12 January, 2014

පොලෝසිය හොරු සමග හෙළුවෙන් ………


නව වසර උදාවත් සමග බොහෝ දෙනාගෙ මුවග රැදුන වැකිය වූයේ "සුභ නව වසරක් වේවා" යන්නයි. එසේ වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම ලැබුවා වූ නව වසර සුභ වූවන් මෙන්ම නව වසර ලබත්දීම විවිධ අකරතැබ්බයන්ට මුහුණ පෑවන්ද නැතුවා නොවේ. අද සිතුවිල්ල දිග හැරෙන්නෙ වසරක් ගෙවී නව වසරක් උදා වන මොහොතේ එවන් නපුරු අත්දැකීමකට මුහුණ දුන් පවුලක් පිලිබදවය.

ඒ නිවැසියන්ට මාගේ ඇති ඉතා කිට්ටු ඥාතීත්වය නිසාම ඔහුන්ගෙ අනන්‍යතාවය සගවා කතාව ඉදි‍රියට ගෙන යන්නම් අප නිවසට නුදුරෙන් කොළඹ නුවර මාර්ගයට (A-01) මීටර 50ක් පමණ ඉතා ආසන්නව පිහිටි අදාල නිවසේ දිවි ගෙවන්නෙ මැදි විය ගෙවා දමමින් සිටින මාපිය යුවලක් හා ඒ දෙපලගේ තරුණු එයේ පුත්‍රයාය.

දිනය හරියටම පසුගිය දෙසැම්බර් මස 30 දින මැදියම් රැය ගෙවී 31 එනම් වර්ශයේ අවසන් දිනයේ අළුයමය. එදින නිවසේ පුත්‍රයා රැකියාමය කටයුත්තකට නිවසෙන් පිට රාත්‍රිය ගත කොට ඇත. දෛනික පුරුදට පාන්දර 5.00ට පමණ අවදි වන මවට දැක ගන්නට ලැබෙන්නෙ පිටුපස දොර අඟුලු පන්නා හැර දමා ඇති ආකරයය. එතනින් එහාට සැමියාද සමග නිවස පරික්ෂා කර බලන අතර ඒ වන විටත් විය යුතු දේ වී අවසානය.

එම නිවසේ අල්මාරි දෙකම තබා ඇත්තේ ලොකු කාමරය එනම් පුතුගේ කාමරයේය. වාසනාවට එම මව රන් බඩු කිසිවක්ම අල්මාරියෙ නොතබා වෙනත් ස්ථාන වල සගවන නිසාවෙන් අල්මාරි දෙකම ඇද දමා සොයාගත හැකි වී ඇත්තෙ මුදල් කුඩා ප්‍රමාණයක් පමණි. ඊට අමතරව පියාගෙ ජංගම දුරකතනයද සොරාගෙන ඇත.

එපමණක් නොව නව වසරක උදාවට මිලදී ගත් තිදෙනාගේම අලුත් ඇදුම් සියල්ල පමණක් නොව ඇද ඇති ඇදුම් කිහිපයක්ද ගෙන ගොස් ඇත. එපමණක් නොව සොරාගත් ජංගම දුරකතනයේ කාන්තා නම් වලින් තිබූ බොහෝ අංක වලට පාන්දරම අමතා පණඇති මනුස්සයෙකුට අසා සිටිය නොහැකි තරම් ශුද්ධ සිංහලෙන් කතා කොට ඇත.


දැන් මේ ලයිස්තුව කියවපු හැටියෙ ඔබට සිතිය හැක "මූට පිස්සුද? මේවා බොලොග් වල ලියන්න. මේවට වඩා කෝටි ගනන් නැතිවෙන් නැත්ද?" කියලා. නමුත් මේ සො‍රකම තුල සැගවුන සමාජ ව්‍යසනයක් ඇත.

එනම් ඔහු සොරාගෙන ඇත්තේ එපමණක් නොව. අදාල නිවසේ මවගේ එනම් මැදිවිය ගෙවා දමමින් සිටින නිවැසි කාන්තාවගේ අදින ලද යට ඇදුම්ද ඔහු සොරාගෙන ඇත. එපමණක්ද නොව ඔහු ගෙයි සාලයේ සැටියකට බරවී එම යට ඇදුම් කිහිපයක් සමගින් 'ස්වයං වින්දනයේ' යෙදී ඇත (දැන් අහන්න එපා මම බලන් හිටියද කියලා හි … හි…). ඔහුගේ ඇංජිම ක්‍රියාත්මක වූ බවට සාක්ෂි ලෙස එම යට ඇදුමක් සමග ඔහුගේ ඇංජිමෙන් පිටවූ 'කළුතෙල්' සාලයේම හලා ගොස් ඇත.

