02 February, 2014

පූජා භූමියකදී අහිමි කරගත් ''කන්‍යාභාවය…!!!"




එකම මාතෘකාවක් ඔස්සේ දිගින් දිගටම කතා කි‍රීම නීරස මුත් කතා කල යුතුදේ කතාකල යුතු අවස්ථාවේම කතා කල යුතු නිසා මේ සිතුවිල්ල මෙසේ සටහන් වේ.

මගේ කුසටම… එන්න පුතුනේ…… නමින් මා ගියවර ලියූ කෙටිකතාව මා සිතූ තරම්ම සාර්ථක නොවූ බව මාගෙ පෞද්ගලික හැඟීමයි. කතාව තවත් දිග්ගැස්සී කොටස් කිහිපයකට කැඩීමට සිදුවේ යන බියෙන් මා කතාව කෙටි කිරීමට උත්සහා දැරීම එයට මා දකින හේතුවයි.

මා හට අවැසී වූයේ හයක් හතරක් නොදැන කුසට පැමිණි නූපන් දරුවා හැර මුළුමහත් සමාජයම ඒ දරුවාගේ මරණයට වැරදි කරුවන් බව (යම් යම් ප්‍රමාණයන්ට) පෙන්වීමටය. කෙසේ වෙතත් කියවූ බොහෝ දෙනෙකු කතාව තේරුම් ගත් අතර ඉතාමත් කිහිප දෙනෙකු කතාව ග්‍රහණය කරගෙන තිබුනේ වැරදි ස්ථාන වලින්ය.

විශේෂයෙන්ම බුකියේ සංවාදයකදී එක් අයෙකු පෙන්වා සිටියේ මේවන් කතා අප රටට නොගැලපෙන බවය. එයින් ඔහු අදහස් කලේ බොහෝ විට මෙවන් සිදුවීම් යථාර්තයන් නොවන නිසා අප රටට නොගැලපෙන බව විය යුතුය. නමුත් අවාසනාවට මෙවන් සිදුවීම් අප රට තුලද අනන්තවත් සිදුවේ.

දෛවයේ සරදමක් ලෙස එයට හොදම උදාහරණය අදාල සිතුවිල්ල පබ්ලිශ් කර පැය විසිහතරක් යාමටත් පෙර මටම අසන්නට ලැබුනි.

අප නිවසට ඉතාම ආසන්නයෙ පිහිටි කුඩා හුදකලා විහාරස්ථානයකි (සම්ප්‍රදායන්ට ගරුකර නම සදහන් නොකර සිටින්නම්).

පසුගිය සෙනසුරාදා දිනයේ (25/01/2014) අදාල විහාරස්ථානය ඉදිරියේ සැකසහිත ලෙස දීර්ඝ වේලාවක් නතර කර තිබූ ත්‍රීරෝද රථයක් පිලිබදව සොයා යෑමේදී විහාරයේ සාමනේර හිමි නමකට දක්නට ලැබී ඇත්තේ තරුණ යුවලක් විහාරස්ථානයේ කම් සැප රිසිසේ විදින අයුරකි. හද කම්පිත කරන සිදුවීම නම් ඔහුන් දෙදෙනා සිට ඇත්තේ බුදු මැදුර තුලය. පසුව සියළු දෙනාගේ දායකත්වයෙන් දෙදෙනාව පොලිසියට භාර දී ඇති අතර විහාරයටද පොලිස් ආරක්ශාව ලබා දී ඇත.


ලැබුන විස්තර අනුව මට්ටක්කුලිය ප්‍රදේශ වාසී දෙපලක් වන අදාල ජෝඩුවේ පුරුෂ පරාණය ත්‍රීරෝද රථ රියදුරා වන අතර ස්ත්‍රී පරාණය ලාබාල දැරියකි. කෙසේ වෙතත් අදාල පුරුෂ පරාණයෙත් ස්ත්‍රී පරාණයෙත් ප්‍රේම පුරාණය අවසන් වූයේ පූජා භූමියක බුදු මැදුරක් තුල 'මධුසමය' ගත කිරීමෙනි.

