03 November, 2013

රැක ගත යුත්තේ දියණිය පමණද?.

අතීතයේ ශ්‍රි ලංකාව තුල මැණිකක් අතින් ගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වුව තනිවම ගමන් කල හැකි බවට කථාවක් සමාන්‍ය සමාජයේ මුල් බැසගෙන ඇත.

මෙය කොතෙක් දුරට සත්‍යක් දැයි මා නොදනිමි. නමුත් 'මෙය 100%ක් සත්‍යක් නම්' එකල සිට ඇත්තේ නියම මහත්මා ගුණයන්ගෙන් හෙබි සාර්ථකව හැගීම් පාලනය කර ගත හැකි නියම පි‍රිමින් කොටසක් හෙවත් 'රියල් පොරවල්' ටිකකි.

නමුත් වර්ථමානයේ නම් ස්ත්‍රී රත්නයකට එහාකොණ මෙහාකොණ තබා නිවසේ සිට කඩයකට වත් යාමට නොහැකි බවනම් පිලිගත යුතුමය. දිනෙන් දින වාර්ථා වන්නෙ විවිධාකාරයේ දූෂණයන්ය. මාස ගණනක දරුවන්ගේ සිට අවුරුදු 90 ගනනේ වයසක කාන්තාවන් දක්වා විවිධ වයස් පරාසයන්ගේ කාන්තාවන් දූෂණයට ලක් වීම දිනෙන් දිනම ඉහල යයි.

මේ සඛ්‍යා ලේඛන අනුව දූෂණයට ලක්වන්නේ කාන්තාවන් පමණද යන්න ගැටලුවක් මතුවේ. සමජයේ කථා බහට ලක් නොවූවාට පිරිමි දරුවන් අතවරයට ලක්වීම් නැතුවා නොවේ. වාර්තාවන බරපතල ලිංගික අපයෝජන වලින් 75% කම අපයෝජනයට ලක්ව ඇත්තේ පිරිමි දරුවන්ය. නමුත් අප සමාජය වැඩි අවධානයක් යොමු ක‍රන්නේ ගැහැණු දරුවන් කෙරේ පමණි. (එය වරදක් නොවේ. මටත් ඇත්තේ දියණියක් බැවින් මා ඇයගේ අරක්ෂාව පිලිබද වැඩි සැලකිල්ලක් දක්වමි.)

නමුත් පෞද්ගලිකව මා ආශ්‍රය කරන පිරිමි දරුවන් සිටින පවුල් වල ඒ ඒ දරුවන්ගේ ආරක්ශාව පිලිබද ඇති අඩු සැලකිල්ල ගැන නම් මට ඇත්තේ විශාල කලකිරීමකි. ඇතමුන් සිතා සිටින්නේ තමාට ඇත්තේ පුතෙකු නිසා දරුවා ලිංගික අපයෝජනවලින් ආරක්ශා කිරීමේ වගකීමෙන් තමන් නිදහස් බවය.

නමුත් වර්ථමානයේ ගැහැණු දරුවන්ටත් වඩා අතවරයටලක් වන්නේ පි‍රිමි දරුවන්‍‍ය. එසේම එයිනුත්‍ යම් තාක් දුරට හෝ අවධානයට ලක්වන්නේ වැඩිහිටි පිරිමින් අතින් අතවරයට ලක්වන පිරිමි දරුවන් පිලිබදවය. අවධානයට හා කතාබහට ලක් නොවූවාට පිරිමි දරුවන්ට වන අතවරවල තවත් පැතිකඩක් ඇතිබව එනම් කාන්තාවන් අතින් පිරිමි දරුවන් අතවරයට ලක් වීමේ තත්වයක්ද අප රට තුල ඇති බව පසුගිය කාල වකවානුවේ ඇතිවූ සිද්ධීන් කිහිපයකින් පසු රටටම හෙලි විය.