අප විවෘතව කතා ක‍රමු, මා නම් 'ස්වයං වින්දනය' හෙලා දකින්නෙක් නොවෙමි. කිමද එය මිනිසාගෙ ඉතා අහිංසක ක්‍රියාවක් වන්නේ නම් පමණි. අවිවාහකයෙක් හෝ බිරිඳ ගෙන් වෙන් වූ අයෙකු තම සිත තුල ලිංගික ආශාවන් සිර කොට තබාගෙන අවසානයේ ස්ත්‍රී දූෂකයන් ළමා අපචාර කරුවන් වනවට වඩා තමාගෙ ආශාව තමාම සංසිදුවා ගැනීම මා දකින ආකාරයට යහපත්ය. (ඔබේ මතය මෙයට විරුද්ධ විය හැක.)

නමුත් ගැටළුව ඉහත කී හොරා එවන් අහිංසකයෙක් නොවේ. සමාන්‍ය ගමෙ ගොඩේ සැරි සරන ජ** හොරෙකි. අදාල පුද්ගලයා බොහෝවිට කුඩ්ඩෙකු වීමට ඉඩ ඇත. කිමද කුඩ්ඩෙකු මිස අන් සොරෙකු ඇදි ඇදුම් සොරකම් කිරීමට ඇති ඉඩ කඩ අවම බැවිනි.

මේ අශික්ඛිතයා තම මුදල් අවශ්‍යතාවය පිරිමහා ගන්න ගමන්ම තම අසහනකාරී ලිංගික අවශ්‍යතාවයද පිරිමසාගෙන ඇත. අනෙක් අතට මොහු අහිංසකයෙකු නොවන්නේ, කාන්තා යට ඇදුම් සොරකම් කර ඒවාත් සමග සතුටු වී තම ආශාව සංතර්පණය කර ගැනීමට තරම් ලිංගික අසහනයකින් මානසික ආබාධයකින් පෙලෙන තැනැත්තා තමාට ගොදුරු කර ගත හැකි නම් තමා අවට සිටින තරුණ කතුන් කුඩා දරුවන් පමණක් නොව මහළු කාන්තාවන් පවා බිලි ගැනීමට දෙවරක් සිතන්නේ නැත. කිමද අප දැන් ජීවත් වන්නේ වයස අවුරුදු අනූවේ තරුණ කතුන් පවා ඇස් පියාගෙන දූෂණය කල තිරිසනුන් සිටින 'අ'මුතු ඇටයක් තුලය. (ඇතම් විට 'චොගම්' එකට රැජිණ නාවේද ආරක්ශාව ගැන සලකා විය හැක. හි… හි……)


කෙල්ලක් කොටට ඇදන් යනවා දුටු ගමන් සායට අස්සෙන් අත දමා ෆොටෝ ගැනීමට සිත් පහල වන්නෙද මෙවන් අවජාතකයන්ටමය.

ඔය සියල්ලම පසෙකට දමා මා සිතුවිල්ලේ උච්චතම අවස්ථාවට එන්නම්. 'පොලෝසිය' හ්ම්ම්ම්… පෑලියගොඩ පොලිසිය. ඉස්සර නම් මා හට පොලිසිය පිලිබදව විශේෂයෙන්ම පෑලියගොඩ පොලීසිය පිලිබදව තිබුනේ යහපත් ආකල්පයකි. කිමද මා පාසල් වියේ සිටම කිහිප වරක්ම පෑලියගොඩ පොලිසියට පය ගසා ඇත. (නෑ…නෑ… රිමාන්ඩ් එකේ හිටියෙ නෑ බොලවු.) මුලින්ම උසස් පෙළ සමයේ කේවල ව්‍යාපෘතිය සදහා තොරතුරු ගැනීමටත් තව වරෙක රැකියාවට යාමට පොලිස් සහතිකය ගැනීමටත් තවත් වරෙක 'ජාතික හැදුනුම්පත' නැතිවූ බවට පැමිණිල්ලක් කි‍රීමටත් ලෙසය. එම අවස්ථාවන් වල ඉතා ප්‍රශස්ත මට්ටමෙන් නැතත් සතුටු දායක සේවාවක් මාහට ඒ පොලිසියෙන් ලැබිනි. ඒ තාප්ප ගසා පොලිසියට වටකොට තැබූ යුගයය. නමුත් මේ ගෙවෙන්නෙ පොලිසිය හා මහජනතාව සමීප කරවීම උදෙසා තාප්ප කඩා දමා මල් පාත්ති වවන යුගයය. අවාසනාවට එදාට වඩා අද පොලීසිය අපට එනම් මහජනයාට දුරස්ය. එයට හොදම නිදර්ශකය මා සතුව ඇත.

