25 May, 2014

ආගන්තුකයා……


ගමනාරම්භ කිරීමට සූදානම් බසයේ පිටුපසම අසුනේ කොනක අසුන්ලාගෙන සිටින ඔහු දෙස සචිත්‍ර ඇතුළු පිරිසේ අවධානය යොමු වූයේ එක් වරමය. ප්‍රධාන පෙළෙ පාසලක උසස් පෙළ සිසුන් දෙදෙනෙකුත් එහිම සිසුවියන් සිවු දෙනෙකුත් වූ ඔහුන් වෙනදාට පංති අවසන් වී යන බස් රියේ එක පොකුරට අවසන් අසුනේ හය දෙනාම අසුන් ගෙන යාම පුරුද්දක් කරගෙන සිටිමුත් අද දින සිදුවූ සුළු ප්‍රමාදය මත එම අසුනේ තවත් ආගන්තුකයෙකු වාඩිවී සිටී.

"උඹලා ඔතනින් වාඩි වෙයල්ලා,, අපි මෙතනින් වාඩි වෙන්නම්…" නිශාරා පිරිමි ළමුන් දෙදෙනාට පසුපස අසුනට පෙර අසුන පෙන්නූයෙ ඔහුන් සිවුදෙනා පසුපස අසුනට බ‍ර දෙන ගමන්ය………

වැස්ස නතරවී තරමක් වේලා ගත උවද බස් නැවතුම් පළේ දිරාගිය වහලය දිගේ කඩින් කඩ රූටා විත් බිම පතිත වන වැහි බිඳු දෙස කවුළුවෙන් නෙත් යොමා බලා සිටින පිටස්තරයා දිහා තවත් වරක් බැලූ කොල්ලන් දෙදෙනා ඊට ඉදිරි අසුනේ අසුන් ගත්තද එතනම සිට පසුපස හැ‍රී තම යෙහෙළියන් සමඟ එක්ව සුපුරුදු කෙළිලොල් කතා බහ ආරම්භ කලේ බස් ‍රථයේ ගමනාරම්භයත් සමඟමය.

කවදත් වැඩි සෙනගක් නොයන බස් රියේ අද දින නම් ගමනාරම්භ වී නැවතුම් දෙක තුනකින්ම ආසන සියල්ල පිරී ගොස් තවත් හතර පස් දෙනෙකු හිටගෙන යාමට තරම් සෙනඟක් ගොඩ වූ මුත් තරුණ පිරිසේ ප්‍රීතී ඝෝෂාවවත් කවුළුවෙන් පිටත බලාගත් අමුත්තා අහස පොළව ගැට ගැසීමට දරණ වෑයම වත් අත් හැර නැත………………………

යුවතියන් හතර දෙනාගෙන් නිශාරා පමණක් දිගු කලිසමක් හැඳ සිටි අතර අනෙක් තිදෙනාම සිටියේ සාය බ්ලවුස් හැඳය.… ආගන්තුකයාගෙ ආසන්නයේම ඔහුගේ වම් පසින් වාඩිවී සිටි රුවනි හැඳ සිටි කෙටි සාය ඉහලට ඇදී තිබුනේ දණහිස් දෙකෙනුත් ඉහලට ඇගේ ලා රන්වන් පැහැ දෙපා යුගලේ තරමක පෙදෙසක් නිරාවරණය කරමිනි………

තවත් කෙටි දුරක් ගමන් කරත්දිම ආගන්තුකයාගෙ වම් දණහිස රුවනිගේ දණහිසට ඉහල නිරුවත් කොටසේ තෙරපෙන ආකාරය රුවනිට දැනී ඇය චංචල වුවද එම වෙනස අන් අයට දැන්වූයේ නැත.… ඇය කෙතෙක් සසල වුවද ආගන්තුකයාගෙ නිසල බවට නම් එය බාදාවක් නොවීය.… නමුත් බසය ගමන් කරන දුරට සම කෙරුමට මෙන් තෙරපුමද වැඩි වත්දි ඇගේ ඉවසීමේ සිමාව ඉක්මවා ගොස් අවසන්ය.…

"ගන්නවා අයිසෙ කකුල……"
"ඇයි බං… ඇයි රුවනි…!!!"
"නෑ සචිත්‍ර, දැන් ගොඩවෙලා බැලුවා… මෙයා මේ කකුල අතුල්ලනවා… ඇයි වඳේ……"
"කෙල්ලෙක්ට බස් එහෙකවත් යන්න බෑනෙ යකෝ…"
"ඇයි කෙල්ලන්ගෙ ගල් දැක්කම උඹලට නලියනවද…??"
"මට සමාවෙන්න…… ඔයාලට වැරදීමක් වෙලා…… මට…………"

චටා………ස්………!!!!!!

කීමට ඇරඹූ වදන අවසන් කිරීමට ආගන්තුකයාට ඉඩක් නොලැබුනේ කල්ප ගේ අත ඔහුගේ මුහුණ හරහා ගමන් කල නිසාවෙනි.…

"අනේ කල්ප රංඬු වෙන්න නම් එපා… අනේ ප්ලීස්… අනෙ බස් එකම බලනවා……"
"අත හැරලා දාපන් කල්ප, මේ ඟැරඬි මරලා පව් පුරෝ ගන්නැතිව… තමුසෙ මෙතනට එනවා රුවනි… මට ඔතන දීලා…" සචිත්‍ර සිටි ඉදිරි අසුන රුවනිට දී ඔහු ආගන්තුකයා අසල අසුනට පැමිණියේ එවලේ කල යුතු හොදම දේ එය බව හැඟී ගිය නිසාවෙනි……

කල්පගෙන් හිමිවූ පහරට පිං සිදු වන්නට යටි තොල පුපුරා මතුව තිබූ ලේ බිඳෙන් ආගන්තුකයාගෙ ගුප්ත මුහුණට රුදුරු පෙනුමකුත් එක් කර ඇති නිසාම බස් රියේ ඉදිරි පෙළ අසුන් වල සිටි පිරිස පවා හැරි හැරී ඔහු දෙස හෙළුවෙ අප්‍රසන්න බැල්මකි.

