23 October, 2014

ඔබත් බාත්රූම් එකට හෑන්ඩ් ෆෝන් එක අරන් යනවද?



බාත්රූම් එකකට යත්දි ගෙනියන බඩු භාණ්ඩ ගැන ඇහුවොත් මොන මොනවා මතක් වෙයිද? එක එක බඩු භාණ්ඩ ඇති. ඒත් ඉතිං මගෙනම් අත්‍යාවශ්‍යම භාණ්ඩය හෑන්ඩ් ෆෝන් එක.!! …… "නිවසෙන් පිට තැනක බාත්රූම් එකකට යනවා නම් ජංගමයා රැගෙන යාම" මම නම ගලේ කෙටූ අකුරක් වගේ හිතේ කෙටූ කාරණාවක්.

ඒ ඇයි කියන එකටත් ලොකූ නැති පොඩී නිධාන කතාවක් තියෙනවා. මේක සිද්ධ උනේ මම කලින් වැඩ කරපු තැනදි. මම කලිනුත් කියලා තියෙනවා වගේ මේ ආයතනය ආනයන/ අපනයන භාණ්ඩ වලට තත්ව සහතික නිකුත් කරන ආයතනයක් නොවැ. ඉතිං ක්ෂේත්‍ර නිළධාරින් වෙච්චි අපිට වැඩ කරන්න උනෙත් අපේ සේවය ලබන එක එක ආයතන වල. බොහෝ දවස් වලට දිවාරාත්‍රී දෙකම වැඩ කරන්නත් උනා. ඇතම් දවස් වල රාත්‍රී සේවයත් කලයුතුයි කියා පණිවිඩය ලැබෙන්නෙ දවලුත් වැඩ කරලා හවස හයට විතර. අනේ ඒ වෙලාවට අපේ බොසා වෙච්චි පළාත් පාළක වරයාගේ මවුපියන්ට පිංදිදී අපි දිවාසේවය නිම කරලා එහෙම්ම රාත්‍රී සේවය කරන තැනට බඩගානවා. එහෙම යන බොහෝ තැන්වල අපිට පවිත්‍ර වීමට පහසුකම් සපයා තිබෙන අතර අපෙත් බෑග් වල කොයි වෙලෙත් පොඩි තුවායක් ආදී අත්‍යාවශ්‍ය දේ තියෙනවා.

ඉතිං මේ කියපු පිංවත් දවසේ මම දහවල එක තැනක වැඩ කරලා රෑ වැඩට ආවා අර කෙල්ලෙක්ගෙ සායට යටින් අත් දාලා ෆොටෝ ගත්තු දවසෙ ගිය මහබාගෙ කිට්ටු ආයතනයට. ඔය ආයතනය මම නිතර ආගිය තැනක් නිසාම ඕකෙ පිස්සො ටික මම පිස්සත් එක්ක හොදට ෆිට්. ඕකෙ වැඩ කරත්දි එක එකාට දිරච්ච ලණුදෙන එක අපේ පුරුද්දක් වෙලා තිබුනා. මතකනෙ අර එකෙක්ව යවලා කෙල්ලෙක්ගෙන් වාජිකර්ණ ඉල්ලපු සීන් එක.!

කියන්න සතුටුයි පිංවතුනේ මේ කියන දවසෙ ලොතරැයි දිනුම ඇදුනෙ වෙන කාටවත්ම නෙමේ, ප්‍රියාට… අනේ ඉතිං මමත් රාත්‍රීසේවයට වාර්ථා කොරලා ප්‍රඩක්ෂන් රූම් එකෙත් පැයක් හමාරක් රවුම් ගහලා මුහුණ එහෙම හෝදන් අර පිස්සො සෙට් එකත් එක්කම රෑ 8ට විතර කෑමත් කාලා ආයෙත් ටිකක් වෙලා ප්‍රඩක්ෂන් චෙක් කරලා හිටියා.

එදා දවසෙ ඔය ආයතනයෙ සේවය කරපු මණ්ඩලේ කචල් උනු කාර්‍ය මණ්ඩලය ටිකක් බිසී නිසත් මට ක‍රන්න තරම් වැඩක් එදා නොතිබුන නිසත් උදේ ඉදන් වැඩ කරලා මහන්සියට ගියා පොඩ්ඩක් නාගන්න බාත්රූම් එකට. මේ බාත්රූම් එක ටිකක් ඈතට වෙන්නයි තියෙන්නෙ. අරුන් ටික බිසී නිසා උන්ටත් නොකියා, මගේ හෑන්ඩ් ෆෝන් එකත් චාජරේට ගහලා මම ගියා දියකෙළියට.

අනේ මගේ කරුමෙට ඒ දියකෙළිය, මළකෙළියක් වෙයි කියලා මම හීනෙන්වත් හිතුවෙ නෑ ඕන්!. මමත් නාගෙන ඇඟපතත් පිහදගෙන දවල් ඇදන් හිටපු ඇඳුම් ටිකම ආයෙ ඇදගෙන (දහඬිය ඇදුම් තමා ඉතිං, මක් කරන්නද) අනේ එළියට එන්න බලත්දි කියන්න සංතෝෂයි සහෝදරවරුනි, මටත් වැඩේ සිද්ධ වෙලා.…… ඔව් ඔව් මොකෙක් හරි යකෙක් බාත්රූම් එක එළියෙන් ලොක් කරලා.

මටත් ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කර ඇතිබව මගේ බොක්කට දැනෙත්දි විණාඩි දහයක් පමණ සිංහනාද කරමින් "දොර ඇරපන් යකෝ!" කියමින් කෑගැසුවත් සිංහනාදය බලුකෙඳිරියක් වීමට කලින් මම නිශ්ෂබ්ද උනේ මගෙ මියුරු හඬ ඇසෙන මානෙ එකෙක් තියා යකෙක් වත් නොවූ බව මගේ ටිකිරි මොලේට වැටහුන නිසයි.

අනේ ඊට පස්සෙ මක්කරන්නද?? නැව ගිළුනත් ගැට්ටෙ බජවු කියලා මාත් මට නෙමේ වගේ අයිනට වෙන්න තියෙන කොමඩ් එක උඩ වාඩි වෙලා පොඩීම පොඩියට නින්දෙයි සුවනින්දෙයි වෙනස හෙවුවා…!!

කොහොමින් කොහොම හරි දවසම බිසී වෙලා පස්ස කැඩිච්ච කඩියො රැල වගෙ හිටපු අරුන් ටිකට ඉස්පාවුවක් ලැබිලා තියෙන්නෙ රෑ 12ට කිට්ටුවෙත්දි. ඉතිං ඒ වෙලාවට එන පොඩි බඩගින්නට මොනාහරි බඩට දාගමු කියලා සෙට් වෙත්දි තමා උන්ට මම අතුරුදහන් නේද කියලා මීටර් වෙලා තියෙන්නෙ.… අනේ අපරාදෙ කියන්න කෂ්ටිය සික්කො ටිකත් කැඳවලා හැම අස්සක් මුල්ලක් ගානෙම හොයලා අන්තිමේ මහා මෙහෙයුමක් කරලා මාව බාත්රූම් එකෙන් මුදා ගත්දිත් මම මදි නොකියන්න නිදි.

ඒත් ඉතිං ඔය මහා මුදා ගැනීමේ මෙහෙයුම දියත් කරපු උන් අතරෙ මේ අවලම් වැඩේ කරපු එකා හිටියා කියන එක හෙටත් ඉර පායනවා වගේ විශ්වාසෙන් දැනන් හිටියත් ඌව හොයා ගන්න එක නිධානයක් හොයා ගන්නවට වඩා අමාරු බව දන්න නිසාම වැඩේ අතහැරලා දැම්මා.………

කොහොම උනත් එදායින් පස්සෙ නම් මම ගෙදරින් පිට කොහෙ බාත්රූම් එකකට ගියත් හෑන්ඩ් ෆෝන් එක ගෙනියන්න නම් අමතක කරන්නෑ………………… අහවල් දේකට නෙමේ බොලවු අර වගේ වැඩක් උනොත් එළියෙ ඉන්න එකෙක්ට කෝල් එකක් දෙන්න…!!!.




© ප්‍රියා. [22/10/2014]

(පින්තූරයට ස්තූතිය……
www.fnbworld.com / www.numbertwoguide.com)

221 comments:

  1. අප්සැට් එකක් උනේ නෑනෙ බං.හොඳට නාගත්තා නින්දක් දාගත්තා.ඔය වගේ දවසක්දා රාජලගේ මල්ලි සුද්දා මලක් ඇදල ගිහිං ටොයිලට් එකේ නිදද්දී අපි ඌව ගමපුරා හෙව්වා.

    ReplyDelete
    Replies
    1. පොඩි ප්‍රමාද දෝෂයක් , හැලපයියට අමතක වෙලා ..
      මෙන්නම් මෙහෙමයි හලපයිය්යා කියන්න ගියේ

      "ඔය වගේ දවසක්දා රාජලගේ මල්ලි සුද්දා ටොයිලට් එකේ නිදද්දී, අපි " මලක් ඇදල ගිහිං" ඌව ගමපුරා හෙව්වා." ඕ යේස්

      Delete
    2. ඔන්න හැලපයියෙ, අපේ යාලුවෙක් දවසක් ගෙදර ආවෙ නැති හිංද හැමතැනටම කෝල් කරලා බැලුවා, හෙව්වා, නෑ හම්බුනේ. රෑ දෙකට විතර මූ එනවා, ඩෝප් මරගාතේ ආපු බස් එකේ පස්ස සීට් එකේ නින්ද ගිහිං.
      බස් කාරයො බස්එක පාක් කරලා යන්න ගිහිං.

      මෙන්න මේක මටයි යාලුවෙකුටයි නෙමෙයි ප්‍රියාටයි ඉවාන්ටයි වුනේ ඈ...
      ඔන්න දෙන්නා රෑ 8-9 ට විතර පදමට සූර් පිට බස් එකක නැගලා වාඩිවෙලා යනවා. නින්ද ගියා.
      බහින හෝලට් එකත් පහුවෙලා කිලෝමීටර් 10 ක් විතර ගිහිං ඇහැරුණා. එතනම බැස්සා. කොත්තුවක් කෑවා.
      පැයකට විතර පස්සෙ අනික් පැත්තට යන බස් එකකට නැග්ගා.
      නින්ද ගියා.
      ආයි හෝල්ට් එක පහුවෙලා කිලෝ මීටර් 3-4 ක් ගියා. ඇහැරුණා.
      බැස්සා. තුනකිං ගෙදර ආවා. (අර දෙන්න ඈ...)

