගෙ අම්ම ඇඩ්මිට් කරල ඉන්නකොට.එතන හිටපු කුලි සාත්තු සෙවිකාවො හරිම විනොදෙන් හැමොටම උදවුකරගෙන හිටිය.හැබැයි තමන් බලන ලෙඩාට සාධාරනයක් වුනාද කියන එකනම් දන්නෙ නැ.අනික් අයටනම් ගොඩක් උදවු කලා.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි දමිත් අයියෙ ඒවා නම්. එහෙම හිත හොද අවංක මිනිස්සුන්ටත් කෙළවෙන්නෙ පිස්සො හන්දයි.

      මම කියපු උන් හොදට ලෙඩ්ඩු බලා ගන්නෙ ගෙවල් වල මිනිස්සු බලන්න එත්දි විතරයි.

      Delete
  18. කෝ අර මාතලන් හුත්ත..... කැලණියට කොරල කියල ලියන්නෙ මර්විය..... මෙතන කමෙන්ට් එකක් වත් දාල නැහැ...

    ReplyDelete
    Replies
    1. පාළකයන්ගෙ වගේම නිළධාරින්ගෙත් වැරදි කෙන්ජි අයියෙ මේවා…

      Delete
    2. කෙන්ජයියා අද විකසිත කොරගන වගේ... මොනවද ගැහුවේ අද

      Delete
    3. නැහැ මම මොකුත් බීල නැහැ බං ....
      මාතා මහ ලොකුවට කියනව මර්විය කැලණියට කොලාලු....
      කැලණියේ ඩෙංගු වලින් කි දෙනෙක් මලාද.....
      ඒක නිසයි....... ප්‍රියා මල්ලිලත් කැලණියේ නේද......?
      ලංකාවෙ වෙන දේවල් නිසා මේ දවස් වල ඉන්නෙම පුෂ්පය අරම වෙලා....
      බොන්න හිතකුත් නැහැ........
      අද ඉදල සිංහල බ්ලොග් වලින් සමු ගන්නව .....
      ට්‍රස්ලේටර් කෙල්ලෙක් තියාගෙන ඉන්ග්ලිෂ් බ්ලොග් කියවන්න යනව ....

      Delete
    4. කෙන්ජි අයියා, මේවාට මර්වියා, කැළණිය ප්‍රාදේශීය සභාව, ඉඩම් අයිති කාරයො (පදිංචි කාරයො නොව), ඔය ඩෙංගු චෙක් කරන්න එනවා කියන ඔක්කොම හැතිකරේ වග කියන්න ඕන. තනියම එකෙක්ට වගකීම භාර දෙන්න බෑ. මොකොද කියන්නම්.…

      අපේ ගෙවල් වලට පල්ලෙහා ඉස්සර වෙලක් තිබ්බෙ ඕක කිරිබත්ගොඩ මිනිහෙක් අරන් ගොඩ කලා. දැන් තාප්ප ගහලා ගේට්ටු දාලා ඒ විශාල ඉඩම මහා පරිමාණ මදුරු සූතිකාහාරයක්. අයිතිකාරයො මෙහෙ පදිංචි නැති නිසා උන්ට ගානක් නෑ. අපියි විඳවන්නෙ. සභාවලට කොහෙට දැනුම් දුන්නත් වැඩක් නෑ. චෙක් කරන්න එන ඒවා ගැන කතා කරලාම වැඩක් නෑ. අපේ වත්තෙ ගෙවල් අපි සුද්ධ කර ගන්නවා. ඒත් වත්තටම ඇති වෙන්නෙ අර ඉඩමෙන් මදුරුවො එනවා. ඒ ඉඩම් අයිති කාරය සුදු රෙදි ඇද ගත්ත හොරෙක්.

      Delete

  19. සන්තුට්ටිං මරපං දනං...