ඉහත කී වනචාරියාගේ ආගමනයෙන් පසු අදාල නිවසේ පියා 31 උදෑසනම පැමිණිල්ලක් කිරීම සදහා පෑලියගොඩ පොලීසියට ‍යන අතර එහිදී පැමිණිල්ල ලියා ගැනීමට අයෙකු නැතයි කියා ඔහුව හරවා යැවිනි. තාක්ෂණය මෙතරම් දියුණු යුගයේ සොරාගත් ජංගම දුරකතනයෙ අංකය නිසාම සොරා සොයා ගැනීමට තිබූ අවස්ථාව මග හැරී යන්නේ පොලිසියේ දුර්වල කම නිසාය. එම පියා එදින දහවලෙ එම අංකය විසන්ධි කර දැමීය. එම පැමිණිල්ල දැමීම සදහා නැවත සවසද ඔහු පොලිසියට ගොඩ වැදුන නමුත් ප්‍රථිපලය විශ්වාස කල හැකිද? 'බස්නාහිර (උතුරු) දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලය' , 'පොලිස් අධිකාරි කාර්‍යාලයක්' යන විශේෂිත කාර්‍යාලය දෙකක් පිහිටා ඇති අවටට ඇති විශාලම පොලිසිය තුල පැමිණිල්ල ලියන්නට අයෙකු නැති කමින් පැමිණිල්ල බාර ගැනෙන්නෙ නැත. (ඇතම් විට ඔහුන් අවුරුද්දට ලක ලෑස්ති වූවා විය හැක - රාජකාරිය අමතක කර දමා.)


පොලෝසිය නියමාකාරව තම රාජකාරිය ඉටු කලේ නම් සොරා අල්ලා ගැනීමට දිනක් හෝ දෙදිනක් වැය විය හැකිව තිබුනි. නමුත් අපෙ රටේත් අපගේත් අවාසනාවට පැමිණිල්ල ලියවෙන්නේම සොරකමින් තුන් වන දිනදීය. එනම් පසුගිය දෙවෙනි දිනදීය. තාප්පය කඩා දැමූ පසු පොලිසිය එතරම මානුශීයව, බුද්ධිමත්ව, කාර්‍යශූරව අප හට ලංවී ඇත. එම කාර්‍යශූර බුද්ධිමත් කළගෙඩි වැනි ඔළු තුල අබ ඇට වැනි මොලයේ තරම තරම පෙනෙන්නෙ පැමිණිල්ල ලියා ගත් පසු පොලිසියෙ අංකය ලබාදී "සොරා ගැන තොරතුරක් ඇතොත් අපට දැනුම් දෙන්න" යැයි කී පසුය.

(පින්තූරය ගූගල් දෙවියාගෙනි.)

ප. ලි. ~ ~
ලියන්නට අද්භූත කතා කිහිපයක්ම ඇතිමුත් මා දෙවියන් සහ හොල්මන් ඈදා සිතුවිලි ලිවීම ටික දිනකට නවතා දමමි. කිමද අහෝ දෙවියනේ ලියූ පසු මාහට උණ සෑදී දින තුනක් ඇදටම වී සිටීමට සිදුවූ අතර පසුගිය සතියේ ලියූ හොල්මන් බිල්ල ගැන ලියා පසු දිනම මා හට රෝහල් ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවිය.
නොපෙනෙන බලවේග…… නොපෙනෙන බලවේග…… හිකස්. :-D


© ප්‍රියා.

54 comments:

  1. //බස්නාහිර (උතුරු) දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලය' , 'පොලිස් අධිකාරි කාර්‍යාලයක්' යන විශේෂිත කාර්‍යාලය දෙකක් පිහිටා ඇති අවටට ඇති විශාලම පොලිසිය තුල පැමිණිල්ල ලියන්නට අයෙකු නැති කමින් පැමිණිල්ල බාර ගැනෙන්නෙ නැත. ////
    මේ ඇත්තද අයියේ ,, හරි පුදුමයි ..