      Delete
    3. හැලප අයියා, ~ මොන අවුලක්ද අයියෙ. නාලා කරලා සනීපෙට පොඩි නින්දකුත් දා ගත්තා.

      මටත් එදා මලක් ඇද්දාවගේම සනීපෙට නින්ද ගියා. :D

      Delete
    4. ඉවාන්.....උඹ ඒක නියමෙට හරි ගස්සලා තියෙනවා. මට ඔහොම වැඩක්වුනා බං. ෆ්ලැට් එකක උඩට පල්ලෙහාට යනවා එකෙක්ව හොයන්න. ඌ කොහෙවත් ගිහින් නැහැ. මාත් එක්ක හිටපු කාමරේ උගේ ඇඳේම ඉන්නවා. මම නිකම් එලියට බැස්සා. බැස්සා බැස්සම තමයි. වරුවක් එහේ මෙහේ මූව හොයනවා. මල් මදහාසේ!!

      Delete
    5. ඉවාන්, ~ හැක්! ඒ කියන්නෙ බං හැලප අයියාල ගහපු එකත් අර මනුස්සයගෙ පිට ගියා. :D

      Delete
    6. විසිටර්, ~ අපෙත් ගල් ආඳෙක් ඔහොම හිටියා මූගෙ වැඩේම නොබීත් බස් වල නින්ද යන එක.

      අර සීන් එක මම කාටවත් කිවුවෙත් නෑනෙ. ශුවර් එකටම ඉවාන් තමා ඕක ලීක් කරන්න ඇත්තෙ! :D

      Delete
    7. අරූ අයියා, ~ පට්ටනෙ. කණ්නාඩි දෙක ඔළුවෙ තියන් ගම වටේම හොයන එක මීට සැපයිනෙ. මලේ බලේ තමා. :D

      Delete
    8. \\හැලප අයියා, ~ මොන අවුලක්ද අයියෙ. නාලා කරලා සනීපෙට පොඩි නින්දකුත් දා ගත්තා//

      උඹ ඔය බොක්කෙන්මද බං කිව්වේ?????

      Delete
    9. සුදු අඳින නිල් හමුදාවේ හිටපු කාලේ උන්නු සීන් කෝන් එකක් මතක් උනා හැලප අයියගේ කතාව දැකල.. දවසක් අපි සැට් එකක් රෑ එකොලහ වෙනකම් නීතියානුකූලව මතට තිත තියාගෙන ඇවිත් මදි පාඩුවට නවාතැනේ ඉඳන් නවත්තපු තැනින් පටන් ගත්තා. රෑ දෙකට විතර කවුදෝ එකෙක් මතක් කරා මචන් 'කත්තිරිය' නෑ නේද කියල. හැබෑ නේන්නම් මූ නෑ. එකොලහ වෙනකොටත් හොඳට වැදිල හිටියෙ මූට. නවාතැනේ හෙව්ව හෙව්ව.. ම්හූ.. මායි තව දෙන්නෙකුයි සිංහයෝ වගේ ඉදිරිපත් උනා රට පෙල්ලල හරි මූව හොයන්න යන්න. රියදුරත් නිදි නිසා වාහනේ අරගෙන පැය තුනක් විතර අක්කර අටසීය ගානක් පුරා තියෙන පාරවල් හැම එකකම දෙතුන් සැරයක් වෙන්න වාහනෙන් ගිහින් බලල නැති පාර අපි හිස් අතින් ආපහු ඇවිත් නවාතැනේ දොරකඩ වාහනේ නතර කරනකොට.. "ආ.. යමං.. යමං.. අද එලිවෙනකං බොන්න ඕනි" කියාගෙන මූ නැගටපිය පිටිපස්සෙම සීට් එකෙන්..

      Delete
    10. මනෝ, ආයෙ මොන කතාද බං? උඹත් දවසක නිදියලා බලපන්කො සනීපෙ! :D

      මිත්‍ර, ++++++++++++++ අද නම් මුන් ටික මාව අනිවා පිස්සන් කොටු ගෙනියනවා, දෙකක් නෑ. මෙහෙමත් තනියම හිනා වෙන්න පුළුවන්ද බං මේක දිහා බලන්! ආයෙත් සෙට් වෙත්දි පොරව බයිට් එකට ගන්න හිතෙන්න ඇති මේ කරපු වැඩේට. :D

      Delete
    11. අඩෝ විසිටර් , මායි ප්‍රියයි තමයි වැඩිපුරම බොන එවුන් දෙන්නා , බොරුනම් අහපන් පත්තරේගෙනුයි ,විදානේගේනුයි

      Delete
    12. අඩේ ඉතින් මාත් එහෙමනේ.

      Delete
    13. ඉවාන්, +++++++++ ආයෙම අපිඒක්ක හැරෙන්නවත් පුළුවන්ද බං ඕකුන් දෙන්නට. අපි බොන තැනට එත්දිම උන් දෙන්නා බය වෙනවා උන්ට බොන්න මදි වෙයි කියලා. :D :D

      Delete
    14. මනෝ, එකෙන්ම අපි ටිකක් හරි පාලනය වෙලා ඉන්නෙ රටේ මත්පැන් හිඟයක් ඇති වෙයි කියලා. නැත්ද මචෝ!! :D

      Delete
    15. අනේ අනේ ඉවාන් රට වටේම මඩ ගහමින් යනව නේද.

      Delete
    16. හැලප අයියා, ඒකනෙ ඇත්ත සීන් එක ඉවාන් දැනන් ඉදලනෙ! :D

      Delete
    17. අනේ වාසනාවන්, ඉවානුයි, ප්‍රියයි එක්ක අපිට බොන්නනම් බෑ..

      (බොන්න = බයිට් කන්න)

      Delete
    18. සොරි හැව මාරුකරගන්න අමතක උනා..

      Delete
    19. විදානෙ, අන්න අන්න අන්න එහෙම පිළිගන්නවානම් අවුලක් නෑ ඉතිං! :D

      මම හොයනවා මොකක්ද හැව කියලා. පස්සෙනෙ මීටර් උනේ වැඩේ! :D

      Delete
    20. ඒ විදානේ මොකක් ද මේ නම.......................... ඇත්ත කියපං උඹ විදානේ ද විදානපතිරණද???/ හරියට නිකං පරණවිතාරණ වගේ නේ බං

      කමක් නැහැ... කමක් නැහැ...... ඇත්ත කියපං.. අපි කාටවත් කියන්නැහැ.....

      Delete
    21. හැක්! හරි පරිණත නමක් වගේ නේද කුරුටුස්! :)

      Delete
    22. කුරුටු..
      නම පලවෙනි එක තමයි.. දිග වැඩියි සොර්ට් කලේ

      Delete
    23. සෝර්ට් ඇන්ඩ් ස්වීට් නෙ. නම විතරයි, උස ගැන නෙමේ කිවුවෙ. උසෙන් ස්වීට් වෙන්නෙ 6'4" උන්. :D

      Delete
  2. මම හිතුවේ උඹ කැමරා ෆෝන් එකක් අරන් ඇතුලට යනවා කියලා. වෘත්තීය ඡායාරූප කරණයේ නියැලෙන්න . උඹ කොමඩ් එකේ නිදාගන්න් ඇත්තේ පිඹුරා දරන ගැහුවා වගේ වෙන්න ඇති, අයි යකෝ උඹේ දිගත් එක්ක ඔකේ ඉඳගෙන නිදාගන්න පුළුවන් යැ

    ReplyDelete
    Replies
    1. ආයෙ උඹට කියන්න මචෝ, කකුල් දෙකත් දිග හැරන් හේත්තුව දාගෙන නිදා ගත්තු හැටි මතක් වෙත්දි මටම දුකයි. ඒත් ඉතිං ඒ වෙලාවෙ හැටියට ඇඳකට වඩා සනීපයි! :D

      Delete
    2. කකුල් එහෙම කොමඩ් එක වටේට ඔතාගෙන ඉන්න ඇත්තෙ. මට මැවිල පේනවා අප්පා..

      Delete
    3. /පිඹුරා දරන ගැහුවා වගේ වෙන්න ඇති,/

      පිඹුරෝ දෙන්නෙක් නේද?

      Delete
    4. මං හිතන්නෙ තුන් දෙනෙක්!!

      Delete
    5. හෑහ්!!!උඹ මොකෙද්ද බං?

      Delete
  3. බලාගෙන මචං, ඕක කොමෝඩ් එකට වට්ටගත්තු එවුං අනන්තයි. අදාල කාර්යය වුනාට පස්සෙ වැටුණොත් ඉතිං ජලා හුටා...!
    මං දන්න ඇදුරුතුමෙක් හිටියා ලමයිංගෙ උත්තර පත්තර ඕකෙ ඉඳං බලන. තව කීප දෙනෙක්ම ඉන්නවා උදේට පත්තරේ බලන. නිකංයැ කියන්නෙ, නිදහස් චතුරශ්‍රය කියලා!

    ReplyDelete
    Replies
    1. ///නිකංයැ කියන්නෙ, නිදහස් චතුරශ්‍රය කියලා!/// දවසේ කමෙන්ටුව!!
      ෆට්ට අෑ!!

      Delete
    2. විසිටර්, ~ වැටුනොත් නම් සොරි තමා මචෝ. ඒත් මම නම් කරන්නෙ කළිසම් සාක්කුවෙම තියෙන්න හරිනවා.

      උත්තර පත්තර බලන්නත් ඔතන තෝර ගන්නවා කියන්නෙ නියම ගුරෙක් තමා. අර කතාව නම් පට්ට මචෝ. //නිදහස් චතුරශ්‍රය// +++++++ :D

      පීරේ, සිරාවට ඒක දවසේ කතාවක්ම තමා බ. :D

      Delete
    3. එහෙම වැටුණ එකෙක් අපේ ෆැක්ට්‍රියෙත් හිටියා. ඌ ඉතින් ඇස් පියාගෙන කොමඩ් එකට අතදාල, නීල ජලාසෙන් ගොඩගන්නවා වගේ ෆෝන් එක ගත්තා. වෙන මොනාකරඳ බං. හිත හදාගෙන වතුර පාර අරින්නයෑ.