ප්‍රේම කිරීම වරදක් නොවේ. ලිංගිකත්වයද වරදක් නොවේ. පවක්ද නොවේ. මා දකින ආකරයට මෙවන් ජෝඩු වාගේම ඔහුන්ට එවන් තැනකට පාර කපන සමාජයම වැරදි කරුවන්ය. මාගේ කෙටිකතාවෙ සුධාරිටත් කවීෂටත් එවන් තත්වයකට මග පෙන්නුවේද සමාජයය.

මොහොතකට සිතා බලන්න මුහුදු වෙරළක, චිත්‍රපට ශාලාවක, විනෝද උයනක, මල් වත්තක සිටින ආදරවන්තයින් දෙස 'ඉහල පරම්පරාව' දක්වන විරෝධය. අතකින් අල්ලාගෙන දෑස දෙස බලාගෙන ආදර වදනක් දෙඩීම යනු ඇතම් වැඩිහිටියන්ට නම් තුන් වන සිල් පදය ඉහලින්ම කැඩීමකි. වරදවා නොගන්න මා කතා කරන්නෙ ආදරය පසෙකට විසිකර ලිංගිකත්වය වෙනුවෙන් පමණක් එක්වී අයාලේ යන්නන් ගැන නොවේ. නමුත් අවාසනාවට අප සමාජය කරන්නේ සුධාරිලා කවීෂලා වත් මෙසේ අයාලේ යන්නන්ගේ ගොඩට දමා සැබෑ ප්‍රේමවන්තයින්වත් ලැඟුම්හල් තුලට තල්ලු කර දැමීමය.

බොහෝ විට මුලින් කී විහාරස්ථානයේ 'මධුසමය' ගතකල යුවල නම් ප්‍රේමවන්තයින් නොව ඉහත කී අයාලේ යන්නන් දෙදෙනකු පමණක් විය හැක. නමුත් මෙවන් දේ දකින බොහෝ පිරිස සියළුම ආදරවන්තයින් අයාලේ යන්නන් ලෙස පහත් කුලකයකට දමා ඔහුන්ගේ තිබෙන නිදහසත් සීමා කර දමයි. එවන් සිදුවීම් තුල නැවත නැවත සිදු වන්නේ තව තවත් සුධාරිලා කවීෂලා බිහිවීම පමණි.

ගිය ඉරුදින පුවත් පත් වාර්ථාවක දැක්වුනේ පසුගිය වසරේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පමණක් දැරියන් 497 දෙනෙකු අපයෝජනයට ලක්ව ඇති බවය ඉන් 27 දෙනෙකුම මේ වනවිටද මවුවරුය. අවාසනාවට එම 27 දෙනාම වයස 18ට අඩු තැනැත්තියකි.


ඉතින් අපි අපට හැකි පමණින් සමාජය දැනුවත් කරමුද? නැතිනම් මෙවන් කතා අප රටට නොගැලපේ. මෙවන් කතා තුලිනුත් ලිංගික නිදහස ඇහිරේ යැයි හෝ මෙවන් කතා මගින්ද ලිංගිකත්වය මැජික් එකක් බවට පත්වේ යැයි කියා මගේ කුසටම… එන්න පුතුනේ…… වැනි කතා වාරණයට ලක් කරමුද ?????

(පින්තූරයට ස්තූතිය……
http://www.rappler.com)


© ප්‍රියා.