    ///පැමිණිල්ල ලියා ගත් පසු පොලිසියෙ අංකය ලබාදී "සොරා ගැන තොරතුරක් ඇතොත් අපට දැනුම් දෙන්න" යැයි කී පසුය.// මෙහෙම කියන එක මටත් ප්‍රශ්නයක් වෙලා තිබ්බා . සමහර විට අපේ පහසුවට වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගා. පැමිණිල්ල විමර්ශණයට මිනිස්සු කොහෙන් හොයන්නද? පැමිණිල්ල ලියා ගන්නම කෙනෙක් නැති කොට.

      අර නම්බරේ දෙන්නෙ අපේම හොදට තමා. අපිම ටිකක් මහන්සි වෙලා හොරා අල්ලලා පොලිසියට දුන්නම අපෙ මේ වැඩට හොර වෙලා තියෙන ඇගේ පතේ හිරි ටික හරි ඇර ගන්න බැරියෑ හොරාට නෙලලා. හි…… :-D

      Delete
    2. ඈ මුන් දෙන්න තාමත් නංගි මල්ලි අයිය අක්ක පටලන් :D

      Delete
    3. @ සසිඳු, ඔමා -- ඕවා මොනවද අපි අපිනෙ.

      (මටත් මරණීය තර්ජන එල්ල විය හැකි නිසා ඉහත් කොමෙන්ටුව මකා දමමි. :-D :-D )

      Delete
  2. කකුල සනීපද?
    ලංකාවේ පොලිසිය ගැන නම් කතා කරල වැඩක් නෑ..........අපේ පැත්තේ තියනවා මහා පරිමාණයේ අරක්කු තිත් පොලක් අවුරුද්දට එක පාරක් අරක්කු කාරයගේ දිරිච්ච,කැඩිච්ච බැරල් ටික විසික් කරා ගන්න බැරිව අපේ පැත්තට අදාල පොලිසිය වැටලුවා කියල බැරල් ටික පොලිසිය පිරෙන්න ගෙනත් ගොඩ ගහ ගන්නවා...........හිතා ගන්න පුළුවන්නේ මොකද උනේ කියලා......
    මගේ ලයිසන් එක නැති වෙලා ඇන්ට්‍රිය්ක් දාන්න ගියාම ඇන්ට්‍රි කොපිය දෙන්න දවස් තුන හතරක් යනවා කිව්වා....1000ක් දුන්නොත් වැඩේ කරලා දෙන් නම් කිව්වා....ඇන්ට්‍රිය දැම්ම දවසේ ඉදන් දවස් දෙකකින් මන් මෙහෙට එන්න හිටියි....පහු වෙනිදා වෙහෙරහැර යන්න ඕනා ලයිසන් එක ගන්න පස්සේ 1000 දිලා අපේ මාමා කෙනෙක් ඇන්ට්‍රි කොපිය අරන් දුන්න .........මිනිස්සුන් ගේ අසරණකම උපයෝගි කරගෙන පගා ගහන්නම උපන් පොලිස් ඈයොත් ඉන්නවා.....

    ReplyDelete
    Replies
    1. දැන්නම් හොදයි ශානු. ඉදිමුම ටිකයි තියෙන්නෙ දැන්. ස්තූති‍යි.

      අපෝ මිනිස්සු අසරණ උන වෙලාවට පළ ප්‍රයෝජන ගන්න නම් ඇතම් පොලිස් උදවිය හොදට දන්නවා. කතා කරලා වැඩක් නෑ ශානු ගොඩක් පොලිස් උදවිය ජීවත් වෙන්නෙ වැටුපට වඩා අහිංසක‍යන්ගෙ බෙල්ල මිරිකලයි.

      Delete
    2. //අවුරුද්දට එක පාරක් අරක්කු කාරයගේ දිරිච්ච,කැඩිච්ච බැරල් ටික විසික් කරා ගන්න බැරිව අපේ පැත්තට අදාල පොලිසිය වැටලුවා කියල බැරල් ටික පොලිසිය පිරෙන්න ගෙනත් ගොඩ ගහ ගන්නවා........//

      ඇසින් දුටු සාක්කි කරුව්ක්මි. ඒ කාලෙට පොලෝසිය පේන් නෑ බැරල් ගොඩක් ඉතරයි පේන්නෙ.

