11 May, 2014

නීතියද අවනීතියද මේ……


මහ ජනතාවගෙ පහසුව උදෙසා සේවයට කැපවී ඇති නීති ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින නිළධාරින් නිසාම මහ ජනතාව අපහසු තාවයට පත්වන අවස්ථා ඕන තරම්… මෙසේ නීතියේ නාමයෙන් ජනතාව පෙළන්නන් පිළිබද උදාහරණ තොග පිටින් දිය හැකි වට පිටාවක මාගෙ උත්සාහය වැඩිපුර ඇස නොගැටෙන රාජකාරිය යැයි කියමින් ජනතාව පෙළන්නන් පිළිබද ලිපි පෙළක් ලිවීමයි. මේ එහි පළමු දිග හැරුමයි.

උදේ හවා රැකියාවකට යන බොහෝ අයට වාහන තදබදය යනු අලුත් දෙයක් නොවේ. විශේෂයෙන් ප්‍රියා ගමන් ගන්නා නුවර පාරේ විවිධ ස්ථාන වල උදෑසන වාහන තදබදය ඇතිවන අතර එයට අලුතෙන එක්වූයේ කටුනායක අධිවේගී මාර්ගය නිසාම ඇතිවී ඇති අළුත් පාලම පසුකර ගැනීමේ අවහිරයය.

මේ සියළු තත්වයන් සළකා බලා ප්‍රියානම් පෙරවරු 9.00ට රාජකාරියට වාර්තා කළ යුතු උවත් 7.30ත් 7.40ත් අතර නිවසෙන් පිටවන්නේ පොදු ප්‍රාවාහනයත් මහාමාර්ගයත් විශ්වාස කල නොහැකි නිසාමය. කිලෝමීටර 6ක පමණ දුරට ඒ කාලය අධික උවද එය ඇඟට ගුණය. නමුත් රාජකාරියට යන බහුතරය එසේ වෙලාව වැඩිපුර තබා නිවසෙන් පිටවෙන උදවිය නොවේය… එය සාදාරණය…

ඉහත කීවාක් මෙන් විශාල වාහන තදබදයක සිරවී රාජකාරියට යන ඕනෑම පුද්ගලයෙකුගේ වේලාවට පෙර යා හැකිවේද කියා ඇති වෙන මානසික ආතතිය ඔබට සිතා ගැනීමට නොහැකි විය නොහැක. මෙසේ තදබද කිහිප‍යක්ම අසීරුවෙන් පසුකරමින් රාජකාරි වේලාව ප්‍රමාද වේදෝ සිතමින් යන මගීන් පුරවා ගත් බස් ‍රථ පරික්ෂා කිරීමට ඉඟුරු කඩේ හංදියෙදී පරික්ෂකවරු සැදී පැහැදී සිටී. ඔහුන් සෑම බස් රථයක්ම පාහේ පරික්ෂා කරන අතර මා දන්නා පරිදි ඔහුන්ගේ පරික්ෂාවට ලක්වන්නේ බස්‍ රථයේ මාර්ගස්ථ ධාවන අවසර පත, සේවක දෙපලගෙ නිළ ඇඳුම හා ටිකට් පත් නිකුත් කිරීමයි. මේ සඳහා විනාඩි පහක පමණ කාලයක් වැය වේ.

හුදකලාව ගත් කල විනාඩි පහක් යනු ගනන් ගත නොහැකි තරම් කුඩා කාලයක් උවද විශාල වාහන තදබදයක සිරවී නිදහස් වූ සැනින්ම රාජකාරියට වාර්ථා කිරීමා ප්‍රමාදව සිටින තත්වයක් යටතේ නම් මේ විනාඩි පහා උවද මහමෙරකි.

ඇතම් විට ඔබට සිතිය හැක ඔවුන් මහන්සිවී පරික්ෂා කරන්නේ අප වෙනුවෙන්ය කියා… වරදවා නොගන්න එය මගීන්ව කබලෙන් ලිපට තල්ලු කිරීමක් මිස පහසුවක්නම් නොවේ. මා එය කියන්නේ වගකීමෙනි.… කිමද මෙසේ මගීන් පීඩාවට පත් කරමින් කරන පරික්ෂා කිරීම් වල කිසිදු ප්‍රගතියක් නැත. බස් සේවකයන් දෙදෙනාම නිළ ඇඳුම වන කමිසය අඳින්නේ, හැද සිටින ඇඳුම උඩින්ම ඉඟුරු කඩේ හංදියට ආසන්නතම ස්ථානයකදීය. ටිකට් පත් ලබා ගැනීම නම් ඉබ්බන්ගෙන් පිහාටු ලබා ගැනීමට වඩා අපහසුය. එසේම දිනපතා බස් රිය නත‍ර කරවූවාට බලපත්‍රය මිසක දිනපතා ටිකට් පත් පරික්ෂා කිරීමක් නම් සිදු වන්නේ නැත.