    (දනන් මරණය පත්කිරීම පරම සතුටයි)

    ReplyDelete
    Replies
    1. ඩෙංගුවගේ ආදර්ශ පාඨෙ

      Delete
    2. හැක්. මම හිතුවා විදානෙගෙ එක කියලා. ;)

      Delete
  20. ඉස්පිරිතාල ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්.... වෙනම පෝස්ට් දෙක තුනක් ලියන්න පුළුවන්....දොස්තරලත් අමන උන් ඉන්නවා පෙලක් වෙලාවට අපේ අයියගේ තාත්තා නැති වෙන්න සතියකට කලින් රාගම හිටියා.....අපේ මස්සිනා කියනවා ...එක ඩොක්ටියෙක්ට අල්ලපු ඇදේ හිටිය ලෙඩා මිස් කියලා එකී අර ලෙඩාට එකම බැනිල්ලලු....ඔන්න බලපන් මන් නම් හිතන්නේ බොහෝ රජයේ ඉස්පිරිතාල වල තත්වේ ඕකයි....රෝහල් අද්දැකීම් නම් බොහොමයි.....

    ReplyDelete
    Replies
    1. රාගම ඉස්පි‍රිතාලෙත් එක පාරක් මම ලෙඩෙක් ගාව හිටියා කාලෙකට කලින්. ආපෝ ඒ කාලෙනම් පිරිසිදු කම ශත පහක් වටින්නෑ. තුක් නොදකින්. (දැන්නම් කොහොමද දන්නෑ.)

      සම හරක් එහෙම තමා බං. මම අහවලෙක් කියලා අඩි ගානක් උඩින් යන්නෙ. පිස්සු යක්කු.

      Delete
  21. ලෙඩ්ඩු බලාගන්න අය ගැන නම් දැන්, දැන් එච්චර හොඳ කතා ඇහෙන්නේ නෑ. ඩෙංගු හැදුණු ලෙඩ්ඩුන්ට පැපොල් කොල ඉස්ම දුන්නාම හොඳවෙන කතාව ඇත්තක්ද?

    ඔයාගේ මල්ලිට හොඳටම සනීපද?

    ReplyDelete
    Replies
    1. පැපොල් කොල වලට රිපෝට් නෝමල් වගේ පෙන්වීමක් කරනවලු. ඒත් සුව වීමක් නම් නෑලු. තත්වෙ එහෙම නම් ඒවා දෙන්නම නරකයි.

      ඔව් පොඩ්ඩි අක්කෙ දැන්නම් හොදයි. ස්තූතියි ඇහුවට.

      Delete
    2. නෑ අක්කෙ.මාත් ඩෙංගු ලෙඩෙක් ළග ඉදියා කලුබෝවිල.පැපොල් කොල ඉස්මෙන් හොද වෙනවා වගේ පෙන්නනවලු.ඒත් අක්මාවට අන්තිම නරකයිලු

      Delete
    3. ඒක ඇත්ත බං. ඉක්මනට හොද වෙනවා වගේ පෙන්නනවා. ඒත් අතුරු ආබාධ වැඩියි.

      Delete
  22. තව ඔය වගේම අහිංසක මිනිස්සු ගසා කන තැනක් තමා මචං ලෙඩා මැරුනොත් බොඩි එක ගමට ගෙනියන්න වෙන තැන.. ළඟ මල්ශාලාවකින් වැඩේ කරත් හර්ස් එකේ ගමට ගෙනියන්න ගාන ඇහුවම තරු පේනවා අසරණ මිනිස්සුන්‍ට..
    .
    එතකොට පිහිටට එන්නෙ හොස්පිට්ල් එක ඉස්සරහ වෑන් පාක් එකේ අය, උන් බොඩි එක හඳුන්වන්නෙ "ගොළුවා" නමින්.. එකට එකක් හයර් එක අරං පිටිපස්සෙ සීට් පේලි ටික ගලවලා සුදු රෙද්දක ඔතලා දොයි කරලා ලෑල්ලට පාගනවා වාහනේ. !!!!
    ඕක වැඩිපුරම කරන්නෙ ඩොල්ෆින් හා ෂෙල් මොඩ්ල් වෑන් වල.

    පොඩි ළමයෙක් නං මැද සීට් පේලියෙ නිදි කරලා රෙද්දකින් වහනවා.උණ වගේ පේන්න. ඔය ඇති !!!!
    ඒ වගේම හයර් දුවපු වෑන් සල්ලි වලට ගද්දි පොඩ්ඩක් හොයල බලනවනං තමා හොඳ,.

