02 October, 2013

මෙන්න තවත් ශිෂ්‍යත්ව ප්‍රථිපලයක්.

~~මෙන්න තවත් ශිෂ්‍යත්ව ප්‍රථිපලයක්~~

අද දින පුවතකින් දැන ගන්නට ලැබුනේ බුත්තල ප්‍රදේශයේ ශිෂ්‍යත්වයට පෙනී සිටි දැරියක විභාගයෙන් අසමත් වීම හේතුවෙන් ඇයගේ 'ආදරණීය දෙමාපියන්' විසින් ඇයව ඇදුම් බෑගයක්ද අතට දී නිවසින් පිටමන් කල පුවතකි.

ආඩම්බරයි මිනිසුනේ. මහ ලොකුවට ලෝක ළමා දිනය සමරන අපි ළමුන්ගෙ සිතැගි හදුනාගත නොහැකිව අවුරුදු 10 ක් තරම් කෙළිලොල් වයසේ පසු වන දරුවන්ගේ ළමා මනසත් සමග සෙල්ලම් කලා තවත් මදිද??

මවු වරුන්ගේ විභාගයක් වෙනුවෙන් අහිංසක දරුවන් පෙර පාසලේ සිටම කෙරෙන සූදානම් කී‍රීම ලෙස හදුන්වන ශිෂ්‍යත්ව ටියුශන් කඩ මුදලාලිල ලග තනි කිරීම අසරණ කිරීම දැන්වත් නැවතිය නොහැකිද??

තරගය නමින් තමාගේ හොදම යහළුවටත් වඩා එක් ලකුණක් හෝ වැඩිපුර ගැනීමට පොලබවන හොරෙන්ම ළමා මනසට ඇතුල් කරන වෛරයේ ගිනි දැල් දැන් වත් නිවා දැමිය යුතු නොවේද??

© ප්‍රි‍යා *

3 comments:

  1. චිකේ...චිකේ.... බන් .මොන කරුමයක්ද මේ වෙලා තියෙන්නේ. දෙමව්පියන්ගේ නූගත්කම අහිංසක දරුවන්ගේ පිටින් යනවා. මුන්ව ආපහු ඉස්කෝලේ යවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මටත් මේ කතාව උදේ ඇහුණා.

      Delete
    2. ඇත්ත තමන්ගෙ ආශාවන්, ඉලක්ක වෙනුවෙන් දරුවන්ගේ අනාගතයම විනාශ කරන මේ වගේ දෙමාපියො රටටම පිළිල.

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................