09 June, 2014

මම නම් පාවිච්චියක් නෑ.……


සමහරක් මිනිස්සු සමහරක් අවස්ථා වල හැසිරෙන විදිහ දැක්කම ඇත්තෙන්ම ඇතිවෙන්නෙ නිකම් මූට පිස්සුද නැත්නම් වෙන කාට හරි පිස්සුද වගේ පිස්සු හැඟීමක්… කොටින්ම සමහරක් හිතන්නෙ බස් රථ වල දුම්‍‍රිය වල මුදල් දීලා හරි විදිහට යන්නෙ තමුන් විතරයි කියලා. අනිත් ඔක්කොම යන්නෙ උගේ සල්ලි වලින් පිනට කියලා.… ඕවා මේවා කල්පනා කරන්න ගියොත් අපිටත් පිස්ස්සු හැදෙන්න පුළුවන් නිසා කෙලින්ම එමුකො අද සිතුවිල්ලට.

මේක උනේ ගිය බ්‍රහස්පතින්දා. ප්‍රියා සුපුරුදු ලෙස වැඩට යන්න ආවා පාරට. සාමාන්‍යයෙන් ඉතිං උදේ හතත් නමයත් අතර කොළඹට එන බස් එකක වාඩි වෙලා යනවා කියන්නෙ කාලාන්තරයක් පෙරුම්පුරලා පුරලා අන්තිමේ රුපියල් 500ක ලොත‍රයියක් ඇදුනා වගේ තමයි. හැබැයි ඉතිං ඔය ලොතරයිය එදා මට ඇදුනා……

ඒ බස් එකට නැවතුමෙන් එවලෙ නැඟපු එකම මඟියා එකම මඟියා උනෙත් මම. ඉදිරි දොරෙන් නැඟලා බස් රිය පුරා එක බැල්මක් දාපු මගේ ඇහැට අහු උනේ බස් රියේ වම්පස මැදට වෙන්න අවුරුදු හතලිහකට ආසන්න යැයිකිව හැකි කෙට්ටු පොඩි නපුරු පෙනුමක් තියෙන, හිනාවක් අවුරුදු ගානකින් නොදැකපු මනුස්සයෙක් ජනේලය අසල නොව අනෙක් පස වාඩි වී සිටින අයුරුයි. ඔහුගේ වම් පස ජනේලය අයිනෙ ආසනය හිස්… මාත් එතනට ඇවිත් වාඩි වෙන්න බැලුවට මිනිහගෙ නෑ කිසිම ප්‍රතිචාරයක්.…

බලන් ඉදලා බැරිම තැන "පොඩ්ඩක් වාඩි වෙන්න ඉඩ දෙනවද?" කියලා ඇහුවම නම් ගස්සලා පපුව ඉස්සරහට දාලා උරහිස ඉස්සුවට කකුල් දෙක හෙල්ලුවෙ වත් නෑ.… හරියට කෙල්ලෙක්ගෙන් 'පොඩ්ඩක් ඔයාගෙ උකුළෙන් වාඩි වෙන්නද?' කියලා ඇහැවුවා වගේ.… :) කොහොමින් කොහොම හරි ප්‍රියත් ඔතනින් වාඩි උනා කියමුකො.… අනේ ඉතිං පොඩ්ඩ දුරයි යන්න ලැබුනෙ, මේ මනුස්සයා එන්න එන්න මගේ පැත්තට බර වෙවී මාව ජනේලෙ පැත්තට හිර කරනවා. ටික දුරක් ගිහින් බලත්දි මට හේත්තු වෙන්නත් නැතිව මම ඉන්නෙ දණිස් දෙක උඩ වැළමිට තියාගෙන වකුටු වෙලා.… මටම දුකයි මම ගැන.…

ඔන්න ඉතිං බලන් ඉදලා බැරිම තැන ප්‍රියත් ප්‍රියාගෙ සික්ස් පැක් එක පොඩ්ඩක් විතර පිම්ඹුවා… :o හරි හරි බොලවු අපිට කොහෙන්ද සික්ස් පැක්. ඒත් ඉතිං මාත් අහිංසක විදිහට අඩි හයයි අඟල් හතරක් උස මගේ ඇඟේ හයිය පෝඩ්ඩක් පෙන්නලා ටික දුරක් නිදහසේ ගියා.

ටික දුරකින් බැලින්නම් අර මනුස්සයා ආයෙම මගෙ කරේ. මේ පාර කලින් වතාවටත් වඩා මිනිහගෙ ප්‍රහාරය දැඩි කරලා. මාව තල්ලු කරන් තද කරන ගමන් සැරෙන් සැරේ මගෙ දිහා රවලා බලනවත් මම දැක්කා.… මම නම් හිතන්නෙම මේ මගෙ ආත්මයක් පාසා පතාගෙන ආපු වෛරක්කාරයෙක්. නැත්නම් මේ මනුස්සයට වෙන මොනවා හරි පිස්සුවක් තියෙනවා.… අනේ ඒත් ඉතිං මෙහෙම ස්ටිකරේ වගේ බස් එකක ජනේලෙ ඇලිලා ඉන්න එකේ සීමාවකුත් තියෙන්න එපෑ…