කැළණිය ප්‍රදේශයේ මාස අටක් පමණ වයසැති දරුවෙකුගේ රහස් අවයව තුවාලවීමක් පිලිබද සොයා බැලීමකදී හෙළිදරවු වූයේ නිවසේ මෙහෙකාරිය අතින් ඒ දරුවා ලිංගික අතවරයකට ලක්ව ඇති බවය.

බියගම ප්‍රදේශයේ බෝඩිමක සිටි තරුණියන් පිරිසක් අසල නිවසක පදිංචි අවුරුදු 10ක පමණ පිරිමි දරුවකුට සාමුහික ලිංගික අතවර‍යක් කර ඇති බවටද වාර්ථා විය.

එසේම ඉතාම මෑතකදී 'මහවිලච්චිය' පොලීසියට වාර්ථාවූ සිද්ධිය වූයේ සැමියා හමුදාවේ සේවය කරන 23 හැවිරිදි කාන්තාවක අතින් ඇයගේ තනි නොතනියට පැමිණි අසල්වාසී නිවසක අවුරුදු 14ක පිරිමි දරුවකු වසරකට වැඩි කාලයක් බරපතල ලිංගික අපයෝජනයට ලක්වූ බවය.

මේ ඉස්මතු වූ සිද්ධීන් තුනක් පමණි. නමුත් හෙළිදරවු නොවන සිද්ධීන් අනන්තවත් අප සමාජයේ සැගවී තිබිය හැක. විවිධ හේතූන් නිසා මෙවන් සිද්ධීන් පිටතට එනවා අඩුය. 'සිද්ධි වා‍ර්ථා වීමඩු වීම අදාල සිද්ධි නොවනවා' යන්න නොවේ.

මෙලස පිරිමි දරුවන්ට සිදුවන ලිංගික අපයෝජන විශාල සමාජ අර්බුද රාශියකට මගපාදන්නකි. එයට හොදම නිදර්ශනය ඉහත දැක්වූ තෙවන සිදුවීම‍ය. එම දරුවා අදාල ලිංගික ක්‍රියා කාරකමට ඇබ්බැහි වී සිටියාට සැක නැත. කිමද ඇය වසරකටත් අධික කාලයක් ඔහුව අපයෝජනයට ලක් කලේ බලෙන් විය නොහැක. එසේ නොවූවානම් එතරම් කාලයක් ඇයට අදාල ක්‍රියාව කරගෙන යා නොහැකි වනු ඇත. එය ඉතා භයානක තත්වයකි. කුඩා කාලයේ පටන් ලිංගිකත්වයට වහල් වී ඇති දැඩි වන මේ දරුවන් ඉදිරියේදී සමාජයට ඉන් පසු බිහිවන අනාගත පරපුරටත් විශාල ලෙස බලපෑම් කරයි.

එයද එම සිදුවීමෙන්ම ඔප්පු කල හැක. එනම් අදාල සිදුවීම හෙළිදරවු වන්නේ අදාල 14හැවිරිදි දරුවා තවත් බාල පිරිමි දරුවකුට යම් ලිංගික ක්‍රියාවක් කිරීමට යාමේදි ඔහුගේ මවට හසුවීමෙනි.

කාන්තාවක තමන්ට හුරු කල ක්‍රියාකාරකම් ඔහු තමාට බාල තවත් අයෙකුට කිරීමටය උත්සහා දැරුවෙ. නොදැන කලද 14 හැවිරිදි දරුවාද කර ඇත්තේ ලිංගික අපයෝජනයකි. මොහුන් දෙදෙනා අදාල මවට හසු නොවුවා නම් අනෙක් කුඩා පිරිමි දරුවාද එම ක්‍රියාවට ඇබ්බැහි වී ඔහු තවත් දරුවෙකුට අදාල ක්‍රියාව පුරුදු නොකරනු ඇතයි සහතික විය හැක්කේ කා හටද??