නමුත් කළාතුරකින් දිනකදී ඉඟුරු කඩේ හංදියට ආසන්න‍යට ලඟා වත්දී දොරටුව පැත්තේ අසුන්ගෙන සිටින සැමට ටිකට් පත් බෙදා දෙන්නේ අධාර පත් බෙදන්නාක් මෙනි. එදිනට අනිවාර්‍යෙන්ම පරික්ෂකවරු එළියේ සිටම ටිකට් පත් විමසන අතර මේවා බලා සිටින මගීන් දෙකොනින්ම සිනහා වෙන්නේ තම තමන්ටමය. නමුත් මේවා අතර සම්බන්ධතාවක් ඇතයි කියා මා නම් සිහිනයෙන් වත් සිතන්නේ නැත. ඒවා පව් සිතුවිලිය… කිමද අපේ උන්දැලා එතරම්ම උපාසකය… වංචාවෙන් තො‍රය……

තවත් මෙවැනි උදාහරණ රාශියක් ඇත. විශේෂයෙන්ම පොලොස් මාමලා ගැන කතා කරනවා නම් පොතක් උව ලිය හැකිය.…

මේ ආයතන පිහිටුවා ඇත්තේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට උවත්… මේවායෙන් සිදු වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම නොව නීතියේ නාමයෙන් ජනතාව අපහසු තාවයට පත් කිරීමය…… ඔවුන් කරන කැප කිරීමට සරිලන ලෙස නීතිය නිසිආකාරව ක්‍රියාත්මක වනවානම් කිසිම ගැටලුවක් නැත. නමුත් එය සිහිනයක්ම පමණි.……… එය ඔවුනුත් දනී අපත් දනී… නමුත් නොදන්නා සේ සිටිමු……… ඊයෙත් එසේ සිටියෙමු… අදත් එසෙ සිටිමු… හෙටත් එසේම සිටිමුද…………??????

© ප්‍රියා.


(පින්තූරයට ස්තූතිය……
blogs.worldbank.org)

104 comments:

  1. ///නමුත් එය සිහිනයක්ම පමණි.……… එය ඔහුනුත් දනී අපත් දනී… නමුත් නොදන්නා සේ සිටිමු……… ඊයෙත් එසේ සිටියෙමු… අදත් එසෙ සිටිමු… හෙටත් එසේම සිටිමුද…………??????
    ///

    හේ හේ සිටිමු නෙමේ ඉන්නවා අනේ :D

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම බලා ඉන්න නම් වෙනවා ඔමා. :)

      Delete
  2. ඒ හාදයෝ නීතිය විතරක් දන්න හදවතක් නැති අය.. ඒකයි අවුල..

    ReplyDelete
    Replies
    1. ඔව් දේශො, අනිත් මිනිස්සු ගැන තේරුම් ගාන්න් උන් නෙමේ.

      Delete
    2. දේශො .. ටක්කෙටම කියන්නං ඕකුන් කන බොන මිනිස්සු නෙමේ.. කන බොන එකා ඔහොම නෑ .අවංක රාජ්ජ සේවකයා . හා බොරුනං බලපං අපේ රාජ් අයියා .හැලප අයියා . නලින් අයියා ..
      තව ඕනැද ???? :D

      Delete
    3. සිරාවට බං මාත් නොබොන එකා උනාට සිරාවටම දන්නවා ඔය කන බොන උන් අතරෙ ඉන්නවා හදවත රත්තරන් එළ පොරවල්.

      Delete
    4. අන්න එහෙම එන්නකෝ

      Delete
    5. පත්තර
      ර්‍ කථාවට කටේ දාන්න හිතෙනවා..දැං හප හප ඉන්න කඩල අැටයක්..

      Delete
    6. විදානෙ .. කඩල ඇටේ දාල ගල් කාලක් විතරත් හලපං මස්සිනේ ඈ

      Delete
    7. @ විදානෙ ~ ඔය පත්තරේට දාන ගමන් අපිටත් කඩල ටිකක් දාපිය.

      Delete
    8. @ පත්තරේ ~ කඩලත් මරු බයිට් එක නේද බං.