61 comments:

  1. මම හිතං හිටියෙ ප්‍රියාගේ පහුගිය පෝස්ට් එකට කමෙන්ට් කරලය කියලයි.නෑ කියලා දන්නෙ දැනුයි කතාව නං කියෙව්වා පස්සේදී කමෙන්ට් කරන්න හිතාන හිටියට අමතක වෙන්න ඇති.ඉතිං විහාරස්‌ථානවලත් ස්ත්‍රී දූෂණ සිද්ද වෙනව නං වෙනත් තැන් ගැන කවර කතාද.යකඩ මල්ල ගුල්ලො විදලා නං හාල් මල්ල බලන්නේවත් නැතුව විසිකරපිය කිව්වලුනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලප අයියෙ. මන් මේ කතාව නොකීවෙ තාම මේ ගැන හොයන නිසා. මේ පැත්තෙ පොඩි සැකයක් තියෙනවා බුදුගේ ඇරුන විදිය ගැනත්. මොකද මේ බුදු මැදුර අවේලාවෙ ඇරලා තියෙන එකකුත් නෙමේ.

      Delete
  2. උන්ගෙනම් අහවල් ඒව කුණුවෙන්න ඕන බන් බුදුහාමුදුරුවො ඉස්සරහ ඕව කලාට...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බන්. මුන් දෙන්නා ආදරේ කරන ජෝඩුවක් නෙමේ. වල් කමේම ආව උන් ඒත් උන් නිසා පහර වදින්නෙ ඇත්තම ආදරවන්තයන්ට.

      Delete
  3. ඔයාගෙ කලින් කතාවට විවේචන එල්ල වෙන්න ඇත්තෙ ඒ කතාවෙන් රිදුන ඇත්තන්ගෙන්. අත් අරින්න එපා දිගටම ලියන්න. මොකද ගැහැණු ළමයෙක් විදියට අපි මේ වගේ කතාවක් ලිවුවොත් අහගන්න වෙන්නෙ කුණුහරප. (දැනටමත් සිදුවෙන පරිදි.) නමුත් මේ ගැන සමාජය දැනුවත් වීම අත්‍යාවශ්‍යයි.

    සුධාරිලා කවීෂලා මටත් විශ්වවිද්‍යාල දිවිය තුල අනන්තවත් මුණගැසී තියෙනවා. කැළණි පුරවරයේ මේ වගේ කතා කොතරම් ඇහෙනවද කියා මට වඩා හොඳින් ඔබ දන්නවා ඇති. අපි හිතන්නෙ සරසවි යන්නෙ සමාජයේ ඉන්න බුද්ධිමතුන් පිරිසක් කියල. අපේ සරසවි වලින් ඇහෙන කතා එක්ක බලද්දි හිතෙනවා එයින් බැහැර ලෝකයේ මෙවන් සිදුවීම් කොතෙක් වෙනවා ඇද්ද කියලා.

    …දිගටම මෙවන් ලිපි වලින් සමාජය දැනුවත් කරන්න. ඔබට ජය!


    (ඒ බයවෙන්න එපා බන් මේ ඉන්නෙ රියල් බස්සි. මම ප්‍රොෆයිල් පික් එකට බස්සෙක්ව දැම්මා.)

    ReplyDelete
    Replies
    1. හි… හි… බස්සි විහිළු කරනවා. අපි අදුරනවා මේ බස්සිව.

      ඇත්ත බස්සි ඔතන තමා අපේ මිනිස්සු වැරදි. කතා කල යුතුදේ කොල්ලක් කතා කලොත් ඌට කාඩ් එකක් වදිනවා. කෙල්ලෙක් කතා කලොත් ඒ කෙල්ලව ලෝකෙ ජරාම කෙල්ලෙක්ගෙ ගානට ඇදලා දාන්න ට්‍රයි කරනවා.

      ඒ වගේම කිවුවත් වගේ 'උපන්දා සිට කරපු පවු' හෝද ගන්න තරම් පින් බිමක දැන් වෙන දේවල් ලියන්න ගත්තොත් නවත්තන්න වෙන් නෑ.

      ස්තූතියි සුභ පැතුමට.