      Delete
    4. මනෝ, අහවල් වැඩෙත් ඉවර කරලා තියෙත්දිම වැටුනොත් තමා බං සනීපෙ වැඩි. ඕක ගත්තත්, හදලා පාවිච්චි කරන එක හරි ජුගුබ්සාජනකයි නේ බං! :D

      Delete
    5. ඔව් බං, නිතරම කනෙයි කටෙයිනේ. තු: නොදකින්!

      Delete
    6. @මනෝෂ්,
      //අතදාල, නීල ජලාසෙන් ගොඩගන්නවා වගේ// පිස්සු පීකුදු බං.

      Delete
    7. ඇයි බන් නිකමට වත්…… නිකමටම වත්…… කෙල්ලෙක්ට කිස් එකක් දෙන්න පුළුවන්ද කෝල් එකකින් ආයෙ! :D

      Delete
    8. ආ... ඔය පනින්නේ බලල්ලු මලු වලින් එලියට. තව කියහං, තව කියහං. මල් කඩන කාලෙ කොරපු හපන්කම් තමයි ඔය.

      අඩෝ ඊළඟට කෙල්ලට හැබෑවටවත් කිස් එකක් දෙන්න හිත හදාගන්න බැරුවෙයි නේද බං.

      Delete
    9. විසිටර්,, පිස්සු පීකුදුම තමා මචෝ. ඌ අවුලක් නැතුව ගන්න ඇති. :D

      මනෝ, නෑ බං මම කිවුවෙ නිකමට වත් එහෙම දෙන්න උනොත් වහ කන්න තමා බන් වෙන්නෙ.! :D

      Delete
    10. /කෙල්ලෙක්ට කිස් එකක් දෙන්න පුළුවන්ද කෝල් එකකින් ආයෙ!/
      තොටත් ඉතිං, වල් බල්ලා


      යකෝ ඕක හදාගත්ත ගමන් විකුනලා අඵුත් එකක් ගනින්කෝ

      Delete
    11. මම කලින් වල් නෑ බං. කොහෙද දැන් උඹලවනෙ ආස්සරේ! :D

      ශැක් මූ ඉදගෙන සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් ගන්නත් බය කරනවා බොලවු! :D

      Delete
    12. \\ශැක් මූ ඉදගෙන සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් ගන්නත් බය කරනවා බොලවු! //

      චැහ්!! අර කිව්වත් වගේ දැන පරණ පාට වෙච්ච සෙකන්ඩ් හෑන්ඩ් එකක් මොන හිතකින් කනේ තියාගන්නද.

      Delete
    13. සිරාවට බං, දැන් අනුන්ගෙ හරි ෆෝන් එකක් කණේ තියා ගන්න ගානෙ මේක මතක් වෙයි. :)

      Delete
  4. කිව්වත් වගේ හැබෑට, වැඩ රාජකාරි අහවර වුණායින් පස්සෙ වැටුනොත් නං ඉතිං....................!!!!

    (ඡායාරූපකරණයට නෙවෙයි නේද ගෙනියන්නේ??)

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් නම් අහෝ ඉරකි දුකකි ගඳකි කියලා එහෙම්ම යවන්න තමා බං වෙන්නෙ.

      ඡායාරූප. චැක්! :D

      Delete
    2. හිත හදාගෙන දුක බෙදාගෙන කඳුලු පෙරාගෙන Flush කරලා දාන්න තමයි වෙන්නෙ අන්තිමට. ඒ නිසා ඒ වගේ ගමං යනකොට ගෙනියන්න වෙනම බාල-ලාබ අයිටම් ඒකක් තියාගන්න!!!

      Delete
    3. ඇයි බං සමහරුන්ට තියෙන්නෙ FB යන්න එකයි, ලීගල් කෑල්ලත් එක්ක මල් කඩන්න එකයි, කොටු පනින කෑලි වලට කතා කරන්න එකයි, ගෙදරට සහ යහළුවන්ට කතා කරන්න එකයි. මම දන්න එකෙක් ඉන්නවා එහෙම. ඔය වගේ ටොයිලට් ගෙනියන්නත් එකක් තියා ගන්නයි තියෙන්නෙ! :D

      Delete
    4. ඒකනෙ බං කියන්නෙ!! වෙනම තියාගමු. වැටුනත් දුකක් නෑ!!

      Delete
    5. අනිවා. ඒ අයිඩියාව එක හෙළා පිළිගන්නවා. :)

      Delete
    6. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද!!

      Delete
    7. එයා=වාතය=හුලං => => => => => එයාටෙල්=හුලංටෙල් !!!
      සිම්පල් නේන්නං!!

      Delete
    8. සිම්පල් කියන්නෙ මචෝ, ඒකෙ නැති මඟුලක් නෑ සිග්නල් ඇර! :D

      Delete
    9. හරියටම හරි!! අපි දැං ඒවා අතෑරලා තියෙන්නෙත් ඒ නිසාම තමයි බං!!

      Delete
    10. ඒකට් මොබිටෙල්. සිග්නල් නැත්තෙ නිට්ටඹුවට විතරමයි! :D

      Delete
  5. පට්ටයි යකූ.... මමත් අර එලවේටරේ සීන් එකෙන් පස්සෙ අපායට ගියත් ෆෝන් එක අරන් යන්නෙ

    ReplyDelete
    Replies
    1. අන්න හැදෙන ලමයි!! පාඩමක් ඉගෙනගත්තම කවදාවත් අමතක නෑ!!!

      Delete
    2. බස්සි, තැන්කූ මචෝ.

      අනිවා කණාමැදිරියාගෙන් බැටකාපු මිනිහා ගිනි පෙලෙල්ලටත් බය‍යි කියලා කියන්නෙ නිකමටයෑ! :D


      පීරෙ, ඔන්න ඔහොමලු හැදෙන ලමයි :D

      Delete
    3. ලමයි නේහ්???
      හාාාාාාාාාාාාාාාහ් හාහ් හහ් හහ් හාාාාාාාාාාාාාා හම්මේ!!!

      Delete
    4. පීරේ, බස්සිගෙ කොට ජීවිතේට පිංසිද්ධ වෙන්න බස්සිව දැනටත් යුනිෆෝම් අන්දලා ඉස්කෝලෙ යවන්න පුළුවන් බං! නැත්ද බස්සි? :D

      Delete
    5. ඒකනං පිලිගන්නවා. සහතික අැත්ත!!!
      අපරාදෙ කියන්නෙ බං, මට වඩා පොඩ්ඩක් හරි මේකි බාල වුණා නං හෙම, අම්මපා මං මේකාව දරුකමට හදාගන්න ගන්නවා!!

      Delete
    6. හැක් හැක්! කෝ මේ බස්සි. මේ බලපියෝ! :D

      Delete
    7. වැල්ලෙ ඔලුව ගහගෙන කියන්නෙ!

      Delete
    8. බස්සි පැස්බරාවියෙක් වෙලා. :)

      Delete
    9. හයියෙන් ම හූඋෟඋෟඋෟඋෟඋෟඋෟඋෟඋෟඋෟඋෟඋෟඋෟ කොට බස්සි!!

      Delete
    10. හූඌඌඌඌඌඌඌඌ ඔන්න මාත් හූ කිවුවා. හැබැයි ගුටි කනවා නම් උඹම ගුටි කාපන් හොදේ. :D

      Delete
    11. ගුටි කාලා හුරුයි බං!! අපි කාපු ටකරං වල හැටියට පපඩං කනවා කියන්නෙ මහ දෙයක් නෙවෙයි!!

      Delete
  6. Replies
    1. දැන් තමා සිංහල හදාගත්තේ. හිත හදාගෙන හොවැයින් දෙකක් කියන්න එනකොට අනේ බං සිංහල නෑ.. රෙඩ්බුල් එකක් ගැහුවා වගේ මතේ ගියා. දැං ඒක නෑ.. හැක්..

      Delete
    2. නොබොන උන්ට?? පවු නැත්ද අප්පා අපි?

      ඔන්න ඔහේ ඔය කියන්න ආපු දෙක කිවුවනම් අහවරයිනෙ! :D

      Delete
    3. නොබොන උන්ට අනං මනං කියලා දේශක යා ගම කාගන්න හදන්නෙ අෑ!!!
      බයිට් නැතුව සෙට් වෙන්න වෙයි බොලාට. බලාගමු අෑෑෑෑ!!!!
      බයිට් ඔක්කොම කනවා!!! (හිතුණොත් බෝතලෙත් කනවා අැතුලෙ තියෙන ඒවත් ඒක්කම. බොන්නෙ නැතුවට කන්නෙ නෑ කිව්වෙ නෑනේ!!)

      Delete
    4. පීරෙ, අනිවා. අපෙ බයිට් සංගමේට ජයවේවා!!! අරින්ඩ එපා මචෝ.

      //බොන්නෙ නැතුවට කන්නෙ නෑ කිව්වෙ නෑනේ!// පට්ට කතාව බං. +++++++++++++++

      Delete
    5. කව්ද යකෝ දේශකයට (බොනඋන්ට) බයින්නේ...?

      වරෙව් මාත් එත් හැප්පෙන්නනනන,,,,

      Delete
    6. උඹත් පැන්නද මෙතෙන්ට?? ඉවානයයි පත්තරේයි විතරයි ද කොහෙද තව අඩු!!! අා, අපේ රං ගොජා හෙමත් උඹලාගෙ රැහේ නේහ්??
      ඊලඟ ගෙට්ටුවෙදි බලමු අෑ (මං අාවොත්)!!! උඹලා බයිට් නොකා බොන හැටි මැවිලා පේනවා!! හැක් හැක්!!!

      Delete
    7. විදානෙ, ඔහොම කෑ ගහලා බැන්නට අපි බය වෙයි! ප්හු! හැප්පෙමු පස්සෙ වෙලාවක. ඈ :D
      __________

      පීරේ, නෑ බං ඉවාන් අපෙ පැත්තෙ. කොහොමත් අපිට ඡන්දෙ වැඩියි. උඹ ඉල්ලපන් ගේම. :D

      Delete
    8. මහේශ් අයියත් අපේ පැත්තට කියලයි මං දන්නෙ. බලමු නේහ්!!!! බැරි වෙන්නෙ නෑ!!