මම හිමීට රබර් ඇහැ දාලා බැලුවා, මගේ ශරීර කූඩුව නිසා මිනිහටත් සීට් එකේ ඉඩ මදි වෙලාද මෙච්චර දත කන්නෙ කියලා… අනේ ඒත් මම දැක්කා මේ මනුස්සයා මගේ ඇඟේ නැඟ ගෙන ඉන්න තරම කොච්චරක්ද කියනවා නම් දෙයියනේ කියලා එහා පැත්තෙ තව අඟල් ගානක්ම ඉතුරුයි.… ඒ දර්ශණය දැකපු ගමන් මටත් මේ මනුස්සයව පණපිටින් මරලා වළදන්න තරම් පුණ්‍යවන්ත හිතක් පහල උනත් මේ උදේ පාන්දරම වළියක් දාගෙන දවසම නසරානි කරගන්න තිබ්බ අකමැත්ත නිසාම පෝඩ්ඩක් විතර කල්පනා කරලා චූට්ටක් විතර අර මනුස්සයගෙ කණට කරලා ඉතාම සුහද ලීලාවෙන් පොඩීත්තන් වචන ටිකක් අත හැරියා.

මම කියපු දේ තේරුම් ගන්න බැරිව ටික වෙලාවක් කල්පනා කර කර හිටපු මිනිහගෙ ටියුබ් ලයිට් එක පෝඩ්ඩක් ගැහිලා එක පාරටම පත්තු වෙලා මගේ බස් ගමන ඒකාලෝක උනා……

ඒ කිවුවෙ මිනිහා හැරෙන තැපෑලෙන් සීට් එකේ තමන්ට නියමිත තැනට ගියේ විදුලි වේගෙන්.… ඊට පස්සෙ නම් බස් එකෙන් බහිනකල්ම දෙන්නා කිසිම අපහසුතාවයකින් තොරව වාඩි වෙලා හිටියත් අර මනුස්සයා නෙමේ ඔළුව උස්සලා වත් බැලුවේ… කොටින්ම බස් එකෙන් බැහැලා මිනිහා දිව්වෙත් තරඟෙකට වගේ.……


නෑ… නෑ… බොලවු. මම ඒ මනුස්ස පරාණෙට කුණුහබ්බෙන් නෙමේ බැන්නෙ… අනික අපි ඒවා දන්නෙත් නෑ නොවෑ… මම කිව්වෙ… "මගෙ ඇඟේ නැගගෙන ඔච්චර ට්‍රයි කලාට වැඩක් වෙන්නෑ.. මම කොල්ලො පාවිච්චි කරන් නෑ…!!!!!" කියලා විතරමයි ඕන්…………

:D :D :D

© ප්‍රියා.
**08/06/2014

(පින්තූරයට ස්තූතිය……
http://www.funnyjunk.com)

129 comments:

  1. උදේම හම්බෙලා තියෙන්න්නෙ හොද ටොෆියක් :)) .......අ අඩි හයයි ,හැක් ප්‍රියා මට පොඩ්ඩක් උස යන රහස කියන්ඩෝ තාම පහයි තුනයි ,මාර ප්‍රශ්ණේ බොලන් එක ,....

    ReplyDelete
    Replies
    1. ටොපියක් කියන්නෙ බන් පිස්සූ පීකුදු උනා. :)

      උස යන එක නම් වෙලාවකට එපා වෙනවා බං. ඉස්කෝලෙ හිටපු උසම එකා මම. වැඩ පලෙත් එහෙමයි. මගෙන් අඩියක් කපලා උඹට දෙන්නද? :)

      Delete
    2. ඉස්කොලේ සා/පෙ කාලේ පංතියේ හිටියා බාලම කොටම එකා මං,ඉස්සර සැර් කාරයෙක් හිටියා පොර කියන්නෙ උඹව මං ඩෙස්ක් එක උඩ හිටවලා ගහන්නෙ නැත්නම් ගුටි කාපු එකාව පෙන්නෙ නෑ අනික් වුන්ට කියලා ..උ/පෙ කාලේ තමයි යන්තම් ශේප් උනේ :D :D

      Delete
    3. හි එහෙනම් සහොයි මායි එක තැන හිටියනම් අනිවා මුන් ටික අපි දෙන්නටත් හතර රියං සහ දෙ‍රියං ලේබලේ ගහනවා. :D

      Delete
  2. බොටත් ජැක ගහන්න තරං පෝර නිර්භීත වුනානං හොඳම අමාරුවක් ඌට තිබිල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක අනිවා හැලප අයියෙ. එක්කො මූ පිස්සෙක්. නැත්නම් අහවල් සීන් එකට ට්‍රයි කොරා. :)

      Delete
    2. එක්කො පොඩි ඇස් පේන්නැති සීන් එකක් වගේ එකක් වෙන්ඩ බැයිද ??? :D

      Delete
    3. අනේ බං මෙච්චර සද්ධන්ත ශරීරයක් හරියට හඳුන ගන්න බෑ කි‍යන්නෙ මූට කියන්න වචන නෑ බං. :)

      Delete
  3. ඔතන අහිංසක මිනිහෙක් හිටිය හින්දා ප්‍රියා කොල්ලෝ පාවිච්චි කරන්නෑ කිව්වා වුණාට කෙල්ලෙක් එහෙම හිටියනම්................................ හැක්

    එහෙනම් ඔය මිනිහගේ චරිතය රග පාන්නේ ප්‍රියානේ.... ඒ ගෑණු ළමයත් බ්ලොග් එකක් එහෙම ලිව්වානම් ප්‍රියා එක එක තැන්වලට ගොඩවුණ ඒවා අපිටත් රස කරකර කියවන්න තිබුණා......

