30 March, 2014

ඔබ හරකෙක්ද බලන්න පොඩ්ඩක් 'උම්බෑ…' කියන්න……

Add caption

පහුගිය ටිකේම දරුවො නැති ගෑණු ගැනයි බ්ලූ බලපු කෙල්ලො ගැනයි ඒ මදිවට ස්ත්‍රී දූෂක කොල්ලො ගැනයි ලියපු නිසා මේ සතියෙ වෙනසකටත් එක්ක ඉස්සර කරපු තවත් දහදුරා වැඩක් ගැන ලියන්න හිතුනා.

අර ෆාමසි වල කෙල්ලන්ගෙන් වාජිකර්ණ බෙහෙත් ඉල්ලන එකයි නඩාව මඩවපු එකයි උනේ මම ජොබ් කරත්දි උනාට මේක නම් ජොබ් නොකරන ඉස්කෝලෙ කොල්ලො එක්ක අවලමේ යන… ආ නෑ සොරි ගම වටා සංචාරෙ යන කාලෙ කරපු එකක්.

ඔය මහා සද්දයක් දාලා ශාලුක් අංකලුත් කියලා අපේ සංගාටත් දෙක මාරු වෙලා එයාටෙල් ලංකාවට ගොඩ බැහැපු කාලෙ. ඉතිං අපිත් නිකන් ඉන්න බැරිවට අපෙත් දෙක මාරු වෙයිද බලන්න (දෙක යනු සිම් දෙකය) එයාටෙල් සිම් තොග පිටින් අරන් තියා ගත්තා. (නිකන් දුන්න නිසා බොලවු.)

ඔය කාලෙ කොහොමත් 075 මුලට එන අංකය අපේ උන්දැලට ටිකක් මැජික් වගේ උන කාලෙ… අපිත් සිම් ගත්තට කාටවත් ඒවයෙ අංක දුන්නෑ. පරණ සිම්ම තමා පාවිච්චි කොලේ.

කොහොමින් කොහොම හරි දවසක් අපේ සැට් එකේ එක පඩත්තලයෙක්ට පහල උන පුණ්‍යවන්ත අදහසක් නිසා අපි දවසක් එකෙක්ගෙ ගෙදරකට සෙට් වෙලා අපි හොයා ගත්ත අංක වලට කතා කරලා මනුස්සයො 20ක් විතර නිවාඩු පාඩුවෙ බයිට් කොරා. අපේ ප්‍රධාන කාර්‍යය උනේ එයාටෙල් අංකෙකින් කාටහෝ අමතා එයාටෙල් පාරිභෝගික අංශයෙන් කතා කරන ලෙස කතා කිරීමය.

පාරිභෝගික නිළධාරියා විදිහට කතා කරන්න සෙට් උනෙත් සෙරෙප්පු පාරවල් කාලා පාසලේ ජන'අ'ප්‍රියම නිවේදක බුවා වෙච්චි අහිංසක 'ප්‍රියා'ම තමා. බොහෝ අවස්ථාවල සිදුවූ සංවාදය සටහන් කරනවානම්…(බහුතරයක් දෙනා එකම විදිහට තමා උත්තර දුන්නෙ)

මම ÷ ආයූබෝවන්… එයාටෙල් පාරිභෝගික සේවා අංශයෙන් කතා කරන්නෙ… මට ඔබතුමා/තුමී එක්ක විනාඩියක් කතා කරන්න පුළුවන්ද…?

බයිට ÷ ඔව් කියන්න… [කවුරුත් බෑ කිවුවෙනම් නෑ.]

මම ÷ ස්තූතියි… මහත්මයා/මිය අපේ විශේෂ ප්‍රවර්ධන වැඩ සටහනකට අපි ඔබත් ඇතුළුව තවත් 50ස් දෙනෙකු තෝරන් තියෙනවා…

බයිට ÷ හ්ම්ම්/ඔව්…/හා…

මම ÷ අපි ඔබට ලබාගන්නා සහා ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන්ම නොමිලේ සිම්පතක් ලබා දෙනවා…

බයිට ÷ සිම් එකක් කියක් වෙනවද…?/ සිම් එකත් නොමිලේද?