      Delete
    3. හි… හි… :-D

      ඇත්තට බස්සි සමහර විට ඔය පොලෝසි වල තාප්ප අයින් කලේ මහජන මුදල් අපතෙ යයි කියලා වෙන්න ඇති. ඇයි හත් දෙයියනේ ඔය බැරල් ටිකම මදෑ පොලිසියෙ ආරක්ශාවට.

      Delete
  3. ඔව්වා ඔහොම තමයි, මොනවා කරන්නද, ඕක ලංකාවනේ මල්ලි

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමා ඩොක් අයියෙ. මොනවා කරන්නද? යන විදියට අපිටත් හැඩ ගැහෙන්න වෙයි මෙහෙම ගියොත්.

      Delete
  4. අනේ මන්ද මේ ජංගි හොරුනම්, මුන් උන්ගෙ අම්මලගෙ එව්වත් ගන්නව ඇති මේ කරන දේවල්වල හැටියට...පුඩුම මානසික අසහනයක් තමා :D

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද පොලිසියනම් දැන් හොදටම පිරිහිල තියෙන්නෙ, ඒ ගැන කතා කරල වැඩක් නෑ, ඒකෙන් සේවයක් උනොත් වෙන්නෙ උන්ගෙ හිතවතුන්ට තමා...පහුගිය දවස් ටිකේ පුද්ගලික තරහවල් පිරිමහගන්න නොකරපු වැරදි වලට අහින්සක මිනිස්සු කීදෙනෙක්ට වද දුන්නද, මිනිහට වද දුන්න මදිවට ගෑනි මිනිහ බලන්න පොලිසි ගියාම ගෑනිටත් පෝලිම් දානව...හැබැයි ඉතින් ඔහොම කාලකන්නි පොලිස් කාරයො අතරෙ නීතිය අකුරටම ඉෂ්ඨ කරන පොලිස් උත්තමයොත් ඉන්නවා..

      Delete
    2. ඇත්තටම සසිඳු, මටත් තියෙන ප්‍රශ්ණෙ ඔය වගේ අසහන කාරයන්ගෙන් උන්ගෙ අම්මලා සහෝදරියො බේරෙන එකයි.

      පොලිසි‍ය ගැන නම් කතා කරලා වැඩක් නෑ. "පහත් තැනින් යයි ගලා ජලේ." හැබැයි ඔය අතරේ ඔයා කිවුවා වගේ ගරු කලයුතු නිලධාරීන්ද නැතුවා නොවේ. එවන් එක් අයෙක්ට හෝ මේ සටහන අපහාසයක් නම් නොවේවා.!

      Delete
  5. පුද්ගලිකව මම අපේ රටේ පොලිසියට අකමැතියි.අකමැතියි ලියන්නේ මට පිළිකුල්.වෙන කියන්න වචනයක් නැහැ.කරන තරමක් පහර වැඩ කරන්නෙ ඕකුන්.ලස්සන කෙල්ලෙක් ගියානම් ඔය පැමිණිල්ල කරන්න එකට දහයක් ඉන්නව ඕක පොතේ ලියාගන්න.බහුතරයම ජරාව කනව.අන්තිමට ඕකුන්ට යන්න තැනක් නැහැ.කකුල් කුණුවෙලා තමයි වැඩි හරියක් චුත වෙන්නෙ.බොරුනම් හොයල බලන්න.අරක්කු බාගෙටටයි රුපියල් සීයටයි මුන් මොනාද නොකරන්නෙ.ඕකුන්ගේ අම්මල තාත්තලටවත් ඕකුන්ව විස්වාස නැහැ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත උමේෂ්, ලස්සන කෙල්ලෙක් ඕන් නෑ බන් නිකම්ම චීත්ත කෑල්ලක දැක්කත් යුනිෆෝම් එක විකාගෙන වැඩ පෙන්නනවා ගොඩක් උන්.

      අනික මතකනෙ උඹටත් උන සීන් එක. එදා ඕකුන් කොහොමද වැඩ කලේ.

