06 October, 2013

කොන් වුන කොන්දොස්තර'වරිය'.

~~කොන් වුන කොන්දොස්තර'වරිය'~~

පසු ගිය දිනක උතුරුමැද පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් කාන්තාවකට කොන්දොස්තරවරියක් ලෙස සේවය කි‍රීමට තාවකාලික බලපත්‍රයක් ලබාදී තිබුනි. ඒ 48 හැවිරිදි ඇයගේ ඉල්ලීමක් පරිදිය.
මෙම පුවත් බුකියේ පලවූ අතර එයට මා දැක්වූ "මා නම් මෙහි කිසිදු වරදක් දකින් නෑ" යන ඉතා කෙටි කොමෙන්ටුවට ලැබී තිබූ ඉතා 'අශිඛ්කිත' ප්‍රති උත්තර කිහිපයක් නිසා අමන්දානන්දයට පත් වීමේ සටහන තැබීමට සිත් විය.
පලමුව කිව යුත්තේ මෙම සිදුවීම පිලිබදව මාගේ අදහස ඉහල දැක්වූ අදහසම වන අතර මෙසේ කාන්තාවන් කොන්දොස්තරවරියන් වීමේ කිසිදු වරදක් මා දකින්නේ නැත. පුරුශෝත්ථමවාදයේ අන්තයටම ගිය පිරිසටනම්ෙය ඇසෙ කටු ඇනීමක් බව මා දනිමි.
පලමුව සලකා බැලිය යු‍ත්තේ කාන්තාවක රැකියාවකට යාමට ඇයට බලපාන සාධකය. මා සිතනා පරිදි ඉතාසාධාරණ හේතුවකින් තොරව කිසිම කාන්තාවක කොන්දොස්තර කමක් වැනි රැකියාව තෝරා ගනීවියැයි සිතිය නොහැකිය.
මාගේ පෞද්ගලික මතයට අනුව 'නිසි රැකවරණයක් ලබන කාන්තාවක රැකියාවක් කලයුතු නැත. නමුත් මවුපිය, සහෝදර, නෑහිතමිතුරු, ස්වාමි පුරුෂ හෝ දරුවන් ‍යන කවරෙකුගෙන්වත් ‍රැකවරණය අහිමි කාන්තාවක ඇයව බිලි ගැනීමට මාන බලන සමාජයෙ අසම්මත යැයි සැලකෙන දුරාචාරයකට යොමු නොවී කොන්දොස්තරකමක් නොව හැකිනම් බර වාහන රියදුරු කමක් වැනි රැකියාවක් තෝරා ගත්තද මා නම් සතුටු වෙමි.
මා දකින ආකාරයට එළිපිට නොපෙන්නුවාට අප පිරිමි සමාජය සිටින්නෙ ඉන්දීය පිරිමින්ටත් වඩා කාන්තාව පිළිකුල් ක‍රන තත්වයකය (ඉන්දීය කාන්තා හිංසන‍ය පිලිබද වෙනම ලිපියකින් කතා කිරීමට බලාපොරොත්තු වෙමි) ඒකිමද යත් ඉංදියාවේ කාන්තා ත්‍රිරෝදරථ රියදුරුවරියන් පමණක් නොව බස්රථ රියදුරුව‍රියන්ද සිටින තත්ව‍යක අප කාන්තා කොන්දොස්ත‍රව‍රියන් දෙස ව්ප‍රැසින් බැලීම ‍යනු පැරණි බමුණු අදහස් තුලින් අපි ඉංදි‍යාවටත් වඩා අඩි ගනනක් ඉදිරියෙන් බවට නිදසුනකි.
ගෙද‍ර බුදුන් අම්මා කියා පවසන අපම 48 වියැති කාන්තාවක ‍රැකියාවක් තෝරා ගත් විට ඇයට ගරහයි නින්දා දෙයි. එය කෙතරම් සාදාරණද?
එපමණක් නොව එම තීරණය ගනු ලැබූවන්ට හා එම තීරණයට එකග වූවන්ට 'නපුංසකයන්' යැයි බැන වැදීමට තරම් ඔහුන් පුරුෂෝත්ථමවාදයෙන් මත් වී ඇත.
නමුත් තම මවව, බිරියව 'රට විරුවන්' කටු ඔටුන්නක් පලදා අරාබිකරයේ හාම්පුතුන් ලග බැලමෙහෙවරට ‍යවා ඇය දුක් මහන්සියෙන් හම්බක‍ර එවන තුට්ටු දෙකෙන් හොදට කාබී පමණක් නොව හොද කෑල්ලක් කාම‍ර‍යකට ගෙන ගොස් සැපක් ගැනීමට මාසෙ පඩිය එවන තුරු බලා සිටින නියම 'නපුංසක‍යින්' ඔහුන්ට නියම පිරිමින්‍‍ය වීර‍යන්‍‍ය.