    එතකොට ප්‍රියාව හදුන්වන්නේ //ගිය ආත්මේ පොල් පැල දන්දීලා ද කොහෙද අටි දහඅටක් විතර උස යකෙක් වගේ එකෙක් ෂීට් එකේ හිටියා// කියලා ලු හොදේ.................

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් කාන්තාවන්ට හදවතින්ම ඉඩ දෙන නිසා "ඔන්න ඔහේ තල්ලු කරන්න අනේ, ඔයාට මහන්සි නම් මම තල්ලු කරන්නද?" කියලා ඉන්නවා.

      ඔය පොල් පැල කතාව මම ගොඩක් තැන් වලදි අහනවා අප්පා. ඒ වෙලාවට ඉතින් ඔළුවට පොල් ගෙඩියක් ගහන්න හිතෙන්නෙ. :D

      Delete
    2. ආ ..පොල් පැළ දන් දුන්නාම උස යනවද අද ඉදන් දෙනවා පොල් පැල පස්සෙ කාලේක පොල් සංවර්ධන අමාත්‍යාංශයේ ජොබක් අරන් බෙදනවා පොල් පැල අඩුම තරමේ පොල් ගෙඩි ටිකක්වත් මේ ආත්මෙ ලැබෙයි නේ :D :D

      Delete
    3. මම නම් බං පොල් පැලයක් තියා මේ ආත්මෙට පොල් කට්ටක් වත් දෙන්නෑ කාටවත්. මේ කන කට්ටෙ හැටියට. :)

      Delete
    4. උඹට පොඩි රෝසා බස් වල එහෙම යන්න බෑ නේද බං. ඔලුව වදිනවනෙ බස් එකේ වහලෙ. ගිය ආත්මෙ උඹ පොල්පැල දන් දීලනං ඔහොම උනේ මේ ආත්මෙ බට් කරපු පොල් පැල දන් දීහං වැඩිය උස නැති. හැක්..හැක්

      Delete
    5. රෝසා බස් නම් මතක් කරන්නෙපා බන්. ආපෝ හිටන් ගියා කියන්නෙ ආයෙ හොදි ඕන්නෑ බැස්සට පස්සෙත් බෙල්ල නවාගෙන කොන්ද කඩා ගෙන ඉන්න ඕන.

      හම්බෝ බට් කලත් පොල් නම් දෙන්නෑ බං. :)

      Delete
    6. මචං පොල් වෙනුවට මේ ආත්මේ බතල වගේ දෙයක් දන් දීපං... එතකොට ලබන පාර තඩි කොටට ඉදියි. බැරි වෙලාවත් ස්ත්‍රී ආත්මයක්වත් සෙට් වුණොත් අනාථයි නේද?

      Delete
    7. ලබන ආත්මෙටත් පිරිමියෙක් වෙන්න පූජා කරන්න දෙයක් නැද්ද ,නිකන් කදුරු ගෙඩී වගේ දෙයක් වුනත් මොකද නේ පූජා කරාම :)))))))))))))) පිරිමි කෙනෙක් වෙනවා නේ පූජාවේ බලෙන්. හැක් ..

      .ප්‍රියා දුක්වෙලා වැඩක් නෑ සතුටු වෙන්න ඕන ගිය ආත්මේ පොල් සංවර්ධන ඇමැතියා වෙලා ඉන්න ඇත්තෙ කොහෙ හරි එක තමා මේ ආත්මේ ඔය එල දුන්නෙ පොල් පැල දුන්න එවා ගේ .........

      Delete
    8. @ කුරුටු ~ බතල වෙනුවට කොස් ඇට දීලා බලන්න ඕන. :)

      Delete
    9. සහෝ, හම්මෝ ගිය ආත්මෙ ඇමතියෙක් වෙලා හිටියා නම් ඒ කරපු පව්ද දන්නෑ මේ බස් වල කැරකෙන්නෙ. :)

      Delete
  4. හදිසියෙවත් ඌ කිව්වනම් එහෙම කමක් නෑ මල්ලි ඒ වුනාට මං පාවිච්චි කරනවා කියලා , සොරි ඩොට් කොම් තමා

    ReplyDelete
    Replies
    1. එහෙම උනා නම් හොදී ඕන්නෑ. ඊට සැපයි ඊළග හෝල්ට් එකෙන් බැහැලා බස් තියන් පයින් යනවා. :)

      Delete
    2. ඉවාන්+++++++++++++++

      Delete
  5. හප්පච්චියේ මුගෙ උස...
    හතර රියං පොරක් නෙව...
    මට නං ඔය වගේ වෙලාවට මළ පයිනව... එහෙමෙය කියල බස් එක්ක හබ්වබ කියන්නයැ...
    එක්කො හොදිං කියනව නැත්තං තෝම පළ කියලනැගිටල යනව... ඇයි යකෝ...

    ReplyDelete
    Replies
    1. බොට කියන්න ඉස්කෝලෙ අපෙ සෙට් එකේ මගෙ ලගින්ම හිටපු එකාටයි මටයි මුළු ඔක්කම කියන්නෙ 'හතර රියං සහ දෙරියං' කියලා.