      Delete
  6. මල් වැනි අහිංසක පොලොස් නිළධාරීන්ට ඔබ ගරහන්නෙහිද දරුව....?? ඔන්න හෙට අනිද්දා දිහාට ගෙවල් පැත්තෙ පොලිස් ජිප් එක හරි සුදු වෑන් එකක් හරි කැරකෙන්න පුලුවන්.පොලීසිය ගැන මටත් කතාවක් දාන්න තියනවා.ලගදිම දාන්න ඕන.මූ පුදුම ලැජ්ජ නැති ප@#$නේ.යකෝ හොරකං කරානම් ගත්තු ඒවත් අරන් පලකො,තෙල් හලන්නෙ නැතිව.ශුවර් එකටම කුඩ්ඩෙක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මල් වගේ කියපු එකනම් හරි. ඕකුන් මල් තරම්ම සුමටයි. ඒ තරමටම පවර් (අනුග්‍රහය- තණමල්විල).

      අර යකා මාත් හිතන්නෙ කුඩ්ඩෙක්. නැත්නම් මානසික රෝගියෙක්.

      Delete
  7. පොලෝසිය ගැන කතා කරනවට වඩා හොඳයි කතා නොකර ඉන්න එක. කුලියට මිනී මරණ ලොක්කෝ ඉන්න තැනක කොහෙද ජනතාවට සාධාරණයක්..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත මාතලන් අයියෙ. එක අතකට මේවා කතා කරන එකත් බොරු වැඩක්.
      DIG හිටන් කරපු එක SP ඇවිද ඇවිද කරනවා කොස්තාපල්ලා දුව දුව කරනවා.

      Delete
  8. ජංගී හොරු ගැනනම් කියන්නේ තියෙන්නේ උන් මානසික අසහනකාරයෝ.. ඒ ගැන කියන්න යන එක තේරුමක් නෑ..

    ලංකාවේ පොලිසියනම් ඉතින් කවදත් වැඩ කරන්නේ ඔහොමමනේ.. ඒක ඉතින් වෙනස් වෙන දවසක් කවදාවත් එන එකක් නම් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනෙශ් ඕවා වෙනස් කරන්න නම් මුළු දෙපාර්තමේන්තුවම මකවලා හදවන්න වෙයි. අලුතෙන්ම ඉපදිච්ච උන් ටිකක් දාලා.

      Delete
  9. ප්‍රියා .....බොරු ලියන්න එපා අපේ පොලිස් දෙපාර්තමේන්තුව ගැන. මම උඹව පොලිස් මාමා කෙනෙක්ට අල්ලලා දෙනවා තුත්තිරි ගලවන්න දාන්න.

    ReplyDelete
    Replies
    1. ගානක් නෑ අරූ අයියෙ රු.200ක් විතර දීලා ශේප් උනෑකි මන් හිතන්නෙ. දැන් නම්. හි… හි…

      ඔයාගෙ පෝස්ට් එකේ තුත්තිරි කතාව මතක් උනා.

      Delete
  10. ලංකාවෙ පොලෝසිය ගැන මොන කතාද මල්ලි නිතිය බල්ලට ගිය රටක.

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජි අයියෙ. ලොක්කන්ගෙ ඉදන්ම වැනසුන රටක ආයෙ මොන නීතියක්ද??

      Delete
  11. ඒම තමා ඉතිං ලියන එකාට කියලත් ගෙදර වැඩ නැද්ද මෙයා.. ඌත් මිනිහෙක් නෙව

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නෙ ශුවර් එකට ගෙදර වැඩක් තමා.
      රාජකාරි වාහනේ ත්‍රිප් යන ‍රටක රාජකාරි වෙලාවෙ තමන්ගෙ වැඩක් බලා ගත්තම හෙන ගහනවැයි. හි…… :-D

      Delete
  12. මේක ඉතිං ලංකාවනේ.
    මෙහෙම නොවුනොත් තමා පුදුමේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මධූ මේ යන විදියට මෙහෙම දෙයක් ඉද හිට වත් නොවුනොත් අපි ඉන්නෙ තාම ලංකාවෙ කියලත් අපට අමතක වෙයි වගේ.

      Delete
  13. ඔහුගේ ඇංජිම ක්‍රියාත්මක වූ බවට සාක්ෂි ලෙස එම යට ඇදුමක් සමග ඔහුගේ ඇංජිමෙන් පිටවූ 'කළුතෙල්' සාලයේම හලා ගොස් ඇත./////හිනා වෙලා බඩත් රිදෙනව ....සමහර වෙලාවට ඇදුම් වල කොලිටිය පරික්ෂා කරා ද වෙන්න බෑ ,ඔය කතාව පොලිසියට කිව්වොත් ඔය ටික තමා ..