"ඔය වගේ උන්ව නම් පොලීසියට අල්ලලා දෙන්න තියෙන්නෙ…" , "තව දෙක තුනක් ඇනලා එළියට ඇදලා දාන්නයි තිබුනෙ…" ඔවැනි කතාවන් බසය තුල කිහිප පොලකින්ම මුනු මුනු හඬින් ඇසෙන්නට වූ මුත් ආගන්තුකයාට එරහිව තවත් වරක් නැඟී සිටීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම එම සිදුවීම අතීතයට එක් කර දමමින් කාලයත් බස් රියත් හැල්මෙ ඉදිරියට ඇඳෙන්නට විය…


"කෑම්ප් එක ගාව හෝල්ට් එකෙ බහිනවා……" සිදුවීමෙන් පසු ආගන්තුකයාගෙ හඬ පිටවූයේ පළමු වතාවටය…

"බහින අය දොර ගාවට කිට්ටු වෙන්න… ඔය වාඩි වෙලා ඉන්න අය එහෙම කිට්ටු වෙන්න…" කොන්දොස්තරවරයාගෙ හඬ ඇසෙත්දීම තම ගමන් මල්ල කරේ දමාගත් ආගන්තුකයා නැඟී සිටියෙ තම අසුන යට රඳවා තිබූ අත්වාරුවට තම වම්පස බාර දෙමිනි…………!!!!!

ඉහළට ගත් හුස්ම පහලට හෙලා ගත නොහැකිව තරුණ තරුණියන් පිරිස බලා සිටියදී තවත් තත්පර කිහිපයකට පසු බස්‍‍රිය නැවතූ නැවතුම්පලෙන් බැසගත් ආගන්තුකයා වම් කකුල අද්දවමින් යන ගමන දෙස බැලීමට තරම් දිරියක් තරුණ පිරිසට තිබුනේ නැත………

"පව්… ඇවිදින විදිහට නම් මට පේන්නෙ වම් කකුල නෑ.…" , "කෑම්ප් එක පැත්තට ගියෙ, ශුවර් එකටම හමුදාවෙ හිටපු කොල්ලෙක්…" , "අර කාළකණ්නි ටික මරන් කන්න හැදුවෙ මේ මනුස්සයාවනෙ දෙයියනේ…" පෙර පරිදිම තැනින් තැන මුනු මුනු හඬ ඇසෙත්දි ඒවා නෑසූ කණ්ව බස් රිය ඉදිරියටම ඇදෙන්නට විය…………………………………………………

© ප්‍රියා.
*** 24/05/2014

(පින්තූරයට ස්තූතිය……
footage.shutterstock.com)

59 comments:

  1. යථාර්තය මතුපිටින් පෙනෙනවට වඩා බොහෝ ගැඹුරින් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉවාන්. අපිට මතුපිටින් පේන හැම දේම යථාර්තය නොවෙයි.

      Delete
  2. බොහොම ස්තූතියි ප්‍රියා......

    මේ පෝස්ටුවෙන් අපි දැක්කේ ඔබේ විචාරශීලී බවයි ප්‍රියා. ඔබ ඔය කතා කළෙත් එදා අපේ මිනිස්සුන්ගේ හිත් දේවත්වයෙන් සැලකූ හමුදා සෙබළාය. ඇල්පිටියේ ගයනිකා මරා දැමුවේ අද අපේ මිනිස්සුන්ගේ හිත්වල කොන් වෙලා ඉන්න හමුදා සෙබළාය....

    අපි ඔබේ පෝස්ටුව වෙනත් අතකට යොමු කරනවා කියලා හිතන්න එපා. සමහර විට ඔබ එහෙම දෙයක් බලාපොරොත්තු නොවෙන්නත් ඇති. නමුත් මේ වගේ හමුදා සෙබළා මරාගෙන කන්න යන වෙලාවක මේ ගැන හිතන්න තවත් පැත්තක් පෙන්නපු ඔබ වැදගත් ලිපියක් පළ කරපු බවයි අපේ අදහස......

    හරිම අගෙයි ප්‍රියා... මිනිස්සු හැම වෙලාවෙම හිතන්නේ පටුවට.... නමුත් ඒ දේ ගැනම හිතන්න තව පැති ගොඩක් තියනවා කියල ඔහු හිතන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තේරුම් ගත්තාට කුරුටු.

      මම මෙතන මොහු හමුදා නිලධාරියෙක් කියා හැඟෙවුවාට මේ සත්‍ය හමුදාවේ පමණක් නොව ඕනෑම අයෙකුට ආදේශ කර බලත හැකියි (උපතින්ම ආබාධිත පුද්ගලයෙක් උව මෙවන් තත්වයකට මුහුණ පෑ හැකියි.)