    ReplyDelete
    Replies
    1. අඩේ ඔහොම සීන් එකකුත් තියෙනවද බං??

      මිනිහෙක් තමන්ගෙ එකෙක් මැරිලා අසරණ උන වෙලාවෙ උන්ව ගසා කන එකත් මහ සක්කිළි වැඩක් බං.

      අර වගේ වෑන් වල මිනිය අදින්න වෙන්නෙත් අර සක්කිළින්ගෙ වැඩ නිසානෙ.

      හයර් දුවපු වාහනයක ඔය කේස් එක හොයා ගන්න ක්‍රමේත් නෑනෙ බං

      Delete
    2. අපෝ ඔව් බං..ගසා කාව කියන්නෙ හොඳම එක..ඩැයිවර් මචංලා දෙන ටෝක් එකට සේසතම දෙන්න හිතෙනවා.. වාහනයක් නැති දුර බැහැර අසරන මිනිස්සුන්ගෙ මූණ බලාගෙන කොහොම කරනවද මංදා බං.

      ගොලුවො ඇද්දද කියලා හරියටම හොයන්න නං බෑ.. ඔය පිටිපස්සෙ සීට් පේලි වල ඇන තව් ව්ලින් එතකොට ඒක ගහපු ලෑලි පටියෙන් වගේ සමහර තැන් වලින් සැක කරලා අයිතිකාරයගෙ මූණ බලලා ,කතාවෙන් වින්ඩ්ස්ක්‍රීන් එකේ ස්ටිකර් වලින් වගේ හෙව්වහැකි.

      මචං ටොප් ඩොල්ෆින් එකක් තියනවා..ඔය හොස්පිට්ල් එක ළඟ පොඩි පොඩි හයර් දුවපු. සෙට් කරල ඕනැද අතට පොඩි ගානයි ඉතුරුව ෆිනෑන්ස් කිව්වා :D හැක්

      Delete
    3. ඒවානම් කොච්චර උනත් මහ සක්කිළි වැඩ බං… අනුකම්පා කරන්න ඕන වෙලාවෙ උදවු වෙන්න ඕන වෙලාවෙ උන්ව හූරගෙන කන එක මහ අසමත්ජාති වැඩක්.

      සමහර විට ඔය සීන් එක වාහනේ නියම අයිතිකාරයා නොදන්නවත් ඇති. ඔය ඩ්‍රයිවර්ලට කුලි‍යට වාහන දීලා දුවන වෙලාවට. ඒ වෙලාවට ඉතිං අබ සරණයි තමා. :D

      Delete
  23. මට තියෙන ප්‍රශ්නය නම්. හෙදියන් සහ ඇටෙන්ඩන්ලා සිටිද්දි මොකටද තව සාත්තුකාරයෝ කියලා. එකක් මේක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. අනික සෞඛ්‍ය සේවයේ පිරිහීම. පොඩි කාළේ මම අති දරුණු විදියට ඇදුම රෝගයෙන් පීඩා වින්දා. වසරෙන් භාගයක් විතර මම හිටියේ ළමා වාට්ටුවේ. ඒත් මරණාසන්න උන දවසක් ඇර. අනිත් කිරිම දවසක අම්මාවත් ළඟ උන්නේ නෑ. ඇත්තටම ඒ ඩොක්ටර්ස්ලට, නර්ස්ලට, දෙවිවරු කිව්වට අවුලක් නෑ. ඒත් අද ඒ ඉස්පිරිතාලෙම තත්වය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් රජයෙ රෝහල් වල තත්වෙ දැන් ඕක තමා මතලන් අයියෙ. උන්ගෙ ලේසියට "ලෙඩා ලග කෙනෙක්ව තියලා යන්න." කිව්වම නීතිය කතා කරලා ලෙඩාට තියෙන සැළකිල්ලත් නැති වෙයි කියලා බයට කාව හරි තියන්නම වෙනවා. ඇත්තෙන්ම මේවා ඔහුන් අතින් ඉටු විය යුතු රාජකාරි උනත් මේවා ඉටු කරන්නෙ කවුද? ෆුල් ක්ලීන් එකේ ඉන්න ඇටෙන්ඩන්ට් කෙනෙක්ට කතා කරලා නැඟිටගන්නවත් අමාරු ලෙඩෙක් "අනේ මට මුත්‍රා බරයි මාව මුත්‍රා දාන්න එක්ක ගිහින් ඒක මැනලා පොඩ්ඩක් ලියලා දෙනවද?" ඇහුවොත් ඇක්සිඩන්ට් වෝඩ් එකේ තමා නතර වෙන්න වෙන්නෙ. මේ රෝහල් දැන් ඒ තරමටම පිරිහිලා.