    මට මගේ ජිවිතයේ පොලිසිය ඉතා උසස් අන්දමින් සලකා ඇත ...හැක් හැක් ..
    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව ..ඔය කතාව තමා මට කියන්න තියෙන්නේ..
    ප්‍රියා මෙවා

    ReplyDelete
    Replies
    1. අපේ ආරක්ශාවට ඉන්න පොලිසියෙන අපට ආරක්ශා වෙලා ඉන්නයි දැන් වෙලා තියෙන්නෙ සහෝ.

      මූ සමහරවිට කොලිටිය චෙක් කරලම හොරකම් කරන එකෙක් වෙන්න ඇති.

      Delete
  14. අද සමාජය වේගයෙන් පිරිහීගෙන යනවා කියලයි මට හිතෙන්නේ..

    පොලීසිය ගැන නම් කතා කරලා වැඩක් නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තුශානි අපේ සමාජෙ පිරිහෙන එක තමා මේ හැම දෙයින්ම වෙන්නෙ.

      පොලෝසිය ගැන හුගක් අය කතා කරන්න වත් කැමති නෑනෙ. හයියූ

      Delete
  15. හොරාව අල්ල ගත්තනම් තමා හොද. දෙයියනේ ඔහොම මනුස්සයෙක් නිදහසේ ඉන්නවා කියන්නේ සමාජෙට සැහෙන්න අවුලක් නේ. හ්ම්ම්...
    මං කොහොමත් කියන්නේ මිනිස්සුන්ට පොඩි කාලේ ඉඳන් හරි ලිංගික අධ්‍යපනයක් නොදිමේ අවුල තමා තියෙන්නේ. (හැබැයි ඉතින් එහෙම තිබුනත් මෙහෙම අසහනකාරයින් ඉන්න බැරිකමක් නැ ) 

    ReplyDelete
    Replies
    1. ඔව් මදාරා මාත් හිතන්නෑ අධ්‍යාපනය දුන් පමණින් මේ සියල්ල එක වර විසදේවි කියලා. ඒකටඇති කල යුත්‍තෙ ආකල්පමය වෙනසක්. ඒත් අධ්‍යාපනයක් විධිමත්ව ලබා දීම මගින් යම් ප්‍රගතියක් අත කර ගත හැකි වේවී.

      ඒත් එහෙම ඒවා අපේ ‍රටේ වෙයිද???

      Delete
  16. පොලිසිය ගැන නම් මගෙත් යහපත් ආකල්පයක් නෑ...නීතිය තියෙන්නෙ පොඩි උන්ට...ලොකු උන්ට නෑ...

    මිනිහෙක් මරලා ගියත් ඔච්චරනේ ඉතිං...පැමිණිල්ල ලියාගන්න විදියක් නෑ කියයි...අනේ මංදා.ලේ කෝප වෙනවා...

    අර මානසික අසහනකාරයින්ගෙන් ඒ පැත්තේ ගෑණු දැරිවියො ටික බේරගන්ට වෙයි..අහෝ දුකකි... :(

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රෙහානි ගොඩක් වෙලාවට පොලිසිය කියන නම ඇහුනත් ඇඟේ ලේ කෝප වෙන්නෙ මේ දේවල් නිසා තමා.

      ගෑණු දැරිවියො ගැන නම් ලොකු අවධානයක් යොමු ක‍රන්න වෙනවා තමා මේ යන විදියට.

      Delete
  17. බ්ලොග් ලොව ඉගිලෙනා දහසක් කුරුළු, කිරිලියන් අතර…… මාද කුරුළු පැටවෙකි……… ඉගිලීමට වෙර දරණ………………" (ප්‍රියා) eka lassanai priyo.. eth me darana kiyana kota enne me "na"yanna newei. simple eka. meka enne naya darana gahana kota.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සප්‍‍රි, මම ඒක ඉක්මනටම හදලා දාන්නම්. ඔය වගේ දෙයක් දැක්කොත් ඉක්මනට පෙන්නන එක මටත් ලොකු හයියක්.

      Delete
  18. අනේ මන්දා බං. අපරාධ වලට අනුබල දීමක්නේ සිද්දවෙන්නේ ඕකෙන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ් අයියෙ. පොලිසියම වැරදි කරන කොට. වැරදි කාරයන්ට වැරදි ආදර්ශ දෙනකොට තවත් කවර කතාද??