      මට මේකෙන් ඕන උනේ පටුවට හිතලා අපි ගන්න ඇතම් ඉක්මන් තීරණ නිසා මොන වගේ දේවල් වෙනවද කියන එකයි.

      ගයනිකාගෙ සිද්ධිය ගැන කියනවා නම්… අද කාලෙ තමන්ගෙ විරහව ගීයකින් නිසඳැසකින් කලාවෙන් සමනය කරගන්න සුන්දර මිනිසුන් නැති වීම තමා මේකට ප්‍රධාන හේතුව.

      Delete
    2. අඩුම ගානෙ ගල් බාගෙකින් . නැද්ද හා.
      අපි එහෙනං අවුරුදු හාර පන්සීයක් හිරේ ඉන්න ඕන මිනිස්සු .. මරන්න ගියානං කීයක් කියලද :D

      Delete
    3. ආයෙම අහලා. දැන් ගොඩක් උන් කරන්නෙ ෆැෂන් එකට වගේ කෙල්ල බූට් එකක් තිබ්බ ගමන් පිහියක් අරන් පස්සෙන් යන එකනෙ. උන් මානසික රෝගින් බං.

      Delete
    4. අැත්ත තමයි පත්තරේ.. පටන් ගන්න වෙන්නෙ 1 වසරේ උගන්නපු ටීචර්ගෙන්..

      Delete
    5. ආන්න හරි විදානෙයො.. ආයෙ මොනාද අවුරුදු පහලවක් වෙද්දි අංගුලිමාල කැලේ .. ඒ ලෙවල් ක්ලාස් වලදි තියන්න වෙන්නෙ පොකුරු උන්ඩ :D එකක් කියලෑ ..

      Delete
    6. ආන්න ඒකට තමා බොලවු ස්වයංක්‍රීය ගිනි අවි තියෙන්නෙ. :)

      Delete
    7. /// ඔබ ඔය කතා කළෙත් එදා අපේ මිනිස්සුන්ගේ හිත් දේවත්වයෙන් සැලකූ හමුදා සෙබළාය. ඇල්පිටියේ ගයනිකා මරා දැමුවේ අද අපේ මිනිස්සුන්ගේ හිත්වල කොන් වෙලා ඉන්න හමුදා සෙබළාය.///
      /// අද කාලෙ තමන්ගෙ විරහව ගීයකින් නිසඳැසකින් කලාවෙන් සමනය කරගන්න සුන්දර මිනිසුන් නැති වීම තමා මේකට ප්‍රධාන හේතුව///

      මේ ගැන ත් යමක් කියනවානම්, හමුදා සෙබලා කියන රාමුව තුල පේන හැමෝම එක වගේ පෙණුනට, ඇත්තෙන් ම හොඳට ලං වෙලා බැලුවොත් එතනත් හොඳින් පැතිරුණු විවිධත්වයක් තියෙනවා. සමස්ථයක් වශයෙන් ඒ කාලේ ඔවුන්ව දේවත්වයෙන් සැලකුවත් ඒ වටිනාකම තියන්න නොදන්න කාලකණ්ණි කීප දෙනෙකුත් ඒ කාලෙ පවා නොහිටියාමයි කියන්න බෑ. තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි එහෙම එවුන් කොතනත් ඉන්නවා. (මට දැනගන්න ලැබුණු විදිහටනම්, මිනිහා කොමාන්ඩෝ සෙබලෙක් ලු.)
      කොමාන්ඩෝ පුහුණුවෙදි සහ විශේෂ බලකා පුහුණුවේදී, අත්විඳින්න තියෙන දුෂ්කරතා දරාගන්න පුළුවන් වුණු කෙනා මේ සිද්ධියේදී, හදිසි ආවේගශීලීබව නිසා ජීවිතයක් බිලිගත්තා. ඒ කියන්නේ, ඔහු හරියට පුහුණු වුණු කොමාන්ඩෝ සෙබලෙක් නෙවෙයි. බොරු කාරයෙක්. අනික, ඔහු සෙබලෙක් බව මොහොතකට අමතක කරලා සාමාන්‍ය මිනිහෙක් දිහා බලන කෝණයෙන් ම බැලුවත්, තමුන් ආදරේ කරපු කෙල්ල වෙන මිනිහෙක් එක්ක පැටලිලා කියලා සැකේට ඒකිව මරන්න තරං හිත වෙනස් කරගන්නේ කොහොමද දෙයියනේ?? ඒකද ආදරේ කියන්නේ??

      නිසඳැසකින් කවියකින් (ඒ තියා අර පත්තරේ කියන්නා වගේ "ගල් බාගෙකිං වත්") විරහව සමනය කර ගන්න බැරි තරම් මේ මිනිස්සුන්ගේ මානසික මට්ටම පහත වැටිලා තියෙන හැටි හැබෑට!!!

      Delete
    8. සම්පූර්ණ ඇත්ත බං. ඔය වගේ මානසික රෝගීන් හැම ක්ෂේත්‍රයකම ඉන්නවා. ඒත් හමුදාව වගේ ආවේගයන් පාලනය කර ගැනීමට (විශේෂයෙන් ඔවැනි බළකා වල) සුවිශේසී පුහුණුවක් ලැබූවන් මේ වගේ දේකට යොමු වෙනවා කියන්නෙ එකම හේතුව //ඒ කියන්නේ, ඔහු හරියට පුහුණු වුණු කොමාන්ඩෝ සෙබලෙක් නෙවෙයි. බොරු කාරයෙක්. // ඒකම තමයි.