මම ÷ අපි සම්පූර්ණයෙන්ම නොමිලේ තමා සිම් පතත් සම්බන්ධතාවයත් ලබා දෙන්නෙ… ඒ වෙනුවෙන් ඔබට ලගම තියෙන අපේ බ්‍රාන්ච් එකට ඇවිත් පොඩි වැඩක් කරන්න තියෙනවා…

බයිට ÷ හරි මොකක්ද කරන්න තියෙන්නෙ…? [මෙතනදි දෙතුන් දෙනෙක් "රස්තියාදු වෙන්න බෑ" කියලා කියපු නිසා ඒ ටික බේරුනා.]

මම ÷ මේකයි මහත්මයා/මිය කරන්න තියෙන්නෙ… අපේ පොඩී සමීක්ෂණයකට සහය දක්වන්න ඕන.…… "මෙහෙමයි මහත්මයා/මිය අපිට ඔයා හරකෙක්ද කියලා බලා ගන්න පොඩ්ඩක් 'උම්බෑ…' කියන්න ඕන.".……
ඔය මුළු කතාවම කෙරෙන්නෙ ස්පීකර් දාලයි. ඔක්කොමට ටික මීක් සද්දයක් නැතිව අහන් ඉන්න අපේ නසරානි සෙට් එක එතනින් පස්සෙ තමා ගේමට බහින්නෙ. ඒකත් ඉතිං "බක… බක…'' ගගා තමා… අනේ අනිච්චේ කියලා එතනින් එහාට බයිට් වෙන බුවාගෙ/බුවීගෙ ප්‍රතිචාර විවිධාකාරයි.

"පිස්සෙක්" , "තියපන් බූරුවා ෆෝන් එක" , "තමුසෙ කවුද කියනවා" , "අනෙ පලයන් යකෝ යන්න" , "යනවා ඕයි යන්න" , "මේ නම්බරේ පොලිසියට දෙන්නද" ඔන්න ඔය විදිහට ගරු නම්බුනාම දීලා තමයි බොහෝ අය ඇමතුම විසන්දි කලේ. ඒත් ඉතිං දෙතුන් දෙනෙක් අපේ අහිංසක මවුදෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කරන්න ආවම නම් අපිටත් ශුද්ධ හිංගලෙන්ම දෝශාභියෝගයක් නිකුත් කරන්න නිකුත් කි‍රීමට සිදු නොවුනා මත් නොවේ.


ඉතිං ඒ කාලෙ කරපු දහජරා වැඩ අතරෙ මට ඔය කතාවම හදීසියෙ මතක් උනෙ ගිය ඉරිදා හවස අපේ මලයා අපිට සද්ද කරන්න එපා කියලා ගත්තා කෝල් එකක් අපේ ඥාති ගෙදරකට. අනේ කරුමෙට ටෙලිකොම් ලයින් එකක් තියෙන එහෙට C.L.I. නෑ. කොහොම හරි කෝල් එකට උත්තර් දුන්නෙ අපෙ ඥාති සහෝදරියක්. මේ තියෙන්නෙ එතනින් එහාට දෙබස.

ඇය ÷ හෙලෝ…
මල්ලි ÷ හෙලෝ… මගෙ නම රුවන්. අපි කතා කලේ කැම්පස් එකේ පොඩි සමීක්ෂණයකට… මිස්ට පුළුවන්ද පොඩ්ඩක් උදවු කරන්න…
ඇය ÷ හ්ම්ම් මම න්ම් දැන් ටිකක් බිසී… කමක් නෑ කියන්නකො.…
මල්ලි ÷ ස්තූතියි මිස්… මට මිස්ගෙ නම දැන ගන්න පුළුවන්ද?
ඇය ÷ මම *****
මල්ලි ÷ මිස්**** රැකියාවක් කරනවද…?
ඇය ÷ නෑ මම ගෙදර ඉන්නෙ…
මල්ලි ÷ හ්ම්ම්… එහෙනම් දවල්ට රේඩියෝ එහෙම අහනවා ඇති.
ඇය ÷ ආ ඔව් ඔව්… [හරිම උනන්දුවෙන්]
මල්ලි ÷ මිස්***** සාමාන්‍යෙන් අහන චැනල් එක මොකක්ද…?
ඇය ÷ හිරු FM
මල්ලි ÷ ආ ඇත්තද…? සොරි මිස් අපි දෙරණ FM එකෙන්… මම තියන්නම්… බොහොම ස්තූතියි…
ඇය ÷ හයියෝ… අනෙ අපරාදෙ අප්ප… චික් විතරක්… අයියෝ… [ඇය තාමත් දුක් වෙනවා.]