      Delete
  3. රෝද හයේ වාහනේ හැම දාම විදින දුක දන්නේ යන එන අපි විතරයි බං

    ReplyDelete
    Replies
    1. අනිවා නාඩියො. ගුටි කන මිනිහයි හරි වේදනාව දන්නෙ.

      Delete
    2. දුක දන්නෙ වෙන කවුද - ඇස් දෙක තරං

      Delete
  4. මේ ගැන කිව්වා වගේ පොත් ගනන් ලියන්න පුළුවන් ,අහිංසක මනුස්සයා තමා මොනවා වුනත් ඔය හැම දෙයකින්ම තැලේන්නෙ .....

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං සහෝ. අහීංසකයා තැලෙන යකඩෙ වගේ හැම තැනින්ම තැලෙනවා.

      Delete
    2. අැයි බන් සහෝ
      රත්වෙච්ච යකඩත් හොදට තැලෙනවනේ...

      Delete
    3. අනිවා ව්දානේ මේ මුන්ට හිතෙන්නෙ නෑනේ උනුත් ඔය සෙද්ද ගැලවුවාම සමාන්‍ය මිනිස්සු කියලා ,හොද මිනිස්සුත් ඉන්නවා මට හම්බ වුන,

      Delete
    4. @ විදානෙ, සහෝ ~ ඇත්ත බං, ඕකුන් අතරෙ හොද උන් ඉන්නවා. ඒත් උන්ව හොයා ගන්නත් බැරි අර වගේ ගොන්නු ඉන්න නිසයි.

      Delete
  5. ඈස්චරිය බං ඈස්චරිය

    ReplyDelete
    Replies
    1. ඔව් හැලප අයියෙ. හතර වටින් බේරෙන ඈස්චරිය.

      Delete
  6. ඇයි බං ඉස්සර ඔහොම පරක්කු වෙලා තියෙනවා මදිවට චෙක් පොයින්ට් දාලා හැමෝම බස්සලා පරීක්ෂාකරලා බලන්නත් වුනානේ. අපේම ආරක්ෂාවට නිසා කතා කරන්න දේකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ් අයියෙ, මුනුත් කතා කලොත් ඉස්සරහට දාන්නෙ "අපි ඔයාලා වෙනුවෙන්නෙ චෙක් කරන්නෙ" කියන එක. ඒ වැඩේ හරියට වෙනවනම් විනාඩි පහට පහලොවක් පරක්කු උනත් කමක් නෑ කියමුකො. ඒත් එහෙම වෙන්නෑනෙ.

      Delete
    2. එහෙම අතගාල බලන කොටත් පොඩි අාතල් එකක් තිබුණා..

      Delete
    3. විදානෙ ..මං හිටියනං තද කරල අල්ලනව තොට තරු පේන්ඩ :D

      Delete
    4. @ විදානෙ, පත්තරේ ~ දැන් බොලා දෙන්නා මොන මඟුලක්ද මේ අතගාලා, තද කරලා, මිරිකලා චෙක් කරන්න හදන්නෙ? :D

      Delete
  7. අනේද කියන්නේ, ඔය අයත් එක්කම සහයෝගෙන් ඉන්නේ කොටන බස් කාරයෝ, තව විධිමත් නඩත්තුවක් නැති මාර්ග සඤ්ඤා, අයි හස්ත සඤ්ඤා වලින් රථවාහන හසුරුවන්න දන්නැතිව පාර මද ඉඳන් ටටා කියන පොලිස් මාමලා,හැට හුටාමාරක් පිරිවරාගෙන පාර දෙපැත්තේ උන්ට ටටා කියාගෙන පාරවල් වස්සගෙන යන විලමැද කුඹුර හාන අලි මී හරක්, ඔය අර මොකේද මොකටද යන (ඈස්) චර්යයනේ.

    අදද කොහෙද ආවේ, අපූරු වගේම වටින ලිපියක්, ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සොමී, ඔය කියපු ඔක්කෝම ටික දම්වැලේ පුරුක වගෙයි. එකිනෙකා සහයෝගයෙන් සාමාන්‍ය මිනිස්සුන්ට හිසරද‍යක් වෙන එක තමා කරන්නෙ.

      ඔබ මීට පෙරත් ඇවිත් තියෙනවා. ස්තූතියි.

      Delete
  8. ‍මේකට උත්ත‍රේ ‍දෙන්නං ‍වෙනම ‍පෝස්ටුවකින්.