මෙසේ ලිංගික අපයෝජනයට ලක්වී තම සිතට බලෙන් එන්නත් කල ලිංගික ආශාවනුත් සිත දරා ගත් දරුවන් කොතෙක් නම් සමාජයේ තව සිටිනු ඇත්ද?. අනාගතයේ ඔහුන් අතිනුත් ලිංගික අපයෝජනයන් සහ විවිධ දුරාචාරයන් නොවේ යයි සහතික විය හැක්කේ කාහටද??

ලිංගිකත්වය පිලිබද පාසල තුල හා නිවස තුල මීට වඩා විවෘතව කතාබහට ලක්විය යුතුය. එසේම පාලකයන්ද දැනට වඩා දුර දිග බලා සැලසුමක් සහිතව තීරණ ගත යුතුය.

රජය මෑතකදී සියලුම ලිංගික වෙබ් අඩවි වලට පිවිසීම තහනම් කලේය. අප ඉන් පසු "දැන් අපේ රට මාර හොදයි. දැන් අපේ උන්ට නිල් චිත්‍රපට බලන්න බෑ." කියා සිතා සිටි මුත් මාස කිහිපයකට ගූගල් දෙවියන්ගෙන් 'SEX' යන වදන ඉල්ලා ලෝකයෙන්ම රන් පදක්කම අපේ රට පැලද ගත්හ. එයිනුත් හොදම කොටස වන්නේ 'Sex' වැඩිපුරම සොයා ඇත්තේ පාසල් නිවාඩු කාල සීමවන් තුල වීමය.

කල යුත්තේ තහනම් කිරීම නොව දැනුවත් කිරීම තුලින් මුදා ගැනීමය. එයට දීර්ඝ කාලීන විධිමත් වැඩ පිලිවෙලක් සකස් කල යුතුය. කිමද අප රට තුල කුඩු, ගංජා, කසිප්පු පමණක් නොව ගණිකා වෘත්තිය පවා තහනම්ය. නමුත් වැරදීමකින් හෝ පදුරකට පයින් ගැසුවද අදාල පහසුකම් සියල්ල සපයා ගැනීම අපහසු නොවේ.

අවසන් වශයෙන් කීමට ඇත්තේ මෙයයි. 'දෙමාපියනි තමාට සිටින්නේ පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද යන්න අදාල නොවේ. තම දෑස වන් දරුවන්ගේ ආරක්ශාව තහවුරු කරන්න. එසේම තම දරුවන්ගේ සේම අන් දරුවන්ගේද අනාගතය සුරක්ශිත කිරීමට කැප වෙන්න.'

"දරුවන් මල් වගෙයි. ඒ මල් කලට වේලාවට පිපෙන තුරු පොහොට්ටු ලෙසම ඉන්නට හරින්න. බලෙන් පිපෙන්නට සලස්වා ඒ මලේ පෙති පොඩි නොකරන්න."

© ප්‍රියා.

26 comments:

  1. ගොඩක් හොද කාලින ලිපියක් ප්‍රියෝ ,,මගේ පුන්චිත් එක්ක මං ඊයෙත් මේ ගැන කතා කළා ,, එයාට ඉන්නේ පුතාලා දෙන්නෙක් නිසා බය නැහැලු ,, ඔන්න බලන්න මිනිස්සු මේ දේවල් දැක දැක කියන කතා ඉදගෙන ඈ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔමා, පිරිමි දරුවො ඉන්න 'ඇතම්' පවුල් වල ඒ දරුවන්ගෙ ආරක්ශාව පිලිබදව සැලකීම ඇත්තටම කණගාටුදායකයි. එහෙම කතා දෙක තුනක් ඇහිලා තමා මේක ලියන්න හිතුවෙත්.
      ස්තූතියි.

      Delete
  2. ගොඩක් වටින ලිපියක් යාලුවේ...

    "අප රට තුල කුඩු, ගංජා, කසිප්පු පමණක් නොව ගණිකා වෘත්තිය පවා තහනම්ය. නමුත් වැරදීමකින් හෝ පදුරකට පයින් ගැසුවද අදාල පහසුකම් සියල්ල සපයා ගැනීම අපහසු නොවේ."