© ප්‍රි‍යා.


(පින්තූරයට ස්තූතිය……
http://www.sickandwrongpodcast.com)

60 comments:

  1. මේක දැන් life style එකනේ සමීක්ෂණ වලට call දෙන එක. හරි නම් line එක සල්ලිත් දෙනවලු ඇත්තමද නම් දන්නේ නැ. එගොල්ලොමයි කියන්නේ අරය .... මෙච්චර දිනුම් කියල..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් නිහංසා, ඔය ඉතිං අරයා අච්චරක් මෙයා මෙච්චරක් දිනුම් කිවුවට විස්වාස කරන්න පුලුවන් කාටද?

      Delete
  2. අපි ඒකාලෙ ගොන්නුන්ගෙ නම්බර් හොයන් කෝල් කරල කියපුව අම්මේ :D දැනුත් මතක් වෙද්දි හිනා :D

    සිරාවටම ඒකාලෙ කතාවක් තිබ්බනෙ එයාටෙල් වල අවුට්ගොයින් ෆ්‍රී දෙනව කියල :D

    ReplyDelete
    Replies
    1. තනියම හිනාවෙන්න එපා බොල හොද නැකතක් බලලා ලියලා දාපන්. අපිත් හිනා වෙන්නම්. :D

      ඔව් බං ලොකු කතාවක් තිබුනා ඕකුන් ෆ්‍රී දෙනවා කියලා. ඒකත් ලේසි උනා අපේ වැඩේට. ;))

      Delete
    2. එව්ව ලියන්න පුලුවන් එව්ව නෙමේ බන් :D

      Delete
    3. හි හි අපි නම් අහිංසකයි ඕවා කවදාවත් කරලා නැහැ :)

      Delete
    4. @ සසිදු ~ හප්පේ ඒ තරමට දරුණුද? ;)) අවුලක් නෑ බං සැර බාල කරලා ලියහන්. :)

      Delete
    5. @ ඔමා ~ අහිංසකයි රටක් වටී. ;) ඔහොම නෑ කියන අය තමා ඕවා වැඩියෙන කරලා තියෙන්නෙ. (අත්දැකීමෙන් කියන්නෙ) :))

      Delete
    6. හෙහ් හෙහ් එව්ව ලියන්න ඕන නෑ බන්, මගෙ පරම පිවිතුරු චරිතය කිළිටි වෙනව ඒව ලිව්වොත් :D

      අපෝ මේ බතලිගෙ අහිංසකකම අපි නොදන්නවැයි නේද බන් :D

      Delete
    7. ඔව් ඔව් ඕවා ලියන්න ගන්න එපා බන් අර පේනවනෙ යට එකෙක් මගෙත් ජාතකේ හොයන්න ආවා. :)

      අනිවා බන් අපි නොදන්න බතල ඔමා. :) හි…

      Delete
  3. ඔතනින් කවුරුත් උම්බෑ කිව්වෙම නැද්ද..මොකද අපේ උන්දැලට නිකං දෙනවනං ඕන දෙයක් මසුරං නෙ.. :D
    හිනා කලා මැරෙනව...! :D :D

    ReplyDelete
    Replies
    1. හපෝ හොදට බැන්නා මිස උම්බෑ කියන එකෙක් හම්බ උනේ නෑ බං. ඇත්ත තමා අපේ උන්ට නිකන් දෙනවා නම් ඕන කුණු ගොඩක් මල් මසුරන්නෙ. :))

      Delete
  4. 2003 දි විතර අපේ බෑන්ඩ් එකේ මංජු මලයත් උඹලා වගේ ටෙලිකොම් ෆෝන් තියෙන ගෙවල් වලට කථා කරලා හඩ තත්වයේ ගුණත්වය බලන්න කියලා එකේ ඉදන් 10 ට ගනින්න කියනවා...මිනිහා දෙන ටෝකට හැමෝම රැවටෙනවා....ඒකා පස්සෙ කාලෙක කැංගරුවො ඉන්න දිහාට පැන්නා. එහෙ ගිය අලුතම මේකා මටත් කලා නොවැ ඔහොම වැඩක්.....