      ඌ මගෙන් බාගයයි බං.

      බස් වල කුණු හබ්බ කියන්න ඇහැක් ඈ. ඊලග පාර මේ වගේ එකක් ට්‍රයි කොරලා බලහන් මහේෂ්. අත්දුටුව‍යි ප්‍රත්‍යක්ෂයි… :)

      Delete
  6. හුකෑස් :D

    කීයක් හරි හොයාගන්න තිබ්බ චෑන්ස් එක බං !!!

    ReplyDelete
  7. තරහෙන් වගේ හිටියනං කොලු කාරයෙක් වෙන්න බෑ අර කිව්වා වාගේ ගිය ආත්මේ ඉදන් ආව හතුරෙක් වෙන්න ඇති. ඔයවගේ නසරානියෝ ඉන්නවා ඉදහිට. සමහර විට ඒකා සිට් එක අල්ලන් යන්න ඇත්තේ උගේ කවුරු හරි ඉස්සරහින් නගිනකං වෙන්නත් ඇති.

    ReplyDelete
    Replies
    1. මාත් ඕක හිතුවා නලින් අයියෙ. මගදි මෑන්ගෙ කවුරුත් නැග්ගෙ නැති උනාට මිනිහා බලාපොරොත්තු උනේ එහා පැත්තට කෙල්ලෙක් ඇවිත් වාඩි වෙයි කියලා වෙන්න ඇති. :)

      Delete
    2. නිකමට හිතහං, පැඟිරි කෑල්ලක් ඇවිත් වාඩිවෙනකල් කියල උඹ සීට් එකේ පැත්තක් තියන් ඉන්නවා. ඒත් ඇවිල්ල හැට පැනල හොට බිම ඇනිච්ච එකෙක් වාඩිවෙනවා. මොනාද හිතෙන්නෙ බං. මල පනිනවනෙ. ඌ සාදාරනයි!!!!!

      Delete
    3. අන්න ඒ තර්කෙන් බැලුවම ඌ සදාරනයි. මූ ඕක වැදගත් විදිහට කිව්වානම් අහවරයිනෙ.

      Delete
  8. //උදේ හතත් නමයත් අතර කොළඹට එන බස් එකක වාඩි වෙලා යනවා කියන්නෙ කාලාන්තරයක් පෙරුම්පුරලා පුරලා අන්තිමේ රුපියල් 500ක ලොත‍රයියක් ඇදුනා වගේ තමයි.// අනේ ඔය ලොතරැයිය මට නිතරම ඇදෙනවනේ... අද උදෙත් ඇදුනා. උයාගෙ අවාසනා මහිමය. :P

    ReplyDelete
    Replies
    1. මම නම් තියාගෙන ඉන්නෙ පින් එකක් ඔහොම එනකොට ආය එන්නෙ මොකටද කියලා තහවුරු කරගත්තට පස්සෙ සේප් එකේ අනිනවා කකුල හිල් වෙන්න. ආයෙ එන්නෙ නෑ පැත්ත පලාතෙ.

      Delete
    2. එහෙනං බස්සගේ කකුල් මේ වන විට ගන්නම දෙයක් නැතුව ඇති. මොකද මං දැකලා තියනවා බස්සා එන්නේ බස්සිගේ ඇගටමයි.

      Delete
    3. බස්සි පෙර ආත්මෙක එළව එළව පඬිසන් දෙන මහා පුණ්‍යකර්මයක් කරලා ඇති. අනෙ අම්මෝ 138 වැඩට එන එක මතක් කරන්න එපා. මට දැනුත් නිවාඩු දාලා ගෙදර යන්න හිතෙනවා.

      ඔය පින් එකේ ගේම කොල්ලන්ටත් නියම කරන්න වෙයි වගේ ළගදිම. :)

      Delete
    4. @ නලින් අයියා ~ හැක් බස්සා එඩිතර කොල්ලෙක් හන්දා හොදා. නැත්නම් බස්සි බස්සව පේනේරයක් කරලා දැනටම. :)

      Delete
    5. හප්පා, ට්‍රාන්ස්පෝර්ට් බස් එක ඇවිත් කකුක් දෙක මුල නවත්තන නිසාත් කොළඹින් කිලෝමීටර් එකසිය අසූවක් දුර හින්දයි දෙයියනේ කියල අපිටනම් ඔය පන්සීයෙ ටිකට් වානා!

      Delete
    6. මට නම් ට්‍රාන්ස්පෝ‍ර්ට් බස් කෙරුවාව හ‍රි යන්නෑ බන්.

      උඹලට හැමදාම ටිකට් එක ඇදෙනවා නෙහෙ. :)

      Delete
    7. ටිකක් උදෙන්ම නැගිටින්න වෙන එක මිසක් ට්‍රාන්ස්පෝර්ට් යන එක එළකිරි බං.

      Delete
    8. ඒ ගැනත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන බං. :D

      Delete
  9. මගියා ගේ ගෑනු සතා මැගියා ද මැගිලින් ද එසේ නත්නම් මැගින්න ද?

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නම් සෑහෙන්න ප්‍රශ්ණ‍යක් තමා. ඇත්තටම මොකක්ද? :)

      Delete
    2. මගී දෙන වෙන්න ඇති නේද?