      Delete
  4. රටක් එකපිර වෙනස් කරන්න බෑ...ඒත් අපි පුළුවන් විදියට තනි තනිව හෝ යම් උත්සහයක් දැරැවොත් අඩුගානේ එකෙක් හරි ඒ තත්වයෙන් මිදෙයි...කියන කතා කියන කට්ටියටම තියාගන්න කියලා දිගටම ලියන්න ප්‍රීයා අයියේ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මල්ලි. අබ මල් රේණුවක තරමකවත් ධනාත්මක බලපෑමක් ගෙනෙන දේ අපි නැවතිය යුතු නෑ ස්තූතියි.

      Delete
  5. මේවට ඉතින් නීතියෙන් දැන් දඬුවම ලැබුනට ස්භාව දර්මයෙනුත් දඬුවම් හරියට ලැබේවි.. ඕක කර ගන්නම ඕනනම් සල්ලි වියදම් කරලා කාමරේකට ගියානම් හෙන ගහනවද? කාමර ඇත කියලා බෝඩ් ගහන් ඉන්නේ මේවට ඉඩ දෙන හන්දනේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිනේශ් ඔහොම උන් නිසා ඇත්ත අන්තිමට කාමරගානෙ යන්න වෙන්නෙ ඇත්ත ආදරවන්තයින්ටයි.

      Delete
  6. මේ වගේ දේවල් අද කාලේ අහන්න දකින්න ලැබෙද්දි මට දුක අනාගතේදි මේ වගේ ජෝඩු දෙනෝදාහක් ඉස්සරහ සැක්ස් කොරයිද මන්දා.........
    මේ ආකාරයෙන් සමාජය දැනුවත් කරන්න ප්‍රියා ගන්න උත්සහයට මගේ ප්‍රණාමය...

    ReplyDelete
    Replies
    1. හි හි… ඒකත් වෙන්න බැරිනෑ ශානු දැන් තත්වෙ හැටියට නම්.

      Delete
    2. මෙයත් හි හි ගානවා ,,හි හි නෙමේ ඕවා වෙයි

      Delete
    3. ඔව් ඔමා වෙලාවකට හිතෙනවා එහෙම කාලයක් වෙත්දි අපි නැති උනොත් හොදා කියලා. ඒත් අපේ දරුවො??

      Delete
    4. ලිංගිකත්වය කියන දේ සමාජයෙනාවරණය කළයුත්තේත් එය සමාජයට නිරාවරනය වියයුත්තේත් නිසි පිළිවෙලකට. ඒ පිළිවෙල තීන්දු වියයුත්තේ අපට ලිංගිකත්වය ගැන හා මනුස්සයන් ගැන තියෙන අන්‍යෝන්‍ය අවබෝධය මතත් අපේ පිළිගත් ආචාරධර්ම මතත් කියලයි මම හිතන්නේ.

      Delete
    5. @ ලිංගික නිදහස ~ ඇත්ත ඒ අචාරධර්ම මග හැර යාම යනු නැවතත් මිනිස්සු ගල් යුගයකට යාම වැනියි.

      Delete
  7. අනේ මන්ද බං ලංකාව පැත්ත පලාතෙවත් යන්න හිතක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔයාල වගේ හැදිච්ච කොල්ලෝ ලංකාවේ නැති එකේ පාඩුව තමයි මේ

      Delete
    2. @ කෙන්ජි අයියා ~

      මටත් වෙලාවට හිතෙනවා මේ ‍යන විදියට රට ගිය ගොඩක් අයආයෙ ලංකාවට නොඑයි කියලා.

      Delete
    3. @ ඉවාන් ~

      විහිළුවක් උනත් ඇත්තත් ඕකමයිනෙ. රටේ සිටිය යුතු චරිත රට හැර යාම. (කළකිරීම මත)

      Delete
  8. ඇත්ත තිත්තයි ප්‍රියා....."ඇත්ත තිත්තයි හැබැයි ගුණයි "

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත ඉවාන් ඇත්ත හරියට කරවිල වගේ බොරුව හරියට සීනී වගේ.