      ඇත්තටම මිනිස්සු සුන්දර වෙනවා නම් කලාකාමී වෙනවනම් ඔය වගේ අපරාධ වෙනවා අඩුයි බං.

      Delete
    9. මේකට සමහර ඉහල පුද්ගලයිනුත් වගකියන්න ඕනේ ප්‍රියා.

      සමහර පුහුණු ආයතන වල ඉන්න සමහර පුහුණු කරුවන් සහ උපදේශකයන්/පුහුණු නිලධාරීන්, පුහුණු වන අයගේ සිතුවිලි වලට ලොකු බලපෑමක් ඇති කරනවා. ඔවුන්ව දරුණු පුද්ගලයන් බවට පරිවර්තනය කරනවා. සමහරවිට, ප්‍රතිඵලය ගැන අනවබෝධයෙන් වෙන්නත් පුළුවන්, නැත්නම් සමහරවිට වෙනත් යටි අරමුණු උදෙසා වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම්, ඒ ගුරු/පුහුණුකරු/උපදේශක වරයාගේ උපන් මෝඩකම වෙන්නත් පුළුවන්.

      මේ විදිහට පුහුණුව ලබන උදවියගේ මොලේ ඕෆ් වුණාට පස්සෙ ඉතිං, කලිං මොනතරම් සාහිත්‍යධරයෙක් වුණත් වැඩක් නෑ, පුහුණුවෙන් පස්සෙ දරුණු යුධකාමී ලේ පිපාසිතයෙක් විතරයි.

      ඒ නිසා, එහෙම කිසිම මනෝවිද්‍යාත්මක නම්‍යශීලීත්වයකිඔන් තොර පුහුණුවක් ලැබිලා තියෙන කෙනෙක් නම්, ඒ පුහුණුව ලබා දුන් උදවියත් මේකට වක්‍රව වැරදි කාරයෝ.

      ඒත් වාසනාවකට හැමෝම එහෙම නෑ. එහෙම දෙයක් සිදුවෙන්න තියෙන සම්භාවිතාවනම් ඉතම අඩුයි. හැබැයි, නැත්තෙම නෑ.

      Delete
    10. ඒක ඇත්ත බං හැමෝම එක වගෙත් නෑ.

      Delete
  3. ඔන්න බලහන් ඉතින් මුලින් පොලිසියට අල්ලල දෙන්න ඕන කියල කසුකසු ගාපු උන්ම පස්සෙ ඇත්ත දැනගත්තම පවු කියන්න ගත්ත ලස්සන..
    කොල්ලො සෙට් එකට වැරුද්දක් කියන්නත් බෑ බන්, උන් ඇත්ත දැනගෙන එහෙම කලේ නෑනෙ, ඒ වගේ දෙයක් උනාම හිතට එන ආවේගයට ඇත්තට සිද්ද උනේ මොකක්ද කියල හොය හොය ඉන්න හිතෙන් නෑනෙ හොදට දෙක තුනක් අනින්ඩ හිතෙනව මිසක්..

    ඔන්න කාලෙකින් මේ පැත්තෙ ආව බන්, අද ඉතින් නිවාඩු දවසනෙ :D

    ReplyDelete
    Replies
    1. අනෙ හප්පේ උඹව දැකපු කල් බං. :)

      තමන්ගෙ ආවේගය මත ගන්න තීරණ බොහෝ වේලාවට වරදින්න ඉඩකඩ වැඩියි බං. ඒත් මේ කොල්ලො කෙල්ලො ටික පොඩි උන් සෙට් එකක් නිසා උන්ට ඇත්ත නොපෙනුනත් වැඩිහිටියො ටික කලේ උන්ව අවුස්සන්න හදපු එක.

      Delete
    2. අප්පට බොල. සුදු වෙලා. උසත් ගිහින් :D

      Delete
    3. ආයෙම අහලා. පොඩ්ඩක් මහත් වෙලත් එක්ක බං. :D

      Delete
  4. මේක බං ඔක්කොමල පට්ට ගහල තියෙන ප්ලොට් එකක් නෙ,උඹ කොහෙදිවත් මීට කලින් දැකල නැද්ද.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලප අයියෙ. කොටින්ම කියන්න මේක පබ්ලිෂ් කරලා විනාඩි විස්සක් යන්න කලින් මටම අයින් කරන්නත් හිතුනා. ඒත් වෙන දෙයක් වෙන්න තිබ්බා.

      Delete
  5. සහෝදර....

    අද අනෝ එන්න වෙලා :(((....අනෝ වටිනාකම .....හ්ම්ම්
    අයේ එන්නම් ,ඇත්තටම මං ප්‍රියා ගෙන්න් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා ඈ ,අද නම් කතාව පට්ට කියන්න ????

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මටත් හිතුනා බං මේක පබ්ලිෂ් කලා ඉක්මන් වැඩියි කියලා. දැන් පරක්කු වැඩියි. දැන් ඔහෙ ඉන්නවා.

      Delete
  6. //කලිසමක් කලිසමක් හැඳ සිටි අතර අනෙක් තිදෙනාම සිටියේ සාය බ්ලවුස් හැඳය.…//
    හදන්න වෙයි වගේ.....

    ප්‍රියාට මේක ලියන්න හිතුනේ ලක්ෂ්මන් හිල්මිගේ මේ සින්දුව අැහුවහමද??