    ReplyDelete
  9. ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ අන්තිමයි. ඇමදාම ප්‍රමාදය

    ලංකාවේ නිදහස් චින්තකයන්ගෙ පොරම් වෙබ් අඩවියට පිවිසෙන්න

    ReplyDelete
    Replies
    1. ඇත්ත නෙත. ප්‍රමාද දරා ගැනීමට වත් හැකි උනා නීතියවත් නිසි ලෙස ක්‍රියාත්මක උනා නම්

      Delete
  10. ඒ මදිවට ආන් නුවර පාර කඩාගෙන හදනව. අලි මදිවට හරක් කිවුවලු

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක නිසා මටත් තවත් සීන් එකක් උනා පොලීසියත් එක්ක.

      අපේ ගෙවල් ඉස්සරහා පාර පනිත්දි (නුවර පාරෙම තමා) රෑක වැඩ ඇරිලා එත්දි මායි තව පස් දෙනෙකුයි අල්ලන් නඩු දාන්න හැදුවා, කහ ඉරෙන් නැතුව පාර පයිනවා කියලා එවලෙ එතනින් ගිය පොලොස් කොට්ටෝරුවො දෙන්නෙක්.

      උන් දෙන්නා අපි කිව්වාමයි දැන ගත්තෙ පාර හදන නිසා කිරිබත්ගොඩ ඉදන් පෑලියගොඩට වෙනකම් කිලෝමීටර් හය හතකට එකම කහ ඉරක් වත් නෑ ඔක්කොම මැකිලා කියලා.

      Delete
  11. //කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්//

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ දිලිනි. මොකුනත් නීතිය වාත නිසි ආකරව ක්‍රියාත්මක වෙනවා නම්,…

      Delete
    2. ඇයි යකෝ අපි ගෙවන බදු වලට කරන්ඩ දේකුත් එපෑ, උත්තරේ බොහොම සරලයි. :D

      Delete
    3. ඔව් බං එක අතකට ඔය භාණ්ඩාගාරෙ පුස් කන අපෙ සල්ලි වලට කරන්න දෙයක් තියෙන්නත් එපෑ. ;)

      Delete
    4. ප්‍රියා දැන් පුස් කන්න රටේ ඇති ජිල්ලියක් නෑ තනිකරම බදුපිට බදු ණය ගෙවනවා එවාගෙන් පුස් කන්න සල්ලි නෑ භාණ්ඩාගාරේ එවා ඇති ස්විස් බැංකු වල දා ගෙන ඔය &&^^%$£"$$%%^&&** *&^%$""£$%^^%%$£$$£££""£$$ ( කුණු හබ්බ බලන කාණ්නාඩි කුට්ටම දාන් බලන්න ඔය ටික )

      Delete
    5. ශැක් මගෙ කුණු හබ්බ බලන කණ්නාඩි දෙක සර්විස් කරන්න දුන්නනෙ බං. අපරාදෙ.

      ඇත්ත බං වැඩි පරිස්සමට ඒවා ස්වීස් බෑන්ක් වල අරන් තියලා ඇති.

      Delete
  12. //කිමද මෙසේ මගීන් පීඩාවට පත් කරමින් කරන පරික්ෂා කිරීම් වල කිසිදු ප්‍රගතියක් නැත. බස් සේවකයන් දෙදෙනාම නිළ ඇඳුම වන කමිසය අඳින්නේ, හැද සිටින ඇඳුම උඩින්ම ඉඟුරු කඩේ හංදියට ආසන්නතම ස්ථානයකදීය.//

    අපි සීයට පන්සීයක් එකඟ වෙනවා. මේවා අමුම අම මෝඩ වැඩ ප්‍රියා.................

    ReplyDelete
    Replies
    1. අන්න ඒකට තමා මගෙත් විරෝධය තියෙන්නෙ කුරුටු, මොකද මේ ඔක්කොම ඉවසතෑකි නීතිය නිසියාකාරව ක්‍රියාත්මක වන පරිසරයක් නිර්මාණය වෙනවා නම්.

      නැති තාක් මේවා අමු මෝඩ ගොන් වැඩ.

      Delete
  13. ඔයා වගේ තමයි , බස් එකේ යනකොට පොලිසියෙන් ලියන කොට , ඉන්න වන විනාඩි ගානටත් ඉන්න වෙන පරක්කුව, ඒ වෙලාව නම් කියන්න පුළුවන් වෙන්නේ ශේප් වෙච්ච තරමටම තමයි...... නිතිය රකින්න ගිහින් එතනත් වෙන්නේ අවින් අවිනිතියම තමයි..... චතු......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එතනත් තත්වෙ ඒකම තමා නිහංසා. මේ හැම දේම වෙනස් විය යුතු තැන්. ඒත් අපේ කරුමෙ බලවත් නිහංසා. නීතිය කිය කිය වෙන්නෙ අවනීතිය.