      Delete
  9. පන්සල් කියන්නේ කිසිසේත්ම ශුද්ද බූමී නොවේ. පන්සල ගැන දන්නෝ ඒ බව ඉතා හොඳින් දනී. පනසල් වල ඇති එකම වෙනස. කාන්තාවන් පන්සලේ ඉස්තිර පදිංචියේ නොමැති වීම පමණි. අනුරාධපුර ප්‍රදේශයේ පන්සලක් ආශ්‍රිතව පවත්නා ලමා නිවාසයක සිඳුවූ ළමා අපයෝජන වහන්න හදන්නේ ළමා රක්ෂණ අධිකාරියේ සබාපතිනියයි. ඊයේද අවුරුදු 14ක් ලදැරියක් දරුවකු ප්‍රසූති කිරිමට ගොස් මිය ඇඳුනාය. ළමා අපචාර කරණා දේශපාළකයෝ ජේශ්ඨයින් හා තම හැකියාවන් සැලබ්‍රේට් කරති. පන්සලේ හාමුදුර්වෝ, බුදු මැදුරේම දැරියොඊ දූෂණය කරති. මේ සියල්ලටම මූලික කරුණක් වන්නේද පන්සල නැමැති ආයතනය ජරාජීර්න තැනක් බවට පත්වීමය.

    රටේ දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් නැත. ගබ්සා මධ්‍යස්ථාන වැහි වැහැලාය. ඉතින් තවත් කුමන කතාද. මේ මජර ක්‍රමය තුල මේවා තවත් වැඩි වනවා මිස අඩු වන්නේ නම් නැත. මේවට ජනමාධ්‍යන්ද විශාල ලෙස වග කිව යුතුමය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මාතලන් අයියෙ. මේ ප්‍රශ්ණෙත් මම සදහන් නොකල පැත්තකුත් තියෙනවා. මම උඩ කමෙන්ට් එකකත් සදහන් කලා වගේ අවේලාවෙ බුදු මැදුර ඇරුන විදියෙ පොඩි සැකයකුත් තියෙනවා. ඒ නිසාම තමා මන් විහාරයේ නම සදහන් නොකලෙත්. කවුරුන්හෝ ඔහුන් දෙදෙනාට එය ඇර දුන්නාදැයි සැකයක් තමා තියෙන්නෙ.

      මාත් හිතන විදියට දුර්වල අධ්‍යාපන ක්‍රමයට තමා මෙහි වැඩි බරක් පැටවෙන්නෙ.

      Delete
    2. මාතලන් සහෝදරාගේ කතාවට සම්පුර්නයෙන්ම එකග වෙනවා

      මේක මිනිස්සුන්ගේ සධාචාරය පිළිබද ප්‍රශ්නයක්

      Delete
    3. ඇත්ත විකුම්, මේකෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ සධාචාරය සහා ආකල්ප පිලිබද ප්‍රශ්ණයක්

      Delete
  10. මේ ගැන ප්‍රියා මට නම් කතා කරන්න වත් ලොකු කැමැත්තක් නෑ ,ඇත්තටම මා ඔබට කලිනුත් කියලා ඇති මම මේ ඇස් දෙකටම දැකලා තියෙනවා ඔය වගේ දෙවල් නිසා දුක් වෙන පවුල් විශේෂයෙන්ම මේ කෙල්ලෝ දැන ගන්න ඕන දෙයක් තමා කොල්ලො වගේ නෙවි,තවම අපේ පවුල කියන දේ තුල කෙල්ලෙක් කියන්නෙ මුළු පවුලේම ඇහෑ වගේ කියලා ,
    ඔය දේශපාලුවන් වගේ උනුත් ඔය වගේ වැඩ වලට හපන්නු,කරන උන්ගේ උපකරණ කට්ටලය ලච්චුවට දාන්න ඕන ,නැත්නම් දෙකට පලලා ලුණු දාන්න ඕන ,
    මට අද උදෙත් ඔය වගේ දෙයක් අහන්න ලැබුණා තවම මල විදෙනවා .....මම හැමදාමත් කියනවා වගේ එක්කො අපි පවු කරලා තියෙනවා ඔය දෙවල් අහන්න .