      Delete
  24. ඔය සල්ලි වලට ලෙඩ්ඩු බලාගන්න එකේ හොදම එක තමා
    එක ලෙඩෙක් බලන ගමන් තවත් එකෙක් බලන එක..
    ඒ කියන්නෙ එක ලෙඩෙක් බලන්න 1000ක් ගන්නවනෙ උගෙ ආදායම ඩබල් වෙනව ඒකෙන්...
    ඒත් සේයයේ ගුණාත්මක බව නං අන්තිමයි...
    ඕක සැරටම තියේ මහරගම...
    මං දන්නහිංද කියන්නෙ ඇටා ලගෙ වැඩත් මුං කරනව.. ඒ හංද වාට්ටුවම මුං එක්ක ෂේප්

    ReplyDelete
    Replies
    1. මුන් මොක කලත් අර ගන්න මුදලට අර අහිංසක ලෙඩ්ඩුන්ට සළකන එක නම් වෙන්නෑ බං. ඒකයි කරුමෙ.

      පිස්සු යක්කු.

      Delete
  25. හැමදේම මුදල් හොයන මාර්ගයක් වෙලා. මිනිය එම්බාම් කරන මල්ශාලාවෙ එකාත් බලං ඉන්නවා ගානක් කඩා ගන්න සෝකයට පත් පවුලෙ අයගෙන්.. වෙටත් නියරත් ගොයම් කන රටක මොනවා කියන්නද ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත සරත් අයියෙ, මල්ශාලා ගැන නම් කතා කරලා වැඩක් නෑ. ගොඩක් උන් හැසිරෙන්නෙ උන් මැරෙන්නෑ වගේ.

      මිනිය පවා මුදල් සෙවීමේ මාර්ගයක්ම පමණයි දැන්.

      Delete
  26. රජයේ ඉස්පිරිතාල ගැන නම් කතා කරල වැඩක් නැහැ ප්‍රියෝ. අපිත් බැරිම වෙලාවක මිසක් යන්නෙ නෑ රජයේ ඉස්පිරිතාල වලට. ගියත් කොහොමහරි අඳුරන ඩොකෙක් හෝ නර්ස් කෙනෙක් මාර්ගයෙන් තමයි. හරිනම් ඔය සාත්තු සේවකයො එපාය ලෙඩ්ඩු බලාගන්න. පඩි ගෙවන්නෙ ඒකට නෙ. ඔය කුලියට ඉන්න මිනිස්සු අතර නම් අන්තිමට අහිංසක ලෙඩ්ඩුන්ගෙ උණුවතුර බෝතලේ පවා හොරකම් කරගෙන ගිහින් විකුණන කාලකණ්නි ඉන්නව.

    මම දැකපු එක හොඳ රෝහලක් තමයි කාසල් කාන්තා රෝහල. අපේ නංගි ඉපදෙන්න ඉන්නකොට ඩොක්ටර් සිරිසේනව චැනල් කරපු වෙලාවෙ ඩොක්ටර් තාත්තට බැනල කියල තියෙන්නෙ මේවට වියදම් කරන්නෙ මොකටද කාසල් එකට එක්කන් එන්න කියල. මට මතකයි වසරක් පාසා එකම මාසෙ ඉපදුන බබාලට ගෙට් ටුගෙදර් එකක් පවා තිබුන.

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු තමන් පඩි ගන්නෙ කාගෙන්ද මොකටද කියන එක, තමන්ගෙ වගකීම රාජකාරිය අමතක කීරීම තමා බස්සි මේ ඔක්කොටම මුල.

      ඔය හොරකම් වගේ ඒවා නම් සෑහෙන්න වෙනවා.