      Delete
    3. දරුව සිංහලේ මේවාට කියන නමක් තියෙනවා මේ වගේ එවාගේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග භේදයක් නෑ,සර්වනාම ද දන්නෙ නෑ මටත් මතක නෑ ,දිලිනි ගෙන් හරි හැලප ගෙන් හරි අහලා බලන්න (මගේත් දැනුම අන්තිමයි )

      Delete
    4. මගි දෙන තමයි හොඳ. ඒක සම්මත කරගමු.

      Delete
    5. //මේ වගේ එවාගේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග භේදයක් නෑ//
      එහෙනම් bi-sex වෙන්න ඇති....

      Delete
    6. ඔය කිව්වෙ .....වෙන්න ඇති...... වෙන්න ඇති ... :))))

      Delete
    7. හනෙ හප්පේ මයෙ ඔළුවත් එක්ක මොකක්දෝ උනා. හිටින්ලා හැලප අයියගෙ මේල් ඇඩ්ඩොස් එක තියෙනවද බලන්න. හරියට අහලා බලමු.

      මගී දෙන කියත්දි නිකම් එළදෙන වගේ නෙහෙ. ;) ;)

      Delete
    8. යකෝ මගියාගේ ගෑණු සතා " මැගී " .. නෑ නෑ පිටි කල පොල්කිරි නෙවේ නිකං මැගී :D

      Delete
    9. :D පික්ශු පීකුදු උනා බොල. පත්තරේ කියන නමට ඉස්සරහෙන් 'භාෂා විකාරද' කියලා එළ්ල ගන්න කාලෙ හරි. :) :D

      Delete
  10. අත්දැකීම් නං තියනවා කොහොමද බං කියන්නේ කටක් ඇරලා .සාදු ලා ඔය ඔක්කොටම හපං :D

    ReplyDelete
    Replies
    1. ඒ සල්ගාදුලා මචෝ...

      Delete
    2. හුකෑස් !!! දවසේ කතාව නලින් අයියා :D

      Delete
    3. අපේ සාදුලා එහෙම කරනව ද දේශක ලිව්වා නෙද මේ ගැන පොස්ටුවක් ...

      Delete
    4. ලිව්වද බං සහෝ ??? ඌ ඉතිං මොනවද නොලිව්වේ :D හැක්

      Delete
    5. පත්තරේ, හැක්… කට කට යකෝ. කාටද ඔය අපහාස කරන්නෙ බොල. අපෙ සාදුලා එහෙම නෑ. හරි ෂෝයි. :)

      Delete
    6. @ නලින් අයියා ~ හි… සල්ගාදුලා. පට්ට කතාව. :)

      සහෝ, ඔව් බං දේශත් ඔය සීන් එක ලිව්වෙ. අර තෙල් ගාව ගන්නෙ. :)

      පත්තරේ, දෙශා නොලියපුවත් ලියන්න තිබුනා උඹ දිගටම බ්ලොග අල්ලන් හිටියනම් :)

      Delete
  11. සුදට හිටියම මල වදේ.. ඔය මාතලංට පේන්නැද්ද..හැක්...

    ReplyDelete
    Replies
    1. මාතෝ දේශා එන්න හදන්නේ වෙන පොටකට වගේ...

      Delete
    2. @ දේශා, අනේ අද මම සතුටට වහ කනවා බොල :D පොඩි කාලෙ අම්මයි මෑතකාලෙදි වයිෆුයි ඇරුනම මට කවුරු හරි සුදුයි කිව්වාමයි. :)

      මගෙ සුදු දත් ටික විතරයි. හැක්. :D

      Delete
    3. @ නලින් අයියා ~ කොච්චර උනත් මටත් සැකයි ඔය කතාව නම්. :D

      @ පත්තරේ, ඕන් කොල්ලා ගෙට උනා. :)

      Delete
    4. අඩේ අඟුරු කෑල්ලක් වගේ ඉන්න අහිංසකයට කියන කථා

      Delete
    5. ඒකනෙ බං. බලපන් අහිංසක මූණ දිහා බලන් කියන කතා. :)

      Delete
  12. ඔය හම්බුවෙලා තියෙන්නෙ උදේ පාන්දරම හොඳ ටොපියක්. කතාව කියවගෙන එනකොට මට නිතරම හිතුනෙ ප්‍රියා මොකද මේ ටික මූට කියන්න මෙච්චර පරක්කු කියලා.

    ඔයවගේ පිරිමි විතරක් නෙවෙයි බං, ගෑනුත් ඉන්නවා. ගෑනු උනත් ටිකක් අනුකම්පා කරන්න පුලුවන් කියමුකො දහ අටේ, විස්සේ ඒවා වත්නම්, මේ හැට පැනපු එවුන්. සංසාරෙම එපාවෙනව බං.

    ReplyDelete
    Replies
    1. වරක නතිං - වැල සම්තිං !!!!!!

      ඕ යේස් !!

      Delete
    2. උඹට කියන්න බං ඉවසන එකෙත් උපරිම ඉවසලා බැරිම තැන තමා කියලා දැම්මෙ.