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත සහෝ. අපිත් පවු කරලා තියෙනවා මේවා අහන්න. සමාජයේ පිරිහෙන පැත්ත තමා මෙයින් පෙනෙන්නෙ.

      Delete
  11. තුන් පිරිතෙන් අවදිවෙලා , මහ පිරිතෙන් නින්දට යන , බුදු හාමුදුරුවන්ගේ පාද ස්පර්ශයෙන් තුන් වතාවක් පුද ලබපු අපේ රටට ගිය කලක් නේද අයියේ ? කරන කලට පව් මීරීය මිසේ -විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ කියලත් කියනවනේ , එයාලා කරපු දේ එයාලම විදවයි .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රෝසි, ඒත් වක්‍රාකාරව වෙනත් පිරිසුත් පහර කෑමට ලක් වෙන එකයි දුක.

      Delete
  12. මගේ කමෙන්ටුව කෝ ??

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වලත් නෑනෙ මධූ. :-(

      Delete
  13. මිනිස්සුන්ට ඇත්ත කියනකොට ඉන්න බැහැ පොඩ්ඩක් ඇබරෙනව..ඕව ඔහොම තමයි..

    ReplyDelete
    Replies
    1. ඒක තමා බන් කරුමෙට තිත්ත ඇත්ත.

      Delete
  14. පිස්සු අප්පා... ඒ වගේ දේවල් ගැන කතා කරන එක, අවබෝධයෙන් ඉන්න එක යි වැදගත් කියල මම එතැනත් කිව්ව නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි, මාත් හිතන්නෙ මේවා සමාජෙට යායුතුමයි.

      ඔයයි දිනේශුයි කියපු නිසා තමා මන් 16+ එකත් අයින් කලේ ඒ පෝස්ට් එකෙන්.

      Delete
  15. මේවා මනඃකල්පිත කතා නෙවෙයිනෙ. පත්තරයක් කියෙව්වත්, ටී වී එකේ ප්‍රවෘත්ති බැලුවත් අහන්න දකින්න ලැබෙන දේවල්...මේවා කියවල ජීවිතයට අවබෝධයෙන් මූණ දෙන්න පුරුදු වෙන එකයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත Chams, අපේ අතින් විය යුත්තෙත් එයයි. හැකි පමණින් සමාජය දැනුවත් කිරීම.

      Delete
  16. මගේ නම් අදහස පෙම්වතුන්ට නිදහසේ ආදරේ කරන්න තැනක් වටපිටාවක් තියෙන්නම ඕන කියලා.ඇත්තටම එදා පන්සලට ආවේ ආදරේකටනම් වෙන්න බෑ......

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්‍ත මල්ලි, මෙවුන් දෙන්නා නම් ආදරේ කරන්න ආපූ උන් දෙන්නෙක් නෙමේ. ඒත් මෙවුන් හන්දා අසරණ වෙන්නෙ ඇත්තම ලවු කරන ජෝඩු.

      Delete
  17. ඔය දෙට තැනක් නොතැනක් නැ.අපෙ පැත්තෙත් මිට අවුරුදු ගනනාවකට කලින් ඔයවගෙ දෙයක් උනා.පොලිසි ගියෙ නැ.හැබැයි ඒ කෙල්ලට කියන්න ගත්ත පටාචාරට පස්සෙ ගැනියෙක්ගෙ මෙවුව එක බුදු හාමුදුරුවො දැක්කෙ බොගෙන් කියල.