      Delete
    9. යකෝ මාත් බයිට් සංගමේ තමයි. තොපි මං නැතුවද බයිට් කන්න හදන්නේ??

      Delete
    10. හුකෑස් ....

      යාන්තන් ඇති තවත් ෂොට් එකක් ඉතුරුයි ....
      ළමායි ඔක්කොම යන්න එලියට .ගිහින් සෙල්ලම් කරන්න .දැන් මදැ ඔය බයිට් කැවා ....


      ස්තුතියි .
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    11. @ පීරෙ,
      ආයෙත් මනොයි තව සෙට් එකක්ම ඉන්නවා. උඹ බය නැතිව ගේම ඉල්ලහන්.
      _______________

      @ මනෝ,
      උඹව එහෙම අමතක වෙනවද බොල. මම ඒකනේ පීරෙට ගේම ඉල්ලහන් කිවුවෙ බය නැතිව.
      ______________

      @ සින්දු,
      චාටර් කරනවා කියලා ඔහොමත් චාටර් කරන්න හොදද බං අහිංසක අපිව.
      බයිට් එක වඩේ.
      -ස්තුතියි-

      Delete
    12. අපි ඒම ලේසියෙං ගේම අතාරි්නෙ නෑ ප්‍රියා අයියේ!!
      //බයිට් එක වඩේ// සුපිරි අා!!

      ///යාන්තන් ඇති තවත් ෂොට් එකක් ඉතුරුයි ....
      ළමායි ඔක්කොම යන්න එලියට .ගිහින් සෙල්ලම් කරන්න .දැන් මදැ ඔය බයිට් කැවා///
      බොන්නෙ නෑ කිව්වට කන්නෙ නෑ කිව්වෙ නෑනේ!! හිතුණොත් බෝතලෙත් කනවා සීල් කඩන්නත් කලිං ම හරිද!!!! බයිට් කනවට වඩා හොඳ සෙල්ලමක් කොහෙද බං, ඒ නිසා එලියට ගිහින් වැඩක් නෑ.

      Delete
    13. හැක්! ඔහොම ගේමට බහිනවනම් කවුද බය?? අපි කාටද බය - කවුද අපිට බය.

      Delete
    14. අපිට කවුරු බය උණත් නූණත් අපිට මොකෝ බං. අපි දිගටම ගේමෙං!!! අපි බය නෑ!! හරිනේ!!
      (බොන්නෙ නෑ කිව්වට බොන්න බෑ කිව්වෙ නෑ. බොන්නෙම නෑ ඒච්චරයි!!)
      කනවා යකෝ!!!!

      Delete
  7. අපෝ පිස්සුද බං ඕකත් ජබෝග් ගාල වලට වැටුනොත්!
    අපේ එකෙක් ඔහොම අරගෙන ගිහිං ඕක වැටිලා කොමඩ් එකට. ඊට පස්සේ මේකා කොහොම හරි අත දාල ෆෝන් එක අරගෙන. රූම් එකට අරගෙන ඇවිත් කිව්වේ "ෆෝන් එක වතුරට වැටුනා බං " කියලා. ඒ අස්සේ අපේ ඔය ෆෝන් කටු එහෙම හදන්න දන්නා ඩයල් එකක් ටක් ගාල ඇවිත් දීපන් ඔකේ ඇතුලේ තව වතුර තියෙන්න ඕනේ කියලා චාජින් පින් එක ගහන තැනට කට තියලා ඇදාපි නේද!
    මොනා වෙන්නද ඉතිං මාස ගානක් යනකම් ඌ "ගූ සකර්" :D

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වුනේ ඔය කතාවම තමා නාඩියෝ වෙලාවට කොමෙන්ටු කියවද්දී උබ කොටලා තියනවා දැක්කේ

      Delete
    2. නාඩියො, යකෝ පිස්සු ඩබල් නෙමේ ත්‍රිබල් වෙනවනෙ මේවා කියවත්දි. හිනා කාලා මැරෙනවා බං. පිස්සු පීකුදු. අර කට තියලා ඇදපු එකාට වහා කන්න හිතෙන්න ඇති බං. පවු වැඩේ. :D :D


      ෂැගියො, ඒක සිරාවටම පට්ට සීන් එක මචෝ.! :D

      Delete
    3. චැහ්! ඌට මොනා නොහිතෙන්න ඇත්ද. ඇයි අරූගේ අම්මා..? පවු අහිංසක ගෑනි.

      Delete
    4. කොමෝඩ් එක නිසා මොනාහරි කරන්න පුළුවන් , එත් අර පරණ කලේ තිබුන වල කක්කුස්සියක් තිබුනොත් .....

      Delete
    5. අම්ම්ටසිරි.. ඇඬෙනවා තනි ඇහැට!!

      Delete
    6. මනෝ, ඌට මුකුත් නොහොතීම මැරෙන්න හිතෙන්න ඇති මයෙ හිතේ! :D

      සින්දු, අනෙ අම්මෝ. වනේ වන හතුරෙකුටවත් නොවේවා එවන් විපතක් නම්!! :D

      Delete
    7. @ සින්දු ඇනෝ.....වල කක්කුස්සියක් තිබුනොත්..ටෙලිග්‍රැම් ෆෝම් එකයි පෑනකුයි ගෙනිච්චාම ඇතිනේ.

      Delete
    8. අරූ අයියා, +++++++++ ටෙලිග්‍රෑම් ෆෝම් එක තෙමුනොත් තමා අවුල. :D

      Delete
  8. මල මගුලයි ජූලි හැත්තෑවයි...
    අපරාදෙ ප්‍රියාට උදේ වෙන කං ඉන්න දෙන්න තිබ්බෙ...
    ඔහැක්....
    හොද වැඩේ....

    ReplyDelete
    Replies
    1. උදේ වෙනකම් තිබ්බා නම් ඉතිං දවසම හොදට නිදියලා නයිට් එක කවර් කරන් ගෙදර එන්න තිබුනා බං. ශැක් අපරාදෙ!
      //හොද වැඩේ.// දුක නැත්ද බොල? :D

      Delete
    2. අපෝ නෑ කිසි දුකක් නෑ... මං එහෙම හිටිය නං ගුලියක් කාල හොදට මනෝ පාරක් ගහනව...
      දෙන්නද එකක්..
      බ්‍රෑන්ඩ් එක සෙවණගල

      Delete
    3. යකෝ මේකා ගිහින් තියෙන දුර!

      Delete
    4. මහී,
      අර බලු තඩියට දුන්නෙත් සෙවණගල බඩුද බන්? :D
      _______________
      මනෝ,
      අනේද බන් කියන්නෙ? :D

      Delete
    5. සෙවණගල??? වෙල් නේහ්??
      පරිස්සමිං අෑ!!!

      Delete
  9. ටොයිලට් එකට යනකොට රැගෙන යන්නේ කෝපි එකක් සහ සිගරට් එකක් පමණි. බිරිඳ ගෙදර සිටීනම් කෝපි එක පමණි. එමනිසා බිරිඳ නිවසේ සිටිනා විට වැසිකිලි භාවිතයට එතරම් මනාපයක් නැත. ඇය රැකියාවට යන තුරු අපේක්ෂා සහගතව බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. මේං ඉන්නවා ටොයිලට් පිස්සෙක්.. මුන්ට ගහන්න ඕන මොකක්ද එකෙන්.. මම නං ඉතිං ඕවා පාවිච්චියක් නෑ ගෙදරදී?????

      Delete
    2. ටොයිලට් එකට යනකොට මොකක් ගෙනියන කියලද කිව්වේ?

      හින්දි ෆිල්ම් එකක සයිෆ් අලී කාන් කිරි බොන්න ටොයිලට් එකේ ඉඳන්. ප්‍රීටි සින්ටත් හිටිය ඒකෙ. මට ඒකෙ නම මතක නෑ නොවැ.

      Delete
    3. ලැක්චර......දැන් මචං මායි වයිෆුයි විතරයිනේ ගෙදර ඉන්නේ. දුවත් දැන් වැඩිමල්නේ. ගොඩාක් වෙලාවට වයිෆ් මට ඉස්සෙල්ලා වැඩට යනවා. ඉතින් මගේ රාජ්ජේ තමයි. ගෙදර සිගරට් බීම තහනම්. ඉතින් දොරෙන් එලියට බැහැලා තමයි දුමක් දාන්නේ. ඩ්‍රින්ක් එකක් දාන වෙලාවට මලවනේ. පට්ට සීතලයිනේ බං ඒ කාලෙට. ඒ නිසා එයා නැති වෙලාවට ටොයිලට් එකට ගියා. බිව්වා. එයාර් ෆ්‍රෙශ්නර් එකෙන් භාගයක් විතර ගහලා එලියට ආවා. මොනවා කරන්නත් දේශෝ ගෙදර ගෑණිව ශේප් එකේ තියාගන්න ඕන. ඕකුන් අප්සට් කරගත්තාම ජීවිතේම චොරේ.

      Delete
    4. අරූ අයියා, මට නම් කෝපි බීපු වෙලාවට අහවල් කෙනාගෙ ආඩම්බර තමා බලන්න වෙන්නෙ. ඒ නිසා ඔය වෙලාවට කෝපි ගන්නෑ. අපේ මාමා කෙනෙක් ඉන්නවා මොන දීපංකරෙන් හරි සිගරට් එකක් අතට නැත්නම් සතියක් උනත් වැසිකිලි වර්ජනයක් කරයි. :D


      දේශා, මොකක්ද එක යනු අර මෙවුවා එක නේද? හැක්! අනෙ අම්මෝ පාවිච්චියක් නෑ.???? :D

      Delete
    5. මොනවා දේශයා ගෙදරදී ටොයිලට් පාවිච්චියක් නැද්ද එතකොට

      Delete
    6. ප්‍රියා...අපේ ගෙවල් පැත්තේ හිටියා මොන්ටි කියලා මැදිවියේ පොරක් තාත්තා වයසක දොස්තර කෙනෙක්. උඹලා දන්නවනේ මම කියන්නේ ආදීකාලේ ස්ටොරීස් කියලා. ඒ මනුස්සය මලා. එයාගේ ඩිස්පෙන්සරියේ බෝඩ් එක ගලවලා මොන්ටි පුතා ගැහුවා බෝඩ් එකක්'තුවාල වලට බෙහෙත් දමනු ලැබේ' කියලා. පොර දන්නේ එච්චරයි. ඒ කාලේ තිබුනා සිගරට් කම්පැනියේ ස්ට්‍රයික් එකක්. සිගරට් කොහෙන් හරි ලැබුනු එවුන් එව්වා විකුනුවේ බ්ලැක් මාකට්....පාරේ ඔය පෙට්ටියක් උඩ තියාගෙන. දෙල්කඳ හන්දියේ එහෙම ගන්න තැනක් තිබුනේ නැහැ. මහරගමටම යන්න ඕන.