      මාත් දන්න තරමින් කාන්තා රෝහල් වලින් කාසල් වීදියෙ රෝහල හොද තත්වෙ තියෙනවා (ද සොයිසා රෝහලට සාපේක්ෂව). අපේ දුව ඉපදුනෙත් ඒකෙ.

      Delete
  27. ඒ වගේ ගොං යක්කු නිසා ඔක්කෝම වැඩ අවුල් වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දේශො, අහිංසක රෝගියෙක්ගෙ ජීවිතේම නාස්ති වෙන්න පුළුවන් මුන් නිසා.

      Delete
  28. හපොයි.. එහෙමත් මිනිස්සු ඉන්නව නේද ...

    ReplyDelete
  29. මම තාත්තත් එක්ක ඉස්පිරිතාලේ හිටිකාලේ මතක් වුනා. ඒ අත්දැකීම් වලට පස්සේ මගේ ජීවිත දැක්මත් ෆෝමැට් කරන්න වුනා මට.

    ReplyDelete
    Replies
    1. මටත් ඔවැනි අත්දැකීමක් තියෙනවා හෙන්රි අයියා....තාත්තගෙ ඔපරේෂන් එකකට පස්සෙ සිහිය එනතුරු මා ඔහුගේ අත අල්ලාගෙන සිටි ඒ පැයක දෙකක කාලය මහා කල්පයක් වගෙයි මට දැනුනෙ....කුඩා කල සිට අප උස් මහත් කරන්නට දැරූ වෙර වීරිය හරියට චිත්‍රපටියක් වගේ ඒ වෙලාවෙ මගේ ඉදිරියෙ මැවී පෙනුනා....පුදුමාකාර සංවේදීකමකින් මගේ හිත වැහිලා ගියා....

      Delete
    2. ඩූඩ් අයියෙ, මාත් මීට කාලෙකට කලින් අපේ ඥාතියෙක් ළග හිටියා රෝහලක. ඇත්තෙන්ම එහි ලබපු අත් දැකීමක් නිසා මාත් මගේ ජීවිතේ ලොකුම තීරණයක් ගත්තා. ඒ ගැනත් පස්සෙ ලියන්නම්.

      Delete
    3. සිරා අයියෙ, ඒ තරම් සංවේදී මොහොතක් නම් විඳලා නැතත් මට තේරුම් ගත්තෑකි එවලෙ තත්වෙ. එවැනි වෙලාවට කාලය කොහොමත් ඉබි ගමනින්නෙ යන්නෙ.

      Delete
  30. ඔය ලෙඩ්ඩු බලාගන්න එක බිස්නස් එකක් විදියට ඉදිරියට ආවෙ 2000 වසර උදාව එක්ක වගේ තමයි මට මතක...ඔය මිනිස්සුන්ට ලෙඩ්ඩු ගැන හැගීමක් නෑ...සමහරක් වෙලාවට ලෙඩාගෙ ඇපල් ගෙඩියටත් විදලා උණු වතුර බෝතලෙත් උස්සගෙන මාරු වෙයි....තමන්ගෙම කියලා නෑදෑයෙක් නවත්තගන්න බැරි කෙනෙක්ට ඉතිං වෙන විකල්පයකුත් නෑ....රෑ තිස්සෙ නිදි මරලා උදේට වැඩට යන්නත් බෑ නොවැ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම ඔතනදි "කෙනෙක්ව ලග නවත්තන්න" කියලා කියත්දි පුදුම තරම් අසරණ වෙනවා ඇතම් අය. ඒ වෙලාවට ගන්න තියෙන එකම තීරණේ ඔහොම කාව හරි තියන එක. ඒත් එහෙම මිනිහෙක් අසරණ උන වෙලාවට අවස්ථාවාදීව කටයුතු කිරීම නම් මහ අශිඛිත වැඩක්.