      Delete
    2. කිසි කරුමයක් නෑ ප්‍රියා, රෙන්ට් එකට හරි ඇලියොන් එකක් ප්‍රිමියො එකක් අරං කපපං කැටයමක් ඕකුං ඉස්සරහා , ඇඹරෙන හැටි බලන්න …

      Delete
    3. හප්පට ඬෙග. එහෙම උනා නම් ඕකුන් ඇඹරෙන්නෙ නැට්ට කටේ ගහ ගෙන…

      Delete
  14. ටිකට් නීතිය හරියට ක්‍රියාත්මක උනත් වැඩක් වෙන්නේ නෑ මර්ග තදබදය වැඩි වෙලා අනෙකුත් රාජකාරි ප්‍රමාද වී පසුබාන තත්වයක් ඇතිවෙනකොට. මෙතන තියෙන්නේ ප්‍රමුඛත්වය වැඩිපුර දියයුත්තේ මොන දේටද කියලා බලධාරීන්ට තෝරා බේරා ගන්න තියෙන නොහැකියාව.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නෙ අජිත් මේ යන ක්‍රමයෙන් කිසිම දෙයක් හරියාකාරව සිදු නොවීමයි. ප්‍රමුඛත්වය දිය යුතු තැන තෝරා බේරා ගත නොහැකි වීම තමා ලොකුම ප්‍රශ්ණය.

      Delete
  15. කවියක් මතක් උණා. ඒත් පළවෙනි පදේ විතරයි මතක............

    රජු අදමිටු වුවොත්.

    දන්න කෙනෙක් ඉතුරු පද 3 දාන්ට

    ReplyDelete
    Replies
    1. මටත් පද ටික මතක නම් නෑ මලයා. ඒත් ඔය කවියෙන් කියවෙන එක ඇත්ත. කොටින්ම ගහක මුදුන් මුල දිරලා නම් අතු ගැන කවර කතාද?

      Delete
  16. නීතියට තැනක් නෑ... ඊයෙත්,අදත්,හෙටත් එහෙම ම්... වරද අපේම නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත ශානු ඒත් ඊයෙත් අදත් හෙටත් නීතියේ නාමෙන් දුෂ්කරතා වලට මුහුණද දෙන්නෙත් මේවට වැරදි කාරයො උන ජනතාවටම තමා.

      Delete
  17. බොට කියන්න ප්‍රියා ඔය බස් කොට කොට යන එකයි බ්ලොක් එකයි ඔය වගේ කේස් හින්ද මගේ ඇඟේ කුෂ්ටෙකුත් මතු උනා ලේ නරක වෙලා. වැඩට ගියත් කාත් එක්ක හරි කොක්කක් දාගන්නවා ඇයි උදේ පාන්දර ලේ කෝප කරගෙනනේ ඉන්නේ. අන්තිමට බෝඩිමක නතර උනා. එකෙන් වෙච්චි එකම හොඳේ බයික් එකක් ගත්ත එක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිශාන්ත, ඕකෙන් වක්‍රාකාරව රැකියාවටත් දිඝුකාලීනව ශරීරයටත් පුදුමාකාර විදිහට බලපෑම් කරනවා.

      මෙහෙම ලේ කෝප කරන් වැඩට ගිහින් එතන ඇර ගන්න මිනිස්සු අනන්තයි අප්‍රමාණයි.

      Delete
  18. ප්‍රියා.....මාත් පිටරටක හිටියත් හිතින් ලංකාවේ. මේ රටවල ජනතාවට රජය දක්වන ගරුත්වය සහ සැලකිල්ල ගැන හිතන කොට අපේ පාලකයෝ, නිළධාරි ගැන පුදුම කේන්තියක් බන් එන්නේ. මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. ලොකු අයියා .. නහින දෙහින කාලෙ "අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන කාරයෙක් " කියල පාස් පෝට් එකේ රෙඩ් සීල් එක ගහන්ඩද හදන්නේ ??
      කොන්ඩෙ පැහුනෙ අකලටද අම්මපා ඈ ??

      Delete
    2. PM ...අරූ ගෙ කොන්ඩෙ පැහුනේ ඉස්කෝලෙ යන කාලෙ නවාතැන් මාරු කොරල බොල .....