    ReplyDelete
    Replies
    1. ඒක තමා දමිත් අයියෙ ප්‍රශ්ණෙ ඔතනදි උවමනාව ආවම තැනක් නොතැනක් වෙන කිසිම දෙයක් බලන්නෑ. ඊටෙ පස්සෙ වැඩේ වරද්ද ගන්නවා.

      Delete
  18. ප්‍රියා අපි ලියන දේවල් විවිධ මිනිස්සු විවිධාකාර විදියට තමයි දකින්නේ නමුත් ඔවැනි කතා මමත් අහල තියෙනවා. ප්‍රශ්නේ විය යුත්තේ මෙවැනි දේවල් සිදුවීම වැලක්වීමයි. රට හදන්න කලින් හිත් හදල ඉන්න ඕනේ මිනිස්සුන්ගේ සිත් දූෂ්‍ය වෙන තරමට රටේ සිදුවෙන අපරාධ වැඩිවෙනවා. සෑහෙන්න කණගාටුවක් දැනුනා පන්සල් පුවත කියවල. මනුස්ස ආත්මයක් ලබපු තිරිසන්නු කියලයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් කෝරලේ තිරිසන්නුත් මේ වගේ තමා. අනිවාර්‍‍යෙන් අපි රට හදන්න කලින් රටේ මිනිස්සුන්ගෙ හිත් හදන්න ඕන. ඒක තමා වැදගත්ම දේ.

      Delete
  19. අනේ අප්පේ .. අබුද්දස්ස කාලේ.. හාමුදුරුවෝ කවුරුහරිත් සම්බන්ධ ඇති කොනක මේක දාපු හැටියේ කියෙවුවට කොමෙන්ට් කරලා නැහැ නේ,,

    ReplyDelete
    Replies
    1. ඒක හරි ඔමා. බොහෝවිට හාමුදුරුනමක් හෝ ඇබිත්ත මෑන් හෝ ගෑවී ඇති බුදු මැදුර අවේලාවෙ ඇරුන එකටනම්. එහෙම සැකයක් තියෙනවා.

      Delete
  20. ලිංගික පීඩනය මුදා ගන්න තැන නොතැන නොබලන අය ඉන්නවා...ඇමරිකාවෙ ගුවන් යානයක් ගමන් ගන්නා අවස්ථාවක එහි සිටි සියලුම දෙනා ඉදිරියේ ලිංගිකව එක් වුන ජෝඩුවත් මේ වර්ගයේම තමා....අනේ කාලේ වනේ වාසේ කිව්වලු...කොසොල් රජතුමා දැකපු හීන සැට් එක සැබෑවෙන ලකුණු පෙනෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි සි‍රා අයියෙ, දැනටත් ඒ සිහින බොහොමයක් සැබෑ වෙමින් යනවනෙ.

      ඉස්සරහට කොහොමත් ඔය හැම දේම සාමාන්‍ය දෙවල් වීමටත් ඉඩ කඩ තියෙනවා.

      Delete
  21. ////කොසොල් රජතුමා දැකපු හීන සැට් එක සැබෑවෙන ලකුණු පෙනෙයි./// දැනටමත් හැබෑවෙලාද මංද සිරා කොල්ලො
    ඇයි චතුවො ඕ තරං අපාස කොලේ පව්නේ ඒ දෙන්නා ඈ.. හොටලේකට යන්න සල්ලි තිබ්බද නැද්ද කියල කව්ද දන්නෙ ඈ... මං කීන්නෙ ඕම මඩ ගාන එක හරිද හැබෑටම ඈ.. හී...

    ReplyDelete
    Replies
    1. හි… හි… ඒකත් ඇත්ත දෙන්න ආර්ථික වාසියට ඔහොම සෙට් උනාද දන්නෑ :-D

      Delete
  22. ඇත්තටම ජෝඩු ඔයවගේ තැන් වලට යන්නේ සමාජයේ වැරදි නිසාම තමයි. කොළඹ නම් මම දන්න විදියට ජෝදුවකට නිදහසේ ටිකක් හරි ඉන්න පුළුවන් විහාරමහදීවේ පාක් එකේ විතරයි.