      හප්පේ අර කතාව සහතික ඇත්ත බං. ඇන්ටික් ඒවා තමා ඇඟේ නගින තරමක් නගින්නෙ. :) :)

      Delete
    3. පත්තරේ, වැල කත්දි අප්පිරියයි අප්පිරියයි වගේ බං. ඒකට වැල ගම්බිරිස් කුඩු ටික ඉහා ගත්තම. ;) ;)

      Delete
    4. සෙද්දෙ වැල තමා එක සැරයක් රෑ බස් එකේ ගෙදර එනකොට මං නිදි ටවුන් එකේ බහින්න ලගයි වගේ තෙරුණ නිසා පොඩ්ඩක් ඇහැරලා බලනකොට අවුරුදු 45ක් විතර බැරල් එකක් විතර මහත ගැනු කෙනෙක් උර හිසට හෙත්තු වෙලා සැප නින්දේ කටින් කෙල පෙරාගෙනම අඩුම තරමේ පැය තුනක්වත් එහෙම එන්න ඇති,විශ්වාස කරපල්ලා දවස් දෙකක් අත හොල්ල ගන්න බෑ අයේ ....නොදකින් මතක් වෙනකොටත් අප්පිරියයි ....දහාඅටේ ඉටිකිරිස් කැල්ලක් හිටියා නම් පැය හත අටක් වුණත් හෙත්තු කරන් එන්න තිබ්බා අයේ ..................

      Delete
    5. දවස් දෙකක් අත හොල්ලගන්න බෑ කිව්වෙ ?? :D
      පැහැදිලි මදි..හැක්

      Delete
    6. දවස් දෙකක් අතට කෙළවෙලා හිටිය කියන්නෙ හිතාගන්න පුලුවන් සහෝට තාර බැරල්ලෙක කොච්චර හිතට අල්ලල ගිහිල්ලද කියලා.

      අනේ මංද බං පත්තරයො උඹ නම්.. ඕ යෙස්!!

      Delete
    7. හැක් ..නෑ බං මේ මේ :D

      Delete
    8. @පත්තරේ -දවස් දෙකක් යනකන්ම අතේ වෙදනාව තැලුම් තෙල් ගෑවා :)))

      @මනෝ --සම හරක් ඉන්නවා ඔය වගේ බැරල් තමා අල්ලලා යන්නෙ මට නම් ඉතිං අර බස්සි කියනවා වගේ පොඩි ඉටිකිරිස් කැලි තමා ,අයේ බදන්න බැරි නුග ගස් වලට වඩා අරටුව තියෙන පොඩි ගහක් හොදයි , හැක් හැක්

      Delete
    9. සහෝ මචං.. අන්න එහෙම පැහැදිලිව කියපංකො ,මං සම්පූර්ණෙන්ම නොමඟ ගිහින් හිටියෙ .හැක් !!

      Delete
    10. සහෝ ,

      ඔය තියෙන්නෙ පට්ට සිද්දි. :) ඔක්කොමත් හරි ඇන්ටි කුණුකෙළ බේරපු එක තමා චාටර්ම වැඩේ බං. මට මැවිලා පේනවා. හැක් හැක්. :D

      කොච්චර උනත් අර අතේ කතාව උඹ ඔච්චරම කියන නිසා නොපිළිගෙන බැහැනෙ. ;)

      Delete
    11. පත්තරේ, අපි උඹට සළකනවා මදි බං. එකෙන්ම උඹ හොද FBI එකට. සහෝගෙ අතේ ඇත්ත කතන්දරේ උඹ හොයා ගත්තනෙ. :) :D

      Delete
    12. මනෝ, ඒකනෙ බං මූට පත්තරේ කියලම කියන්නෙ. හැක්. ;)

      Delete
    13. මගේ අගේ තොපිට තේරෙයි මං නැති දාක.. හුහ්

      Delete
    14. @පත්තරේ-
      බොලා ඉස්සෙල්ලා හිටියේ හරි මගෙද ?ඈ කමක් නෑ දැන් හරි මගේ ඉන්නවා නේ ,මේ පින්බර පොසොන් මාසේ කර ගත්ත එ පින්කම ම මැදැයි ;) ළමයි සාදු කියන්න ,;);)
      ජය එහෙනම් :)))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))

      Delete
    15. @ පත්තරේ, ඒකනෙ බං කියන්නෙ "ඔබට මාව වටින්නේ… සෙනෙහස් දුක ඇවිළෙන දාටයි…" කියලා. හැක් :)

      @ සහෝ, සාදු සාදු සා……………දු. :)

      Delete
    16. සහෝ මචං .. අමුවෙන් නං සාදුකරයක් වත් දෙන්න බෑ බං ..තාම උදේ :D

      ප්‍රියා.. දුක හිතුනා රත්තරනේ :D හැක්

      Delete
    17. උඹ තාම අමුවෙන්ද? එහෙනම් චණ්ඩියා බඩට හලාගෙනම වර. ;)

      ඇයි බොල දුක සිතුනෙ. :)

      Delete
  13. උඹලා ඉතින් වැදගත් අය නිසා හොඳයි... මම නම් අහන්නේ අම්මා ගෙදර ඉන්නවද කියලා. ඔහොම නෙමෙයි තමන්ගෙම කෙල්ලට ඉන්න දෙන්නේ නැති උන්ටත් මම අවවාද කරනවා. ඒ කෙල්ලගේ එවා ගලවන්න ට්‍රයි කරන්න එපා ඕයි කියලා.