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ගම කනවා. කෙන්ජි මාමෙ අර අර කොස්ගස් හන්දියෙ අක්කලගෙ ගෙවල් පැත්තෙ වතුර වලටත් කොන්ඩෙ සුදු වෙන සීන් එකක් තියනව නේද ?? :D

      Delete
    5. @ අරූ අයියා ~ අපෙ උන්ගෙ වැරැද්ද තියෙන්නෙ ඇඟේමයි අරූ අයියෙ. උන් හිතන්නෙ මහ ජනතාවගෙ අයිතිකාරයො උන් කියලනෙ. ඉතිං මක්කටද ගරු කිරීම්.

      Delete
    6. පත්තරේ ~ මේවා ගැන කියන උන්දැලටද බං ඔය සීල් එක වදින්නෙ. මට මතක නෑනෙ. :)

      උඹ කියන්නෙ අර බෝඩිමේ අක්කා ගැන නෙ. :)

      Delete
    7. @ කෙන්ජි අයියා ~ අනෙ අම්මෝ වැරදිලා වත් නවාතැන් මාරු කරන්න නරකයි. කෙස් පැහුනොත් මළ කෙළියයි. :)

      Delete
  19. ඕවා ගැන කතාකරනවන් කතාකරන්න දේවල් තියෙනවා ඕන තරම්.. ඒත් හැමදේම නතර වෙන්නේ වචන ටිකකට විතරයිනේ බං.. ඒකනේ ප්‍රශ්ණේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං මේ වගේ අපි බැඩිය නොදකින පැතිත් කොයි තරම් ඇත්ද? කතා කරනවා නම් ඒකටම බ්ලොගක් උනත් වෙන් කරතෑකි.

      Delete
  20. අර බස් එක ටර්න් එකට ගහද්දිම අයිය මචංලාට දෙන සම්තින් එකට ටික්කන්ගෙ කමිෂන් එකත් ඉන්ක්ලූඩ් කියල මං හිතුවේ !!!
    එහෙනං ටික්කංගෙ සම්තින් එක මුන් වංගු ගහලා. ආයෙ නැවැත්තුවම ජනේලෙං ඔලුව දාල කියපං ඒක.. ඊට පස්සෙ මොකද උනේ කියලත් කියපං ඈ !!

    ReplyDelete
    Replies
    1. එක අතකට උනුත් පුදුම කරුමයක් බං ගෙවන්නෙ (බස් උන්දැලත්). උන් කී පැත්තක් බැලන්ස් කර ගන්න කියලද? ඒත් අන්තිමේ උනුත් ඔක්කොම බර තල්ලු කරන්නෙ මගියගෙ පැත්තට වීම නම් වැරදියි.

      උන් හරියටම කිව්වොත් මම උඹට කියන්නම්. ඈ

      Delete
  21. මන්දිරේ ඉදල වංචාව තියෙන රටක මේව ගැන මොන කතාද ප්‍රියා මල්ලි...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කෙන්ජි අයියා. උඩ සිට යටටම වංචාව ගමන් කලාට පස්සෙ කවර කතාද?

      Delete
  22. නීති කඩන්නේත් අපි නීතියෙන් ගැලවෙන්න පගා දෙන්නේත් අපි. ඇයි එක පසෙකට පමණක් චෝදනා.......

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නලින් අයියා. මෙතනදි පගාව ගන්නොත් වැරදී දෙන්නොත් වැරදී.… නමුත් ඒකෙන් විඳවන්නෙ ඔය වැරද්දට සම්බන්ධ නොවුන මඟීන්.

      Delete
  23. මේ මුහුණ දෙන තත්වය මා ජීවත් වන ප්‍රදේශයට එතරම්ම සමීප නොවුනද, විස්තර කරන කාරණ්ය මටද මනාව වටහාගත හැකියි. ඇත්තටම අපේ රටේ තියෙන සමහර අම්මගෙ නීති හා ක්‍රමවේද පිළිබඳ අලුත් කතිකාවක් ඇතිකිරීමට කාලය ඇවිත් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අලුත් කතිකාවක් තමා මනෝෂ් ඇරඹිය යුතු වන්නෙ.… නැතුව තියෙන නීතියට බැනලා වැඩකුත් නෑ.

      Delete
  24. පොලිසිය ගැන නම් කතා කරලා තේරුමක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මධූ ඒකයි මම අර බස්සිට කියපු අත්දැකීම වත් පෝස්ට් එකට නොදැම්මෙ.