    මෙන්න මේ කතාව සුපිරි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බස්සියෙ.
      පරණ පොස්ට් කියවන්න ලේබල් ටික ඔන්න උඩට දැම්මා.

      Delete
  3. පරණ ලිපි ටික කියවන්න ලේසි වෙන්න ගැජට් එකක් දැම්මානම් අගෙයි.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. වැදගත් කරුණ කිහිපයක් මෙම ලිපියේ අවධාරණය කරලා තියෙනවා.ඔබ කියන අන්දමින් දෙමාපියන් දරුවන්ගේ ලිංගික ජීවිතය ගැන කල්පනාකාරී වුණත් එතරම් සංරක්ෂණාකාරී වෙන්න ඕන නැහැ කියලයි හිතෙන්නේ.

    අවසාන වශයෙන් මම මේ කොටස ගැන අදහස් දක්වලා මගේ විචාරය අවාසාන කරන්නම්.

    //කල යුත්තේ තහනම් කිරීම නොව දැනුවත් කිරීම තුලින් මුදා ගැනීමය. එයට දීර්ඝ කාලීන විධිමත් වැඩ පිලිවෙලක් සකස් කල යුතුය.//

    මෙතනදී ලිංගිකත්වය ගැන දරුවන් විතරක් නොව මුළු සමාජයම දැනුවත් කරන්න ඕන.රජයකට මේක තනියෙන් කරන්න අමාරුයි.විවිධ සමාජ සේවා සංවිධාන වලින් එහෙම මේ ගැන පුළුල් ව්‍යාපාර දියත් කරන්න ඕන.ඒ වගේම තමයි කාමුක චිත්‍රපටි තහනම් කීරීම අනවශ්‍යයි කියලා මම හිතන්නේ.ඒකෙන් වෙන්නේ ලිංගික ආශාවන් සංසිඳුවා ගැනීමේ ඉඩකඩ තවත් අඩුවෙන එක.ගණිකා වෘත්තිය ගැනත් මගේ එච්චර තදබල විරෝධයක් නැහැ.හැබැයි එවැනි වෘත්තීන් ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටවල් වල ප්‍රගතිශීලි ලෙස පවත්වගෙන යන්න අපහසුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විහාන්, මගෙත් තර්කය ඒක තමයි. සදාචාරය සංස්කෘතිය නාමයෙන් අපි මේවා සැගවීම නොවේ කල යුත්තෙ විවෘත සංවාදයකට මග පෑදීමයි. (සදාචාරය සංස්කෘතිය අනවශ්‍යයි කියනවා නොවේ.) ඒවත් රැක ගෙන අපි සමාජය දැනුවත් කල යුතුයි.
      නැතුව සියල්ල තහනම් කල පමණින් සදාචාරය රැකෙනු වෙනුවට සිදු වන්නෙ සමාජය පුද්ගලමය වශයෙන් ආපස්සට යාමයි.
      මා ඔබේ මතයත් සමග එකග වන්නෙ ඒ නිසයි.