    ReplyDelete
    Replies
    1. ගලවන්න කරන ට්‍රයි එකයි ආයෙ යථා තත්වෙට පත්වෙන්න දඟලන දැගලිල්ලයි දැක්කම තමා සංසාරේ දුක මතක් වෙන්නෙ. හි… සංසාරේ සංසාරේ… :)

      Delete
  14. අඩි හයෛ අඟල් හතරක් කිව්වාම ඉරිසියාවේ බෑ බං. මම උඹට වඩා හරියටම අඩියක් කොටයි.

    උඹ අර රහස හෙලිකලාට පස්සෙ උඹට කමෙන්ට් දාන උන් ගාන අඩුවෙනවද කියලා ටිකක් මොනිටර් කරලා බලාපං.

    හැබැයි අර කිව්වත් වගේ අවුරුදු හතලිහකට ආසන්න යැයිකිව හැකි කෙට්ටු පොඩි නපුරු පෙනුමක් තියෙන, හිනාවක් අවුරුදු ගානකින් නොදැකපු මනුස්සයෙක්

    අවුරුදු විස්සකට ආසන්න යැයිකිව හැකි කෙට්ටු පොඩි නපුරු පෙනුමක් තියෙන, හිනාවක් අවුරුදු ගානකින් නොදැකපු දැරියක්

    වුනා නම් බ්ලොග් පෝස්ට් එකකුත් නෑ අද නේ?

    ReplyDelete
    Replies
    1. මට නම් හිටපු ගමන් උස කරදරයක් ඩූඩ් අයියෙ. ඇයි අප්පා හදීසියෙ කොහෙ හරි හැංඟෙන්න උනා. මේ ඇඟත් එක්ක. ඒවා වානා.

      අරක පොඩ්ඩක් බලන්න ඕන තමා. ඔව්. ;)

      හප්පේ අරම උනා නම් අද මේ පෝස්ටුව මෙහෙම් ලියවෙයිද කියලා තමා මාත් කල්පනා කරන්නෙ මේ. :D

      Delete
    2. මට වඩා අගලක් මිටි ඩුඩ් අයියා හුරේ

      Delete
    3. හප්පා ඒ කියන්නෙ ඔමා පහයි පහක්. :D

      Delete
  15. හික්ස්... මාත් ඉතින් දුක නැතුව බස්සි අක්ක වගේමයි ක්‍රියා කරන්නෙ
    ගෑණු ළමයෙක්ට නිදහසේ බස් එකක යන්න නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ අර පින් සිස්ටොම් එක නේ. හි…

      ගෑණු ළමයි විතරක් නෙමේ අහිංසක කොල්ලන්ටත් බස් වල යන්න බෑ. ඔය පේනවනෙ.

      Delete
  16. ඔය අර එක දවසක් අටමා කෝච්චියේදී අහුවුණ අංකල් ද දන්නේ නෑ. කොහොමටත් ඔය රෝගය තියන අයට ඔය විදිහට සලකන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. හප්පේ ඒකත් එහෙමද විචාරක තුමා ඒක කියන්නත් බෑ.

      ඔහොම මානසික රෝගීන් ගෙන් බේරෙන්න ඔය වගේ දෙයක් වත් කරන්නම වෙනවා.

      Delete
  17. මරු ටොපිය නෙහ් උදේ පාන්දරම සූප්පු කරන්න වෙලා තියෙන්නෙ..
    ඔය වගේ අසහන කාරයො එකෙක් දෙන්නෙත් මටත් අහුවෙලා තියේ..බැරිම තැන සීට් එකෙන් නැගිටල වෙන සීට් එහෙකට ගියපු වෙලාවලුත් තියනවනෙ ඕං..
    මාත් මේ කල්පනා කරේ ඔතන දහ අටේ විතර දැරිවියක් ඔහොම කළානං ප්‍රියා මොනව කියයිද කියල.. හිකිස්.. :D

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ හම්බ වෙන සීට් එක පූජා කරලා හිටන් යන්න මට හිත දුන්නෑ බං.

      හප්පේ අරම උනා නම් අද මෙහෙම පෝස්ට් එකක් නෑ බං. :D

      Delete
  18. ඕවගේ වුන්ට මං නම් නිකන් ඔහොම කියන්නේ නැහැ ,මතක හිටින හොද රිදෙන දෙයක් කරන්නේ

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මෝ බලන් ගියාම ගෑණු ළමයි ඔක්කොටම වඩා වසයිනෙ. :D

      Delete
    2. @ ප්‍රියා,
      බොලන් ඕක අදද දන්නේ....! :P

      Delete
  19. අම්මපා උඹටත් සෙට් වෙන වැඩ.. ඔහොම යක්කු ඉන්නවා තමයි.. හැබැයි උඹ දුන්න උත්තරේ තමයි මරු..

    ReplyDelete
    Replies
    1. ආයෙම, ඔහොම ඒවාම තමා සෙට් වෙන තරමක්ම සෙට් වෙන්නෙ බං. නොදකින්. :)

      Delete
  20. උඹව දැක්කාම කොල්ලෝ ගහන එකත් එපා වෙනවා කියලා දළුගම පැත්තේ කොලු කාරයෝ කතාවෙනවා කියන්නේ...

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි එහෙමත් සීන් එකක්ද අරූ අයියෙ. ;)

      Delete
  21. එහෙම සිං තියෙනවද බං .....බස් වල...ඇහැව්වමයි ....
    මං හිතුවෙ අක්කිලට විතරයි කීල ඉගෙන.... හෙහ්...හෙහ්.....