මෙම පුරුෂෝත්තමවාදීන්ට අනුව කාන්තාවනට කොන්දොස්තව‍රියක් ‍රැකියාව දීම ‍යනු කාන්තාවාද‍යට පාර කැපීමකි. මොවුන් පුරුෂෝත්තමවාදයේ අන්ත‍යටම ගොස් ඇති බව මොවුන්ට අමතක වූ සෙයකි. එසේම ඔහුන්ගෙ තවත් ත‍ර්ක‍යක් වන්නෙ මේ තුලින් ‍රට සමලිංගිකත්ව‍යකට ගමන් ක‍රනවා යන්නයි. මට නොතේරෙන්නෙ කාන්තාවකගේ කොන්දොස්ත‍ර ‍රැකියාවත් සමලිංගිකත්වයත්අත‍රැති සබදතාව‍ය‍යි මා සිතන ප‍රිදි සමලිංගිකත්ව‍යට ‍රැකි‍යාව බලපෑමක් සිදු නොක‍ර‍යි. එය මානසික කාරණයකි.
මොහුන් මේ ක්‍රියාවට මෙත‍රම් විරුධ්ද වන්නේ ලිංගිකත්ව‍ය මුල් ක‍රගෙන නම් මා දකින ඔහුන්ගේ ප්‍රධාන දුර්වලතාව‍යද එය‍යි. ඒ කිමද‍යත් මොහුන් එසේ නම් කාන්තාව දකින්නේ තම ලිංගිකාශාවන් සංත‍ර්පණ‍ය ක‍ර ගැනීම උදෙසා නිර්මාණ‍යවූ ‍යන්ත්‍රයන් කි‍යාය. එම ‍යනත්‍රවලටත් හැගීම් දැනීම් ඇති බව‍ත් පුරුෂ‍යන්ට ඉහලින් හෝ පහලින් සම තත්ව‍යේ ජීව‍ත් වීමට අයිතියක් ඇති බවත් පිලිගැනීමට ඔහුන් තුල ඇත්තෙ පුදුමාකා‍ර අකමැත්තකි.ල්
මොහුන් නගන තවත් ත‍ර්ක‍යක් වන්නෙ මෙම ක්‍රියාව තුලින් ‍රස්තියාදුකාර කාන්තා සමාජ‍යක් බිහිවන බව‍ය. එසේනම් මේ පුරුෂෝත්තමවාදි මහා ප්‍රඥයින් උගතුන් නොකියා කියන්නෙ 'කොන්දොස්තරවරු' යනු මහා අශික්කිත ‍රස්තියාදුකාරයන් බව‍ය.
‍රැකියාවක් මුල් කරගෙන මිනිසුන් මැනීම කෙතරම් සාධාරණදැයි මා නොදනිමි. විශේෂයෙන්ම උගත් ඉහල රැකියාවකැයි සැලකෙන විදුහල්පතිවරයෙකු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලන සමාජ‍යක නූගත්‍‍යැයි සැලකෙන‍ ‍රස්තියාදුකාර‍යැයි කොන් ක‍රන ත්‍රීරෝද‍රථ ‍රියදුරෙකු 25/09/13 දින තමජීවිත‍ය පවා අවධානමේ දමා කාන්තාවකගේ ලක්ෂ 5ක මුදලක් කොලලකරුවන්ගෙන් බේරා දීම මගින්ම එය සනාථ වේ.
මා පෞද්ගලිකව පුරුෂෝත්මවාදින්ව මෙන්ම කුරුදුවත්තෙ ජීවත් වෙමින් ‍‍‍රෑට නයිට් ක්ලබ් වල සෙට් වෙමින් කාන්තා සංවිධාන යැයි ඇටමගුල් අටවගෙන අහිංසක කාන්තාවන්ගෙ අස‍රණක උගසට තබා විනෝද වන ඊනියා කාන්තා ක්‍රියාකාරින්ද ප්‍රතික්ශේප කරමි.
එසේම අප සැබෑ පිරිමින් ලෙස කල ‍යුතු වන්නේ "මෙන්න ගැහැණු අපේ තැන ගන්න එනෝ මෙන්න ගෑනු අපට විරුද්ධව යන්න එනෝ" කියා අදෝනා තබමින් හඩා වැටීම නොව නියම පිරිමින් ලෙස කාන්තාවන්ගේ සම තත්වයේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීමත් අස‍රණ වුන කාන්තාවන් තවත් අසරණ නොකර රැක ගැනීමත්ය. නොමැතිව අසරණ වූ කාන්තාවන් කාටත් අතනොපා ජීවත් වීමට රැකියාවක් තෝරා ගත් විට එයට ගැරහීමම මා දකින ආකාරයට පිරිමින්ටත් නැති ගැහැණුන්ටත් නැති නපුංසකයන්ටත් නැති කාලකණ්නි කමකි. (මේ අන්තවාදි පුරුශෝත්තමවාදින්ව මෙසේ ඇමතීමෙන් නපුංසක ජනයාට අපහාසයක් නොවේවා. කිමද මා දකින ආකාරයට කාන්තාවන්ට මෙන්ම නපුංසකයන්ටද සමාජයෙ ඔළුව කෙලින් තබාගෙන ජීවත් වීමට අයිතියක් ඇත.)
මෙම කාන්තාව රැකියාවෙ යෙදෙන්නෙ තමාටම හිමි බස් ‍රියක තම සැමියා සමග බව දැන ගන්නට ඇත. මා දකින ආකාරය්ට් කාන්තාවන් වෙනුවෙන් ගෙන ඇත්තේ හොද ාඅරම්භයකි.
අවසන් වශයෙන් මේ මෝඩ තකතීරු පුරුශෝත්තමවාදීන්ට පැවසීමට ඇත්තේ මෙපමණකි.