    ReplyDelete
    Replies
    1. අන්න එතන තමා සිංහලයො ප්‍රශ්ණෙ ඇතමෙක් නිදහස සීමා කිරීමට දගලනවා. ඇතමෙක් තියෙන නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.

      Delete
  23. පන්සිල් අරගෙනමද දන්නේ නැහැ වැඩේට සෙට්වුනේ. තුන්වෙනි පදය කියන්න අමතක වෙලා කරලා පෙන්නන්න ඇති. අහෝ දුකකි.!!

    මාතලන් කියලා තියෙනවා වගේ මමත් ඕවා අහලා තියෙනවා. මීට බොහෝ කාලයකට පෙර අතට අහුවෙලාත් තියෙනවා. විශ්වාස කරන්න ඒ නම් තරුන හාමුදුරුකෙනෙක් සහ පැවිදි සිල් මෑණිකෙනෙක්. ඒක ලියන්න බැහැ. හම්බවෙච්ච දවසක කියන්නම් ඒ හාන්දුරු කියපු කතාව වැඩෙන් පස්සේ. අපි පොඩි එවුන් නිසා කුතුහලයෙන් වැඩේ බලාහිටියා හොරෙන්. විරෝධතාවයක් පාන්න හෝ මහ තැන්වලට දන්වන්න ධෛර්‍යයක් තිබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හනේ හප්පේ ඔහොමත් සීන් වෙලා තියෙනවද? දෙයියනේ.

      ශික් රැවුල බේරන් කැඳ බොන්න හදන්න නරක‍යි. එක්කො රැවුල කපලා කැඳ බොන්න ඕන. එක්කො කැඳ එක විසි කරලා රැවුල තියාගන්න ඕන.

      Delete
  24. "ආදරය" කියල සංකල්පයක් තියෙනවද අද කාලෙත් ???
    මට මතක නෑනේ.......

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා යසිත්. දැන්නම්. හි… :-D

      Delete
  25. ඕනෑම දෙයක් කරන්න සුදුසු තැන් වගේම නුසුදුසු තැනුත් තියෙනවා. ලිංගිකත්වයේ ස්වභාවය මේවට පලි නෑ. නමුත් මේ අය හැසිරිලා තියෙන විදිහ පිළිගන්න කොහෙත්ම බෑ. මේ වගේ වැඩ වලින් ස්වභාවධර්මයටත් විරුද්ධ ලිංගික සබඳතා වලටත් දැඩි කුහකත්වයකින් යුතුව පහරදෙන අයට යකා නටන්නත් ඉඩ ලැබෙනවා. ඒකයි ලොකුම ගැටලුව.

    ReplyDelete
    Replies
    1. ඔව් මෙවන් දේ අල්ලන් යකා නැටීමට බලා සිටින උන් නිසා තමා සැබෑ ගැටළුව ඇති වන්නෙ.

      ඔහුන් සැබෑ ප්‍රේමවන්තයින්වත් කොටුකර තැබීමත් ගැටළුවක්.

      Delete
  26. මේ දෙන්නා කරල තියෙන වැඩේ නම් හොඳ නැහැ. එත් කොල්ලෙකුයි කෙල්ලෙකුයි අත් අල්ලගෙන කතා කලත් මරාගෙන මැරෙන්න යන සමාජයක, නිදහස හොයාගෙන රූම් එහෙකට යන පිරිස ගැන නම් මගේ හිතේ කහටක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බඩී, ඒක තමා මාත් කියන්න උත්සහ කලේ. දැන් මේ ජෝඩුව ගැන දැන ගන්න අය කරන්නෙ ඇත්තටම ලවු කරන ජෝඩුත් කාමර වලට තල්ලු කරන එකයි.

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................