    රිදී පාට කල පාතුඩු පයට පෑගිලා
    නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
    යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

    විඳින වේදනා මදි මට නගයි චෝදනා
    උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
    පිරි ඉතිරි ගිය බස් රථයේ ගොඩ වෙලා
    බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

    නොදැන ඔබ එදා මට බනින්නට ඇති
    ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
    එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
    සදා කල්ම නොමියෙන රණවිරුවා මම වෙමි

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඕකයි. තව අර ළගදි උන අර සිද්දියයි මචන්. අර ගෑණු ළමයෙක් ගහලා තිබුනෙ ආබාධිත කොල්ලෙක්ට.

      මම අරක හදන්නම්. තෑන්ක්ස් බං.

      ජය වේවා…!!

      Delete
  7. රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
    යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

    විඳින වේදනා මදි මට නගයි චෝදනා
    උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
    පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
    බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

    නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
    ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
    එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
    සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!

    ReplyDelete
    Replies
    1. ඕක මාත් ආසම සිංදුවක් බං.

      මේ වගේ වැරදි වැටහීම් නිසා මොන තරම් වැරදි වෙනවද?

      Delete
  8. ඔහොම දේවල් වෙනව බං..හරියට නං ඊට පස්සෙ දවසෙ බස් එක කෑම්ප් එක ඉස්සරහ අරුන්ට ප්ලැටුන් එකකින්ම බඩ කට පුරා හම්බෙන්න ඕන..ඇත්ත කියනවනං ඉතිං ෆෝසස් එකෙක්ට ගහලා බේරෙන්න ලේසි නෑ කෑම්ප් එකක් අහල පහල නං..මං ඇස් දෙකට අනුරාධපුරේදි දැක්කා අර ගොම පාට ලොකු ආමි ටාටා ලොරි දෙකක් කට කපල ආවා .. ආයෙ මොනාද කුඩු සූදුරු අහු උන උන එකාට ගැහුවා !!!


    මටත් මතක් උනේ හිල්මිගෙ ඔය සින්දුව මචං.. කරුමෙ කියන්න්නේ ඔය සින්දුවට නටනවා කකුල් කරට අරං .මගේ පුද්ගලික අදහස නම් ඒකට දාපු තනුව ලස්සන උනාට සැර වැඩියි.. තව ටිකක් අඩු ටෙම්පො එකක ගියානං තේරුම ඉස්මතු වෙන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නෙ ඕක තමා බං. ඒත් මට මේකෙන් ඕන උනේ හමුදා නිළධාරියෙක්ටත් වඩා නිහඬ, සංවේදී, ගුප්ත පුද්ගලයෙක් මතු කර ගන්න.

      ඔය ගීතයත් අර සිදුවීමත් දෙකම මගෙ ඔළුවෙ තිබුනා.

      ඇත්තටම ඔය තනුව නම් මටත් අවුල් බං. තනුවෙ වේග රිද්මයට පද වල සංවේදීකම වැහිලා තියෙන්නෙ.

      Delete
    2. ///තනුවෙ වේග රිද්මයට පද වල සංවේදීකම වැහිලා තියෙන්නෙ///
      ඇත්තටම මෙහෙම වුණ එක ලොකු පාඩුවක් සිංදුවේ නියම රසයට.

      Delete
    3. ඒක හරියට එළහරකයි මී හරකයි වගේ බං.

      Delete
    4. ///හරියට නං ඊට පස්සෙ දවසෙ බස් එක කෑම්ප් එක ඉස්සරහ අරුන්ට ප්ලැටුන් එකකින්ම බඩ කට පුරා හම්බෙන්න ඕන..ඇත්ත කියනවනං ඉතිං ෆෝසස් එකෙක්ට ගහලා බේරෙන්න ලේසි නෑ කෑම්ප් එකක් අහල පහල නං, ආයෙ මොනාද කුඩු සූදුරු!!///
      හරියට හරි පත්තරේ, ඒක තමයි හමුදා වල තියෙන එකමුතුව. ඇතුළේ එක එකා අතරේ වුනත් පොඩි පොඩි ප්‍රශ්ණ නැතුවාම නෙවෙයි, ඒත් පිටිං ප්‍රශ්ණයක් ආවොත් නං, හැමෝම බහිනවා සහයට. ඒක ඔවුන්ගේ තියෙන දරුණු කම නෙවෙයි, එකිනෙකා අතරේ තියෙන බැඳීම.
      ඒත්, එලියෙං ගුටි කාපු එකා නිකමට හරි "පව් බං උං මට ගැහුවෙ දැනගෙන නෙවෙයි, ඔන්න ඔහෙ අතෑරලා දාමු බං" කියලා කිව්වානං හැමෝම ඌට "උඹ නං මාර පොරක් බං, ඔන්න ඔහොමනේ ඉන්න ඕනෙ" කියලා, අර වලියට බහින්න සෙට් වෙච්ච වාහන වල තෙලුත් ඉතුරු කරලා උංගේ වෙලාවත් ඉතුරු කරගන්නවා.
      (පත්තරේ, අනුරාධපුරේදි දැකපු කේස් එකේ එලියෙං කාපු එකා එහෙම පව් බං කියන්න තරම් හොඳ මානසික තත්ත්වයක ඉන්න නැතුව ඇති, නැත්නම්, නොගහම බැරි තරම් කැත විදිහට ගුටි කාලා ඉන්න ඇති)

      Delete
    5. එල හරකයි මීහරකයි (කෙටියෙං කිව්වොත්, ගොනයි මීමයි) ටිකක් හරි ගැලපෙනවා, දෙන්නම හරක් නිසා.