      Delete
  6. "දරුවන් මල් වගෙයි. ඒ මල් කලට වේලාවට පිපෙන තුරු පොහොට්ටු ලෙසම ඉන්නට හරින්න. බලෙන් පිපෙන්නට සලස්වා ඒ මලේ පෙති පොඩි නොකරන්න." ලංකාවේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා මට නම් හිතා ගන්න බෑ.අපේ අප්පච්චිලාගේ ඇගේ දැවටි දැවටි අපි කොච්චර සෙල්ලම් කරන්න ඇතිද?අපේ මාමලා එක්ක ඕන තරම් ගෙවල් වල තනියෙන් ඉදලා ඇතිද, එත් දැන් මාස ගානක දරුවන්වත් අපයෝජනය කරන තාත්තලා,සහෝදරයෝ,මාමලා ඉන්නේ එයාලා දිහා අපිට බලන්න වෙන්නේ වපර ඇහෙන්ම තමා දැන්..... ලිංගික චර්යා ගැන ඔය රට සංවර්ධනය වගේම අවදානය යොමු කරලා දැනුවත් කිරිම් කරනවා නම් බොහෝ විට මෙවැනි දේ වලකා ගන්නට යම්තාක් දුරට හැකිවේවි කියලා මන් හිතනවා.
    මෙම ලිපියේ බොහෝ කරුණු කාරනා ගැන මගෙත් හිතේ මේ ටිකේ වැඩ කරා.ප්‍රවෘත්තියක් බැලුවොත් හය හතර නොදන්න දරුවෙක් අපයෝජනය කරලා මරලා දාලා.ඉතින් සතියක් පුරාවට අපේ ගමේ මීට අවු. 28 කට කලින් ගැහැණු දරුවෙක් මුහුණ දුන්න හද කම්පා කරන කතාවක සුල මුල හෙව්වා.ටික ටික ලියමින් පවතිනවා පළමු කොටස දැම්මා වෙලාවක් තිබුනොත් කියවන්න.
    http://shanu1987.blogspot.it/2013/11/23.html

    ReplyDelete
    Replies
    1. ඔව් ශානු, මං නම් පිට ළමයි හුරතල් කරත්දි බොහොම පරිස්සම් වෙනවා. මොකද අපි වැරදි අදහසක නොහිටියත් අපි දිහා බලන අය කොහොම බලනවද දන්නෑ නෙ.
      ඔයාගෙ ලිපි‍යත් අනිවාර්‍යෙන්ම කියවන්න ඕන.
      ස්තූතියි.

      Delete
  7. // රජය මෑතකදී සියලුම ලිංගික වෙබ් අඩවි වලට පිවිසීම තහනම් කලේය. අප ඉන් පසු "දැන් අපේ රට මාර හොදයි. දැන් අපේ උන්ට නිල් චිත්‍රපට බලන්න බෑ." කියා සිතා සිටි මුත් මාස කිහිපයකට ගූගල් දෙවියන්ගෙන් 'SEX' යන වදන ඉල්ලා ලෝකයෙන්ම රන් පදක්කම අපේ රට පැලද ගත්හ. එයිනුත් හොදම කොටස වන්නේ 'Sex' වැඩිපුරම සොයා ඇත්තේ පාසල් නිවාඩු කාල සීමවන් තුල වීමය.//

    මෙන්න මේකනම් සහතික ඇත්ත බං.. ඉස්සර අපි ඕවා හොයන් බලද්දී මම දන්න තරමින් එච්චරම ඕකට නීති අනන් මනං තිබුනේ නෑ.. ඕනම දෙයක් එපා කියලා කියපුවම ඒකට ඕනම කෙනෙක් උනන්දු වෙනවා වැඩියි බං.. අන්න ඒකයි මෙතනදි උනෙත්..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි දිනේශ්, මාත් හිතන්නෙ ජන්ප්‍රියත්වය වැඩි කර ගන්න රජය මෝඩ තීරණයක් අරන් ඒවට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දුන්නා.

      Delete
  8. කාලීන මාතෘකාවක්. !
    අර කිව්වත් වගේ මිනිස්සුන්ගේ හිත් දූශ්‍ය වෙලා. ඒ නිසාම තමයි ගොඩක්ම ස්ත්‍රී දූෂණ සිද්ධ වෙන්නේ... නොදන්න කෙනෙකුගෙන් වෙන අතවර වගේම පවුලේ අයගෙන් සිද්ධ වෙන අතවර ගැනත් අහන්න ලැබෙන කාලයක් මේක...

    ReplyDelete
    Replies
    1. ඔව් මධූ, තමන්ගෙම දුවව තාත්තා දූෂණය කරන කාලයක්නෙ මේක. පිට මිනිස්සුන්ට වඩා තමන්ගෙ මිනිස්සුන්ගෙන් තමා දරුවො ආරක්ශා කර ගන්න ඕන.