    ReplyDelete
    Replies
    1. අනෙ හප්පේ සිරා අයියත් රැවටෙන්න ඇති හොදම එකෙන්. දැනටත් ටෙලිකොම් ෆෝන් තියෙන අයට ඔය නන්නාඳුනන කරදරකාරී කෝල් වැඩියි.
      ඔක්කොම වගේ 10 ට ගනින්න ඇති. ;))

      Delete
    2. මට 10 ට ගනින්න කිව්වා...මම ගනින්න පටන් ගත්තා...5 ට විතර ගනිනකොට අරූගෙ බලු හිනාව ඇහුනම බුවා කවුද කියලා මට තේරුම් ගියා.

      Delete
    3. හප්පේ ඔහොම වෙලාවට හිනාව නවත්ත ගන්න තමා මාරම ගේමක් දෙන්න ඕන.

      මදෑ 5ට ගැනලා නවත්ත ගත්තා. :))

      Delete
  5. හෆ්ෆෝ කොරාල තියෙන හරියක් :D

    ReplyDelete
    Replies
    1. අනේ අපි ඒ තරම්ම නරක ළමයි නෙමේනෙ. :)

      Delete
  6. දෙරණ fm :v පව් වැඩේ අෆ්ෆා :v

    ReplyDelete
    Replies
    1. ආයෙ අහලා පවු නේන්නම් මොණ‍රි‍යෙ. අපරාදෙනෙ සල්ලි. :v

      Delete
  7. හඃ හඃ මරු බයිට...
    නියම ෆොන් ආතල් ටිකක් තියනවා ලගදීම පොස්ට් එකක් දාන්නම්..
    උම්බෑ....

    ReplyDelete
    Replies
    1. එළ එළ මාත් බලන් ඉන්නවා ඉක්මනට ඒ පෝස්ට් එකත් දාමු විදානෙ. මුන් නම් ඉල්ලන් බයිට් උනේ.

      උම්බෑ… ;))

      Delete
  8. අපි පහුගිය ටිකේ කලේ ඩයලොග් එකේ ස්කයිප් එකට ගන්න එක, 10ක් 15ක් ගෘප් කෝල් එක අරන් එක්කෙනෙක් කතා කරනවා අනිත් අය මයික් මියුට් කරනවා , පව් කියලා හිතෙනවා හොදට බයිට් වෙනවා ඩයලොග් එකේ කස්ටමර් කෙයා එකේ අය .

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ කලේ නෑ කියපුවා. පවු නේද දෙයියනේ අර අහිංසක කෙය දරුවො. හැබැයි ඉතිං ඔය කස්ටම කෙයා මනුස්සයො අපිව හිටපු ගමන් වටේ යවන තරමට බයිට් කරන එකම තමා හොද. :))

      Delete
  9. Replies
    1. ඉතාමත් සතුටුයි ඔබටත් අපෙන් නොමිලේ සිම් පතක් දිනා හැක. උම්බෑ… :))

      Delete
  10. හෙහ්...හෙහ්.... ඔය FM නාලිකාවල මාර ගේම් තියෙනවා නේද...?
    ඇහැව්වොත්...ගොඩම තමයි......
    ඇහැව්වොත් ....උඩම තමයි.... හෙක්.... හෙක්.....
    මට නම් ඒව අහද්දිත්..... පික්ෂු වගේ බං ...... හැක් ....හැක් .....

    ReplyDelete
    Replies
    1. ඔය මොන ගේම තිබුනත් ඕවයෙන් දිනන මිනිහෙක් තාම හැබහින් හම්බවෙලා නැති එකනෙ වැඩේ කෙන්ජි අයියෙ. ඔය තියෙන්නෙ නානප්‍රකාර ගේම් නම්.