      ඒත් ඒ සිංදුවේ අදහසයි තනුවයි හරියට "ස්පංචියි බෝල්ට් ඇණයි" වගේ.

      Delete
    6. හි… ඒකත් ඇත්ත බං. ස්පංචියි බෝල්ට් ඇණයි. :D

      Delete
    7. ඇත්තටම ඒ සමඟිය සමාදානයෙ අපේ හැම තැනම තියෙන්නව නම් කොයි තරම් වටිනවද පීරේ.

      Delete
    8. ගයානෙයො .. එලකිරි..මම කියන්නෙත් ඒකනං දරුණුකම නෙමෙයි. උන් උන් අතරේ මාර බැඳීමක් එකමුතුවක් තියනවා..මතකද අපේ විචාරක සෑරුත් දවසක් කිව්වා ඔහොම එකක් වෙලා කෑම්ප් එකෙන් පුරෝල ආව කියල.. එලියෙන් කාපු එකා කිව්වනං අතෑරල දාමු කියල උන් කිසිම අවුලක් නෑ. කාට උනත් අප්සෙට් නේ බං තමන්ගෙ එකෙක් ගුටිකාල එද්දි,

      අනුරාධපුරේ මං දැකපු සීන් එකනං මචං ෆෝසස් කොල්ලො දෙන්නෙකුට ගං වල ඉන්න ( ගමට චන්ඩි ) පොරවල් ගෙවල් ළඟදි ගහපු සීන් එකක්. උං කෑම්ප් එකට ගුටිකාගෙන ගිය පරක්කුව විතරයි.!!! ආයෙ මොනාද බං ගෙවල්වලට දුවනකං මුලු ගමටම ගැහුවා.. චන්ඩි කොහෙන් ගියාද නෑ .. ඊට පස්සෙ උං කාගෙ කව්ද කියල හොයල බලල ගේම ඉල්ලන්ඩ පුරුදු වෙන්ඩ ඇති,

      Delete
    9. ///ඇත්තටම ඒ සමඟිය සමාදානයෙ අපේ හැම තැනම තියෙන්නව නම් කොයි තරම් වටිනවද පීරේ///
      ඒ වුණාට ඔය කියන සමඟිය සමාදානය ගොඩනගා ගන්න සහ පවත්වා ගන්න විඳින දුක දන්නේ ඒක ඇත්තටම විඳපු, විඳින එවුං විතරයි.

      (අපේ තාත්තා පුහුණු වෙන කාලෙ, තනියම කැන්ටිමෙන් යෝගට් එකක් අරං කන්න යනකොට, උපදේශකයෙකුට මාට්‍ටු වෙලා. ඒ යකා ඒ පාර ඒ පාඨමාලාවෙ හිටපු ඔක්කොම හැට ගානක් කොල්ලොන්ව පෝලිම් කරලා, තාත්තට කිව්වලු "හැමෝටම චුට්ට චුට්ට කවලා උඹටත් කන්න ඉතුරු කරගනිං, කාටවත් මදි වෙන්නත් බෑ, උඹට ඉතුරු වෙන්නත් ඕනේ" කියලා. එක යෝගට් කප් එකක් එක හැන්දෙං හැට දෙනෙක්ට කවලා තමුන්ටත් ඉතුරු කරගන්නවා කියන්නෙ ඉතිං, හම්මේහ්!!!!!

      /// කාට උනත් අප්සෙට් නේ බං තමන්ගෙ එකෙක් ගුටිකාල එද්දි///
      තමංගේ එකෙක් ගුටිකාලා එනවා දැක්කම කාට වුණත් අනිවාර්‍ය්‍යෙන්ම දැනෙන සිතුවිල්ල එහෙම තමයි බං පත්තරේ.

      කාට හරි ලොකු සීන් දානවනං, ටිකක් හිතලා බලලා දාපල්ලා කියන්නෙ ඕකනෙ.
      ප්‍රියා අයියේ, මේ වගේ සීන් එකක් ගැන මටත් අත්දැකීමක් තියෙනවා. ඒකත් ක්ලැසිෆයිඩ්. මූණුපොතේ ඉන්බොක්ස් දෙන්නං ඈ.
      පත්තරේ, උඹටත් ඕනෙනං කියන්නං, හැබැයි මම උඹව මූණු පොතේ තවම හොයාගෙන නැද්ද කොහෙද??

      Delete
    10. ගයානෙයො..මං මූණු පොතේ නෑ බං.. ඉඳල ඩිලීට් කලා.. මේල් එකට දාපං මස්සිනේ තරහ නැතුව..

      Delete
    11. මාත් කොයි වෙලේ හරි කෙළල හරිනවා බං ඔය මූණටම

      Delete
    12. හිල්මිලා මෙලඩි දාන්නෙ වැඩිපුර සංගීත සන්දර්ශන වල සින්දු කියලා කීයක් හරි හොයාගන්න මිසක් ගීතයේ අරුත උද්දීපනය වෙන විදියට සංගිතය යොදලා රසිකයාට සමීප කරන්න නෙමෙයි...මම හිතන විදියට එහෙම සංගීතයක් යොදන්න මිනිහට දැනුමකුත් නෑ...එයාගෙ හැම ගීතයක්ම එකම තැටියෙ...