    ReplyDelete
    Replies
    1. ආයෙම, පිස්සු හැදෙනවා කෙන්ජි අයියෙ. මෙහෙම උනුත් ඉන්නවා.

      Delete
  22. මොනව වුණත් නියම වචන ටිකක් තමා කියල තියෙන්නෙ. ඒ වෙලාවෙ ම බැහැල ගියෙ නැති එක යි පුදුමෙ!

    ReplyDelete
    Replies
    1. මිනිහටත් සීට් එක දාලා යන්න හිත හරව ගන්න බැරි වෙන්න ඇති. :)

      Delete
  23. එක එක එවුන්ගේ ටෙස්ට් එක වෙනස්නේ බන්..... සමහර විට උට උස පොරක් හම්බ උනාම වෙන්න ඇති ඔය වගේ අතල් එකක් ගන්න

    ReplyDelete
    Replies
    1. චැක් ඒකත් මාර කේස් එක බං. දන්නවා නම් හීනෙන් වත් උස යන්නෑ. :)

      Delete
  24. ආවෙ මොකාටද කියල හිතාගන්න බෑ. හැබැයි කොලු සීන් එකේ කෙල්ලගෙ පාට් කරන එකෙක් වෙලා උඹේ උසට වශී උනාද දන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. කෙල්ලගෙ පාට් එක කරන එකෙක් නොවී කෙල්ලෙක් උනා නම් මේ මොන එකක් වත් නෑනෙ රාජ් අයියෙ. :)

      Delete
  25. මම කොළඹ වැඩට යන කාලෙ ගොඩාක් වෙලාවට උදෑසනට පා පුවරුවේ තමයි යන්න ලැබුනෙ...වැඩ පෙන්වන්න නෙමෙයි...ඇත්තටම කෝච්චිය කට කපලා තියෙන නිසයි. දවසක් එකෙක් අහක බලාගෙන මගේ අහවල් එකට අත තද කරනවා...මම දෙපාරක් තුන් පාරක් බැලුවා මේකා මේක කරන්නෙ වැරදීමකින්ද කියලා...මිනිහා උවමනාවෙන්ම කරන බව පැහැදිලි උනා...මමත් ඉතින් උදේ පාන්දරම දවස කාලකණ්නි කරගන්න යන්නෙ නැතුව...මගේ ජාමෙ බේරගත්තා ඉඩ තිබුන තැනකට රිංගලා....බලහං ප්‍රියා...අද කාලෙ කොල්ලෙක්ට පාරෙ යන්න බැරි හැටියක්...

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මෝ බස් මෙහෙම නම් කෝච්චියෙ තත්වෙ මට හිතා ගත්තෑකි. මදෑ ඔහෙන් ගියා.

      ඇත්තටම අද කාලෙ කොල්ලෙක්ටවත් පාරෙ බැහැලා යන්න බැරි තත්වයක් තියෙන්නෙ. :)

      Delete
  26. අර යකා එදා හීනෙනුත් බයවෙලා කෑ ගැහුවයි කියල නලින්ලගෙ පත්තරේ තිබ්බා.. ඇයි යකෝ හයේ හතරෙ එකෙක් අර විදිහට කණට කරල කිව්වම "අහිංසකයෙකුට" මොනවා නොහිතෙයිද ?

    ReplyDelete
    Replies
    1. අහිංසකයෙක් කිවුවට ඒ තරම්ම අහිංසකයෙක් වෙන්න බෑ සරත් අයියෙ. නැත්නම් මේ බෝ පැලයක් වගේ ඉන්න මට අරියාදු කරයි යැ. නේද මම අහන්නෙ? :)

      Delete
    2. බෝ පැලයක් බව නං පේනවා..හ්ම්ම්..

      Delete
  27. උෟට නං අනේ මන්දා...

    ජය වේවා!!!!

    ReplyDelete
  28. ප්‍රියාටත් වෙන වැඩ. කියල තියෙන කතාවෙ හැටියට අර මනුස්සයට එතනින්ම බස් එකෙන් බැහැල යන්න හිතෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙන වැඩ තමා චාම්ස් වෙන්නෙ. එහෙම බැහැලා යන්නත් හිතෙන්න ඇති. :)

      Delete
  29. ආ මෙ සාමන්‍ය සිද්දියක් නේ

    ReplyDelete
  30. හපොයි... ප්‍රියාටත් හම්බෙන මිනිස්සු...
    ඒ අතින් කලු වෙච්ච එක කොච්චර ආරක්ෂිතද කියල හිතෙනව... :P

    ReplyDelete
    Replies
    1. හොපොයි. එහෙම නෑ. මේ පේනවනෙ මාත් කළුයි. ඒත් වෙන වැඩ. :)

      Delete
  31. මේ පැත්තට ආවේ සෑහෙන්න කාලෙකිං........ප්‍රියා අයියණ්ඩි හැන්දැවෙන්න ගෝල්ෆේස් පැත්තේ ගියානං මේ කතාව වගේ වැඩි වෙනසක් නැති තවත් එකක් ලියන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. හප්පේ නාමල් මල‍යා ගොඩ කාලෙකින් දැක්කෙත්.

      එහෙම උනා නම් සුන් තමා බං. :)

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................