      උඹට කියන්න ප්‍රියා...මොන්ටියා උදේට ඇඩ්ඩින් මුදලාලිගේ කඩෙන් ප්ලේන්ටිය ගහලා ,අපේ ගේ ඉස්සරහ බස් හෝල්ට් එකේ ඉන්නවා බස් එකක් එනකම් මහරගමට යන්න. අපි අහනවා මොන්ටි අංකල් මොකද බස් හෝල්ට් එකේ කියලා. නෑ පුතා රෙන්න විදිහක් නෑනේ මේ *රි සිගරට් ස්ට්‍රයික් එක නිසා. මම මහරගම යනවා සිගරට් එකක් ගේන්න...... ඔන්න බලපන් ලෙඩේ තරම.

      Delete
    7. අරු අය්යේ ගල් කොපි නෙවෙයි නේද බොන්නේ ..හැක්
      අපි කොල්ලෝ කට්ටිය කිරින්දේ ගිහින් ගල් කොපි බිලා මල් පුජා කරලා පැය ගානක් අපි ගිය වාහනය හෙව්වා ...එකේ ගිය රියදුරා ගෙනුත් අපි අහලා අපේ වාහනය ගැන .ඌ හිතලා තියෙන්නේ අපි විහිලුවට ඇහුවා කියලා. ඌත් දැක්කේ නැ කියාලා ..පස්සේ අපි පරක්කු නිසා පස්සේ ඒකාම අපි හොයාගෙන ඇවිත් වාහනේට දාගෙන ....

      වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ...//
      මිලිණ වුනත් ඝන අඳුරේ
      මල් නෙලන්න නම් තහනම් මල් නෙලන්න නම් තහනම් ...

      Delete
    8. කතර ගම ගිහිලා පොදු වැසිකිලියට යද්දී එකක දොරට උඩින් දුම දානවා, අපේ එකෙක් කියපි අන්න බලපන් මචන් මකරෙක් රෙනෝ කියලා.

      Delete
    9. සින්දු ඇනෝ.....චන්දන ලියනාරච්චිගේ 'මහද ගගන තලේ' කියන සිංදුව වචනෙන් වචනේ අහපන්. මට හිතෙන්නෙම මේ ජොයින්ට් එකක් ගැන කියන සින්දුවක් කියලා..

      Delete
    10. සැනකෙළියේ කිසිම තැනක තිබුනේ නෑ වැසිකිලියක්
      තිබුනෙ එකම වැසිකිලියයි ඒකෙත් හෙන ** තලියක්
      ඉවසාගෙන සිටියෙමි මං පැය එකකුත් විනාඩියක්...

      ඉතිරි ටික මතක නෑ බොලවු.

      Delete
    11. @ ඉවාන්......මම හිතුවා ලැක්චරයගේ කට විතරයි ගෙදර ඉන්නකොට මහලා තියෙන්නේ කියලා... බලන් ගියාම පුකත් මහලා.

      Delete
    12. අරූ අයියා තරහා වෙයිද දන් නැහැ කලින් කමෙන්ට් එකට :D

      Delete
    13. මනෝ, ඔය ෆිලුම් එක මටත් මතකයි මතකයි වගේ. කටේ තියෙනවා කියවෙන්නෑ බං.
      උඹට ඕකෙ ඉතුරු පද ටික මතක නෑ වගේම තමා. :D

      ඉවාන්, දේශා ගෙදරදි ටොයිලට් පාවිච්චියක්ද නැහැයි කිව්වෙ! හුටා. :D

      සිංදු, පට්ට සීන් එක බං.
      තණමල්විල මල් පිපුනත් තහනම් නීතියට…
      ජීවිතේට මට අමතක නොවෙයි කිරින්ද…
      නැත්ද මචෝ! :D

      සොමියා, ඌත් චීනෙන් ආනයනය කරපු මකරෙක් කියලා උඹලා හිතන්න ඇති. :D

      අරූ අයියා, මොන්ටි නම් මරු ඩයල් එකනෙ. පට්ට සීන් එක. ඕවා අපේ ලොක්කො දන්නවා නම් සිගරට් වලට ඔච්චර පහර ගහන්නෑ. ඇයි හත් දෙයියනේ බලන් ගියාම සිගරට් කියන්නෙත් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වගේනෙ. ටොයිලට් නොයා ඉන්න ඇහැක්යෑ මනුස්සයෙක්ට.!

      //ගෙදර ගෑණිව ශේප් එකේ තියාගන්න ඕන. ඕකුන් අප්සට් කරගත්තාම ජීවිතේම චොරේ.//+++++++++++++ මේවා නම් අදහන්න වටින උපදෙස් අප්පා. :D

      Delete
    14. මනොෂ් ඔය වගේ සින්දු කතා නම් කොච්චර තියෙනවද? ඉස්කෝලේ යන කාලේ පට්ට ගහපුවා :D

      සැණකෙළියේ කිසිම තැනක තිබුනේ නෑ වැසිකිළියක්
      තිබුන එකම වැසිකිළියේ තිබුනේ නෑ පනිට්ටුවක්
      ඉවසාගෙන සිටිය නමුත් පැය තුනකුත් විනාඩියක්
      ගෙදර ගිහිං බලන කලට කලිසම මැද ------- තලියක්

      ඇයි මේක

      මහා මෙරක් ලෙසට - හැදුනු &න්න බරට
      ලැට් එක ළඟ පෝලිම වැඩි හින්දා
      ගත්තා සරම අතට - දිව්වා පහල ඇලට
      වැටකෙයියා පඳුරක් ළඟ ^න්නා

      ආඳා *කට කොටනවා
      ලුලා *කට කොටනවා
      ආඳා *කට ලුලා *කට
      දෙන්නා එකට කොටනවා
      තියෙන *කත් නැත වෙන්නයි යන්නේ
      රබර් *කක් දා ගන්නයි වෙන්නේ

      එතකොට මේක

      පුංචි පුතු මගේ ඌ &න්නේ ගේ වටේ
      හැමදාම හැමදෙනාම කියනවා
      හරි ලස්සනයි පුතේ උඹ කරපු බලු වැඩේ
      අම්මිටයි මටයි පෑගුනා

      ප.ලි : හුදෙක් රසර්වාදයද මොකද්ද එක සඳහා පමණක් පලකලෙමි. :D

      Delete
    15. අම්මට සිරි ඔය තියෙන්නෙ. කාලයක් මං ඔයවගේ වැඩවලට හෙනම අකමැතියි. කොටින්ම කියන එකත් එක්ක ගහගන්නැති ටික විතරයි. ඒත් මට අහන්න ලැබුනා අමරදේව මහත්මයාත් එතුමාගේ පෙර දිනයක මා පෙම් කල යුවතිය ගීතය පේරාදෙණිය සරසවියෙදි මෙහෙම කිව්වා කියලා.

      "පෙරදිනයක මා පෙම් කල යුවතිය රට කජු විකුණනවා
      මගේම ලියුමක රටකජු ඔතලා ආපහු මට දෙනවා
      ලියුම බලන්නද රටකජු කඳ සිත මගෙ ලතවෙනවා
      මගේම ලියුමේ මොනව බලඳ මම රටකජු කනවා"

      Delete
    16. පෙරදිනයක මා පෙම් කල යුවතිය තවකෙකු දක්කනවා
      මගේම කලිසම ගජයට ඇඳගෙන ඌ තව පොෂ් වෙනවා
      කලිසම ගන්නද කෙල්ල බලන්නද මගේ සිත ලතවෙනවා
      දක්කපු කෙල්ලගේ මොනවා බලන්නද මම කලිසම ගන්නවා

      Delete
    17. @සොමියෝ........කොයි එකටවත් තරහ යන්නෙත් නැහැ, තරහ එන්නෙත් නැහැ. තරහ ග්‍රන්ථිය කපලා තියෙන්නේ.. මාත් උඹ වගේම සොමියෙක් වයස වැඩිවුනාට.

      Delete
    18. https://www.youtube.com/watch?v=BCEufZtmJ3M

      අනිවා බලන්න

      Delete
    19. ස්තුතියි අරූ අයියා,

      මන් මේ කියන්න හැදුවේ මොන තරම් සුන්දර මනුස්සයෙක්ද අමරදේවයන් කියලා, ඒ නිසා අනිවා මේ වීඩියෝ එක බලන්න.

      Delete
    20. සොමියා....ඔය කතාව කියන අවස්තාවක මම වේදිකාව ඉස්සරහ හිටියා,. ඒක මතක් කලයුතු අවස්තාවක්!!!

      Delete
    21. ඇත්තටම ප්‍රියා...මොන්ටි ඕකට ගහපු බෝඩ් එකේ තිබුනේ "පරණ සහ අළුත් තුවාලවලට බෙහෙත් කරණු ලැබේ" කියලා. අපිත් යනවා බෙහෙත් දාගන්න. හොඳට ලෙඩ්ඩු හිටියා. අපි කිව්වේ තුවාල මොන්ටි කියලා. වැඩිපුරම ආවේ අපි උඹලාවගේ දඟකාර ළමයි. සෙල්ලම් කරලා වැටිලා දනහිස්, වැලමිටි තුවාල කරගෙන ඉන්න එවුන්. දැන් කෝ ඒ ළමයි. කොම්පියුටර් වලින් ප්ලේ ගෙම්ස් වලින් වැටෙන්නේ නැහැනේ. මොන්ටිලාත් ඉවරයි, මොන්ටිලාගෙන් අළුත් තුවාලවලට බෙහෙත් දාපු ළමයිනුත් ඉවරයි. ඒ නැතිවුනේ ලේ ගලන තුවාල විතරක් නෙමේ. තොපේ දරුවන්ගේ ළමා කාලයයි. ගහට කොළට ගඟට ඔයට පසට මඩට හුරු නැති දරුවා මානසික හෝ හෝ එකක්. පොඩි එකා දුවන පණින කාලෙට වතුසුද්ද මල් ගහකට හරි නග්ගවපන්.