      එවා කරන උන්ටත් පික්ෂු… අහන අපිටත් පික්ෂු… :))

      Delete
  11. අමතක වෙචිචි සිද්ධියක් මතක් උනා.. ඒක ගිය සතියෙත් මතක් වෙලා අමතක උනා. තැන්කුයි ප්‍රියා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ කියන්නෙ මක්කටැයි :) ආයෙ මතක් උනා නම් ඇති. ආයෙ අමතක නොවෙන්නෙ බොගේ ලියන්න තියෙන්නෙ. (ලියන්න පුළුවන් එකක් නම්) :))

      Delete
  12. අඩේ ප්‍රියා ඔය වගේ කතා එමට තියෙනවා වෙලාවක ලියන්න ඕන ..හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ආයෙ අහලා… ලියන්න තියෙන්නෙ එළටම. ඉක්මනට ලියමු. හැක්… හැක්… :)) (y)

      Delete
  13. අහල තියේද ඩයලොත් එකේ අක්කව බයිට් කරපු කතාව...
    අර මයියංගනේ මුතූගෙ හුටප්පරේ....
    අනේ මට මහත්තයා කියන්න එපා මට මුතූකියාල කතා කොලාම ඇති...........

    අම්මේ හිනා කාල මැරෙනව යකෝ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඕක නෙට් එකෙත් තිබුනා මට මතක විදිහට. ඒ වගේ ඒවා අහත්දි තමා පික්ෂු හැදෙන්නෙ… :))

      හිනා කියන්නෙ හිනා වෙවී මැරෙනවා බං. :)

      Delete
  14. ඔය ආතල් එක බෝඩිමේ ඉන්න කාලෙ සුපිරියටම ගත්තා.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම කට්ටිය සෙට් කාලෙට තමා ඔහොම අදහස් ගොඩක් පහල වෙන්නෙ.

      Delete
  15. හි හී මාත් ඔය වැඩේ කරලා තියෙනවා යාලුවන්ට. ඊට පස්සෙ හොඳම හරිය තමයි එයාලා බයිට් උනා කියල දැනගත්තම බනින විදිහ. මට නම් වැඩිය හිනා ගියෙ ඒ බැණුම් වලට :D

    ReplyDelete
    Replies
    1. අපි නම් කාටත් දැන ගන්න තිබ්බෙ නැහැ අපියි කතා කලේ කියලා. හොදම ටික ඔහොම කරලා බයිට් වෙන හරිය තමා. අපි නම් ගොඩක්ම ඇහුවෙ කුණුහබ්බ.

      Delete
  16. කෙලින්ම ඇහුවා නං හරිනේ උත්තරේ විදිහට මොකක් කිව්වහමද තෑගි දෙන්නේ කියලා.. :)

    ReplyDelete
    Replies
    1. ඒ තරම් මොලේ තියන එකෙක් වත් සෙට් උනේ නැති එකනෙ මධූ වැඩේ. ගොඩක් අය බලෙන් බයිට් වෙන්නෙ.

      Delete
  17. ඔය ටෙලිකොම් එකෙන් කියලා ගණන් කරන්න කියන වැඩේ නම් මමත් කරලා තියනවා බං... ජොලිය වැඩි උනාම ඉංගිරිසියෙනුත් ගණන් කරවනවා!

    ReplyDelete
    Replies
    1. හයියෝ… ඉල්ලන්නෙ කාලා තියෙන්නෙ. හි… අනේ පවුදෙයියනේ සිංහලෙන් කතා කරලා ඉංග්‍රීසියෙන් බයිට් වෙලා. :)

      Delete
  18. මේක කලින් කියෙව්වට කමෙන්ට් එකක් දාන්න විදිහක් තිබුනෙ නෑ ඒ වෙලාවෙ.

    අපි එක්ක වැඩ කරපු පොඩි කොල්ලෙකුටත් ඔය ගණන් කරන සිද්ධිය වුනා.රෑ දොලහට විතර කෝල් එක ආවෙ. ඌ ගණන් කලා ටිකක් දුරට. පස්සෙ නම් ඌට තේරුනා බයිට් එකක්තමයි කියල. ප්‍රියා ද දන්නෙ නෑ කෝල් කලේ. :P
    පහුගිය කාලෙ කොල්ලන්ගෙ ෆෝන් වලත් තිබුන ඔහොම රෙකෝඩින් එකක්. ඒක නම් පැය බාගයක් විතර වගෙ මතක විදිහට. කොල්ලෙක් කතා කරල කස්ටමර් සර්විස් එකේ කෙල්ලෙක්ව බයිට් කරනව වගෙ තිබුනෙ ඒකෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් නෑ නෑ චන්දන අයියෙ ඔය ගනණය කිරීමේ බයිට නම් අපි කලේ නෑ. ඒ හින්දා බය නැතිව කියන්න පුලුවන් මම නෙමේ කියලා. :)