      Delete
  25. මෙවට ඉතින් මෝඩ චූන් කියලා කියනවා ඇර වෙන කියන්න නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මාතලන් අයියෙ උන් ගන්න මෝඩ චූන් වලට බයිට් වෙන්නෙ අහිංසකයො.

      Delete
  26. උන්ගේ රස්සාව මහා වැදගත් කියලා මිනිස්සුන්ට පෙන්නන්න තියෙන එකම අවස්ථාවට ඉරිසියා කරන්න එපා

    ReplyDelete
    Replies
    1. හෙ හෙ… උන් ඔක්කොම කරන්නෙ ඒක බලාපොරොත්තුවෙන්ම වෙන්නත් ඇති බං.

      Delete
    2. අන්න ඒක මාර පොයින්ට් එකක් ඉවා,.මං කියන්නෙ මේ ටික්කො විතරක්ම නෙමෙයි. ඔය රස්සාවෙ ඌෂ්නෙ පෙන්නන්න පුලුවං තැන් වලදි බොහෝ දෙනෙක් පස්ස ගහන්නෙ නෑ.. ඇටෙන්ඩන් ගෙ ඉඳල ඕඅයිසී ට යනකං එහෙමයි මචං..

      Delete
    3. ඇත්ත පත්ත්රයා , කතා කරොත් කියන්නේ ,මේ රස්සාවේ තියෙන අමාරුව දන්නේ අපිනේ ,අපි කරන්නේ රාජකාරිය, රාජකාරියට ඇඟිලි ගහන්න එපා , අපි රාජකාරිය නම් රාජකාරිය , ඔය අනිත් මිනිස්සු වගේ අයිස් ගහන්න බෑ මේ රස්සාවේ ..ඔන්න් ඔය සෙට් එක තමයි හැම එකාම කියන්නේ

      Delete
    4. ඕ යේස් ඉවා.. කොයි රස්සාවත් අමාරුයි තමා.. හැබැයි ඒව එක ව්ක විදියයි.. දැං බලපං ඔමා.. ඒකි නාහෙන් අඬනවා කරන්න වැඩක් නෑ දවසෙම නිකං ඉද්දි පිස්සු වගෙ කියලා.. මට හවුස් පුල් උනාම කන්නවත් වෙන්නෙ නෑ..ඩේ නයිට්.. අටමා මිනිස්සු ඇඟට එනවා මැශින් හදන්නයි බැනුං අහන්නයි දෙකක් බෑ කියනවා ඔය ප්‍රියාගෙ අනිත් උන්ගෙ විස්තර මං දන්නෙ නෑ එවත් ඔහොම තමා බං . ඒත් ඉතිං එකට අනිත් උං පලියෑ මං අහන්නෙ . ඒත් ඉතිං එකට අනිත් උන්ට රෙස්පට් පෙන්නල හරියනවයෑ

      Delete
    5. @ ඉවාන්, පත්තරේ ~ සිරාවටම මෙතන වැදගත්ම පොයින්ට් එක ඔතනයි බං.

      හැමෝම තම තමන්ගෙ රැකියා කරන්නෙ යම් පීඩනයක් යටතේ. නමුත් කරන වැඩේ කරන ටිකේ සතුටෙන් කරන එකයි වැදගත්. නැතුව මගේ ජොබ තොපේ ඒවාට වඩා වගකීම් සහගතයි අරකයි මේකයි කියලා උන්ගෙ රැකියාමය පීඩනය අනිත් උන්ට තොග වශයෙන් බෙදා දෙන එක නෙමේ කල යුත්තෙ.

      ඒ වගකීම ඒ කර්තව්‍ය තමන්ට කර ගන්න බෑ දරාගන්න බෑ කියලා හිතෙනවා නම් අත් හැරලා දාලා තමන්ට දරන්න පුළුවන් රැකියාවකට යන එකයි තියෙන්නෙ.

      තමන්ගෙ රැකියාව ගැන කියමින් අනෙක් මිනිස්සුන්ගෙ රැකියාවට කෙළවෙන තැනට සෘජුව හෝ වක්‍රව දායක වෙන එක නම් සක්කිළි වැඩක්.

      Delete
  27. මොනව කරන්නද මේ යන විදියටම යයි...

    ReplyDelete
    Replies
    1. යන්නෙ කොහෙද කියන එකත් ප්‍රශ්නක් නෙවෙයි ද ?ඈ විදානේ

      Delete
    2. @ විදානෙ. ~ ඇත්තටම බං. අපි මේවා කතා කලත් නොකලත් මේවා මේ විදිහටම යනවා.