      Delete
    22. සොමියො, පට්ටනෙ බොල. මේවා දැන්නම් මතකත් නෑ බං! ඇත්තටම අමරදේවයන් කියන්නෙ ගරු කලයුතු සුන්දර මනුස්සයො මචන්.

      මනෝ, ඕවා විනෝදයට කරන කියන ඒවා විතරනෙ මචෝ.

      අරූ අයියා, //මාත් උඹ වගේම සොමියෙක් වයස වැඩිවුනාට.// ඒක අපි දන්නවා අරූ අයියා. අනිවා.
      ඇත්තෙන්ම අමරදේවයන් ඔය කතාව කියන අවස්ථාවක අහන් ඉන්න ලැබීමත් වාසනාවක්!

      Delete
    23. අරූ අයියා,

      සම්පූර්ණ ඇත්ත අරූ අයියෙ, තාක්ෂණෙට වැරදි කියනවා නෙමේ. ඒත් තාක්ෂණය නිසාම අපි මොන තරම් දේවල් මඟහැරිලද? ඊළග පරම්පරාවට මොන තරම් දේවල් අහිමි වෙලාද? ඒ කිසිම දේකට වැරදි තාක්ෂණේ නෙමෙයි අපිමයි!

      //පොඩි එකා දුවන පණින කාලෙට වතුසුද්ද මල් ගහකට හරි නග්ගවපන්.// අනිවාර්‍යෙන් අරූ අයියා. අපිට පුළුවන් විදිහට අපේ පොඩි උන්ටත් මේ පරිසරය විදින්න පුරුදු කරන්නම්!

      Delete
    24. බත් එකකුත් බෙදා ගෙන ගියා නම් අහවරයිනේ.. සමහර උන් කියන්නේ බත් දාගෙන කන්න පුළුවන් කියලා...

      Delete
    25. මාතේ අය්යේ .....කෝ අපේ කෙන්ජි මාමා ....ජනාධිපතිවරණයක් එනවා කිවා විතරයි මේ මනුස්සයා මිසින් ...

      Delete
    26. මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
      මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
      මල් සම්පත නුඹයි.....

      රුදුරු වන පුරා කටු රැදි තුරු මත මල් පිපුණු
      මියුරු පල දරාගෙන එනතුරු ඉවසාගෙන සිටිනු...//
      මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
      මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
      මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
      මල් සම්පත නුඹයි

      කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිහින ලකුණු
      මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු
      මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
      මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
      මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි

      ගායනය - චන්දන ලියනආරච්චි

      Delete
    27. දෙන්නද ගුලියක්...

      Delete
    28. මහේෂ් අපේ හිස් අහසේ කාලෙකට කලින් ගුලිය ගැන "මෙහෙම" කියලා තිබුනා ....
      ගුලිය නුඹ ...

      බෙහෙත් බඩු කඩේකින් පුංචි මුදලට රැගෙන
      දවටනේ ඉවත් කර කටේ දාගෙන සෙමින
      උඩු තල්ලේ තියාගෙන නිරන්තරවම උරන
      ගුලිය නුඹ ගුලිය නුඹ පිරිමි දුක් ගිනි නසන ...

      Delete
    29. චැහ්! ටොයිලට් ගිහින් මටනම් කරන්න පුලුවන් ඒ යන කාරිය විතරමයි. අපේ මල්ලි උදේට දත් මදින්නෙත් ඒකෙ අස්සෙ ඉඳන්. මටනම් අපූඌඌලයි..

      Delete
    30. @ මාතලන් අයියා,
      බත් ගෙනියන්න?? වසන්ඩ හම්බවෙන්නෑ! :D
      _______________
      @සින්දු,
      කෙන්ජයියා මේ ටිකේ පේන්නනෑ මචෝ.
      සඳරු හිස් අහස ලියන්නැති එකත් සෑහෙන්න පාඩුවක් බන්. ලිංකුවටත් තෑන්ක්ස් වේවා!! :)
      _______________
      @ මහී,
      සෙවණගල බඩුද මචෝ? :)
      _______________
      @ මනෝ,
      මාත් හිටපු ගමන් දත් නම් මදිනවා මචෝ උදේට ටිකක් වැඩිපුර නින්ද ගිය දාට! :)

      Delete
    31. මොකූ මල්ලි මේ ඉන්නෙ මම....හෙක්....හෙක්....

      Delete
  10. චැහ් බං, මං සෑහෙන්න පරක්කු වෙලානේ. ඔය වගේම එකක් මට මේ ළඟදි උනා බං. මේකනම් මට නුපුරුදු තැනක් නෙවෙයි, මං දවසට දහ දොලොස් වතාවක් යන වොෂ් රූම එක. ඉතින් මාත් ගියා. ඒකෙ ටොයිලට් දෙකක් තියෙනවා වෙන වෙනම. කන්ඩිෂන් එක වඩාත් හොඳ එකේ දොරේ අවුලක් තියෙනවා. ඒකෙ දොර උලුවස්සට හොඳටම හිර වෙනව වැහුවම. දොර අරින්න තිබුනෙ ඇතුලට. ඒත් ඉතින් ඇතුලෙන් දොරට අල්ලලා තිබුන අණ්ඩෙන් ගේමක් නැතිවම දොර ඇරගන්න පුලුවන්. ඉතින් මේ කිව්ව දවසෙත් මං ලොක්ක වගේ ගිහින් දොර ඩෝං ගාල වහගත්තා. ඉතින් ආව කාරණය ඉෂ්ට සිද්ධ කරගෙන මං ආපහු යන්න හැරුනා. දොර අරින්න අණ්ඩ හෙව්වා. හුටා!! ඒක ගලවල. දැන් කරපන්කො. ඇඟිලි තුඩක් වත් රිංගවගෙන අල්ලලා අදින්න තරම් ඉඩක් දොරයි, උලුවස්සයි අතර නෑ. කිටි කිටියට දොර හිරවෙලා. දැන් ඉතින් මොනා කරන්නද මොකෙක් හරි එයි කියල බලාගෙන හිටියා පැය බාගයක් විතර. ආවෙ නෑ එකෙක්. ඊට පස්සෙ තමයි මට කල්ප්නා උනේ යකෝ ෆෝන් එක සාක්කුවේ තියෙනවනේ කියලා. ඊළඟට ඉතින් යාලුවෙක්ට කතා කරල එලියෙන් තල්ලු කරගෙන දොර ඇරගත්තා.

    ReplyDelete
    Replies
    1. පට්ට සීන් එක බං!! පණ්ඩිතයා වගේ හොයන්නෙ බලන්නෙ නැතුව රිංගනවට බොට හොද වැඩේ.

      මම නම් රෑ නිසා නින්දක්වත් දැම්මා. උඹ නිදාගන්න කියලැයි ගිනි දවාලෙ.

      අන්න බලපන් උඹ ඔහොම හරි බේරුනේ ෆෝන් එක අතේ තිබ්බ නිසා නොවැ.! :D

      Delete
  11. ෆෝන් ඉස්සෙල්ලම පාවිච්චි කරන්න ගත්ත කාලේ මටත් තිබ්බ ඔහොම අවශ්‍යතාවයක්.. හේතු තුනක් නිසා.
    1. සෝබනේට- ඇල්කටෙල් වන් ටච් ඊසි මී තඩිය එහෙ මෙහෙ අරගෙන යන්නේ පුදුම ආඩම්බරේකින්
    2. එන කෝල් එකක් මිස් වෙයි කියල බයට- කෝල් එකක් එන්නෙත් කලාතුරකින්, සීඑල්ලයි ඇත්තෙත් නෑ. අනික කෙල්ලෙකුට වත් ආසාවකට කෝල් එකක් ගන්න බැරි තරං මිලාධිකයි නෙ ඇමතුමක් ගන්න එක
    3. ඔන් එකේ තියල යන්න බැරි කමට- දවසක් තියල ගිහින් එනකොට අපේ උන් දුක නැතුව ආච්චිලා එක්කත් මල් කඩල.. බුදු සරණයි..

    මේ හේතු නිසා ඒ දවස්වල ක, බො, රෙ, නි හමතැනම ෆෝන් එකනම් අරං ගියා.. දැන්නම් අත අරින්න බැරි ඒත් අකමැතිම භාන්ඩ වලින් එකක්..

    ReplyDelete
    Replies
    1. අනෙ හප්පෝ මිත්‍ර, අර හේතු තුනනම් මරු! ඒකෙනුත් තුන්වෙනි එක නම් මටත් වෙලා තියෙනවා දෙතුන් සැරයක්. හදීසියට කෝල් එකක් ගන්න ගියාම තමා දෙයියො සිහි වෙන්නෙ.

      //අත අරින්න බැරි ඒත් අකමැතිම භාන්ඩ වලින් එකක්.// මේක නම් ඇත්තම තමා. වැඩේ අතහරින්න බැරි එකනෙ.

      Delete
  12. මේක දැක්කේ "මාතලන් සින්ඩිය" කියලා එකකින් .....

    "සාර සදිසි නෙක මල් නෙළනා කළ
    වළ ගියදෝ නුබේ ජංගමයා..!"
    සොඳුරිය! නුඹ පල් අපෙ දරුවන් පල්
    "මල් නෙළුවේ" නැත ජංගමයා..!

    "පනහේ - සීයේ" කාඩ් දමාගෙන
    මිතුරන් ඇමතු ජංගමයා..!
    හිත් තුල තෙරපෙන දුක - සැප කවිකර
    කෙටි පණිවුඩ කෙටු ජංගමයා..!

    ලෙඩක් - දුකක් කරදරයක් ආ කළ
    කළණ මිතුරු වූ ජංගමයා..!
    බිම වැටුනත් පොළොවේ ගැහුවත් යලි
    "මරණින් නැගිට්ට" ජංගමයා..!

    බිරිඳට බත් පත ගෙන යන අතරේ
    මග හැලුනයි මගෙ ජංගමයා..!
    ඇහිළු කෙනෙකුන් ආපහු දුන්නොත්
    බෝ පින් සිඳුවෙයි ජංගමයා...!!!