      Delete
    13. ඒක ඇත්ත සිරා අයියෙ. මෑන්ගෙම 'මාලතී නුඹයි' සින්දුවත් ඔය විදිහමනෙ. ඒකෙත් පද වැලේ ගත් යුත්තක් තිබුනත් තනුව නිසා එයත් යටපත් වෙනවා.

      Delete
  9. අප බොහෝ දෙනෙක් කකුල පෑගිලා හෝ වෙනයම් දෙයක් වෙලා ආබාධිත සෙබලාට කාත්තාවක හෝ වෙනත් කෙනෙකු ගැසූ බව දන්නවා. ඔබට තිබුනෙ ප්‍රියා මේ ජවනිකාව අප අසා නැති වෙනත් මානයකින් ඔබේ කථාවට එකතු කරන්න. එහෙම කලා නම් ඔබේ නිර්මාණශීලීත්වය ඉස්මතු වෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත අයියෙ. මම මේක ලියන්න හදීසි උනත් වැඩී. ඊයෙම ලියමු කියලා හිතලා ඊයෙම ලියලා අද දවාලෙ පබ්ලිෂ් කරා. කොටින්ම ලියලා නිදහසේ කියෙවුවෙ වත් නෑ.
      ඉක්මන් කොටයි කියන්නෙ කට කහනවටයෑ.

      Delete
  10. සාර්ථක මෙවුවා එකකට මඟ පාඩම් අංක 1
    _______________________________

    ඔයාගේ ගර්ල්ෆ්රෙන්ඩ් ට එකම දවසේ තෑගී කීපයක් දෙන්න එපා,,, ගොඩක් ලකුණු ගන්න ඕනේ නම් පොඩි පොඩි තෑගී උණත් කීප සැරේකට දෙන්න ,, ඒ දෙන හැම වාරෙකම ඔයාට ලකුණක් එකතු වෙනවා....

    උදාහරණ1 :

    ඔයා මල් 5ක් තියෙන රෝස පොකුරක් එක පාර දුන්නොත් එයා කියයි " අනේ තැන්ක්ස් ෂෝයි කියලා ,,, ඒ වගේම උම්මා එකක් ලැබෙයි.....
    ඒත් සැරින් සැරේ දවස් 5 කදී මල් එක ගානේ 5 වතාවකදී දුන්නොත් ... ඔයාට උම්මා 5 ක් සමග ලකුණු 5ක් ලැබේවී....

    ඕනේ නම් කරලා බලන්න,,,
    උදාහරණ 2:

    සෙරප්පු දෙකකුයි , හෑන්ඩ් බෑග් එකකුයි එකපාර දුන්නොත් ලකුණු එකක් සමග උම්මා එකයි ....
    දෙපාරකදී දුන්නොත් ලකුණු 2 යි උම්මා දෙකයි....

    මේ ඔවදන ආචාර්‍ය කුවේණි රාජපස්සගෙන් ____________

    (ගෙඩිය පිටින් ගෙනැල්ල අතඅැරියා)

    ReplyDelete
    Replies
    1. සොරි බං රෙද්ද වැරදීමක් උනා. :)

      කොහෙද පබ්ලිෂ් බටන් එක අයින් කරන්න අමතක වෙනවනෙ.

      Delete
  11. මීට කලින් මං කියවපු කතා දෙක තුනකට ම මේ ආටිෆිෂල් ලිම්බ් කේස් එක නිමිති වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් කකා. මේකෙන් ගීත පවා ලිය උනානෙ.

      Delete
  12. කියවනාකොට දන්න හිටපු එක විදානේ උන්නෙහෙ දාලා නෙහ්..

    කතාව සාර්ථකයි මචෝ

    ReplyDelete
    Replies
    1. සිංදුව නේද බං. ඒක තමා ඔය වෙලාවට මතක් වෙන්නෙ බං.

      ස්තූතියි මචෝ.

      Delete
  13. හම්මේහ්!!
    ප්‍රියා අයියේ, ඇත්තටම දැං කාලේ මිනිස්සු කලබලේ නිසා කිසි දෙයක් හොයලා බලන්නේ නැතිව පොඩි අතපසු වීමක් වුණ ගමන් ඒකට දඬුවම් දෙනවා. නීතිය තමංගේ අතට ගන්නවා.
    (එක අතකට උන්ට බණින්නත් බෑ බං, නීතිය රකින එවුං හරියට ඒක කරනවානං කොහෙවත් යන රිලවු නීතිය අතට ගන්නේ නෑනේ)

    ඒ වගේම, වරදක් කරන ඕනෑම කෙනෙකුට හේතුවක් තියෙනවා.
    ඒත් සාධාරණ හේතුවක් තියෙන, අහිංසක මිනිස්සු, තමංගේ අතින් සිදුවෙන පුංචි අත්වැරදිමට හේතුව කියලා සමාව ගන්න තරම් වත් කට අරින්නේ නැත්තේ, තමං කියන එක වචනෙට පවා මූණ කුඩුපට්ටං වෙන්න ගහන්න බලාගෙන ලේ පිපාසාවෙන් චණ්ඩි ‍රැලක් තමුන්ව වටකරගෙන ඉන්න නිසා.

    පව්, ඇත්තටම පව්.