      Delete
  9. මේක ඉතා ම වැදගත් අදහස් දැක්වීමක්. මේ වගේ දේවල් ගැන සමාජයේ අවධානය යොමු නොවෙන එක තමයි ප්‍රශ්නෙ. ඒත් මෙහෙම හරි මේ දේවල් ගැන අවධානය යොමු කරන්න උත්සාහ කිරීම වැදගත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි, ඔව් මේ ප්‍රශ්ණ ගැන අපිවත් හැකිපමණින් කතා කරමු. සමාජය දැනුවත් කරමු.

      Delete
  10. මමත් ඔය ප්‍රවෘති කීපය ගොසිප් සයිට් එකකද කොහෙද දැකලා පුදුම වුනා. ඒකේ මරු කමෙන්ට් වගේකුත් තිබ්බා.

    උඹ කියලා තියෙන දේ කාගෙත් ඇස් අරවන්නක් වේවා.

    අස්සයා ගියාට පස්සෙ ඉස්තාලේ වහලා වැඩක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් dude, මාත් ප්‍රාර්ථනා කරන්නෙ ඕකම තමා. මේ දේවල් දරුවො ඇති නැති අනාගතේ හදන්න බලාපොරොත්තු වෙන ඔක්කොටම වැදගත්.

      Delete
  11. ගොඩක් ළමයි කට පියාගෙන ඉන්නේ බයයි ලැජ්ජාවයි හින්ද.. සිරාවටම එහෙම ලමෙක්ගේ අතින් තවත් ළමයෙක් ගොදුරක් නොවෙයි කියලා කොහොමත් හිතන්න බෑ... බලපන්කෝ බස් වල යන්න පුළුවන්ද කියල... සමහර ඇන්ටිලා නිසා..

    අඩේ උඹට දුවෙකුත් ඉන්නවද ඈ... සිරාවටම ?

    ReplyDelete
    Replies
    1. ඔව් බං සමහර ළමයි ලැජ්ජාව නිසාම ඕවා හිතේ හිර කරන් ඉදලා අන්තිමට විකෘති කාමාශාවන් තියෙන මානසික රෝගීන් ටිකක් ඉතුරු වෙනවා.

      ඔව් බං ඉක්මනින් විවහ පත් වීමේ ප්‍රථිපල තමා. මට මාස 11ක පුංචි කෙළි පොඩ්ඩක් ඉන්නවා බං. :-)

      Delete
  12. ප්‍රියා.....මම තව දවසක් පරක්කුයි. අප්ඩේට් වෙන්න මම පරක්කුයි. උඹ මට දාපු කමෙන්ට් එක දැක්කා. පොඩ්ඩක් වැඩ වැඩියි.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අරූ වෙලාව තියෙන හැටියට හිමින් රිපල‍යි කරන්න. අරූ ගැන දන්න හින්දා බ්ලොග් ලියන කවුරුත් අරූ එක්ක ත‍රහා වෙන එකක් නෑ.

      Delete
  13. කෙල්ලන්ට වඩා කොල්ලෝ පරිස්සං කරන්ඩ ඕන බං

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත අටම්, දැන්නම් කෙල්ලොන්ට වඩා කොල්ලො තමා පරිස්සම් කර ගන්න වෙන්නෙ.
      ඒ වගේම වැඩිමහලු පිරිමින්ගෙන් වගේම ගැහැණු පරාන වලිනුත් කොල්ලන්ව පරිස්සම් කර ගන්න වෙනවා.

      Delete
  14. කොල්ලෝ අපයෝජනය වුනොත් කෙල්ලොන්ට වැඩිය භයානක වෙනවා තත්වේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කෝරලේ. පිරිමි දරුවන්ට වෙන අතවර දම්වැල වගේ දිගටම යනවා. ඔය තුන් වෙනි සිද්ධියෙන්ම ඒක ඔප්පු වෙනවා.

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................