      Delete
  31. මොනව කරන්නද ප්‍රියා අයියේ...මනුස්සයෝ එක එක විදියයිනේ.ලෙඩ්ඩු බලාගන්න එකටත් මාෆියාවක් තියනවා කියලා දැනගත්තේ ඔන්න අද.කාලකණ්නි යක්කු...ඒ පොඩි එකා මැරුනත් ඌට මොකද? මල්ලිට පරිස්සං වෙන්න කියන්න කාලෙකට තව ඩෙංගු වර්ග 3න් වර්ගයක් හැදෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඇත්ත නාමල් මලයා එක එක මිනිස්සු එක එක විදිහයිනෙ. අරුන්ට වැඩක් නෑ ඒ දරුවා මැරුනා නෙමේ මොක උනත්, ඌට ගාන හම්බ වෙනවා නම් මොක උනත් මුන්ට කමක් නෑ

      Delete
  32. මෙතනදි ඉතින් ලෙඩාගේ අයිති කාරයෝ අතෙත් වගකීමක් තියෙනවා.. අනේ මන්දා ඉතින්, සමහර මිනිස්සුන්ට තමන් ගැනවත් හරියට බලාගන්න බැරි එකේ ලෙඩෙක් කොහොම බලන්නද..

    ReplyDelete
    Replies
    1. අනිවා දිනේශ්, මෙතනදි නෑයන්ට ලොකු වගකීමක් පැවරෙනවා වගිකීමක් තියෙන විදිහට කෙනෙක් නවත්වන්න. අහු වෙන හැම එකාවම නවත්තන් නැති.

      එක අතකට තමන්ව බලා ගන්න බැරි උන් ලෙඩ්ඩුන්ව කොහොම බලා ගන්නද?

      Delete
  33. රජයේ රෝහල් වල තත්වේ ඕක තමයි..මටත් තියේ කලකිරුණු අත්දැකීම් කිහිපයක් ම ...ඔය ළග නවත්වන කෙනාගේ ප්‍රශ්නේ එන්නේ නගරබද උදවියට තමයි වැඩිපුර.... ;) මොනවා උනත් ලොකු ගැටළුවක් තමයි ඒක ...

    මල්ලිට කිවුවත් වගේ ප්‍රවේසම් වෙන්න කියන්න...

    ReplyDelete
  34. මම නම් කියවල තියනවා ආයුර්වෙදේ තියනවා තමන්ගේ මුත්‍රා අර්ශස් සදහා ඔසුවක් කියලා.ජේසුස් වහන්සේත් කියල තියනවලු තමන්ගේ ලිදේ වතුර බීම කියල,අදාළ නැති උනත් නිකන් කිවේ

    ReplyDelete
  35. හුකෑස්...

    ආතල් යකූ...
    ඩෙංගු ලෙඩ්ඩු ලග ඉන්න ගොඩක් උන් හිතෙන හිතෙන ගණන් මිනුම් ඔය රිපෝට් එකේ ලියනවලු බං...

    ReplyDelete
  36. හපොයි වෙච්චි දෙයක් ;((

    ReplyDelete
  37. හොද ලිපියක් අයියේ,කියෝලා එදාම කමෙන්ට් කරන්න බැරි වුණා , හිනා යන වැඩ අප්පා මෙවුවා

    ReplyDelete
  38. අප්පේ... කුලියට නතර කරලා යන එවුනුත් එකයි රෝහල් වල ඉන්න (සමහර) මිනිස්සුත් එකයි.. මම අපේ තාත්ත ළඟ නැවතිලා ඉද්දි අල්ලපු ඇඳේ හිටපු මනුස්සයට වතුර ටික පවා පෙව්වේ මම. කුලියට පොරක් හිටියේ. ඒ යකා ඇඳ ගාවට එන්නේ ලෙඩ්ඩු බලන්න මිනිස්සු එන වෙලාවට!!!!

    ReplyDelete
  39. මාර මිනිස්සු තමයි බන් ලෙඩ්ඩු ලග ඉන්නේ.මම අපේ මස්සිනාට ඩෙංගු හැදිලා ඉද්දි ලග හිටියා උව බලාගන්න හැබැයි මට උනේ ලෙඩ්ඩු 4,5ස් දෙනෙක් බලාගන්න.යන තැනකට පින් පතා මන් ඒ හැමෝම බලා ගත්තා.

    ReplyDelete
  40. අඩෝ මොනව හරි ලියහං

    ReplyDelete
  41. උගන්නන්නෙ නම් රෝගියා අංක එක කියලා

    ReplyDelete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................