      ඔය ඔයා කියන්නෙත් මම හිතෙන්නෙ අර මහියංගනේ සීන් එක. අපරාදෙ ඒ කාලෙ බීප් ටෝන් එක නැතිව වොයිස් රෙකෝඩ් ගන්න සිස්ටම්දැනන් හිටියනම් ඔය අපේ සීන් එකත් නෙට් දාන්න තිබුනා. ;)

      Delete
    2. හරි හරි අන්න ඒක තමයි. 'මිස්ටර් මුතු' නෙ කතා කලේ :D

      Delete
    3. ඔව් චන්දන අයියෙ. මුතූගෙ සීන් එක තමා. :)

      Delete
  19. හි... හි... මේ දවස් වල සමහර කට්ටිය ෆෝන් එක අන්සර් කරන්නෙත් රේඩියෝ චැනල් එකක නමක් කියලා...

    ReplyDelete
    Replies
    1. හප්පේ ඔව්. නිකන් ඉදලා එක පාර දහදොලොස් දාහක් දිනාගන්න කවුද හප්පේ අකමැති තුෂානි. :)

      Delete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සොරි බ්‍රදර්, විහිළුවක් විහිළුවක් ලෙස දැකිය නොහැකි ඔබේ අදහස පල කල නොහැක.

      Delete
  21. ශික් විතරක් නරක ළමයි . ඔහොම කරන්න හොඳද මම අහන්නේ , අපිනම් ජීවිතේට ඔහොම වැඩ කරලා නෑ :P

    ReplyDelete
    Replies
    1. හනෙ හප්පේ ඒක කියපු ඉස්ටැයිල් එකෙන්ම හිතා ගත්තෑකි හොද ළමයිගෙ හොද කම. :p :)

      Delete
  22. අයියෝ උඹ මේක දැන් නේ දාන්නේ. ඡන්දෙ කාලේ නම් අපේක්ෂකයෙකුට කිව්වා නම් උම්බෑ කිව්වොත් මනාපයක් දෙනවා කියලා බුදු ෂුවර් උන් උම්බෑ කියනවා දෙපාරක්වත්.

    ReplyDelete
    Replies
    1. හි… අනිවා… උම්බෑ නෙමේ ඕන මඟුලක් කරලා මනාප ගන්නනෙ අපෙ අපේක්ෂක බුවාලා බලන් ඉන්නෙ. උම්බෑ කියපු ගොඩක් උන් දැන් පැරදිලා ඉන්නෙ ඔය ගොනා වගේ. :))

      Delete
  23. අපිත් ඔහොම වැඩ කොරල තියෙනව බං..ඇත්තටම ඕව මිනී මරණ වැඩ බං..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුරදිග ගියොත් ඇස් රතු වෙන විහිළු.

      ඒත් ඉතිං අපිත් කුණුහබ්බයක් වත් කිවුවෙ අපිටත් ඒවයෙන් බැන්නොත්ම විතරයි.

      Delete
  24. ඕ යේස් !! පත්තරය මේං ආවා !!!
    ලියපං ලියපං දැං දිගටම එනවා ඈ..

    ReplyDelete
    Replies
    1. එළ ටමා පත්තරේ…!! ඕන් පහක්…!!!!!

      ලියන්න පුළුවන් කාලයක් ලියනවා… එතකම් වරෝ…… :)

      Delete
  25. නෝටි ළමයි!
    කරන අයටත් ඕකම වුණාම තේරේවි!

    ReplyDelete
    Replies
    1. පෝඩ්ඩක් විතර නෝටි ළමයි කකා…!

      ඇත්තෙන්ම අපිටත් දෙතුන් පාරක්ම ඔහොම වැඩ වෙලා තියෙනවා. :)

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................