      Delete
    3. @ සහො ~ කවදා හරි රටටම කෙළවෙන තැනටම යයි බං.

      Delete
  28. // ඉඟුරු කඩේ හංදියට ආසන්න‍යට ලඟා වත්දී දොරටුව පැත්තේ අසුන්ගෙන සිටින සැමට ටිකට් පත් බෙදා දෙන්නේ අධාර පත් බෙදන්නාක් මෙනි // ඒක ඇත්ත... මේ දේට මාත් මුණදීලා තියනවා ...

    ReplyDelete
    Replies
    1. ඒක හරි තුශානි. මේවා කාව රවට්ටන්න කරන වැඩද? ඇයි මේ පිස්සු වැඩ.

      Delete
  29. මෙහෙමයි මචො ඔතන තවෙ.නර්ස්ල ස්ට්‍රයික් කරනකොට උන්ට හොදයි අනික් ඔක්කොටම එක හොද නැ.බනිනව.කොච්චි ඩ්‍රයිවර්ල ස්ට්‍රයික් කරනකොට එකත් එහෙමයි.නර්ස්ල ස්ට්‍රයික් කරනකොට කොච්චි ඩ්‍රයිවර්ල ඇතුලු හැමොම එකට බනිනව.කොච්චි ඩ්‍රයිවර්ල ස්ට්‍රයික් කරනකොට නර්ල ඇතුලු හැමොම බනිනව.හැම තැනදිම ඔක වෙන්නෙ.තමන්ට රිදුනොත් විතරයි එක මතක් වෙන්නෙ.දැන් ට්‍රැෆික් රුල් එකක් කඩල අපි පොලිසියට අහු වුනාම ශෙප් වෙන්න පුලුවන්නම් ශෙප් වෙනව.වෙන එකෙක්ව එහෙම ශෙප් කලාම බනිනව.මෙක දැන් ඇටුවන් බැහැල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මට නං ඔය ඔක්කෝම හොඳයි ඉන්සුවරන්ස් කාරයො තමා පෙන්නන්නම බැරි !!! චැක්

      Delete
    2. මටත් ඉන්නව මෙ පෙන්නන්න බැරි ජාතියක්.නැ එක්කො ඔන නැ

      Delete
    3. ඉන්සුවරන්ස් @#$#%%& $^$&235*^@#@3! 345#%$^%& $& ^&&#^%^#@$ %^% ^&^&( @$%^ &*&( %$%&*( $#$^ තමය්

      Delete
    4. @ දමිත් අයියා ~ මෙතන කරුමෙ කියන්නෙ දමිත් අයියෙ. උන් ශේප් වෙනවා (බස් උන්දැලා) අරුන් ශේප් කරනවා (චෙකර් උන්දැලා). ඒත් ඉතිං මේ ශේප් කිරිල්ල රටෙන් ලෝකෙන් හංඟන්න ඕන නිසා උන් දෙගොල්ලොම පොඩි ගරු කටයුතු රගපෑමක් කරනවා. මේ රඟපෑම නිසා තැලිලා පොඩි වෙන්නෙ කොහේවත් ඉන්න මඟියො ටිකක්.

      උන් ශේප් වෙන එක වරදක් නෑ කියමු. එහෙනම් ඔය බොරු රඟපෑම නවත්තලා දාන්න ඕන මඟියො බොරුවට පීඩාවට පත් නොකර.

      Delete
    5. @ පත්තර, විදානෙ ~ බොලා දෙන්නට ආච්චි වැහුනද ‍යකෝ. :D

      Delete
  30. රට කරවන අයට සහ රටේ සිවිල් ස්ථරයේ ඉහළම යැයි සම්මත පිරිස් නීතියට ගරු කරන්නෙ නැතිනම්..කොහොමද පහළින් නීතියට අවනත ජනතාවක් හදන්නෙ...ඉහළ සිට පහළටයි මේ දේ කෙරෙන්න අවශ්‍ය...අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන්නෙ නිකං නෙමෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිරා අයියෙ වැදගත්ම උතුම්ම දේ ආදර්ශයයි. ඒක තේරුම් ගත්තදාට ඔක්කොම හරි.

      Delete
  31. අනේ මන්ද.මේ රටේ වෙන දේවල්නම් අහවල් එක හොඳයි කියල කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඔක්කොම පැති මේ වගේ තමානෙ.

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................