මතක තබා ගනිවු!

"දසමසක් කුස දරා...
තම ළයේ කිරි පොවා...
අපව හැඩි දැඩි කෙරූ...
ප්‍රාණ සම සේ තබා...
අපව රැක බලා ගත්...
අපෙ ආදර මෑණියන්..." ද මේ ලෝකෙ තවත් එක් 'කාන්තාවක්' බව පමණක්.

© ප්‍රියා *

14 comments:

  1. වරදක් නම් නෑ. හැබැයි ඉතින් දෙය්යන් ගෙ ම පිහිට යි!

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිලිනි. කන්තාවන්ට මේ රැකියාවෙදි අනෙක් රැකියා වලට සාපේක්ශව ප්‍රවේසම් වෙන්න වෙනවා. ඒක නම් ගොඩක් රැකියා වලට පොදුයි.

      Delete
  2. ඔය රස්සාව ස්ත්‍රී පක්ෂය කෙරුවාට කිසිම ප්‍රශ්ණයක් නැහැ. මීට වසර 25-30 පෙරත් තිබුනා. අපේ කාන්තාවන් අපහසුවෙන් තමයි මේක කරේ. අපේ සමාජය අන්තිම පසුගාමී විදිහට තමයි හිතන්නේ. කවදා වෙනස් වෙයිද කියලා හිතාගන්නවත් බැහැ. එන්න එන්නම වාර්තාවෙන්නේ ගොබ්බකම්. ගොන් ෆැන්ටසිවලින් තරුණ ඔළු ගෙඩි විකෘති වෙලා. ෆේස්බුක් කියන එක ගොබ්බයින්ගේ තිප්පොලක් වෙලා. අපි ඉන්න පලාතේ මගී බස් සේවයේ ගෑණු ඩ්‍රයිවර්ස්ලාත් ඉන්නවා. ඒ අතර ලංකාවේ ගෑණු අයත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් Aru, දැනටත් කාන්තාවන්ට අපහසුවෙන් තමා මේක කරන්න වෙන්නෙ. මොකද අපේ පිරිමි බහුතරයක් ඉතාම පසුගාමියි.

      Delete
  3. (නිකිණි වැස්ස) .... ජීවත් වෙලා ඉන්නකම් ඒ ගෑණි පිළිකුල් කර කර. අන්තිමට මරුනාම ඒ ගෑණිගේ අතින්ම එම්බාම් වෙනවා.

    ඔය බනින එකෙක් හරි, ගමනක් යන්න පාරට වෙලා ඉද්දි බස් එකක් නැතුව ඉන්න වෙලාවක ඔය කාන්තා කොන්දොස්තර වරිය ඉන්න බස් එක අවොත් නොයා ඉඳීවිද ?

    ReplyDelete
  4. ඇත්ත පැතුම් අපේ ඇත්තො එතකොට නොදැක්කා වගේ ඒ බස් එකටම නගී. මොකද කන්න ඕන උනාම කබර ගොයත් තල ගොයා කර ගන්න අපේ උදවිය ගොඩක් දක්ශයි නෙ.