    අනික, තමුන්ට කවුරු හරි වැරද්දක් කරනවා කියලා පේනවානං දැනෙනවානං ඒක පෙන්නලා දීල, ආයෙත් කරන්න එපා කියන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒත් ඒක ඕනෙවට වඩා දුර දිග යන්න ඇරලා, පස්සෙ එක පාරටම ඇදලා අරිනවා. නියපොත්තෙං කඩන්න ඕනෙ දේ පොරොවෙං කපන්න නෙවෙයි, දං කාලෙ එවුං, ඩයිනමයිට් වලිං පුපුරුවන්න තරම් වැඩෙනකල් බලං ඉන්නේ; ඊටපස්සෙ, ඩයිනමයිට් වලිං ක්පුපුරුවන්න පුළුවං කම තියෙඩ්ඩිත්, කෙලිම්ම පරමාණු බෝම්බෙකින් දමලා ගහනවා.


    අනික් පැත්තෙන් බැලුවම, අර ආබාධ සහිත තරුණයාගේ තත්ත්වය??
    කොහොමත්, හරියට හමුදා විනය පුහුණු වුණු කෙනෙක් තමංගේ අතිං නොදැනීමෙන් හෝ සිදුවෙන පුංචිම පුංචි අත්වැරද්දකට වත් කිසිම වෙලාවක හේතු දක්වමින් තර්ක කරන්න යන්නේ නෑ. බැරිම නම් එක පාරක් යන්තමට කියලා දානවා, ඒත් හරියන්නෙ නැත්නම් වෙන් දෙයක් වුණාවේ කියලා කට පියා ගන්නවා. තර්ක කරමින් තමන්ගේ නිරවද්‍යතාව ඔප්පු කරගන්න දඟලන්නේ නෑ. නියම මිලිටරි ජීවිත එහෙමයි (සැකනං විචාරක තුමා ගෙනුත් අහන්නකෝ)

    ඇත්තටම දැං කාලේ මිනිස්සුන්ට කෙනෙකුගේ හැසිරීමෙන්, ඒ මනුස්සයා ඉන්න තත්ත්වය තේරුම් ගන්න බෑ. මොනතරම් දුකින් අසරණ විදිහට ඉන්න කෙනෙකුට වුණත් කිසිම අනුකම්පාවක් නැතුව ඇඟට කඩාපනින්න තරම් අපේ මිනිසු දැං සංවේදන විරහිත වෙලා. මේක කියවනකොට මටනං කෙටි කතාවක් විදිහට නෙවෙයි, දවසක මට ඔය දේට මුහුණ දෙන්න සිදුවුණානම් මට මොනවගේ දේවල් හිතේවිද, මොන විදිහට හැසිරේවිද කියලා හිතුනා.


    ReplyDelete
    Replies
    1. මම දහ අතේ කල්පනා කරකර හිටියේ අර සිංදුවේ මුල. කතාව කියවපු ගමං ම කොමෙන්‍ටුව කොටන්න ගත්තෙ ඕක මතක් කරකර. පස්සෙ සිංදුව දාන්න කියලා හිතාගෙන කොමෙන්‍ටුව දාල බලද්දි, ඒ ටිකට විදානේ සහ සොමියා දෙන්නම දාලා තියෙනවා.
      ඒකෙන් ම තේරෙනවා, ඔයාගෙ මේ පෝස්‍ටුව ඒ සිංදුවේ අදහසට කොච්චර සමීපද කියන එක.

      Delete
    2. ඇත්ත පීරෙ මලයා. අපේ මිනිස්සු ගොඩක් මිනිස්සු තීරණ ගන්නෙ මොලෙන් නෙමෙ හදවතින්. ආවේගෙන්. ඒ තීරණකොයි තරම් දුරට වැරදිද කියලා කල්පනාවෙත්දි පරක්කු වැඩියි.

      ඔය ගීතය මේ කතාවත් එක්ක සෑහෙන්න සැසදෙනවා මලයා.

      Delete
    3. සැස‍ඳෙනවා කියන්නේ අයියේ, මම කතාව කියෙව්වෙත් සිංදුව හිතින් මුමුණ මුමුණා මයි.
      :-) :-)
      ඒවුණාට කොහෙද ඉතිං, මුල වචන දෙක මතක නැතුව ගියානේ.
      :-(

      Delete
    4. මටත් අනන්තවත් ඕක වෙනවා බං. හරියටම ශුව‍ර් නැතිව කොටන්නත් බ‍යයි. බැරදුනොත් චාටරේනෙ.

      Delete
  14. අර “රිදී පාට කල පා තුඩු“ කියන සින්දුව මතක් උනා...
    කතාවත් ෆට්ට.........

    ReplyDelete
    Replies
    1. ඒ ගීතය ලියැවෙන්න අද්දැකීම වුණේ මේ වගේ සිද්ධියක් බව මම අහල තියනවා. ඊයකින් ද කොහෙද ආවෙ....

      Delete
    2. @ අමිල ~ ස්තූතියි මචෝ.

      @ දිලිනි. ~ මාත් ඔය කතාව අහලා තියනවා.

      Delete
  15. හරිම පව්... පෙනෙන පැති වලට වඩා නොපෙනෙන පැති කොයිතරම් නම් තියනවද ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තුශානි, නොපෙනෙන පැත්ත දකින්න පුළුවන් උනානම් හැම ගැටළුවම හොද විදිහට විසදෙයි.

      Delete
  16. මටත් මතක් උනේ ලක්ශ්මන් හිල්මිගෙ සිංදුව. අපි දකින හැම කෙනෙක්ගෙම ජීවිත වල අපි නොදකින කතාවක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අනිවා චාම්ස්. බොහෝ විට ඒ නොදකින පැත්ත ඉතා සංවේදී පැත්තක්.

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................