      Delete
  19. ඔය හොරා බේරුනොත් පස්සේ ළමා හෝ කාන්තා අපචාරයක් වුනත් කරන්න පුළුවන්. පොලීසියට අහු වුනත් හිරේ ගිහින් එනවා මිසක මිනිහා හැදෙන්නේ නැහැ නේ බොහෝවිට. අපේ ගෙදර් ළඟ ගෙදරකට හොරු පැනලා ඇදුම් සහ භාගයක් ඉවර් වුන සන්ලයිට් පැකට් එක අරගෙන තිබුනා.

    පින්තූරය ගූගල් දෙවියාගෙනි. කියලා දන්න එපා ගූගල් එකෙන් සොයා ගත්තට එම පින්තුරය වෙන සයිට් එකක එකක් නේ ඒක නිසා එම සයිට් එකේ නම පින්තුරයට අදාළ ලින්ක් එක දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් කළු, අපේ රටේ බොහෝ දුරට තියෙන්නෙ වරද කරුවව නිවැරදි කරුවන් කරලා සමාජ ගත කරන ක්‍රමයක් නෙමේනේ තවත් වැරදි වලට පුරුදු කරලා එලියට දාන ක්‍රමයක්නෙ.

      ගොඩක් ස්තූතියි අර පෙන්වා දීමටත්. එවන් දෙයක් දැක්කොත් නැවත පෙන්වා දෙන්න එය මට හයියක්.

      Delete
  20. පොලොසිය කියන්නෙත් තවත් ආයතනයක් විතරයි.ඕකේ හරියට වැඩක් කරන්න කෙනෙක් හිටියොත් එක ලොකු ප්‍රස්නයක් අනිත් අයට.

    ආරක්ෂාව කියන එක නම් බලපොරෝතු වෙන්න අමාරුයි ලංකාවේ සමාජයේ මිනිස්සු අතින්.එකට අපිටම තමා පරිස්සම් වෙන්න වෙන්නේ.කුඩු කාරයෝ දැන් අපේ ගමෙත් ඉන්නවා කියල කියන්නේ කොච්චර දුරට ඕක ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත මඟියො අන්න එතනයි ප්‍රශ්ණෙ. නිවැරදිව රාජකාරිය කරන එකාව බහුතර වැරදිකාර‍යන්ට හිසරදයක් උනාම අර හොද එකාවත් කපලා දානවා.

      මත්කුඩු වසංගතේ නම් ඇත්තෙන්ම හිසරදයක්.

      Delete
  21. ලිංගික අසහනය ඉහ වහා ගිය හොරෙක්....ඇත්තටම මෙතැන ඒකාට හොරකම් කරන්න අවශ්‍ය වෙන්න ඇත්තෙ මුදල් හෝ වටිනා කියන දෙයක් නෙවෙයි....අර යට ඇදුම් කීපය....මෙහෙම උන් අහුවුනාම ගහලා වැඩකුත් නෑ...අංගොඩ මානසික සෞඛ්‍ය ආයතනයට යවනවා මිසක.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිරො ඔහොම උන්ව හිරේ දාලා දඩුවම් දෙනවටත් වඩා වටින්නෙ හැකිනම් ඒ වගේ තැනකට දාලා සමාජයට සුදුසු පුද්ගලයින් කරන එකයි.

      Delete
  22. මම මේ දිනේෂ්ගේ පොස්ට් එක කියවලා ඉවර වුණා විතරයි. වැඩේ තියෙන්නේ පොලීසිය ජරාව ගත්තත් අපි බනිනවා. ගොඩින් බේරා ගන්න පුලුවන් වෙලාවක දඩ කොලයක් ලිව්වත් අපි බනිනවා. දඩ කොළ ලියන වෙලාවට ෂේප් කර ගන්න යන්නේ නැතිව ඉන්නවා නම් තමයි හොඳ. කෝ කවුද ඉතිං එහෙම කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදීක අයියෙ. එහෙත් එහෙම නීතිය හරියටම ක්‍රියාත්මක කරන නිලධාරින් අඩු එක තමයි ප්‍රශ්ණෙ.

      Delete
  23. වැටත් නියරත් ගොයම් කා නම් කිව්වලු

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දමිත් අයියෙ. එතනින් එහාට කවර කතාද??

      Delete
  24. හොරු සැමදා පොලීසිය සමඟ හෙළුවෙනි.
    පොලීසිය සැමදා හොරු සමඟද හෙළුවෙනි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නි‍ර්මලා, දෙගොලන්ගෙන්ම හෙළුව බල බල අපි බැට කනවා.

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................