    ReplyDelete
  5. කාන්තා පිරිමි වශයෙන් වෙන් කිරීමක් තියෙන්නෙ ලංකාවේ ,ඉංදියාවේ වගේ තමයි...සමහර රට වල ලාංකීය කාන්තාවන් පිමිත් එක්ක හරි හරියට වැඩ කරනවා...කිසිම බෙදීමක් නැතුව

    ඔන්න අද තමයි මේ පැත්තේ ආවේ මුල් වතාවට

    ReplyDelete
    Replies
    1. ඇත්ත රෙහානි, දකුණු ආසියාතික රටවල් තාමත් ඒ අතින් පසුගාමියි. අපේ ඇතම් පිරිමින්ට තාමත් බමුණු මත වලින් මිදෙන්න බැරි කමයි තියෙන්නෙ.

      ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම දිගටම එන්න කියලා ආරාධනා කරනවා.ද්

      Delete
  6. ඇත්තෙන්ම ගෑණු කෙනෙක් කොන්දොස්තර කෙනෙක් වීමේ කිසිම අවුලක් මම නම් දකින්නේ නෑ. තියෙන එකම ප්‍රශ්ණෙ කාමාතුරයන්ගෙන් ගැලවිලා සෙනග වැඩි වෙලාවට මේ රාජකාරිය කරන එකයි. ඒක කොන්දොස්තරවරියගේ වැ‍රැද්ද නෙවෙයි, සමාජයේ වැ‍රැද්ද. ඇත්තෙන්ම බර වාහන රියැදුරුකම බස් රියැදුරුකම මීට වඩා ලේසියි කාන්තාවකට.

    ReplyDelete
    Replies
    1. ඒකටනම් කොන්දොස්තර අක්කාට "කවකටු උපාය" හරි "හරණැල් කටු උපාය" හරි පාවිච්චි කරන්න කියාදුන්නා නං වැඩේ ගොඩ!! අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි! අනික රියැදුරා තමන්ගෙ ස්වාමිපුරුෂයානම් එහෙම අවදානමක් එන එකක් නෑ.

      Delete
    2. ඇත්ත Henry අයියෙ අපේ අයගෙ හැටියට බසය මැදදි ගොඩක් ගැහැණු අනාරක්ශිතයි. ඒත් බස්සිගෙ ආරක්ශිත ක්‍රම දෙක ක්‍රියාත්මක කලා නම් වැඩේ ගොඩ

      Delete
  7. ඕන් අද තමයි බස්සිට මේ පැත්තෙ එන්න ඉස්පාසුවක් ලැබුනෙ. පෝස්ටුව නම් කීයත් වටී. සුභපැතුම්!!

    ඔවුවානම් මොනවද ප්‍රියා ලංකාවෙ සමහර පිරිමි කාන්තාවො විදියට දකින්නෙ තමන්ගෙ අම්මවයි, සහෝදරියන්වයි, බිරිඳවයි, දියණියන්වයි විතරයි. (සමහර තිරිසන්නු නම් ඒකත් කරන්නෙ නෑ කියල පත්තරවල රූපවාහිනීවල යන නිවුස් දැක්කාමහ් හිතෙනව.) උන්ට අනිත් සේරම ^&$%^% ගෑණු. ෆේස්බුකියේම සමහර පේජස් වල පාසල් නිළ ඇඳුමෙන් ඉන්න පුංචි කෙල්ලන්ට කියලා තියෙන කතා පේනවනෙ.

    පිරිමියෙක් විදියට ඔබ මේ මාතෘකාව ගැන සංවාදයට බඳුන් කිරීම සතුටට කාරණයක්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි බස්සි. ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. අර කවකටු, හරණල් කටු උපායන් නම් ඇත්තටම අපේ ගොඩක් ගැහැණු ලමයිටත් කියලා දෙන එක වටිනවා තමා. බහුතරයක් ගැහැණු ළමයි ලැජ්ජාව නිසා ප්‍රසිද්ධ තැන්වල තමන්ට වෙන අතවර වලට විරුද්ධ වෙන්නෑ.

      Delete
  8. අපි ඉස්කෝලෙ යන සන්දියෙත් ඒ කියන්නෙ 70 ගණන්වල ලංගම බස්වල කොන්දොස්තර අක්කලා හිටියා. අපි හරිම ආසාවෙන් ඒ බස්වල ගියේ. ඒ ගොල්ලොත් එහෙමයි අපිව තමන්ගෙ සහෝදරයන් වගේ බලාගත්තෙ. පිරිමි කොන්දොස්තරලා වගේ බොරුවට කෑගැහුවෙ නෑ. හැබැයි ඉතින් ටික කාලයයි හිටියෙ.

    ReplyDelete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................