    - පියන්කාරගේ බන්දුල ජයවීර

    රාවය - 2014/07/27

    ReplyDelete
    Replies
    1. අම්මප උඹට ඒකටත් සිංදුවක් තිබුන හැටි. උඹට මොකක් කියලද බං අපි කතාකරන්නේ.

      Delete
    2. ////////පියන්කාරගේ බන්දුල ජයවීර//////
      80-90 කාලේ ඉඳන් ලියන දක්ෂ කවියෙක්!!!!

      Delete
    3. සින්දු, උඹ නම් රජ බඩුවක් මචෝ. මෙහෙම පෝස්ට් එකකටත් සිංදුවක් ගේනවා කියන්නෙ අපි හැමදාම කියනවා වගේ උඹ අපිට සම්පතක්!!

      මනෝ, සින්දු නිධානය කියලාවත් කතා කරමු බං!

      අරූ අයියා, බන්දුලයන්ගෙ වැඩි විස්තරයක් දැනන් හිටියෙ නෑ නොවැ.

      Delete
  13. අපේ සෙට් එක බදුලු ගිහින් එහෙන් මහියංගනේ යද්දී මීගහ කිවුලේ කඩේකින් වළඳලා සෙට් එකටම බෝකවල් චාර්ජ් වෙලා තිබුනේ, දෙන්නෙක් පාර අයිනේ ගස් පල්ලට කවර වෙලා වතුර බෝතල් වලින් වැඩේ කරගෙන තිබුනා, අනිත් උන් එක්ක මම කාගෙන හිටියා, මහියංගනේ යන ෆස්ට් ටයිම් එක, ඔන්න දැන් මහියංගනෙට ආව විතරයි මම කොහොම එලියට ආවද මන්දා ලැට් එකක් හොයන් දුවද්දී විශ්‍රාම ශාලාවක් දැකලා ඕක අස්සට රිංගලා ටෝයිලට්ස් කියලා ඇහුවම ඔහොමම යන්න කිව්වා, ඔන්න දැන් ගිහින් දොර වතුර බල්ලන්නෙත් නැතිව වැඩේට සෙට් උනා විතරයි මෙන්න 4න් එක වදිනවා, වැඩේ බාගෙට කරපු හින්දා නැගිටින්නත් බැහැ, ඕන මගුලක් කියලා වැඩේ ඉවර කරලා 4න් එකේ මිස්කෝල් නම්බර් වලට ගත්තම එහා පැත්තේ ලට් එකෙන් රින්ග්ස් යනවා ඇහෙනවා, ^%^#%&@^$#@&$ මේකේ බාල්දියක් නැහැ, හදිස්සියට කරා, දැන් හෝදන්න බහ &^%*&$, බාල්දියක් අරන් වර කියලා, ඔන්න ඌට ඉතින් බාල්දියක් සෙට් කරලා දුන්න, තව එකෙක්ගේ නම්බර් එකට ගත්තම ඌ කියනව අර (*&*%%^$%#$@& එලියට ආවද මට කලිසමේ යන්න වගේ කියලා. :p

    ඒ නිසා කොහේ යතත් පොදු ඒවාට යද්දී නම් දුර බනුවක් තිබිය යුතුමය.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහන් මම ෆෝන් එක අරන් වැසිකිලි යන්න කියන එකේ වැදගත්කම.

      හප්පෝ ඔහොම තැන්වල තියෙන පොදු වැසිකිලි ගැන නම් කතා කරලා වැඩක් නෑ බං. ආයෙ සොරි ඩොට් කොම්ම තමා. ඊට සැපයි අර උඹලෑ කලින් දෙන්නා වගේ ගස් පල්ලට රිංගුවානම්. :D


      මට වැසිකිළියක් ලාවට වගේ සම්බන්ද තව කතාවක් මතක් උනා මචෝ. හිටින් වෙලාවක ඒකත් ලියනවා. ඒකත් නයිට් සීන් එකක්ම තමා. :)

      Delete
    2. මහියංගනේට අපහාස කරන්නෙපා බොලවු!!!!!

      Delete
    3. ඕවා පැත්තෙ වැරද්ද නෙමේ බන්, ඒ ඒ වැඩට අදාල පුද්ගලයින්ගෙ තියෙන නොසැළකිල්ල.!!

      Delete
  14. හෙහ් හෙ.හ්.. මම නං ටොයිලට් එකට යනකොට, එක්කො උදේ දත් මදින්න ඕන. නැත්තං අනිව කියවන්න යමක් ඕනෙමයි. පොතක් නැත්තන් ෆෝන් එක ගෙනිහින් එෆ් බී එකවත් බල බල ඉන්නව. මොකද ඕකට ගිහින් වැඩේ ඉවර වෙනකල් ඉඳගෙන උඩ බලන් ඉන්න එක පට්ට කම්මැලි වැඩක් ( වැසිකිළිය කියන්නෙ පොතක් පතක් බල්ලන්න තරම් පිරිසිදු සහ ප්‍රසන්න තැනක් විදියට තියාගෙන නැති අයට මේක අවුල් වෙන්න පුලුවන් )

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් හරි ඉන්දික අයියෙ කම්මැලි කමත් හරි. මම නම් පොත් පත්තර කියවලම නෑ. දත් නම් මදින්නෙ ගොඩක් වෙලාවට ඕකෙදි තමා.

      වැසිකිලියක් පිරිසිදුව තියා ගන්න එකනම් සෑහෙන්න වටිනවා තමා හිතටයි ගතටයි දෙකටම එක වගේ.

      Delete
    2. මචන් සිංහයා.. අපේ ආච්චි ඔය ලෙඩේට කියන්නෙ (කිව්වේ) 'ගූ ගැරෑඬිය' කියල.. "කොහොමද බොල තොපි ඕක අස්සේ නාස් පුඩු අකුලං පැය ගණං නිදි වදින්නෙ.. ගූ ගැරෑඬියද.. මං නං ආයි මොකද.. අතේ තියං ගියා වගේ"

      ආච්චි ගැන කියනවනං ඒක වෙනම පොතක් ලියන්න ඕනි.. ඒ කාලේ හිටපු සුපිරි චරිතයක්.. ඒ ගැන දවසක ලියන්නම්.. හැබැයි.. උන්දැට පින්සිද්ද වෙන්න මටත් අදටත්.. ඒ පුරුද්දමයි.. ආයි මොකෝ.. අතේ තියන් ගියා වගේ...

      Delete
    3. චැහ්!! කැත පුරුදු තියෙන්නෙ මුන් සේරටම. මං යනව යන්න.

      Delete
    4. @ මිත්‍ර,
      හෙහ්… ආච්චි නම් සුපිරි චරිත‍යක් වගේ තමා. ඔය කතාවෙන්ම තේරෙන්නැත්ද? ලියහන් මචෝ ඉක්මනට කලාහිතට ආච්චි ගැනත්. :)
      _______________
      @ මනෝ,
      මොන කැතක්ද බන්. කැත කරන පුරුදුනෙ මේවා. :)

      Delete
  15. හි හි...
    මරු වැඩේ උඹට..මැවිල පේනව ඉතිං උඹ කොමඩ් එක උඩ පොලේ ගහල වගේ නිදාගෙන ඉන්නව.. :D

    ReplyDelete
    Replies
    1. ආයෙ මොන කතාද බං පිටින් බැලුවානම් පෙනෙයි පෙරේතයා කොමඩ් එකේ ගැහුවා වගේ නිදියන් හිටපු අපූරුව! :D

      Delete
    2. තොට පිස්සුද සංචාරකයෝ.. මේක කොමඩ් උඩ නිදාගන්න.. හිතන්නවත් එපා. ගොදුර ගිලපු පිඹුර වගේලු දපල හිටියෙ වැසිකිලි බිම සිසාරා!!!!!

      Delete
    3. හැක්............. මනෝෂ්.... අන්න කතාව මචං

      Delete
    4. @ මනෝ,
      බිම? බිම නෙමේ බොල නිදා ගත්තෙ කොමඩ් එක උඩ වාඩි වෙලා. හැක්. :D

      @ කුරුටු,
      කොහෙද ඉතින් උඹලත් කිවුවම අහනවැයි! :D

      Delete
  16. මං නං ඕකට යනකොට අරන් එන්නේ. කක්ක බරයි. චූ බරයි විතරයි..

    ReplyDelete
    Replies
    1. මල්ලි චූ ද ? ගූ ද ?

      චූ නම් 5 යි ගූ නම් 10 යි.

      (පොදු වැසිකිලි වලට යද්දී ඇසෙන හා එවෙලේම පිලිතුරද ලැබෙන පැනයකි, විශේෂයෙන් මාතර බස් හෝල්ට් එකේ :D, අප සිනහ වුවද එයින්ද ජීවිකාව ගැට ගසා ගන්න "මිනිසුන්" ද සිටිති)

      Delete
    2. විදානෙ, හරි ඉතිං ඔය ලිස්ට් එකට ෆෝන් එකත් දාගනින්. හැබැයි අරවා දාලා ෆෝන් එක අරන් වර මතක් කරලා. :D

      සොමියා, කර මුලටම බඩු පිරිලා ඔන්න හැලුනා මෙන්න හැලුනා කියලා ඉත්දි ඕවත් ඇහෙත්දි තමා බන් සසර කළකිරෙන්නෙ.! ඒත් ඒකත් බඩවල් ගානක් පුරවන රස්සාවක්නෙ!

      Delete
    3. \\මං නං ඕකට යනකොට අරන් එන්නේ. කක්ක බරයි. චූ බරයි විතරයි..//

      ආන්න කතාව. මතක් කරල වතුරත් අරන් පල ඇතුලෙ නැත්නම්. ආයෙ එලියට එන්න පුලුවන් විදියට අඩුම ගානෙ තුවායක් හරිත් අරන් පලයන්. අනේ උඹත්.

      Delete
    4. @ විදානේ...............

      ෂුවර් ද ඔය දෙකට විතරමයි යන්නේ කියලා.........................

      Delete
    5. @ මනෝ,
      අඩේ සිරාවට ඕක මතක් උන්නෑනෙ. හෝදන්න බැරි උනොත් පිහදන් හරි එන්නැතෑ.! :D

      @ කුරුටු,
      ඔය කිවුවට මට නම් ශුවර් නෑ බන්ස්.! :D

      Delete
  17. මටත්, ඕක වෙලා තියනවා ප්‍රියා. යටිගිරියෙන් කැ ගහල එලියට පන ගන්නවා , කවුරු හරි ගේන්න ගෙන, කොහොම හරි . අපේ barth රූම් එක හිටි ගමන් නිකන්ම ලොක් වෙනවා, එකයි, හේතුව.

    ReplyDelete
    Replies
    1. හප්පේ යටිගිරියෙන් කෑ ගහලා හරි කට්ටිය ගෙන්න ගන්න පුළුවන් එක නම් ලොකු දෙයක් නිහංසා. නැත්නම් පැය ගනන් ඇතුලෙ හිර වෙලා තමා ඉන්න වෙන්නෙ. :)

      Delete
  18. ප්‍රියාටත් වෙන අකරතැබ්බ....
    එච්චර අවුලකුත් නැහැ, නයිට් ෂිෆ්ට් එකෙන් පැය 2 - 3 ක් හොඳට නිදාගත්තනේ ...

    ReplyDelete
    Replies
    1. හොදම ඒව තමා සඳරු අපිටත් වෙන්නෙ! :)
      පැය එකහාමාරක් විතර නිදා ගත්තා එදා. ඒත් එළියෙ හිටියත් ප්‍රඩක්ෂන් අවුලක් නැත්නම් මීට වඩාත් නිදා ගන්නවා හිටපු ගමන්. :D

      Delete
  19. මගේ යාලුවෙක් ගේ ෆෝන් එකක් මේ ලඟදි ඔහොම කොමඩ් එකට වැටුන ... අත දාල අරගෙන තාම පාවිච්චි කරනවද කොහෙද .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හි… වැරදිලාවත් ඒ යාළුවගෙ ෆෝන් එකෙන් කෝල් වලට කතා කරන්න එහෙම එපා පැතුම් අයියෙ! :D

      Delete
  20. එහෙම ඇබැද්දියක් හතුරෙකුට වත් නො වේවා!

    ReplyDelete
    Replies
    1. වනේ වන හතුරෙකුටවත් නොවේවා මෙවන් විපත්!! :D

      Delete
  21. අපේ යාලු හමුදා නිලධාරියෙක්, ඔන්න ඔන්න ඉතිං කියන්නත් කලින් මම කියලා කියන්න යනවනේ. මම නෙවෙයි යකෝ වෙන එකෙක්. ඔය විදිහට බාත්රූම් එකේ නිදාගෙන ඉන්නකොට මහා මෙහෙයුමක් ගියා මිනිහව හොයන්න. අපරාදේ කියන්න බෑ මූ ගොජ දාන සද්දේ කිලෝමීටරයක් විතර ඈතට ඇහුන නිසා මෙහෙයුම නිමා වුණා. මූ ගිහිල්ලා තිබුණේ නිවස්නයේ බාත්රූම් එකට නෙවෙයි. අමුත්තන්ගේ බාත්රූම් එකට. එකයි හොයාගන්න වෙලාගියේ.

    ReplyDelete
    Replies
    1. හෙහ් මරු වැඩේ ඒකත්. කට්ටියට අපරාදෙ හෙවුවෙ කියලා හිතෙන්න ඇති.

      මේක උනේ විචාරකතුමාට නෙමේ කිවුවා නේ! //ඔන්න ඔන්න ඉතිං කියන්නත් කලින් මම කියලා කියන්න යනවනේ. මම නෙවෙයි යකෝ වෙන එකෙක්.// ආ හරි හරි. එහෙනම් හරි. :D

      Delete
    2. හරි හරීඊඊඊඊඊඊඊ!!! ඔබතුමාට නෙවෙයි මේක වෙනකෙකුට වෙච්ච දෙයක්!!
      ඔන්න පිලිගත්තා ඉස්මුදුනෙං ම අෑ!!

      Delete
    3. පීරෙ,
      අච්චර විශ්වාසෙන් කියන එකේ පිළිනොගෙන කොහොමෙයි බන්? :D

      Delete
    4. ඒකනෙ ඒකනේ!! පිලි නොගෙන කොහොමද!!!

      Delete
    5. අනිවා ඒකනෙ අපි නම් පිළිගත්තෙ.

      Delete
  22. කොහොමද දවස් දෙක තුනක් නිවාඩු තියෙන දවසක් වෙලා කට්ට්ය බලන්නේ නැතුව ඔක්කොම වහලා දාලා ගියා නම්.. මට මතක් වුනේ අර පුංචි ළමයෙක් වොෂ් රූම් එකක හිර වෙලා හිටිය කතාව.

    ReplyDelete
    Replies
    1. දවස් දෙක තුනක්!!! අම්මෝ. මට ඒක දැකපු ගමන් හීන් දාඩියත් දැම්මා.

      එහෙම උනා නම් ඉතින් විනාශයි තමා. :)

      Delete
  23. අඩේ ඔහොම නෙමෙයි.. හවස් වරුවක බාත් රූම් එකේ ඉද්දි ඔෆිස් එක වහල යන්න ඕනෑ.. සිකුරාදා වගේ දවසක.. :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතිං ෆෝන් එක විත‍රක් මදි මචෝ, තව අඩුම කුඩුම ගොඩක් ගෙනියන්ඩ වෙයි මචෝ.! :D

      Delete
  24. මම මේකට මීට කලින් ඇවිල්ල නැද්ද මංද? (බාත්රූම් එකට නෙමෙයි බොලවු)
    මොනව උනත් ෆෝන් එකක් අතේ තියෙන එකනං ඔය වගේ අවස්ථාවලින් බේරෙන්න හොඳ චාන්ස් එකක් තමයි. හැබැයි ඉතිං වැඩිවෙච්ච වෙලාවකනං ඔක්කොටම කලින් ෆෝන් එක බේරගන්න ට්‍රයි එකක් දෙන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියා, මීට කලින් ඇවිත් නෑ නේන්නම් (මාත් කිවුවෙ බාත්රූම් එකට නෙමෙයි :D )

      හප්පා වැඩි වෙච්චි වෙලාවට නම් ෆෝන් එක ඕකට අරන් යනවා කියන එක තව අලුත් ෆෝන් එකක් ගන්ඩ කියනවා හා සමානයි තමා. :)

      Delete
  25. මං එකදවසක් ෆෝන් එක කොමෝඩ් එකටම දාගත්තා ඉන් පස්සෙ ආයිත්නං ගෙනියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මගෙ නම් තාම ෆෝන් එකක් වැටිලා නෑ සරත් අයියෙ. මම සාක්කුවෙමයි තියන්නෙ. අතට ගන්නෙ නෑ පුළුවන් තරම්.!

      Delete
  26. ආනේ.............. ප්‍රියා.............. උබට බ්ලොග් එකකුත් තියනවනේ බන් අදමයි දැක්කේ............ (මාස දෙක තුනකට වඩා පරණ ඒවා මට නිකන්ම අමතක වෙනවා )

    ReplyDelete
    Replies
    1. තියෙනවා නේන්නම් බන්. මටත් අමතක වෙලා තිබ්බෙ මේක ගැන. කොහෙද මුන් ටොකු ඇන ඇන මතක් කරලා දෙනවනෙ බන්. ඉතිං ආයෙ ලියනවා. :D :D :D

      Delete
  27. ප්‍රියාට හූ............................................. ඇණ ගත්තා නේද????? ඕකනේ කියන්නේ කරන දෙයක් පරිස්සමින් කියලා... හැක් හැක් හැක්.......................

    ReplyDelete
    Replies
    1. හූ… හූ කියන්න දුක නැත්ද බොලවු. ශැක්!

      මොන පරිස්සමක්ද බන් ඒ යක්ෂයොත් එක්ක.! :D

      Delete
  28. බුදු අම්මෝ මමත් කොහේ ගියත් එහෙමයි ෆෝන් එකනම් අතේ....
    හැබැයි පොඩි සීන් එකක් තියෙනවා..
    කියන්න සතුටුයි මගේ ෆෝන් එකේ හදිස්සියකටවත් කෝල් එකක් ගන්න සත 5 ක් වත් නෑ අප්පා...

    ReplyDelete
    Replies
    1. අපෙත් ඔය කිවුවට් සල්ලි නෑ බං. :D හැබැයි රජෝ අඩුම ගානෙ රින්ග් කට් එකක්වත් දෙන්න ගානක් තියා ගත්තනම් ඇති. :)

      Delete
  29. මුලින්ම කියන්න ඕනේ මේක මාරයාගේ ස්ටයිල් එකෙන් ලියපු පොස්ට් එකක්. මට ළදරුවා කාලේ ඔය වගේ වැඩක් වුණානේ. ඒක මගේ දෙවෙනි පොස්ට් එක. වැඩි දෙනෙක් කියවලා නැති නිසා මෙතන ලින්ක් එක දාන්නම්. දැක්කම හිරිගඩු පිපෙන වතුර ටැංකිය. හැබැයි රජෝ ස්මාර්ට් ෆෝන් එකක් ගෙනියනවා නම් චාජරෙත් ගෙනියන්න වෙයි. බොහොමයක් බාත්රූම් වල ප්ලග් නැති නිසා. ප්ලග් බේස් එකකට එලියට වයර් දාලා ඇඩප්ටරයක් එහෙම හදලා, තව වයර් දෙකක් නිකං එළියෙන් තියා ගනිං ප්ලග් එකක් තිබුනොත් ගහන්න. පෑනකුත් මතක ඇතුව අරං පලයන්, මොකද ප්ලග් වල තියෙන අර්ත් හිලට ටූත් බ්‍රෂ් ගහන්න බැරි නිසා.

    ReplyDelete
    Replies
    1. මූට පෑනක් ඔ්න වෙනකක් නෑ..

      Delete
    2. @ සුදීක අයියා,
      ඒ පෝස්ට් එක කියෙවුවා. මාමගෙන් ගෙදර කට්ටිය ඔයා ගැන නාහා හිටියා නම් සුදීක අයියා තවම ඇතුලෙනෙ!! :)
      හප්පේ ස්මාර්ට් ෆෝන් අරන් ගිහින් අච්චර දුකක් විදින එකේ බාත්රූම් එකේ සති තුන හතරක් හිරවෙලා ඉන්න එක සැපයි. :D :D
      _______________
      @ විදානෙ,
      ඇයි ඇඟිල්ල ගහන්නද? :D

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................